27 January 2010

B/F සහ Taboo කොයිබටද..?

නැවත අවශ්‍යතාවයක් වන තුරු දේශපාලනය සම්බන්ධ ලිපි ලිවීමට අදහසක් නැති බව අද දිනලැබූ ප්‍රතිඵලයෙන්පසු කීමට කැමැත්තෙමි.
නමුදු අවසාන වශයෙන් දෙයක් කිව යුතුව ඇත.

ඒ සමස්ථ බ්ලොග් කරුවන්ට නොව,

දේශපාලන අරමුණු වෙනුවෙන්ම ආරම්භ කර වෙලාව එන තුරු කල් මරමින් බලා සිට නිසි වෙලාව ලද සැනින් ක්‍රියාත්මක වී ජාතියට වින කරන්නට බලා ගෙන මුදල් වෙනුවෙන් අම්මාව වූවද විකුණා ගෙන කන ගණයට අයත් අමන බ්ලොග් කරුවන් හටය...

මෙහිදී මා අදහස් කරනුයේ බ්ලොග් කරුවන්ට දේශපාලනය අකැප බව නොව කොයි දේටත් සීමාවක් ඇති බව කියා සිටීමටය..
ස්වාධීන මත දරන පුද්ගලයින් මෙන් මුලින් පෙනී සිට, රටෙ එදිනෙදා සිදුවන සංවෙදී කරුණු මුල් කරගෙන, තම අරමුණ වෙනුවෙන් එවන් කරුණු තමාට උවමනා අතට පෙරළාගෙන, පුද්ගලයකුට හෝ පිරිසකට අමු අමුවෙ මඩ ගැසීම පමණක්ම විනා සමාජයට හරවත් යමක් එකතු නොකරන මොවූහූ හුදෙක් තම බඩගෝස්තරය පිණිස පමණක් බ්ලොග් ලියන්නන් වන බැව් වැටහී යන්නේ ඔවුනට විෂය වන කරුණු සම්බන්ධව විරුද්ධ මතවාද නොයිවසන සුළු සහ අන් අයට රිසි පරිදි නොව තමාට ඇවසි පරිදි පමණක් කමෙන්ට්ස් තීරයන් භාවිතය කරනු ලබනසහ බොහෝ විට තමාට විරුද්ධ කමෙන්ට්ස් ඉවත් කිරීමත් තමන්ට සුදුසු කමෙන්ට්ස් පමණක් පලකරනු ලබන අන්දම අධ්‍යයනය කරලීමෙදීය.
මොවූහු කිසි ලෙසකිනුදු සමබර නොවන අතරම තමා නියෝජනය කරන්නේ,නොඑසේනම් තම අරමුණ කා වෙනුවෙන්ද යන්න කිසි ලෙසකිනුදු ප්‍රකාශ නොකරයි.
මැතිවරණයක් ලං වෙත්ම එතෙක් ඔවුන් හැද සිටි විසිතුරු සළු පිළී ගලවා දමා රෙදි නැතිව කඩෙ යන මොවූහු අන් සියළු දෙනාද තමන් කියන දෙ අනුමත කල යුතු බව නොකියා කියයි. එසේ ඔවුන් දරණ මතයට පිටස්තර අයවළුන් නිකංම නිකං කඩෙ යන්නන් වන අතර ඔවුන් පමණක් ශුද්ධවන්තයින් ලෙස හදුන්වා දෙයි සහ හදුන්වා ගනී.

මෙහිදී මා බියොන්ඩ් ෆ්රෙම් සහ ටැබූ සබ්ජෙක්ට්ස් මාතෘකා කර ගත්තද ඒ වා එක් උදාහරණයක් පමණි.

කිසි කලෙක තම අනන්න්‍යතාවය හෙළි නොකරන ඔවූහු අන් අය නිර්නාමිකව ලිවීම පිළිබදව ප්‍රශ්න නගති.
මන්ද යත් සැගවී සිටීමෙ ශුද්ධ වූ අයිතිය ඇත්තේ ඔවුනට පමණක් බැවිනි. එසේම ඔවුන් ලියන ඔනෑම දෙයක් ඉතා සුපිරිසුදු පරම සත්‍යයන් වන අතර අන් අය ලියන දේවල් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලබන තාක් කල් පට්ටපල් අමූලික බොරුය.

