08 December 2009

වෙන් කර සිටියද සිතුවිලි ගග ගලා බසී..

සමහර විට මෙ සටහන කාටවත් කියවන්න හම්බවෙන එකක් නැහැ. ඒත් පුරුද්දට වගේ මොනවා හරි ලියන්න හිතුන නිසා මෙ සටහන ලියන්න පටන් ගත්තා. ගෙවී ගිය දවස් කීපය තුළ ජීවිතය වෙනස් කරන යමක් නොවූවද තව තවත් නවමු අත්දැකීම් මෙන්ම නොයෙකුත් පුද්ගලයින් ඇසුරට ලැබුනා. ඒ වගේම විවිධ ආරංචි අහන්න දකින්න ලැබුනා. ඒ අතරින් එස්.බී. ගේ නැවත ගමන පිළිබඳව අහන්න ලැබීමත් විශේෂයි. ඒ පිළිබඳව taboo ත් ලියලා තියෙනවා මම දැක්කා. ඇත්තටම ඒ ලිපිය දැක්කම අනිත් අයට කොහොම උනත් මගේ නම් හදවත සසල උනා මොන වැරදි තිබ්බත් අපේ පංතියේ එකෙකුට අත් උන ඉරණම දුක්ඛිතයි. මට මතකයි අපේ තාත්තා මම දේශපාලනයට එන්න තිබුනු මාර්ග අහුරලා දාපු හැටි. එදා තාත්තා කළ දේ හරිද වැරදිද කියලා මට තාමත් හිතන්න අමාරුයි.නමුත් එදා ඒ ගමන යන්න ලැබුනානම් අපටද අත්වන්නේ අද එස්.බී.ට අත් වූ ඉරණමම මිස අන් කිසිවක් නොවන බව නම් පැහැදිලියි.ඒ පිළිබඳව ඊට වඩා කියන්න දෙයක් නැහැ.
ජනාධිපතිවරණය පිළිබඳවත් රටෙ තොටෙ කථා වෙනවා. මට නම් චන්දේ දාන්න වෙන්නේ නැහැ. මොකද මම දැනට ඡන්දය අහිමි පුරවැසියෙක් වන නිසා. මම මගේ කලින් පදිංචිව සිටි ග්‍රාම සේවා වසමෙන් මගේ පදිංචිය ඉවත් කර ගත්තත් දැනට කුලියට සිටින ප්‍රදේශයේ ලියා පදිංචි නොවූ නිසා. ඇත්තටම මෙ රට හරි අපූරු රටක් මම දැනට මෙ පළාතට ඇවිත් අවුරුද්දකට ආසන්න වූවත් තාම මෙ හරියේ ග්‍රාම සේවක උන්නැහෙ කවුද කියලා මම දන්නේ නැහැ. ඒ උන්නැහෙත් මං වගේ පුරවැසියෙක් තමාගේ රාජකාරි බල ප්‍රදේශයේ ඉන්නවද කියලා දන්නේ නැහැ. මෙතනට එන්න කලින් මම පදිංචි වෙලා හිටියේ පොලිසියකට ඉතාම ආසනන් ඉඩමක පිහිටි නිවසක. එතන මම මාස 6ක් හිටියා. එහෙම ඉදලා මම එතනින් එන්න සතියකට විතර කලින් තමයි මම කවුද කියලා අදුරන්නෙ නැති හින්දා අසල් වැසියන් විසින් කරපු පැමිණිල්ලකට අනුව පොලිසියෙන් ඇවිත් බලලා ගියේ. ඔන්න අපේ රට. මෙහෙ බින් ලාඩන් හැංගිලා හිටියත් ඔච්චර තමයි. සක්විති උනත් මෙ ලංකාවෙම ඇති කියලා මට හිතෙනවා.
ඉතින් චන්දය අහිමි වුවත් මගෙ පැතුම ජනාධිපති ලෙස නැවත වරක් මහින්දම පත්වෙවා කියන එක තමයි. ඒකෙන් මම කියන්නෙ පොදු පෙරමුණට බලය ලැඛෙන්න කියන එක නෙවෙයි. මහින්ද දිනන්න කියන එක විතරයි. මහින්දගේ කරෙන් පාර්ලිමෙන්තු යන්න ඉන්න හිපාටුවො ටිකටනම් කෙල වෙලා යන තරමට මම කැමතියි. කවුරු මොනවා කිවුවත් මහින්දගේ ක්‍රමයට මම කැමතියි. මිනිස්සු කරන ලොකුම චෝදනාව වන සහෝදර සමාගමට මම පක්ෂයි. මම උනත් ජනාධිපති උනානම් මට විස්වාස සහ මට වැඩ ගන්න පුළුවන් අය ලං කරගන්නවා ඇර එන එන හැම කෙනාම ලං කර ගන්නෙවත් ඔනවට වඩා බලතල දෙන්නෙවත් නැහැ. මහින්දගෙ පිනට එහෙම සහොදරයො ටිකක් ඉන්නේ. අනික දැන් විපක්ෂය සහ විපක්ෂයට පක්ෂ අය කරන දූෂන වංචා චොදනා කොයි රජයකට උනත් පොදුයි. ඔය කෑ ගහන හැම කෙනාම බලයට එනකල් විතරයි කෑ ගහන්නේ ආවට පස්සේ ඒවා මතක නැහැ. අනික ඔය කෑ ගහන හැමොටම බලය ලැබිලා තිබුනු කාලත් අපි දැක්කා . එ කාල වලදී ඒ අය හැසුරුණු විදිය අමතක වෙන්න තරම් මැරිලා උපන් අය මෙහෙ නැහැ. 48 ඉදලා මෙ රට පාලනය කල කොයි කාගෙත් හොදකමෙ තරම අපි තාමත් ගෙවනවා. එහෙව් එකේ රහතන් වහන්සෙලා ඇර වෙන කවුරු ආවත් ඔය ටිකම තමයි හැමදාමත් වෙන්නේ. මම දන්න තරමින් නම් මෙ චන්දෙටත් මාර්ගඵල ලාභී අය කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන් සරත් ෆොන්සේකා ගැන කථා කරලා වැඩක් නැහැ. මොකද මමත් පොලිසියෙත් ගුවන් හමුදාවෙත් සේවය කල අයකු නිසා, සරත් ෆොන්සේකා වැනි අණදෙන්නන් පිළිබඳව හොඳ වැටහීමක් තියෙන නිසා. වරදවා තේරුම් ගන්න එපා. සරත් ෆොන්සේකාගෙ යුධකාමීත්වය ගැන මම විවෙචන කරනවා නෙවෙයි, හමුදා පසුබිමක් තුළ තිඛෙන පාලන ක්‍රමයකින් තෙම්පරාදු උන අයකුට සිවිල් සමාජය තුළ ගැලපෙන්න තිඛෙන අපහසුව දන්නා නිසා යි එහෙම කිවුවෙ.
ඔහොම තමයි මම මෙ දවස්වල අහපු දැකපු දේවල් ගැන හිතන්නෙ. තව දේවල් තියෙනවා ඒත් දැන් ලියන්න කම්මැලියි. ඔන්න මම නැවැත්තුවා.

