02 December 2009

අතීත සැමරුම් අංක 1- සංජීවනී සමග මාගේ ප්‍රථම එකතුවීම..

ජීවිතයේ එක් විරාමයක නැවතී සිටිනාතුර විටින් විට සිහියට නැගෙන මතකයන් අතර මා විටක අතරමං වන්නේය. සමහර මතකයන් ඉතා වෙදනාකාරී වන අතර තවත් මතකයන් සිතට මිහිරක් උපදවයි. සිහියට නගා ගත යුතු නොවන හා එතරම් විශේෂිත නොවූ මතකයන් සමුදායකුත් මෙ අතර ඇති බවත් කිව යුතුය. පාසල් සමය මෙන්ම අධ්‍යාපන කටයුතු වලට තිත තැබූ දා පටන් සමාජය අතර තුර විවිධ අවස්ථාවලදී මුන ගැසුනු විශේෂිත පුද්ගලයින් රාශියකි. (ඔවුන් පිළිබඳව පසුව ලිපි පෙළක් ලිවීමට බලා පොරොත්තු වෙමි.) එවන් වූ අතීතයක් සිහිපත් කරන කල මා හට සිහිපත්වූ තවත් එක් සොදුරු මතකයක් මෙහි සඳහන් කරමි. සංජීවනී .. අහා ඇය සමග වූ මාගේ ප්‍රථම එකතු වීම කෙසේ නම් මා අමතක කරන්නද..?
සංජීවනී මට මුලින්ම මුන ගැසුනේ මා දෙවන වරට ආරක්ෂක අංශයේ රැකියාවක් කරන සමයේ විය. මූලික යුධ පුහුණුවෙන් පසුව වෘතීය අභ්‍යාසයන් සඳහා අහස් යන්තර අංගනයකට යාබද පොල් අක්කර 250ක් පමණ වූ භූමි භාගයක වූ කඳවුරු බිමෙ රැදී සිටි කාල වකවානුවෙදීය.සංජීවනී මට හදුන්වා දුන්නේ මාගෙ බඩියා නොවුනත් බඩියාටත් වඩා මාහා බැච් ෆිට් එකෙන් සිටි මගේ හිතවතා වූ බණ්ඩා (බණ්ඩාර) විසිනි.ඊට ප්‍රථම අවස්ථා කිහිපයකදී සංජීවනී හා සමාන කිහිප දෙනෙකුම මා ඇසුරු කර තිබූ මුත් සංජීවනීගෙන් මා ලද මිහිරියාව ඒ කිසිවක් හා සමාන නොවන බව සංජීවනීට ගෞරවයක් වන සේ මා මෙහි සදහන් කල යුතුමය. නැතහොත් මා අකාරුණිකයකු බව මට හැගේ.
එදින සතියේ කවර දිනවයක්දැයි මා හට හරියටම කිව නොහැක. සති මැද බව නම් යන්තමින් සිහියට නගා ගත හැක. දවස පුරාම පුහුණුවීම් කටයුතු කර වෙහෙස වී සිටි අපට සවස හය පමණ වන විට මඳ ඉසුබුවක් ලැඛෙන්නෙ රාත්‍රී අහාරයට පෙර පිරිසිදු වී සූදානම් වීම සදහාය. උදෑසන සිට දෛනික රාජකාරී ලෙස පෙරට්ටු, නිවාස පරීක්ෂණ, වෘත්තීය පුහුණුව, ඉංග්‍රීසි භාෂා පුහුණුව, ශාරීරික අභ්‍යාස කදවුරු පිරිසිදු කිරීම් වැනි නොනවතින ක්‍රියාදාමයකින් හෙම්බත් වී සිටි අපට රාත්‍රි දහයේ කණිසම වන තෙක් ඉස්පාසුවක් නොවන්නෙ නින්ද අපේ පරම සුවය වූ බැවිනි. අන් සගයින් නින්දට ගිය පසුවත් මට නිදන්නට අවසරයක් නොවන්නෙ අපගේ බලඝණයේ දෛනික වාර්ථා සකස් කිරීමත් හෙට දිනට අඳාල පරිපාලන කටයුතුවලට අදාල ලිපි ගොනු සැකසීමත් මා අතින් සිදු වන හෙයිනි.එබැවින් බොහො දුරට මා පුරුදුව සිටියේ රාත්‍රි ආහාරයට නොයා සිටීමය. ( බඩගින්නෙ නම් ඉන්නෙ නෑ ) මාගේ ආහාර කාඩ් පත අන් සගයකු අත යවා ආහාර පිගානක් බිලට්ටුවටම ගෙන්වා ගැනීම නිතරම පාහේ සිදු වුනි. (මෙය වරදක් වූවත් මා ඇතුළු ජෙශ්ඨ පුර වැසියන්ට එම පහසුකම ලබා ගැනීමෙ හැකියාවක් තිබිණි) කොහොමටත් මා හට වැඩ කටයුතු තරමක් අධික වීම නිසා නිවාස භාර නිලධාරී තැනද ඒ සදහා තරමක බුරුලක් දක්වා තිබිණි. මට අමතරව එක් එක් වෘතීය අංශවල ජෙශ්ඨ සාමාජිකයින් තම වරප්‍රසාදයක් ලෙස මෙය භාවිතා කරති.