දැන් ජනපතිවරණය අවසන්ව ඇත. සමස්ථ බ්ලොග් තලයම කැත කරමින් මෙතෙක් කලක් මඩ ව්‍යාපාරයක යෙදුනු ඔවූහු දරා ගත නොහැකි පරාජය හමුවෙ නන්නත්තාරව සිටී. අද පටන් ඔවුන්ගේ වැටුප් නවත්වා ඇති කලෙක මෙන් බ්ලොග් අඩවිය හැර පියන්නට මාන බලති. එසේ ඉවත්වන්නට උත්සුක වනුයේ අන් කිසිවක් නිසා නොව තමා කියූ දෙයින් බලාපොරොත්තු වූ ඉලක්කය ඉටු නොවීම මත තව දුරටත් එම අඩවි තුලින් කියනු ලබන බොහෝ දෑ ඉදිරියේදීද සාමාජය තුලින් ප්‍රතික්ෂේප වන බව හොදින්ම දන්නා නිසාය.

නමුත් නැවතත් ඔවූහු වෙනත් නම් වලින් අටවා ගත් බ්ලොග් අඩවි තුලින් කරළියට එනු ඇත.

සමහර විට මෙ වන විටත් වෙනත් බ්ලොග් අඩවි තුලින් ඔවුන් වැඩ ආරම්භ කර ඇති බව සිතිය හැක, මන්ද යත් පාර්ලිමෙන්තු මහ මැතිවරණයද අත ලග බැවිනි.

එබැවින් බල බලා සිටීමට ඔවුනට කාලයක් නැත.
කාලය රන් හා සමාන වීම කෙසේ වෙතත්,
කාලය සහ තමන් විසින් ලියනු ලබන දෑ ඩොලර් වලින් සහ කළු සල්ලි වලින් අගය කරනු ලබන බව නම් ඔවුන් දනිති.

මෙ මාතෘ භූමිය ගැන හෝ මෙරට වසන කිසිදු ජාතියකට හෝ ආගමකට අයත් පුද්ගලයින් පිළිබදව හෝ මෙවැනි උදවියට හැගීමක් නැත. ඇත්තේ කෙසේ හෝ තම බඩගෝස්තරය වෙනුවෙන් කුලියට කැහීම පමණකි.

අපට මෙවා නොබලා සිටිය හැකි වූවත්,

රට ජාතිය ආගම පිළිබද උපතේ සිට අපගේ මව්පියන් විසින් අප හට කියාදී ඇති බොහෝ දෑ මෙන්ම රට වෙනුවෙන් අපගේ මව්බිම වෙනුවෙන් හද තුළ ඇති අපිරිමිත භක්තිය විසින් මෙවන් පුගුලන් විසින් කරනු ලබන ද්රෝහී ක්‍රියා යන්තමින් වුවත් දුටු සැනින් නිහඩව සිටීමට නොහැකි වීම නිසා අපද නිරායාසයෙන්ම මෙවන් කතිකාවත් තුලට ඇදී ඒම වලක්වාලිය නොහැක.

අවසාන වශයෙන් එකක් කිව යුතුය.

ඔබලාට රටක්, ජාතියක්,ආගමක්, ජන්මයක් නැතිවා හෝ තිබියදීත් ඒ පිළිබද හැගීමක් නැතිවා වන්නට පුළුවන. නොඑසේනම් ඔබලා අපගේ බස හසුරුවන විජාතිකයින්ද විය හැක.

ඒ කෙසේ වෙතත් සිහිතබා ගන්න...

අපට මෙ රට හැර යන්නට වෙනත් රටවල් නොමැත.
මෙ මව් බිමෙ උපන් අප මෙ පොළොවට ආදරය කරන්නෙමු.
එහි ගහට කොළට සතා සීපාවාට ඇළට දොළට පමණක් නොව මෙ පොළව පිසගෙන හමා එන සුළං පොදටද ඇළුම් කරමු.

එවන් වූ අපේ කම හදුනන මිනිසකු රටෙ නායකයා වීමඅප ලද පිනකි.

නුඹලා වැනි බත් බැලයන් කුමක් කීවද, කුමක් ලීවද,
මෙරට වසන මා මෙන්ම රටට ආදරය කරන මිනිසුන් සිටිනා තාක් කල් එවැනි නායකයකු අපට අහිමි වීමට අප ඉඩ නොදෙමු.

මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.

ඉදින් තව දුරටත් ලියන්න..
අපි බලා සිටිමු..
නමුදු අප නිදි යැයි නොසිතන්න..
ඇවසි වෙලාවෙදී අප නිසි පරිදි කටයුතු කරනු ලබන්නේය..
හරියට අද මෙන්ම..

19 comments:

  1. ප්‍රතිවිරුද්ධ මත තිබූ පමණින් බඩගෝස්තරවාදීන් යැයි හංවඩු ගැසීමේ තර්කයක් මට නොපෙනේ.

    මාරයාගේ හෝරාව නමින් ලියන ඔබ වුවත් කිසියම් ආයතනයකින් කිසියම් යටි හේතුවක් සඳහා මුදල් වලට බ්ලොග් ලියන්නෙක් විය හැක (රිදුනා නේද එහෙම කිව්වාම).

    මධ්‍යස්ථව ලිවීම ගැන ඔබට වුවද කාහටවත් අවවාද දිය නොහැක. ඔබ වුවද පක්ශග්‍රාහීව කටයුතු කරන අවස්ථා තිබෙන බැවිනි. බ්ලොග් අවකාශයේ ඔබට විරුද්ධව තිබෙන සියළුම දේ මුදලට ලියන්නේය යන මානසිකත්වයෙන් තොර වූවොත් වඩා යහපත් විය හැක.

    ReplyDelete
  2. මේක තේරුමක් නැති අවලාදයකි.

    තමන් කැමති තේමාවක් යටතේ, බ්ලොග් එකක් ලිවීමට ටැබූ ට, බියොන්ඩ් ෆ්‍රේම් ට, ඔබට, අන් අයට අනුන් ගේ සල්ලි අවශ්‍ය යැයි සිතන්නේ ඇයි?

    ඔබ හෘද සාක්‍ෂියට අනුව ඔබ ලියයි. ඒ සඳහා ඔබේ කාලය, ධනය, ශ්‍රමය වැය කරයි. ඉදින් ටැබූ ද, බියොන්ඩ් ෆ්‍රේම් ද එසේ නොවන්නේ ඇයි?

    අනික නුවරපාර, කොළඹ පාර, ගාළු පාර යනාදී නම් වලින් බ්ලොග් ලියන්නෝ තම අනන්‍යතාවය එලි කර නැහැ නේද? ඔබ ද එසේමය. පවතින වාතාවරණය තුල රජයට විරුද්ධව ලියන්නෙක් කුමට තම අයිඩෙන්ටිය එලි කරයිද?

    දෙපැත්තට තිබූ බ්ලොග් ප්‍රතිශතය ද, ඡන්ද ප්‍රතිපලය වූ 60%-40% ට වඩා රජයට බරවූ බව ද, එකිනෙකාට අවලාද නැගීමේදී රජයට පක්‍ෂපාතීත්වය දැක්වූ බ්ලොග් ඉතා ඉදිරියෙන් සිටි බව ද මගේ නිරීක්‍ෂණයයි.

    ජයවේවා!

    අනේවාසික Anewasika

    ReplyDelete
  3. විරුද්ධ මත ලිව් සැණින්, තමාගේ මතය ලිව් පමණින් කිසිදු සාක්ෂියක් නැතිව මුදල්වලට ලියතැයි කියන්නේ මොන පදනමකින්ද?

    එවිට තමාගේ මතයට අනුකුල පුද්ගලයින් මුදල්වලට නොලියන අයද?

    මෙයද මහින්ද රාජපක්ෂ ජනතා මතයකින් පත් වුණු ලංකාවේ ප්‍රජාන්තවාදය?

    "ඔවුන් ලියන ඔනෑම දෙයක් ඉතා සුපිරිසුදු පරම සත්‍යයන් වන අතර අන් අය ලියන දේවල් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලබන තාක් කල් පට්ටපල් අමූලික බොරුය." මෙම කාරණාව ඔබට සමාන්තරව බිලොග් ලියන අයත් අදාල බව සැලකුව මැනැවි.

    ReplyDelete
  4. chamila_dealwis said...
    මාරයාගේ හෝරාව නමින් ලියන ඔබ වුවත් කිසියම් ආයතනයකින් කිසියම් යටි හේතුවක් සඳහා මුදල් වලට බ්ලොග් ලියන්නෙක් විය හැක (රිදුනා නේද එහෙම කිව්වාම).

