06 December 2009

මාව කපලා..

මොන වරදක් කලාටද මන්දා මාව සින්ඩියෙන් කපලා. මම ලියපු සටහනක් වැරදියට තේරුම් අරගෙන කියලයි මම නම් හිතන්නෙ ලිපියේ අවසානය දක්වා කියවලා ගත්තු තීරණයක් නම් නෙවෙයි කියලා හොදටම තේරෙනවා. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද? පුළුවන් උනොත් ආපහු එන්න බලනවා. ඒ මොනවා උනත් එක දෙයක් මම තේරුම් ගත්තා. වාරණය කියන එක පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ලිවීම අනතුරුදායකයි.(අපිට මොන තරම් දේ කියන්න තිබුනා උනත් අදහස් ප්‍රකාශ කිරීමේදී නිර්මාණශීලීත්වයට වඩා කපන මණ්ඩලේ ගැන අවදානය යොමු කල යුතුයි.එයින් අපේ ප්‍රකාශන ශක්තිය මොට වෙනවා උනත්)

6 comments:

  1. සමාවෙයන් අරක නොදැම්මනම් උඹ මීට කලින් කැපෙනවා මේල් එකක් දාලා හේතුව අහපන් පෝස්ට් නම් අයින් කරන්න එපා අපරාදේ.. මම නම් අනිවා බලනවා. වාරණය මහ මුග්ධයි..

    ReplyDelete
  2. බය වෙන්න එපා ලියන්න. අපි කියවනවා. හැබැයි ඔයත් අනිත් අයට ලංවෙන්න. එතකොට ඔයාට කරදරයක් උනාම අනිත් අයත් එ වෙනුවෙන් ඉදිරිපත් වෙයි. කතාකරයි.

    ReplyDelete
  3. ඒක ගැන වැඩිය ගනන් ගන්න එපා. මමත් ඒකේ නැහැ ඒ උනාට මගේ බ්ලොග් එක තාම දුවනවා

    ReplyDelete
  4. ආගන්තුකයා කියන එක ඇත්ත. 'වාරණය මහ මුග්ධයි'. ඊටත් වඩා බොළඳයි.
    වාරණයට අහුවේවි කියල තමන් ලියන දේ නොලිය ඉන්න එක් ඊටත් වඩා මෝඩයි නේද?
    ඒක තේරුමක් නැහැ.

    ReplyDelete
  5. දහස් වාරයක් ස්තුතියි.

    ReplyDelete