09 January 2010

දයාසිරිට ජය වෙවා...

මගේ මිතුරන් දේශපාලනය ගැන නොලියන්නයැයි මට කියා සිටියත්...
නොලියාම බැරි නිසාත් .. දේශපාලනය අප සියල්ලන්ටම එකසේ බලපානා බැවිනුත් නොලියා ඉදින්නේ කෙසේද...?

ඊයේ රතු ඉර තිබුනේ නැතිළු.. අද උදේම අහපු ආරංචිය ඒක..
මෙ සටහන ඒ පිළිබදව නම් නොවෙයි...
ඒ සදහා යූ.එන්.පී. එක නියෝජනය කරන්නට පැමිණිදයාසිරි ජයසේකර නම් වූ තරුණ දේශපාලඥයා පිළිබදවය..

වර්ථමාන එක්සත් ජාතික පක්ෂය තුල හරි හමන් හඩක් නැගිය හැකි එකම දේශපාලඥයා පිළිබදවය..

මා දන්නා පරිදි ඔහු සංධානයෙන් අනික් පැත්තට ගිය අයෙකි.
එසේ ගිය බොහෝ දෙනෙකු නැවත විපක්ෂය හැර පියා නැවත මහ ගෙදරට පය තබද්දී ඔහු අදටත් විපක්ෂයේම රැදී සිටිමින් විපක්ෂය වෙනුවෙන් බර අදිනා අයුරු ප්‍රසංසනීයය.
ඇත්ත වශයෙන්ම අද වන විට විපක්ෂ වෙදිකාවෙ එකම රණ හඩ බවට පත්ව තිඛෙන්නේ ඔහුගේ හඩ පමණි.. විටක හැගීම්බරව.. තවත් විටක උපහාසාත්මකව.. හාස්‍යය මතු කරමින්... කරුණු මැනවින් ඉදිරිපත් කරමින් කරනු ලබන.. කථාව අසා සිටීමට ආසා නොහිතෙන්නෙකු ඇත්නම් ඒ දේශපාලන අන්ත වාදියකු පමණි.

පක්ෂයේ කැපිලි කෙටිලි මැද සියළු අභියෝගවලට මුහුණ දෙමින් ඔහු එන ගමන මා හට නම් පෙනෙනුයේ මෙ රටෙ අනාගත ජනපතිවරයකුගේ අංකුරයක් මෙනි..
කරූ ජයසූරියට, සජිත් ප්‍රේමදාසට මෙන් තල්ලු දෙන්නට සහයකයින් නැතිව වූවද ඔහු තම ගමන නවතා නැත..(කරූ හරියට කෙලින් සිටියානම් අද රනිල් නොව කරූ එ.ජා.ප. නායකයා වී හමාරය..)

පොදු මිනිසුන් අතරින් මතුව මෙ යන ගමනේ නිවැරදි අවස්ථාවන්හිදී නිවැරදි තීරණ ගන්නට හැකි වෙ නම් දයාසිරි නියම නායකයකු වනු ඇත..

ලියන්නට බොහෝ දේ ඇතත් තද බල අකුණු සමගින් කාලගුණයේ වෙනසක් සිදු වෙමින් පවතින බැවින් මෙම ලිපිය මෙතනින් නවතා දමන්නට සිදුවීම පිළිබදව මාගේ කණගාටුව

10 comments:

  1. ම්ං හන්සයට බයයි මල්ලියෙ...
    එන්න එන්න එන්න රජ ගෙදරින් කන්න....
    ෆොන්...සෙකා අපෙ මහරජාගෙ ඔලුවට ගහලා...

    එ මනුස්සය නියමයි.. එවගෙම කෙනෙක් තමයි
    මහින්දානන්ද අලුත්ගමගෙ.
    දවසක් පාර්ලිමෙන්තුවෙ සජිත් ප්‍රෙමදාසට කතාකරලා

    සජිත් මල්ලි... මල්ලි... සජිත් මල්ලි....
    නැගිටින්න... නැගිටින්න.....
    සජිත් මල්ලි නැගිටින්න... නැගිටලා ඔය අලියා බෙරගන්න...

    එක කියපු විදිය දැක්කම බඩ අල්ලන් පැයක් විතර හිනයනවා...

    අනිත් එක අකුනු ගහයි කියලා බය වෙන්න එපා... කරන දෙ නතර කරන්නත් එපා.. වැස්ස අව්ව.. කියලා.

    ReplyDelete
  2. දයාසිරි ජයසෙකර කියන්නේ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුලුවන් නායකයෙක්. සංධානේ නියම දෙශපාලක්නයින් නම් ඊයේ තිබුනනේ රාජිතට හරි විමල්ට හරි දෙන්නගෙන් එක්කෙනෙක් මහත්වරු වගේ නැගිටලා යන්න. එත් දෙන්නටම කතා කරන්න ඔන උනා. උන් බයවෙලයි ඉන්නේ.

