06 February 2010

මෙ කවිය මගේ නොව.. පෙර දිනක අපේමමය...

යටිපතුල් ඉරි තැලී ලේ සලකුණුත් සමග
අසීමිත වෙදනා මතින් මා ඇවිද ගිය
පිපාසිතයෙන් වෙලී උගුර ලේ රස දැනුන
දහදියෙන් ගත තෙමී පරවු මල් පෙති සිඹින
ග්‍රීස්මය ගෙවී යයි ජීවිතය නිම නොකර
සිනිදු මල් පෙති මතට මහා වරුසා වැටෙන
සැලෙන දෙතොළග කිසිදු උනුහුමක් නොම දැනුන
ආත්මය දියව ගිය මහා වස්සානයට
මෙතෙක් මා රැක ගත්ත මට උරුම සියළු දෙය
උදුරාන දුර ගියා වියළි මල් පෙති සමග
සරත් කාලය ඇවිත් වියරු සුළගට මුහුව
සන්තකට රැක ගත්ත පපුතුරෙ සගවාන
පුංචි පැතුමකට යළි පිබිදෙන්න වෙර දරන
රුධිර ලේ මස් නහර තුලින් දළුලා වැඩෙන
හේමන්තයක් වෙලා නුඹ රැදී ඇස් ගාව
පුෂ්ප මංජරිය ළග පිබිදෙන්න කල් බලන
සුවද විදිනට සිතමි හිස ඹබා නුඹ ගාව
මල් පැනින් කුස පිරූ ගයන විහගුන් ගීත
අසන්නට පිං පුරමි නුඹෙ තුරුලට මැදිව
ජීවිතේ කිසිදාක දැක නොමැති වසන්තය
මා සිහින ගොනු කරමි දකින්නට නුඹ සමග
මට මාද අහිමි වී ඒ සිහින බොද වෙද
සිසිරයම ගිනි අරන් වසන්තය නොම ඒද


ඇත්තටම මෙ කවිය මම ලියපු එකක් නොවුනත්
මගේ අදහස් ඇගේ අදහස් සමග ගලපා අප දෙදෙනාම වෙනුවෙන් ඇය විසින් ලියූවක්..
ඒ වන විට අප දෙදෙනා ආදරය ප්‍රකාශ කර නොතිබුනත් දෙදෙනා දෙදෙනාහටම බැදී සිටි කාලයයි..
මට මෙන්ම ඇයටත් ජීවිතයේ විදිනට වූ සියළු දුක් කම්කටොළු මෙන්ම
දෙදෙනාම අනාගතය පිළිබදව තබා තිබූ බලාපොරොත්තුද කැටි කොට මෙය නිර්මාණය උනා.
ඇත්තටම ඒ කාලය ඉතාමත් සුන්දරයි. අපි දෙන්නා බොහොම ළගින් ඇසුරු කල යුගයේ...
දෙදෙනාගේ දුක සතුට ඛෙදා ගත් යුගයේ මෙ කව ලියඋනා.
පසුව අප ආදරයෙන් වෙළුනා.. ජීවිතය ගලා ගෙන ගියා..
අවසන බොහෝ දුක්බර අවසානයක් සනිටුහන් කරමින් අපට වෙන් වෙන්නට වූ නමුත් මෙ කවිය ඇතුළු බොහෝ සැමරුම් මා සතුයි. ඇය අද මා අසල නැතත්ඒ සොදුරු දින කිහිපයෙහි සුවද අදටත් මාව ජීවත් කරවනවා..ඒ මතක සුවදත් සමග ජීවිතය ගලාගෙන යනවා..
දවසක දිනයක් ඒවී.. මා මෙලොවින් සමු ගන්නා..
එදිනට මෙ සොදුරු සුවදත් සමගින් මා මිය යාවී..
බොහොම සතුටින්...

8 comments:

  1. උඹට ඒ අතීතෙ ගැන හිතල දුක්වෙන්න එපා කියන්නෙ කොහොමද?....

    ReplyDelete
  2. මචං අයියෙ මාරයො.... ලෙසි දෙයක් නෙමෙ මෙ කරන්න කියන්නෙ... අමාරුවෙන් උනත් කලොත් නියමටෙ තියෙයි...

    යන අයට යන්න දෙන්න... එන අයව බදාගන්න....
    (හොයගෙන යන්න එපා(යන අයයි, එන අයයි))

    ජිවිතෙ එහෙමයි.. මමත් එකයි කලෙ... හිතෙ තියන දුක කියන්න, කවි හදන්න මටත් බැහැ.

    ReplyDelete
  3. අනේ මන්දා මොනවා කියන්නද කියලා..

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. සොදුරු මතකයන් අපව ජීවත් කරනවා මාරයියේ.... අතිතය ගැන දුක් වෙනවාට වඩා ඒ මතකයත් එක්ක ජීවත් වෙද්දි හිත්ට පුදුම සහනයක් දැනෙනවා........

    ReplyDelete
  7. එයත් සිරාවට ලව් කරලා තියෙනවා.ඒත් මොකෝ දෙන්නට සෙට් වෙන්න බැරිඋනේ?

    ReplyDelete
  8. මට සෙට් උන සහ ඒ වාගෙ සිටි බොහෝ ගණනකට මා කැමති වූයේ නැත...
    මා කැමති යුවතිය මාව දකින්නේ වැඩපල කරවාගත හැකි ගොනෙකු ලෙසයි..
    වෙනත් බොහෝ කෙල්ලන් ඒ දැක සිනාසෙද්දී මම තවමත් ඈ වෙනුයෙන් කඩේ යාමට සූදානම්ය..
    ඈ මට කැමති නැත..වන්නේද නැත..එහෙත් ඉඳහිට හෝ ඇය දකින්ට ඇති ආසාව,, මා ඈ වෙනුයෙන් කඩේ යවයි..
    මට කිසි දාක සඳ පායා නැත..
    පායන්නේද නැත..
    අකමැති සඳ පායවාගන්නට වැර දීමෙන්ද හෙම්බත් වී ඇත..
    ඒත් අනේ එකපාරක් හරි හඳ හීනෙන් වත් පෙනුනොත්..
    සඳ මා හා මා සඳ හා වෙලෙන හැටි..
    කියා මා අදත් සුව හීනයක් පෙනේවායයි පතමින් ඇඳ බදා ගමි..

    ReplyDelete