10 February 2010

ඔයාලවත් කියන්නකෝ මම කල යුතු නිවැරදිම දේ මොකක්ද කියලා..?

මට හැමදාමත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලියන්න ගියහම මාතෘකාවක් නැති එක. මොනවා හරි ලියලා ඉවර උනහම ඒකෙන් මොකක් හරි අරගෙන මාතෘකාව කරන එක තමයි මගේ ක්‍රමය. ඉතින් අදත් පටන් ගත්තා එහෙනම්.
ඉතින් හෙට උදේ වැඩට යන්නත් ඔන. තාම මෙ මාසේ පඩි ගත්තේත් නැහැ.
ඒ නිසා මෙ දවස් ටිකේ මම නිකං අශ්වයා මැරුණු ජොකියා වගේ තමයි. මොනවා කරන්නද ඔහොම තමා ජීවිතේ.
මෙ දවස්වල හරි පෑවිල්ල. දවල්ට ඉන්න හිටින්නත් බැරි තරම්.
ඒ මදිවට රාජකාරි ස්ථානේ ජල අර්බුධයක් ඒක මතක් වෙද්දී වැඩට යන්නත් එපා වෙනවා.
මොනවා නැතත් නාලා කාලා ඉන්න තියෙන්න එපැයි නැද්ද මං අහන්නේ?
මෙ දවස් ටිකේ අරපිරි මැස්මෙන් තමයි වැඩ.(පඩි හම්බ උනාවෙකෝ දෙන්න බැටෙ)
සාමාන්‍යයෙන් මම මගේ තැන තැන ගෙනියන බෑග් කට්ට ඇතුලේ දාලා තියෙන බලන්න හම්බ උන කේන්දර එහෙම බලන්නේ මෙ දවස් වලට තමයි.
නැත්නම් කම්මැලි කමට ඔහේ ඉන්නවා මිසක් මම නෙවෙයි ඔවා බලන්නේ.
ඉතින් අද උදෙත් කේන්දර දෙකක් බලලා ඉවර කලා. ඇත්තටම මෙ වැඩෙ විතරක් කරන්න කියලා හිතාගෙන හිටියනම් එහෙම මම මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරමට මෙකට මම කම්මැලියා.මං ගැන දන්න කිහිප දෙනා උනත් දන්නවා මගෙන් කෙන්දරයක් බලව ගන්නනම් ඉතින් ග්‍රහ මාරුවක් වෙන්නම ඔනේ කියලා.
ඒත් ඉතින් උන් උනත් ඉවසගෙන ඉන්නවා මටම හිතිලා බලලා දෙනකල්.
අද මගුලක් ලියාපදිංචි කරන්න නැකතක් හැදුවා.
ඒක කරන්න ගිය වෙලාවෙ තමයි දැක්කේ කේන්දර දෙක.
මුන් දෙන්නා පොරොන්දම් එහෙම බලලා නැතිවග මට තේරුණා.
නැත්නම් වෙන්නේ මගුලක් නෙවෙයි අවමගුලක්.
ඒ තරම්ම නොගැලපෙන කේන්දර දෙකක්.
මොනවා කරන්නද මන්දා? දැන දැන නොකියා ඉන්නත් බැහැ. ඒත් මට කිවුවෙ නැකතක් හදලා දෙන්න කියලා විතරක් නිසා වැඩි පණ්ඩිතකම් ඔනැත් නැහැ.
මම දන්න තරමින් මෙ කෙල්ලට බදින්න හදිස්සියි.
පහු ගිය කාලේ දෙතුන් දෙනෙක්වම ආස්සරය කලත් ඒ කවුරුවත් මෙයාව බදින්නනම් ඊදිරිපත් උනේ නැහැ.
ඒ නිසාම මට පේන විදියට මොන දේ උනත් මෙ මගුල කරගන්න කෙල්ලටයි අම්මටයි ඔන වෙලා තියෙනවා.
ඒත් ඉතින් ඉගෙනගත්ත සාස්තරෙට අනුව දෙයක් දැක්කහම නොකියත් බැහැ.
ඔවා කියන්න ගිහින් මගුල කැඩුනහම ඒ පාපෙට වග කියන්නත් බැහැ.

ඔයාලවත් කියන්නකෝ මම කල යුතු නිවැරදිම දේ මොකක්ද කියලා..?

