10 November 2009

අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං

මුලින්ම කියන්න ඔන මම හදන්නේ බණ කියන්න නං නෙවෙයි. මගේ යාළුවෙකුගේ ආරධනයක් ගැන සලකා බැලීමක් කරන්නයි. එයා මට කියලා තිබුනා නක්ෂත්‍රය ගැන ලියන්න කියලා. ඒත් ඉතින් එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මොකද කියනවනම් මම මොනවද නක්ෂත්‍රය ගැන ලියන්නෙ? කේන්දර හදන හැටි කියනවද (ඒ සඳහා වෙන් උන බ්ලොග් අඩවියකුත් මම දැක්කා ඒත් ඒක හරි මන්දගාමීයි කියලා මට හිතෙනවා.ඒ වගේම ප්‍රායොගික මදි වගේ) අර පත්තරවල යනවා වගේ ලග්න පලාඵල ලිය ලිය ඉන්නවද? (තනිකරම තේරුමක් නැති වැඩක්.. පොදුවෙ පලා ඵල කියන එක වැඩක් ඇති දෙයක් නෙවෙයි. ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ගැන නොදැන පලාඵල බොරුකියලා මිනිස්සු බනින කොට ඒකට හේතු දක්වන්න ගිහිල්ලම පණ යයි.) එහෙමත් නැත්නම් කාගේ හරි කේන්ද්‍රයක් බලලා පලා ඵල කිය කිය ඉන්න පුළුවන් (මට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව යයි... හැබැයි ඉතින් පිං අතේ වැඩක්. විවෙක පාඩු වෙලාවට පිං දහම් කරන්න මාත් කැමතියි. ඒ හින්ද පුළු පුළුවන් වෙලාවට මම ඔයාලා කාගේ හරි කේන්ද්‍රය බලලා දෙන්නම්).... ඉතින් ඔය කාරණා හින්දා මට හිතා ගන්න බැහැ මොනවා ලියන්නද? කියලා.
ඒ හින්ද මට හිතට එන මොනවා හරි ලියන්නම්. මුලින්ම කියන්නම් මම බෞද්ධ දහම ප්‍රිය කරන්නෙක්. (ලොකයේ ආගම් හා දර්ශන ගැන මම වෙනම වෙලාවක ලියන්නම්) ඉතින් නක්ෂත්‍රය කොතෙක් දුරට බුදු දහමට සමීපද කියලත් බලන්න එපැයි... මම දන්නා තරමින් (නොදන්න දේවල් වැඩියි) බුදු රජානන් වහන්සේ නක්ෂත්‍රය නැමැති විෂය ලොව තුල ඇති බව පෙන්වා දුන්නා. භික්ෂූන් වහන්සේලාටත් නැකැත් තරු ගැන ඉගෙනුමක් තිබිය යුතු බව උන් වහන්සේ අනු දැන වඳාළා.මගේ මාතෘකා පාඨය එයයි. එ වගේම කියන්න ඔන නක්ෂත්‍රයටම අපිව මෙහෙය වන්න බැරි බවත් (කිං කරිස්සති තාරකා) ප්‍රකාශ කරන්නට යෙදුනා. ඉතින් අපි මෙයින් තේරුම් ගත යුතු දේ තමයි... නක්ෂත්‍රය උනත් දැන ගන්න එක හොදයි හැබැයි ඒකට වහල් වෙන්න ඔන නැහැ කියන එක...
හවසට වහිනවා කියලා කලින් දැන ගන්න එක හොදයි ඒත් වහින නිසා යායුතු ගමන් අවලංගු කරලා ගෙදර ඉන්නවනම් ඒ දැන ගත්තු එකෙන් වෙන්නෙ පාඩුවක්. වහින බව දැන ගත්තට පස්සේ කුඩයක් අරන් ගමන යන කෙනා තමයි තමයි නුවණැතියා.
ඉතින් මම ආරාධනා කරනවා සියළු දෙනාටම නොවෙයි කැමති අයට පමණක් නක්ෂත්‍රය පිළිබද දැනුවත් වෙන්න කියලා. නක්ෂත්‍රය කියන්නෙ මහානර්ඝ විෂයක්. පර තෙරක් දැකිය නොහැකි මහා සාගරයක්... අපිත් ඒ මහා සාගරෙ කිමිදිලා පුංචි සිප්පි කටුවක්වත් අහුලමු...

