13 February 2010

නින්ද යන්නේ නැති නිසා..

වෙලාව පාන්දර 4.22යි.
නිදා ගන්න හැදුවට නින්ද යන්නේ නැහැ.
ඊයේ රෑ හුග දවසකට පස්සේ ආයෙත් යාළුවා ඇසුරු කලා(මගේ ආදර බෝතලේ)
වැඩි වෙන්නම ගැහුවා. දින ගණනාවක් ඉදලා හිතේ හිරවෙලා තිබුනු දුක කරවෙලා යන්නත් එක්කම ඇරලා දැම්මා. අන්තිමට රෑ 10 වෙනකොට මම දොයිය බබා උනා.
ආයෙමත් පාන්දර 3 ට ඇහැරුනා. මොනවා කරන්නද? මම දන්නවා ආයෙත් නින්ද යන්නේ නැහැ කියලා.
ඒ හින්දා වැඩ පොලට විසිට් එකක් දාලා,අපේ ආරක්ෂක සහෘදයෝ ටික හොදට ඩියුටිද කියලා චෙක් කරලා බැළුවා. බයික් එකේ එන්ජින් එක ඔෆ් කරලා නිවුටල් පාරක් ගහගෙන ගිහින් සද්ද නැතිව ගේට්ටුව ගාව නවත්තලා, පොඩි කවුළුවකින් ඇතුල බලාගෙනම ගේට්ටුවට තට්ටුවක් දැම්මා.
O.I.C. උන්නැහෙ නම් ඇස් දෙක පිහ පිහ ආවා.
තව අපේ J.S.O.කෙනෙක් ඇවිත් ගෙට්ටුව ඇරියා.
ටික වෙලාවකින් අනිත් හාදයත් ආවා.
කිසි අවුලක් නැහැ.
නිදිමතේ හරි ඔය ගානට ආවාම ඇති.
ඒත් කෝ මෙ කාන්තා ආරක්ෂක නිලධාරිනිය..?
හැම තැනම හොයලා බලලා නැති තැන O.I.C.උන්නැහෙ ඇරියා බලන්න කාන්තා විවෙක කාමරය පැත්තේ..
ආ.. මෙ ඉන්නේ හොදට දොයියලා..
බඩුම තමා..ඒත් ඉතින් මම මුකුත්ම කියන්න ගියේ නැහැ.

මෙන්න මෙයාම කියවගෙන එළියට එනවා..
බොරු වැලයි...
පුදුම ගැහැණු තමයි අප්පා..
මම අහන්නෙත් නැතිව නිදහසට කරුණු කියනවා..
ඔක්කොමත් හරි අතටම මාට්ටුවෙලා තියෙද්දිත්,සාක්කියට කට්ටියත් ඉදිද්දිත් මෙ ඇත්තී කියන බොරුවල තරම..

හිනා යන්න ආවත් හිනාව තද කරගෙනම
"හා හා ගිහින් තියෙන වැඩක් බලාගෙන ඉන්නකෝ"
කියලා. ලොග් එකේ සේවය හොදයි කියලා සටහනකුත් දාලා මම ආවා.අනිත් වැඩ කරන සුපවයිසර්ලයි කෙල්ලො කොල්ලෝ ටිකයිත් වැඩ.
චූටි චූටි බටු ඇට වගේ කෙල්ලෝ නිදි මරගාතේ වැඩ කරන හැටි දැක්කම නම් දුකේ බෑ අප්පා..
ම් ම් දැන් නං වෙලාව4.45යි මොනවා හරි හදා ගෙන බොන්න ඔන. ඊට කලින් නා ගත්තනම් හොදයි. උදේට ලෑස්ති වෙලා වැඩට යන්නත් එපායෑ.

7 comments:

  1. මාත් ඔය රැ එළිවෙනකම් රකන ජොබක් කලා මාස 6 ක් විතර. මට එපා වෙලා මම අයින් උනා ...

    ඒ දවස් වල නිකන් හුඹයෙන් ඇදලා දාලා වගේ, දවසක් කලාවක් මොකුත් දන්නේ නැහැ..

    තව දෙයක් මටත් උදේ 5.30 විතරට නැගිටෙන පුරැද්දක් තියනවා... එහින්ද තමයි ඉතන් මේ සටහන දැම්මේ ...


    රැට රැට වටේ යනව වගේ ...!!!!

    ReplyDelete
  2. වටෙ ගියත් ගෙට එනවනෙ මල්ලී

    ReplyDelete
  3. මේ ක කියෙව්වාම මටත් මතක් උනා .මම මීට වසර කීපයකට කලින් මහා කෑලේක වෙව්ලන හීතලේ crysbro(බ්‍රොයිලර් chicken) ආයතනයේ වෑඩ කරපු කාලය.රෑයක් දවාලක් නෑ.අවුරුද්ද දවසෙත් වෑඩ.අපීත් රෑට ඔය විදියට යනවා යුනිට් චෙක් කරන්න.හෑබෑයි අඩි තියවෙන්නේ හරහට.

    ReplyDelete
  4. චතුෂ මේක දැන් දින පොතක් වෙලා වගේ.... ඈත් කරල තිබ්බ දේවල් මොකද ආයෙත් ළං කරගෙන....

    ReplyDelete
  5. NUWAN"s lane...
    කොහෙද ගම්පොල Farms Pride එකද..?

    wath...
    ඈත් කරන්න කොහොමටත් හිතාගෙන උන්නේ නැහැ.
    මෙක දින පොතක් වගේ නම් මම ඒකට සතුටුයි.

    ReplyDelete
  6. මම දන්නේ නෑFebruary 14, 2010 at 8:36 PM

    මොකද මන්දා අයියේ මට හිතෙනවා ඔයයි wath අක්කායි වලියටමයි කියලා....

    ReplyDelete
  7. මම දන්නේ නෑ...
    හපොයි..
    අපි දෙන්නා එහෙම තමයි.

    ReplyDelete