05 January 2010

ලියන්නෙම් ක්‍රිකට් ගැන... ලියන්නට අන් යමක් නැති කල...

මාර ප්‍රශ්නේ.. ලියන්න කියලා හැදුවට මෙලෝ දෙයක් සිහියට එන්නේ නැහැ... මොනවා වෙලාද මන්දා..????
මැච් එක බැළුවා. යන්තම් දිනුම්.. තිසර පෙරෙරා ටොප් කොල්ලා.. ඌට ජය වෙවා.. (තිලාන් හොදයි ඒත් ඒ ශතකයටත් වඩා මට හිතට ඇල්ලුවෙ තිසරගේ වෙගවත් ඉනිම.. මොනවා කරන්නද මෙ අපේ හැටිනේ.. මහින්දට වඩා ෆොන්සේකා හොදයි වගේ තමා)
අම්මපා සංගා ගැනත් වෙලාවකට තද වෙනවා.. බැටින් පවර්ප්ලේ එක ටිකක් කලින් අරන් (කණ්ඩම්බි ආව වෙලාවෙම වගේ) ගැහුව නම් හොදයි.. ඒ වගේම සංගක්කාර අසංක ගුරුසිංහගෙන් ඉගෙන ගත යුතු පාඩම් හුගක් තියෙනවා.. ගුරා පටන් ගන්නේ හිමිට.. 50 ගහන්නේබෝල 70වට.. ඊලගට දැඩි පහර දීමක් .. ප්‍රතිඵලය 80 ගහන්නේ බෝල 85ට.. 100 ගහනවා අඩු උනත් අවසානයේ නිමාව සටහන් වන්නේ බෝල ගණනට ලකුණු ගණන සම කරලා තමයි.. සංගා මුලින්ම වෙගෙන් ගැහුවත් පහු වෙනකොට ස්ලෝ වෙනවා.හිමීට ගැහුවත් නියම වෙලාවට රටාව වෙනස් කරන්න අමාරුයි.. ප්‍රතිඵලය අනවශ්‍ය මොහොතක දැවී යාම...

කොහොම උනත් ඩිල්ෂාන් නැති එකත් හිතට මදි වගේ.. ඒ උනත් ලහිරු තිරිමාන්නට අවස්ථාවක් ලැබීමත් හොද දෙයක්..
ඒ වගේම දැඩි සතුටක් තියෙනවා ජයසූරිය නැති එක ගැන.. මෙහෙම කිව්වම හුගාක් අය මට බනීවි.. ඇත්ත ජයසූරිය විශිෂ්ඨයෙක් තමයි.. නමුත් ඔහුහට ලබා දුන් වැඩි අවස්ථා ගණන උනත් නවක ක්‍රීඩකයින් කී දෙනෙකුට නම් අවස්ථා නැති කලාද..? කී දෙනෙක් නම් අකාලයේ පරව ගියාද..?
කොහොමටත් මගේ දැක්ම තමයි කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු ඔනවට වඩා කාලයක් කණ්ඩායමෙ රදවා ගැනීම අසාධාරණයි කියන එක. ඇයි අපේ රටෙ නවක ක්‍රිඩකයෝ නැතිවද..?
ඩිල්ෂාන්ට ආරම්භක පිතිකරු අවස්ථාව ලබා දී සහයට මුබාරක් යොදවන්න ඔන කියලා මම කල්පනා කලේ 2002 දී විතර.. සතුටුයි පහු වෙලා හරි ඩිල්ෂාන්ට ඒ තැන ලැබීම පිළිබදව.. ඒත් මුබාරක් වගේ වටින ක්‍රිඩකයෙක්ගෙන් අපිට නියම වැඩෙ ගන්න බැරි උනා..
කණ් ඩායමෙ විවිධත්වය පිළිබදව පිළිබදව තේරීම් කමිටුව මීට වඩා අවධානය යොමු කල යුතුයි.. කෞෂාල් ලොකු ආරච්චිගේ පන්දුවෙන් වගේම නිමෙශ් පෙරෙරාගේ දග පන්දුවෙන් ගත හැකිව තිබූ සංකලනය පිළිබදව කාටවත් තේරුම් ගැනීමට නොහැකි වීම අපේ කරුමෙ..
සමහර විට නිමෙශ් පෙරෙරා ගැන සමහරු දන්නෙවත් නැතිව ඇති.. මුරලි ගේ පාසල් වාර්ථා පවා බිද දැමු ඔහු ඒ වගේම පිතිකරණය අතිනුත් විශාල සේවයක් කල හැකි අයෙක්..
කාමන් මාපටුන, රුචිර පල්ලියගුරු, ඒ වගේම කරළියට නොගෙනා වටිනා චරිත.. අනේ මන්දා ඇයි ඔවුන්ට එහෙම උනේ කියලා..
දැන් උනත් කල යුත්තේ සංගාගෙන් නායකත්වය ඩිල්ෂාන් හරහා කණ්ඩම්බිට යන ක්‍රමයක් පිළිබද සැලසුම් කිරීමයි.. ඒත් ඉතින් මම කියන ඒවා අහන්න කවුද ඉන්නේ.. දුක තමා..

