24 February 2010

ධන යෝග සහ රාජ යෝග

දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති වුනත් හුග දෙනෙක් කැමති මාතෘකාවක් වෙවි මෙක.
අද මට මෙ කාරණය කථා කරන්න හිතුනේ මා ළගට ආ අයකු විසින් කල විමසීමක් නිසයි.
යම් කිසිවෙක් කේන්දර සහ පලාඵල ගැන විශ්වාස කරනවා නම් ඒ සෑම අයකුම බොහෝම සැලකිලිමත් වන දෙයක් තමයි තමන්ගේ කේන්දරෙත් ධන යෝගයක් එසේත් නැතිනම් රාජ යෝගයක් තියෙනවද කියලා දැන ගන්න එක.

සමහරු මෙ පිළිබදව බොහෝම විශ්වාස කරනවා.
කවදා නමුත් තමන්ට වාසනාව උදා වෙවී කියලා හීන මාළිගාවල් මවාගෙන ජීවත් වෙනවා.

ඇත්ත...
පෘතග්ජන මිනිසුන් වශයෙන් අපි කවුරුත් කැමතියිනේ සැප විදින්න.
හැම කෙනාම කැමතියි නිරායාසයෙන්ම ලැඛෙන ධනයකට හෝ බලයකට උරුමකම් කියන්න.
ඉතින් මම අද බලාපොරොත්තු උනේ ලොකු දෙයක් කියන්න නම් නෙවෙයි.
මෙ
ධන යෝග සහ රාජ යෝග කියන දෙකෙහි වෙනසක් තියෙනවා කියලා පෙන්නලා දෙන්නයි.

කෙනෙකුගේ කේන්දරයක රාජ යෝගයක් හෝ ධන යෝගයක් හෝ මෙ දෙකමත් හෝ කිසිවක් නැතිවන්නටත් පුළුවන් කම තියෙනවා.
සමහරු වැඩියෙන්ම කැමති ධන යෝගවලට..
ඇයි ධනය තියෙනවා නම් සැප විදින එක කජ්ජක්ද නේද?
සම්පූර්ණ වරදි අදහසක්.

ඇයි මම එහෙම කියන්නේ...

අපේ කෙන්දරයක ධන යෝගයක් හෝ කිහිපයක් යෙදුනු පළියට අපිට සැප විදින්න පුළුවන් කියලා හිතන එක වැරදියි.
කොයි තරම් ධනය තිබුනත් ඒ ධනය වියදම් කරලා සැප විදින්න බැරි මොන තරම් නම් සල්ලිකාරයෝ අපේ සමාජයේ ඉන්නවද?
එහෙම වෙලා තියෙන්නේ එයාලාගේ කෙන්දරවල ධන යෝග තිබුනටරාජ යෝග නැති වීමයි.
රාජ යෝගයක් කියන්නේ කෙනෙකුව සැපයෙන් තියන්න හේතුවන යොග වලට.
එහෙම යෝගයක් තිඛෙන කෙනා අතේ සතේ නැති වුනත් සැපට ඉන්නවා.
ඔයාලා දැකලා ඇති ඒ වගේ අයව.
කරන රස්සාවකුත් නැතිව, අම්මා තාත්තා දීලා ගිය දෙයකුත් නැතිව උනත් හොදට කාලා බීලා ජොලියේ ඉන්න අය දැකලා තියෙනවා නේද?
හැබැයි මෙ වගේ අයට හුග දෙනෙක් බනිනවා, දොස් කියනවා,
නිකමා,පිංගුත්තරයා(ලාල් කාන්ත නෙවී හොදද?) වගේ වචන මුලට යොදලා ඒ අයව අමතන වෙලාවළුත් තියෙනවා.
(රජවරුන්ටත් හොදක් කියන අය නැහැනේ) ඉතින් සමාජයේ ඒ අයව මොන විදියට සැලකුවත් එයාලා සැපට ඉන්නවා.
ඉතින් මම මෙ කියන වෙනස ඔයාලට තේරෙනවද?

සල්ලි තිබූ පලියට සැප විදින් බැරි ඒ වගේම කොච්චර සැපට හිටියත් අතේ සතේ නැති අයත් ඉන්නවා.

