26 November 2009

කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය

මංගල සමරවීර වන මාගේ අවංක ප්‍රකාශයක් ප්‍රථම වතාවට ඉදිරිපත් කරමි. (හිතුනොත් පස්සේ මෙකත් බොරු කියනවා ඒ මගේ හැටි.)අද දින වන විට මාගේ හදවත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් සිටින නිසා මෙම ප්‍රකාශය කිරීමට මා හට සිත් විණි. මන්ද යත් මෙ වන විටත් මහින්ද අයියා විසින් මාගේ පශ්චාත් භාගයට පයින් ගසා මා මෙසෙ දුකට පත් කිරීම නිසා( පයින් නැතුව වෙන මොකකින් හරි උනානම් මොන තරම් ආශික්ද?)ඔහු කෙරෙහි හට ගත් ද්වෙශයෙන් යුතුව මා විසින් සිදු කරනු ලැබූ කූට කුමන්ත්‍රණ සෙප්පඩ විජ්ජා අවසානයෙදී හො සාර්ථක වීම නිසාය.

හේ කෙසේද යත්...

හරිහමන් පිරිමි පෞර්ෂයක් නොතීබූ මට, විලාසිතා මොස්තර වැනි දේ විනා අන් යමක් පිළිබඳ අවබොධයක් නොවූ මට, දේශපාලන ලොව තුල දොරටු විවර කරදුන් මැඩම්ටත් කෙලවා, පසුව ලොකු කුට්ටි කඩා ගැනීමෙ පරම අපවිත්‍ර චෙතනාවෙන් යුතුව මහින්ද අයියාට කඩෙ ගොස්,ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ලද දෙයින් සතුටු නොවී ඔහුටත් කෙලවා සිංහාසනාරූඪ වන්නට කෙල හැළු පසුව ඒ මාගේ සිත හදුනා ගත් ඔහුගේ පා පහරින් එළිපත්තට විසීවීමෙන් අනතුරුව.. මා විසින්ම ඔහු හැර පියා ආවාසේ දූෂණ කරණවො, වංචා කරනවො යැයි කියමින් තැන තැන අඩ අඩා යන කලට මාගේ පිහිටට වන් රනිල් මල්ලීටත් ලණු දෙමින් ඔහුගේ පාර්ශව කරුවන්ද ඔහු කෙරෙහි බිඳුවා, අවසන එය තෙරුම් ගත් ඔහුගේ අතවැසි පිරිස විසින් එල්ල කරනු ලැබූ පුටු පහර කා කොයි අත යාදොයි ඈත මෑත බලන්නෙ යුධයෙන් දිනා ශ්‍රේෂ්ඨ නාමයක් ලබා උන් විරුවකු දැක ඔහු කෙරෙ පෙර බැඳි වයිරය සිහිපත් වූ සඳ... මනාවක් කෙරෙමියැයි සිතා උන් හට විෂ පොවා රජු හා සටනට පොළබවා සිටි සඳ මෙම යුධයෙන් කා හට නම් ජය වෙදැයි බලන කලට මෙයින් නම් මා හටම ජය වන්නෙයැයි හැගුනු කලට මෙසේ මා ප්‍රීති වීම අරුමයක්දැ...නැත එය මා වැන්නෙකුට තරම් වෙමැයි.

මා හට තැළු රජුටත් ඔහු හා එක්ව සතුරන් නසා යුධ දිනූ සෙනෙවිරදුන්ටත්,මෙතරම් දෙයක් වෙද්දීත් නිවටයකු සේ ඉදිමින් රජු පරදවා මා වැන්නකුට උසස් තනතුරු දී මා රැක බලා ගැනීමට අලස වන රනිල් වැන්නකුටත් කෙළවීමට මෙවන් අවස්ථාවක ආයේ කවර කලෙකනම් ලබන්නට හැකිවෙද..?
ප්‍රීතී.. ප්‍රීතී..


