30 December 2009

පිල් මාරුවක්...

අද ටිකක් මට වැඩියි වගේ ඒත් මොනවා හරි ලියන්න හිතෙනවා. අනන් මනන් ඔන නැහැ. අද සිදුවීමක් ලියන්නන්. මගේ යටතේ මා ළගට ඉන්න නිලධාරියා අද තම දේශපාලන පක්ෂය එහෙමත් නැත්නම් තම මතවාදය මාරු කරලා. ඒක කිරීමෙ අයිතියට අපිට අභියෝග කරන්න බැහැ මොන විදියකටවත්. ඒ උනත් මම අද මිනිහත් එක්ක ඉතාමත් සුහදව සාකච්චා කලා එම තීරණයට හේතු පාදක වූ කරුණු මොනවාද යන වග.(සාමාන්‍යයෙන් මම මගේ යටතේ ඉන්න අයගේ දේශපාලන මතවාද වෙනස් කරන්න යන්නේ නැහැ)

ඔහුත් සමග කතා කිරීමෙදී මට දැන ගන්න ලැබුනේ හරි අපූරු තොරතුරු රැසක්. පසු ගිය දිනක ඔහුත් ඇතුළුව ක්‍රියාකාරී දේශපාලන සාමාජිකයින් පිරිසකට අත්තනගල්ලේදී හිටපු ජනාධිපතිතුමිය විසින් ප්‍රිය සම්භාෂනයක් පවත්වා තිඛෙනවා. එහිදී ඒ සදහා අපේ කථානායකයා සම්බන්ධ වී ඇත්තේ තම වැඩිමහළු සහෝදරයාගේ පුතණුවන්ගේ දැඩි ඉල්ලීම මතයි. එම පුත්‍රයා පසු ගිය සමයේ ගුවන් තොටුපලෙහි සිංහල භාෂාවෙන් දැන්වීම් කියවීම පිණිස පත් කරනු ලැබූ අයෙක්. අපේ කථානායක තුමා කිවූ පරිදිනම් එම රැකියාව හිටපු ජනපතිනිය ගේ මැදිහත් වීමකින් අළුතෙන්ම නිර්මාණය කරන ලද්දක්. කෙසේ නමුත් දැන් එම පුතණුවනුත් අපගේ ප්‍රධාන චරිතකරුගේ පුතණුවන්ගේද ඉල්ලීම මත අපේ බුවාටත් තම පක්ෂය අතහැර හංසයාට එකතු වීමට සිදු වී තිඛෙනව
කිසිම ජාතික වශයෙන් හෝ දෙශපාලන වශයෙන් වැදගත් කමක් නැති තමන්ගේ ගොඩවැඩිකර ගැනීමෙ චෙතනාවෙන්ම පමණක් මෙම තීරණය ඔහු විසින් අරගෙන තිඛෙනවා විනා අන් යමක් ඔහුගෙන් ප්‍රකාශ උනේ නැහැ..ඉදිරියට තව තවත් මෙවැනි දේ සිදු වෙවි... අපි බලා ඉදිමු...

28 December 2009

අද දවස...

මෙකත් දැන් දින පොතක් වෙලාද මන්දා..?? ඒත් ඉතින් කමක් නැහැ. අර ~වර්ෂා~ ලියනවා වගේ,, මගේ චූන් මටම චූන්.. වැඩ ඇරිලා ආපු ගමන් ගියා මගේ දඩු මොනර මල්ලිගේ වාර්ෂික ආදායම් බලපත්‍රය අරගෙන එන්න.(ඒකට මොකට ඒ නම දැම්මද මන්දා..? ඒකෙන් මට ලැඛෙන ආදයම් කොහොම වෙතත් වියදමෙ හැටියට ~වියදම් බලපත්‍රය~ කියලා දැම්මනම් තමයි හරි) ඉවර වෙන්න තව සති දෙකක් විතර තියෙනවා උනත් වෙලපහම ඔවා අරන් තියන එක තමයි මගේ පුරුද්ද නැත්නම් පස්සේ අමතක වෙලා ගියොත් ලෝක ලෙඩනේ..
මම දැනට ඉන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ උනත් මහරට තමයි ලියාපදිංචිය.. ඉතින් රන්මුතුගල කාර්යාලයට ගිහින් වැඩෙ කර ගත්තා. කිසි කරදරයක් නැහැ විනාඩි 4න් වැඩෙ ඉවරයි. (රාජ්‍ය සේවයට ජය වෙවා)
අද මම කාලෙකට පස්සේ මගේ ගම මැද්දෙන් ගියා.හුග කාලෙකින් තමයි ගියේ.. ඒ ගියත් කිසිම ගෙදරකට ගොඩ උනේ නැහැ. ගම දකින්න තියෙන ආසාව නිසාම පාරවල් දෙක තුනකම කැරකුනා. සමහර දේවල් එදා වගේමයි.. ඒත් සමහර ඒවා බොහොම වෙනස් වෙලා.. සමහර තැන් අළුත් වෙලා.. තවත් තැන් ගරා වැටිලා.. වටෙ පිටෙ බොහොමයක් පාරවල් අළුත් වෙලා,තාර දාලා, කොන්ක්‍රීට් කරලා.. ඒත් අපේ ගෙදරට යන පාර තනිකරම වල් වැදිලා.. ගන්න දෙයක් නැහැ ඉස්සර අපි සෙල්ලම් කල එක පොල් ඉඩමක්වත් අද නැහැ.. හැම තැනම ගෙවල්.. වෙල මැද්දෙන් පාර ගන්න දෙයක් නැහැ.. කුඹුකේ ලිද වටෙටම කැලෑව.. වැවෙ වතුර හිදිලද මන්දා පාරට පේන්නේ නැහැ. එතනට යන්න තිබුනු පාරවලුත් වැහිලා .. කොහොම තිබුනු ගමක්ද..
තාත්තා නැති අඩුව ගමට දැනෙනවා වගේ.. ඒ දවස්වල මොන තරම් මහන්සි වෙලාද අපි වැව අළුතින් හැදුවෙ.. මට මතකයි මගේ අත් දෙකම කොන්ක්‍රීට් වලට හිල් වෙලා තිබුනා.. ඒත් උදේට තාත්තා කහයි පොල් තෙලුයි රත් කරලා දුන්නහම මම ඒවා ගාගෙන ඇගිලි දහයෙම රෙදි පටි බැදගෙන ආයෙත් වැඩ කරනවා.. ටික වෙලාවක් යන කොට රෙදි පටි ලෙහිලා යනවා.. ඇගිලි පුපුරු ගහද්දී කොන්ක්‍රීට් තාච්චි අතින් අතට යනවා.. ටික වෙලාවකදී වෙදනාව ගාණක් නැතිව යනවා.. එහෙම හදපු වැව.. පපුවත් එක්ක පිච්චිලා ගියා.. කොයි තරම් නං ලස්සන කාලයක්ද ඒක..
දවස ගානේ අපි පැය කීපයක්ම වැවෙ නානවා. අහල පහල ගම් වලින් මොන තරම් සෙනගක් ආවද විනෝද වෙලා නාලා යන්න.. ඒ ආපු කිහිප දෙනෙක්ම ගිලෙන්න ගිහින් මම ගොඩ දාලා තියෙනවා. මායි මල්ලියි වැවෙ අයිතිකාරයෝ වගේ ඒ දවස්වල.. කුඹුරුවලට වතුර අරින්නේ අපි .. පායන කාලෙට ලිං වල වතුර රැදිලා තිබුනේ වැව නිසා.. කළුවර වැටුනම ඉදලා හිටලා ගැන්සිය සෙට් වෙලා අඩියක් ගැහුවෙ වැව් බන්ට් එකේ.. මිරිදිය මාළු බො කරපු වෙලාවෙ අනිත් අය කරන දිහා බලා ඉදල මාත් ආසාවට බිලී පිත්තක් දාගෙන හිටියත් එකම දවසයි මට මාළුවෙක් අහුඋනේ.. ඒ මගේ පළමු සහ අවසාන මාළුවා..
වැව පහළ කුඹුරෙ සෑහෙන දුරක් පලා ජාති වවලා.. ඉස්සර ඔක්කොම කුඹුරු වැපුරුවා.. මම සරුංගල් අරින්න නියරවල් දිගේ දිවුව හැටි.. දවසකට එක සරුංගලයක් හරි හදනවා.. ගේ පුරාම සරුංගල්.. සමහර ඒවා විකුණනවා.. ඒ සල්ලි වලින් අයෙත් කොල ගෙනත් ආයෙමත් හදනවා.. මල්ලිට සරුංගල් හදන්න බැහැ.. එකම එක දවසක් බට ලීයක් දෙකට පලලා මිනිහා හරි අපූරු සරුංගලයක් හැදුවා . මට මතක හැටියට ඒක තමයි එයාගේ පළමු සහ අවසාන එක.. කොහොම උනත් මගේ සරුංගල් උඩ යැවීමෙ රාජකාරය බාර එයාට තමයි.. තව දෙතුන් දෙනෙක්ම හිටියා මට ගෝල බාලයෝ.. අද උන් කොහෙද මන්දා..
කන්දේ ගලෙන් බාගයක් නැහැ වගේ .. ගල් වලවල් කාරයින්ගෙන් ඔක ඛෙරගන්න ඉස්සරත් ලේසි උනේ නැහැ.. දැන්නම් වැඩෙ හරි වගේ.. තවත් ගල් කදු දෙක තුනක් ඉතිරිවෙලා තියෙනවා.. කී දවසක් තියෙයිද මන්දා.. වෙලෙ වතුර වැඩි නම් ගල් උඩ තමයි සරුංගල් ඇරියේ.. දැන්නම් ඒ තැන් තියෙනවද මන්දා.. කැලේ මැදින් යන්න හිතුනත්.. මම ගියේ නැහැ.. ඉස්සර මොන තරම් කැලෑව තිබුනු තැන් තිබුනද.. අපි හන්ටර්.. රොබින්හුඩ්..හොරා පොලිස් කල තැන්.. අද ඒ එක තැනක් වත් නැහැ..
මට බයික් එකේ යන ගමන්ම තේරුනා ඇස් දෙකෙන් කදුළු ගලනවා.. හුළග වැදිලද.. දුකටද කියලා මටවත් තේරෙන්නේ නැහැ..
කිසිම දෙයක් වෙනස් කරන්න අද මට බැහැ.. ලොකුම දේ තමයි හමුබ උන කිසි කෙනෙක් මාව හදුන ගත්ත නැති එක.. රැවුල හින්දද?? නැත්නම් හෙල්මට් එක හින්දද?? අනේ මන්දා.. අඩුම තරමෙ අපේ අක්කාවත් (මහප්පලාගේ) මස්සිනාලවත් මාව ලගටම දැකලත් අදුරගත්තේ නැහැ.. අපේ ගෙදර කට්ටිය නම් පේන්න හිටියේ නැහැ.. ලගම නෑදෑ වෙන කිහිප දෙනෙක්ම පාරෙ යන අමුත්තකු දිහා බලන බැල්මට අමතරව වෙන කිසිම විදියකට බැළුවේ නැහැ.. ඔහොම තමයි කාලය හැම දේම වෙනස් කරනවා..
ඒත් මම එකක් දන්නවා මම බලන්න නොගියට මම ගමට ඇවිත් ගියා කියලා එක්කෙනෙක් අද දන්නවා.. මම ගිය පාරක ගියත් ඒබව එයාට දැනෙනවා.. දාහක් පිරිස අතරෙ උනත් මම ඉන්නවනම් එයා මම ඉන්න බව දන්නවා.. ඒ හැකියාව එයාට ලැබුනේ කොහොමද කියන එක මට හිතා ගන්නත් බැහැ.. ඉස්සර මම එයාලගේ ගේ ගාවින් පාන්දර ජාමෙට ගියත් එයා පහුවදාට මට කියනවා හරියටම මම ගිය වෙලාව.. සමහර දවස් වල මම එයා ඉන්න උඩ තට්ටුවෙ කාමරෙ දිහා බලාගෙන ඉදලා එනවා.. ඒත් එයා පේන්න නැහැ.. පහුවදාට තමයි අහන්නේ ඊයේ උඩ බලාගෙන මොකද කලේ කියලා..
ඒ වගේ ආදරනීය කෙනෙක් .. මා වෙනුවෙන් ජීවිතෙන් වැඩි කොටසක් කැප කරපු කෙනෙක් .. දෛවය අපිව අපිට අහිමි කලත් අදටත් මට ආදරෙ කරන කෙනෙක්.. වෙන නැහැ කියලා මම දන්නවා.. තාත්තයි මායි අතර තෝරා ගැනීමක් කරන්නට නොවුනානම්... අවසානයේ මගේ ම මිතුරකු පිළිබදව ගෙදරින් යෝජනා වූ අවස්ථාවෙ පවා මා නැවත නොපැමිණෙන බව දැන දැනත් මා ලගට පැමිණ අවසර ගෙන ගිය ඇය.. සදාදරනීය දයාබර මතකය..
ගම මැදින් ගමනේ අවසානය හිතේ මහා බර ගතියක් ඇති කලා.. ගෙදරට ආ සැණින් හුදකලාවෙ සහෘදයා.. සමග තද ඇසුරක් ඇති කරවන්නට එම හිසේ බර ගතිය ඉවහල් උනා කිවුවොත් නිවැරදියි.. වෙනදාටත් වඩා පදම ඉක්මවලා ගියා.. ගම.. තාත්තා.. ගෙදර.. ඇය.. මෙ හැම දෙයක්ම පිළිබද මතකය මා වට කරගෙන.. එක වෙලාවකට හිතෙනවා ආයෙමත් මම නවතපු තැනින් පටන් අරන් ගම වෙනුවෙන් තාත්තා කල වැඩ නැවත ඉදිරියට ගෙන යායුතුයි කියලා ඒත්.. සමහර දේවල් දැන් වෙනස් කරන්න බැරි බව සිහි වෙනකොට හිත අසරණ වෙනවා..

24 December 2009

වැපිරීම සහ නෙලා ගැනීම...

අද උදෑසනම සේවය නිමවෙලා ගෙදර එන්න හිතාගෙන හිටියත් ඒක හරි ගියේ නැහැ. එක් අයකුගේ අඩුවක් සදහා වෙනත් අයකු යොදවා ඔහුට අදා ල රාජකාරින් පිළිබදව තරමක් දැනුවත් කරලා වෙලාව බලන කොට10යි. මොනවා කරන්නද? උදේ ඉදලා වතුරවත් බීලා නෙවෙයි හිටියේ. ඉක්මනට ගෙදර ඇවිත් නාලා උදේට කෑවා. තව ටිකකින් දවල්ට මොනවා හරි උයන්න ඔන. රෙදි ටිකක් හෝදන්නත් තියෙනවා වෙනදා මෙ වෙන කොට මම මෙ වැඩ ඔක්කෝම කරලා ඉවරයි.හැමදාමත් මෙ වගේ අළුත් අයෙක් පුහුණු කරවන්න ගියහම දවස් තුන හතරක් යනකල් මට විවෙකයක් නැති වෙනවා. ඒකත් කමක් නැහැ. කාලා ඉවසන්න අමාරුම දේ තමා මම උගන්වන දේ තව ටික දවසකින් මටම උගන්වන්න සමහරු ලෑස්ති වෙන එක.මම දැනට සේවය කරන තැන වැඩ බාර අරගෙන දැනට අවුරුදු එක හමාරකට ආසන්න වෙනවා. මෙ ස්ථානයට මාත් මගේ කණ්ඩායමත් අළුතින්ම ආව දවසේ අපිට ස්ථානය පිළිබදව කිසිම පෙර දැනුවත් කිරීමක් නිසි පරිදි කෙරිලා තිබුනේ නැහැ. වැඩ බාර ගන්නා දවසට දින දෙකකට කලින් මම පෞද්ගලිකවම මෙම ස්ථානයට ඇවිත් සොයා බැලීමක් කලත් සෙනසුරාදා දිනයක් වූ නිසා වැඩි යමක් අධ්‍යයනය කරන්න ලැබුනේ නැහැ.

මාසයේ පළමු වැනිදාවක් වූ සදුදා දිනක හරියටම උදේ 7.30ට රාජකාරි හුවමාරුව සිදු උනා. හරියට කරකවලා අත හැරියා වගේ. නොදන්නා භූමියක, නොදන්නා මිනිසුන් සමූහයක් මැද, කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන තවත් සහයක නිලධාරීන් 8 දෙනෙකුත් සමග මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා. පාලනාධිකාරියෙන් අපට ලැබුනේ නීති රීති මාලාවක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ලැයිස්තුවක් පමණයි.

අපේ කණ්ඩායමෙ භාරකාරත්වය මා හට පැවරුනත් එතැන සිටි ලාබාලම සාමාජිකයා උනේ මම නිසා වැඩිහිටියන් පාලනයේදී අලූතින් ඉගෙන ගන්නට දේවල් බොහෝමයක් තිබුනා. ඊටත් වඩා ආයතනයේ උසස් නිලධාරීන් සහ සේවකයින් පවා අප කෙරෙහි එතරම් විශ්වාසයක් ඇති බව පෙනෙන්ට තිබුනේ නැහැ. මීට ප්‍රථම සිටි සේවා සපයන්නන් රාශියකගෙ පූර්වාදර්ශ මත ඔවුන් අප කෙරෙහිද පූර්ව නිගමන වලට බැස ගෙන තිබූ බවක් දක්නට ලැබුනත්, මම වැඩ පටන් ගත්තා. පාලනාධිකාරියේ අවශ්‍යතාවයන් මත පදනම්ව නිලධාරීන් වර්ග කොට ඔවුන්ට නියමිත රාජකාරී ඛෙදා වෙන් කර දී සියළු දේම යථා තත්වයට ගන්නට සති දෙකක පමණ කාලයක් ගත වුණා. මුල් දවස් වල මම උදේට කනකොට 11යි,දවල්ට කන්නේ හවස 4ට විතර. රෑට කනකොට 11.30යි. කොහොම නමුත් අද වෙන කොට ආයතනයේ පාලනාධිකාරියට අප කෙරෙහි ඉමහත් විශ්වාසයක් ඇති කරන්නට පුළුවන් වී තිබීමත්, සේවකයින් අතර ගරුත්වයක් ඇතිව රාජකාරී කරන්නට හැකි පරිසරයක් නිර්මාණය කරන්නටත් අපට හැකි වී තිඛෙනවා.

