21 January 2010

එතැන් පටන් එළැඹිණි..මාරයගේ හෝරාව...

ඒ දවස්වල මම සේවය කලේ රත්මලානේ ගුවන් හමුදා කදවුර තුල..
ඇත්තටම අපිව රෙජිමෙන්තු රාජකාරීන්වලට අනුයුක්ත කරලා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සිට එවලා තිබුණේ..
අපිට සුපුරුදු වෘත්තීය අංශයන්ගෙන් වෙන් කරලා රටෙ ආරක්ෂක තත්වය මත කදවුරු ආරක්ෂක රාජකාරීන්වලට දැමීම නිසා ජීවිතේ සෑහෙන වෙනසක් වෙලා තිබුනු කාලයක්..
දවල් දවස තිස්සෙම කැලෑව කප කප බංකර් ගහනවා.. රෑ තිස්සේ මුර කරනවා..
ඔක්කොටම වඩා එපා උනේ රෙජිමෙන්තුවට අයත් සාජන්ලාගෙ සහ උන්ගේ ඇම්බැට්ටයින්ගේ පොර ටෝක් අහන් ඉන්න එකයි..

මම මෙ කියන්න ගියේ රාජකාරියට අදාල දෙයක් නෙවෙයි..
මම දැකපු හීනයක් සහ පසුව ලද ආරංචියක් පිළිබදවයි..

රෑ ආරක්ෂක රාජකාරී ස්වභාවය අනුව අපට සෑම පැය 4කට වරක්ම පැය 4ක ඉසිඹුවක් ලැඛෙනවා..
ඒ අනුව එදින මා රාත්‍රි 10යේ සිට පාන්දර 2ක වන තෙක් රාජකාරී කර අවසන්ව මගේ අනෙක් සගයා හට රාජකාරිය භාර දී නින්දට වැටුනා..(ඒ නින්ද ගැන වෙනම කියන්න ඔන රස්නේ ඉවසන්න බැහැ.. මදුරුවො නෙවෙ කපුටො ඉන්නේ ඊට හපන් සුළගත් එක්ක එන දූවිලි පාර ඒ දූවිලි පාර දෙවෙනි වෙන්නේ පොලෝසියේ රාජකාරි කරන කාලේ හිස්බුල්ලා ඇමතිවරයාට අයත් බම්බල පිටියේ වසා දැමූ නිවසක ආරක්ෂක රාජකාරී කරන්නට ගිය සතියක් තුල පාර අයිනේ මුර කුටියක පත්තර පිටු දෙකක් එලාගෙන නිදා ගත්ත දවස්වල කාපු දූවිලි පාරට විතරයි.. අම්මෝ නැගිටින කොට කටෙ හිටන් දූවිලි මතක් වෙන කොටත් වැලි කැට හැපෙනවා වගේ දැනෙනවා..)

කොහොම හරි නිදා ගත්තා කියමුකෝ .. පාන්දරට වෙන්න වගේ තමයි මම හීනේ දැක්කේ.. මුලින්ම දැක්කේ මම දැකලා පුරුදු වතුර පිරුනු ඇලක්..
එහි ජලය වේගයෙන් ගසාගෙන යනවා..
ඊට පස්සේ මම දැක්කා මගේ මහප්පාගේ පුතා.. (මගේ අයියා) වතුරට වැටෙනවා.. ( මිනිහා පිස්සු පොරක් උනත් මම පොඩි කාලේ ඉදලාම මිනිහාට මාර කැමතියි.. ඌට බැරි දෙයක් නැහැ.. පොඩි කාලේ මගේ වීරයා මිනිහා තමා.. මිනිහාගේ ආභාෂය මටත් නොඅඩුවම ලැබිලා තියෙනවා කියලා අපේ පවුලේ හැම කෙනාම කියනවා.. හැබැයි ඒ මට බනින්න ඔන උනහම.. මොකද මටත් අතට අහුවෙන හැම දේම කරලා බලන්න තියෙන්නේ පුදුම ඇම්මක්.. හැබැයි ඒ හැමදේම ටිප් ටොප් එකටම කරන්නත් පුළුවන්.. ඒ වගේම ඔනම දෙයක් ඉගෙන ගත්තට පස්සේ ආයෙත් ඒක කර කර ඉන්න කැමති නැහැ.. ඌ වගේම මාත් කවදාවත් එක තැනක ඉන්නෙත් නැහැ.. කිසිම දෙයක් වැඩි කාලයක් කරන්නෙත් නැහැ.)
ඉතින් මිනිහා වතුරට වැටුන දැක්ක ගමන් මම ඇළ අයිනට දුවන් ආවා.. ඒත් මිනිහා නැහැ.. ඔන්න දැන් පේනවා ඇළ අයිනේ දං පදුරක පැටළිලා ගැහැනු කෙනෙකුගේ සිරුරක් තියෙනවා.. (මුහුණ පෙනෙන්නේ නැහැ වතුරට යටවෙලා) හැබැයි ඇදලා ඉන්නේ මගේ කුමාරිගේ(මගේ ජීවිතයේ දී මට අසීමිතව පෙම් කල ඇය) කළුපාට රෙද්දේ සුදු පාට පුංචි මල් වැටුනු දිග ගවුම..
මගේ ඇග සීතල වෙලා ගියා එතන ඉදලා ආයෙත් මට නින්ද ගියේ නැහැ..
එළි වෙන්නේ කොයි වෙලේද කියලා බලා ගෙන උන්නේ කෝල් එකක් ගන්න යන්න( ඒ දවස්වල අපිට මොන මොබයිල්ද?)

