14 February 2010

කිව යුතු කථාවක්...

එවකට ඔහු එකමත් එක කාලයක එකමත් එක පළාතක පොල් වත්තක් බලා කියා ගත් කංකානම් කෙනෙකු විය.
ඔහුගේ හාම්පුතා එම වත්තේම තම බංගලාවෙ වාසය කල තරමක් සැඩ පරුෂ ප්‍රතාපවත් පුද්ගලයකු විය. එම බංගලාවෙ උයන පිහන වැඩ සිදු කරනා අතර තුරම තම ස්වාමියාට ලිංගික සේවයද ලබා දුන් මුව දෙනෙකුගේ බදු ඇසුත් ,ඝණ කළුවන් කැරළි ගැසුනු කෙස් කළඹද සහිත, පිරුණු රත්වන් දෙතොලකට උරුම කම් කී තරුණියට එම කංකානම් තැන ආදරය කලේය.
තරුණිය චපල සිතැත්තියක්දැයි මම නොකියමි.
නමුදු ඇයද එම තරුණයාහටපෙරළා ආදරය කළ බව නම් මා දනිමි.
කාලය කෙමෙන් ගලා යන්නට විය. දිනක් හාම්පුතා නිවසට පැමිණෙන විට ඔහු දුටුවෙ කුමක්ද...?
කුස්සියේ දිග බංකුව මත රමණයෙහි යෙදෙන සිය මෙහෙකාරිය හා තම සේවක කංකානම්ගේ දසුනය.
කිසිවක් සිතාගත නොහැකි වූ ඔහු කෝපාවිශ්ඨව ඇය ගෙන් විමසා සිටි විට ඇය එම ඇසුර වූයේ බලහත්කාරයෙන් බව පැවසූවෙ කංකානම් සේවයෙහි යෙදුනු තරුණයා අන්දමන්ද කරවමිනි.
නිදහසට කරුණු කීමට ඔහුට අවස්ථාවක් නොවිණි.
ජීප් රථයේ කඹයකින් සිරුර වෙලා හාම්පුතාගේ සහචරයින් විසින් ඔහු ඇදගෙන යන ලදි.
මග දිගට වූ කටු පදුරු සහ අනිකුත් වන ලැහැඹට හසුව සිදු වූ ඔහුගේ සිරුර පුරා සීරුම් ලකුණුද තුවාල කැලැල්ද සහිතව පොල් වත්ත අසලින් ගලා ගෙන ගිය ගංගාවට ඔහුගේ සිරුර විසි කෙරුණෙ පණ පිටින් සිරුර කඹයකින් වෙලාය.
තරුණයා අපමණ දුකක් විද අසරණව ගිලී මිය ගියේ ගං පතුලෙ තිබූ වැලි සහ රොන් මඩ සිය මුව තුල පිරී යද්දීය.
දිනකට පසු ගග පහල වක්කලමකින් සිරුර හමු විණි.
තරුණිය ආරංචිය ලද විගස හඩා වැළපෙමින් එහි දිව ආවෙය.
නිසල වූ තරුණයාගේ පණ සුන් සුදුමැලි වූ සිරුර බදා හඩා වැළපුණි.
හාම්පුතාට කළ වරද අවබෝධ උණි.
තම කීකරු සේවකයා චපල ගැහැණියකගේ බියපත් ව දුන් මුසා වදන් අසා විනාශ කල බව තේරුම් යන විට ඔහු ප්‍රමාද වැඩිය.
කිසිවක් සිතා ගත නෙහුණු තැන ඇයගේ දිවි තොර කළ ඔහුද සිය පණ හානි කරගති.
අවසානයක් එලෙස සටහන් විණි.
නමුදු....
නැවත කථාව ඇරඹිණි..
ඔබට සිතා ගත හැකිද..?
ඔවුන් මෙහි වසනා බව...
නැවත ඉපදී....

14 comments:

  1. මාරයා ,ඔයා ලියන කොට අමුවෙන්ම ලියනව. මිනිස්සුන්ට එන ප්‍රශ්ණ ගොඩකට මුල ආදරයයි ගැහැණියයි. සතුට දුක දෙකම ගේන්නෙත් ඇය ගෙනියන්නෙත් ඇය.

    අංග ලක්ෂණ විද්‍යාව දන්නවද?

    ReplyDelete
  2. ආහ් අමතක වුනා. මේ වගේ ප්‍රශ්ණ බොහෝමයක ගැහැණිය වැරදි වුනත් නිවරදි වුනත් බොහෝ වේලාවට ඇය ඛේරෙනව...