මෙ වසර එක හමාරක කාලය තුලදී මා හට විවිධ අවස්ථාවන් වලදී නිලධාරීන් 20කට ආසන්න ප්‍රමාණයක් අළුතින් පුහුණු කරන්නට සිදුව තිඛෙනවා. රාජකාරයෙහි තිඛෙන අසීරුකම නිසාත් විනයක් ඇතිව රාජකාරි කිරීමට නොහැකි වීමත් යන කරුණු මතත් පෞද්ගලික හෙතූන් මතත් අපෙන් වෙන්ව ගිය පිරිස වෙනුවෙන් නිතරම නවක නිලධාරීන් පුහුණු කිරීමට වීම ඇත්තෙන්ම වෙහෙසකර කටයුත්තක්. එසේ පුහුණු කරවීමේදී ඒ සදහා මා යොදා ගන්නේ මාගේ විවෙක කාලයන් වන නිසා කිසිසේත්ම එම කටයුතු වෙනුවෙන් මා හට පෞද්ගලික හෝ ආර්ථික වාසියක් නොවුනද, උසස් සේවාවක් ආයතනයට ලබාදීමට හැකි වීමත් එමගින් කිහිප දෙනෙකුගේම රුකියා අවස්ථාවන් සුරක්ෂිත කරලීමටත්(මාගේත් ඇතුළුව) හැකි වීම තුලින් මා ලබන සතුට උපරිමයි.

මෙහිදී සිත කලකිරවන සුළු සිදුවීම් නැතුවාම නොවෙ. මා විසින් රැකියා ලබාදී මැනවින් පුහුණු කර සෙවයේ නිරත කරවූ ඇතමුන් පසුව මූසිලයින් ගේ තත්වයට පත්වීම හරහා යම් තරමක සිත් වෙදනාවන්ට ලක්වීමට සිදුවු වාර ගණනාවක්ම ඇතත් ඒ හැම වෙලාවෙම ලොකස්වභාවය පිළිබදව සිතා සැනසීම හැර අන් යමක් නැති බැවින් සිත හදාගෙන ඉදිරි කටයුතු කරගෙන යනවා විනා වෙනත් කල හැකි අන් කිසිවක්නැත.අදත් මා විසින් සුළු නිලධාරියකුට උසස්වීමක් ලබාදීමෙ බලාපොරොත්තුව ඇතිව පුහුණුවීම් ආරම්භ කලද තවත් මාස කිහිපයක් යන විට තත්වය කොයි අතට හැරෙවිදැයි කිව නොහැක..

කෙසේ නමුත් අන් අය කුමක් කලත් මාගේ කොටස මා විසින් ඉටු කල යුතුමය.. අඩුම තරමෙ මට මාගේ සිතට හෝ වංක නොවී සිටිය හැක... මෙ ජීවත් වන ටික කාලයට මීට වඩා වෙන කුමක් බලාපොරොත්තු වන්නද..?

19 December 2009

යසෝධරා මගහැරිලා...

සසර ගමන දිගුය.. නිමාවක් ඇවසි වූවද එය ලබා ගැන්ම පහසු නැත.. දනට පිනට නැඹුරු වෙමින් පිරිය යුතු පෙරුම් කොතෙක්ද.. එසේ හෙයින් අකමැත්තෙන් වූවද තව දුරටත් යා යුතුව තිබෙ.. දැනුම් තේරුම් ඇති වූ දා පටන් සෙව්වෙමි.. සොයන්නේ කුමක්ද යන වගවත් නොදැන සෙව්වෙමි.. වරෙක හමු විණි යැයි සිතිණි.. නමුත් එය එසේ නොවන බව පසක් වන විට නැවතත් දහස් ගණන් රූපකායන් අතර තුර විමසුම් දෑසින් බලා උන්නෙමි.. නමුදු තවමත් හමු වී නැත.. මා මග වරදවා ගත්තාදෝ.. නැතිනම් ඇය මග වරදවා ගත්තාදෝ..මට නොහැගේ.. කුමක් නමුත් වරදක් සිදුව ඇත.. පස් මහ බැළුම් බලන්නට හැකි විණිදෝයි නොදනිමි.. බාගදා නොහැකි වන්නට ඇත.. ඇය වෙනත් දේශයකද..දීපයකද.. කාලය වැරදුනාවත්ද.. නොදනිමි.. එක් දෙයක් පමණක් ඉදුරා දනිමි.. ඇය තවමත් මුණ ගැසී නැත..
සසර ගමනේ අතර මගදී .. මග හැරී ඇත කොතැනකදි හෝ..

16 December 2009

මංගලගේ මොන්ගල් අංක 02- මඥ්ඥං වීම..

ඉතින් නැවත වරක් මාගේ රට වැසි ජනයා වන ඔබ තමුන්නාන්සේලා අමතන්නට මා හට සිත් වූ බැවින් මෙසේ වූ සටහනක් තබමි.. මීට පෙරද මෙවැනිම වූ සටහනකින් ඔබ හමු වූවා මතක ඇතැයි සිතමි.(කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය)
එදින මා විසින් ප්‍රකාශ කලා මෙන්ම මා විශ්වාස කල පරිදිම උන්ගේ සෙනෙවියා ( දිනනවා කියලා හිතපු දවස් වල නම් අපේ ) පැරදීමට තවත් අවශ්‍ය වන්නේ එක් කාරණයක් සම්පූර්ණ වීම පමණි. එම වැදගත් කරුණ නම් සිංහාසන සටන පැවැත්වීම පමණි. කරුමයට වාගේ ඒ සඳහා තවත් ටික කලක් තිඛෙනා බැවින් මෙ ටික කාලය තුලත් මොන මොනවා හෝ වැල් බයිලා ටිකක් කියමින් කාලය ගෙවා ගැනීමට මාහට සිදු වී ඇත.මෙය මෙසේ වෙවි යැයි මා දැන උන්නද මෙ තරම් ඉක්මන් වෙයැයි මා තබා මා මිතුරු රනිල විකුම්සිහ වත් සිහිනෙන්වත් නොසීතූවිරු මනාය. එනමුදු එම පරාජයේ මාවත මෙ වන විට පැහැදිලිව දක්නට ලැබී ඇති බැවින් ඉදිරියේ මා විසින් ගැලවීමට ඇවැසි කරුණු කාරණා සපයා ගත යුතුව තිඛෙ. මෙ ඒ සඳහා පළමු පියවර වන බව කරුණාවෙන් සැලකුව මැන.
අහෝ මා වැනි අසරණ නරපනුවකුට කෙසේවත් සැනසීමක් නොලැඛෙනා සැටි..

රජුගේ පා පහර වැදුනු මාගේ පශ්චාත් භාගය දැනුදු නලියන්නාසේය.. එම නලියෑම දැනෙන්නා වූ සෑම අවස්ථාවකදීම මාසිතේ බුර බුරා දැල්වෙන කෝපය සංසිදුවා ගැනීමට මගක් සොයනා මා හට මහත් වූ අස්වැසිල්ලක් ලබා දෙමින් සිංහාසන තරග බිමට වන් මහ සෙනෙවිරදුන් විසින් නා ගැනීම සහ ඇන ගැනීම මනා ලෙස කරනා කලට ජය ලබනු තබා තරග වැදීමට වත් හැකිවෙදෝයි කිව නොහැකි තත්වයක් දැන් උදා වී ඇත.දැන් සිදුව තිඛෙනුයේ රජු හා සටනක් නොව තරග බිමට පිවිස සිටින දමිළයාටත් පරදින තත්වයකි. දැනට සෙනෙවියාණෝ කරමින් පවතින කියුම් කෙරුම් දෙස බලනා කලට ඉතිරි දින කිහිපය තුලදී රජාට හෝ දමිළයාට පමණක් නොව පචබාහු ශූරීන්ටද පැරදීමට හොදටම අවකාශ ඇත්තේමය.

ඉතින් මා විසින් කවරක් කරන්නෙම්ද..?

ජනතාව පෝරකයට දක්කවමින් විමුක්තිය ලබා දෙන්නා වූ පෙරමුණේ වැව් කුමාර දිසානායකයන් සමග එක්ව සෙනෙවිරදුන් මැදින් තබාගෙන මාජ්ජ සාකච්චා පවත්වා හෝ ජාම ඛෙරා ගත නොහැක.අප කෙතරම් කොටා පෙවූවත් සෙනෙවියා අපද පච වී යන අන්දමෙ ප්‍රකාශ නිකුත් කරන කලට ඔළුව මෙසයක් යට හංගා ගන්නවා හැර අසරණ මා කුමක් කරන්නද..? සියල්ල මෙසේ වෙතොත් අවසානයේ වන්නේ වැව් කුමාරත් සමගම ගගේ මූදේ පනින්නටය.

අහෝ මාගේ මතු රජ වීමෙ අපවිත්තර චෙතනාව හිරු දුටු පිනි බිදු මෙන් වියැකී යන අන්දම...

දැන් ඉතින් සිදුවන්නේ පැරණි බයිලාවක් නැවත වාදනය කරන්නට නොවෙද..? මෙ සෙනෙවියා යුධයට තබා ගැලවීමෙ හමුදාවකටවත් සුදුසු නොවන බව මුලින්ම ප්‍රකාශ කල මා කෙතරම් නම් මතු අනාගතය පිළිබද අනා වැකි කියන්නට සමතෙක්දැයි ප්‍රකාශ කර මාගේ ජාමෙ ඛෙරා ගත යුතුමය. එසේ පැවසූ විට මෙ රටෙ බත් කන වෘෂභ රාජයින් කැල එයද පිළිගනු ඇත. ඇවැසි නම් ගුරු දින නිග්‍රහය කරනු ලබන බත් බැලයකුට සම්තින් පාරක් දී ඔහු ලවාද ලක්දීප වැනි පුවත් පතකින් පබ්ලිසිටියක් වූවද ලබා ගත නොහැකිද?

හහ් හා.. ආනාගතය කලින්ම දකිනා මොංගල් තුමා යන විරුදාවලිය මා හට ලබා ගත හැක..

ඉදින් එසේ කොට හෝ හැමදාමත් කරන්නාක් මෙන් මා පොරක් යැයි මා විසින්ම ලොවට හඩ ගා කිව යුතුය. මෙ සෙනෙවියා රජ කරවීම පසෙක ලා මා හට කරන්නට තව බොහො කාර්යයන් ඇත්තේය..මී ලග දියවන්නා තරණ සටනින් ජයගෙන අසුනකට හිමිකම් කීමට පොටක් පාදා ගත යුතු නොවෙද? නොඑසේ නම් මා හට නැවතත් සිදුවන්නේ අග නුවර සරන ස්ත්‍රීන්ට සළු පිළු අන්දවමින් දිවි රැක ගැන්ම නැවත ජීවිකාව වශයෙන් කරන්නටය. නමුත් එහිද කිසිදු රසයක් නොමැත්තේ දැන් ඉතින් මා සොයා විත් තම ශරීරය මා ලවා අත ගාවාගෙන සළු පිළී අන්දවා ගන්නට පැමිණෙතොත් ඒ රෝස නොනා හෝ චෞර රැජිනියන් විනා අන් කවර නම් අගනුන්ද..? අවම වශයෙන් විකුම් සිහගේ භාර්යා තොමොද මා වෙත පැමිනෙන්නේ නැති වග මා හට නම් සක් සුදක් සේ පැහැදිලිය. එවන් අගනුන් නැති වූවද කම් නැත.. තොල් රතු කොළු පැටවකු හො මා සොයා ඒ නම් සිත සනසා ගත හැක.

එසේත් නොවුන හොත් මෙ ජීවිතයෙන් කුමන පලක්ද..? මහා බියක් මසිත උපදී ... නැත නැත එවන් විපතක් වනවා තබා සිතන්නටද මා බිය වෙමි. එසේ හෙයින් නැවත වතා වක් අසුනක් දිනා දියවන්නාව තරණය සදහා හංසයාගේ පිට මතම නැගී යෑමට වැව් කුමාර මලයා ඇතුළු සිගාළ රැලට ඇරයුම් කල යුතුය. එවන් වූ යෝජනාවකට මා මෙන්ම උන් ටිකද එකග වන බව නම් මා හට විශ්වාසය. මක් නිසාද යත් තනිව තරග වැදීමට ගියහොත් මා හට මෙන්ම උන්ටද වන්නේ දියවන්නාව දෙස බලමින් ඒ ඉදිරිපිට ඇති මාවතෙහි සිගා කමින් ඇවිදින්නටය. සෙනෙවියා කරෙන් බිමට දමා ඒ සදහා දැන් පටන් ලක ලෑස්ති විය යුතුය..

ඉතින් අවසර දෙන්න මා හට.. හංසයාට හට පෙම් බඳින්නට...

14 December 2009

පාළුවට කියන බණ නොහොත් බණ කියන සැන්දෑව..

සුපුරුදු පාළු සෑදෑ සමයක්.. වෙනසකට තියෙන්නේ ඇදහැලෙන සිහින් වර්ෂාවෙ ශබ්දය. හුග දවසකට පස්සේ ආයෙමත් මගේ සටහන් සින්ඩියේ යනවා. පහු ගිය දවස් වල සටහන් තබනවාට වඩා කාලය ගත කලේ අන් අයගේ සටහන් කියවන්නටයි.
වර්ෂයක් ගෙවිලා තවත් වර්ෂයක් ලබන්නට ආසන්නයි. ගත වූ වර්ෂය දෙස ආපසු හැරී බැලීමක් කරන්න උත්සහ කලත් ඒ හැටි වැදගත් යමක් ඒ තුළ නැහැ. එකම දෙයයි තිබුනේ ඒ තමා මම මගේ ජීවිතේදී හුගක්ම ආදරෙ කල .....නි මගෙන් වෙන් වීම. මම මෙතන ` හුගක්ම ` කියන වචනේ යොදා ගත්තට එතනට හරියන නියම වචනය ඒක නෙවෙයි කියලා හිතෙනවා. එතනට එන්න ඔන `මගේ පණ වගේ `කියන වචනයක්. කොහොම උනත් ඒ දේ සිද්ධ උනා. ජීවිතේට නැවත ආදරයක් ලං කර ගන්නේ නැහැ කියලා හිතාගෙන වසර 6ක් විතර කාලයක් මගේ පාඩුවෙ ඉන්න කොට තමයි මට එයාව හම්බ උනේ.ඇත්තටම මම මගේ ලොකේ තනිවෙන්න පටන් ගත්තේ 2001 අවුරුද්දේ වගේ ඉදලා. ඒ කාලේ ඉදලාම මම එයාව දැන හැදිනගෙන හිටියා. ඒත් අපි අතරෙ සම්බන්ධයක් තිබුනේ නැහැ. අපි දෙන්නා වසර 6ක් පමණ අසල්වැසියන් ලෙස ඇසුරු කලා පමණයි. ඒ කාලය තුල ඇය විවහා උනා, ඒ විවාහය කඩාකප්පල් උනා. නැවතත් ඇය මගේ අසල්වැසියා උනා. අසල් වැසියන් උනත් ඇයත් මාත් අතර එතරම් හොද සම්බන්ධතාවයක් තිබුනේ නැහැ. වරින් වර පොදු වැඩ කටයුතු වලදී රණ්ඩු උනා හැර. නමුත් 2008 වසර වන විට අපි දෙන්නා නොහිතූ තරම් සමීප උනා. අපි දෙන්නා අපි දෙන්නාගේ අත්දැකීම් ඛෙදා හදා ගත්තා.තනි වෙලා හුන් අපි අපේම ලෝකයක් තනන්න පටන් ගත්තා. ජීවිතේ සුන්දරම සමයක් ගෙවිලා ගියා. අවසානයේ ඈ ඇගේ මවටත්, ඥාතීන්ටත් අවනත උනා. නොසිතූ මොහොතක ඈ නැවතත් විවාහ වූ පුවත අනුකම්පා විරහිතව දන්වා සිටියා. මගේ ලොකේ බිඳ වැටුනා. අදටත් ඇයව අමතක කරන්න හෝ ඇයට වෛර කරන්න මට බැහැ. දැන් ඇය රෝගී තත්වයක් නිසා බොහෝ සේ අසරණ වෙලා. ඒ පිළිබඳව මා හට කල හැකි යමක් ඉතිරිව නැතත් ඇය වෙනුවෙන් මගේ හිත පුරා පුපුරු ගසන දුක ඇයට කියන්නට වත් නොහැකි වීම මා තවත් අසරණ කරවනවා.ඒ අදුරු කාල පරිච්ඡෙදයේ ඇරඹුම සටහන් වූ වසර ලෙස වූ සැමරුම හැර අන් කිසිත් දෙයක් මෙම වසර තුල නොවූ තරම්. ආ තව එක දෙයක් තියෙනවා. 2001 දී නවතා ලූ මත්පැන් සමග නැවත ලගින් ඇසුරු කරන්නට ගත් වසරද මෙයයි.
උපන් දා සිට වසර 30ක් ගත වී ගොස් අවසානයි. එළඹෙනුයේ 31 වන වසරයි.. මෙතෙක් කාලයක් ජීවිතය ගලා ගෙන ගිය ආකාරය හරිම පුදුමාකාරයි. බුදු බණ කොතරම් සත්‍යය දැයි මා හට පසක් කර ගැනීමට මෙ අවුරුදු 30 ඇතුලත මට යම් තරමක හැකියාවක් ලැබුනා. මා සිතන අන්දමට එය තමයි මා ලද වටිනාම දේ. නමුත් වරදවා තේරුම් නොගන්න මා තවමත් පුහුදුන් මිනිසකු පමණයි. එනිසාම අවබොධ කරගත් ධර්මය පිළිපැදීමෙදී තවමත් මා ඉතාමත් ප්‍රාථමික අවස්ථාවකයි සිටින්නේ.කාලයේ වරදක් හෝ සමාජයේ වරදක් නොව බැදීම් වලින් මිදෙන්නට අප හට තිඛෙන උවමනාව අඩුකමත් තණ්හාව නැමැති අකුසල මූලය අප සිත් සතන් තුල දළුලා වැඩීමත් මෙයට හේතුවයි. එය දුරු කිරීම පහසු නැත. සිතත් සමග කල යුතු මහා සටනකි. තවමත් එම සටනෙහි ජය මාවත පාදා ගැනීමට මා හට නොහැකි වී ඇත.
මා හට පමණක් නොව මෙ සසර වසන බොහෝ දෙනෙකු මෙ ලොකය නැමැති මායාව තුල පැටලී ඒ තුලම සිරවී සිටී. මෙය මායාවක් බව හදුනා ගත් නමුත් එයින් ගැලවීමට නොහැකිව ලත වෙති.වරද තිඛෙනුයේ අවබෝධයේ අඩුවක් නිසා නොව පිළිපැදීමට තිඛෙන අකමැත්තයි. වීර්යය මඳ කමයි. හැකි නම් රෙරුකානේ චන්දවිමල නාහිමි විසින් රචිත ~පාරමිතා ප්‍රකරණය~ පොත සොයා ගෙන කියවන්න. එහි තුන් වැනුව එන ~නෙක්කම්ම පාරමිතාව~ කියන කොටසට යන්න. මා ද ඇතුළුව අප සියල්ලන්ම මෙ සසර හැරපියාලන්නට නම් අතහැරීම යන විෂය කොතෙක් දුරට ප්‍රගුණ කළ යුතුදැයි කියවා තේරුම් ගන්න. දැනට මා සතුව එම පොත නැති බැවින් එහි ඇති තොරතුරු උපුටා දක්වන්නට නොහැකි වීම ගැන සමා වන්න. ජීවිතයේ අරුත සොයන සෑම පුද්ගයකු විසින්ම කියවිය යුතු පොතක් ලෙස ~පාරමිතා ප්‍රකරණය~ හදුන්වා දිය යුතුය.~ තණ්හක්ඛයෝ නිරොධො නිබ්බාණං~ (තණ්හාව නොඑසේනම් සසරට ඇති ඇලීම, ආශාව දුරු කර ගනීමම නිවන ලෙස හැදින්වෙ.) කොයි තරම් දැන ගත්තත් ,අවබොධ කරගත්තත් තවම බැරි උනා පිළිපදින්න. ඒ තරමට මෙ ලොව විසිතුරු පෙනුමට මම රැවටිලා. අතහරින්න තියෙන අකමැත්තක තරම. මං වගේ කරුමක්කාරයෙක්.