කොහොම හරි උදේ 7 විතර වෙන කොට කුමාරිට කථා කරන්න පුළුවන් උනා..
එයා ඇයි මෙ උදේම කියලා අහපු වෙලාවෙ තමයි හිතට සහනයක් ලැබුනේ..

ඒ ගමන මම ඇහුවා මොනවා හරි ඔය පැත්තේ අවුලක්ද? කියලා..

ඔවු ඔයා කොහොමද දන්නේ.. උ..... ඛෙබි නැතිවෙලා..

මොනවා ඒ මොනවා වෙලාද..?

කතරගම යන්න ගිහින් වැවක නාන්න ගිහින් මුලින්ම එයාලගේ අක්කා ගිලෙන්න ගිහින් එයාව ගොඩ අරගෙන ඉස්පිරිතාලේ ගෙනිහින් පස්සේ බලන කොට මෙයා ඉදලා නැහැ..
පස්සේ හැම තැනම හොයලා ආපහු ඇවිත් වැවෙ හොයන කොට වැව මැද තිබුනු වලක තිබිලා තමයි හොයාගෙන තියෙන්නේ..

ඇත්තටම මට හිතා ගන්නත් බැහැ.. හරියට කරකවලා අතහැරියා වගෙයි..
උ.... ඛෙබි... අපි දෙන්නා පොඩි කාලේ එකටමයි හැදුනේ.. මට වඩා මාස 6ක් වැඩිමල් උනත් මම ඇයට ආදරය කලා.. ඇයත් එහෙමයි..
අපි දෙන්නා වයසෙන් වැඩෙත්ම ඇගේ වැඩිමහළු සොයුරියක් විසින් අපව වෙන් කරන්නට යෙදුනේ කවදා හරි අපි දෙන්නා පැටලවෙයි කියන එක හැමෝටම ඇහෙන්න කියන ගමන්මයි.. මට තාම මතකයි ඇයට තිබුනු කැරළි ගැසුණු හිස කෙස්.. තඹ පාටට හුරු ඇස් දෙක.. ආඩම්බර කථා විලාසය.. මට බනින හැටි මගෙන් ගුටි කාලා අඩන හැටි.. මට කෙල්ලන්ගේ නම් කිය කිය විහිළු කරන කොට මම එයාට කොල්ලන්ගේ නම් කියලා විහිළු කලහම මට ගහන්න වත්ත වටෙ එළවන හැටි.. ඊට ප්‍රථම වතාවක කතරගම යද්දී හම්බන්තොට මුදුදේ නාන්න ගිහින් වතුරෙ ගිලෙන්න යද්දී මම වතුරට පැනලා ඇයව ඇදගෙන ගොඩට ගෙනාව හැටි..
එදා මම කට්ටිය එහෙ මෙහෙ වෙනකල් ඉදලා බනිනකොට මා දිහා බලාගෙන හිටපු හැටි..

ඒ දේවල් කියන්න මට වචන නැහැ..
මම මොහොතකට ගොළු උනා මතකයි..
කුමාරි අපි දෙන්නා ගැන හුගාක් දැනගෙන උන්නා..
ඔයා ඇවිත් යන්න ඔන නේද අයියේ..
හ්ම්..