කේන්දර බලන වැඩෙ හරි අපූරු දෙයක්. ඒ වගේම සමහර වෙලාවට හරි අමාරුම දෙයක්. මම බොරු කියන්නත් කැමති නැහැ. ඇත්ත කියපුවහම ඒක අහන මිනිස්සු මානසිකව කඩා වැටෙනවා කියලා දැන දැනම කියලත් බැහැ.
හුගාක් අය එන්නේ තමන්ට ඉස්සරහට හොදයි කියලා කියවගන්න.
ඒත් ඒක එහෙම නෙවෙ කියලා දැන ගත්තහම හුගාක් මානසිකව වැටෙනවා. සමහරුන්ට මෙ පිළිබදව කරුණු කාරණා කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. තවත් සමහරුන්ට බැහැ.
කොහොම උනත් අපේ කේන්දරවල හුගාක් දුක් කරදර ගැන තමයි ලියවිලා තියෙන්නේ. සසර පුරාවට අප විසින් කරපු සියළු පිං පව් අදටත් අප පසුපස හඹා එමින් අපට ඵල විපාක දෙමින් පවතිනවා.
ඒ විපාක විදින ගමන්ම දැනටත් අප තව තවත් දේවල් රැස් කරගන්නවා.
කොහොමත් සසර පුරා පිං විතරක් හෝ වැඩිපුර පිං කරපු අය හරි අඩුයි. වැඩි හරියක් ඉන්නේ දුක් විදින්නම ඉපදිලා.
මෙ ටික හරියට තේරුම් ගන්නවනම් ලොකු දෙයක්.
වැදගත්ම දේ තමයි යථා තත්වය අවබෝධ කරගෙන ජීවත් වීම සහ ඉදිරි ජීවන මග හොද අතට හරවා ගැන්ම.

13 comments:

  1. මාරයො උබට තියෙන්නේ මාර වෙලාවක්. කමෙන්ටුවක් දාන්න ගියා විතරයි, කරන්ට් ගියා ...

    කොහෙම හරි කරන්ට් එනකල් ඉදලා අයිත් දැම්මා ...

    ඔන් ඔවාගේ පොඩ් ජිමික්ස් පාරක් දාලා කට්ටිට හිත නොරිදෙන්න ... කියලා දාන්න ... [එත් කියන එකත් හරි නැහැ .... ]

    ReplyDelete
  2. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කිව්වලු.

    ReplyDelete
  3. නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසරෙ...

    මම දැන් කියන්නම ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරය. කෙල්ලගෙ අම්මට ප්‍රයිවට් එකෙන් කිට්ටු කරලා කියනවා

    " අම්මෙ මම ඉගෙන ගෙන තියන දෙ අනුව මෙ මගුල කෙරුනොත මෙන්න මෙ වගෙ හෙතු නිසා ඔයාගෙ දුවටත්, අරයගෙ පුතාටත් කරදර වෙයි. හැබැයි මෙ දෙන්න බුද්ධිමත්ව කල්පනාකාරිව ව හැසුරුනොත් මෙ දෙ වෙනස් වෙන්න පුලුවන්. මට මෙක 100 % හරියටම වෙනවා කියලා කියන්න නම් බැහැ. හැබැයි මෙ නොගැලපිම් නම් ගොඩක් දරුණුයි. "


    ඔයගෙ හදවතත් බෙරුනා. අම්මා කුහක කෙනෙක් නම් දුව දුක් විදි අම්මගෙ කුහක කම නිසා. ඇත්තටම දුව බුද්ධිමත් නම් දුව තමුන්ගෙ සිහිය මෙහෙයවලා ග්‍රහ අපල මගහැරව ගනි.

    ReplyDelete
  4. වැප් said...
    අනේ අම්මපා මෙක නම් මොන නැකතක උපන් එකෙක්ද මන්දා..

    දසයා said...
    ගෙදර ගියත් මග සිටියත් කොහේ ගියත් මා නසී

    රවා said...
    ඔයා කියන දේ හරි තමා.
    ඒත් මම අනිවාර්යයෙන්ම දන්නවා ඒ මනුස්සයා කැමති නැහැ මෙක අහන්න.ම් ම් බලමුකෝ...

