07 January 2010

මහින්දගේ හොරකම් සහ සරත්ගේ හොරකම්...

මෙ දවස්වල හැම තැනම දේශපාලනය ගැන කථා..
ඉතින් මාත් කට පියාන ඉන්න ඔන නැහැ කියලා හිතුවා ඔං..
මෙදා පාර චන්දෙදි ජයග්‍රහණය කල යුත්තේ කවුද..? ඔකනේ ප්‍රස්නේ..

සාමාන්‍යයෙන් අපි ජන්දෙකදි අපේක්ෂකයින්ව සංසංදනාත්මකව බලන්න කැමතියිනේ.. වැඩිම හොද කවුද? බුද්ධිමත් කවුද? දුප්පතුන්ට සහන දෙන කෙනා කවුද? කථිකත්වය වඩා හොද කාගේද? දේශප්‍රේමී කවුද? දේශද්රෝහී කවුද? මෙන්න මෙ වගේ එක එක මිනුම් දඩු වලින් අපි අපේ අපේක්ෂකයින් ගැන මනිනවානේ..( ඔය කිවුවෙ කීපයක් විතරයි)

ගිය පාර ජනාධිපතිවරණේදී නම් මට මතකයි උඩු රැවුලටත් තැනක් ලැබුනා.. ඒ හරහා සමහරු මතු කරන්න උත්සහ කලේ පුද්ගල පෞරෂය පිළිබද කාරණාවක්..ඒ වගේම සිංහලෙන් හිතන සහ ඉංග්‍රීසියෙන් හිතන යනුවෙනුත්,සරම අදින සහ ටයි කෝට් අදින යනුවෙනුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා(මහින්ද සහ රනිල්) පිළිබද කථා කල මතක ඇතිනේ..

ගිය පාර නම් සිංහලෙන් හිතන සරං අදින රැවුලාට රට ගියා ඔං...

මෙදා පාර ප්‍රස්නේ මෙකයි...?

මෙ පාර අපේක්ෂක මහත්වරු දෙදෙනාම රැවුලෝ වෙච්චි..
ඒ විතරක් නම් මදෑ දෙන්නම සරං කෙටියට බැහැපු ගමන්මයි ඔං..
යුද්ධෙට වෙච්ච සම්මාදමත් සම සමයි නෙවැ..
මහින්ද උන්නැහැ චන්දරසෙකරන්වත්, ෆොන්සේකා උන්නැහැ සම්බන්ධන්වත් ලං කොර ගත්තයින් පස්සෙ නම් ඉතින් තවත් අංශෙකින් සමාන උනා වගේ පේන්නත් ගත්තා...

ඉතින් ආයි බෝං තව ඉතුරු වෙලා තියෙන්නේ එක වැදගත් සාධකයක් විතරයි...
ඒ තමා ලොකුම හොරා තේරීම...

දෙන්නටම එක හා සමාන චෝදනා නැතුව නෙවෙයි ඉතින් ඒත් සමහරු පෙන්නන්න හදන විදියට නම් මහින්ද ලොකුම හොරා කරන්න නම් හුගාක් අය දත කනවා.. ඒත් ඉතින් ෆොන්සේකා උන්නැහෙත් නිකම්ම ඉදලා නැහැ නෙව..
මහින්දගේ තනතුරෙ හැටියට උන්නැහේගේ නම ඉස්සරහින් ලියවෙන හොරකම්වල වටිනා කම විශාල උනාට ෆොන්සේකා උන්නැහැත් තමන්ට තිබූ තනතුරු වලට සරිලන පදමට හොරකම් කරලයි කියලා තමා ඉදිරිපත් වෙන ගණන් මිනුම් වලින් පෙනෙන්නේ නම්...

හමුදාපති තනතුරෙදී ඔහොම නම් ජනාධිපති වෙන්න පුළුවන් උනොත් කොහොමට හිටීද කියන එක තමා විමල් ගොයියගේ එහෙම තර්කෙ වෙලා තියෙන්නේ....

කොහොම උනත් මට නම් කියන්න තියෙන්නේ මෙ හැම චෝදනාවක්ම ඔප්පු කල යුතුයි.. එසේ නැතිනම් දෙදෙනාම හොරු නොවන බව පිළි ගත යුතුයි...

