21 February 2010

මට ආසයි...

හුග කාලෙකින් ක්‍රිකට් ගහන්න හම්බ උනේ නැහැ.
මට ආසයි ක්‍රිකට් ගහන්න.
ඒත් මෙ පළාතේ මට සෙල්ලම් කරන්න තැනක් නැහැ.

පුස්තකාලෙකට බැදෙන්නත් ඔන.
ඒත් මට ස්ථීර පදිංචියක් නැති නිසාත් ඇපයට අත්සන් කරන්න දන්න කියන කවුරුවත් නැති නිසාත් ඒකත් කරන්න බැහැ.
මට එපා වෙලා තියෙන්නේ...

හිතන්නෙපා මට වෙරිය කියා...

8 comments:

  1. ගමෙන් උරුම උනු වස්තුව
    පොදියක් බැද කර තියාන
    උඹෙ බහට රැවටටීලයි
    සිදාදියට ආවෙ
    එ එනකොට ගෙන ආ දෙය
    වියපැහැදම් කලා මිසක
    මෙහිදි අලුතෙන් ඉපැයු
    කිසිම දෙයක් නැත්තෙ...
    හිස බර කළ
    පුහු නම්බුව විතරයි
    මට ඇත්තෙ....

    සිදාදියෙන් ආපසු මගෙ
    ගමට යන්න ආසයි මට
    එත් ගමට යන්නට මට
    පාර මතක නැත්තෙ..
    ඈත ඉදන් අත වනලා
    අම්මෙ මට ගමට එන්න
    පාර කියාපන්නෙ...

    ගම අමතකයි..මහගම සේකර.. සක්වාලිහිණී

    අයියෙ උබ නම් හරි ලස්සන මනුස්සයෙක් බන්....
    මෙහෙම තමයි මිනිස්සු ඉන්න ඔනා, හැබැයි හදවතට එකගව ජිවත්වෙන්න ඔනා. දැඩි මතවල ඉන්න හොද නැහැ. මම කියන දෙ තෙරෙනවා නෙද...

    ReplyDelete
  2. අපොයි අපොයි... පවු මේ අයියා...
    මං කියන්නද වඩක්...
    පුස්තකාලාධිපතිව යාලු කරන්නන එයාගෙ කේන්දරේ චුට්ටක් බලල කියන්න... හි හි හී

    ReplyDelete
  3. රවා ...
    ස්තූතියි රවා...

    දුකා...
    දුකාටත් දුක හිතිලා...

    මධු වීරකෝන් ...
    හොද අදහසක් නංගී. ඒත් පුස්ථකාලේ ඇතුලේ කථා කිරීම තහනම්නේ. ඉතින් කොහොමද කේන්දරෙ බලන්න හරි පුස්තකාලාධිපති එක්ක කයියක් දාන්නේ...

    ReplyDelete
  4. අන්තො ජටා බහි ජටා කිව්වලු...මාර ප්‍රශ්නයක් තමා.
    කාවම හරි සෙට් කරගන්න වෙනවා.
    හැබැයි අයියට බැරිද වැඩ කරන තැනට කිට්ටුව තියෙන පුස්තකාලෙකට සෙට් වෙන්න?

    ReplyDelete
  5. පුස්තකාලෙට බැඳෙන වැඩේට උදව්වක් කරන්න පුලුවන්ද බලන්න කොයි පුස්තකාලෙද කියලා කිව්ව නම් ???

    ReplyDelete
  6. මෙච්චර යාළුවො ඉන්න ඒකේ නරකද පොතක් ගානේ ලැඛෙන්න සැලැස්සුවොත්. මම නම් පොතක් අරන් ගොඩක් කල්. රසව්න්දනය පිළිබද ගැටලූවක් නිසාත්. කියවපු පොතක්ද දන්නේ නැති නිසාත් පොත තාම මේස උඩ.... (පොත දානව එහෙම නෙමෙයි ඕං)

    ReplyDelete
  7. දුකා...
    මෙක මෙ එච්චර ලොකු පුස්ථකාලයක් නං නෙවෙයි. ඒත් දැනට මට හොදයි.
    දුකානං දන්නේ නැතුව ඇති, වාරණ පන්සලට කිට්ටුව තියෙන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයිති කලටුවාව පුස්ථකාලය...

    wath ...
    පොත මෙසේ උඩ කියලා මම දන්නවා

    ReplyDelete