සමහරු හිතන්නේ රාජ යෝගයක් තිබූ ගමන් ඒ අයට රජකම්, ඇමතිකම් හම්බ වෙනවා කියලයි.
මොන පිස්සුද?
රාජ යෝගයක ප්‍රතිඵලය සමහර විට සමිති සමාගමක සභාපති ධූරයෙන් එහාට දෙයක් ලබාගත නොහැකි තත්වයට පත්වීමෙන් අවසන් වීමටත් පුළුවන්.
කොහොම උනත් හොද ප්‍රභල රාජ යෝග තියෙනම් රජයේ හෝ සමාජයේ උසස් තැන්වලට යෑමට සහ උසස් පුද්ගලයින් ඇසුරට ඉඩ ලබා දෙනවා.
ඉතින් කාට හරි ධන යෝග සහ රාජ යෝග යන දෙවර්ගයම තියේ නම් අන්න ඒ අය හොද පිරුනු ජීවිත ගත කරනවා
මෙ ලියන මාරයාටත් ධන යෝග නැහැ හැබැයි රාජ යෝගනම් කිහිපයක්ම තියෙනවා.
ඒ වගේම ඒ රාජ යෝගවල ප්‍රතිඵලත් බුක්ති විදලා තියෙනවා.
හැබැයි ඉතින් අදටත් අතේ සතේනම් නැහැ.

11 comments:

  1. හරි අයියෙ මගෙ කෙන්දරය මගෙ වියදමින් බලලා නැහැ. එ කියන්නෙ මා තුල දැඩි විශ්වාසයක් නැහැ. නමුත් මම උපන් වෙලාවෙ අම්මලා බලලා පොතක් තිබුනා. එකෙ තිබුනු දෙවල් මෙ තාක් දුරට සියල්ල ඇත්ත වි තිබුනා. කොහොම නමුත් මා ඉගෙන ගත්තු දෙවල් නිසා මෙ දෙ විස්වාස කරන්න හිතෙන්නෙ නැහැ. නමුත් මෙ දෙවල් වසර දහස් ගණනක් තිස්සෙ පැවත එන එවානෙ. මෙ වගෙ ඇත්තක් තියනවා කියලා දැන් මට හිතෙනවා ඔයා මෙ විෂයෙන් දක්ෂයෙක්ද..? නැත්තම් කාලය ලැබෙන විදියට අමතරව කරන දෙයක්ද...?

    ReplyDelete
  2. මම දක්ෂයෙක්ද කියලා කියන්න මට අයිතියක් නැහැනේ මල්ලී.
    කොහොම නමුත් එක දිගට වසර 5ක් පමණ තනිවම පොත් පත් උදව් කරගෙන තමයි මම මෙ විෂය ඉගෙන ගත්තේ. මම පන්සලේ හිටිය කාලේ පුරාවට මම මා වෙනුවෙන් යමක් කලානම් ඒ ජොතිෂ්‍යය ඉගෙන ගැනීම පමණයි.
    අවසානයේදීමට මා ගැනම මැන බැලීමක් අවශ්‍ය වූනිසා ප්‍රසිද්ධ ගුරුවරයකුගේ පංතියකට සහභාගී උනා.
    එතනදී ඒ ගුරු මහත්මා විසින් මා පිළිබද ලබා දුන් නිගමනය උනේ එම පංතියට සහභාගී වීමෙන් අළුතින් මට ඉගෙන ගත හැකි කිසිවක් නැති බව පමණයි.
    එනිසා මාස දෙකක් වැනි කාලයකින් මම එම පංති යෑම නවතා දමනු ලැබූවා.
    මම මෙයින් කියන්නේ නැහැ මම සියල්ල දන්නවා කියලා
    මෙ ජොතිෂ්‍යය කියන විෂය කවදාවත් ඉගෙන ගෙන ඉවර කරන්න බැහැ. ඒ තරම් පුළුල් විෂයක්. නමුත් ලංකාවෙ අද ඉන්න ජෝතීර් වෙදීන් සමග මාත් එක්තරා දුරකට ඉගෙන ගත් අයෙක්.
    පන්සලේ රැදී උන් අවසාන කාලය තුල නම් දිනකට ජන්ම පත්‍ර බලවා ගැනීම සදහා සෑහෙන පිරිසක් මා සොයා ආ බවත් කිව යුතුයි.

    ReplyDelete
  3. මොන එකක්ද මන්දා මට නම් මේ හදහන් , කේන්දර ගැන ඒ හැටි විශ්වාසයක් නැහැ... විශ්වාස කරන අයට එපා කියන්නෙත් නෑ.. ඒත් TV එකේ සමහරු කියන දේවල් දැක්කම පුදුමත් හිතෙනව..... උපන් දා ඉදන් මට කේන්දරයක් තිබිලත් නෑ.... හැබැයි මට මතක හැටියට තිබ්බ අපලෙකුත් නෑ... මේ හැම දෙයක්ම අපේ සිතුවිලි වල සෙල්ලම් නේද ?....