නැවත පැමිණීමෙ සතුට..

ආයෙත් වතාවක් සින්ඩියට පැමිණෙන්නට ලැබීම හිතට පුදුම සතුටක් එකතු කල කරුණක්. ඒ සඳහා උදව් උපකාර කළ සියළු සහෘදයින්ට හද පිරි ස්තුතිය පිරිනමමි. දුක් පිරුනු සසර ගමනෙහි අවසානය අවිනිශ්චිත චාරිකාවක නියැලෙන අතර තුර තාවකාලිකව හෝ සතුටු වීමට අවස්ථාවක් ලද විට සතුටු නොවී බැහැ. ඉතින් කාලයකින් ලැබුණු සතුට මම භුක්ති විදිනාතුර ඒ සතුට ඹබ සෑම දෙනා සමගම ඛෙදා ගනිමි. ඉතින් අවසරයි නැවතත් ජීවිතය අකුරු කරන්නට..

10 December 2009

උඩුගං බලා පිහිනීමෙ අසීරුව..

අදත් ඉතින් ඔන්න මොනවා හරි ලියන්නයි කල්පනා කලේ. මොනවා ලියන්නද කියලා කල්පනා කලත් හරි හමන් දෙයක් ඔළුවට එන්නෙම නැහැ. අදහස් නැතුව නෙවෙ, ගැලපීමක් නැහැ. ආ ආව ආව.. මට හිතුනා ඊයේ උන දෙයක් ඇසුරින් යමක් ලියන්න. මම ජීවිත කාලේ පුරාම විවිධ රැකියා රාශියක් කරපු කෙනෙක් මම එක දිගට රැකියාවක් වැඩිම කාලයක් කරලා තියෙන්නෙ අවුරුදු 3යි. අනිත් හැම දේම ඊට වඩා අඩුයි. කොහොම උනත් ඒ හැම රැකියාවකින්ම මම තෘප්තියක් ලැබුවා. පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපන වරම් ලැබුනත් ඒ සමාජය සහ පරිසරය මට ඔරොත්තු නොදුන් නිසාම ගමෙ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ මා අවසානයේ නිකම්ම නිකං ඔපපාතිකයකු ලෙස අධ්‍යාපනය හමාර කලා.ඊට පසුව ආරම්භ උනේ ජීවන සටන ගෙන යාමෙ අරගලය. මගේ වාසනාවට වගේ කුඩා කල ඉදන්ම මට ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. අතට අහුවෙන ඔනම දෙයක් රැකියාව වශයෙන් මම කලා. හැබැයි අනුන්ගේ දේ කඩා වඩා ගන්න ආකාරයේ කිසිම දෙයක් එදා මෙදා තුර මගේ අතින් වෙලා නැහැ. සාධාරණ රැකියාවක් නම් මහන්සියේ තරමට ආදායමක් තියෙනවනම් ඊට වඩා ලොකුකම් මට වැදගත් උනේ නැහැ. අපේ ඥාති පරපුර අතර මා හිතුවක්කාරයකු ලෙස හංවඩු ගැහෙන්නත් මගේ මෙ ජීවන රටාව හේතු උනා කියලා කිවුවොත් ඒක නිවැරදියි.
ගුවන් හමුදාව , පොලීසිය, රක්ෂණ සමාගම්, ලංගමය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය යන දෙඅංශයේම කොන්දොස්තර, වඩු වැඩ, මෙසන් වැඩ, ගරාජ්, ඉලෙක්ට්‍රිකල්, වයරිං වැඩ, ත්‍රිරොද රථ රියදුරු, කම්කරු, ආදී සාමාජයේ දුක් විදින පංතිය නියෝජනය කරන රැකියා රාශියක් ඒ තුල අඩංගුයි. ආ මගේ පළමු රැකියාව උනේ බයිසිකල් වින්කලේක හුළං ගැසීම. පසුව වැඩ ඉගෙන ගෙන වින්කල් බාස් දක්වා උසස් වෙන්නත් මට පුළුවන් උනා. දැන් කාලෙකින් නොකලා උනත් බයිසිකල් රොදයක් බකල් අරින එක තරම් ආස වැඩක් අදටත් මට නැති තරම්.කොයි තරම් සුන්දර කාලයක්ද ඒක..
ඔය රැකියා කිරීම මම ආරම්භ කලේ මට වයස 14 වගේ කාලේ ඉදලා. මම මත්පැන් පානය ආරම්භ කරන කොට වයස 16ක් විතර ඇති. අවුරුදු 19 විතර වෙන කාලේ මම කන පැලෙන්න බොනවා. හැබැයි ඔය හැම දේ අතරෙම කීය කීය හරි ඉතිරි කරන්නත් අමතක කලේ නැති නිසාම වයස 24 වෙන කොට කුඩා වෑන් රථයක සහ තුන් රෝද රියකත් හිමිකරු වෙන්න මට පුළුවන් උනා. අම්මා තාත්තගෙන් තල්ලුවක් නැතිව ඒ තරමට හරි ගමනක් යන්න පුළුවන් උනාට එයින් පසුව යම් යම් හේතු කාරණා උඩ ජීවිතය පිළිබද හට ගත් මහා කළකිරීමත් ජීවිතේ කඩා වැටෙන අවස්ථා වලදීත් වචනයකින්වත් සහයක් නොදෙන මගේම නිවසේ උදවියත් නිසා හැම වත්කමක්ම අතහැරලා නිවසින් පිටව යන්නට අවස්ථාවක් එළඹීමත් නිසා වයස 24 දී කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ පිටව ගිය මා අදටත් තනිවම සැරිසරන්නෙක්.
ජීවිතයේ හෝ සංසාරයේ කල මහා පිනක් නිසා බෞද්ධ පරිසරයක් ආශ්‍රිතව වසර 5ක කාලයක් ගත කරන්නට වෙන්නෙ ඊට පසුවයි. ඒ කාලය තුල ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කරගන්න මට හැකි උනා. බෞද්ධ දර්ශනය පිළිබද ලබා ගන්නට හැකි වූ දැනුමත්, ජොතිෂ්‍යය පිළිබද දැනුමත් ඒ අතරින් විශේෂයි.ඒ වගේම කුඩා අවදියේ දවස් පහක්වත් දහම් පාසල් නොගිය මං දහම් පාසලක ගුරුවරයකු ලෙස ආරම්භය ලබා ගෙන එහි ප්‍රධානාචාර්ය තනතුර දක්වා ගමන් කරන්නේත් මෙ කාලයේදීයි. වයස 24 සිට 29 දක්වා කාලය තුල එලෙස ජීවත් වූ මා ඉන් අනතුරුව නැවතත් එම පරිසරයෙන් ඈත්වී නැවත වතාවක් පෞද්ගලික ආරක්ෂක අංශයට සම්බන්ධව රැකියාවක් තෝරා ගත්තේ ආරක්ෂක අංශය පිළිබද කොහොමටත් මගේ උනන්දුවක් තිබූනිසාම පමණක් නොව ඒ තුල යම් තරමක් නිදහස් දිවි පෙවතක් ගෙවීමට යම් අවකාශයක් වන නිසාවෙනි. ඒ අනුව දැනට මා පැය24ක සේවා කාලයකින් පසුව පැය 24ක විවෙක කාලයක් ලබමින් ඒ විවෙකය තුල මෙවැනි කටයුතුවල යෙදෙමින් නිදහස උපරිම භුක්ති විදිමින් කාලය ගත කරනු ලබනවා.
ඉතින් මම මුලින් සදහන් කලේ ඊයේ වූ සිද්ධියක් පිළිබදවයි . මගේ රාජකාරියට අනුව ඊයේ සවස් කාලයේ යම් වංචාවක් හසු කර ගන්නට මා හට හැකියාව ලැබීම නිසා ඒ අනුව කටයුතු කිරීමෙන් පසු යම් යම් අයගේ දෝෂාරෝපනයට ලක් වන්නට සිදු වීම නිසා තරමක සිතේ කනස්සල්ලක් හට ගත් බැවින් රැකියාව පවා නවතා දමන්නට සිත් වූ බව කිව යුතුය.මෙ වන කොට මා සේවය කරන ස්ථානයේ පාලනාධිකාරිය විසින් ආයතනයේ සේවයට එක් වන්නට පවා මා හට ආරාධනා කර තිබුනත් මා එම යෝජනාව බැහැර කලේ දැනට තිඛෙන නිදහස අහිමි කර ගන්නට ඇති අකමැත්තත්, මා යටතේ සේවය කරන අනිකුත් ආරක්ෂක නිලධාරීන්ගේ රැකියා සුරක්ෂිතතාවය ආරක්ෂා කර දීමත් සදහාය. මක් නිසාද යත් සාමාන්‍යයෙන් දැනට අප විසින් ආරක්ෂාව සපයන ආයතනයේ ප්‍රතිපත්ති අනුව ඔවුන් විසින් සාමාන්‍යයෙන් වසරකට අඩු කාලයකදී ආරක්ෂක සේවාව සපයන ආරක්ෂක සමාගම ඉවත් කර වෙනත් ආරක්ෂක සමාගමකට එය පැවරීම මෙ දක්වා කරගෙන ආ පිළිවෙත වූවත් මෙ වන විට අපගේ සේවය මාස 16ක් දක්වා පවත්වාගෙන ඒමට අප හට හැකියාව ලැබී තිඛෙනුයේ ආරක්ෂක අංශය තද ක්‍රියා මාර්ග ගනිමින් තම රාජකාරිය අකුරටම පවත්වා ගෙන ආ බැවිනි.එහිදී ආයතන සේවකයින් සමග සමීපවීම අවම කර තද නීති රීති සමගින් ආරක්ෂක නිලධාරීන් පාලනය මවිසින් සිදු කිරීම පිළිබද ආයතනයේ පාලනාධිකාරිය සෑහීමකට පත් වී සිටීමයි. යම් හෙයකින් මා ආරක්ෂක අංශයේ සේවය අත හැර ආයතනයේ සේවයට බැදුන හොත් අනිවාර්යයෙන්ම ඉදිරි මාසය තුල ආරක්ෂක කොන්ත්‍රාත්තුව වෙනස් කරනු ලබයි. එවිට මා සමග සේවයේ යෙදී උන් සගයින් හට අත් වන ඉරණම වන්නේ තම රැකියාවන් අහිමි වීමයි. එම තත්වය කල්පනාවට ගෙන කටයුතු කිරීම නිසාම මෙ වන තෙක් රැකියාවෙ යම් වෙනසක් කිරීමට ම අදහස් කලේ නැත.නමුත් ඊයේ වු සිදු වීමත් සමගම ඇති වූ මත පළ වීමෙදී මා අසා සිටිනවා යැයි නොදැන අපේම ආරක්ෂක නිලධාරියකු විසින් ආයනයේ සේවකයන් සමග එක්ව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිඳව මාගේ ක්‍රියා කලාපය විවෙචනය කරන්නට වීමත් තවත් සගයකු එය අනුමත කරමින් සිටීමත් දුටු විට මසිතේ ඇති වූ කලකිරීම මෙ වන විටත් සිතෙන් පහව ගොස් නැත. සාමූහික වගකීම අමතක කර සේවකයින් සමග හොද හිත ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමට ඇවැසි විනි නම් මා හටද එසේ සිටීම අපහසු නොවෙ. නමුත් එහි ප්‍රතිඵලය වනුයේ අපගේ ආරක්ෂක සේවයේ ගුණාත්මක භාවය පහත වැටීම පමණක්ම වන නිසාත් ආයතන සේවකයින් හා සමීප ඇසුර ආරක්ෂක අංශයකට පවත්වාගෙන යාම ඉතා අසීරු දෙයක් වන නිසාත් මා එලෙස ක්‍රියා නොකර සෑම විටම ආයතනික සේවකයින් දැනුවත් කර සොරකම් හා වංචා වලට තිඛෙන අවස්ථා අවම කිරීම තුලින් ආයතන පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමට කටයුතු කල නිසාම මාහා අමනාප සිටින පුද්ගයින් විශාල ප්‍රමාණයක් සියදීම මගේම සගයින් ඔවුන් ගේ පැත්ත ගෙන ඔවුන් ශුද්ධ වීමත් ඒ තුලින් මා තනි වීමත් පිළබදව නැවත වාරයක් සිතා බැලීමට මාහට සිදුව ඇත.
මා බොහො දුරට දැක ඇති දෙයක් නම් නිතරම ආරක්ෂක අංශ නිලධාරීන් සමග හිතවත් වීමට උත්සහ දරන පිරිස වඩාත්ම සොරකම් හා වංචා වලට සම්බන්ධ වූවන්ය. අවංකව කටයුතු කරන බොහෝ සේවකයින් ආරක්ෂක නිලධාරීන් සමග සිනහා වීම හැරුනු කොට අන් විශේෂයක් නොමැති අය බව අත්දැකීම් තුලින් මා හට පසක් වී ඇත.බොහො විට සොරකම් වලට සම්බන්ධ වූවන් තම අදහස මුදුන් පත් නොවූ විට ආරක්ෂක අංශය සමග අමනාප වන අයයි. එසේ ම සොරකමක් ඇල්ලූ විට බොහො පිරිස සොරකම සිදු කල තැනැත්තා නොව සොරකම ඇල්ලූ තැනැත්තා පිළිබඳව විවෙචනය කිරීමත් නිතර වන්නකි. මෙවන් සමාජයක කෙසේ ජීවත් වන්නදැයි මට නොතේරෙ. මනුතාපය (ලේමිසරාබ්ලේ) නව කථාවෙ ජොන් වැල් ජොන් වැන්නවුන්ගෙ පාන් සොරකමෙත්, පුරුද්දක් වශයෙන් අනුන්ගේ දෙයක් නිතරම සොරකම් කරන සොරකම වැදගත් දෙයක් කර ගත් අයගේත් අතර වෙනස මා හට නොතේරෙනවා නොවෙ.වර්ථමාන සමාජයේ ආර්ථික දුෂ්කරතා උපරිම බව අප කවුරුත් දන්නා සත්‍යයක් වූවත් එයින් මිදීමට මග සොරකම කියා කිසිවකු කියන්නේ නම් ඒ පිළිබදව සහ එම ප්‍රකාශය කරන පුද්ගලයා පිළිබද දෙවරක් සිතා බැලිය යුතු නොවෙද? අනික් අතින් බලන කල ආර්ථික දුෂ්කරතා නිසා පීඩා විදින බොහෝ දුප්පත් සේවකයින් මා හදුනා ගෙන ඇත. ඔවුන් කිසිම හේතුවක් නිසාවත් තමාගේ රැකියාව අහිමි කර ගැනීමට කැමති නැති නිසාම සොරකම් හා වංචාවන්ට පෙලඛෙනවා අඩුය. කරතත් කරනුයේ නොකරම බැරි වූ විට පමණි. නමුත් උපතින් ලද හො යම් යම් මාර්ග වලින් හරි හම්බ කරගත් සාමාන්‍ය මට්ටමෙ සේවකයින් අතර සොරකමට ඇති පෙලබීම වැඩි බවත් සමහර විට ඔවුන් සොරකම් කරනුයේ ආර්ථික වාසි වලට වඩා තම පුරුද්ද අත් හැර ගැනීමට ඇති නොහැකියාව නිසා බවත් මා නිරීක්ෂණය කර ඇත.අසරණකම නිසාම යම් සොරකමක් කර හසු වූ බව හැගුනු යම් යම් අවස්ථාවන් හීදී සොරකම අල්වා පාලනාධිකාරියට බාර දී පසුව ඔවුන් හට සමාව ලබා දෙන මෙන් පාලක පක්ෂයෙන් ඉල්ලීම් කර එවන් පුද්ගලයින් නිදහස් කර දී ඇති අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී මා පිළිබඳ විශ්වාසය මත සහන ලබාදීමට ආයතනය කටයුතු කලේ එයින් පුද්ගලයකු නිවැරදි මාවතට ගැනීමට ඔවුන් තුලද අපේක්ෂාවක් ඇති බැවිනි. ඒ හැර යම් සොරකමක් හසු වූ විට එය මගේ මට්ටමින් අතහැර දැමීමට මට හැකියාවක් නැත. එසේ කලහොත් එය මා විසින් කරනු ලබන සොරකමක් වංචාවක් නොවන්නේද?බොහො විට සොරකමක් අල්වා ගත් විට සොරකම කල තැනැත්තා සහ අවට සිටින්නවුන් සිතන්නේ එය ගොඩින් ඛෙරා දීමට අපට හැකි බවය. එසේ නොකලහොත් සොරකම ඇල්ලූ නිලධාරීන් මහා වරද කරුවන්ය. නමුත් අල්ලා ගන්නට හො එම සොරකම නොකර සිටියේ නම් කොතරම් හොදදැයි ඔවුන් සිතන්නේම නැත. ඉතින් වැරදි කරු කවුරුන්ද..?
මෙම සිද්ධිය මෙසේ ලියා තබන්නට වූයේ මෙ වන විට රැකියාව අත හැර ආයතනය තුලින් ලබා දෙන්නට උත්සුක වූ තනතුර භාර ගම්දො නොගම්දොයි තවමත් මසිත අවුල් ජාලයක පැටලී ඇති හෙයිනි.. එය භාර ගෙන මාගේ නිදහස අවම කර ගන්නේද? මා පිළිබඳ නොසිතා කටයුතු කරන සහයක නිලධාරීන්ගේ රැකියාවන් අවදානමෙ හෙලා මා හට සැනසීමක් ලැඛෙද? තවමත් සිත අවුල් ජාලයක් පමණි...