    අනේ නැහැ ඔය වගේ දේකට හිත රිද්දගන්න තරම් මම ළදරුවෙක් නෙවෙයි.
    අනික ප්‍රති විරුද්ධ මත නොයිවසීම කියන කාරණය නොවෙයි මෙතන තියෙන්නේ..
    කාටත් තමන්ගේ මතය දැක්වීමට අවස්ථාව තියෙනවා. නමුත් උදේ ඉදන් රෑ වෙනකල්මත් රෑ ඉදන් උදේ වෙනකල්මත් මොර දීගෙන වෙන වැඩක් නැතිව මෙ සදහාම කැපවී කිසියම් පුද්ගලයකුට හෝ පිරිසකට විරුද්ධව ඔප්පු නොකරන ලද කරුණු මත පමණක්ම රැදී අවලාද නැගීම..?
    එසේ තමන් විරොධය දක්වන්නේ රටෙ බහුතරයකගේ විශ්වාසයට පාත්‍ර වූඅයවළුන්ට වීම බව එහෙම් පිටින්ම අමතක කිරීම සහ එසේ අමතක කරවීමට අප හටද බල කර සිටීම..?

    ReplyDelete
  5. Anewasika said...

    ඔබ පිළිබදවද අප දෙවරක් සිතිය යුතුය. මීට දින කිහිපයකට ප්‍රථම සිට ඔබ ඔබගේ බ්ලොග් සටහන ජනප්‍රිය කරගැන්ම සදහා දරන ලද ළදරු උත්සහය මා පමණක් නොව සියළුම බ්ලොග් කරුවන් දකිනා ලද අතර එම මෝඩ උත්සහය නිසාවෙන්ම මා තවමත් ඔබගේ අඩවියට පැමිණ නැත. සමහර විට පහත ප්‍රකාශය ඔබටද වලංගු විය හැක..

    නමුත් නැවතත් ඔවූහු වෙනත් නම් වලින් අටවා ගත් බ්ලොග් අඩවි තුලින් කරළියට එනු ඇත.

    සමහර විට මෙ වන විටත් වෙනත් බ්ලොග් අඩවි තුලින් ඔවුන් වැඩ ආරම්භ කර ඇති බව සිතිය හැක, මන්ද යත් පාර්ලිමෙන්තු මහ මැතිවරණයද අත ලග බැවිනි.

    ReplyDelete
  6. ~බිன்ku~ said...

    මෙයද මහින්ද රාජපක්ෂ ජනතා මතයකින් පත් වුණු ලංකාවේ ප්‍රජාන්තවාදය?

    මා කරන කියන දෑ මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය සමග පටලවා නොගන්න.

    එසේම මදක් සිතන්න..
    වර්ථමාන ලෝකයෙහි ආර්ථික රටාවත් සමග ඔබට හෝ මට බ්ලොග් ලියමින් පමණක් කාලය ගත කල හැකිනම්..
    එක්කෝ අප උත්පත්තියෙන්ම ධනවතුන් විය යුතුය.
    නොඑසේනම් අප වෙනින් කා හරි වෙතින් පෝෂණය විය යුත්තන් විය යුතුය.
    සමහර විට තවම මවුපියන්ගෙන් යැපෙන දරුවන් විය හැක.
    නමුත් එවැනි දරුවකු හට මඩ ගැසීම සදහා හෝ අමුද්‍රව්‍ය සපයා ගැනීම සදහා සමාජය තුල හැසිරිය යුතුය.
    ඉදින් ඒ කිසිවක් නොවී නම්...?

    ReplyDelete
  7. අති විශිSHටයි .....කොටි හපුවන්ට රිදි ඈති තරම පේනවා නේද.ඔය බිංකු කියන හරකා ප්‍රභාකරන් මරනකන් උගේ පෑත්තට ලිව්වා.දෙන් ඔය පරයා අහනවා මහින්දගේ ප්‍රජාතන්ත්‍ර වාදේ ගෑන.ඕකුන් බ්ෆ් සයිට් එකේ නවාතෑන් අරන් හිටියෙ.ඈයි මහින්දට ගහන්නේ උන්නේ.ඕකගෙ රෙද්ද මොකෙක්වත් කියවන්නේ නෑ.කොටි බින්කු.දෑන් ජෙනරල්ට ජාතක වෙලා.ඕකුන් ට දෑන් ඉවසාගන්න බෑනේ ලෑබිච්ච ප්‍රථිපලේ

    ReplyDelete
  8. බුදු අම්මෝ...
    මෙතන මරාගන්නවනේ....
    මම යනවා යන්න...
    මේ මඟුළ ඉවර වෙන පාටක් නෑ..
    (:


    /බිඟුවා...!