මෙසෙ වූ එක් සන්ධ්‍යා සමයක රාත්‍රී කෑම පිණිස යන සගයින්ට ප්‍රථමව අවස්ථාව දී අප කිහිප දෙනෙකු පසුව ස්නානය කර සිටියදී බණ්ඩා සුපුරුදු පරිදි සිදු කරනු ලබන හොරෙන් කඩෙ යෑමට සූදානම් විනි.( අනුමත වෙලාවන් ගෙන් බාහිරව කදවුරු භූමිය තුල සැරි සැරීම පුහුණු පාසල් සාමාජිකයින් වූ අපට අකැපය)කඩෙ යෑමට යන අතරතුරෙදී මා හට ඇවැසි යම් දෙයක් වෙදැයි මාගෙන් විමසීම ඔහු සතුව තිබූ අනිවාර්ය පුරුදුදක් වූයේ ඔහු විසින් දමා ගන්නා සියළුම බකට් වලින් ගලවා ගැනීම නිතරම සිදු වූයේ මා අතින් බැවිනි. (දවසකට අවස්ථා දහයක් හො ඊටත් වැඩි) මා හට ගෙන්වා ගැනීමට විශේෂ යමක් නොවුනද රුපියල් විස්සක් ඔහු අත තැබූ මා මොනවා හරි ගෙන එන ලෙස කීවෙ ටොෆී හො බිස්කට් වැන්නක් පිළිබද සිතමිනි.
මඳ වෙලාවකින් සිරිත් පරිදි හති දමමින් දිව ආ බණ්ඩා හැමදාමත් මෙන් ඉහල නිලදරුවකු අතින් ඛෙරී ආ අන්දම රසවත් කොට කියා මා අසලටම පැමිණ අඩෙ බං ....... (ඔවුන් මා ඇමතූ ආදර නාමය) මුකුත් තිබුනේ නැහැ බං ඉතින් මං උඹටත් එක්කම බඩුවක් ගෙනාවායි කී අතර ඔහු දෙස බැළු මා හට ප්‍රථම වතාවට සංජීවනී පෙන්වා සිටියේය. එක් විටම සංජීවනී දුටු මට බණ්ඩා සමග තරහා ගියත් සංජීවනී ගේ වූ හුරුබුහුටි පෙනුම නිසා එක් වරම බණ්ඩාට බැන වැදීමට සිත් නොවුනි. (දැන් බලමු සංජීවනී කවුද කියා..) ඉතා කුඩා සුදු පැහැති ඇගළුමකින් සැරසී සිටි ඇය ඇයගෙ වර්ගයේ අන් අය මෙන් ගොරහැඩි පෙනුමක් නොවූ බැවින් දුටු පමණින් මාගේ සිත යම් තරමකට ඇද බැද තබා ගැනීමට සමත් වූවාය. බණ්ඩාට බැන වැදීම පසෙක තබා මා සංජීවනී පිළිබද ඔහුගෙන් විස්තර අසා දැන ගත් අතර ඔහුත් ඒ පිළිබදව වැඩි විස්තර නොදන්නා බැවින් වැඩි කථා පසුවට තබා මා විසින් දෙවරකුත් බණ්ඩා විසින් තුන්වරකුත් වශයෙන් ඇයව පාවිච්චි කරන ලදි. (කොහොමටත් ඒ අංශයෙන් මට වඩා බණ්ඩා ඉදිරියෙන් සිටියා.) නමුත් මා ලද අමුතු සුවයක් නොවූ නිසා මා හට එම කාරිය එපා වූ අතර බණ්ඩාගේ තත්වයත් එයම විය. අවසානයේදී කලකිරුණු බණ්ඩාත් මාත් වෙනස් තීරණයක් ගන්නා ලදි. එනම් සංජීවනී පාවිච්චිය නවතා දමා රාත්‍රි ආහාරය ගන්නට භොජනශාලාව වෙත යන්නටයඉක්මනින් නිල ඇදුම් ලා ගත් අප, අපගේ නිවස්නයෙන් මීටර 350ක් පමන දුරින් වූ භොජනාගාරය වෙත යන්නට පිටත් වූයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුත් පෙළ ගස්වා ගෙනය.කදවුරු තුල ඇති නීති ප්‍රකාරව පෙල ගැසී ගමනේ යෙදුනු අප භොජනාගාරය තුලට වන් විට කිහිප දෙනෙකුම අප දෙස විමසුම් සහගතව බැළුවෙ අන් යමක් නිසා නොව රාත්‍රී කාලයෙ අපගේ මුහුණු එහිදී දක්නට ලැඛෙන්නෙ ඉදහිට බැවිනි.

