08 February 2010

බත ඉදෙනාතුරු ඉවුම් පිහුම් පාඩමක්..

උදේ ගෙදර ආවා.. එන ගමන් කඩෙන් තෝසෙ 2ක් අරන් ඇවිත් බඩට දාලා එහෙම ඔන්න රෙදි ටික හෝදලා නා කියාගෙන බලන්න තිබුනු කේන්දර 2ක් බලලා ඉවර වෙලා දැන් තමයි කොම්පීතර ලගට ආවෙ..
ආ බත් එකත් ගෑස් ලිප උඩ ඉදෙනවා..
දැන් තමයි අමාරුම හරිය දවල්ට කන්න මොනවද හදන්නේ?
හැමදාමත් මට තියෙන ප්‍රශ්නේ ඔක තමයි.
රසට තියෙන්නත් ඔන
පෙනුමට තියෙන්නත් ඔන
උයන්න ලේසි වෙන්නත් ඔන
ඉක්මනට හදා ගන්නත් ඔන
කන්න පුළුවන් වෙන්නත් ඔන

මටම ආවෙනික කෙටි ඉවුම් පිහුම් ක්‍රම රාශියක් තියෙන නිසා හොදයි.
නැත්නම් ඉතින් මම වගේ තනිකඩ සංගමෙ සභාපති ධුරය දරන කාර්ය බහුල වැදගත් පුද්ගලයෙකුට මොන තරම් නම් කියලා ප්‍රශ්නද අප්පා..
ඉතින් බත් එක ඉදෙනකල් මම කල්පනා කලා අපේ තනිකඩ සංගමෙ සාමාජික භවතුන්ටත් මගේ කෙටි ඉවුම් පිහුම් විධි වලින් එකක් දෙකක් කියා දෙන්න.
හා..හා.. දුවන්නේ කොහේද ලියා ගන්න කොලයක් එහෙම ගේන්නද? ඔන නැහැ ඔන නැහැ
මම කියන ක්‍රම මතක තියා ගන්න පහසුයි.
ඉතින් මම මුලින්ම කියා දෙන්නම් ජාතික ආහාරයක් බදු ලංකාවෙ අංක එකේ සුපිරි ආහාරයක් සකස් කර ගන්නා අන්දම
මෙකට කියන්නේ
කොකනට් ඇන්ඩ් ඔනියන් විත් ඩ්‍රයි චිලී පේස්ට් කියලා
මෙකයි ක්‍රමය

මුලින්ම මිරිස් ගල හෝදලා පිරිසිදු කරගෙන (මම නම් ඉතින් පොඩි වංගෙඩියක් තමයි පාවිච්චි කරන්නේ ඒත් වඩා හොද මිරිස් ගල තමයි) ඒක උඩින් සෝදා ගත් වියළි මිරිස් කරල් කිහිපයක්,රතුළුණූ ගෙඩි 3-4ක්(ශූද්ධ කර ගත්),අමු මිරිස් හෝ කොච්චි කරල් දෙකක්,ලුනු කැට 2-3ක්,සුදු ළුණු බිකක්, ගම්මිරිස් ඇට කිහිපයක්,සමග අවශ්‍ය නම් උම්බලකඩ හෝ ගින්නේ පුළුස්සා ගත් කුඩා කරවල කැබැල්ලක්..
මෙකියන ද්‍රව්‍යය තබා හොදින් අඹරා ගන්න.. මෙම මිශ්‍රණය හොදින් ඇඹරූ පසු එයටම සිහින්ව ගා ගත් කුඩා පොල් බෑයක පමණ පොල් එකතු කර නැවත වතාවක් අඹරා මිරිකා ගත් දෙහි ඇඹුල් මෙස හැන්දක් පමණ එකතු කර නැවතත් අතින් හොදින් කලවම් කර දීසියකට දමා ගන්න.

ඔව් දැන් ඔබට ඉතාමත් රසවත්,ඒ වාගේම පෝෂණයෙන් අනූන ගුණදායී කොකනට් ඇන්ඩ් ඔනියන් විත් ඩ්‍රයි චිලී පේස්ට්කියන ආහාරය රස විදින්න පුළුවන්.
බත්, පාන්, ඉදි ආප්ප, තම්බා ගත් අල වර්ග
ආදී ඔනෑම ආහාරයක් සමග ආහාරයට ගත හැකි මෙම ආහාරය ඔබත් අදම සාදා රස විදින්න.