දැන් ඔන්න කෙනෙකුට කියන්න පුළුවන් ඔවා කොහොමද ඔප්පු කරන්නේ කියලා.. මං අහන්නේ ඇයි බැරි...?
එක උදාහරණයක් දෙන්නම්..

දැනට තියෙන එක චෝදනාවක් තමයි මහින්ද ඇතුළු රාජ පක්ෂ සහෝදරයින් රටෙ විශාල ඉඩම් අත්පත් කර ගනිමින් සිටිනවායි යන චෝදනාව..

ඔන්න ඔක නිකන් කිය කිය ඉන්නවට වඩා නරකද ඔප්පු කරලා පෙන්නුවනම්...

කරන්න තියෙන්නේ සුළු දෙයයි..
රාජපක්ෂලා ගත්තා යැයි කියන එක ඉඩමක ඔප්පුවක් ජනතාවට ඉදිරිපත් කිරීම පමණයි. (කච්චෙරියක ඉඩම් ලියාපදිංචි කිරීමෙ අංශයක සුළු නිලධාරී මහතකු ලවා ඔය වැඩෙ කරගන්න එක මහ වැඩක් නෙවෙයිනේ.. ඔනනම් සුළු මුදලක් අත මිට මොලවන්න වෙයි.. ඒ ඔනත් නැහැ මොකද ඔය කාර්යාල වල යූ.ඇන්.පී. සේවක මහත්තුරුන් නැතුවයෑ..
රාජ පක්ෂලාගේ නමට නැතුව වෙන අයෙකුගේ නමට ගත්තා නම් ඉඩමෙ අයිතිකරුට රාජ පක්ෂලාගේ ඇති සම්බන්ධය ඔප්පු කරලාම අහවරයි නොවැ..
ආ තව එකක් ඔප්පුව ලියා පදිංචි කල දිනයත් ඉදිරිපත් කල යුතුයි.. නැත්තං මැද මූලන ඉඩං වල ඔප්පුත් අරගෙන එයි සමහරු...හුහ් හුහ්...

අනිත් අතට සරත් උන්නැහැ ගැනත් එච්චරම තමයි..
හමුදාවට ගෙන්වපු අවි ආයුධ වලට කල ගෙවීම් ලේඛනත් එසේ ගෙවීම් ලද අයගේ තොරතුරුත් ඉදිරිපත් කොලාම අහවරයි නොවැ..

දෙපැත්තේ කවුරු හරි බොරු ලේඛණ ඉදිරිපත් කලොත් නඩු දාලා වන්දි ගන්නත් බැරියෑ...
(අනේ ඉතින් එහෙම කවුරු හරි නඩු දැම්මොත් කවුරු හරි පින්වත් නඩුකාර උන්නාන්සේ කෙනෙක් මැදිහත් වෙලා ජන්දෙට කලින් නඩුව විසදලා තීන්දුවක් දුන්නොත් හොදා..)

11 comments:

  1. කිසිවෙක් නොමළ ගෙයකින් අබ ඇට හොයන් එන්න කියලා බුදුහාමුදුරැවෝ පටාචාරට කිව්වේත් ඔන්න ඕකයි..මේ හැමෝම අඩුවැඩි වශයෙන් හොරකම් කරපු අය සහ කරන අය.ඒකනේ උන් උන් පොඩි උන් වගේ රන්ඩු වෙන්නනේ..දේශපාලනය කියන රස්සාව එහෙම එකක්.මේකට එන්න මේ තරම් දගලන්නේ ඒකනේ..නැතුව එතන ඉන්න බෑ..ඔය බලු රස්සාවට අපි ගියත් අපිට වෙන්නෙත් ඕකයි..

    ReplyDelete
  2. දේශපාලනය ගැන නම් මම දන්නේ නෑ. ඔයාගේ blog එක දැන් ලස්සන වෙලා පිළිවල වෙලා. දැන් යාළුවෝත ගොඩයි. පරණ අපිව අමතක කරන්න එපා . තරහ වෙන්න එපා මම නම් මේ ලිපිය කියෙව්වේ නැත.