09 December 2009

එයයි මගේ පරම සුවය...

ගලා එමින් හද මඩලට - මලානිකව තිබුනු ලොවට..
එළියක් වී රෑ අහසට - පායා ආ සුපුන් සඳක..
විලසින් ගෙන දී ජීවය - විගසින් ඔබ ගියා ඉවත..
එහෙම උනත් සඳ මඩලට - තිඛෙන සෙනෙහෙ තාමත් ඇත..
හැමදාමත් වෙනස් නොවෙ - එයයි මගේ පරම සුවය..

08 December 2009

වෙන් කර සිටියද සිතුවිලි ගග ගලා බසී..

සමහර විට මෙ සටහන කාටවත් කියවන්න හම්බවෙන එකක් නැහැ. ඒත් පුරුද්දට වගේ මොනවා හරි ලියන්න හිතුන නිසා මෙ සටහන ලියන්න පටන් ගත්තා. ගෙවී ගිය දවස් කීපය තුළ ජීවිතය වෙනස් කරන යමක් නොවූවද තව තවත් නවමු අත්දැකීම් මෙන්ම නොයෙකුත් පුද්ගලයින් ඇසුරට ලැබුනා. ඒ වගේම විවිධ ආරංචි අහන්න දකින්න ලැබුනා. ඒ අතරින් එස්.බී. ගේ නැවත ගමන පිළිබඳව අහන්න ලැබීමත් විශේෂයි. ඒ පිළිබඳව taboo ත් ලියලා තියෙනවා මම දැක්කා. ඇත්තටම ඒ ලිපිය දැක්කම අනිත් අයට කොහොම උනත් මගේ නම් හදවත සසල උනා මොන වැරදි තිබ්බත් අපේ පංතියේ එකෙකුට අත් උන ඉරණම දුක්ඛිතයි. මට මතකයි අපේ තාත්තා මම දේශපාලනයට එන්න තිබුනු මාර්ග අහුරලා දාපු හැටි. එදා තාත්තා කළ දේ හරිද වැරදිද කියලා මට තාමත් හිතන්න අමාරුයි.නමුත් එදා ඒ ගමන යන්න ලැබුනානම් අපටද අත්වන්නේ අද එස්.බී.ට අත් වූ ඉරණමම මිස අන් කිසිවක් නොවන බව නම් පැහැදිලියි.ඒ පිළිබඳව ඊට වඩා කියන්න දෙයක් නැහැ.
ජනාධිපතිවරණය පිළිබඳවත් රටෙ තොටෙ කථා වෙනවා. මට නම් චන්දේ දාන්න වෙන්නේ නැහැ. මොකද මම දැනට ඡන්දය අහිමි පුරවැසියෙක් වන නිසා. මම මගේ කලින් පදිංචිව සිටි ග්‍රාම සේවා වසමෙන් මගේ පදිංචිය ඉවත් කර ගත්තත් දැනට කුලියට සිටින ප්‍රදේශයේ ලියා පදිංචි නොවූ නිසා. ඇත්තටම මෙ රට හරි අපූරු රටක් මම දැනට මෙ පළාතට ඇවිත් අවුරුද්දකට ආසන්න වූවත් තාම මෙ හරියේ ග්‍රාම සේවක උන්නැහෙ කවුද කියලා මම දන්නේ නැහැ. ඒ උන්නැහෙත් මං වගේ පුරවැසියෙක් තමාගේ රාජකාරි බල ප්‍රදේශයේ ඉන්නවද කියලා දන්නේ නැහැ. මෙතනට එන්න කලින් මම පදිංචි වෙලා හිටියේ පොලිසියකට ඉතාම ආසනන් ඉඩමක පිහිටි නිවසක. එතන මම මාස 6ක් හිටියා. එහෙම ඉදලා මම එතනින් එන්න සතියකට විතර කලින් තමයි මම කවුද කියලා අදුරන්නෙ නැති හින්දා අසල් වැසියන් විසින් කරපු පැමිණිල්ලකට අනුව පොලිසියෙන් ඇවිත් බලලා ගියේ. ඔන්න අපේ රට. මෙහෙ බින් ලාඩන් හැංගිලා හිටියත් ඔච්චර තමයි. සක්විති උනත් මෙ ලංකාවෙම ඇති කියලා මට හිතෙනවා.
ඉතින් චන්දය අහිමි වුවත් මගෙ පැතුම ජනාධිපති ලෙස නැවත වරක් මහින්දම පත්වෙවා කියන එක තමයි. ඒකෙන් මම කියන්නෙ පොදු පෙරමුණට බලය ලැඛෙන්න කියන එක නෙවෙයි. මහින්ද දිනන්න කියන එක විතරයි. මහින්දගේ කරෙන් පාර්ලිමෙන්තු යන්න ඉන්න හිපාටුවො ටිකටනම් කෙල වෙලා යන තරමට මම කැමතියි. කවුරු මොනවා කිවුවත් මහින්දගේ ක්‍රමයට මම කැමතියි. මිනිස්සු කරන ලොකුම චෝදනාව වන සහෝදර සමාගමට මම පක්ෂයි. මම උනත් ජනාධිපති උනානම් මට විස්වාස සහ මට වැඩ ගන්න පුළුවන් අය ලං කරගන්නවා ඇර එන එන හැම කෙනාම ලං කර ගන්නෙවත් ඔනවට වඩා බලතල දෙන්නෙවත් නැහැ. මහින්දගෙ පිනට එහෙම සහොදරයො ටිකක් ඉන්නේ. අනික දැන් විපක්ෂය සහ විපක්ෂයට පක්ෂ අය කරන දූෂන වංචා චොදනා කොයි රජයකට උනත් පොදුයි. ඔය කෑ ගහන හැම කෙනාම බලයට එනකල් විතරයි කෑ ගහන්නේ ආවට පස්සේ ඒවා මතක නැහැ. අනික ඔය කෑ ගහන හැමොටම බලය ලැබිලා තිබුනු කාලත් අපි දැක්කා . එ කාල වලදී ඒ අය හැසුරුණු විදිය අමතක වෙන්න තරම් මැරිලා උපන් අය මෙහෙ නැහැ. 48 ඉදලා මෙ රට පාලනය කල කොයි කාගෙත් හොදකමෙ තරම අපි තාමත් ගෙවනවා. එහෙව් එකේ රහතන් වහන්සෙලා ඇර වෙන කවුරු ආවත් ඔය ටිකම තමයි හැමදාමත් වෙන්නේ. මම දන්න තරමින් නම් මෙ චන්දෙටත් මාර්ගඵල ලාභී අය කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන් සරත් ෆොන්සේකා ගැන කථා කරලා වැඩක් නැහැ. මොකද මමත් පොලිසියෙත් ගුවන් හමුදාවෙත් සේවය කල අයකු නිසා, සරත් ෆොන්සේකා වැනි අණදෙන්නන් පිළිබඳව හොඳ වැටහීමක් තියෙන නිසා. වරදවා තේරුම් ගන්න එපා. සරත් ෆොන්සේකාගෙ යුධකාමීත්වය ගැන මම විවෙචන කරනවා නෙවෙයි, හමුදා පසුබිමක් තුළ තිඛෙන පාලන ක්‍රමයකින් තෙම්පරාදු උන අයකුට සිවිල් සමාජය තුළ ගැලපෙන්න තිඛෙන අපහසුව දන්නා නිසා යි එහෙම කිවුවෙ.
ඔහොම තමයි මම මෙ දවස්වල අහපු දැකපු දේවල් ගැන හිතන්නෙ. තව දේවල් තියෙනවා ඒත් දැන් ලියන්න කම්මැලියි. ඔන්න මම නැවැත්තුවා.

06 December 2009

මාව කපලා..

මොන වරදක් කලාටද මන්දා මාව සින්ඩියෙන් කපලා. මම ලියපු සටහනක් වැරදියට තේරුම් අරගෙන කියලයි මම නම් හිතන්නෙ ලිපියේ අවසානය දක්වා කියවලා ගත්තු තීරණයක් නම් නෙවෙයි කියලා හොදටම තේරෙනවා. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද? පුළුවන් උනොත් ආපහු එන්න බලනවා. ඒ මොනවා උනත් එක දෙයක් මම තේරුම් ගත්තා. වාරණය කියන එක පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ලිවීම අනතුරුදායකයි.(අපිට මොන තරම් දේ කියන්න තිබුනා උනත් අදහස් ප්‍රකාශ කිරීමේදී නිර්මාණශීලීත්වයට වඩා කපන මණ්ඩලේ ගැන අවදානය යොමු කල යුතුයි.එයින් අපේ ප්‍රකාශන ශක්තිය මොට වෙනවා උනත්)

02 December 2009

අතීත සැමරුම් අංක 1- සංජීවනී සමග මාගේ ප්‍රථම එකතුවීම..

ජීවිතයේ එක් විරාමයක නැවතී සිටිනාතුර විටින් විට සිහියට නැගෙන මතකයන් අතර මා විටක අතරමං වන්නේය. සමහර මතකයන් ඉතා වෙදනාකාරී වන අතර තවත් මතකයන් සිතට මිහිරක් උපදවයි. සිහියට නගා ගත යුතු නොවන හා එතරම් විශේෂිත නොවූ මතකයන් සමුදායකුත් මෙ අතර ඇති බවත් කිව යුතුය. පාසල් සමය මෙන්ම අධ්‍යාපන කටයුතු වලට තිත තැබූ දා පටන් සමාජය අතර තුර විවිධ අවස්ථාවලදී මුන ගැසුනු විශේෂිත පුද්ගලයින් රාශියකි. (ඔවුන් පිළිබඳව පසුව ලිපි පෙළක් ලිවීමට බලා පොරොත්තු වෙමි.) එවන් වූ අතීතයක් සිහිපත් කරන කල මා හට සිහිපත්වූ තවත් එක් සොදුරු මතකයක් මෙහි සඳහන් කරමි. සංජීවනී .. අහා ඇය සමග වූ මාගේ ප්‍රථම එකතු වීම කෙසේ නම් මා අමතක කරන්නද..?
සංජීවනී මට මුලින්ම මුන ගැසුනේ මා දෙවන වරට ආරක්ෂක අංශයේ රැකියාවක් කරන සමයේ විය. මූලික යුධ පුහුණුවෙන් පසුව වෘතීය අභ්‍යාසයන් සඳහා අහස් යන්තර අංගනයකට යාබද පොල් අක්කර 250ක් පමණ වූ භූමි භාගයක වූ කඳවුරු බිමෙ රැදී සිටි කාල වකවානුවෙදීය.සංජීවනී මට හදුන්වා දුන්නේ මාගෙ බඩියා නොවුනත් බඩියාටත් වඩා මාහා බැච් ෆිට් එකෙන් සිටි මගේ හිතවතා වූ බණ්ඩා (බණ්ඩාර) විසිනි.ඊට ප්‍රථම අවස්ථා කිහිපයකදී සංජීවනී හා සමාන කිහිප දෙනෙකුම මා ඇසුරු කර තිබූ මුත් සංජීවනීගෙන් මා ලද මිහිරියාව ඒ කිසිවක් හා සමාන නොවන බව සංජීවනීට ගෞරවයක් වන සේ මා මෙහි සදහන් කල යුතුමය. නැතහොත් මා අකාරුණිකයකු බව මට හැගේ.
එදින සතියේ කවර දිනවයක්දැයි මා හට හරියටම කිව නොහැක. සති මැද බව නම් යන්තමින් සිහියට නගා ගත හැක. දවස පුරාම පුහුණුවීම් කටයුතු කර වෙහෙස වී සිටි අපට සවස හය පමණ වන විට මඳ ඉසුබුවක් ලැඛෙන්නෙ රාත්‍රී අහාරයට පෙර පිරිසිදු වී සූදානම් වීම සදහාය. උදෑසන සිට දෛනික රාජකාරී ලෙස පෙරට්ටු, නිවාස පරීක්ෂණ, වෘත්තීය පුහුණුව, ඉංග්‍රීසි භාෂා පුහුණුව, ශාරීරික අභ්‍යාස කදවුරු පිරිසිදු කිරීම් වැනි නොනවතින ක්‍රියාදාමයකින් හෙම්බත් වී සිටි අපට රාත්‍රි දහයේ කණිසම වන තෙක් ඉස්පාසුවක් නොවන්නෙ නින්ද අපේ පරම සුවය වූ බැවිනි. අන් සගයින් නින්දට ගිය පසුවත් මට නිදන්නට අවසරයක් නොවන්නෙ අපගේ බලඝණයේ දෛනික වාර්ථා සකස් කිරීමත් හෙට දිනට අඳාල පරිපාලන කටයුතුවලට අදාල ලිපි ගොනු සැකසීමත් මා අතින් සිදු වන හෙයිනි.එබැවින් බොහො දුරට මා පුරුදුව සිටියේ රාත්‍රි ආහාරයට නොයා සිටීමය. ( බඩගින්නෙ නම් ඉන්නෙ නෑ ) මාගේ ආහාර කාඩ් පත අන් සගයකු අත යවා ආහාර පිගානක් බිලට්ටුවටම ගෙන්වා ගැනීම නිතරම පාහේ සිදු වුනි. (මෙය වරදක් වූවත් මා ඇතුළු ජෙශ්ඨ පුර වැසියන්ට එම පහසුකම ලබා ගැනීමෙ හැකියාවක් තිබිණි) කොහොමටත් මා හට වැඩ කටයුතු තරමක් අධික වීම නිසා නිවාස භාර නිලධාරී තැනද ඒ සදහා තරමක බුරුලක් දක්වා තිබිණි. මට අමතරව එක් එක් වෘතීය අංශවල ජෙශ්ඨ සාමාජිකයින් තම වරප්‍රසාදයක් ලෙස මෙය භාවිතා කරති.
මෙසෙ වූ එක් සන්ධ්‍යා සමයක රාත්‍රී කෑම පිණිස යන සගයින්ට ප්‍රථමව අවස්ථාව දී අප කිහිප දෙනෙකු පසුව ස්නානය කර සිටියදී බණ්ඩා සුපුරුදු පරිදි සිදු කරනු ලබන හොරෙන් කඩෙ යෑමට සූදානම් විනි.( අනුමත වෙලාවන් ගෙන් බාහිරව කදවුරු භූමිය තුල සැරි සැරීම පුහුණු පාසල් සාමාජිකයින් වූ අපට අකැපය)කඩෙ යෑමට යන අතරතුරෙදී මා හට ඇවැසි යම් දෙයක් වෙදැයි මාගෙන් විමසීම ඔහු සතුව තිබූ අනිවාර්ය පුරුදුදක් වූයේ ඔහු විසින් දමා ගන්නා සියළුම බකට් වලින් ගලවා ගැනීම නිතරම සිදු වූයේ මා අතින් බැවිනි. (දවසකට අවස්ථා දහයක් හො ඊටත් වැඩි) මා හට ගෙන්වා ගැනීමට විශේෂ යමක් නොවුනද රුපියල් විස්සක් ඔහු අත තැබූ මා මොනවා හරි ගෙන එන ලෙස කීවෙ ටොෆී හො බිස්කට් වැන්නක් පිළිබද සිතමිනි.
මඳ වෙලාවකින් සිරිත් පරිදි හති දමමින් දිව ආ බණ්ඩා හැමදාමත් මෙන් ඉහල නිලදරුවකු අතින් ඛෙරී ආ අන්දම රසවත් කොට කියා මා අසලටම පැමිණ අඩෙ බං ....... (ඔවුන් මා ඇමතූ ආදර නාමය) මුකුත් තිබුනේ නැහැ බං ඉතින් මං උඹටත් එක්කම බඩුවක් ගෙනාවායි කී අතර ඔහු දෙස බැළු මා හට ප්‍රථම වතාවට සංජීවනී පෙන්වා සිටියේය. එක් විටම සංජීවනී දුටු මට බණ්ඩා සමග තරහා ගියත් සංජීවනී ගේ වූ හුරුබුහුටි පෙනුම නිසා එක් වරම බණ්ඩාට බැන වැදීමට සිත් නොවුනි. (දැන් බලමු සංජීවනී කවුද කියා..) ඉතා කුඩා සුදු පැහැති ඇගළුමකින් සැරසී සිටි ඇය ඇයගෙ වර්ගයේ අන් අය මෙන් ගොරහැඩි පෙනුමක් නොවූ බැවින් දුටු පමණින් මාගේ සිත යම් තරමකට ඇද බැද තබා ගැනීමට සමත් වූවාය. බණ්ඩාට බැන වැදීම පසෙක තබා මා සංජීවනී පිළිබද ඔහුගෙන් විස්තර අසා දැන ගත් අතර ඔහුත් ඒ පිළිබදව වැඩි විස්තර නොදන්නා බැවින් වැඩි කථා පසුවට තබා මා විසින් දෙවරකුත් බණ්ඩා විසින් තුන්වරකුත් වශයෙන් ඇයව පාවිච්චි කරන ලදි. (කොහොමටත් ඒ අංශයෙන් මට වඩා බණ්ඩා ඉදිරියෙන් සිටියා.) නමුත් මා ලද අමුතු සුවයක් නොවූ නිසා මා හට එම කාරිය එපා වූ අතර බණ්ඩාගේ තත්වයත් එයම විය. අවසානයේදී කලකිරුණු බණ්ඩාත් මාත් වෙනස් තීරණයක් ගන්නා ලදි. එනම් සංජීවනී පාවිච්චිය නවතා දමා රාත්‍රි ආහාරය ගන්නට භොජනශාලාව වෙත යන්නටයඉක්මනින් නිල ඇදුම් ලා ගත් අප, අපගේ නිවස්නයෙන් මීටර 350ක් පමන දුරින් වූ භොජනාගාරය වෙත යන්නට පිටත් වූයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුත් පෙළ ගස්වා ගෙනය.කදවුරු තුල ඇති නීති ප්‍රකාරව පෙල ගැසී ගමනේ යෙදුනු අප භොජනාගාරය තුලට වන් විට කිහිප දෙනෙකුම අප දෙස විමසුම් සහගතව බැළුවෙ අන් යමක් නිසා නොව රාත්‍රී කාලයෙ අපගේ මුහුණු එහිදී දක්නට ලැඛෙන්නෙ ඉදහිට බැවිනි.

කාරිය ඇරඹුනෙ මෙතැන් සිටය..