ඉතින් අදට මෙපමණයි.
ඉදිරි වැඩසටහන් මගින් මම බලා පොරොත්තු වෙනවා තවත් ගුණදායී ආහාර වට්ටෝරු කිහිපයක්ම ඔබට හදුන්වා දෙන්න
ඒ අතර
තැම්බූ බම්බා, ප්‍රයිඩ් පපඩාම්,සෝල්ට් ඔනියන් ඇන්ඩ් චිලී මික්ස්, ආදී රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්ම තියෙනවා..

ම්ම්ම්ම්... මොකක්ද කර ගදක් එන්නේ...
හුටා බත් එක රොස් වෙනවෝ....

18 comments:

  1. කවුරුත් කන්න ආසාම කෑමක් ගැනනේ තියෙන්නෙ...... අලුත් නමකින් පරණ වට්ටෝරුවමයි... නියමයි.....

    ReplyDelete
  2. පබ්ලිස් පරාදයි ...

    ReplyDelete
  3. Wish said...
    කොහොමද මචෝ රහ


    වැප් said...
    තැන්කූ තැන්කූ (කාටවත් කියන්න එපා.මෙක රහසක්. පබිලිස් මාමා උනත් ඔය පොඩි පොඩි දේවල් අහගන්නේ මගෙන් තමයි)

    ReplyDelete
  4. ඔයාලට රස කෑම හදන හැටි කියන්න ගිහින් තව පොඩ්ඩෙන් මගේ බත් එක රොස් වෙනවා. අනූනමයෙන් තමයි ඛෙර ගත්තේ. කොහොම උනත් ඊට පස්සේ කඩෙ ගියා මොනවා හරි ගේන්න.
    හිතට හරියන මෙලෝ දෙයක් නැහැ.
    පස්සේ දඹල ටිකක් ගෙනාවා. පරිප්පු ටිකක් දාලා දඹල උයලා තෙම්පරාදු කරලා,ළුණු ටිකක් වැඩිපුර දාලා හාල් මැස්සන් තෙල් දැම්මා.හාල් මැස්සො ටික කර කර ගාන්න බැදලා තමයි ඒක හැදුවෙ.
    අමු මිරිස් කරල් ටිකකුත් ලුනු තවරලා සුදුපාට වෙන්න බැදලා ඒකටම දැම්මා.
    අන්තිමට මම ගොඩ ගියා. නියම රසට තිබුනා.
    ඒයි ඒයි කවුද කවුද ඔය කෙල ගිලින්නේ

    ReplyDelete
  5. ම්ම්ම්..

    එවන්න බැයිද බත් එකක් , ඔය හදපු විශේෂ දේත් එක්ක.. ;-)

    ReplyDelete
  6. LG said...
    මොනවා කරන්නද සහෝදරී..
    මොකෝ ඊමෙල් කොරන්න කියලයෑ..

    ReplyDelete
  7. බඩ දගලනවා පරිප්පුයි - දඹලයි එකට දාලා ....
    [එත් ඔය ටි.ඩි වල හදන එවාට වඩා රහ අැති ....]

    ReplyDelete
  8. වැප් said...
    මල්ලි දන්නේ නෑමල්ලී ඒකේ රහ.
    මුලින්ම පරිප්පු ටික දිය කිරෙන් මිරිස් තුනපහ කහකුඩු උම්බලකඩ රතුළුණු අමුමිරිස් කරපිංචා එක්ක ලිපේ තියලා,ටික වෙලාවකින් හීනියක ලියපු දඹල ටිකත් දාලා ඒක තැම්බීගෙන ඇවිත් ඉස්ම හිදෙන කොට මිටි කිරි ටිකක් දාලා හින්දවගෙන, ඊට පස්සේ තෙල් චුට්ටක් කර වෙන්න ඇරලා ඒකට අබ ඇට චුට්ටකුයි,වෙලිච්ච මිරිස් කරල් දෙකක් කෑලි කඩලා දාලා, සිහින්ව ලියා ගත්තු රතු ළුණූ,සුදු ළුණු, රම්පෙ කරපිංචා ටික දාලා රත්තරන් පාට වෙනකොට අර උයා ගත්තු ව්‍යාංජනේ දාලා තෙම්පරාදු කර ගත්තහම දිව්‍ය ලෝක රසයි.
    ඔනනං එක පාරක් මම ඔය කියපු විදියට හදලා බලන්න. මල්ලි ආයේ අර වගේ කථාවක් නම් කියන එකක් නැහැ. අත්දුටුවයි.. සත්තයි..