කාරිය ඇරඹුනෙ මෙතැන් සිටය..

සුපුරුදු පරිදි පොලිමෙ ගොස් ආහාර වෙල ලබාගත් අප ඉඩ ඇති මෙසයකට වී ආහාර ගැනීම ආරම්භ කරන ලදි. වෙනසක් නැත තත්වය සාමාන්‍යය මට්ටමෙ පැවතිණි. පිගානෙහි වූ ආහාර ඉවර වූ මුත් තව ටිකක් බඩෙ ඉඩ ඇති බවක් දැනුනි.(සාමාන්‍යයෙන් පිගානට පලමු වටයෙ ඛෙදා ගන්නා ප්‍රමාණයෙන් මම හැමදාමත් සෑහීමකට පත්වන අයෙකි) කොකටත් කියා තව වටයක් ඛෙදා ගත් මා නැවත මෙසයට වාඩි වී ආහාර ගත් අතර තත්වයෙ අමුත්තක් දැනෙන්ට වූයේ මා තෙවන වරත් කල්දේරම අසලට ගොස් බත් ඛෙදා ගන්නා අයුරු දුටු සගයින් සිනාසෙන්නට වූ බැවිනි. එතැන් පටන් කී පාරක් බත් ඛෙදා ගත්තාදැයි මා හට මතකයක් නොවූ අතර බණ්ඩා පුරුදු පරිදිම අන් සගයින්ගෙ ආහාර පිගන් වලින් බදු අය කිරීම පටන් ගෙන තිබිණි. පසුව මෙදෙස බලා සිටි මා හිතවත් ~ධනයා~ පැමිණ ....... ඔය ඇති බන් අපි යන් කීවෙන් මෙසයෙන් නැගිට පිගාන සොදා වතුර බී නැවතත් නිවස්නයට පිටත්වීමි.

