26 November 2009

ජීවිතයේ ගග ගලා බසින සේ..

අද දවසත් ගෙවිලා ගියා.කිසිම දෙයක් කලේ නැහැ කියන්නත් බැහැ. රෙදි හේදුවා, දෙපාරක්ම නෑවා ,තුන් පාරක් කෑවා, බ්ලොග් දෙකකුත් ලීවා, කඩෙ ගිහින් මුරුක්කු ගෙනත් කෑවා, මැච් එකත් චුට්ටක් බැළුවා...
එක අඩුවකට තියෙන්නෙ අද මගේ යාළුවා නැහැ. (බොතලේ ඉවර වෙලා) හවස ගිහින් යාළුවා හොයන් එන්න හිතුවත් ඔන්න ඔහේ ඔන නැහැ කියලා හිතුවා. දැන් තමා ඒකෙ රග තේරෙන්නෙ. පට්ට කම්මැලියි. ඉතින් මෙක ලියනවා ඇර වෙන මොනවා කරන්නද? දුක තමා. හෙට වැඩට ගිහින් අනිද්දට එනකොටම යාළුවා එක්කගෙන එන්න ඔන. මෙහෙමත් විඳවන්න පුළුවන් කාටද..?
ඇත්තටම මට වෙලාවකට හිතෙනවා අපි මෙ ජීවත් වෙනවා කියලා මොන තරම් ආත්ම වංචාවක්ද කරන්නෙ කියලා. දැන් උපදින එවුන් ඔනනම් අවුරුදු 60ක් 70ක් ඉඳියි.(මට නම් එච්චර නැහැ) ඒ ටික කාලෙට වහල්ලු වගේ ජීවත් වෙනවා. හැම කෙනාම හදන්නේ සල්ලි හොයන්න. ඒකෙ වරදක් නැහැ.මොකද හැම කෙනාටම බඩගින්න දැනෙනවනෙ. බඩගිනි වෙනකොට කන්න දෙන්න සුරංගනාවියො අපි ලග නැහැනෙ. අපි හොයා ගෙන කන්න ඔනේ. හැම කෙනාම තමන්ගේ කෑම වෙල වෙනුවෙන් මොනවා හරි හොයන්න ඔන. ඇදුම් පැලදුම්,ඛෙත් හේත්, ඉහට වහලක්.. මෙ දෙවලුත් එහෙමයි. ඒත් දැන් මිනිස්සු ඒ ටික වෙනුවෙන් පුදුම මහන්සියක් ගන්නවා. සමහරු හම්බ කරන්නෙ අවුරුදු 1000ක් ඉන්නවා කියලා හිතාගෙන. හැම වෙලාවෙම වැඩ.වැඩ.වැඩ..
ඒ විතරක් නම් මදෑ..
තමන්ගෙ පැටවුන්ටත් ලෝකෙට වහල් කම් කරන්න හුරු කරවනවා. මොන කරුමයක්ද මෙ.. ඉපදිලා අවුරුදු 3-4 යන කොටම ඔන්න පටන් ගන්නවා යුද්ධෙ. ~මොන්ටිසොරිය~ ඔන්න මාරක අංක 1ක.(අපෙ කාලෙනම් කිවුවෙ එහෙම දැන් නම් මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානද කොහෙද කියලා අමුතු අමුතු නම් දාගෙන) මෙකෙන් කරන්නෙ යන්තම් ඇවිදින්න පටන් ගන්න දරුවන්ව හරක් වගේ ගාල් කරගෙන මහ එවුන්ට ඔන ඔන දෙවල් කරවන එක. (හෙන හතම වදින්ට ඔන ) ළමයි උනහම මෙ ලොකෙ පිළිබඳව දැන හදුනා ගන්න ඔන. ජීවත් වෙන්න ඉගෙන ගන්න ඔන. ජීවිකාව පවත්වා ගන්න අනා ගතේදී ප්‍රයොජනවත් ශිල්පයක් දෙකක් ඉගෙන ගන්න ඔන. මම ඒවා වැරදියි කියනවා නෙවෙයි.නමුත් කොයි දේටත් කාලයක් තියෙනවා. තමන්ගෙ අම්මා තාත්තගෙ උනුසුමෙ දැවටිලා කෙලි සෙල්ලම් කරමින්, කවි කතන්දර අහමින්, හිමින් හිමින් ඉගෙන ගන්න ඔන දේවල් ඉතාම කෙටි කාලයක් ඇතුලත බලහත්කාරයෙන් අර පුංචි උන්ගේ ඉහ මොළ ඇතුලට දාන්න හදනවා. දරුවා ඉස්කොලෙකට දාන්න ගියහම බලන්නෙ අනෙ මෙ පොඩි එකාට යන්න එන්න පහසුයිද ඉගෙන ගන්න තරම් සුදුසු වට පිටාවක් තියෙයිද කියලා නෙවෙයි, පාසල ජාතික පාසලක්ද, කොයි තරම් ජනප්‍රියද කියන කාරණා විතරයි.