30 December 2009

පිල් මාරුවක්...

අද ටිකක් මට වැඩියි වගේ ඒත් මොනවා හරි ලියන්න හිතෙනවා. අනන් මනන් ඔන නැහැ. අද සිදුවීමක් ලියන්නන්. මගේ යටතේ මා ළගට ඉන්න නිලධාරියා අද තම දේශපාලන පක්ෂය එහෙමත් නැත්නම් තම මතවාදය මාරු කරලා. ඒක කිරීමෙ අයිතියට අපිට අභියෝග කරන්න බැහැ මොන විදියකටවත්. ඒ උනත් මම අද මිනිහත් එක්ක ඉතාමත් සුහදව සාකච්චා කලා එම තීරණයට හේතු පාදක වූ කරුණු මොනවාද යන වග.(සාමාන්‍යයෙන් මම මගේ යටතේ ඉන්න අයගේ දේශපාලන මතවාද වෙනස් කරන්න යන්නේ නැහැ)

ඔහුත් සමග කතා කිරීමෙදී මට දැන ගන්න ලැබුනේ හරි අපූරු තොරතුරු රැසක්. පසු ගිය දිනක ඔහුත් ඇතුළුව ක්‍රියාකාරී දේශපාලන සාමාජිකයින් පිරිසකට අත්තනගල්ලේදී හිටපු ජනාධිපතිතුමිය විසින් ප්‍රිය සම්භාෂනයක් පවත්වා තිඛෙනවා. එහිදී ඒ සදහා අපේ කථානායකයා සම්බන්ධ වී ඇත්තේ තම වැඩිමහළු සහෝදරයාගේ පුතණුවන්ගේ දැඩි ඉල්ලීම මතයි. එම පුත්‍රයා පසු ගිය සමයේ ගුවන් තොටුපලෙහි සිංහල භාෂාවෙන් දැන්වීම් කියවීම පිණිස පත් කරනු ලැබූ අයෙක්. අපේ කථානායක තුමා කිවූ පරිදිනම් එම රැකියාව හිටපු ජනපතිනිය ගේ මැදිහත් වීමකින් අළුතෙන්ම නිර්මාණය කරන ලද්දක්. කෙසේ නමුත් දැන් එම පුතණුවනුත් අපගේ ප්‍රධාන චරිතකරුගේ පුතණුවන්ගේද ඉල්ලීම මත අපේ බුවාටත් තම පක්ෂය අතහැර හංසයාට එකතු වීමට සිදු වී තිඛෙනව
කිසිම ජාතික වශයෙන් හෝ දෙශපාලන වශයෙන් වැදගත් කමක් නැති තමන්ගේ ගොඩවැඩිකර ගැනීමෙ චෙතනාවෙන්ම පමණක් මෙම තීරණය ඔහු විසින් අරගෙන තිඛෙනවා විනා අන් යමක් ඔහුගෙන් ප්‍රකාශ උනේ නැහැ..ඉදිරියට තව තවත් මෙවැනි දේ සිදු වෙවි... අපි බලා ඉදිමු...

7 comments:

  1. පිල් මාරුව මේ දවස් වල හරි හරියට වෙනවා.

    ReplyDelete
  2. හපොයි ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ..
    නිකං ලේ පිච්චෙනවා විතරයි...
    ලොකු ලොකු උන්ට මොන පැත්තේ හිටියත් අවුලක් නෑ..
    උන්ට තියෙන්නේ වැඩිම ලාභ ප්‍රයෝජනය ලැබෙන පැත්තට සක්ක ගහන්නයි..

    ReplyDelete
  3. උන් ඔක්කොම බලන්නේ තමන්ගේ වාසිය අන්තිමට පල්ලෙහා මිනිස්සුන්ට වැලේ වැල් නැති වෙනවා.

    ReplyDelete
  4. .::පිස්සා::.

    වාසි අතට හෝයියා...

    ReplyDelete
  5. මෙ ඉතින් "අපිට උදව් කරන්නනේ" හි හි හි

    ReplyDelete
  6. ලිපි පිළිවෙල...

    ► 2009 (28)
    ► 2010 (216)
    ► 2011 (287)
    ► 2012 (199)
    ► 2013 (102)
    ► 2014 (35)
    ► 2015 (12)
    ▼ 2016 (1)

    අනේ බ්ලොග් එකට වෙච්ච දේ .................

    ReplyDelete