28 February 2010

මාරයාටත් මාරුවක්...

වසරකුත් මාස හයකට පස්සේ ඔන්න මාරයාටත් මාරුවෙන්න කාලේ ඇවිත්..
අපේ පාලනාධිකාරිය තීරණයක් අරගෙන මාව මාරු කරන්න.
සාමාන්‍යයෙන් අපේ රැකියාවෙ ස්වභාවය තමා අවම වශයෙන් මාස හයකට වරක්වත් සේවා ස්ථාන මාරු කර යැවීම.
නමුත් මොකක්දෝ හේතුවක් නිසා හෝ මගේ වැඩ පිළිවෙල නිසාම හෝ දැනට මම වසර එක හමාරක් තිස්සේ මෙම ස්ථානයේම රැදී සිටියා.
කෙසේ වෙතත් මෙ වසර එක හමාරක කාලය තිස්සේ මා හැර අන් නිලධාරීන් 38ක් පමණ මාරු වී ගොස් තිබුණා.
අන්තිමට ඔන්න මටත් ටිකට් එක ලැබුණා.
දැන් ඉතින් මාර්තු පළවෙනිදා සිට මාත් මාරු.
ඉහලින් කිවුවෙ නම් මාසයකට පමණයි කියලයි.
ඒත් කොහොම වෙයිද දන්නේ නැහැ.
කොහොම උනත් කමක් නැහැ..
මාසයකින් ආපහු එන්නත් වෙයිද දන්නේ නැහැ. එහෙම එනවනම් මුකුත් වෙනස් කරන්න වෙන්නේ නැහැ.
නැත්නම් ඉතින් දැන් යන තැනට කිට්ටුව පුංචි ගේ කෑල්ලක් එහෙම හොයා ගන්න වෙනවා.කෝකටත් මාසයක් ඉදලා බලනවා මොන අතට පෙරළෙයිද කියලා.
ඉතින් අද උදේම මාගේ භාරයේ මෙතුවක් කල් තිබු සියළුම බඩු භාණ්බ මා යටතේ සිටි නිලධාරියාට පවරා අද උදේ මම ගෙදර ආවා.
බලාගෙන යනකොට පුදුම සහනයක් දැනෙන්නේ..
රස්සාව අතහැරලා දැම්මනම් තවත් හොදට තියේවී කියලත් හිතුනා.
මට යන්න වෙලා තියෙන්නේ දැන් ඉන්න තැනට වඩා ගෙදර ඉදලා කිලෝ මීටර 5කට විතර එහා තැනකට.
එතන හරි පාළු තැන. දවසම තනියම ඉන්න තියෙන්නේ.
දැන් ඉන්න තැන නම් අපේ නිලධාරීන් අට දෙනෙකුත් පිරිවරාගෙන තමයි මම හිටියේ.
ඒ වගේම ආයතනයේ සේවක සේවිකාවෝ 250ක් පමණත් හිටියා පොඩ්ඩක්වත් පාළු නැහැ.
ඒ වගේම කිසිම නිවනකුත් නැහැ.
ඒත් යන්න තියෙන තැන මම විතරයි තනියම. දවසම ඔහේ බලා ගත්ත අතේ බලාගෙන ඉන්නයි තියෙන්නේ.
වැඩත් නැහැ.
පොත් තුනක් පවත්වා ගෙන යන්නයි තියෙන්නේ.
අද උදේ මම පොත්38ක් බාරදීලයි ආවෙ.
ඒ හැටියට බලනකොට නම් නිකම්ම ඉදිල්ලක් තියෙන්නේ.
මටත් ලැපක් තිබුනනම් කියලා හිතෙන්නේ මෙ වෙලාවට තමයි.
එහෙම නම් ඉතින් මොනවා හරි කොට කොට ඉන්න තිබුනා.
කෑම ප්‍රශ්නේ විසදගන්නත් ඔන.
හැමදාම උදේ හයට අවදි වෙන්නත් වෙනවා.
දුක තමා...
ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලත් නෝ කථා
වැඩට ගිහිල්ලත් නෝ කථා...
මට කථා කරන වචනත් අමතක වෙයිද මන්දා..