4 comments:

  1. වෙන් කරලා හිටියත්, අපි ඔයා ලියන ඒවා කියවනවා..

    මම ගූගල් රීඩර් එකට ඔයාගේ සයිට් එක දාගෙනනෙ ඉන්නේ ;-)

    කොත්තු සින්ඩිකේටරේට සයිට් එක දාගන්න..එතකොට තව කට්ටිය කියවාවි මේක..

    ReplyDelete
  2. ප්‍රතිපත්තිගරුක මිනිස්සු දේශපාලනයෙ නැහැ. රාජපක්ෂ සමාගමට කරපු දෙවල් වලට අපිත් කැමතියි. මම ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ෂ මහතාට. නමුත් එයාගෙ බලය හැසිරවිම පිලිබද පැහැදිමක් නැහැ. බැසිල් මහතාට තිබෙන දෙපල වල තරම මට හිතන්නත් අමාරුයි. කෙනෙක් තමුන්ගෙ මහන්සියෙන් හම්බ කරනවානම් කමක් නැහැ. බලය එක තැනකට කරගෙන, අනිත් අයට කන්න නොදි තමුන් තනියම කන කෙනෙක්ගෙන් ලොකෙට පලක් නැහැ. රජ්‍ය මාධ්‍ය භාවිත කරන විට කලින් හිටපු නායකයො නොකරපු ඉතාම පහත් දෙවල් ජනාධිපතිතුමා කරනවා. කොහොමත් මහින්ද රාජපක්ෂ දිනනවා. මොකද මෙ රටෙ බහුතරයක් මිනිස්සු රට,දරුවො, අනාගත පරපුර ගැන හිතන්නෙ නැහැ, . එලි පිට ලැජ්ජා නැති කාතා කියද්දිත්, බල්ලො කරන වැඩ කරද්දිත් ඉස්සරහට වෙලා අත්පොලොසන් ගහලා පිලිගන්නවා මොකද අපෙ පක්ෂෙට වාසි වෙන හින්දා. ප්‍රභාකරන් ප්‍රහාර එල්ල කරන්න උත්සහ නොකරපු එකම තැන මම හිතන්නෙ පාර්ලිමෙන්තුව. එ මොකද ඌත් දන්නවා එතන ඉන්න කාවයියො ටික නැති උනොත් මෙරට ඉතිරි වෙලා ඉන්න හොද මිනිස්සු ටික උඩට අවිල්ලා තමුන්ගෙ වැඩෙ කරගන්න අමාරු වෙනවා කියලා.

    ReplyDelete
  3. හරි හරි බය වෙන්න එපා. අපි කියවනවා. අත්දැකිම් දිගටම ලියන්න. අනිත් අයගෙ එවා කියවන්න. බෙදාහදා ගන්න එතොකොට එයලාත් ඔයාව දකී. සින්ඩියෙන් කැපුනට පස්ස ගහන්න එපා. ඔයා හොදට කල්පනා කරල බලන්න. එක දොරක් වැහෙද්දි තව දොරවල් ගොඩක් ඇරෙනව. බලන්න S.B ට වෙච්චි දෙ....

    ReplyDelete
  4. LG said...
    රවා said...
    තනි වෙලා කියලා හිතාගෙන ඉද්දිත් තනි නොකල සහෘදයින්ට ස්තුතියි.
    රවා said...
    මම බ්ලොග් ලියන්න ඉස්සර ඉදලා අනිත් අයගේ ලිපි කියවනවා. එහෙම කාලයක් ගියාට පස්සේ තමයි මමත් ලියන්න පටන් ගත්තේ. අදටත් මම නවත්වලා නැහැ. හැබැයි ප්‍රතිචාර දක්වනවා අඩුයි. මීට පස්සේ ඒකත් කරන්න ඔන.

    ReplyDelete