ඉඳින් මෙම සටනින් සෙනෙවිරදුන් පැරදී නම් මා හට නම් කවර දොසක්ද? ගැලවීමෙ හමුදාවකටවත් ඔහු නුසුදුසු බව මා විසින් පෙර සිටම කියා තිබුනා නොවෙදැයි මට ප්‍රශ්න කළ නොහැකිද? ... මා වැනි කෙළතොල්ලෙකුට එය කුමන නම් අපහසුවක්ද..?වැරදීමෙකින් හො රජා පැරදුනහොත් එම ජය මාගේ ජයක් ලෙස ලොකයට කියන්නට මට කොතරම් හිමිකමක් තිඛෙහිද..?එක්ව යුධට පිවිස එම යුද්ධය දිනා දුන් රජු හා සෙනෙවිරදුන් බිඳවූයේ මා හැර අන් කවර සමතෙක්දැයි කවුරුන් නොදනීද? එසේ හෙයින් උන් දෙදෙනා කෙසේ කා කොටා ගත්තත් මා වැනි හිවලකුට වැඩක් මිස අවැඩක් සිදු නොවෙමැයි. කෙසේ හො විදෙස් මිතුරන්ගෙ දහසින් බැඳි පියලි ලැබ සුවසේ සමරිසි සුව විදිමින් කල් යැවීමට මා හට නොහැකි වන්නෙ මන්ද..?මට පයින් ගැසූ මහින්ද රජුටත්, මාගේ විදෙස් මිතුරන්ගේ සිත් පාරා ප්‍රභා මැරූ සෙනෙවියාටත් කෙලවා ලන්නට මීට වඩා සුදුසු ප්‍රස්ථාවක් අන් කුමන කලෙක නම් ලබම්ද...ඉතින් මං ගල වන මාගේ අභිමතාර්ථය සිහිනයක් නොව සැබෑවක් කරවා මෙ සකල රාජධානියම මා හට ගිවිසුම් ප්‍රකාරව සින්නක්කර ලියා නොදෙන්නෙ මන්ද?

රට වැසියනි,මෙ අසව් ..මාගෙ බස් පිළිගනිව්...
රජයි සෙනෙවියයි වනසා- මෙහි රජ කම මට දියව්...

15 comments:

  1. කොහෙන් එන අදහස්ද යකො මෙව්වා

    ReplyDelete
  2. මං ගලගෙ කුහක හදවතින් එන එවා තමයි යකො

    ReplyDelete
  3. මංගලටත් එච්චර සිංහල පුළුවං කියලා දන්නේ අදයි.

    ReplyDelete
  4. අම්මපා මට ඒක අමතක උනා නෙව

    ReplyDelete
  5. පයින් ගැහැව්වෙ මට විතර ද?

    - මංගල

    ReplyDelete
  6. නියමයි.හෑබෑයි උබ මෙහෙම ලිව්වාම මේ උන්නෑහේලා දෑන් කරේ තියන් වන්දනාමාන කරන අපේ අලුත් දේශප්‍රෑමියො මොනවා හිතාවිද දන්නේ නෑ. මොනවා උනත් මේ කාරනා සම්පූර්න ඈත්ත.මුන්ට විලිලෑජ්ජාව කියලා දෙයක් ඈත්තෙම නෑ..

    ReplyDelete
  7. Anonymous said...
    පයින් ගැහැව්වෙ මට විතර ද?

    වපුරන හැටියටනේ අස්වැන්නත්. මම වපුරන දේ වපුරපු හැමොටම උනේ ඔක තමයි.

    NUWAN"s lane said...

    මුන් වගේ උන්ට නිදහසේ වෙදිකා හදන උන්ටයි. ඒවට මුන්ට ගොඩ වෙලා කථා කරන්න දීලා අහගෙන බලාගෙන ඉන්න උන්ටයි තමයි ලජ්ජාවක් නැත්තෙම...

    ReplyDelete
  8. Ano...

    තෑන්xs කිව්වා..ඔං...

    ReplyDelete
  9. කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය
    oka thamai mama mulinma kiyawapu post 1ka
    awuruddakuth unanee mama subapathanawa.
    mamath aniwarawenma kiyawana blog 1kak meka

    ReplyDelete
  10. mahima...

    බොහෝමත්ම ස්තූතියි මෙක කියන්න මෙතනටම ආව එක ගැන...

    ReplyDelete
  11. කලෙක ද්‍රොහියෝ අද මහා වීරයෝ වී සිටිති , එදා මුලු රටටම ගැලවුම් කරුවන් වූ ජාතියේ වීරයන් අද අමනයන් විසින් ( නීතිය තමන් යයි කියා ගන්නා) ද්‍රෝහීන් කොට සිර කරති ,

    ReplyDelete
  12. මේ වගේ කා කොටවලා වාසි ගන්න බලන් හිටපු උන් නොහිටියා නම්... අදටත්...

    ReplyDelete