09 November 2009

තනිකම

වෙලාවකට හරිම සුන්දර දෙයක්. නිදහසේ ජීවිතය විදින්න පුළුවන්. ඇත්තටම තනිකම තනියම රස විදින්න පුරුදු උන කෙනෙකුට තනිකම හුගක් වටිනවා. ඒත් මම මෙතනදි නොකියාම බැරි ඇත්තක් තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා තනිකම දරා ගන්න බැරිවෙන. මාත් මෙ ජීවිතේ හුගක් තනි උන කෙනෙක්. එක අතකින් මම ඒ තනිකමට ආදරෙයි. ඒත් මට උනත් දරා ගන්න බැරි උන වෙලාවල් තියෙනවා. සිය දිවි හානි කරගන්න හිතෙන තරමට තනි උන වෙලාවට හිතිල තියෙනවා. ඒක පවක් කියලා දන්න නිසාත් ආයෙත් මනුෂ්‍යභවයක් ලබා ගැනීමට තියෙන දුෂ්කර කම දන්න නිසාත් මම ඒ දෙයින් වැලකිලා තියෙනවා.වසර තිහක් උන මගේ ජීවිත කාලේ මට මතක තියෙන වසර විසි පහක කාලය තුල පහු ගිය වසර තමයි මම ජීවිතේ හුගක්ම තනි උන කාලේ. මම ඉන්න තැන ඉදලා පැය බාගයක් බයික් එකෙන් ගියානම් මගේ නෑදෑයො කියන හුගක් දෙනෙක් මට හම්බ වෙනවා. ඒත් මම දැන් කාලෙකින් ඒ අය හම්බ වෙන්න ගිහින් නැහැ. නෑයො අතරෙ මම හුගාක් තනි උන කෙනෙක්. ඒ ගැන මට පොඩ්ඩක්වත් දුක නැහැ. මටය කියලා යාළුවො නැහැ. මගේ රැකියාවෙ ස්වභාවය අනුව දවසකට මට සිය ගානක් මිනිසුන් සමග කතා කරන්න උනත් ඒ අතරින් කිසිම කෙනෙක් මා සමග කුළුපග නැහැ. මෙ තනිවීම මමම ගොඩ නගා ගත් දෙයක්. මෙකෙ අවසානය කොහොමද මම දන්නේ නැහැ. තනිකමෙ අවසානය මගේ මරණයම වෙවි. එදාට මම තනිකම ජයගන්නවා...

අළු පාට වළාකුළු පිරී ඇති අහස් කුස...
බැස යනෙන හිරු මඩල තුනී රැස් දහර මැද....
සෝ සුසුම් කදුළු නැති මලානික මුහුණු නැති...
මගේ මළ කඳ රැගත් පෙරහැරක් කොහි වෙත්ද...

ගුණ ගැයුම් තබා මට බනින්නට කෙනෙක් නැත...
ආණ්ඩුවෙ වියදමින් මගේ කඳ දවනු ඇත...
මා නමින් සොහොන් කොත් දෙරණ මත නොම තැනෙන...
ඒ දිනය එන තුරා මග බලා හිඳිමි මම...

9 comments:

  1. ඔයා කියන එකහරි..වෙලාවකට තනිකම සුන්දරයි.
    වෙලාවකට දර ගනන්ත් බැරි තරම් අපහසුයි.

    තනිකම දරා ගන්න අපහසු දෙයක් බව දැනි දැනිත්, තව තවත් හුදකලා වෙන්න හදන එක නම් පැහැදිලි නෑනෙ ;-)

    ReplyDelete
  2. ඇත්ත තනිකම ලොකු දුකක්.
    ඒත් අපේ ජීවිතේට එන අය අපේ ජීවිතේට ගරහලා,ජීවිතේ අපායක්කරල යනවා.එහෙම බැලුවම හිතෙනවා තනිකම දැනුනත් එහෙම තනියෙන් ඉන්න එක හොදයි කියලා.මොකද තනිකමේදී දැනෙන දුකට වඩා අර දුක වැඩියි.

