07 February 2010

එක එක දේවල් සිතට නැගෙනවා.. මට පිස්සුද මන්දා...

මට බයක් දැනෙනවා.
පිස්සු හැදීගෙන එනවද මන්දා?
මෙ ටිකේ ෆිල්ම් බැළුවා වැඩියි වගේ..
ඒ මදිවට මාසයක් පුරාවට නොබී ඉදලා මගේ ඔළුව කරවෙලාද කොහෙද?
කොටින්ම කියනවනම් මගේ සිතුවිලි ලොක් වෙලා වගේ.
මොනවා හරි ලියන්න හිතුවත් හරි හමන් දෙයක් ඔළුවට එන්නේ නැහැ.
එක එක විකාර අදහස් ඔළුවට එනවා.
අන්තිමට අද හවස මට හිතුනා කැලෑවකට යන්න ඔන කියලා.
ඉතින් කැලෑවකට ගිහින් කන්නේ බොන්නේ මොනවද කියලා හිතුවම මට කල්පනා උනා ඔය පලතුරු ජාති එහෙම කන්නත් බැරියෑ කියලා.
ඒත් ඉතින් හැම වෙලාවෙම පළතුරු කන්න ගියහම මගේ ආහාර ජීර්ණ පද්ධතිය අප්සට් යන්නත් පුළුවන්.
ඒ විතරක්යෑ ඔය තරම් පළතුරු තියෙන කැලෑවල් කොහෙද තියෙන්නේ.
සිංහරාජෙට අයිති කැලෑවක් හොයාගන්නත් පුළුවන්.
ඒත ඉතින් ඒ පැත්තේ කූඩැල්ලෝ ඉන්නවනේ.
මට කූඩැල්ලෝ එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. ඒක හින්දා වැසි සහිත වනාන්තර හරියන්නේ නැහැ.
වැස්ස අඩු, කෑඩැල්ලෝ නැති වනාන්තරවල ජල පහසුකම් අඩුයි. ඒ නිසා එහෙම තැනක් හරියන්නෙත් නැහැ. අනේ මන්දා ඔන්න ඔහොම කල්පනා කරලා මට ඒ වනගත වෙන වැඩෙත් ටිකක් කල් දාන්න හිතුනා.
ඒත් අප්පා මට දැන් එපා වෙලා තියෙන්නේමිනිස්සු කවුරුවත් නැති රස විදිය හැකි පරිසරයක් ඇති තැනකට ගිහින් ඔහේ බලා ගත්ත අතේ බලාගෙන ඉන්නමයි හිත.

ඇත්තටම මට පිස්සු හැදීගෙන එනවා නේද?

එක අතකට ඒකත් හොදයි..
මගේ ජීවිතේ මම කරන්න හිතාගෙන හිටපු දේවල් හුගාක් මම කරලා ඉවරයි.
1.තාත්තා කරපු රස්සාව කරන්න ආස හිතිලා තිබුනේ.(c.t.b.)
මාස ගාණක් තාත්තා හිටිය තනතුරට නෙවෙයි උනත් එයාත් පටන් ගත්ත තැන(කොන්දොස්තර) ජොබ් එක කලා.

2,ආරක්ෂක අංශයේ රැකියාවක්
පොලිසියේ සහ හමුදා සහ පෞද්ගලික ආරක්ෂක අංශයේ යන තුන් තැනම සේවය කරන්න පුළුවන් උනා.

3.මහණ වෙන්න ඔන කියලා හිතිලා තිබුනා.
පහුගිය අවුරුදු 5හෙම හිටියේ එහෙම තමයි. ඒකත් හරි.

4.ගුරුවරයෙක් වෙන්න හිතිලා තිබුනා.
මහණ වීමත් සමගම ඒකත් හරි දහම් පාසල් ගුරු තනතුරෙ ඉදලා ප්‍රධානාචාර්ය්‍ය දක්වා කටයුතු කරන්න හම්බ උනා.

තව ඉතිරි වෙලා තියෙන බලාපොරෙත්තු 2ක් තමයි

5.හිර ගෙදර දවසක් හරි ඉන්න එක

6.පිස්සන් කොටුවෙ දවසක් හරි ඉන්න එක

මෙ යන විදියට ඒ බලාපොරොත්තුත් ඉක්මනටම ඉෂ්ඨ වෙයි වගේ.