~ඊ ළගට 5හේ ශිෂ්‍යත්වෙ~ එක ළමයින්ගෙ නෙවෙයි මොඩ අම්මලගේ විභාගෙ. පොඩි ඔකාට කන්න, බොන්න, රෙන්න වත් නිදහසක් නැහැ.පන්ති. පන්ති.පන්ති( හෙනම ගහපන් ) ඔන්න ඔය ආකාරයට සා\පෙළ,උ\පෙළ අන්තිමට උපාධිය..(තවත් ඉතින් තියෙනවා) මෙ ඔක්කොම කරලා ඉවර වෙන කොට ළමයාගෙ වයස 25ක් 30ක් වෙලා.දැන් ඉතින් ඒකා රස්සාවක් හොයාගෙන හම්බ කරලා කසාදයක් එහෙම බදිනකොට වයස කීයක් විතර වෙයිද?
දැන් අර ළමයා අවුරුදු 30ක් විතර මහන්සි කරවලා තියෙන්නෙ මොනවටද? මෙ ජීවිතයෙන් ඉතිරි වෙලා තියෙන අවුරුදු 30හ ජීවත් වෙන්න මාර්ගයක් පාදලා දෙන එක.එක එහෙම උනයි කියමුකො. ඔතන තව ප්‍රස්නයක් තියෙනවා. අර අවුරුදු 3නෙ ඉදලා මහන්සි වෙලා උගන්නපු දේවල් වලින් අපිට ඉදිරි ජීවිතේට ඔන වෙන්නෙ කොයි තරම් ප්‍රමාණයක්ද? බොහොම ටිකයි. (උදාහරණයක් වශයෙන් කිවුවොත් පාසලේදී අපි ඉගෙන ගන්න ගණිත ක්‍රම වලින් වැඩි හරියක් ආයේ කවදාවත් අපේ ජීවිතේදී ඔන වෙන්නෙ නැහැ.කෙනෙකුට පුළුවන් කියන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා කියලා කියන්න සමානව ඉගෙන ගන්න. ඒ ගැන අපි පස්සේ සාකච්ඡා කරමු.)මෙ මොන සෙල්ලම දාලා ආවත් අපි හැමොම එකම පාරකයි යන්නෙ. පොඩි කාලෙ අර තරම් දුක් විදලා ඉගෙන ගත්තයි කියලා එතන ඉදලා ජීවිකෙ සැපෙන් ගෙවෙනවද? නැහැ. තමන්ගෙ අම්ම තාත්තා කරපු විදියටම තමනුත් තමන්ගෙ දරුවන්ගෙ වධකයො වෙන ගමන්ම, තව දුරටත් ජීවත් වෙන්න පුදුම දුකක් විදිනවා. මැරෙනකම්ම මෙ මිනිස්සුන්ට සැනසීමක් තියෙනවද?
ඇත්තටම මිනිස්සු කියන්නෙ මොන තරම් කරුමක්කාරයො ටිකක්ද? මුන්ට තේරෙන්නෙ නැහැනෙ තමන් ගෙවන කරුමෙක මහත.
මෙ හැම දේටම හේතුව මිනිස්සුන්ට මෙ ලොකය පිළිබඳව අවබොධයක් නැති කම. දැන් ඉතින් මට පුළුවන් මෙතන ඉඳන් චතුරාර්‍ය සත්‍යය පිළිබඳ දේශනාවක් දෙන්න. ඒත් බොතලෙන් පටන් අරන් බුදු බණෙන් ඉවර කරන්න ඔනෙ නැහැනෙ. එක හින්දා දැනට ඇති.එහෙම උනොත් මට ආයෙමත් හිතන්න වෙනවා අර මම මුලින් කියපු ආත්ම වංචාව මම මෙ දැනුත් කර ගත්තා නේද කියලා. ඒ හින්දා මම බණ කියන එක නැවැත්තුවා. මම මෙ ටික ලිවුවෙ බලන කාටත් තව පාරක් ජීවිතෙ ගැන හිතන්න පෙළඹවීමක් කරන්නයි. නැතුව මට මෙ ලොකෙ ඉන්න උන්දැලව හදන්නත් බැහැ, මට ඔනත් නැහැ, කැමති කෙනෙක් කැමති දෙයක් කරපුවාවෙ. මට මොකො. මමත් මට කැමති දෙයක් කරනවා. හැබැයි මම කරන දෙයින් විදින්නෙ හරි විදවන්නෙ හරි මම විතරයි. ඒත් අම්මලා තාත්තලා කරන කියන දෙයින් තමන්ගෙ දරුවො විතරක් නෙවෙයි මුළු සමාජයක්ම විඳවනවා. එච්චරයි මට කියන්න තියෙන්නෙ.

