17 February 2010

මගුලක් කථා කරනවා..

පිස්සු හැදෙන සඳ.. මටත් මගුලක් කථා කරන්න වෙලා.
හැබැයි බයවෙන්න දෙයක් නැහැ. මෙ තනිකඩ සංගමෙ සභාපති තැන්පත් මාරයාව බන්දන්ට එහෙම නෙවී ඔං මගුල කථා කරන්නේ.
මෙ මම දන්න අඳුරන මගේ වයසේම නෑඹුල් තරුණ ගැටයකුට තමා ඔං.
ඉතින් මෙ හාදයාට මොනවා හරි පිළිවෙලක් කරන්ටය කියලා උන්නැහෙගේ නැගණිය තමයි මට භාර දුන්නේ. මාත් ඉතින් මීට මාස දෙකකට විතර කලියෙන් වෙලාපත්කඩෙ එහෙම ඉල්ලගෙන පරීක්ෂා කොරලා බැළුවා.
කිරි අප්පට බල්ලෝ පැනපි කිවුවලූ. මෙකාත් මං වගේම බුවෙක් නෙව කියලා මට හිතුනා. මෙකා බන්දවන එක මාව බන්දවන එකට හපන් වැඩක් . ඔයින් මෙයින් කාලෙත් ගතවෙලා ගියා ඔන්න බොලේ ඊයේ පොඩි වැඩක් සෙන්ටමෙන්ටල් වී ගෙන ආවා..
මාත් තාම කෙළි පැටික්කිව දැක්කේ නැහැ. ඒත් අහපු විස්තර වලින් නම් පොඩි සැටිස් පාරක් තියෙනවා. ඉතින් මෙ ඉස්සරහ දවස් දෙක තුනේ ටිකක් මහන්සි වෙලා මෙ මගුල කථා කරන්ටය කියලයි මගේ කල්පනාව.
කොල්ලාට වයස 30යි. ලස්සන සල්ලිය භාගේ තියෙන ගුණ යහපත් හැදිච්ච අම්මට කීකරු සහෝදරයින්ට ලැදි හොද එකා.
කෙල්ලට වයස 19යි. දුප්පත් උනත් හොදට හැදුනු අහපු විස්තර අනුව නම් ලස්සන චූටි හුරුබුහුටි එකී.

ඉතින් බලමු නේද වැඩෙ ගැට ගහලා..

33 comments:

  1. ඔයා නම වෙනස් කර ගන්න මාරයා නෙමේ මල්සරා කියලා :)

    ReplyDelete
  2. හොද යෝජනාවක්..
    මල්සරා නෙවෙයි මල්සරාගේ බාප්පා වෙලා හිටිය කාලයකුත් තිබ්බා මාරයාට..
    දැන්නම් ඉතින් මාරයා මාරයාම තමයි..

    ReplyDelete
  3. යකෝ අවුරුදු 11ක් පරතරය...
    සාධාරණද බන්....
    අර අහිංසක කෙල්ල....?

    ReplyDelete
  4. @ චමි.දේ.වා.

    කෙල්ලගේ දුප්පත් කම ඒ අවුරුදු 11ට හිලවු කරනවා ඇති :(

    ReplyDelete
  5. මටත් එකක් කරලා දිපන්කො....

    ReplyDelete
  6. ඔව්මයි... 11 ක් පරතරේ වැඩී නේද....?

    ReplyDelete
  7. බැරිද මටත් මඟුලක් කතා කොරල දෙන්න? :P

    ReplyDelete
  8. අයියා මගේ තැන් දෙකකින් කේන්දර බැලුවා ලග්න වෙනස් පුළුවන්ද මගේ ලග්නේ ටකෙට දැන ගන්න ඈත්තටම මට දැන ගන්න ඹ්නෑ මාගේ අනාගත වෘත්තිය කිනම් තත්වයක් ගනිද කියා ඔබට පින් මේ සත් කාර්්‍යායට.
    උපන් වේලාව 9.05 හවස් ජාමේ 01-09-1984 පදිංචි ස්ථානය කොහුවල

    ReplyDelete
  9. අයියේ මාගේ පලාථල මෙතනම පල කරන්න මම මැරෙන දවසත් පුළුවන් නම් දාන්න-කලින් ලියපු නම නැති මල්ලි

    ReplyDelete
  10. අපෝ....අයියේ.ගැහැනූ ලමයා පොඩීනේ...
    අවුරුදු 11 පරතරයක් කියන්නෙ ඔයාට දැන් 30 නම් ඔයාට අවුරුදු 41ක කෙනෙක් බන්දලා දුන්නා වගෙනේ...ඕක කරන්න එපා අයියේ මහන්සි බලන්නෙ නැතුව මිත්‍රයට වෙනකටයුත්තක් බලන්නකෝ...සමහරවිට ඒක මිත්‍රයගෙ ඉදිරි අනාගතෙටත් බලපාන්න ඉඩතියෙනව..එහෙම උනොත් කපුවගෙනෙ දොන් යන්නේ...