කොහොම උනත් මෙ ජීවිතේ ගැන මට සතුටුයි. සමාජයේ හුගාක් අය ඇසුරු කරන්නත්, ඒ හරහා මාත් ඇතුළු මිනිසුන්ගේ හැසිරීම් පිළිබදව හොදින් අධ්‍යයනය කරන්නත් මට පුළුවන් උනා. හුගාක් තැන් වල යන්න එන්නත්, වෙනස් වෙනස් දේවල් කරලා බලන්නත් මට ලැබුනු අවස්ථා ලේසියෙන් කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. මෙ අවුරුදු 30ක කාලෙට මට විදින්න ලැබුනු දේ බොහොමයි. සමහරුන්ට අවුරුදු 60කටවත් අත්දකින්න වෙන්නේ නැති දේවල් බොහොමයක් මම මෙටික කාලෙට ස්පර්ෂ කලා.

අවුරුදු විස්සෙදි කරන්න ඔන දේවල් මම දහයෙදි කලා.
අවුරුදු විස්සෙදි මම කලේ හතළිහේදි කරන දෙවල්.
අන්තිමෙදී අවුරුදු තිහ වෙන කොට මට අවුරුදු හැටක මිනිහෙකුට වගේ වෙහෙසයි.
ඇත්තටම දැන් මට වෙහෙසයි.
දරා ගන්න බැරි තරම් වෙහෙසයි.

තව දුරටත් කරන්න දේවල් රාශියක් මට ඉතිරි වෙලා නැහැ.
ඒ හින්දමද මන්දා මට දැන් ඇති වෙලා තියෙන්නේ.

වෙලාවකට මට ඇත්තටම පිස්සු තමයි.

14 comments:

  1. මමත් ඔයා වගෙ තමයි. වයසට වැඩිය වැඩියි. පවුල් පසුබිමත්, ගෙදර අර්තිකයත්, එක්ක ගැටෙන්න ගිහිල්ලා මගෙ තියන හොදම කාලෙ මම නැති කරගත්තා කියලත් හිතෙනවා. මට උසස් අධ්‍යාපනයත් ලබාගන්න වාසනාව තිබුනත් සම්පුර්න කරගන්න වාසනාව නැතුව ගියා. මගෙ තාත්තා තමයි එකට වග කියන්න ඔනා. කොහොම උනත් ඔයාගෙ බ්ලොග් එක දැකපු දවසෙ මම දැනගත්තා ඔයා ගැන. එ ඔයා ලියලා තියන හැම වචනයක් දිහැම කල්පනා කරල. කොහොම උනත් අපි වගෙ කස්ටිය තවත් මෙතන ඉන්නවා. වයස 30 ක් කියන්න එච්චර වයසක් නෙමෙ. මට 24 ක් වෙලා මහන්සියි.මුකුත් කරලත් නැහැ. කොහොම උනත් ගඟ ගලාගෙන බසිනවා. හරි ලස්සනට. ඔයාව දැනගන්න ලැබිම සතුටක්.

    ReplyDelete
  2. එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ..

    ReplyDelete
  3. පිස්සෙක් වෙන එක හොදයි එක අතකට. පිස්සුව මුවාවෙන් තමන් කැමති දේවල් වැඩි නිදහසකින් කරන්න පුලුවන්. මමනම් කැමතියි ලෝකය මාව පිස්සෙක් හැටියට දකිනවට

    ReplyDelete
  4. පිස්සු ඩබල් වෙනවා මේවා කියවපුවාම.
    කොහොම උනත් අපි හැමෝටම පිස්සු ටික ටික හරි තියෙනවා.
    වෙනස වෙන්නේ කොපමණ ප්‍රමාණයක්ද කියන එක විතරයි.
    අනික එලියට පේනවද නැද්ද කියන එකයි.

    හැබැයි මචෝ "අරූට පිස්සු" කියන ඩයල් ඉන්නව නේද... උන්ට හොඳටම පිස්සු....

    /බිඟුවා...!