12 comments:

  1. සහතික ඇත්ත...
    අපේ රටේ තියන අධ්‍යාපන ක්‍රමය සම්පූර්නයෙන්ම වැරදියි...
    සා.පෙල උ.පෙල කාලේ ඉගෙනගන්න ගණන්වගේ දේවල්[නියමයන්,සුත්‍රයන්] ආයේ ජීවිතයේ කවදාවත් එන්නේ නැහැනේ...

    ඒක නිසා අපේ දරුවන්ට කියලදෙන්න ඕනේ ජීවිතේ ගැන කියලයි මගේ හැගීම.

    ReplyDelete
  2. මොනා වුනත් දෙපාරක් නෑව එකයි. තුන් පාරක් කෑව එකයි. යාලුව ලග නැති එකයි ඉතා අගේ කොට සලකමි.

    ReplyDelete
  3. දසුන් මධුසංඛ වානගුරු said...

    ඇත්ත. මට කියන්න ඔන උනෙත් ඒදෙම තමයි. මට අදටත් මතකයි අපේ තාත්තා මන්න පිහියෙන් කපලා කොටලා ගෙදරට අවශ්‍ය එක එක භාණ්ඩ හදන හැටි, ඒ ගැන මටයි මල්ලිටයි කියලා දෙන හැටි. ඒත් එක්කම මම ඉගෙන ගත්තෙ අල්පේච්ඡතාවය. මුදල් දීලා කඩෙන් ගන්න බඩු වලට සමාන නොවුනත් අපි විසින්ම හදා ගත්තු දේ ගැන පුදුම සතුටක් සහ සෑහීමතට පත් වීමක් අපේ ගෙදර කා තුලත් තිබුනා. අපි තුල නිර්මාණශීලීත්වය ඇති කලේ තාත්තාගේ ඒ මගපෙන්වීමයි. තාත්තාගෙන් මට ලැබුන් ලොකුම දායාදය එයයි.

    ReplyDelete
  4. wath said...