අද මම ජන්ම පත්‍රය ගැන වචනයක් කියන්නම්..

හදහන.. එකනේ ලේසිම වචනේ. හදහන කියන්නේ අපේ පිං පව් පොත. අපි පෙර භවයන්වලදී කරපු පිං පව් වලට අනුව අපි උපදින වෙලාව සකස් වෙනවා. හොද ග්‍රහ පිහිටීම් ඇති වෙලාවල්වල උපදින්නේ එසේ වූ පින්වතුන් වන අතර පින් මද උදවිය ග්‍රහ දුබලවීම් වන අවස්ථාවල උපදිනවා. ඉතින් මෙ කොහොම උපන්නත් ඒ උපන් වෙලාවෙ තිබුන පිහිටීම් අපිට වෙනස් කරන්න පුළුවන් උපන්නාට පසු කරන අකුසලයන්ගෙන් අපේ හොදට තියෙන කේන්දරය නරක් කරන්නත්, මෙලොව කරන කුසලයනගේ ආධාරයෙන් නරක කේන්දර හොද කරන්නත් පුළුවන්ඔන්න ඔය දේ හොදට මතක තියා ගන්න.(අදට මදැයි. තව දවසක තවත් දේවල් කථා කරමු. හැබැයි මතක තියා ගන්න මෙ බ්ලොග් සටහන නක්ෂත්‍රය කියන විෂයටම සීමා කරන්න මම කැමැති නැහැ. ඉදලා හිටලා මෙ ගැනත් කථා කරමු. තව හුගක් දේවල් තියෙනවා ලියන්නට එ ගැනත් බලමු අදට ඇති)

සුපුන් සඳ පායලා-නීල ගගනත පුරා..
දැකුම් කළු දසුනක්ය- ඇදෙනුයේ සිත පුරා...
ඒ සඳත් තනි වෙලා- තිඛෙනුයේ රැය පුරා..
දිනක් කවදා ඒද- සඳට හිරු හමුවෙනා...

8 comments:

  1. මම ඉපදුනේ 1984 මැයි 20 වෙනිදා හවස 6:16 ට නුවර එළියේදි. මගේ කේන්දරේ හදල පලාපල කියන්න. පිංසිද්ධ වෙච්චාවෙ

    ReplyDelete
  2. වෙලාවක් ලැබුන ගමන් කරලා දෙන්නම් මලේ. මොකද ඔයා 1 නිසා,

    ReplyDelete
  3. සුපුන් සද පායලා ඇතත් ගගනත පුරා
    අතීතයෙ දසුනක්ය දැවෙන්නේ හද පුරා
    ඒ හදත් තනිවෙලා හඩන්නේ රෑ පුරා
    දිනක් නැත ඉපදෙන්නෙ සදුට හිරු හමුවනා

    ReplyDelete
  4. දිදුලනා තරු රැසින්-අසන්නෙමි මා ඉතින්..
    ඇය කොහේ ගියාදෝ-කවදාක ඒවිදෝ...
    තනිව සිටිනා රැයේ-සුසම් ලන හදවතින්..
    දුක පිරුන සිත දරා-කොතෙක් කල් හිදින්නද...

    ReplyDelete
  5. දිදුලනා තරු රැසින් - ඇසූවත් ඔබ ඉතින්
    ඇය ඉන්නේ සැගවිලා - සොයන්නට බැරි ලෙසින්
    තනිව ඉනු මැන සබද - සුසුම් සුව ලංකරන්
    දුක පිරුන සිත දරා - තව ටිකක් කල් හිදින්

    ReplyDelete
  6. හදහන නෙමේ හඳහන

    ReplyDelete
  7. බුදු හාමුදුරුවො කොහෙවත් නක්ෂට‍්රය ඉගෙන ගන්න කිය නැත, බ්ර්මජාල සුට‍්රයෙ භික්ෂුන්ට තහනම් කර්පු විද්යා වන් වලින් එකක් මෙක ... බොරු නොකිය හිටින් යකෝ

    ReplyDelete
  8. @anonymouse

    "උග්ගන්නාථ භික්ඛවේ නක්ඛත්තං" කියල බුදු හාමුදුරුවෝ කියල තියෙනවා. එපා කියල තියෙන්නෙ ඒකෙන් හම්බ කරන් කන්න. බ්‍රහ්මජාල සූත්‍රය ආපහු කියවල බලන්න.

    ReplyDelete