සුපුරුදු පරිදි පොලිමෙ ගොස් ආහාර වෙල ලබාගත් අප ඉඩ ඇති මෙසයකට වී ආහාර ගැනීම ආරම්භ කරන ලදි. වෙනසක් නැත තත්වය සාමාන්‍යය මට්ටමෙ පැවතිණි. පිගානෙහි වූ ආහාර ඉවර වූ මුත් තව ටිකක් බඩෙ ඉඩ ඇති බවක් දැනුනි.(සාමාන්‍යයෙන් පිගානට පලමු වටයෙ ඛෙදා ගන්නා ප්‍රමාණයෙන් මම හැමදාමත් සෑහීමකට පත්වන අයෙකි) කොකටත් කියා තව වටයක් ඛෙදා ගත් මා නැවත මෙසයට වාඩි වී ආහාර ගත් අතර තත්වයෙ අමුත්තක් දැනෙන්ට වූයේ මා තෙවන වරත් කල්දේරම අසලට ගොස් බත් ඛෙදා ගන්නා අයුරු දුටු සගයින් සිනාසෙන්නට වූ බැවිනි. එතැන් පටන් කී පාරක් බත් ඛෙදා ගත්තාදැයි මා හට මතකයක් නොවූ අතර බණ්ඩා පුරුදු පරිදිම අන් සගයින්ගෙ ආහාර පිගන් වලින් බදු අය කිරීම පටන් ගෙන තිබිණි. පසුව මෙදෙස බලා සිටි මා හිතවත් ~ධනයා~ පැමිණ ....... ඔය ඇති බන් අපි යන් කීවෙන් මෙසයෙන් නැගිට පිගාන සොදා වතුර බී නැවතත් නිවස්නයට පිටත්වීමි.

අමාරුම හරිය..
වෙලාව රාත්‍රී අට පසුවී තිබුණි. මාර්ගය දෙපස තැනින් තැන විදුලි ආලෝකය ඇතත් සෑහෙන තරමෙ අන්ධකාරයක්ද හාත්පස වෙලාගෙන තිබුනි. ''left'' right''left''right''..මගේ හඩට අනුව පාද තබමින් පිරිස ආපසු නිවස්නය කරා ඇදෙමින් තිබුනි. අඳොමැයි.. ගමනේ අවසානයක් නැත. එනවා එනවා ඉවරයක් නැත. ඈතින් අප නිවස්නයේ විදුලි බුබුලක එළිය පෙනෙන්නාක් මෙන් වූවත් තව ආලොක වර්ෂ කිහිපයක දුර ඇති බවක් හැගී යයි. වෙලාව කොතෙක් නම් ගත වූවාද මෙහි සිට යාපනයට වූවත් යාමට සෑහෙන කාලයක් ගත වී ඇති බවට නම් මට හැගුනි. ~මෙකෙ ඉවරයක් නැද්ද බං.. කවදද අපි බිලට් එකට යන්නෙ.. ~ ප්‍රශ්නය මගෙනි. ඒහා සමගම නැගෙන අවලං හිනාව මා විසින් රැනෙ එන බල පංතියෙ සිටින නවක සෙබළුන්ගෙනි. මුං කොහොමද මට හිනා වෙන්නෙ.. ඒත් කෙන්ති නොයයි. වෙන වෙලාවකදී නම් ඇදන් යටින් වටයක් යවන එක සිකුරුය. අපේම සෙට් එකත් නොන්ඩිය දමයි.. මොනවා නම් කරන්නද..? කරොල කටු කෑවා නම් විඳවාපන් බළලො කීවළු. මට සංජීවනී සිහිවිය. මෙ නම් ඈ හා එකතු වීමෙ ප්‍රතිඵයක්මැයි.කුමක් කරන්නද මට හැගුනු පරිදි දින ගනනාවක දිගු ගමනකින් පසුව යන්තම් නිවස්නයට පැමිණියෙමි. කෙසෙ හො අසීරුවෙන් අසීරුවෙන් රාත්‍රී පෙරට්ටු ලෙඛනයන් සකසා ගත් අතර සගයින්ගේ කර මතින් රාත්‍රී පෙරට්ටුවට ගියා මතකය සීරුවෙන් සිටින් .. පහසුවෙන් සිටින්.. සීරුවෙන් සටින් අතරක් නොතබා දකුණින් පෙළ..බලන්.. පෙරට ඇස්. යන්තම් ඇති කොල්ලො ටික කෙලින් ඉන්නවා. අංශක 180කින් ආපසු හැරී හොල්ට් එකක් ගැසූ අතර නොවැටී ඛෙරුනේ අනූනවයෙනි. නැවතත් අතරින් පතර හිනාව.. සාජන්ට් වරයාට තත්වය අවබොධ විනි. මුවෙ රඳවා ගත් මදහසත් සමගින් ~මොකද හු..... ලාට වෙලා තියෙන්නෙ.. හ්ම් ගැනපියවු කෙරවලේ ඉදලා.. කීයද ගණන..? හාරසිය..... (හරියටම මතක නැත.) හ්ම්..හ්ම් .. දුවපියව් බිලට් වලට . ........ තො මට අහුවෙය හෙට තොව පට්ට ගහනවා. පොල් වත්ත මැදින් නිවස්නයට වෙගවත් දිවීමක්.. යන්තම් ඇති නිවන් ගියා වගේ. මට මතක එච්චරයි. ආ පහුවදා උදේ මාව කට්ටිය හොයාගෙන තියෙන්නෙ අමාරුවෙන් තට්ටු ඇදන් වූ අපේ නිවාසයේ උඩ ඇදක හිමි කරු වූ මා පසු දින උදෑසන හමු වී තිබුනේ ඇඳ කකුලක් බදාගෙන බිම නිදා ගෙන සිටියදීය.. හපොයි මගෙ සායම ගියා...
ඔන්න ඔහොමයි සංජීවනී එක්ක එකතු වෙලා මම කාපු පරිප්පුව අවසන් උනේ..
(කවුද මෙ සංජීවනී .. නාහල්ලෙගේ ලොකු අයියගෙයි ශ්‍රීමත් පොඩි අයියගෙයි චූටි නංගි - මදන මොදකයක්)( මෙ ලිපියටත් ආණ්ඩුවෙන් තිත තියයිද දන්නේ නැහැ.

30 November 2009

හැරදා ගිය පසුවත්... නුඹෙ සුවඳ දැනේය මට

ඊයේ රෑ ඉදලා මම ආයෙත් අවුල්. මොනවා කරන්නද මන්දා? වසරක පමණ ප්‍රේමයකින් පසුව හිටි හැටියේ මා හැර දා ගොස් මගෙන් වසන් වී සිටි ඇය.. ඊට පෙර සමයේ මගේ ජීවිතය අළුතින් ලියන්නට දිරි දුන් ඇය.. මා හැර ගොස් කිහිප දිනකට පසු වෙනත් විවාහයක් කර ගත් බව අමු අමුවෙම පැවසූ ඇය.. අද නැවතත් මා අමතයි.

ඇත්තටම ජීවිතේ නොයෙක් කාල වලදී කිහිප විටක්ම පෙම් සබඳතා පටලවා ගත් මට ඒ හැම කෙනෙක්ගෙන්ම විවිධ වූ කාරණා නිසා වෙන් වෙන්නට සිදු වූවත් ඒ කිසිම කෙනෙක් අදටත් මාත් එක්ක තරහා නැහැ. මට හැමදාමත් උනේ ඔනවට වඩා සාධාරණ වෙන්න හදන නිසා විවිධ තත්වයන් උඩ එයාලාගෙ ප්‍රශ්න වලදී එයාලටම කැමති තීරණයක් ගන්න ඇරලා නිහඩවම විද දරා ගන්න උන එකයි. ප්‍රෙම සබඳතාවයක් බලහත්කාරයෙන් ගෙන යන එක මට මහා වදයක්. අනිකාගෙ අදහස මව්පියන්ගෙ විරොධතාවයන්ට අවනත වීම නම්, දෙදෙනාගේ සිතුම් පැතුම් නොගැලපෙන නිසා වෙන් වීම හොද බවනම්, ආදී ලෙස ප්‍රශ්න ගෙන එද්දී ඔවුනට නිදහස් තීරණයක් ගැනීමට ඉඩ හැර බලා ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒ වගේමයි මටද ඔවුන් කෙරෙහි අත් නොහැරිය තරමෙ මානසික බැඳීමක් තිබුනා යැයි කිව නොහැකි නම් අමනාප කම් කුමට සාදා ගන්නද?
ආදරය ගැන මහා ගැඹුරකින් සිතූ මට ඒ ආදරය කවදාක හො සම්බවෙයැයි සිතා විවධ අය ඇසුරු කලත් ඒ හැම තැනකම මා සොයන සාංසාරික බැඳීම නැති බව හැගෙද්දී තව දුරටත් අනෙකාගේ අකමැත්ත මත සම්බන්ධතාවයක් කුමට පවත්වා ගෙන යන්නද? ( නමුත් ඔවුන් මා සමගම රෑදෙන්නට උත්සහ කලා නම් විශ්වාසය කඩ කල නොහැකි නිසාවෙන් හො මා ඔවුන් අත හරින්නෙ නැති බවද කිව යුතුයි.)

නමුත් අවසානයේ අතහැරිය නොහැකි දෙය මට සම්භ විණි. ඇය ටා.. නම් වූවාය. ජීවිතය පුරාවටම මා කිසි විටකත් එතරම් කැමැත්තක් නොදැක්වූ හැසිරීම් රටාවකට විවිධ පුරුදු වලට හැඩ ගැසී සිටි ඇය කෙසේ මාගේ ජීවිතයට ආවාදැයි මට අදටත් කීමට නොහැක. මෙ ජීවිත කාලය පුරාම තැනින් තැන යමින් ජීවත් වූ මා වසර කිහිපයක් (වසර 6ක් පමණ) ඇයගේ අසල් වැසියා වී සිටියත් අප අතර කිසිදු මිත්‍ර කමක් නොතිබිණී. වරින් වර නොයෙක් කටයුතු වලදී සමීපව කටයුතු කරන්නට සැලසුනත් අප අතර වූ රණ්ඩු ඇයගෙ මවගේ මැදිහත් වීමෙන් විසදුනා මිස අප දෙදෙනා කවදාවත් දෙන්නාට දෙන්නා එකගතාවයකට පැමිණියේ නැත.
නමුත් මා තුල ඇය කෙරෙහිත්, ඇය තුල මා කෙරෙහිත් යම් ගෞරවයක් වූ බව මට වැටහී තිබිණි.
එසේ කාලය ගලා යන අතරතුරදී ඇය විවහා වී යන අයුරුත් මා බලා සිටියේය. ඇය ගිය පසු ඇයගේ මවගෙ කටයුතුද සොයා බැලුනේ මා අතිනි. දියණිය ගිය පසු තනි වූ ඇය සිය දුක කියන විට අසන්නට සිටියේත් මා පමණි. ඉතා කෙටි කලක් තුලදී සිය විවහා දිවියට ආයුබොවන් කියූ ඇය නිවස කරා පැමිණියාය. එතැන් පටන් ඇයගේ කඩා වැටුණු ජීවිතය ගලා ගෙන යන අයුරු මා බලා සිටියා මට මතකය. යම් අවස්ථා වලදී ඇය මා වෙතින්ද යම් යම් උපදෙස් ලබා ගත්තාය.
ගරා වැටුනු යුග දිවියත් ,සිය සැමියා වූ ඇවැස්ස මස්සිනා වූ පුද්ගලයාගෙන් ඇයට වූ අපහාසත් පිළිබඳ මා තුලද යම් කම්පාවක් විය. එතැන් පටන් ඇයගේ අසීරු අවස්ථා වලදී දුක සැප ඛෙදා ගැනීමට මාද හවුල් වූ නමුත් ඊට එහා ගිය යම් දෙයක් අප අතර නොවූ බව මට ඉඳුරා කිව හැක. මෙසේ කාලය ගත වෙද්දී මාගෙ ජීවිතයටද විවිධාකාර වූ බාධකයන් ගලා එන්නටත් නින්දා ප්‍රසංසා අතර ජීවිතය දෝලනය වන්නට වූ සමයක් එළබිණ. ඒ වන විට සමාජයෙ සෑහෙන තරමක කීර්තියක් රඳවා ගෙන සිටි මට උහුලන්නට අපහසු තරමෙ කරදර ගලා එන්නට පටන් ගන්නා ලදි. මගේ කියා කිසිවෙකුත් නැති පෙදෙසක මට සරණට සිටියේ ඇයත් ඇයගෙ මෑණියනුත් පමණි. අවසානයේදී ඈ හා මා අතර වැරදි සම්බන්ධයක් ඇතැයි චොදනාවක් ද එල්ල විණි. කල හැක්ක වූයේ සිටි තැනින් පිටව යෑම පමණි. අවසානයේ දී සියල්ල හැර පියා යන්නට මොහොත එළඛෙද්දී වචනයකින් හො සිත දිරිමත් කරන්නට සිටි ඇය එතැන් පටන් මා පිළිබඳ සොයා බැලුවාය.මා හට අත් වු ඉරණමට ඇයද වැරදි කාරියක සේ සිතා දරුවකු මෙන් මා රැක බලා ගත්තාය. ඇසුරු කල සියළු දෙනා වෙන්ව සිටියදී, බලය තිබියදී ප්‍රයොජන ලැබූ සියළුදෙනා නොදන්නා සේ සිටියදී ඈ තව තවත් මා හට සමීප වූවාය. අප අපගේ ජීවන අත්දැකීම් ඛෙදා හදාගන්නට පටන් ගන්නා ලදි. ( මෙ සියල්ල සිදු වූයේ දුරකථන මාර්ගයෙන් විනා අන් අයුරකින් නොවන බව කිව යුතුය. එම කාලයේදී මාගේ මාසික දුරකථන ගාස්තුව මොනරු පහළව ඉක්මවා ගිය කාලයක් විය.)
ජීවිතය නැවතත් පණ ගසන්නට විය.. වසර ගණනක් නිදා සිටි හදවත විවර වන්නට පටන් ගැණිනි. ඇයගෙ කවි සිත මාගෙ පැරණි සිතුවිලි අළුත් කරන්නට විය. වසර අටකට පමණ පසු මගේ ජීවිතයට වසන්ත සමයක් උදා වී තිබිණි. අප අළුතින් ජීවිතය සැලසුම් කරන්නට විය. ඇයගේ හැකියාවන් සමග ඇය නැවත නැගිටිමින් උන්නාය. එම හැකියාවන් සාර්ථක ව්‍යාපාරයක් දක්වා ගෙන යාමට ඇයට ඇවැසි ශක්තිය ලබා දෙමින් මමද මාගේ ජීවිතය ගොඩනංවා ගන්නට පටන් ගතිමි. හැකි සෑම විටකදීම ඇයගේ කටයුතු සදහා උදවු වෙමින් ගැටළු මතු වූ විට ඉදිරිපත්ව සොයා බලා එම ගැටළු විසදා දීම මවෙතින් ඉටු විණි. ඇයගෙ මවද අප දෙනොගේ මිතුරුකමක් සෙ දුටු සබඳතාවයට විරොධතාවයන් ඉදිරිපත් නොකළ අතර ඇය හමුවෙදී අපද හොදින් හැසිරුනෙමු. කාලය වසරක් පමණ ගත වූ කල කුණාටුව ඇරඹිණි.
අපගේ ඇසුරෙ යථා තත්වය මවට දැනී තිබිණි. පෙරදා වූ චොදනාව නැවත නැගේ යැයිද පෙර චොදනාව තහවුරු වෙ යැයිද ඇය බිය වී තිබුණි. පාරම්පරික ගතානුගතික කාන්තාවක් වූ ඇයට සිය දියණියගේ සතුටට වඩා පරපුරෙ වගාඩම්බරයත් සමාජ සේවා කටයුතු වලදී ලැඛෙන ප්‍රමුඛස්ථානයත් වඩා වැදගත් වූවා සේය. (දොස් කිව නොහැක. මිනිසා හුරු වී තිඛෙන අකාරය වෙනස් කිරීම එතරම් පහසු නැත.) අවසානයේදී දියණියගේ තිබූ ලොකුම දුර්වලතාවයෙන් ප්‍රයොජන ගැණිනි. මිය ගිය පියාට වූ අධික ආදරය දියණියගේ සිත වෙනස් කල හැකි ක්‍රමය විණි. දේවාල පසු පස යාමත් එමගින් පියා මෙ සබඳතාවයට කෝපව බලා සිටින අයුරුද මනසට ඇතුල් කරවන ලදි. වැඩි දිනක් ගත නොවී සිත දුර්වල වූ ඇය ගතින්ද රොගී වන්නට විය. ඇය මා හට දන්වා සිටි පරිදි මෙ වන විට ඇය ශරීරයේ රතු රුධිරානු විනාශ වී යෑමෙ දුර්ලභ රොගී තත්වයකින් පෙළෙන්නියක වූවාය. මා මග හැරීමත්, දුරකථන අංක වෙනස් කිරීමත් ඇරඹිණ.ආරක්ෂක කපොළු වැඩි විය. මා තනි විය. ඇය සැගවිණ.
අවසන මා හට ඇයගෙන් බැණ වැදීම් ලබන්නට තරම් මා අවාසනාවන්ත වු අතර ඇය සිටින අසලකින් ගියත් ලැඛෙන දොෂාරොපන තව දුරටත් දරා සිටින්නට අපහසු මට්ටමෙ පැවතිණි. එයට කම් නැත. ඉද හිට වෙලාවක ඇය සන්සුන් ලෙසින් කථා කලාය . ඇයගේ අසනීප තත්වයෙ බැරෑරුම් කම කියන ලදි. මා හට ඇය වෙනුවෙන් කල හැකි වකම දෙය වූයේ සිත සැනසෙන සේ කථා කිරීම පමණි. අඩුම තරමෙ ප්‍රතිකාර සදහා යම් ආකාරයකින් හෝ දායක වන්නට නොහැකි විණි. හේතුව මා සතු පෞද්ගලික ධනයක් නොවීමය. මා හරි හම්බ කල සියල්ල ඈ භාරයෙ තබා තිබූ අතර මාගේ මාසික වියදම පමණක් වරින් වර මා ලබා ගතිමි. අවසන එක් වරම කථා කල ඇය හදිසියේ විවහා වූ බව මා හට දන්වා සිටින ලදි.කුමක් කියන්නදැයි මට සිතා ගත නොහැකි විය. පවසනුයේ සත්‍යයක් බව හැගිණි. තවදුරටත් කුමක් නම් කියන්නද..? මම නිහඩවීමි. වසර අටකට පමණ පෙර අතහැර දමා සිටි පැරණි මිතුරා නැවතත් මා හා මිතුරු විණි. රැකියාව කරන වෙලාවෙ හැර අන් සෑම විටම සිහිය වෙනස් වන තරමට මත් වීම තාවකාලික සහනයක් විය.ඉද හිට ඇයගේ ව්‍යාපාරික ස්ථානය අසලින් ගොස් ඇයව දුර සිටම දැක බලා ගෙන පැමිණෙනවා හැර වෙනත් කල හැකි යමක් නොවිණි. මාරයාගේ හෝරාව එළඛෙන තුරු බොහො වෙහෙසින් යුතුව බලා ඉදින්නට පටන් ගතිමි.
ඉද හිට කියවන පොතක් පතක් නොවිණි නම් මෙසෙ බ්ලොග් ලිවීමෙන් කාලය ගලා යන්නට පටන් ගැණිනි. ඇය වෙනුවෙන් තනිව සිටිනවා විනා නැවත සිත හදා ගැනීමක් ඇවැසි නොවිණි. පාළුව මනසට ඔරොත්තු නොදෙන තරම් විය. නිවාඩු දින ගත වන්නෙ පැය හො විනාඩි වලින් නොව තත්පර වලිනි.
නැවත මාස කිහිපයකට පසුව ඊයේ රාත්‍රියෙ ඇමතුක් ලැබිණි. අසනීප තත්වය බරපතළ බව කියවිණි. සියළු ව්‍යාපාර බිද වැටී අවසන් බවත් ණය වූ ප්‍රමාණය ගණනය කල නොහැකි බවත් හෙට දින සිට ප්‍රතිකාර නවතා දමන බවත් පැවසිණි. ඈ සතුව තිබූ මාගේ වත්කම් හැකි වූ විගස ගෙවා දමන බවත් කීවාය.(ඈ නැති කල මට වස්තුවෙන් කුමන ඵලයක්ද..?)ඇයගේ පෙර පැවති ආත්ම අභිමානය පහතටම වැටී තිබුණි. තව දුරටත් කිව හැකි හො කල හැකි යමක් මා සතුව නොතිබිණි. ආර්ථික වශයෙන් දුර්වල වීම අන් සැමටම වඩා ඇය කළඹා තිබුනි. ඇයගේ විවහය ගැන අසන්නට මම අකමැති වීමි. සිත නොරිදෙන ලෙස කථා කළෙමි. මා සතුව දැනට ඇති ගිණුම් ශේෂය පවසා ඇවැසි නම් එය ලබා දීමට කැමැත්ත පළ කළෙමි. එම ශේෂය පෙර දිනවලදී නම් ඇයට කඩසාප්පු ගානේ ඇවීදීමට උවමනා කරන මුදලටත් පහත තත්වයක පැවතිණි.එම මුදලද වැරදීමකින් මෙන් ඉතිරි වූවක් මිස මා විසින් උවමනා වෙන් කල ඉතිරියක් නොවිණි. පඩිපත ගත් පසු බැංකුවට දමා වියදම් කර අවසන ඉතිරිවන සොච්චම එසේ ශේෂ වී තිබුණි. ලැඛෙන දෙයින් වැඩි හරිය බීමටත්, ඉතිරිය ආහාර පාන සදහා සහ අනිකුත් වියදම් වලට ගියාට පසු තවත් කුමන ඉතිරියක්ද? අනික කුමක් සඳහා නම් මා ඉතිරි කරන්නද? ඒත් දුක සිතුණි. ඇයට ඇවසි වෙ යැයි කලින් දැන සිටියේ නම් නොකා නොබී හො කිසියම් මුදලක් ඉතිරි කරන්නට මට තිබුණි. අවසානයේදී එම ඉතිරි වූ සුළු මුදලද අද දින ඇයගේ ගිණුමට බැර කළ මා කිසිවක් නැති දුප්පතකු සේ පැමිණියෙමි. දැන් ඉතින් ලබන වැටුප් දිනය තෙක් පිරිමසාගෙන ජීවත් විය යුතුය. සමහර විට බ්ලොග් ලයන එකත් හත් වැනිදායින් පසු තාවකාලිකව හො නවතා දමන්නට සිදු විය හැක. mobitel 75 ඉවර වූ පසු වෙන මොනවා නම් කරන්නද?
ඉදින් කාලය ගලා යයි.. හිත තවමත් නොසන්සුන්..වඩාත්ම වෙදනාව ඇයට මීට වඩා උපකාරයක් කල නොහැකි වීමය.මෙය ලියා අවසන් වූ පසු තරමක සහනයක් ඇත. නමුත් හෙට දිනය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත් වීම හැර අන් යමක් මා හට කළ නොහැකිය..