    ReplyDelete
  5. mmmm...pissuda ubalata?? hikzz...hoda post ekak...matath pissu....DUMINDU

    ReplyDelete
  6. හුටාස්.. මේක මේ ගෙවෙන දවස් වල වැරැද්දක්ද මන්දා.. මටත් දැන් නම් හොදටම ජිවත් උනා ඇති කියලා හිතිලා තියෙන්නේ.. ඇත්තටම මට දැන් මේ ලොකේ හිටියා ඇති.. හිති වැටිලා හොදටම.. ඒ වුනාට නිකම්ම නිකං ගේමක් නැතුව මැරිලා යන්න අපිට බැහැනේ.. ඒ නිසා ජිවත් වෙන්නම වෙලා තියනවා.. හැබැයි ජිවත් ජිවත් කරන එක මට දැන් ඇති වෙලා..
    මමත් ඇත්තටම ආසයි වනාන්තරයක් ඇතුලේ ජිවත් වෙන්න.. හැබැයි ඒක යථාර්තයක් කරගන්න බැරි හින්දා මගේ ඉටුකරගන්න බැරි හීන ගොඩට ඒකත් දාලා තියලා තියනවා.

    ReplyDelete
  7. මමත් ඔයා වගෙ තමයි
    එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ..

    ReplyDelete
  8. මාත් මෙ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නනෙ වනගත ජීවිතයක් ගත කරන්න පහසු මාර්ග පිළිබදව. සත්තු මරන් කනවා වගේ වැඩ කරන්න බැරි නිසා මිස වනගත ජීවිතය අපහසුම නැහැ. විශේෂයෙන්ම මම ලබලා තියෙන පුහුණුවීම් වලට අනුව අනිවාර්යයෙන් එහෙම ජීවත් වෙන්න මම දන්නවා. නමුත් මම පව් කරන්න බයයි. හරි ප්‍රශ්නේ තමා අප්පා..

    ආ මලියෝ මම යන්න සෙට් උනොත් ඔයාටත් කියන්නම්. තියෙන දෙයක් පන් මල්ලක දාගෙන එන එකයි තියෙන්නේ..
    අඩු තරමෙ එක හීනයක් හරි ඉස්ඨ වෙයිනේ..

    ReplyDelete
  9. බලන් යද්දි හැමෝටම පිස්සු.. අපිත් පිස්සො තමයි පොදු සමාජ අර්ථයෙන් ගත්තම....

    ReplyDelete
  10. Hmm... matath pissu thada wela thibunu welawaka meka dakkane. matath hitiya athi wage appaa... :-S

    ReplyDelete
  11. Mark said...
    බලාගෙන ගියහම මෙ කාට කාටත් මට වගේම පිස්සු නෙව.
    සියළු පෘතග්ජනයින් උම්මත්කයින් තමා..හ්ම්.. හ්ම්..

    ReplyDelete
  12. ඔයාලගේ සෙට් එකට මාවත් එකතු කර ගන්න...
    මටත් මේ ජීවිතේ හොදටම කලකිරිලා, එපා වෙලා හති වැටිලා ඉන්නෙ...
    ඔයාලත් තනියම කතා කරනවද?
    හිතන දේ නෙමෙයිද කියවෙන්නෙ?
    කතා කරද්දි වචන හැමවෙලේම පැටලෙනවද?
    බලං ගියහම අපි හැමෝම හති වටිලා...
    අපේ මේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ වගේ...
    ඇත්තටම බැලුවොත් ගහපු බෙරේකුත් නෑ... බෙරේ පලුවකුත් නෑ...
    මාරයා... මට ඔයාව හොදට තේරෙනවා...

    ReplyDelete
  13. මධු වීරකෝන්...
    ස්තූතියි. බොහොම ආදරයෙන් පිළිගන්නවා.
    තවමත් වචන පැටලෙවෙන්නේ නැතිව කථා කරගන්න නම් යන්තම් පුළුවන් අනිත් රෝග ලක්ෂණ සියල්ලම ඔයා කියපු ආකාරයටම සිද්ධ වෙනවා.
    හරිම වෙහෙසකර ජීවිතයක්...

    ReplyDelete