12 comments:

  1. Samantha SamajeewaJanuary 6, 2010 at 3:42 AM

    මහින්දට වඩා ෆොන්සේකා හොදයි වගේ තමා --- > He he still joking....

    ReplyDelete
  2. ඕස්ට්‍රේලියා කණ්ඩායම හැමදාමත් හොඳ තත්වයක ඉන්නෙ කණ්ඩායමේ රැඳී ඉන්න තියෙන තරගකාරීත්වය නිසා කියල මට හිතෙන්නෙ. මැච් 3 ෆේල් උනොත් එළියෙ. ආදේශක ක්‍රීඩකයො ඕනෙතරම් ඉන්නව. අපෙත් වෙන්න ඕනෙ ඒක තමයි...

    ReplyDelete
  3. අපෙත් ආදේශනය කරන්න හොඳ ක්‍රීඩකයො නැතිව නෙවෙයි. ජාතික තලයේ හොඳ ක්‍රීඩකයෝ ක්‍රීඩා සමාජ වලින් බිහි වෙනවා. අවල තියෙන්නේ අලුත් අය ගන්න බයේ පරණ අයවම දාල සෙල්ලං කරන එක තමයි.

    කරන්නෙ තියෙන්නේ ඊයේ (5) වගේ සම්පූර්ණයෙන්ම අලුත් කණ්ඩායමක් දැමීමට තරම් අන්තයට යන්නේත් නැතිව පලපුරුදුකණ්ඩායම සමග අනිවා නවක තුන් හතර දෙනෙක් - බැරි නම් දෙතුන්දෙනෙක් - වත් තරග සඳහා යොමු කිරීම.

    අනිත් දේ තමයි ලේඛකයා කිවූ ආකාරයට තරග දෙක තුනක් අසාර්ථක වන විට ඊළඟට සිටින හොඳම ආදේශක ක්‍රීඩකයා තරග වලට යෙදවීම. එක ප්‍රවීන ක්‍රීඩකයන්ට අත්‍යවශ්‍ය ධනාත්මක පීඩනයත් ගෙන දෙනවා. අනිත් අතට ඒක අනාගත කණ්ඩායමේ සකස්වීමට මෙන්ම ජාතික තලයේ ක්‍රීඩකයන්ට බලාපොරොත්තු විවෘතව තැබීමක් මෙන්ම පාසල් ක්‍රීඩකයන්ට කෙලින්ම සමාජ හරහා ජාතික තලයට එන්න කරන ආරාධනයක්.

    ReplyDelete
  4. ගුරුසිංහ ගැන ටිකක් මතක් උනා. එයාලා ලොක කුසලානෙ කරන කාලෙ අපි 6 වසරෙ. මුකුත් නැහැ ඉස්කොලෙ යන්නෙත් නැහැ. උදෙ පාන්දර පිට්ට්නියට යන්නෙ. අපෙ ඉස්කොලෙ යන්නැතිම සැට් එක්කක් ඉන්නවා. උනුත් එක්ක ක්‍රිකට් ගහනවා. ඔය කවුරු ආවාත් ගුරුසිංහ ,මහානම, අරවින්ද,අරජුන වගෙ අය ආපහු සෙට් වෙන්නෙ නැහැ.ලොක කුසලානෙ වෙලාවෙ එදා හැමොටම මතක ඇති. එදා මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා. දිනන්න බැරිවෙයි කියලා මම අඩද්දි " ඔය සෙල්ලම පුතෙ අපෙ සෙල්ලමක් නොවෙ ඔක දිනුවත් එකයි පැරදුනත් එකයි" කියලා තත්තා ම ගෙ හිත හදපු හැටි. අරජුන අන්තිම හතර ගහද්දි නිදියන් හිටපු මෙට්ටෙන් නැගිටලා උඩ පැන පැන ගමවටෙ දුවද්දි අපෙ අනිත් කට්ටිය එලියට පැන ලා රතිඤ්ඤා දාද්දි. එදා මුලු රටම සැණකෙලියක්. එ මිනිස්සුන්ට අපි සැලකුවා මදි කියලා මම හිතනවා. ජයසුරිය එ කාලෙ බොල උඩ අරිද්දි උඩ පැන පැන අත්පුඩි ගහාපු එවුන් දැන් ජයසුරිය බින්දුවෙන් යනකොට කියන දෙවල් ඇහෙද්දි මගෙ ඇග හිරිවැටෙනවා.