    ReplyDelete
  9. අහු උනා ... හු හු ... මටත් දනගන්න ඔනා උනා ඔක හදන හැටි. මන්ද යත් පරිප්පු හා දඔල එකට දාපුවහම මම හිතුවා රහ නැහැ කියලා.. එත් හදන විදිහ අනුව වෙනස් කියලා මට හිතුනා ... එකයි මම එහෙම කිව්වෙ ....

    පබිලයත් ලබන සතිය මෙක හදයිද දනනෙ නැහැ ..

    [කව්වාට ස්තුතියි .... මන් හදලා බලන්නම් ....]

    ReplyDelete
  10. වැප් said...
    හා හා හොදයි හොදයි මල්ලි එහෙනම් මාව ඇන්දුවා හා හා

    ඔහොම යන් ඔහොම යන් වෙලාවක පුතෝ මම බොලාට දෙනවා හොද කොච්චි මිරිස් මැල්ලුමක්. අන්න එදාට තමයි මල්ලි ~අයිය හරි අයියා ~ කියලා කියන්නේ

    (හදලා බලලා රසද කියලා මතක ඇතිව කියලා එවන්නකො)

    ReplyDelete
  11. කැගස්සෙනවා. එක නමට . මම නම් ආස බතල එක්ක කන්න එවා.
    කැම්පස් එකෙ අපි කිපදෙනා උයන්න සෙට් උනාම එකෙක් කිව්වා. අපි හැමදාම උයමු. කැම්පස් යන්න ඔනා නැහැ කියලා. එකෙන් වැඩෙ නතර උනා...

    ReplyDelete
  12. මම නම් ඔය රෙසිපි එක හදන කොට වේළපු මිරිස් කරල් වෙනුවට දාන්නෙම මිරිස් කෑලි කුඩු.. ‍එහෙම කරන්නේ ටු සේව් මයි ටයිම්.. හික් හික්.. කාර්ය බහුල ගෘහණියෝ හා ගෘහණයන්ට ඒ ටිප් එකත් ‍ප්‍රයොජනවත් වෙයි..
    අර දඹල එක නම් මරු තමා.. අපේ අම්මත් හිටි ගමන් එහෙම හදනවා.. ඒත් මම වැඩිය කෑම වර්ග එකට මික්ස් කරලා හදන ව්‍යාංජන වලට ආස නෑ.. මම කැමති පරිප්පු ‍වෙනම දඹල වෙනම හදනවට..

    ReplyDelete
  13. ඉතිරි කෑම හදන හැටි නම් අහගන්න බැරි වෙයි. මොකද ඔන්න අද උදේ දේශපාලනය පිළිබද උණුසුම් පුවතක් නිකුත් වෙලා

    ReplyDelete
  14. රවා said...
    හවුලක් නම් අවුලක්ම තමයි..

    malee_msg said...
    මාත් කෙටි ක්‍රම දන්නවා ඒත් මම මෙතනදී කිවුවේ හොදම ක්‍රමය තමයි.

    wath said...
    අපෝයි නෑ ඒ ආරංචිය මට ඒ තරම් වැදගත් නැහැ. ඔක ඔය විධියට වෙන බව මම දැනගෙන උන්නා.

    ReplyDelete
  15. මම දන්නේ නෑFebruary 14, 2010 at 8:44 PM

    අපෝ...මේ සම්බොලනේ...මන් බැලුවා මොකක්ද මේ අලුත් කෑම කියලා..

    ReplyDelete
  16. මම දන්නේ නෑ...
    අඩෙ අප්පා එහෙමද..?
    මලා මම මෙකියලා තියෙන්නේ පොල් සම්බෝල ගැනද..?
    වෙන්න බෑ..
    වෙන්න බෑ..

    ReplyDelete
  17. සොරි වෙන්න ඕනෙ අලුත් Post එකට දාන්න ගිය Comment එක වැරදිලා මෙකට වැටුනේ... delete කලට පස්සෙයි හිතුනේ ඒක මෙතන්ටත් ගැලපෙනවා කියලා.... :D

    ReplyDelete