    ReplyDelete
  3. ඇත්තටම තනිකම රස විදින්න පුරුදු වුන කෙනෙකුට ඒ තනික්ම හුගාක් වටිනවා.
    මම නම් ආස හුගාක් අය අතරෙදි තනිවෙන්න.වෙලාවකට හිතෙනව ඒක මහ පිස්සුවක් කියල .
    තනිකම් දරාගන්න බැරි අවශ්ථා නැතුවම නෙවේයි.ජීවිතේ හැටි එහෙමයි කියල හිත හදාගන්න

    ReplyDelete
  4. ඔක්කෝටම කලින් කියන්න ඕන ගොඩක් ස්තූතියි.
    ඔයාගේ තනිකමට උත්තරයක් (මට හිතෙන හැටියට ) මගේ blog එකේ දාලා ඇති.
    පිටතින් පේන පැහැදිලි වෙනසක් කීවේ .... මොන වගේද. බඩ එහෙම තියන කෙනෙක් ද.. ඒක නෙමෙයි. කාලසර්ප යෝගය නැද්ද මේකේ.

    ReplyDelete
  5. තියෙනවා. ඒත් ගුරු පිහිටලා තියෙන විදියට කාල සර්ප යෝගය ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි, ඔයා මෙ වෙනකොට සෑහෙන්න කේන්දරෙ බලවලා ඇති, ඒත් බුද්ධිමත් උනොත් කේන්දරෙ තියෙන හුගක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියන එක ඔයාට හරියට අවබොධ වෙලා නැතුව ඇති. ඒ හින්ද ඔයාට ඔන දේ කියන්න මම උදව් කරන්නම් ජීවිතේ වෙනස් කරන්න. ඒත් ඔයා වෙනසක් දකින්න කැමතිද කියලා තීරණය කරලා ඉවර වෙලා තමයි මට කියන්න ඔන. මොකද සමහර දේවල් වෙනස් කරනවට වඩා තියෙන විදියට හුරු වෙන එක හොදයි. ආ අනිත් ප්‍රශ්නේ... වෙනස් කියලා කිව්වෙ කද බඩ මහත කියන එකම නෙවෙයි, සිතුම් පැතුම් ආකල්ප ඒ වගේම හිතේ ඇදිලා ඉන්න කෙනාට හුගාක් වෙනස් කියන එකයි. සමහර විට කලින් විවහා උන කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් රළු කෙනෙක් වෙන්න පුළුවන්..... ඔයා ලියපු ලිපිය මම බැළුවා. විශිෂ්ඨයි... හිතන්න දේවල් තියෙනවා ... සමහර අනුමාන කිරීම් හරි වගේම සමහර දේවල් වැරදියි ඒත් හොද උත්සහයක්...

    ReplyDelete
  6. ස්තූතියි චතුෂ.... ආයෙත් පාරක් මට මාව හොයල දෙන්න පුලුවන් ද?

    ReplyDelete
  7. මේ පැත්තට කලිනුත් දවසක ආවාද කොහෙද...ඒත් මට මතක හැටියට මේ තමා මාරයියට දමන පළමු කමෙන්ටුව.GPRS සම්බන්ධතාවෙන් තමා ගෙදරදී කරන කෙරුවාවක් කරන්න වෙන්නෙ.. ඉතින් කමෙන්ටුවක් දාන එක හරිම අමාරු වැඩක්..මාත් ආසයි කියෙව්වාම හිතට දැණුන දේ ලියලා යන්න ඒත් ඉතින් ඒක කරන්න අමාරුයි...මේකෙන් අන්තර්ජංජාලෙ සැරිසරනවා කියන්නෙ නාකි බල්ලො කොළඹ යනවා වගේ වැඩක්...
    මගේ කැමැත්තත් නිස්කලංක පාඩුවේ ඉන්න තමා
    ජයවේවා!!!

    ReplyDelete
  8. wath...

    ඔබ ඔබතුළින්ම සොයා ගත යුතු දෙයක් ඇයි මා තුළින් සොයන්නේ...

    ReplyDelete
  9. sampathjt...

    ඔහොම තමයි මලේ..මොනවා කොරන්නද..? දුක්ඛිත ජීවිතේ...

    ReplyDelete