29 November 2009

නින්දට පෙර

මාත් ඔන්න නිදා ගන්නයි කියලා හදන්නේ. වෙලාව පාන්දර 1.05යි. ඒත් නිදි මත නම් අහලකවත් නැහැ. මොනවා කරන්නද අමාරුවෙන් හරි නිදා ගන්න එපැයි. නැත්නම් හෙට උදේට නැගිටින්න අමාරුයිනේ..
හෙට දවසේ නම් වැඩට ගියාට කරන්න වැඩි දෙයක් නැහැ.අනිත් කට්ටිය වැඩට දාලා මට මගේ පොත පතක වැඩක් කරගන්න පුළුවන්. නිදහස් දවස. අද හවස ගම්පහ ගිහින් 2010 පංචාංග ලිත් පොත ගෙනාවා. හෙට බලන්න එන ලබන අවුරුද්දෙ ග්‍රහචාරෙ කොහොමද කියලා. මොකද මම හිතාගෙන ඉන්නෙ ලබන අවුරුද්දෙ රස්සාවෙන් අයින් වෙලා පූර්ණ කාලීනව කේන්දර බලන වැඩෙ පටන් ගන්න. ටිකක් අවදානම් තීරණයක් තමයි. ඒත් ඉතින් ජීවිතෙ වෙනසක් තියෙන්නත් ඔනනෙ. මට කොහොමත් රස්සාවක් හුග කාලයක් කරන්න අමාරුයි.ඒකාකාරී ජීවිතයට හරිම අකමැතියි මම. පොඩි බයානක කමක් තියෙන්නෙ මම කේනදර බලන්න පටන් ගත්තා වගේ නෙවෙයි, මගෙම වැඩක් කරන කොට වැඩි වගකීමක් නැතුව යන එක. දැනට උනත් බලන්න දීලා මාසයක් විතර වෙන කේන්දර කීපයක්ම මා ගාව ගොඩ ගැහිලා තියෙනවා. දවසක් ඇතුලත බලන්න පුළුවන් නිසා කරන්න හිතෙන්නෙ නැහැ. දැන් කරන රස්සාවෙ වගකීම වැඩි නිසා මම එක දිගට වැඩ කරනවා. පුංචි වරදකටවත් ඉඩ තියන්නෙ නැහැ. ඒත් රස්සාව අත හරින එක ගැන දුකකුත් තියෙනවා,මම නිසා තව හත් අට දෙනෙකුගේ රස්සාවල් ඛෙරිලා තියෙනවා . මම ආපු ගමන් එයාල මොනවා කරගනීද කියලා තමා බය. ඒත් ඉතින් මට හැමදාමත් එතන ඉන්න බැහැනේ. මොකද ජොතිෂය ඉගෙන ගත්තෙම මම වයසට ගිය කාලෙක උනත් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ජීවත් වෙන්න පුළුවන් කියලා දැනගෙන. කොහොමටත් විවහයක් කරගන්නවට වඩා මම තනිකඩව ඉදී කියලා මට හිතිලා තියෙනවා. එහෙම උනොත් මට තනිවම තමයි මා ගැන බලාගන්න වෙන්නෙ. දැන් උනත් අසනීප උනොත් මමම තමයි මාව බලා ගන්නෙ.එක අතකින් භයානක තත්වයක් තමයි. ඒත් ඉතින් ඒකට හුරු උනහම එච්චර අමාරු නැහැ. තව කී දවසක් මම ජීවත් වෙයිද කියලා මම දන්නෙ නැහැ. ඉතින් ඒ කාලෙ නිදහසෙ ඉන්න මම කැමතියි.ආාා දැන් නම් නිදි මතයි වගේ මම යනවා. හැම දෙනාටම සුභ අනාගතයක් වෙවා!

26 November 2009

ජීවිතයේ ගග ගලා බසින සේ..

අද දවසත් ගෙවිලා ගියා.කිසිම දෙයක් කලේ නැහැ කියන්නත් බැහැ. රෙදි හේදුවා, දෙපාරක්ම නෑවා ,තුන් පාරක් කෑවා, බ්ලොග් දෙකකුත් ලීවා, කඩෙ ගිහින් මුරුක්කු ගෙනත් කෑවා, මැච් එකත් චුට්ටක් බැළුවා...
එක අඩුවකට තියෙන්නෙ අද මගේ යාළුවා නැහැ. (බොතලේ ඉවර වෙලා) හවස ගිහින් යාළුවා හොයන් එන්න හිතුවත් ඔන්න ඔහේ ඔන නැහැ කියලා හිතුවා. දැන් තමා ඒකෙ රග තේරෙන්නෙ. පට්ට කම්මැලියි. ඉතින් මෙක ලියනවා ඇර වෙන මොනවා කරන්නද? දුක තමා. හෙට වැඩට ගිහින් අනිද්දට එනකොටම යාළුවා එක්කගෙන එන්න ඔන. මෙහෙමත් විඳවන්න පුළුවන් කාටද..?
ඇත්තටම මට වෙලාවකට හිතෙනවා අපි මෙ ජීවත් වෙනවා කියලා මොන තරම් ආත්ම වංචාවක්ද කරන්නෙ කියලා. දැන් උපදින එවුන් ඔනනම් අවුරුදු 60ක් 70ක් ඉඳියි.(මට නම් එච්චර නැහැ) ඒ ටික කාලෙට වහල්ලු වගේ ජීවත් වෙනවා. හැම කෙනාම හදන්නේ සල්ලි හොයන්න. ඒකෙ වරදක් නැහැ.මොකද හැම කෙනාටම බඩගින්න දැනෙනවනෙ. බඩගිනි වෙනකොට කන්න දෙන්න සුරංගනාවියො අපි ලග නැහැනෙ. අපි හොයා ගෙන කන්න ඔනේ. හැම කෙනාම තමන්ගේ කෑම වෙල වෙනුවෙන් මොනවා හරි හොයන්න ඔන. ඇදුම් පැලදුම්,ඛෙත් හේත්, ඉහට වහලක්.. මෙ දෙවලුත් එහෙමයි. ඒත් දැන් මිනිස්සු ඒ ටික වෙනුවෙන් පුදුම මහන්සියක් ගන්නවා. සමහරු හම්බ කරන්නෙ අවුරුදු 1000ක් ඉන්නවා කියලා හිතාගෙන. හැම වෙලාවෙම වැඩ.වැඩ.වැඩ..
ඒ විතරක් නම් මදෑ..
තමන්ගෙ පැටවුන්ටත් ලෝකෙට වහල් කම් කරන්න හුරු කරවනවා. මොන කරුමයක්ද මෙ.. ඉපදිලා අවුරුදු 3-4 යන කොටම ඔන්න පටන් ගන්නවා යුද්ධෙ. ~මොන්ටිසොරිය~ ඔන්න මාරක අංක 1ක.(අපෙ කාලෙනම් කිවුවෙ එහෙම දැන් නම් මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානද කොහෙද කියලා අමුතු අමුතු නම් දාගෙන) මෙකෙන් කරන්නෙ යන්තම් ඇවිදින්න පටන් ගන්න දරුවන්ව හරක් වගේ ගාල් කරගෙන මහ එවුන්ට ඔන ඔන දෙවල් කරවන එක. (හෙන හතම වදින්ට ඔන ) ළමයි උනහම මෙ ලොකෙ පිළිබඳව දැන හදුනා ගන්න ඔන. ජීවත් වෙන්න ඉගෙන ගන්න ඔන. ජීවිකාව පවත්වා ගන්න අනා ගතේදී ප්‍රයොජනවත් ශිල්පයක් දෙකක් ඉගෙන ගන්න ඔන. මම ඒවා වැරදියි කියනවා නෙවෙයි.නමුත් කොයි දේටත් කාලයක් තියෙනවා. තමන්ගෙ අම්මා තාත්තගෙ උනුසුමෙ දැවටිලා කෙලි සෙල්ලම් කරමින්, කවි කතන්දර අහමින්, හිමින් හිමින් ඉගෙන ගන්න ඔන දේවල් ඉතාම කෙටි කාලයක් ඇතුලත බලහත්කාරයෙන් අර පුංචි උන්ගේ ඉහ මොළ ඇතුලට දාන්න හදනවා. දරුවා ඉස්කොලෙකට දාන්න ගියහම බලන්නෙ අනෙ මෙ පොඩි එකාට යන්න එන්න පහසුයිද ඉගෙන ගන්න තරම් සුදුසු වට පිටාවක් තියෙයිද කියලා නෙවෙයි, පාසල ජාතික පාසලක්ද, කොයි තරම් ජනප්‍රියද කියන කාරණා විතරයි.~ඊ ළගට 5හේ ශිෂ්‍යත්වෙ~ එක ළමයින්ගෙ නෙවෙයි මොඩ අම්මලගේ විභාගෙ. පොඩි ඔකාට කන්න, බොන්න, රෙන්න වත් නිදහසක් නැහැ.පන්ති. පන්ති.පන්ති( හෙනම ගහපන් ) ඔන්න ඔය ආකාරයට සා\පෙළ,උ\පෙළ අන්තිමට උපාධිය..(තවත් ඉතින් තියෙනවා) මෙ ඔක්කොම කරලා ඉවර වෙන කොට ළමයාගෙ වයස 25ක් 30ක් වෙලා.දැන් ඉතින් ඒකා රස්සාවක් හොයාගෙන හම්බ කරලා කසාදයක් එහෙම බදිනකොට වයස කීයක් විතර වෙයිද?
දැන් අර ළමයා අවුරුදු 30ක් විතර මහන්සි කරවලා තියෙන්නෙ මොනවටද? මෙ ජීවිතයෙන් ඉතිරි වෙලා තියෙන අවුරුදු 30හ ජීවත් වෙන්න මාර්ගයක් පාදලා දෙන එක.එක එහෙම උනයි කියමුකො. ඔතන තව ප්‍රස්නයක් තියෙනවා. අර අවුරුදු 3නෙ ඉදලා මහන්සි වෙලා උගන්නපු දේවල් වලින් අපිට ඉදිරි ජීවිතේට ඔන වෙන්නෙ කොයි තරම් ප්‍රමාණයක්ද? බොහොම ටිකයි. (උදාහරණයක් වශයෙන් කිවුවොත් පාසලේදී අපි ඉගෙන ගන්න ගණිත ක්‍රම වලින් වැඩි හරියක් ආයේ කවදාවත් අපේ ජීවිතේදී ඔන වෙන්නෙ නැහැ.කෙනෙකුට පුළුවන් කියන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා කියලා කියන්න සමානව ඉගෙන ගන්න. ඒ ගැන අපි පස්සේ සාකච්ඡා කරමු.)මෙ මොන සෙල්ලම දාලා ආවත් අපි හැමොම එකම පාරකයි යන්නෙ. පොඩි කාලෙ අර තරම් දුක් විදලා ඉගෙන ගත්තයි කියලා එතන ඉදලා ජීවිකෙ සැපෙන් ගෙවෙනවද? නැහැ. තමන්ගෙ අම්ම තාත්තා කරපු විදියටම තමනුත් තමන්ගෙ දරුවන්ගෙ වධකයො වෙන ගමන්ම, තව දුරටත් ජීවත් වෙන්න පුදුම දුකක් විදිනවා. මැරෙනකම්ම මෙ මිනිස්සුන්ට සැනසීමක් තියෙනවද?
ඇත්තටම මිනිස්සු කියන්නෙ මොන තරම් කරුමක්කාරයො ටිකක්ද? මුන්ට තේරෙන්නෙ නැහැනෙ තමන් ගෙවන කරුමෙක මහත.
මෙ හැම දේටම හේතුව මිනිස්සුන්ට මෙ ලොකය පිළිබඳව අවබොධයක් නැති කම. දැන් ඉතින් මට පුළුවන් මෙතන ඉඳන් චතුරාර්‍ය සත්‍යය පිළිබඳ දේශනාවක් දෙන්න. ඒත් බොතලෙන් පටන් අරන් බුදු බණෙන් ඉවර කරන්න ඔනෙ නැහැනෙ. එක හින්දා දැනට ඇති.එහෙම උනොත් මට ආයෙමත් හිතන්න වෙනවා අර මම මුලින් කියපු ආත්ම වංචාව මම මෙ දැනුත් කර ගත්තා නේද කියලා. ඒ හින්දා මම බණ කියන එක නැවැත්තුවා. මම මෙ ටික ලිවුවෙ බලන කාටත් තව පාරක් ජීවිතෙ ගැන හිතන්න පෙළඹවීමක් කරන්නයි. නැතුව මට මෙ ලොකෙ ඉන්න උන්දැලව හදන්නත් බැහැ, මට ඔනත් නැහැ, කැමති කෙනෙක් කැමති දෙයක් කරපුවාවෙ. මට මොකො. මමත් මට කැමති දෙයක් කරනවා. හැබැයි මම කරන දෙයින් විදින්නෙ හරි විදවන්නෙ හරි මම විතරයි. ඒත් අම්මලා තාත්තලා කරන කියන දෙයින් තමන්ගෙ දරුවො විතරක් නෙවෙයි මුළු සමාජයක්ම විඳවනවා. එච්චරයි මට කියන්න තියෙන්නෙ.

දුරස් වන්නේ ඇයිද ඔබ මා..

හඳුනා ගන්නෙ කෙලෙසද ඔබ මා
මා වත් මා නොහදුනන නිසා..
වටහා ගත්තද ඔබගේ පැතුමන්
ඔබ මා වටහා නොගත් නිසා..
දිය වී යන විට මා මුළු හදවත
කෙළෙසද වාවා ගන්නෙ මා..

පැතුම් පතමින් පෙරුම් පුරමින්
භවයෙන් භවයට එකට බැඳී..
ආ මුත් දෙදෙනා නොහඳුනනා ලෙස
ඉන්නෙ ඇයි මෙලෙසින් ඛෙදී..

දෑස ගැටුන විට ඔබ මා හමු වී
මුව ගොළු වී යන්නෙ ඇයිදැයි..
නොදනිමි මා තව කුමක් කරන්නද
හද හඩනා විට ලොවට හොරෙන්..

කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය

මංගල සමරවීර වන මාගේ අවංක ප්‍රකාශයක් ප්‍රථම වතාවට ඉදිරිපත් කරමි. (හිතුනොත් පස්සේ මෙකත් බොරු කියනවා ඒ මගේ හැටි.)අද දින වන විට මාගේ හදවත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් සිටින නිසා මෙම ප්‍රකාශය කිරීමට මා හට සිත් විණි. මන්ද යත් මෙ වන විටත් මහින්ද අයියා විසින් මාගේ පශ්චාත් භාගයට පයින් ගසා මා මෙසෙ දුකට පත් කිරීම නිසා( පයින් නැතුව වෙන මොකකින් හරි උනානම් මොන තරම් ආශික්ද?)ඔහු කෙරෙහි හට ගත් ද්වෙශයෙන් යුතුව මා විසින් සිදු කරනු ලැබූ කූට කුමන්ත්‍රණ සෙප්පඩ විජ්ජා අවසානයෙදී හො සාර්ථක වීම නිසාය.

හේ කෙසේද යත්...

හරිහමන් පිරිමි පෞර්ෂයක් නොතීබූ මට, විලාසිතා මොස්තර වැනි දේ විනා අන් යමක් පිළිබඳ අවබොධයක් නොවූ මට, දේශපාලන ලොව තුල දොරටු විවර කරදුන් මැඩම්ටත් කෙලවා, පසුව ලොකු කුට්ටි කඩා ගැනීමෙ පරම අපවිත්‍ර චෙතනාවෙන් යුතුව මහින්ද අයියාට කඩෙ ගොස්,ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ලද දෙයින් සතුටු නොවී ඔහුටත් කෙලවා සිංහාසනාරූඪ වන්නට කෙල හැළු පසුව ඒ මාගේ සිත හදුනා ගත් ඔහුගේ පා පහරින් එළිපත්තට විසීවීමෙන් අනතුරුව.. මා විසින්ම ඔහු හැර පියා ආවාසේ දූෂණ කරණවො, වංචා කරනවො යැයි කියමින් තැන තැන අඩ අඩා යන කලට මාගේ පිහිටට වන් රනිල් මල්ලීටත් ලණු දෙමින් ඔහුගේ පාර්ශව කරුවන්ද ඔහු කෙරෙහි බිඳුවා, අවසන එය තෙරුම් ගත් ඔහුගේ අතවැසි පිරිස විසින් එල්ල කරනු ලැබූ පුටු පහර කා කොයි අත යාදොයි ඈත මෑත බලන්නෙ යුධයෙන් දිනා ශ්‍රේෂ්ඨ නාමයක් ලබා උන් විරුවකු දැක ඔහු කෙරෙ පෙර බැඳි වයිරය සිහිපත් වූ සඳ... මනාවක් කෙරෙමියැයි සිතා උන් හට විෂ පොවා රජු හා සටනට පොළබවා සිටි සඳ මෙම යුධයෙන් කා හට නම් ජය වෙදැයි බලන කලට මෙයින් නම් මා හටම ජය වන්නෙයැයි හැගුනු කලට මෙසේ මා ප්‍රීති වීම අරුමයක්දැ...නැත එය මා වැන්නෙකුට තරම් වෙමැයි.

මා හට තැළු රජුටත් ඔහු හා එක්ව සතුරන් නසා යුධ දිනූ සෙනෙවිරදුන්ටත්,මෙතරම් දෙයක් වෙද්දීත් නිවටයකු සේ ඉදිමින් රජු පරදවා මා වැන්නකුට උසස් තනතුරු දී මා රැක බලා ගැනීමට අලස වන රනිල් වැන්නකුටත් කෙළවීමට මෙවන් අවස්ථාවක ආයේ කවර කලෙකනම් ලබන්නට හැකිවෙද..?
ප්‍රීතී.. ප්‍රීතී..


ඉඳින් මෙම සටනින් සෙනෙවිරදුන් පැරදී නම් මා හට නම් කවර දොසක්ද? ගැලවීමෙ හමුදාවකටවත් ඔහු නුසුදුසු බව මා විසින් පෙර සිටම කියා තිබුනා නොවෙදැයි මට ප්‍රශ්න කළ නොහැකිද? ... මා වැනි කෙළතොල්ලෙකුට එය කුමන නම් අපහසුවක්ද..?වැරදීමෙකින් හො රජා පැරදුනහොත් එම ජය මාගේ ජයක් ලෙස ලොකයට කියන්නට මට කොතරම් හිමිකමක් තිඛෙහිද..?එක්ව යුධට පිවිස එම යුද්ධය දිනා දුන් රජු හා සෙනෙවිරදුන් බිඳවූයේ මා හැර අන් කවර සමතෙක්දැයි කවුරුන් නොදනීද? එසේ හෙයින් උන් දෙදෙනා කෙසේ කා කොටා ගත්තත් මා වැනි හිවලකුට වැඩක් මිස අවැඩක් සිදු නොවෙමැයි. කෙසේ හො විදෙස් මිතුරන්ගෙ දහසින් බැඳි පියලි ලැබ සුවසේ සමරිසි සුව විදිමින් කල් යැවීමට මා හට නොහැකි වන්නෙ මන්ද..?මට පයින් ගැසූ මහින්ද රජුටත්, මාගේ විදෙස් මිතුරන්ගේ සිත් පාරා ප්‍රභා මැරූ සෙනෙවියාටත් කෙලවා ලන්නට මීට වඩා සුදුසු ප්‍රස්ථාවක් අන් කුමන කලෙක නම් ලබම්ද...ඉතින් මං ගල වන මාගේ අභිමතාර්ථය සිහිනයක් නොව සැබෑවක් කරවා මෙ සකල රාජධානියම මා හට ගිවිසුම් ප්‍රකාරව සින්නක්කර ලියා නොදෙන්නෙ මන්ද?

රට වැසියනි,මෙ අසව් ..මාගෙ බස් පිළිගනිව්...
රජයි සෙනෙවියයි වනසා- මෙහි රජ කම මට දියව්...

24 November 2009

කරුමය උරුමය වූ සඳ..

උරුම නැතිද මා හට මෙන් ඔබටත්
සෙනෙහයේ දොර කවුළු පියන්පත්...
දිනක ලැඛෙවිද අපහට ලොවෙහී
සිනා පිරුනු ජීවිතයක් මනරම්...
එහෙම ලැඛෙනම් ඒ ජීවිතයට
බැඳී සිටින්නම් මා මියෙනා කල්...
මල ගිය පසුවත් ඔබ ලග ඉන්නම්
සෙවනැල්ලක් සේ සසර වසනකල්...

22 November 2009

සුවය අහිමිව ගියා රහසින්...

සිහිල් සුළගක් පාව අවුදින්
ගතේ දැවටෙන අයුරු රහසින්..
හිතට ගෙන දී අමුතු සුවයක්
ලබා දී නව හැගුම් පොකුරක්..
අවදි කර කවි සිතක් රහසින්
නිදා උන් සය වසක් සෝකෙන්..
සිතට විතරක් නොවෙ නෙතටත්
සුවය අහිමිව ගියා රහසින්...

20 November 2009

රාහු කේතු මාරුව

දීර්ඝ විස්තරයක් ලියන්න තරම් කල්පනාවක් නැහැ. ඒත් ඉතින් පුළුවන් තරම් ලියන්නම්.
මුලින්ම කියන්න ඔන රාහු කේතු විතරක් නෙවෙයි. තව ග්‍රහයින් ඉන්න නිසා ඒ අයගෙත් බලපෑම් මත බොහො දෙ නෙස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි, උත්තපත්තියෙදී අපේ කෙන්ද්‍රයේ තිබුනු පිහිටීම් මතත් වෙනස් වෙනවා. ඒ නිසා මෙහෙම පොදුවෙ විග්‍රහ ඉදිරිපත් කිරීම අසීරුයි. ඒත් ඉතින් හුදී ජන පහන් සංවෙගය මත මොනවා හරි කියන්නම්කො.

මෙෂ ලග්නය

නරකම නැහැ. මෙතුවක් කාලයක් රැකියාවෙ සහ රැකියා ස්ථානෙ තිබුනු ගැටළුත් අවසන් වන බව පේන්ට තියෙනවා.නමුත් මෙ මාරුවීම වන දිනට ආසන්න දින කිහිපයෙ දැඩි බලපෑම් ඇතිවිය හැකිය. කොහොම උනත් දෙසැම්බර් මාසයෙ 20 වැනිදා වන ගුරු මාරුවත් සමගම රැකියවෙ නව වෙනස් කම් කිහිපයක් අත් විදින්නට ඔබට හැකි වෙවි. ආ තව දෙයක් කියන්න ඔන ඉගෙන ගන්න උදවිය ඇවිදින එක ටිකක් අඩු කරලා , භාවනාවක් වගේ දෙයක් කරනවනම් විශිෂ්ඨ ප්‍රතිඵල ලබන්න පුළුවන් කාලයක්. බාල සහොදරියන් සමග සම්බන්ධයත් වෙනසකට ලක් වෙන කාලයක් තමයි මෙ.

වෘෂභ ලග්නය

ටිකක් විතර පරිස්සම් වෙන්ට වෙනවා. අතරින් පතර ලැඛෙන සුළු සුළු මුදල් ලාභ ඇතත්, වැඩි හරියක් වෙන්නේ පාඩු තමයි. වාතාබාධ වගේ දෙවල් ඇති වෙන්නත්, නිගමනය කල නොහැකි ජාතියේ අසනීප වැළදෙන්ටත් පුළුවන්.තැන්පත් ධනය වැය වීමත්, කාලයක් තිස්සේ කර කියාගෙන ආ දෙවල් වල බිද වැටීමත් විය හැකියි. හැබැයි ඉතින් ඔය පිනට දහමට, වන්දනා ගමන් යන අයටනම් මෙ කරදර වැඩිය දැනෙන එකක් නැහැ.

මිතුන ලග්නය

නන්නාදුනන අමුත්තො ආස්සරය කරන්න හම්බවෙයි. හිතවතුන් අතර විරසක වීමත්, නිවසෙ සහනයක් නැති කමත් අදීක ලෙස අලසවිමත් වෙන්න පුළුවන්. මුහුණෙ පැහැය උනත් අඩු වෙන්න පුළුවන්. තුවාල හෙම කරගන්නෙ නැතිව ඉන්න වග බලාගන්න ඔන. මෙ ග්‍රහ මාරුව මිතුන ලග්නයෙ අයට තරමක අපල ගෙන එනවා කියලා තමයි කියන්න වෙන්නෙ

කටක ලග්නය

මිශ්‍ර ඵල දායකයි. එක අතකින් තිබුණු සතුරු උපද්‍රව ආදිය දුරු වෙද්දී, සුළු සුළු අසනිප තත්ව ඇති වෙන්ටත් පුළුවන්. ආහාර පානත් අඩු වෙන්නට පුළුවන්.මංගල යොජනා නම් එයි. හැබැයි පරිස්සමින් කොහොම උනත් මෙ මාරුව ඔයාලට නරක නැහැ කියලා හිතා ගන්නකො.

සිංහ ලග්නය

හොද කාලයක් තමයි ලබාගෙන යන්නේ. සෙනසුරුගෙ ඒරාෂ්ඨක අපලෙත් අන්තිම අවුරුදු දෙක නෙවැ. මිල මුදල් ලාභ ලැඛෙන, වෙනදාට වඩා පිළි ගැනීමක් ඇති වෙන කාලයක්. ලබන මාසෙ දිහාවෙ වෙන කොට ඉතින් තරුණ උදවියට නම් මංගල යොජනාත් එයි. හොද එකක් කරගන්න එකයි තියෙන්නෙ. හැබැයි ඉතින් පරිහරණය කරන බඩු භාණ්ඩ නම් කැඩෙන බිදෙන බව පේනවා. පරිස්සමින් හොදේ..

කන්‍යා ලග්නය

අමුතුවෙන් කියන්න ඔන නැහැනෙ. ඒරාෂ්ඨකයකුත් යනවනේ නේද? මෙ මාරුවත් එච්චර හොද නැහැ. ගෙදර දොරෙ ප්‍රශ්න ටිකක් වැඩි හින්දා ගෙදර ඉන්නත් අමාරුයි වගෙ දැනෙයි. අම්මටත් තරමක අපල තියෙනවා.විශේෂයෙන් පපුව ආශ්‍රිත අසනීප තත්ව. කොහොම උනත් පිට රට බැරිනම් පිට පළාතකටවත් යන්න උනොත් යන්න. එතකොට මෙ අපල දුරු වෙලා යමක් කමක් ඉගෙන ගන්න වගේම, මොන මොනවා හරි හම්බ කර ගන්නත් බැරියෑ.

තුලා ලග්නය

හිතෙ තරමක කුහක කම් ඇති වෙන්න පුළුවන්. සමාජයෙන් නම් යම් යම් ගරු නම්බු හම්බ වෙන්න පුළුවන්. නිවැසි අයගෙන් නම් තව මාසයක් විතර යනකම් කරදර තියෙයි. මෙ කාලය තුල ඥාතියෙකුගෙ හො හිතවතෙකුගෙ වියොව නම් අසන්නට ලැඛෙයි.(ඉදිරි වසර දෙක ඇතුළත වෙන්නත් පුළුවන්) ටිකක් මහන්සි වෙන්න වෙන කාලයක්. පින් දහම් කරගෙන ඉන්න මතක තියා ගන්න. තමන්ට කිට්ටු පන්සලක් තොරගෙන නිස්කලංක වෙලාවක ගිහින් පන්සල් බිම සුද්ධ පවිත්‍ර කරලා විවෙකීව වාඩි වෙලා ටිකක් වෙලා මෛත්‍රී භාවනාව කරලා එන්න පුරුදු වෙන්න.

නිහඩවීමට හේතුව

දින කිහිපයක් නිහඩව ඉන්න උනා. හේතුව උනේ රැකියා ස්ථානයෙ ගැටළුවක්. විමල් වීරවංශගේ විදියට කියනවනම් කුමන්ත්‍රනයක්. (ජාත්‍යන්තර නම් නෙවෙයි,අභ්‍යන්තර.) රැකියාව අහිමිවීමෙ තත්වයට එනකම් ගැටළු මතු උනත් මම හිතනවා තත්වය මම ඉතාමත් හොදින් පාලනය කලා කියලා. කොහොමත් අන්තරායදායක අවස්ථාවලදී මම වඩාත් හොදින් කළමනාකාරී වෙනවා. වෘත්තීමය ඊර්ෂ්‍යාව මත පදනම් වූ සහ පාලනයේදී මගේ අණ පිළි පැදීමට ඇති අකමැත්ත මත මට විරුද්ධව ගෙන ගිය කුමන්ත්‍රනයක් දෙවන අදියරෙදී වලක්වාලන්න මට සිද්ධ උනා. (පළමු වතාවෙ සමාව දීම් සහ නොසලකා හැරීම මගේ ක්‍රමය උනා)අන්තිමෙදී දැඩි ක්‍රියා මාර්ගයක් ගන්න උනා. දැනට තත්වය තරමක් සාමාන්‍යයි. ඒත් නිරන්තර සොදිසියෙන් සිටීම වැදගත්,මොකද ප්‍රහාරයක් වැරදුනාම පැරදුනු පාර්ශවය විසින් දෙවන ප්‍රහාරය ඉතා ඉක්මනින්ම එල්ල කරන නිසා. නමුත් ඒ දෙවන ප්‍රහාරය ඉතා භයානකයි වගෙම ක්‍රමවත් නැහැ. හොද කල්පනාවෙන් සිටියොත් සහ නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීමත්, පූර්ව සූදානමත් ඇතුව කටයුතු කිරීමෙන් විරුද්ධ පාර්ශවය සෑහෙන කාලයකට පරාජය කල හැකියි.
(විශේෂයි- ජයග්‍රහණ සදාකාලික නැහැ.)

16 November 2009

විපතක උපත... දන්වා සිටින සඳ

ඇද හැලෙන මහම මහ වරුසාව වාගේම
සිත සැලෙන්නේ කිමද නොදන්නෙමි මා තවම
සිරවෙලා තෙරපිලා.. මගේ සිත මියැදිලා..
කියා මා සිතූ මුත්.. පණ රැදී ඇත තවත්

අවදානමට පෙර

නොසැලී සිටින්නෙමි කිසිදා කිසිම විට
තනිවම පදින්නෙමි පාරුව දියඹ වෙත
එන්නට සිතක් නැත කිසිදා ගොඩ බිමට
යන්නට සිතේ මියැදී මහ සයුර මත...

කිසිදා නොවුනු අයුරින් සිත පිරී ගිය
යුගයක සිහින අතරෙහි මා පාව ගිය
ගෙවුනා දැනුනි ජීවිතයක මිහිරිතම
නිවුනා නොවෙද ඒ සිහිනය අතර මග...

කිසිදා නොලද මිහිරක් හද තුල ගාවා
මට දුන් ජීවිතය ඇයටම මා ලීවා
නින්දේ සිටිය මා එක වර අවදි වෙලා
බලනා කලට ඇය සිටියේ දුරස් වෙලා...

දැවෙනා නමුදු හද තුල දුක් සෝ ගින්න
දැනුනා උනත් රිදෙනා බව මා සිතට
කිසිදා නොදෙන්නෙමි දුක් කදුලක් ඇයට
එනිසා හිදින්නෙමි සැමදා මා තනිව...

12 November 2009

මතකයන් අතරතුර.....

දීර්ඝ ලිපියක් ලියන්න තරම් හිතේ එකලාසයක් නැහැ. අද මම කල්පනා කලා වැඩියි. හවස් කාලය පුරාම ගේ ඉස්සරහ වෙල් යාය දිහාබලාගෙන (ගේ කිව්වට මගේ නෙවෙයි මම කුලියට අරගෙන ඉන්න ගේ. එකත් උඩ තට්ටුවක් හැබැයි නිස්කලංකයි.) පුරුදු විදියටම කල්පනා ලොකයේ කිමිදිලා හිටියා. හැබැයි වෙනදට ගන්න මගේ හීන් අඩිය අද ගත්තේ නැහැ. (මෙ පටලැවිල්ලට හේතුව ඒකද මන්දා?)අතීතයත් වර්ථමානයත් අතර සිද්ධ වෙන ඝට්ටනය වෙනදා වගේමයි.වෙනදාට මෙ ගැටුම මත් ගතියත් සමග මතු වීගෙන එන නිදිමතට අවස්ථාව සලසමින් නිමාවට පත්වෙනවා. පැය කිහිපයක නින්දෙන් පසු තමයි නැගිටලා ඉතිරි වෙලා තියෙන දෛනික රාජකාරිත්, බ්ලොග් ලිවීමත් සිදු කරන්නේ. හෙට දවස නම් අවුලක් නැහැ. වැඩට ගියාට පස්සේ දවස ගෙවිලා යනවා. ආයෙත් අනිද්දාට අද වගේම දවස ගෙවිලා යනවා.දවසක් ඇර දවසක් වැඩ කරන නිසා ජිවීතේ යම් තරමක වෙනසක් තියෙනවා.

ඔහොම තමයි ජීවිතේ...

