16 November 2009

අවදානමට පෙර

නොසැලී සිටින්නෙමි කිසිදා කිසිම විට
තනිවම පදින්නෙමි පාරුව දියඹ වෙත
එන්නට සිතක් නැත කිසිදා ගොඩ බිමට
යන්නට සිතේ මියැදී මහ සයුර මත...

කිසිදා නොවුනු අයුරින් සිත පිරී ගිය
යුගයක සිහින අතරෙහි මා පාව ගිය
ගෙවුනා දැනුනි ජීවිතයක මිහිරිතම
නිවුනා නොවෙද ඒ සිහිනය අතර මග...

කිසිදා නොලද මිහිරක් හද තුල ගාවා
මට දුන් ජීවිතය ඇයටම මා ලීවා
නින්දේ සිටිය මා එක වර අවදි වෙලා
බලනා කලට ඇය සිටියේ දුරස් වෙලා...

දැවෙනා නමුදු හද තුල දුක් සෝ ගින්න
දැනුනා උනත් රිදෙනා බව මා සිතට
කිසිදා නොදෙන්නෙමි දුක් කදුලක් ඇයට
එනිසා හිදින්නෙමි සැමදා මා තනිව...

9 comments:

  1. පාළුව දැනුනා. වෙනදා වගේම ඒත් දැන් මම හුරු වෙලා. සතුටුයි ලිපිය දැකලා. මොනවත් ලියන්න බැරි උනේ මාත් දවසක් ඇර දවසක් වැඩට යන හින්දා. හුගාක් සංවෙදී වෙන්න වෙන්න එපා... මට බයයි ඔයා හිත රිදව ගනී කියලා... මම තනිව ඉපදිලා තනිව ජීවත් වෙලා තනිවම මැරෙන්න උරුම මිනිහෙක් ගිනි ගොඩකට පනින්න එපා.

    ReplyDelete
  2. ඔයා විතරක් නෙමෙයි. අපි කවුරුත් ඉපදෙන්නෙ, මැරෙන්නෙ තනිවම තමයි.ඔයා දන්වද "සති පූජාව" සමහරු ගින්නට පනින්නේ ස්වකැමැත්තෙන්මයි.

    ReplyDelete
  3. අනේ දරුවො කියන දෙයක් අහලා පුරුදුම නැද්ද...

    ReplyDelete
  4. ගින්නට පැන්නා වගේ නෙවෙයි, ආපහු එකෙන් පිටවෙන්න අමාරුයි.

    ReplyDelete
  5. ගින්නට පනින කෙනෙක්ගෙ හිතේ ගින්නෙන් පිටවීමේ කිසිම බලාපොරෝත්තුවක් නෑ නේද. සියළු බලාපොරොත්තු ඇතෑරලා නේද ගින්නට පනින්නේ..හරි හරි මම ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ.ඔයාගෙ කවියට ගැලපෙන්න මට කවියක් හදන්න බෑ.මීට පස්සෙ මම කවි ලියන්නෙ නෑ.

    ReplyDelete
  6. එහෙම නම් මාත් කවි ලියන එක නැවැත්තුවා...

    ReplyDelete
  7. හරිම හොදයි ... මම ළිදට පැන්නොත් ...

    ReplyDelete
  8. ඔයා ළිදට පැන්නොත්ද..?? ලිද හුගක් ගැඹුරු එකක්ද?

    ReplyDelete
  9. මිනිස්සු ගොඩක් කපටිකම් කරනවා. ඔයල දෙන්නගෙ සොදුරු රංඩුව දැක්කාහම මට හිනායනවා. බය වෙන්න එපා, දුක් වෙන්නත් එපා. යමක් ඔයට නම්.. එ දෙ ඔයටම්යි.. අවංක හිතක් කවදාවත් වට්ටන්න බැහැ. අරමුණ යහපත් නම්.. ක්‍රියව ද යහපත්ය.. ප්‍රතිපලයද යහපත්ය.. සුභපතනවා හදවතින්ම..මුනගැසිම සතුටක් ඔයාව..

    ReplyDelete