අමාරුම හරිය..
වෙලාව රාත්‍රී අට පසුවී තිබුණි. මාර්ගය දෙපස තැනින් තැන විදුලි ආලෝකය ඇතත් සෑහෙන තරමෙ අන්ධකාරයක්ද හාත්පස වෙලාගෙන තිබුනි. ''left'' right''left''right''..මගේ හඩට අනුව පාද තබමින් පිරිස ආපසු නිවස්නය කරා ඇදෙමින් තිබුනි. අඳොමැයි.. ගමනේ අවසානයක් නැත. එනවා එනවා ඉවරයක් නැත. ඈතින් අප නිවස්නයේ විදුලි බුබුලක එළිය පෙනෙන්නාක් මෙන් වූවත් තව ආලොක වර්ෂ කිහිපයක දුර ඇති බවක් හැගී යයි. වෙලාව කොතෙක් නම් ගත වූවාද මෙහි සිට යාපනයට වූවත් යාමට සෑහෙන කාලයක් ගත වී ඇති බවට නම් මට හැගුනි. ~මෙකෙ ඉවරයක් නැද්ද බං.. කවදද අපි බිලට් එකට යන්නෙ.. ~ ප්‍රශ්නය මගෙනි. ඒහා සමගම නැගෙන අවලං හිනාව මා විසින් රැනෙ එන බල පංතියෙ සිටින නවක සෙබළුන්ගෙනි. මුං කොහොමද මට හිනා වෙන්නෙ.. ඒත් කෙන්ති නොයයි. වෙන වෙලාවකදී නම් ඇදන් යටින් වටයක් යවන එක සිකුරුය. අපේම සෙට් එකත් නොන්ඩිය දමයි.. මොනවා නම් කරන්නද..? කරොල කටු කෑවා නම් විඳවාපන් බළලො කීවළු. මට සංජීවනී සිහිවිය. මෙ නම් ඈ හා එකතු වීමෙ ප්‍රතිඵයක්මැයි.කුමක් කරන්නද මට හැගුනු පරිදි දින ගනනාවක දිගු ගමනකින් පසුව යන්තම් නිවස්නයට පැමිණියෙමි. කෙසෙ හො අසීරුවෙන් අසීරුවෙන් රාත්‍රී පෙරට්ටු ලෙඛනයන් සකසා ගත් අතර සගයින්ගේ කර මතින් රාත්‍රී පෙරට්ටුවට ගියා මතකය සීරුවෙන් සිටින් .. පහසුවෙන් සිටින්.. සීරුවෙන් සටින් අතරක් නොතබා දකුණින් පෙළ..බලන්.. පෙරට ඇස්. යන්තම් ඇති කොල්ලො ටික කෙලින් ඉන්නවා. අංශක 180කින් ආපසු හැරී හොල්ට් එකක් ගැසූ අතර නොවැටී ඛෙරුනේ අනූනවයෙනි. නැවතත් අතරින් පතර හිනාව.. සාජන්ට් වරයාට තත්වය අවබොධ විනි. මුවෙ රඳවා ගත් මදහසත් සමගින් ~මොකද හු..... ලාට වෙලා තියෙන්නෙ.. හ්ම් ගැනපියවු කෙරවලේ ඉදලා.. කීයද ගණන..? හාරසිය..... (හරියටම මතක නැත.) හ්ම්..හ්ම් .. දුවපියව් බිලට් වලට . ........ තො මට අහුවෙය හෙට තොව පට්ට ගහනවා. පොල් වත්ත මැදින් නිවස්නයට වෙගවත් දිවීමක්.. යන්තම් ඇති නිවන් ගියා වගේ. මට මතක එච්චරයි. ආ පහුවදා උදේ මාව කට්ටිය හොයාගෙන තියෙන්නෙ අමාරුවෙන් තට්ටු ඇදන් වූ අපේ නිවාසයේ උඩ ඇදක හිමි කරු වූ මා පසු දින උදෑසන හමු වී තිබුනේ ඇඳ කකුලක් බදාගෙන බිම නිදා ගෙන සිටියදීය.. හපොයි මගෙ සායම ගියා...
ඔන්න ඔහොමයි සංජීවනී එක්ක එකතු වෙලා මම කාපු පරිප්පුව අවසන් උනේ..
(කවුද මෙ සංජීවනී .. නාහල්ලෙගේ ලොකු අයියගෙයි ශ්‍රීමත් පොඩි අයියගෙයි චූටි නංගි - මදන මොදකයක්)( මෙ ලිපියටත් ආණ්ඩුවෙන් තිත තියයිද දන්නේ නැහැ.

