19 December 2009

යසෝධරා මගහැරිලා...

සසර ගමන දිගුය.. නිමාවක් ඇවසි වූවද එය ලබා ගැන්ම පහසු නැත.. දනට පිනට නැඹුරු වෙමින් පිරිය යුතු පෙරුම් කොතෙක්ද.. එසේ හෙයින් අකමැත්තෙන් වූවද තව දුරටත් යා යුතුව තිබෙ.. දැනුම් තේරුම් ඇති වූ දා පටන් සෙව්වෙමි.. සොයන්නේ කුමක්ද යන වගවත් නොදැන සෙව්වෙමි.. වරෙක හමු විණි යැයි සිතිණි.. නමුත් එය එසේ නොවන බව පසක් වන විට නැවතත් දහස් ගණන් රූපකායන් අතර තුර විමසුම් දෑසින් බලා උන්නෙමි.. නමුදු තවමත් හමු වී නැත.. මා මග වරදවා ගත්තාදෝ.. නැතිනම් ඇය මග වරදවා ගත්තාදෝ..මට නොහැගේ.. කුමක් නමුත් වරදක් සිදුව ඇත.. පස් මහ බැළුම් බලන්නට හැකි විණිදෝයි නොදනිමි.. බාගදා නොහැකි වන්නට ඇත.. ඇය වෙනත් දේශයකද..දීපයකද.. කාලය වැරදුනාවත්ද.. නොදනිමි.. එක් දෙයක් පමණක් ඉදුරා දනිමි.. ඇය තවමත් මුණ ගැසී නැත..
සසර ගමනේ අතර මගදී .. මග හැරී ඇත කොතැනකදි හෝ..

2 comments:

  1. සසර ගමනදි හමුවිම,හමුනොවිම විය හැකිය. නමුත් වඩාත් වැදගත් දෙ යන මග අනිත් අයත් සමග යැමයි. අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන දෙවල් කොච්චරද නමුත් ටිකක් හරි හම්බෙන මිනිස්සුත් ඉන්නවා. එ අය කතාකරන දෙවල් ලියන දෙවලුයි, අපි කතාකරන දෙවලු ලියන දෙවලුයි අතර වෙනස බලන්න. අපිට ටික කාලයයි තියන්නෙ. යමක් ඔයාටනම් එ දෙ වලක්වන්න කාටවත් බැහැ. නමුත් තමුන්ගෙ උත්සහාය , දිරිය අඩු කරගන්න එපා. එයයි වටිනාම දෙ. මගෙ යහලුවෙක් දවසක් කියනවා මට " තමුන් ආදරය කරන ගැහැනු ලමයව නැතිවෙන එක ලොකු පාඩුවක් තමයි මචන් නමුත් ඉටත් වඩා ලොකු පාඩුවක් තව එකක් යාලු කරගන්න පුලුවන් කියන දිරිය නැතිකරගන්න එක"

    ReplyDelete
  2. m m m m m tawa kal tiyenawane . . .idiriyedi hamuwei . ..

    ReplyDelete