    ReplyDelete
  5. mageth kendare balawa ganna bari weida danne naha neda? lagakadi idan mama karana weda okkoma bakal wenawa. kellath thawa podden daala yanawa. ane please please :D

    ReplyDelete
  6. Mark said...
    උපන් දිනෙයි,වෙලාවයි,තැනයි කියලා එවමුකෝ බලන්න.

    ReplyDelete
  7. macho,
    I really like to learn this subject. can you give me a tip how to start it. present knowledge is zero. Is there any books that you can recommend?? If possible publish some post abt it.

    ReplyDelete
  8. Anonymous...
    මීට වසර දහයකට කලින් මගෙත් ඒ පිළිබද දැනුම 0 තමයි.
    නමුත් උත්සහය සහ ආශාව තිඛෙනම් අපහසු දෙයක්ද නොවෙ.
    මම පටන් ගත්තේ සහ, මගේ ආශාව ඇතිවුනේ පන්සලක ජීවත් වෙන්න උන කාලේ මට කියවන්න හම්බ උන ජාතක රත්නාකරය කියන පොත තමයි. හැබැයි ඒක තනිකරම කවි පොතක්. කවි ටික අපිට තේරෙන භාෂාවට පරිවර්ථනය කර ගන්නම මට අවුරුද්දකට වැඩිය කල් ගියා.
    ආරම්භය හිමින් උනත්, මුල අල්ලගත්තට පස්සේ ගමන වෙගවත්...

    ReplyDelete
  9. මම නං කේන්දර ඒවා විස්වාස කරන්නේ නෑ...
    ඒත් ඔයාගෙ ප්‍රශ්නෙට පිලිතුරක් දෙන්නම්කො
    කේන්දර ගැලපෙන්නෙ නැතිවග කොල්ලගෙ අම්මට කියන්න...
    සිම්පල්නෙ...

    ReplyDelete
  10. මධු වීරකෝන්...
    ප්ලෑන් එක නම් සිම්පල් තමා නගෝ.
    ඒත් වැඩෙ කියන්නේ මම අදුනන්නේ කෙල්ලගේ පැත්තේ අය විතරයි.
    අනික මගේ සේවාදායකයින්ට අගතියක් කරන්න මම සතුටු නැහැ කිසිම වෙලාවක..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. කාලෙකට ඉහත දාපු Post එකක් උනත් මේකෙ comment එකක් දාන්නැතුව යන්න එපා කියල මගේ හිත කිව්වා.මොකද ජ්‍යෝතිෂය කියන්නේ මම ආස කරන විෂයක් හින්ද,කොහොම උනත් මම විශ්වාස කරන විදිහට ජ්‍යෝතිෂය පෙර ආත්ම වල සිට රැගෙන ආ යුතු විෂයක් අනිත් අතට ජ්‍යෝතිර්වේදියා කල යුත්තේ සමාජ සේවය මිස තමන් විකුණාගැනීම නෙවෙයි.මොකද මම මගේ සමහර(බහුතරයක් ගෙන්ම) සේවා දායකන්ගෙන් මුදල් අය කරන්නේ නෑ.
    අලුතෙන් ඉගෙන ගන්න ආස අයට කියන්න තියෙන්නේ ජීවිතය හා ග්‍රහයෝ කියල ඉතා විශිෂ්‍ඨ පොතක් තියෙනවා මෑත කාලයේ පහලවුණ විශිෂඨ ජෝතීර්වේදියෙක් වන හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මැතිදුන් අතින් පලවුණු ඒක කියවල බලන්න.ඊට අමතරව ආර්.එච් විලියම් මහතාගේ කේන්ද්‍රයක් හදන හැටි වගේ පොතුත් ආධුනිකයෙකුට හොදයි

    ReplyDelete
  13. Kalinga Gunawardhana...

    ඇත්ත ඔබ කියූ ජීවිතය සහ ග්‍රහයෝ පොත ඉතා විශිෂ්ඨයි.
    එය මා මෙයට වසර පහකට පමණ පෙර මිලදී ගත්තා.
    ඔබ ඔය කියූ විලියම් මහත්මාගේ පොත් රාශියක් ඔබ කියූ පොතත් ඇතුළුව මා පරිහරණය කළ පොත් කන්දරාවට ඇතුලත් වෙනවා.

    ReplyDelete