    ReplyDelete
  9. කෙසේ වෙතත් දේශපාලන හිවලුන්ට ජනතා තින්දුව ලෑබී ඈත.අප අවංකව හදවතින්ම සතුටු වෙමු.ඒ හොරිකඩ කල්ලිය නියෝජනය නොකිරීම හා අපගේ රටේ වෑඩ කරන ජනතාව ගොවි ජනතාව අතර සිට ඔවුන් සමග ඔවුන්ගේ පෑතුම නියෝජනය කරමින් රටේ බහුතර මතය නියෝජනය කිරිමට අපට හෑකිවූ බෑවිනි.බුද්ධිමත් රජයේ සෙවක පිල නියොජනය කල හෙයිනි.දහ දාහ නොව ලක්සයක් දුන්නත් රට පාවා නොදෙන හෙයිනි ....

    සුභ අනාගතයක් මාරයා (ඔය ඈවිත් තියෙන්නේ ඔවාගේ නිත්‍ය සාමාජිකයො)

    ReplyDelete
  10. මා කලේ පදනමක් හෝ සාක්ෂියක් නැතිව වෙනත් බිලොග්කරුවන් බිලොග් ලියමින් මුදල් උපයා ගන්නවායැයි ඔබ වරෙන් ඕරෝ කියනා කරණාව ගැනය. ඉන් මටත් ඔබටත් අදාල නොවේ නම් එයත් ඔවුන්ට අදාල වෙයි.

    මහින්දව ගාවා ගත්තා නොව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඔහු බලයට පත් වු ලංකාව තුළ ඕනෑම කෙනෙකුට පක්ෂ විපක්ෂ කාරණා ලිවීමට නිදහස තිබෙන්නාසේම ඊට ගරු කළ යුතුය. විරුද්ධ මතයකට "මුදල්" වලට හෝ "විජාතික බලයට" ලියතැයි සිතීම ඊට ගරු නොකිරිමක් වැනිය.

    (නිර්නාමිකව ක්මේන්ටු දැමීම වෙනුවට නාමිකව ඔබෙන් ඇසුවෙත් ඔබෙන් විමසීමට මටත් අයිතියක් ඇති නිසා.)

    Anonymous, කොන්දක් නැතිව නිර්නාමිකව ක්මේන්ටු දාන අය ගැන කතා කරන ඔබට නාමිකව මේක කියන්න තිබ්බේ.

    ReplyDelete
  11. හරියට හරි. දේශපාලන පුස්සන්ට හරි උත්තරේ ලැබිලා තියෙනවා. එක්කෙනෙක් සරත් ෆොන්සේකගෙන් ගුටිත් කෑවලු. මේ මා පිල්ලු ඉතිහාසයේ කුණු කූඩයට යන දිනය වැඩි ඈතක නොවේ.

    ReplyDelete
  12. සූස්ති ගුනේJanuary 28, 2010 at 3:28 PM

    මේක ලියන්නෙ චම්පකයාගෙ බත්බැලයෙක්. චම්පකයාගේ රති ක්‍රීඩා වලට උදව් පදව් කරපු එවුන්ට ලොකු ලොකු කුට්ටි හම්බුනාලු.

    ReplyDelete
  13. මා ළදරවෙක් නොවේ. මා කිසි දිනක නිර්නාමික comments දමා නැත.

    wordpress හි දී නම, ඊ-මේලය සහ එක සමග comments දමමි. එය අනිවාර්ය නොවේද? blospot වල දී ද එසේ comment කරමි.

    මෙය [maaryaa ge hoaraawa] විවෘත තැනකි, කමෙන්ට්ස් දැමීමට ඉඩ සලසා ඇත.

    ඔබට අවශ්‍ය නම් කමෙන්ට්ස් moderate කර මගේ URL එක ඇති ඒවා පල නොකර සිටිය හැකි නොවේද?