    ඇයි දෙයියනේ මගේ ප්‍රාණ සම මිතුරා ගැන ඔහොම හිතන්නේ...

    ReplyDelete
  5. අරුණෝදේ මා නිදා සිටින විට
    තුළින් අවන්හල හඩක් ඇසුනි මට
    දිවි සුරාව සිදිලා යන්නට පෙර
    පුරවාපන් පුරවාපන් විත.
    මහගමසේකර

    ReplyDelete
  6. සේකර කියන්නෙ මගෙ පුරොගාමී චරිතය..

    ReplyDelete
  7. එහෙනම් චතුෂ මේකත් සේකරගෙ

    අරුණොදයේ ළා හිරු රැස් මත නටන
    පිනි බිදුවක් ලෙසට ඔබ මට මුණ ගැසින
    දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
    පිනි බිදුවක් ලෙසට ඔබ අහසට නැගින

    ReplyDelete
  8. තණ පත් අගින් ගිලිහෙද්දී පිණි බිදුව..
    එක්වී තවත් බිදුවක දැවටී පෙමින..
    මහ ජල කදක් වන්නට නැතිනම් උරුම..
    යන එක සැපයි හිරු එළියට වී නතුව..

    ReplyDelete
  9. ලස්සන මිනිස්සු තුං දෙනෙක් මටත් තියන්නෙ සේකර විදපු, විඳවපු ජිවිතය වගෙ ජිවිතයක්...කියවන්න ගම අමතකයි පද්‍ය පන්තිය...

    සිදදියට එන්නට මට
    බුද්ධිය උඹ තමයි එදා
    පාර කියා දුන්නේ
    ගමෙන් උරුම වූ වස්තුව
    පොදියක් බැඳ කර තියාන
    උඹෙ බහට රැවටීලයි සිදදියට ආවෙ....

    ...
    සක්වාළීහීනී. මහගම සේකර

    ReplyDelete
  10. අම්මලා තාත්තලා.. සමහර අය එ දෙයට සුදුසු විදියට හැසිරෙන්නෙ නැහැ. එක අපි උරුම කරගත්තු දෙ. නමුත් ප්‍රශ්න නිසා හරි වෙන කරුනක් නිසා හරි අපෙ ගමන අපි විනාශ කරගත්තොත් අපිට මෙ ලොකෙන් යද්දි සැනසීමෙන් යන්න බැහැ. ඔයා මහගම සේකරගෙ රසිකයෙක්. මමත් එහෙමයි. සේකරගෙ ඇසින් ලොකෙ දිහැ බලන්න. එතුමා මෙ හැම දෙයක්ම අපුරුවට, ලස්සනට කවිවල ගෙත්තම් කරල තියනව. මෙ කරුමය තුල අපිට උරුම වෙච්චි සොදුරු මිහිරකුත් තියනවා. බොත්ලෙ, ගැහැනූ, දේපල, මීටත් එහා ගිය දෙවල තියනව. අද අපි මෙහෙම එකතු වෙන්නෙ ගොඩක් මිනිස්සු න්ගෙ කැපවීමක ප්‍රතිපලයක් නිසා. අපිට මුකුත් නොකර යන්න බැහැ. හැමතිස්සෙම අපි ගාව නැති දෙයට වඩා අපි ගාව තියන දේට හිත යොමු කරමු. එ අතින් ඔයා ගොඩාක් වාසනාවන්තයි මට වඩා.

    ReplyDelete
  11. තණ පත් අගින් ගිලිහෙද්දී පිණි බිදුව..
    එක්වී තවත් බිදුවක දැවටී පෙමින..
    මහ ජල කදක් වන්නට නැතිනම් උරුම..
    යන එක සැපයි හිරු එළියට වී නතුව..

    මේ කවියනම් පට්ටයි. මාර පද ගැලපීමකුයි තේරුමකුයි තියෙනවා. අයෙත් නිකන් බොක්කටම වදිනවා.

    ReplyDelete