    ReplyDelete
  11. උපන් වේලාව 9.05 හවස් ජාමේ 01-09-1984 පදිංචි ස්ථානය කොහුවල
    ලග්නය මෙෂ
    නවාංශකය වෘෂභ
    හොද කේන්දරයක් ග්‍රහයෝ කීප දෙනෙක්ම හොද බල සහිතව ඉන්නවා. කොහොම උනත් ජීවිතේ මහ හිස් බවක් රැදිලා ඇති.
    ඒ උනත් ඔයා අනාගතේ දවසක මෙ රටෙ නමක් රන්දන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙවී.
    වයසට යන්න යන්න තමයි හොද.
    දැනට ගත වෙන්නේ බුධ මහ දශාවෙ රාහු අතුරු දශාව.2012.01.21න් පස්සේ තත්වය හොද අතට හැරෙවී.

    ReplyDelete
  12. උපන් වේලාව 9.05 හවස් ජාමේ 01-09-1984 පදිංචි ස්ථානය කොහුවල
    වෘත්තීය තත්වය ගැන කියනවානම්.ඔයාට වෙන්නේ නිතර ගෝරිදාන ගෑනු ටිකක් එක්ක රැදෙමින් එක තැන නොයිද ටිකක් වැඩිපුර රටෙ ලෝකේ ඇවිදිමින් කරන රැකියාවක් කරන්න තමයි.

    ReplyDelete
  13. ඇත්ත දෙන්නාගේ වයස් පරතරය අවුරුදු 11ක් නම් තමයි.
    ඒත් ඉතින් දෙන්නම කැමති උනොත් මිසක් මම ඔවා කරලා දෙන්න යන්නේ නැහැ.
    තව කාරණයක් කියන්න කැමතියි. අපේ අම්මා අපේ තාත්තට වැඩිය අවුරුදු 18ක් බාලයි. ඒත් මම දැකපු හොදම විවාහකයින් දෙන්නෙක් තමයි ඒ දෙන්නා. එයාලා රණ්ඩු වෙනවා අපිට කවදාවත් දකින්න හම්බ උනේ නැහැ.
    දෙන්නම සතුටින් හිටියා. ඒ ගැන බලන කොට මට හිතෙනවා වයස් පරතරයක් තියෙන එක මහා වරදක් නෙවෙයි කියලා. කොහොම උනත් ඉස්සරහට වෙන්නේ මොනවද කියලා මම ඔයාලට කියන්නම්කෝ.

    ReplyDelete
  14. sajithdilshan ...
    සසික නානායක්කාර...
    විස්තර එවන්න. පුළුවන් නම් නොකර ඉන්නේ නැහැ.
    හැබැයි විනෝදෙට නෙවෙයි.
    සිරාවට කරන වැඩ වලට මෙ මාරයා ඔන වෙලාවක උදව් කරනවා.
    හැබැයි ඉතින් නරක අදහසින් නම් ඉතින් මම මාරයාම තමයි..

    ReplyDelete
  15. මම said...
    මෙ මගේ මගුල් ගැන නෙවෙයි කෝ ඔයාගේ කථාවෙ ඉතුරු ටික..
    මම බලාගෙන ඉන්නවා. ගිහින් ඒක ලියන්න හොද ළමයා වගේ..

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මම කලින් ලියපු 9.05 මල්ලි බොහෝම තුති ඔබට,ඉතා කෙටි වේලාවක් තුලදි කල උපකාරයට. ඈයි මරණය ගැන කිසි සදහනක් නොකලේ මාරයට මාරයව කේන්දරය තුලින් නොපෙනේද?(විහිළුවට) දැනටත් ඔබ මාගේ කෙන්දරය බලා ඈති බැවින් වැඩි මනත් තොරතුරැ හැකි නම් පල කරනු මැනවි.ස්තුතියි මෙයට සහෘද පාඪක.