    ReplyDelete
  3. හොරු ගැන නොදොඩා
    වෙමු අපි නිහඩා
    හෙට ගැන හිතලා
    කුමට ද තැවිලා....

    wath

    ReplyDelete
  4. මෙච්චර ජන්දෙට වියදම් කරන්නේ ඩී එම් රාජපක්ෂ උන්නැහේ ඉතුරු කරලා ගියපු සල්ලි වෙන්ටෑ......!! :P

    ReplyDelete
  5. මුන් ගැන කියනවට වැඩිය ඔයාගෙ අත්දැකිමක් දෙකක් ලියන්න. එක අපිට වැදගත්වෙයි. ඔයාට වැර්දුනු තැනක් ගැන ලියන්න ගොඩක් දෙනා එතන වරද්ද නොගනි.ඔයා ලිව්වා හො නැතා කියලා මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙන්නෙ නැහැ. මොකද මුන් වෙනස්වන ජාතියෙ අය නොවෙ. සාධාරන ලෙස හිතන පතන කට්ටිය නොවෙ. මුලින්ම හිතන්නෙ මොකද්ද එක තමයි හරි ඉට පස්සෙ එක හරි කරන්න නොකරන දෙයක් නැහැ....ඔයා මගෙ පොස්ට් එකෙදි අහල තිබුනනෙ ජෙනරල් ගැන මොකද කියන්නෙ කියලා... එතුමා හොද යුධ නායකයෙක්. හැබැයි දෙශපාලනයට අවොත් වැඩිකල් ඉන්න එකක් නැහැ. මොකද system එක වෙනස් කරන්න යන ගොඩක් දෙනෙක් system එකෙන් වෙනස් වෙනවා. අනිත් එක මං හිතන්නෙ නැහැ ජෙනරල් ව දිනන්න තරම් පා වෙන චන්ද තියෙයි කියලා. හැබැයි ජාතික එකයි, ITN එකයි ඔය කරගෙන යනදෙ දිගටම කොරොත් මිනිස්සු ගොඩක් ජෙනරල්ට යයි. මොකද මිනිස්සු ටිකක් බුද්ධිමත් ඉස්සර වගෙ නෙමෙ. පොඩ්ඩක් හොයලා බලනවා.

    ReplyDelete
  6. හොරකම් විතරක් නෙමේ, එයාලාගේ දේශපාලන අත්දැකීම් හා එයාලා වඩා ඉන්න අයත් දෙපැත්තටම සාපේක්ෂයි මචන්.

    ඔව්වා ගැන කතා කරලා ලියලා වැඩක් නෑ මචන් අපේම අය ළිං මැඩියන් වෙලා ඉන්නකල්.

    ReplyDelete
  7. Uraj Deemantha,

    Ranilta NGO walin & LTTE eken dunna salli ko?
    ewa walinda poster gahanne & mangalata denne ?

    ReplyDelete
  8. @රවා
    ජෙනරාල්ට දිනන්න බැරි නැහැ මොකද අපෙ රටෙ පාවෙන චන්ද තියෙන්නෙ 21%යි අනිත් චන්ද වලින් 60% (ලක්ශ 40ක්) විතර එජාප චන්ද, මොනවා කියුවත් සම්බන්දන්ල ටත් ලක්ශ 8ක් විතර චන්ද තියෙනවා
    @Saman kumara
    රනිල්ට NGO වලින් සල්ලි දෙනව ඔයා දක්කද බo

    ReplyDelete
  9. කීප දෙනෙක්ම දක්වා තිබූ අදහස් අද තමයි දැක්කේ සියළූ දෙනාටම ස්තූතියි. මෙ දිනවල රැකියා ස්ථානයේ කාර්ය බහුල වීම මත බ්ලොග් එක පැත්තේ එන්න තබා කිසිම වැඩක් හරියට කරන්න වෙලාවක් නැහැ.. කොටින්ම කිවුවොත් මගේ ජීවන රටාවම අවුල්...(කිව්වට විශ්වාස කරන්න.. තාම අළුත් අවුරුද්දේ එක පාරක්වත් පස්වෙනි සිල් පදේ කැඩුවෙ නැහැ.. ඉතින් හිතා ගත්තහැකිනේ තරම..

