11 November 2009

රාජකාරියට යාමට පෙර

දැන් මම වැඩට යන්න හදන්නේ. තව විනාඩි 15ක් විතර තියෙනවා. ඉතින් ඒ ටිකටත් වචනයක් හරි ලියලා යන්න හිතුනා මොකද අද ගියහම හෙට උදේ තමයි මම ආපහු එන්නේ. (මෙ කාලේ මාරයාට උනත් ජීවත් වෙන්න අමාරුයිනේ ජොබ් එකක් නොකර මොකද දැන් මාරයාගේ වැඩ ටික මෙ රටෙ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ඇතුළු විවිධාකාර පුද්ගයින් විසින් එළටම කරගෙන යනවනේ. මාරයාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.) සමහර විට ඔයාලත් රැකියාවන් කරනවා ඇති, එහෙමත් නැතිනම් රැකියාවට ගිහින් ආයතනයේ වියදමින් බ්ලොග් ලිය ලියා ඉන්නවත් ඇති. ඒ කොහොම උනත් කමක් නැහැ, හැබැයි කරන රැකියාවට සාධාරණයක් කරන්න. අපිට මෙරට වෙනුවෙන් හරි අපි වෙනුවෙන් හරි වැඩ කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ ටික හරියට කරමු.
මම හැමදාමත් රැකියාවට යන්නේ මෙ මගේ රැකියාවෙ පලවෙනි දවස කියලා හිතාගෙන. එතකොට රැකියාව පිළිබඳ වගකීම දරන්න පුළුවන්,හරි උනන්දුවෙන් වැඩ කරනවා. හැම දේ ගැනම හරි විමසිලිමත්ව ඉන්න පුළුවන්. වරදක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද අපි අතින් වෙන වැරදි හුගකට මුල් වෙන්නෙ අපේ අවධානයක් නොමැතිකම. මම කරන්නෙ සමාජයේ ආකල්ප අනුව මහ ලොකු රස්සාවක් නොවෙන්න පුළුවන්, ඒත් ඒක මට මෙ රටෙ තියෙන හොඳම රැකියාව.මම පහුගිය වසර 16 තුල විවිධ රැකියාවන් රාශියක් කරල තියෙනවා.(මම වැඩ කරන්න පටන් ගත්තෙ වයස14 ඉඳලා) ඒ හැම රැකියාවක ම මට ඉගෙන ගන්න දෙයක් තිබුනා. මැක්සිම් ගොර්කිට වගේ මටත් සරසවිය උනේ රැකියාවන් කල ස්ථාන. පාඩම්,දේශන උනේ රැකියාවන්ගෙන් ලද වලින් ලද අත්දැකීම්. මම තෘප්තිමත්. ඊට වඩා වෙන මොනවද? අදට වඩා හෙට හොඳයි... මට පරක්කු වෙනවා. මම යනවා සුභ දිනයක් සියළු දෙනාටම...

6 comments:

  1. kataunath rakiyawa prupthimathwa karanna puluwan wanna ayathanaya visin wadakarana minissunta salakana vidihata.hariyata padi gavim,deemana danawanam hitha sathutin wada karanna thiyanawanm hama kenekma ayathanayata garu karai.habai ahama nowana awasthath nathuwa nowa

    ReplyDelete
  2. සිතනු මැන හදවතින්
    ඔබ තනිව නෑ ඉතින්
    හද ඔඛෙයි දුක මගෙයි
    එක්ව හිනහෙමු ඉතින්

    ReplyDelete
  3. හදවතින් සිතන්ට මට නොහැක තව වරක්..
    සිත සැලෙයි සියුම් ලෙස ගැහෙන දළුවක් ලෙසින්...
    හදවතේ උරුමකම් සිතේ තෙරපෙන හැගුම්..
    සියළු දේ සොරා ගෙන ඇය ගොසින් බෝ දුරක්...

    ReplyDelete
  4. සිතන්නට නොහැකි නම් ඉඩ දෙන්න එක වරක්
    සිතන්නම් ඔබේ සිතින් දකින්නම් ඔබේ නෙතින්
    සියලූ දේ ගෙන ගියත් ඔබ තබා ඈ ගොසින්
    උරුමකම් කරුමයක් නොවේ නුඹ හිනහියන්

    ReplyDelete
  5. පOකාදු කවි ටික....
    වත්ටම හරියන තෝතැන්න

    ReplyDelete