    නැත්තම් වර්ෂා නමැත්තා සේ කමෙන්ට්ස් completely වසා දාන්න.

    අනේවාසික

    ReplyDelete
  14. ටැබූගේ අනාවැකි වලට වඩා අර ඉරහඳ කාරයාගේ අනාවැකි හොඳයි. අද ඡන්දෙත් ඉවර වෙලා ඒකේ තියෙන්නෙත් "කරට කර සටනක්" කියලා.

    BF ගැන නම් කියන්න දෙයක් නෑ. BF අකුලගෙන යන්න තීරණය කරලා ඉවරයි. BF අප‍ට පාර පෙන්නන්න ආපු පිටස්තරයෙක් (not that blog) මිසක් අපෙන් අයකු නොවන බව තමන්ගේ කතා විලාශයෙන්ම ඔප්පු කර අවසානයි. එහි ඔවුන් අපට ආමන්ත්‍රණය කරන්නේ "ඔබ" කියායි. ලංකාවට කතා කරන්නේ "උඹ" කියායි.

    BF ට දෙවැනි ආගමනය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ සිදුවේවි. එය වඩාත් උපක්‍රමශීලී මුහුණුවරක් ගනීවි. බොහෝවිට කෙටි කලක් තුළ දේශප්‍රේමි බ්ලොග් කරුවන් ගොඩට වැටීම මගින් හෝ වඩාත් පරිස්සමින් ගොඩනගන කරන ලද ව්‍යාජ පුද්ගල අනන්‍යතාවයක් ඉදිරිපත් කරමින් මෙය සිදුවිය හැකි ය.

    එහිදී ඔවුන්ගේ site එක තුළ කලින් මා ද කීප වරක් පෙන්වා දුන් පරිදි ආපසු යමක් කීමට බැරි තරම් නිරවද්‍ය ලෙස පෙනෙන එහෙත් අතිශය සූක්ෂම ක්‍රමවේදයක් තුලින් ගොඩනගන ලද කරුණු මේ බිඳවැට්ටවීම කෙරෙහි සාධක ලෙසින් ඉදිරිපත් කරනු ඇත.

    මෙය අවසන් වන අරගලයක් නොවේ. අප මියැදෙන තෙක් මේ අරගලයේ නිරත විය යුතුය. ඔවුන් ද උපරිම වෙර යොදමින් ඊට එරෙහිව කටයුතු කරනු ඇත.

    Thejan Rathnayake

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  15. තමන්ට කැමති දෙයක් ප්‍රකාෂ කිරීමට තමන්ට අයිතියක් තිබිය යුතුයැයි මම සිතමි.
    කිසිම කෙනෙක් ස්වාධීන යැයි කිව නොහැක. කොතරම් ස්වාධීන වීමට උත්සහ කළත් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ රටට, ජාතියට ,ආගමට , දේශපාලන පක්ෂයට ,ස්ත්‍රී පුරුෂ භාවයට සහ පුද්ගලික රුචි අරුචි කම් වලට පක්ෂක්ග්‍රාහී වෙති. සමහර අය බලෙන් ස්වාධීන වීමට දරන උත්සහයේදී සීමාව ඉක්මවා ගොස් නොදැනුවත්වම තමන් මුලින් විරුද්ධ වූ මතයට පක්ෂක්ග්‍රාහී වෙන අවස්ථාත් දැක තිබේ.
    (මේය මාගේ පුද්ගලික මතයයි. වැරදිනම් නිවැරදි කරන්න)

    ReplyDelete
  16. ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තෑතියි..
    ඒ වාගේම සමාව ඉල්ලා සිටිනවා ඔබලාගේ ප්‍රතිචාර දැක්වීම් වලට පිළිතුරු ලිවීමට ප්‍රමාද වීම ගැන, කුමක් කරන්නද? මාගේ රැකියාවෙ ස්වභාවය අනුව මා හට නිවසට පැමිණීමට හැකි වන්නේ දවසක් ඇර දවසක් වශයෙනි. ඒ පැමිණි පසුද නිවස අස්පස් කර උයා පිහා ගෙන අනිකුත් කරුණු කාරණා හමාර කරන විට එම දිනෙන්ද අඩක් වැයව ගොස් හමාරය. මෙවා ලියනවාට අපට පඩි නඩි ලැඛෙනවානම් අපත් බියොන්ඩ් ෆ්රෙම් හෝ W3lanka වැන්නන් මෙන් දිගට හරහාට ලිවීමට හැකිවීමට තිබිණි.
    රට වෙනුවෙන් මිස බඩ වෙනුවෙන් නොලියමි. පක්ෂපාතීව අදහස් දැක්වූ මා මෙන්ම රටට ආදරය කරන සහෘද සැමට ඔබ සිදු කරනු ලබන මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැඛෙවායි පතමි.