    ReplyDelete
  3. wath ...
    වැරදි කථාවක්.
    අමුවෙන් නෙවෙයි, බාගයක් විතර වැදිලා ඉද්දී තමයි ලියලා තියෙන්නේ.
    ඒ උනත් මෙ කථාව ඇත්තටම කිව යුතුම කථාවක්.
    මෙච්චර දවසක් නොලියා හිටියට අද ඒක එළියට පැනලා.

    අංග ලක්ෂණ විද්‍යාව නොදනිමි.

    ReplyDelete
  4. අයියේ...මෙ comment එක මෙතෙන්ට අදාල නෑ.එත් මන් මෙතන දානවා.
    මොනව උනත් හිරගෙදරයි
    පිස්සන් කොටුවටයි නම් යන්න එපා.
    යන්නම්ම ඔනෙ නම් ජෙලර් කෙනෙක් වෙලා හරි
    දොස්තර කෙනෙක් වෙලා හරි යන්න.

    ReplyDelete
  5. හාම්පුතාට අයිතියක් තිබෙනවාද තම සේවිකාවගේ පුද්ගලික ජීවිතයට ඇගිලි ගසන්නට?
    කතාව නං ලස්සනයි...

    ReplyDelete
  6. ලස්සන කථාවක් මෙවගෙ දෙයක් හැබැහින් බලාපොරොත්තු විය හැකියි. මෙක ඇත්ත කථාවක්ද නැත්නම් බලපු චිත්‍රපටියක කථාවක්ද මෙක ගැන විවරනයක් මනමෙ නට්‍යට ලියනවා වගෙ ලිවුවැහැකි නෙද...?

    ReplyDelete
  7. ඇත්තම කිවුවොත් මට සහ මා හැර ගිය ඇයටත් පොදු කථාවක් මෙක.
    සංසාරය පුරාම එකට එන තිදෙනෙකුගේ ආදර කථාවක් මෙක.
    හැමදාමත් වගේ ඇය නිසා දුක් විදින පිරිමින් දෙදෙනෙකුගේ කථාවක් මෙක.
    නමුත් කරුමය තමා හැම වතාවෙදීම මෙන් මෙ වතාවෙදීද ඇයව විශ්වාස කරන්නට පිරිමින් දෙදෙනාම සූදානම් වීම...
    නමුත් ප්‍රතිඵලය හැමදාමත් එකම විධියයි...

    ReplyDelete
  8. මාරයො පුදුම කතාවක්නෙ ඔයා කියන්නෙ. මටත් උනෙ තිදෙනෙක් ගෙ කථාවක එක මුල්ලක් වෙලා අයින්වෙන්න. හැබැයි එ ගැහැනියගෙ චපල බවක් තියනවා. නමුත් ගැහැනු ස්භාවයෙන්ම එහෙම තමයි.

    ReplyDelete
  9. රවා බොරු නොකිය හිටහන්. හිතේ තියන දේවල් කියන්නේ නැතිව හිටියම ගැහැණු දන්නවද මේකා මට ආදරෙයි කියල. අනික එහෙම හිතුවත් කොහොමද පැනපු ගමන් අහන්නේ. වෙන කොල්ලෙක් එක්ක යාළූ වුනාම තමා අහන්න මතක් වෙන්නෙ... අනේ අනේ... ඉතින් කියනව ගැහැණූ චපලලූ

    ReplyDelete
  10. රවා ...
    wath...

    මෙ මෙ කවද ඉදලද ඔය දෙන්නා රණ්ඩු වෙන්න පටන් ගත්තේ...
    පොඩ්ඩක් ඉන්නවලා මාත් පටන් ගන්නකල්..
    අඩෙඒඒඒඒයි...

    ReplyDelete
  11. ටික දවසක ඉදල ...... වෙනස් වෙලාද .....

    ReplyDelete
  12. wath ...
    ම් ම් ම් ...
    ඇයි එහෙම කියන්නේ....

    ReplyDelete
  13. monawa wunath me kathawa aththayi... adarei wayirayayi kiyana deka jeewithe nothibuna nam mona wage thathwayak uda weida danne naha neda? samahara wita minissu hodin jeewath wei ehema una nam. mokada maraya ayya hithanne?

    ReplyDelete
  14. Mark said...
    ඇත්ත වෙදනාත්මක උනත් මෙ දෙවල් නොතිබුනා නම්, ජීවිත හරිම ඒකාකාරී වෙයි...

    ReplyDelete