    LankaNewsMaster said...
    එකගයි ඔඛෙ අදහසට.. මා සිටින්නේත් ඔබ ගේ මතයේම තමා..

    wath said...

    ඔබවත්.. රවාත්.. යන දෙදෙනා මට අමතක වන මිතුරන් දෙදෙනෙකු නොවෙ...

    රවා said...

    ඇත්ත මගේ අදහස් මත මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ.. එහෙම වෙ යැයි මා බලාපොරොත්තු වන්නේද නැහැ.. නමුත් කියන්න දෙයක් හිතුනම කියන්නේ නැතුව ඉන්න මට අමාරුයි..

    Uraj Deemantha said...

    චන්දයකදී තමා හම්බ කළ මුදලින්ම වියදම් කරන්න උවමනා වන්නේ නැත.. වංක අදහසින් හෝ දේශපාලකයින් වෙනුවෙන් වියදම් කරන්න ඔනෑ තරම් පිරිසක් සැදී පැහැදී සිටිති.. මෙ බව ඔබ දන්නේ නැතැයි කියා ම සිතන්නේ නැත...මහින්දට පමණක් නොව ඔවුන් ෆොන්සේකාටද අත දිග හැර වියදම් කරති...
    ජන්දයෙන් පසු කුමන අපේක්ෂකයා දිනුවත් අප පරාදය.. වියදම් කලවුන් දිනුම්ය...
    ඔබ සිතන ආකාරයෙන් සිතුවොත් ෆොන්සේකාට ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කරවීමවත් කල හැකි වෙද? ඒ කියන්නේ ෆොන්සේකා වියදම් කරන්නේ ඔහුගේ පියා හරි හම්බ කල දේද? දෙදෙනාගේ ප්‍රචාරණ ව්‍යාපාරය තුල අඩු වැඩි කමක් තිබිය හැක.. මක් නිසාද යත්.. වඩා ප්‍රතිඵලදායී අපේක්ෂකයා වෙනුවෙන් බොහෝ දෙනා අත දිග හැර මුදල් වියදම් කලත් අනිකා සදහා ඔනවට වඩා වියදම් කිරීමට ඒ සදහා මුදල් ආයෝජනය කරන්නන් නොපෙළඹීමත්ය.. ඒ වාගේම පක්ෂය සදහා ලැඛෙන ආධාර මුදල් සෘජුවම වියදම් කිරීමට මහින්දට ඇති බලයත් රනිල්ට හා මංගලට යටවී සිටින ෆොන්සේකාට එම බලය නොමැති වීමත්ය.. මෙය ඔබට තේරුම් ගැනීමට හැකි වෙයැයි මා සිතමි..

    ~බිன்ku~ said...

    අපට ලැබී තිඛෙන උන්ගෙන් එකකු තේරීම මිස අපට උවමනා අය තේරීමට මෙම ක්‍රමය තුල ඉඩක් නොමැත..

    දිlee said...

    පාවෙන චන්ද යන්නේ කොතනටදැයි ඔබට හෝ මට කිව හැකිද..?
    ඇයි ජෙ.වී.පී. චන්ද..?
    එස්.බී.ත් ගණන් වගයක් පෙන්නුවා.. ඔඛෙ විග්‍රහයට වඩා ඔහුගේ විග්‍රහය දියුණූ මට්ටමක තිබුනා මට මතකයි.. නමුත් ඔහු ප්‍රකාශ කල තරම්ම පරතරයක් නැති උනත් මෙවර ප්‍රතිඵලයේත් වැඩි වෙනසක් වෙ යැයි සිතිය නොහැක..

    ReplyDelete
  10. ඔබතුම ෆොන්සේකාට කඩේ යන බව අපි දන්නවා. ෆොන්සේක උන්නැහේ tri series එකෙ ඔවර් අතර දාපු දැන්වීම් ටිකට උන්නැහේගේ වත්කම් ප්‍රකාශයේ පෙන්නපු මුදලටත් වැඩි මුදලක් යනවා. ඒ ගැන පේන්නේ නැත්තේ ඔබතුම රෙදි ලිහන් ඒ රෙදි වලින් මූණ වහන් කඩේ යන හින්දයි.

    ReplyDelete