    ReplyDelete
  4. චතුෂ කියන විදිහට මටත් තියනව රාජ යෝගයක්. හැබැයි ඉතින් ඒක කාර්යාලයේ සුභ සාධක සංගමයේ භාණ්ඩාගාරික තනතුරෙන් එහාට ගිහින් නැහැ තවම.... තනතුරේ හැටියට ධන යෝගයක් කියන්නත් පුලුවන් . මට නම් ඒක මහ ඇණයක්.... ලග්නය තුලා වෙලා 11 ශනි ඉන්නව නම්.10 ගුරු ඉන්නව නම් ධන යෝග රාජ යෝග තියනවලු... මොන බොරුද

    ReplyDelete
  5. මාර අයියේ, මගෙ කේන්දරේ බලව ගන්න පුලුවන්ද ඔයාට කියලා?
    මගෙත් ඉස්සර අම්ම කේන්දරේ බලවලා තියෙනවා..එකේ කියපු ගොඩක්ම දේවල් හරි ගියා. ඉතින් දැන් පොඩ්ඩක් වෙන්න ඉස්සරහා කොහොමද කියලා බලවගන්න ආසයි. :)

    ReplyDelete
  6. අපිට හම්බවෙන ගල් කැට එකතුකරලා එක පිළිමයක් කරන එක හරි, පාලමක් හදන එක හරි අපෙ යුතුකමක්, දෙකම කරන්නෙ දක්ෂයෙක් , ඔයා දක්ෂයෙක් කියන එක ඔයාගෙ හිතෙ හැමදාම තියෙවි. මගෙ මිම්මට අනුව ඔයත් දක්ෂයෙක්. මම ඔයාගෙ හිතෙ හැඩය ගැන වැටහිමක් ඇතිකරගන්න උත්සහයක් නිරත වෙන්නෙ.

    ReplyDelete
  7. එතකොට මොකද කියන්නේ හස්ත රේඛා ගැන?

    මමත් පොඩ්ඩක් මේ පාඩම ඉගෙන ගෙන තියෙනවා. ඒ හින්දා පැහැදිලියි කතාව.

    /බිඟුවා...!

    ReplyDelete
  8. බිඟුවා...!

    හොද මතක් කිරීමක්..
    හස්ත රෙඛා ශාස්ත්‍රයේදී ඔබ දන්නවා ඇති ධන රෙඛාව සහ සුඛ රෙඛාව පිළිබදව
    මෙහිදී බොහෝ දෙනෙක් මම අර කලින් කිවුවා වගේ ධන යෝග පිළිබදව තිඛෙන උනන්දුවම ධන රෙඛාවට යොදවනවා. නමුත් සුඛ රෙඛාව හදුනන්නේවත් නැහැ.
    එතනදිත් ධන රෙඛාව තිබුනාට සුඛ රෙඛාව නැත්නම් සැප විදීම ලෙස අප හදුන්වන දේවල් විදීම අමාරුයි..
    එසේම සමහරු ධන රෙඛාව ලෙස සුඛ රෙඛාව හදුනාගෙන ඒ අනුව බලාපොරොත්තු තබාගෙන සිටිනවා..

    ජොතිෂ්‍යය අනුවත් හස්ත රෙඛා ශාස්ත්‍රය අනුවත් පැවසෙන අනාවැකි බෝහෝමයක්ම සමානයි.

    මාත් මුළින්ම යොමු උනේ හස්ත රෙඛා පරීක්ෂාව ඉගෙන ගැනීමටයි, පසුව තමා ජොතිෂ්‍යයට යොමු උනේ.

    ReplyDelete
  9. mee ekanevi kendaren agaharu 7n ainkaranna berida?

    ReplyDelete
  10. Anonymous ...
    අපිට ඔන ඔන වෙලාවට ග්‍රහයො අයින් කරන්න මොකද හිතුවද එයාලා ප්‍රාදේශීය සභාවක මන්තිරිලා ටිකක් කියලා...
    වටෙ යන්නේ නැතිව කෙලින්ම ප්‍රශ්නේ අහන්න පුළුවන් උදව්වක් කරන්නම්.

    ReplyDelete
  11. මම වසර 03 කට පෙර බොහෝම ප්‍රසිද්ධ පුද්ගලයකුට කියල මගෙ කේන්ද්‍රය බලවා ගත්තා. ඔහු කිවුවා මට හෑම දේම නෑතිවෙලා දුප්පත් වෙලා පාරට වෑටෙන තත්වයක් එනවා හිගන්නෙක් වගේ කියල.

    පස්සෙ තව කෙනෙකුට දුන්නම ඒ පුද්ගලයා කිව්ව නීච බන්ඟ රාජ යෝග තියෙන නිසා මගෙ කේන්ද්‍රය බොහොම බලවත් කියල.

    ඒත් ඒකෙන් උනේ මම කේන්ද්‍රය ගෑන තිබුනු විශ්වාසය අඩු උන එක. මොකද එකම කේන්ද්‍රය බලල දෙන්නෙක් දෙකක් කියපු නිසා.


    මාර මල්ලි මොකද මේක ගෑන කියන්නෙ

    ReplyDelete