9 comments:

  1. තමුන් කරන කියනදැ වල ප්‍රතිපල තමුන්ටමයි.දුර දිග බලලා වැඩ කරන්න ඔනා. හැගිම් පාලනය, තරහව පාලනය, ආතතිය පාලනය මෙ දෙවල් ජිවිතයකට මොනතරම් වැදගත් දේවල්ද කියලා වැටහෙන්නෙ අවස්ථාව මූණ දුන් පසුවයි.

    ReplyDelete
  2. " ඔන්න ඔහොමයි සංජීවනී එක්ක එකතු වෙලා මම කාපු පරිප්පුව අවසන් උනේ..
    (කවුද මෙ සංජීවනී .. නාහල්ලෙගේ ලොකු අයියගෙයි ශ්‍රීමත් පොඩි අයියගෙයි චූටි නංගි - මදන මොදකයක්) "
    අපරාදේ මචං උඹට මේ ටික නොදා ඉන්න තිබුනේ.. එලකිරි සටහන.....

    ReplyDelete
  3. එළ තමා මෙක දාලා මගේ බ්ලොග් එකත් සින්ඩියෙන් අයින් කලා අසාදාරණ ලොකේ. පුළුවන් නම් මට ආපහු සින්ඩියට එන්න ක්‍රමයක් කියපන්.

    ReplyDelete
  4. මේල් එකක් ගහපන් මේක කියන්නේ සංජීවනී මදන මෝදකය ගැන කියලා. නැත්නම් මේකට සෙට් වෙයන් මමත් සප් එක දෙන්නම් ආපහු දාමු.
    http://groups.google.com/group/sinhala-bloggers/

    ReplyDelete
  5. මේ කතාව මං කලින් බැළුවා. අද කමෙන්ට් දාන්නේ වාරණය වුුණු බව ඇසුවාට පස්සෙයි.

    කෙලින්ම පොල්ලෙන් ඔළුවට ගහනවා වාගේ කතන්දරේ කියන්න එපා. වාර්තාමය බව පොඩ්ඩක් අඩුකරලා අසන්නන් ට හිතන්න ටිකක් ඉතුරුකරන්න. ව්‍යංගය භාවිතා කරන්න. හැම දෙබසක්ම, ගැම විනාඩියක් ගැනම විස්තර අනවශ්‍යයයි.

    වාරණයෙන් ගැලවී ලියන්න පුළුවන්. කල්පනාකාරී විය යුතුයි.

    මගේ ලෝ කට් බ්ලවුස් කතන්දරේ ට දාන්න ඕනැ තරං ෆොටෝ තිබුණා. ඒත් මං ස්වයං වාරණයක් පනවාගෙන නමුත් හොඳට ගැලපෙන එකක් දැම්මා.

    කතන්දරකාරයා.

    ReplyDelete
  6. අප්පො මොනාද අයියෙ.... 5 හෙ ටොපිය දෙපාර තුන් පාර කන්නෙ.... මාරි බිස්කට් දෙකක් මැද්දෙ තියලා එකපාර ගිලින්න එපැ.

    ReplyDelete
  7. හෆොයි . . . මාර වැඩේ තමා . . . . මොනා වුනත් එලට ලියලා තියෙනවා .. . හෙ හෙ හෙ

    ReplyDelete
  8. සිරාම පෝස්ට් එකක්නෙ මම ඇත්තටම හිතුවෙ වෙන සීන් එකක් ..

    (කවුද මෙ සංජීවනී .. නාහල්ලෙගේ ලොකු අයියගෙයි ශ්‍රීමත් පොඩි අයියගෙයි චූටි නංගි - මදන මොදකයක්) මේක නොදැම්මනං අනාතයි ....

    ඇත්තටම මේ ලිපිය නිසා සින්ඩියෙන් අයින් කලාද?

    ReplyDelete
  9. සංජිවනි නෙවෙයිනේ.. අපිට ආවේ.. සෙවනගල :3 :3 හම්මේ.... වැව අයිනේ ගහලා ගෙදර එනකොට ගමම දැනගෙන :v හම්මේ.... දැන් මගේ හිතේ අවුරුදු හතරකින් මෙහා වගේ ගුලියක් කෑවේ නෑ.. දැන් අපි හොඳ ළමයි ...!!

    ReplyDelete