29 November 2009

නින්දට පෙර

මාත් ඔන්න නිදා ගන්නයි කියලා හදන්නේ. වෙලාව පාන්දර 1.05යි. ඒත් නිදි මත නම් අහලකවත් නැහැ. මොනවා කරන්නද අමාරුවෙන් හරි නිදා ගන්න එපැයි. නැත්නම් හෙට උදේට නැගිටින්න අමාරුයිනේ..
හෙට දවසේ නම් වැඩට ගියාට කරන්න වැඩි දෙයක් නැහැ.අනිත් කට්ටිය වැඩට දාලා මට මගේ පොත පතක වැඩක් කරගන්න පුළුවන්. නිදහස් දවස. අද හවස ගම්පහ ගිහින් 2010 පංචාංග ලිත් පොත ගෙනාවා. හෙට බලන්න එන ලබන අවුරුද්දෙ ග්‍රහචාරෙ කොහොමද කියලා. මොකද මම හිතාගෙන ඉන්නෙ ලබන අවුරුද්දෙ රස්සාවෙන් අයින් වෙලා පූර්ණ කාලීනව කේන්දර බලන වැඩෙ පටන් ගන්න. ටිකක් අවදානම් තීරණයක් තමයි. ඒත් ඉතින් ජීවිතෙ වෙනසක් තියෙන්නත් ඔනනෙ. මට කොහොමත් රස්සාවක් හුග කාලයක් කරන්න අමාරුයි.ඒකාකාරී ජීවිතයට හරිම අකමැතියි මම. පොඩි බයානක කමක් තියෙන්නෙ මම කේනදර බලන්න පටන් ගත්තා වගේ නෙවෙයි, මගෙම වැඩක් කරන කොට වැඩි වගකීමක් නැතුව යන එක. දැනට උනත් බලන්න දීලා මාසයක් විතර වෙන කේන්දර කීපයක්ම මා ගාව ගොඩ ගැහිලා තියෙනවා. දවසක් ඇතුලත බලන්න පුළුවන් නිසා කරන්න හිතෙන්නෙ නැහැ. දැන් කරන රස්සාවෙ වගකීම වැඩි නිසා මම එක දිගට වැඩ කරනවා. පුංචි වරදකටවත් ඉඩ තියන්නෙ නැහැ. ඒත් රස්සාව අත හරින එක ගැන දුකකුත් තියෙනවා,මම නිසා තව හත් අට දෙනෙකුගේ රස්සාවල් ඛෙරිලා තියෙනවා . මම ආපු ගමන් එයාල මොනවා කරගනීද කියලා තමා බය. ඒත් ඉතින් මට හැමදාමත් එතන ඉන්න බැහැනේ. මොකද ජොතිෂය ඉගෙන ගත්තෙම මම වයසට ගිය කාලෙක උනත් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ජීවත් වෙන්න පුළුවන් කියලා දැනගෙන. කොහොමටත් විවහයක් කරගන්නවට වඩා මම තනිකඩව ඉදී කියලා මට හිතිලා තියෙනවා. එහෙම උනොත් මට තනිවම තමයි මා ගැන බලාගන්න වෙන්නෙ. දැන් උනත් අසනීප උනොත් මමම තමයි මාව බලා ගන්නෙ.එක අතකින් භයානක තත්වයක් තමයි. ඒත් ඉතින් ඒකට හුරු උනහම එච්චර අමාරු නැහැ. තව කී දවසක් මම ජීවත් වෙයිද කියලා මම දන්නෙ නැහැ. ඉතින් ඒ කාලෙ නිදහසෙ ඉන්න මම කැමතියි.ආාා දැන් නම් නිදි මතයි වගේ මම යනවා. හැම දෙනාටම සුභ අනාගතයක් වෙවා!

6 comments:

  1. ඉතිං කේන්දරත් විස්වාස කරනවා නම්, ඒවා බලන්නත් දන්නවාත් නම්, ඇයි තමුන්ගේ අනාගතේට වෙන්නේ කියලා, තමුන්ටම බලාගන්න බැරි සහෝ ??????

    ReplyDelete
  2. මගේ කෙන්දරෙත් උබට කියලා බලවාගන්නයි හිටියේ...

    දැනට උනත් බලන්න දීලා මාසයක් විතර වෙන කේන්දර කීපයක්ම මා ගාව ගොඩ ගැහිලා තියෙනවා.

    දෑන් ඉතින් මොකද කරන්නේ,,,මේ මචා රස්සාවත් එක්කම ඔය වෑඩේ කරගෙන ගියොත් හොද නේද,,,,

    ReplyDelete
  3. කේන්දර බලන එක හොදයි. හැබැයි ගෙදර ඉදන් කේන්දර බැලුවොත් නම් ඔයාගෙ අර යාලුව ඔයාව විනාශ කරල දාවි. නොබැද ඉන්න එක නම් ගොඩක් හොදයි.මොකද විවාහක උදවියත් අවසානයේ තනිවෙනවා නිකම් නෙමෙයි දරන්න බැරි වේදනාවත් එක්ක. වයසට ගියාමත් ලියන්න. මම එන්නම් බලල යන්න.එතකොට අපි ගොඩක් මුහුකුරා ගිහින්. කාටවත් බයත් නැහැ .
    රස්සාව ගැන මගේ අදහස කියන්නම් හැබැයි ඉතින් අදහසක් විතරයි.රස්සාවට නොගිහින් ගෙදර හිටියාම ඉක්මනට වයසට ගිහින් ලෙඩ වෙලා නාස්තිවෙලා සෙත්තපෝච්චි වෙයි. ඒක ඉතින් ඔයාගෙ කැමත්ත.

    ReplyDelete
  4. මේ කවිය ඇතුලෙ ඔයා ඉන්නවද බලන්න...........

    නොගැයූ ගීයක තනුවක් වී
    නොහෙලූ කදුලක සිසිලක් වී
    නොපැතූ පැතුමක කදුලක් වී
    ඔබ මා සමග සිටී

    සැහැල්ලුය සිත
    බරක් නොමැත

    අනන්ත අපරිමාණ විශ්වය තුල
    සෙමින් සෙමින් විසිරී යන
    පුලුන් වලා රොදක්මි මම
    අනන්ත අපරිමාණ විශ්වය තුල්
    ඔබත් මාත්
    දෙදෙනා හැර
    වෙන අන්කිසිවෙකු නොමැත

    සේකර

    ReplyDelete
  5. ඔන්න මාරෙ අයියා මම ඔයාගේ බ්ලොග් එක මුල ඉඳලම බලන්නයි සෙට් වෙන්නෙ ........

    දවසකට එක ලිපිය ගානේ හරි කියවනවා ....

    ReplyDelete
  6. හොදයි මල්ලි...අවුරුද්දකින් විතර හරි අපි හම්බ වෙන්නේ නැතෑ නේද..?

    ReplyDelete