ඇත්තටම මගේ හිත් යම් තරමක තිගැස්මක් තියෙනවා. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.. එක අතකින් මෙ ලිවීම නිසා ජීවිතේ ටිකක් ගලාගෙන යනවා වගේ දැනෙනවා. පහු ගිය කාලේ නම් ලොකය වෙගෙන් යන හැටි මම මගේ පාඩුවෙ බලාගෙන හිටියා. සිංහල බ්ලොග් කියවනය බලන්න හුරු වෙලා දැන් ටික කාලයක් උනත් බ්ලොග් ලියන්න පටන් අරන් තාම දවස් දෙක තුනයි. ඒ දවස් දෙක තුනටම ජීවිතෙ තරමක් හෝ ගලා යන්න පටන් ගත්තා වගේ දැනෙනවා. ඒත් අනේ මන්දා... මම ඒකට අකමැතිය වගේ කියලා මට හිතෙනවා.
පාරෙ යන එන හැමෝටම පේන විදියට ගෙදර දොරවල් ජනෙල් ඇරලා දාලා වගේ... කාටවත් මාව පේනවට මම කැමති නැහැ. ලොකයේ උසම තැනක ඉදගෙන ලොකය දිහා බලාගෙන ඉන්නයි මම කැමති. පහු ගිය වසර ගනනාවක් තිස්සේ මම කලෙත් ඒකයි. එහෙම හිටපු මට මෙ මොකද වෙලා තියෙන්නේ.
පොඩි කාලේ ඉදලම මම පොත පත කියවන්න කැමතියි. ~අම්මා, පාලම යට, මනුතාපය~ වගේ පොත් මම මුලින්ම කියෙව්වෙ 4පන්තියේ ඉන්න කාලේ. 7වසරට එනකොට දවසට පොත් 2ක් කියවන තරමට මට පිස්සුවක් තිබුනා.10 පන්තියේ ඉන්න කාලේ ඉස්කොලේ පුස්ථකාලෙන් පොතක් අරගෙන එන ගමන් කිරිබත් ගොඩින් බැහැලා මම බැදිලා හිටිය පුස්ථකාලයක් තිබුනා ඒකෙනුත් පොතක් අරගෙන ආයෙත් බස් එකේ නැගලා ඇවිත් අපේ ගමට යන පාර ගාවින් බැහැලා, මගේ පුට් බයික් එකත් අරන් හැතැම්ම 2ක් පාගලා ගමට ඇවිත් ගමෙ ප්‍රජා ශාලාවෙ පුස්තකාලෙනුත් පොතක් අරගෙන ඇවිත් පහුවදා එලිවෙන කොට පොත් 3ම කියවලා ගිහින් බාර දෙනවා. මෙහෙම සතියට තුන් පාරක් වත් කරනවා.
ඒ වගේ පොත් කියෙව්වට මම ලියනවා අඩුයි. කවදා හරි මගේ ජීවිත අත්දැකීම් එකතු කරලා මොනවා හරි ලියන්න ඔන කියලා හිතාගෙන හිටියත් මට ඒක කරන්න හම්බ උනේ නැහැ. එකක් කම්මැලිකම,අනික පොඩි කාලේ ඉදලම ජීවිත සටනට උර දීපු නිසා පොත පත කියෙව්වත් ලියන්න කාලය හොයාගන්න බැරි වීම,දෙයක් ලියන්න තරම් තවමත් අත්දැකීම් මදි කියා තේරුම් ගැනීම, මගේ ලියන වෙගයට වඩා සිතන වෙගය ඉතාමත් අධික වීම. මෙ වගේ ප්‍රශ්න නිසා මගේ ලිවීම දවසින් දවස කල් ගියා.

දැන් තමයි පටන් ගත්තේ.
බ්ලොග් ලියන්න පටන් ගත්ත හොදද නරකද මම දන්නේ නැහැ. ඒත් විශ්මය දනවන සුළු සමහර දේවල් නිසා ලියන දේවල් ගැන දෙපාරක් හිතන්න වෙලා...සමාන අදහස් තිඛෙන අය මුන ගැසීමද..?නොඑසේනම් මටත් වඩා හොදින් මාව තේරුම් ගැනීමට තවත් අයෙකුට හැකීවීමද..? අහඹු සිදුවීමක්ද..? මෙ කුමන ආකාරයෙන් සිදු උනත් මෙ දිනවල මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහෘදයකු නිසා මම තරමක් වික්ෂිප්ත වෙලා කියලා නොකියාම බැහැ.ගෙදර දොරවල් ජනෙල් ඇරලා දාන එක හොදද, නරකද කියලා හිතා ගන්න අමාරුයි.

වදන්වල දැවටිලා - මුවින් ගිලිහී යනෙන..
සිතුම් වැල් වල තිබුනු- උනුහුමක් දැනුනේද...
හදේ රුහිරෙන් තනා- ජීවයට පණ පෙව්ව..
ඇය කොහේ සැගවුනිද- නොදන්නෙමි මා තවම...
කවදාක හෝ ඉතින්- ඒවි නම් මා සොයා..
එදින මල් පිබිදේවී-මුළු මහත් ලෝ තුලම...

11 November 2009

රාජකාරියට යාමට පෙර

දැන් මම වැඩට යන්න හදන්නේ. තව විනාඩි 15ක් විතර තියෙනවා. ඉතින් ඒ ටිකටත් වචනයක් හරි ලියලා යන්න හිතුනා මොකද අද ගියහම හෙට උදේ තමයි මම ආපහු එන්නේ. (මෙ කාලේ මාරයාට උනත් ජීවත් වෙන්න අමාරුයිනේ ජොබ් එකක් නොකර මොකද දැන් මාරයාගේ වැඩ ටික මෙ රටෙ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ඇතුළු විවිධාකාර පුද්ගයින් විසින් එළටම කරගෙන යනවනේ. මාරයාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.) සමහර විට ඔයාලත් රැකියාවන් කරනවා ඇති, එහෙමත් නැතිනම් රැකියාවට ගිහින් ආයතනයේ වියදමින් බ්ලොග් ලිය ලියා ඉන්නවත් ඇති. ඒ කොහොම උනත් කමක් නැහැ, හැබැයි කරන රැකියාවට සාධාරණයක් කරන්න. අපිට මෙරට වෙනුවෙන් හරි අපි වෙනුවෙන් හරි වැඩ කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ ටික හරියට කරමු.
මම හැමදාමත් රැකියාවට යන්නේ මෙ මගේ රැකියාවෙ පලවෙනි දවස කියලා හිතාගෙන. එතකොට රැකියාව පිළිබඳ වගකීම දරන්න පුළුවන්,හරි උනන්දුවෙන් වැඩ කරනවා. හැම දේ ගැනම හරි විමසිලිමත්ව ඉන්න පුළුවන්. වරදක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද අපි අතින් වෙන වැරදි හුගකට මුල් වෙන්නෙ අපේ අවධානයක් නොමැතිකම. මම කරන්නෙ සමාජයේ ආකල්ප අනුව මහ ලොකු රස්සාවක් නොවෙන්න පුළුවන්, ඒත් ඒක මට මෙ රටෙ තියෙන හොඳම රැකියාව.මම පහුගිය වසර 16 තුල විවිධ රැකියාවන් රාශියක් කරල තියෙනවා.(මම වැඩ කරන්න පටන් ගත්තෙ වයස14 ඉඳලා) ඒ හැම රැකියාවක ම මට ඉගෙන ගන්න දෙයක් තිබුනා. මැක්සිම් ගොර්කිට වගේ මටත් සරසවිය උනේ රැකියාවන් කල ස්ථාන. පාඩම්,දේශන උනේ රැකියාවන්ගෙන් ලද වලින් ලද අත්දැකීම්. මම තෘප්තිමත්. ඊට වඩා වෙන මොනවද? අදට වඩා හෙට හොඳයි... මට පරක්කු වෙනවා. මම යනවා සුභ දිනයක් සියළු දෙනාටම...

10 November 2009

අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං

මුලින්ම කියන්න ඔන මම හදන්නේ බණ කියන්න නං නෙවෙයි. මගේ යාළුවෙකුගේ ආරධනයක් ගැන සලකා බැලීමක් කරන්නයි. එයා මට කියලා තිබුනා නක්ෂත්‍රය ගැන ලියන්න කියලා. ඒත් ඉතින් එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මොකද කියනවනම් මම මොනවද නක්ෂත්‍රය ගැන ලියන්නෙ? කේන්දර හදන හැටි කියනවද (ඒ සඳහා වෙන් උන බ්ලොග් අඩවියකුත් මම දැක්කා ඒත් ඒක හරි මන්දගාමීයි කියලා මට හිතෙනවා.ඒ වගේම ප්‍රායොගික මදි වගේ) අර පත්තරවල යනවා වගේ ලග්න පලාඵල ලිය ලිය ඉන්නවද? (තනිකරම තේරුමක් නැති වැඩක්.. පොදුවෙ පලා ඵල කියන එක වැඩක් ඇති දෙයක් නෙවෙයි. ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ගැන නොදැන පලාඵල බොරුකියලා මිනිස්සු බනින කොට ඒකට හේතු දක්වන්න ගිහිල්ලම පණ යයි.) එහෙමත් නැත්නම් කාගේ හරි කේන්ද්‍රයක් බලලා පලා ඵල කිය කිය ඉන්න පුළුවන් (මට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව යයි... හැබැයි ඉතින් පිං අතේ වැඩක්. විවෙක පාඩු වෙලාවට පිං දහම් කරන්න මාත් කැමතියි. ඒ හින්ද පුළු පුළුවන් වෙලාවට මම ඔයාලා කාගේ හරි කේන්ද්‍රය බලලා දෙන්නම්).... ඉතින් ඔය කාරණා හින්දා මට හිතා ගන්න බැහැ මොනවා ලියන්නද? කියලා.
ඒ හින්ද මට හිතට එන මොනවා හරි ලියන්නම්. මුලින්ම කියන්නම් මම බෞද්ධ දහම ප්‍රිය කරන්නෙක්. (ලොකයේ ආගම් හා දර්ශන ගැන මම වෙනම වෙලාවක ලියන්නම්) ඉතින් නක්ෂත්‍රය කොතෙක් දුරට බුදු දහමට සමීපද කියලත් බලන්න එපැයි... මම දන්නා තරමින් (නොදන්න දේවල් වැඩියි) බුදු රජානන් වහන්සේ නක්ෂත්‍රය නැමැති විෂය ලොව තුල ඇති බව පෙන්වා දුන්නා. භික්ෂූන් වහන්සේලාටත් නැකැත් තරු ගැන ඉගෙනුමක් තිබිය යුතු බව උන් වහන්සේ අනු දැන වඳාළා.මගේ මාතෘකා පාඨය එයයි. එ වගේම කියන්න ඔන නක්ෂත්‍රයටම අපිව මෙහෙය වන්න බැරි බවත් (කිං කරිස්සති තාරකා) ප්‍රකාශ කරන්නට යෙදුනා. ඉතින් අපි මෙයින් තේරුම් ගත යුතු දේ තමයි... නක්ෂත්‍රය උනත් දැන ගන්න එක හොදයි හැබැයි ඒකට වහල් වෙන්න ඔන නැහැ කියන එක...
හවසට වහිනවා කියලා කලින් දැන ගන්න එක හොදයි ඒත් වහින නිසා යායුතු ගමන් අවලංගු කරලා ගෙදර ඉන්නවනම් ඒ දැන ගත්තු එකෙන් වෙන්නෙ පාඩුවක්. වහින බව දැන ගත්තට පස්සේ කුඩයක් අරන් ගමන යන කෙනා තමයි තමයි නුවණැතියා.
ඉතින් මම ආරාධනා කරනවා සියළු දෙනාටම නොවෙයි කැමති අයට පමණක් නක්ෂත්‍රය පිළිබද දැනුවත් වෙන්න කියලා. නක්ෂත්‍රය කියන්නෙ මහානර්ඝ විෂයක්. පර තෙරක් දැකිය නොහැකි මහා සාගරයක්... අපිත් ඒ මහා සාගරෙ කිමිදිලා පුංචි සිප්පි කටුවක්වත් අහුලමු...

අද මම ජන්ම පත්‍රය ගැන වචනයක් කියන්නම්..

හදහන.. එකනේ ලේසිම වචනේ. හදහන කියන්නේ අපේ පිං පව් පොත. අපි පෙර භවයන්වලදී කරපු පිං පව් වලට අනුව අපි උපදින වෙලාව සකස් වෙනවා. හොද ග්‍රහ පිහිටීම් ඇති වෙලාවල්වල උපදින්නේ එසේ වූ පින්වතුන් වන අතර පින් මද උදවිය ග්‍රහ දුබලවීම් වන අවස්ථාවල උපදිනවා. ඉතින් මෙ කොහොම උපන්නත් ඒ උපන් වෙලාවෙ තිබුන පිහිටීම් අපිට වෙනස් කරන්න පුළුවන් උපන්නාට පසු කරන අකුසලයන්ගෙන් අපේ හොදට තියෙන කේන්දරය නරක් කරන්නත්, මෙලොව කරන කුසලයනගේ ආධාරයෙන් නරක කේන්දර හොද කරන්නත් පුළුවන්ඔන්න ඔය දේ හොදට මතක තියා ගන්න.(අදට මදැයි. තව දවසක තවත් දේවල් කථා කරමු. හැබැයි මතක තියා ගන්න මෙ බ්ලොග් සටහන නක්ෂත්‍රය කියන විෂයටම සීමා කරන්න මම කැමැති නැහැ. ඉදලා හිටලා මෙ ගැනත් කථා කරමු. තව හුගක් දේවල් තියෙනවා ලියන්නට එ ගැනත් බලමු අදට ඇති)

සුපුන් සඳ පායලා-නීල ගගනත පුරා..
දැකුම් කළු දසුනක්ය- ඇදෙනුයේ සිත පුරා...
ඒ සඳත් තනි වෙලා- තිඛෙනුයේ රැය පුරා..
දිනක් කවදා ඒද- සඳට හිරු හමුවෙනා...

09 November 2009

තනිකම

වෙලාවකට හරිම සුන්දර දෙයක්. නිදහසේ ජීවිතය විදින්න පුළුවන්. ඇත්තටම තනිකම තනියම රස විදින්න පුරුදු උන කෙනෙකුට තනිකම හුගක් වටිනවා. ඒත් මම මෙතනදි නොකියාම බැරි ඇත්තක් තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා තනිකම දරා ගන්න බැරිවෙන. මාත් මෙ ජීවිතේ හුගක් තනි උන කෙනෙක්. එක අතකින් මම ඒ තනිකමට ආදරෙයි. ඒත් මට උනත් දරා ගන්න බැරි උන වෙලාවල් තියෙනවා. සිය දිවි හානි කරගන්න හිතෙන තරමට තනි උන වෙලාවට හිතිල තියෙනවා. ඒක පවක් කියලා දන්න නිසාත් ආයෙත් මනුෂ්‍යභවයක් ලබා ගැනීමට තියෙන දුෂ්කර කම දන්න නිසාත් මම ඒ දෙයින් වැලකිලා තියෙනවා.වසර තිහක් උන මගේ ජීවිත කාලේ මට මතක තියෙන වසර විසි පහක කාලය තුල පහු ගිය වසර තමයි මම ජීවිතේ හුගක්ම තනි උන කාලේ. මම ඉන්න තැන ඉදලා පැය බාගයක් බයික් එකෙන් ගියානම් මගේ නෑදෑයො කියන හුගක් දෙනෙක් මට හම්බ වෙනවා. ඒත් මම දැන් කාලෙකින් ඒ අය හම්බ වෙන්න ගිහින් නැහැ. නෑයො අතරෙ මම හුගාක් තනි උන කෙනෙක්. ඒ ගැන මට පොඩ්ඩක්වත් දුක නැහැ. මටය කියලා යාළුවො නැහැ. මගේ රැකියාවෙ ස්වභාවය අනුව දවසකට මට සිය ගානක් මිනිසුන් සමග කතා කරන්න උනත් ඒ අතරින් කිසිම කෙනෙක් මා සමග කුළුපග නැහැ. මෙ තනිවීම මමම ගොඩ නගා ගත් දෙයක්. මෙකෙ අවසානය කොහොමද මම දන්නේ නැහැ. තනිකමෙ අවසානය මගේ මරණයම වෙවි. එදාට මම තනිකම ජයගන්නවා...

අළු පාට වළාකුළු පිරී ඇති අහස් කුස...
බැස යනෙන හිරු මඩල තුනී රැස් දහර මැද....
සෝ සුසුම් කදුළු නැති මලානික මුහුණු නැති...
මගේ මළ කඳ රැගත් පෙරහැරක් කොහි වෙත්ද...

ගුණ ගැයුම් තබා මට බනින්නට කෙනෙක් නැත...
ආණ්ඩුවෙ වියදමින් මගේ කඳ දවනු ඇත...
මා නමින් සොහොන් කොත් දෙරණ මත නොම තැනෙන...
ඒ දිනය එන තුරා මග බලා හිඳිමි මම...

08 November 2009

නමෝ විත්තියෙන්

ඉතින් අද ඉදලා මාරයා වන මම මටම වෙන් වූ හෝරාවෙ මෙ විදියට ඔබ හමුවට එනවා. මෙ අවස්ථාව සලසා දුන් කාලිංග මහත්මා ඇතුළු සිංහල බ්ලොග් කරුවන්ට මගේ ප්‍රණාමය...
ඇත්තටම මම තාම කල්පනා කරලා නැහැ මෙ සටහන මොන විදියට ලියනවද කියලා. කොහොම උනත් කාටවත් කරදරයක් නැතිව මෙය කරගෙන යාමට හිතාගෙන හිටියත් මම හරියි කියලා හිතන දෙවල් පිළිබදව දිගින් දිගට වාද විවාද කරනන් මම කැමතියි. ඒ කියන්නෙ මම කියන හැම දේම මමම හරියි කියනවා නෙවෙයි. මම වැරදි නම් එ වැරද්ද නියම විදියට ඔප්පු කලොත් එ වරද හදා ගන්නත්, මම නිවැරදි නම් එ දෙ අනුන්ටත් විශ්වාස කරවීමත් තමයි මගේ කාර්යය. කොහොම උනත් එදිනෙදා සමාජයේ ගැටළු පිළිබඳව මාත් සංවෙදී පුද්ගලයෙක්. ඒ වගෙමයි මට මම විශ්වාස කරන දේශපාලන මතයක් තියෙනවා. ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා.සමහරු කියන්නා වගේ මම කිසිම දෙශපාලන පක්ෂයකට නැහැ කියලා බොරු කියන්න මට ඔන නැහැ. හැබැයි මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි.අපි කවුරුත් දේශපාලනික සත්වයිනේ...නැද්ද?