    ReplyDelete
  3. "ඊයේ රතු ඉර තිබුණේ නැතිළු. අද උදේම අහපු ආරංච්ය ඒක.."
    http://www.youtube.com/watch?v=6xfYzVRLd10&feature=related

    ReplyDelete
  4. රවා
    මහින්දානන්ද ගැන නම් මගේ තියෙන්නේ හිරිකිතයක්. 2005 දි මහින්ද වෙනුවෙන් වැඩ නොකර කර හැරපු, චන්ද්‍රිකාගේ මල්ලි වගේ ඉඳපු මනුස්සයා මහින්ද දිනුවට පස්සේ දැන් මහින්දගේ මල්ලි වගේ. එක අතකට ලංකාවට ඔනෙ ඔහොම එවුන් තමයි.

    ReplyDelete
  5. sahodara said...

    සහතික ඇත්ත මහින්දානන්ද විතරක් නෙවෙ ඩිලාන්, රාජිත වගේ උදවියත් එහෙමයි.
    ඒ විතරක්ද දැන් නිකම් පරල වෙලා වගේ දගලන මෛත්‍රීපාලත් ඒ වෙලාවෙ නපුංසකයෙක් වගේ හිටියේ..
    අද උන් ඒව අපිට අමතකයි කියලා හිතාගෙන ඉන්නේ..

    ReplyDelete
  6. පිරිමියෙක් ලෙස අභියෝග භාරගෙන, එයට ලක ලැහැස්තිව පැමිණි දයාසිරි මහතාගේ පෞර්ෂත්වය නියමය. මහ ලොකුවට ලෝකෙටම ඇහෙන්නට කෑගසා දෙවන මනමාලියත් එක්ක වාදයට පැමිණි වීරවංශ තිබුණ සායමත් නැති කරගත්තේය.

    නියම පිරිමියා කවුද කියා ඊයේ රට ඉදිරියේ මොනවට පැහැදිලි විය. මතකද තනිවම වාදයට එන්න කියා කියපු වෙලාවෙ වීරවංශගෙ මූණ? හික්ස් :-D :-D

    ReplyDelete
  7. මම ත් කැමති මිනිහගේ කථාවලට. මොකද එයගේ අපහාස නෑ(ටකරං විමල් ගේ වගෙ ) හොඳ උපහාස තියෙන්නේ.

    ReplyDelete
  8. දයාසිරිගෙ අයියා ගැන සමහර විට නොදන්න කෙනෙක් ඇති..
    ඒ කිත්සිරි ජයසේතර..දෙන්න දෙපැත්තකට ගියත් මනුස්සතම අතින් නම් එත පැත්තේ ඉන්න දෙන්නෙක්..

    ReplyDelete
  9. මෙතනදී මම උත්සහ කලේ වාදයේ ජය කාටද යන්න තීන්දු කිරීමට නොව ලාංකීය දේශපාලනයේ අනාගත නායකත්වයක් පිළිබද දැක්මක් ඉදිරිපත් කිරීමට පමණි.. සමහරුන්ගේ උත්සහය වාදයේ ජය දයාසිරිට ලබා දීමට බැව් පෙනේ.. ඒ පිළිබදව අදහසක් හරියටම කිව නොහැක්කේ අදාල මාතෘකාව විවාදයට නොගත් බැවිනි. එසේම පෙර දිනයක ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විකාශයකදී මා දුටුවෙ දෙපැත්තෙන්ම දෙදෙනෙකු බැගින් කැදවන බවය.. එසේ හෙයින් විමල්ට හෝ රාජිතට නැගිට යැමට කිව නොහැක..
    යම් කාරණයක් සදහා විවාදයකදී දෙදෙනෙක් සූදානම්ව පැමිණි පසු එක් අයකු ඒ සදහා ඉදිරිපත් වීමෙදී යම් යම් කරුණු අතපසුවිය හැක ඒ ලෙස බලන කල දයාසිරි සහයකයකු රැගෙන නොආවෙ හිතා මතාම වාදය නොකර හැරීමට යයි කියා චෝදනා කල හැකිය. කෙසේ නමුත් දයාසිරි දං ගෙඩියට යාමට ඉදිරිපත් වූවත් ඒ සදහා එඩිතරව යාමට කැමැති හෝ දක්ෂතාවයක් ඇති තවත් සාමාජිකයින් විපක්ෂය තුල නොසිටිනවා වන්නටද පුළුවන..
    කෙසේ නමුත් දයාසිරිගේ තනිවම යන ගමන අගය කල යුතුය..
    නමුත් අනාවැකියක් කිව හැක හෙට අනිද්දා වන විට යූ.ඇන්.පී.ය තුලින්ම දයාසිරිට කැපිල්ලක් එන බවය... වැඩ බැරි පුස්සන්ගෙන් වැඩ හැකි එකාට ගේමක් සෙට් වනු ඇත..
    කිත්සිරි මෙන්ම දයාසිරිද හොද මනුෂ්‍යයින් බව මාද පිළිගනිමි..
    නමුත් කිත්සිරිට මනුෂ්‍යකම දිගටම රදවා ගත හැකි වූවත් දේශපාලකයකු වන දයාසිරි එම ගුණය දිගටම රැක ගනීදැයි මට කිව නොහැක..
    ඔහුට එම ගුණය රැක ගැනීමට හැකිවෙවායි මාද පතන්නෙමු..
    මන්ද ඔහු වැනි නායකයන් රටට ඇවසි හෙයිනි..
    අපි බලා සිටිමු...

    ReplyDelete