    කොහොම උනත් අපෙ අම්මලා දෙන්නාත් ඉයෙ උයන පියන වැඩ පැත්තකට දාලා මැච් එක බලලා. මම ගෙදර ගිය ගමන් මට කියන ව "මැච් එක දිනුන් අපි".

    ReplyDelete
  5. ඩිල්ශාන්ට නායකත්වය දෙන එකනම් ටිකක් හිතල බලන්න වෙනවා. ඔහුට ටිකක් තරහ යනවා වැඩියි. වෙන ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් වුනොත් ඩිල්ශාන්ගේ ක්‍රියාකලාපය නිසා එම ක්‍රීඩකයා මානසිකව වැටෙනවා. අපි ඒක දැක්කා ඩිල්ශාන් නායකත්වය දැරූ 20/20 මැච් එකේ. සංගාගෙන් පසු නායකත්වයට පැමිනිය යුත්තේ උපුල් තරංග. මේ මගේ පෞද්ගලික මතයයි.

    ReplyDelete
  6. තාම කල් වැඩිද මන්දා ඒත් මට නම් හිතෙන්නෙ අනාගත නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ව පුහුණු කරන්න ඕනෙ කියල. මොකද ඔහු මේ මාස දෙක තුනට ප්‍රදර්ශණය කරලා තියෙනවා ඔහුගෙ ක්‍රිකට් නුවණ(cricket brain)ඉතා ඉහල මට්ටමක තිබෙන බව. සහ අනවශ්‍ය පීඩනයට හසු නොවී සිටීම.

    තවත් එකක් මේ දවස්වල සිරසෙ යනවා ක්‍රිකට් විස්තර වැඩස්ටහන් වල ඉන්නවා මාර පොරවල් ටිකක්. උන්ගෙන් ඇහුවානම් කියයි නියම් නායකයා කියලා. මාර පඩි රුවන්ලා ටිකක්.

    ReplyDelete
  7. සනත්,ඩිල්ෂාන්,මහේල,මුරලි,මෙන්ඩිස්,මැතිව්ස් නැතුව අපි ඊයේ ප්‍රබල ඉන්දියාවට ගැහුවේ.ඒක සුභ ලකුණක්.දැන් හරි මෙහෙම අලුත් මුහුණු එන එක ලොකු දෙයක්.ආයෙ ටීම් එකට ආවම මහේලට,මෙන්ඩිස්ට නිකං ඉන්න වෙන්නේ නෑ.
    සුභ පැතුම් !

    ReplyDelete
  8. නායකත්වය ලැබිය යුත්තේ කන්ඩායමේ දීර්ඝකාලීන ස්ථිර කීඩකයකුට.දැනට එහෙම කෙනෙකුට ඉන්නේ ඩිල්ශාන් විතරයි . උපුල් තරංග, තිලිණ කන්ඩම්බි,ඇන්ජලෝ මැතිව්ස් වගේ අය තාම තාවකාලික ක්‍රීඩකයන්, ඉඳල හිටල ගැහුවට ෂුවර් එකක් නෑ.
    දිල්ෂාන්ට නායකකම දුන්නොත් වගකීම වැඩිකමනිසා ඔහුගේ ක්‍රීඩා ශෛලිය වෙනස් වෙන්න පුලුවන්. ඒක නිසා නායකත්වයට දැනට සංගා හොඳයි.
    (තිසර පෙරෙරා දැම්මේ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට. තිසර පෙරෙරාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසාඇන්ජලෝ මැතිව්ස්ට නැවත තැන ලැබෙයිද?)

    ReplyDelete
  9. කාමන් මාපටුන this is a great player we lost....

    ReplyDelete
  10. මේ ලිපිය තියෙනවා හෙට ලක්බිමේ (17/01/2010)
    අපෙන් සුභ පැතුම්!!!!
    චියර්ස්ස්ස්ස්ස්....!!!

    ReplyDelete
  11. sangage nayakathwaya ganath hithanna wenawa kiyalai matanam hithenne.eth ape malli kiyanne eya thama viva bona nisa poddak ivasala balamu kiyalai.thisara gana liyala thibuna.godak hodai eka.mokada thisara gana liyawilama na paththara wala.kamathi na wage.samaharawita mathews ge place eka nathi wei kiyala hithala wenna ethi.welagedarata denna ona man of the match eka dunne samaraweerata.me podi kolu patawta mita wada salakanna one.indian tour ekama padam godai.liyanna nam thawa deval thiyenawa.prathicharayak awoth liayanawa kiyala hithuna.

    ReplyDelete
  12. ම...
    අද තමයි කමෙන්ට්ස් එක දැක්කේ. හුගාක් ස්තූතියි. දැන් තමයි මාත් බැළුවෙ. ඇත්තටම ලක්බිමෙ තියෙනවා නේන්නම්.
    නැවත වතාවක් ස්තූතියි.

    ReplyDelete