26 November 2009

දුරස් වන්නේ ඇයිද ඔබ මා..

හඳුනා ගන්නෙ කෙලෙසද ඔබ මා
මා වත් මා නොහදුනන නිසා..
වටහා ගත්තද ඔබගේ පැතුමන්
ඔබ මා වටහා නොගත් නිසා..
දිය වී යන විට මා මුළු හදවත
කෙළෙසද වාවා ගන්නෙ මා..

පැතුම් පතමින් පෙරුම් පුරමින්
භවයෙන් භවයට එකට බැඳී..
ආ මුත් දෙදෙනා නොහඳුනනා ලෙස
ඉන්නෙ ඇයි මෙලෙසින් ඛෙදී..

දෑස ගැටුන විට ඔබ මා හමු වී
මුව ගොළු වී යන්නෙ ඇයිදැයි..
නොදනිමි මා තව කුමක් කරන්නද
හද හඩනා විට ලොවට හොරෙන්..

2 comments:

  1. ලස්සනයි මාරයියේ .

    ReplyDelete
  2. කමෙන්ටුවක් නැතිව තිබූ එකම එකටත් එකක් වැටුන නෙව..මං මේක හුග කාලෙක ඉඳන් හංගලා වගේ තියන් හිටියේ..ඒකත් අද අහුඋනා එහෙනං..
    ස්තුතියි..බොහෝම...

    ReplyDelete