බොහොම අමාරුවෙන් කියලා කියලා එක දවසකට නිවාඩුවක් ගන්න පුළුවන් උනා
ඒ වෙන කොට එයාලා අපේ ගෙවල් ළගින් ගිහින් වෙන හරියක පදිංචි වෙලා උන්නේ.. ඇත්තටම මල ගෙදරට ගියා විතරයි මට මතක එහෙ කොච්චර වෙලා හිටියද.
කීයටද ආපහු ආවෙ මට අදටත් හරියට මතක නැහැ..
මල්ලිවත් එක්කගෙන ගිය නිසා මිනිහා මාව එක්කගෙන එන්න ඇති
සුදු පාට ඇදුමින් සරසවලා තිබුනු දේහය අසල තිබූ ඇගේ ඡායාරූපය මා දිහා හිනා වෙලා බලා ගෙන උන්නා මට මතකයි..


මට හීන පෙනෙනවා හරි අඩුයි..
මම හීන වල පේන දේවල් සැබෑ වෙනවා කියලා හිතන කෙනෙකුත් නෙවෙයි..
ඒත් මෙ හීනය ගැන අදටත් මට හිතා ගන්න බැහැ..
මම අදටත් හිතන්නේ ඇයට අවසන් මොහොතේ හෝ තම කුඩා මිතුරාව සිහිපත් වන්නට ඇති කියායි...
මා එදා ඇය අසල සිටියා නම් මෙ කථාව වෙනස් වන බව මා හට මෙන්ම ඇයටත් කල්පනා වන්නට ඇතැයි සිතනවා හැර වෙන කුමක් සිතන්නද..
ඒ සිතුවිල්ලම මට සිහිනයක් වී පෙනෙන්ට ඇති බව මා අදටත් විශ්වාස කරමි...

7 comments:

  1. ර්‍පථමයෙන් ඔබගේ යෙහෙළිය ගැන ඇත්තටම ගොඩක් දුකයි මටත්. ඇය ගෙනාව ආයුෂ ඉවරයි. අපි වගේ අය (මම වගේ) අය තරුණ කාලෙදී මැරෙණ එකත් හොදයි.

    paranormal activity.....
    Telepathy

    කියල කියන්නේ ඔය වගේ ඒවට තමයි.මම නමි ඒ subject එකට ගොඩක් කැමති. අපි නොදන්න , අපිට නොතේරෙන දේවල් තියනව. ඒව දන්නෙ හිත විතරයි. සමහර විට මට හිතෙනව ඒව දැනෙන්න 6 වෙනි ඉන්ද්‍රියට කියල. සමහර පුද්ගලයන්ට විතරයි ඒක පිහිටන්නේ......

    මම නම් ගොඩක් හීන දකින කෙනෙක්... හැබැයි හෑබෑ වෙලා තියෙන්නේ නරක හීන විතරයි....

    වත්

    ReplyDelete
  2. හ්ම්ම්ම්, අමුතු කතාවක්. දිගටම ලියන්න. :)

    ReplyDelete
  3. wath...
    අපි වගේ අය තරුණ කාලෙදී මැරෙණ එකත් හොදයි.

    ඇත්තටම මරණය ප්‍රමාද වීම මහා කරුමයක්...

    ReplyDelete
  4. අයියෙ ඔයා, සොදුරු සිත දෙන්නම ලියලා තියන කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ඔය දෙන්නම ජිවිතෙ විඳවනවා කියලා. ඔයාලා දෙන්න ගෙම ජිවිත වල තියන දෙවල් ඔයාලා ලියන දෙවල් වලින් උකහා ගන්න පුලුවන්. ඔය වගෙ තමයි මමත් ඔනැම දෙයක් ටික කාලයයි. විදින්න මෙක. අපි කවුරුත් තනියම නෙමෙ ඉන්නෙ. අපි ඔක්කොම එක දැලක නුල් පොටවල් විතරයි. මට හෙට දහම් පාසලෙ උගන්නන්න යන්න තියනවා. පස්සෙ මෙක ගැන මම හිතෙන දෙවල් ටිකක් ලියන්නම්. ඇතුලට එන්න හදන, එන හැම කෙනාට ම හදවතෙ දොරගුල් හැරදාම පිලිගන්න. යන හැම කෙනාටම අවන්ක හිතින් සුභපතන්න

    ReplyDelete
  5. ඇත්තටම සමහර වෙලාවට ඔහොම දේවල් වෙනවා, අද මට අනිවාර්යෙන් අහවලා හම්බ වෙයි කියලා හිතෙනවා, ඒ වගේම හම්බ වෙනවා, ඒ වෙලාවෙදි ඔයාව මතක් වෙන්න ඇති ෂුවර් එකටම ...

    ReplyDelete