08 November 2009

නමෝ විත්තියෙන්

ඉතින් අද ඉදලා මාරයා වන මම මටම වෙන් වූ හෝරාවෙ මෙ විදියට ඔබ හමුවට එනවා. මෙ අවස්ථාව සලසා දුන් කාලිංග මහත්මා ඇතුළු සිංහල බ්ලොග් කරුවන්ට මගේ ප්‍රණාමය...
ඇත්තටම මම තාම කල්පනා කරලා නැහැ මෙ සටහන මොන විදියට ලියනවද කියලා. කොහොම උනත් කාටවත් කරදරයක් නැතිව මෙය කරගෙන යාමට හිතාගෙන හිටියත් මම හරියි කියලා හිතන දෙවල් පිළිබදව දිගින් දිගට වාද විවාද කරනන් මම කැමතියි. ඒ කියන්නෙ මම කියන හැම දේම මමම හරියි කියනවා නෙවෙයි. මම වැරදි නම් එ වැරද්ද නියම විදියට ඔප්පු කලොත් එ වරද හදා ගන්නත්, මම නිවැරදි නම් එ දෙ අනුන්ටත් විශ්වාස කරවීමත් තමයි මගේ කාර්යය. කොහොම උනත් එදිනෙදා සමාජයේ ගැටළු පිළිබඳව මාත් සංවෙදී පුද්ගලයෙක්. ඒ වගෙමයි මට මම විශ්වාස කරන දේශපාලන මතයක් තියෙනවා. ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා.සමහරු කියන්නා වගේ මම කිසිම දෙශපාලන පක්ෂයකට නැහැ කියලා බොරු කියන්න මට ඔන නැහැ. හැබැයි මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි.අපි කවුරුත් දේශපාලනික සත්වයිනේ...නැද්ද?

11 comments:

  1. කිසිම භයානක ගතියක් නෑ. හැබෑටම මාරයාමද? එහෙනම් බලමුකො මාරයා මොන පක්ෂෙද කියල.



    අනේ මේ verification එක අයින් කරමු

    ReplyDelete
  2. නැතිව නැතිව.ඔබ හරි.මාරයා ලියන්න කම්මැලියා නේද.දේශපාලනය විතරක් මදි නක්ෂස්ත්‍ර ගැනත් ලිවූවොත් නරකද... ඒකනෙමෙයි මොකක්ද මේ verification කියන්නේ .කොහොම වුනත් මෙන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  3. අවුරුද්දකට පස්සෙ මුල පුරන්නෙ....එහෙම හරි දැනගත්ත එක වටිනව මම හිතන්නේ

    ReplyDelete
  4. Heeniyata...

    බොහොම ස්තූතියි..
    එහෙනං හීනියට වගේ වැඩෙ කරගෙන යන්නකෝ...

    ReplyDelete
  5. මෙහෙමය් එහෙනං පටන් ගත්තේ ඈ......

    ReplyDelete
  6. මටත් හිතුනා ඔබා මාමාට වගේ කැණිම් කරලා බලන්න මුලම

    ReplyDelete
  7. පුදුමෙ කියන්නෙ. ඊට දවසකට පස්සෙ මටත් ඒකම හිතිච්ච එකනෙ..

    මෙහෙමය් එහෙනං පටන් ගත්තේ ඈ......

    ReplyDelete
  8. මට හිතුනු දේ තවත් කීප දෙනෙකුට ම හිතිලා නේ. ඔන්න මාරේ අය්යේ මං මුලටම ආවා :)

    ReplyDelete
  9. ඇයි අපි කියල කොමෙන්ට් කළාම නරකද?

    ReplyDelete
  10. පලවෙනි ලිපියට ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි... අවුරුදු තුනකටත් පස්සේ හරි උත්තර දෙන්න හිතුන එකත් මදෑ...

    ඒත් එක්කෙනෙකුට ස්තූති කරන්නනං ටිකක් පරක්කු උනා... සංසාරේ හැටි...

    ReplyDelete