    ReplyDelete
  18. matath ekak oneeeeeeeee . . .. hadahana ewannadooooooooo

    ReplyDelete
  19. @ දුකා
    dukoo???????

    yako gedara kattiya ehema meva balanne ne neda?

    ReplyDelete
  20. 9.05 මල්ලි ...
    මරණය පිළිබදව ආසන්න වශයෙන් හෝ කිව හැකි වෙතත් එමගින් ඔබගේ ඉදිරි ජීවිතයට අවුලක් මිස සහනයක් නොලැඛෙනු ඇති.එබැවින් ඒ පිළිබද සෙවීම නවතා දමන්න.අනාගතය යහපත් වෙවා.

    ReplyDelete
  21. දුකා...
    අම්මෙ දුකා දැකපු කල්..
    ඔන කිවුවෙ පලාපලද?
    මගුලක්ද?

    ReplyDelete
  22. සින්ඩියෙත් ඉන්නේ මාර වැඩකාරයෝනෙ. මාරයාට ජය පතමි.අර උඔ SLAF එකේ ඉන්න කාලෙත් ඔවා කලාද?!

    ReplyDelete
  23. අනේ අයියේ.. ඒ ගෑණු ළමයා තාම කසාදෙකට පොඩි වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? ඒ දෙන්නා කැමති උනත් කියන්න තව ටික කාලයක් ඉන්න කියලා.. මොකද මං හිතන විදියට පවුලක් පන්සලක් වෙන්න ගෑණු ළමයා තාම මෝරලා මදි.

    ReplyDelete
  24. බුද්ධි said...
    අපෝයි නැහැ ඒ දවස්වල මම මටම මගුල් කථා කර ගත්තා විතරයි.
    ඊට පස්සේ මම පන්සලේ හිටිය අවුරුදු පහේදී තමයි ඔය නැකැත් සාස්තරෙ ඉගෙන ගත්තේ ඊටත් පස්සේ මෙ පහු ගිය කලෙදී තමයි මගුල් නටන්න පටන් ගත්තේ.
    බුද්ධිටත් ජය වෙවා...

    ReplyDelete
  25. malee_msg said...
    මෙකයි මලී නගේ වැඩෙ. අපි තව කල් තියෙනවා කියලා හිතනවා..
    අන්තිමට දන්නෙම නැහැ කාලය අප පසුකරගෙන යනවා.
    ඊට පස්සේ ගෑනු ළමයා මෝරලා එනකොට එයාට මගුල් හොයන්න අම්මලා දහ දුක් විදිනවා.
    මම මෙ කියන්නේ මෙ රාජකාරියේදී මම අත්දැකපු දේවල් වලින්...
    නමුත් ඔයා කිවුවා වගේ වැඩෙ තීන්දු උනොත් ඊට පස්සේ ඒ දෙන්නා කැමති කාලෙක බැන්දට මට කමක් නැහැ.
    මොකද මම මෙ කාරිය කරන්නේ සම්පූර්ණයෙන්ම පින් තකා.
    මම දැනට මගුල් දෙක තුනක් හරිගස්සලා තියෙනවා.
    ඒත් මම අඩුම තරමෙ ඒ මගුල් ගෙවල් එකකටවත් ගිහින් නැහැ.
    එයාලගෙන් වතුර පොදක්වත් බිවුවොත් මම කල දේ අගය මට අඩු වෙනවා.

    ReplyDelete
  26. අපේ දුකා දෙවනි මගුලද අකරගන්න යන්නේ...hikzzz

    ReplyDelete
  27. වයස ගැන තියන ප්‍රශ්නේ මෙතනින් කියවලා බලන්නකෝ...
    http://jeewanamagadigee.blogspot.com/2010/01/blog-post_31.html

    ReplyDelete
  28. Mark...
    එවනවා බං එවනවා.
    චුට්ටක් ඉවසලා ඉදින්. මට වැඩ වැඩියි.
    නැතුව මෙ පාර අමතක උනා නෙවී.

    ReplyDelete
  29. අයියේ ඔයාව කන්ටැක්ට් කරන්නෙ කොහොමද?
    ජී මේල් තියෙනවාද?
    තාත්තා ගේ වැඩකට....

    ReplyDelete
  30. මගෙ කෙන්දරෙත් බලල දෙනවද?

    ReplyDelete