    සූස්ති ගුනේ said...
    මේක ලියන්නෙ චම්පකයාගෙ බත්බැලයෙක්. චම්පකයාගේ රති ක්‍රීඩා වලට උදව් පදව් කරපු එවුන්ට ලොකු ලොකු කුට්ටි හම්බුනාලු.

    තමුන්නැහෙ බලන් ඉන්න ඇති නේද? චම්පික රති කෙළියෙහි යෙදෙන විට ඔබ සිටියේ ඔහුගේ ඇද යටද,නැත්නම් ඔහුගේ ඇග යටද? නොඑසේ නම් එවන් වූ රති කෙළියක ප්‍රතිඵලයක් ලෙස ජාතක වූ අවජාතකයෙක්ද ඔබ? එසේ වීනම් ඔබගේ මව ඔබට චම්පිකගේ රති කෙළියෙහි තරම ඔබට කියා දී ඇතුවා වන්නට පුළුවන.
    අනේ උන්නැහේ තමුන්ගේ පාඩුවෙ ඔය ඉන්න විදියටම සූස්තියක් ඇද ඇද තව අවුරුදු 8ක් සිහිනයක අතරමග සිටියා නම් නරකද..?

    ReplyDelete
  17. ඔය මධ්‍යස්ථභාවය කියන දේ මොකක්ද?
    ඇත්තටම ඔය කියන ආකාරයේ මධ්‍යස්භාවයක් තිබිය හැකිද?
    මුලින්ම ඔබ මධ්‍යස්ථ මතයක් දරන්නෙක්ද?
    අනෙකාගේ මධ්‍යස්ත බව නිගමනය කරන්නේ කෙසේද?

    තමන්ගේ මතයට එකඟ නොවන අදහසක් දුටු පමණින් ඒවා 'NGO ඩොලර් කාක්කන්ගේ හඬවල්ය', 'දේශදෝහීන්ගේ ක්‍රමන්ත්‍රණය' යනුවෙන් අවලාද කිරීම ලාංකීය සිංහල ජාතියේ ඊනියා ජාතිකවාදයයි.

    දේශප්‍රේමීත්වය යනු "දේශ‍දෝහීන් අපිව විනාශ කිරීමට සිටිතියි" යන්වෙන් මහ හඬින් කෑ ගැසීමත්. පවතින ක්‍රමයේම සියලු කුණු කන්දල් රටට, ජාතිය, ආගම වෙනුවෙන් ඉවසා වැදෑරීමත් යැයි සිතන, අඳබාල මානසිකත්වයක් ඇති බහුතරයක් අතර විකල්ප අදහසක් යනු දුටු තැන මරා දැමිය යුතු විෂ සහිත සර්පයෙකු ලෙස ගැනීම අරුමයක් නොවේ.

    බ්ලොග් අවකාශයේ නිර්නාමිකත්වය විසකුරු ලෙස දකින්නත්, එයට විරුද්ධව මතු කරන කාරුණු ද සියල්ල විකල්ප මතයන් ඉවසීමට ඇති නොහැකියාවත්, ඒ කෙරෙහි ඇති වේදනාත්මක භීතියත් පිළිබඳ උදාහරණය.
    අනෙක් කරුණ වන්නේ බ්ලොග්කරණය යනු කුමක්දැයි තවමත් වැටහී නොයාමය.

    ReplyDelete
  18. සූස්ති ගුනේ දන්නේ මඩ ගැසීමට පමණකි. මතවාදිමය පොන්නයෙක් වන ඔහු සමහ් බුද්ධිමත් සංවාද වල යෙදීමෙන් පළක් නැත

    ReplyDelete
  19. හිතේ අමාරුවට හොදට ඈඩුවම දුක තුනී වෙනවා...

    ReplyDelete