19 comments:

  1. හරි බලමු ... කොච්චර විතර මුදලක් ඔයාට යොදවන්න පුලුවන්ද...? අඩුවට අපෙ එකෙක් පාවිච්චි කරපු එකක් ගමු....

    ReplyDelete
  2. මෙ වෙලාවෙ වැඩි යමක් කරන්න බැහැ.
    මුදල් ටිකක් එන්න තියෙනවා.
    ඒත් අප්‍රියල් අවසානේ තමා.
    ඒත් මිල ගණන් දැන ගන්න තියෙනවා නම් වටිනවා.
    පාවිච්චි කරපු එකක් උනාටනම් කමක් නැහැ.

    ReplyDelete
  3. අතේ ගෙන යාහැකි ක්ෂුද්‍ර පරිගණකයක් අරගන්න නැත්නම් ඔය කියන විදියට ඔය අලුත් තැන ඔයාට ඉන්න බැරි වෙයි. අනිත් එක ඔය වගේ නිදහසක් තියෙනවා කියන්නේ පුදුම වටිනා දෙයක් අදහස් ගලාගෙන එයි ඔයාට ලියන්න තමයි තියෙන්නේ

    ReplyDelete
  4. ඇත්ත මොනවා හරි විසදුමකට යන්න ඔන..
    නිදහසනම් මට ඔනවටත් වඩා...

    ReplyDelete
  5. මාවත මතක නැති වී
    මං පෙත තනි වී...
    සමුගන්නට අත වනනා
    බට්ටිච්චී...
    හෙට දින වැඩට නුඹ ආවත්
    පෙර පරිදී...
    හිනැහෙන්නවත් මා නැත
    මෙ අසල රැදී...
    පෙම් කල නමුත් නුඹ
    මාහට සිතින් බැදී...
    මා පෙම් නොකල බව
    නුඹහට නුඹම දනී...
    ඈතින් ඉදන් නුඹ සිටියත්
    මදෙස හැරී...
    මා සිටියේ නුඹ නොපෙනෙන
    විලාසෙනී...
    මිය ගිය පෙමක සොහොනෙහි
    අළු මත වැතිරී...
    ඒ සොහොනෙහිම මිය යන්නට
    වෙර දරමී...
    මියයන මදෙස බලමින්
    හඩමින් වැතිරී...
    ඒ සොහොනෙහි මල් පුබුදනු
    නුඹට බැරී...

    ReplyDelete
  6. If you want to write and have things to write about - even a bus ticket is sufficient....

    Kathandara Kaarayaa

    ReplyDelete
  7. මෙන්න කතන්දර කාරයා කඩුවකුත් අරන් ඇවිත්..

    ReplyDelete
  8. බස් ටිකට් නෙවෙයි, පත්තර වාටිවලත් මම ලියපු කාලයක් තියෙනවා.
    ඒත් ඒ හැම දෙයක්ම අදට මා ළග නැහැ.
    නමුත් මෙහි ලියන දේ මම මලත් ඉතිරි වෙවි..

    ReplyDelete
  9. ඔබ මොන මට්ටමේ එකක් ද බලාපොරොත්තු වෙන්නේ...?

    ReplyDelete
  10. Kawiya wenama post akakata danna berida? pls godak ayata aka Maga arenawa neththam

    ReplyDelete
  11. දැනට මගේ තියෙන කොම්පීතරට වඩාධැන් එන කොයි එක උනත් හොද වෙයි.
    මගේ දැනට තියෙන්නේ මමම කෑලි එකතු කර කර හදා ගත්ත එකක්.
    P 3
    speed 1.2
    RAM 256mb
    VG 64mb
    Hard drive 60 GB
    මෙන්න කෙට වඩා හොද එකක් තමයි ඔන
    මට මෙ පිළිබදව වැඩි දැනුමක් නැහැ.විස්තර දැන ගත හැකි මගක් තමයි නැත්තේ.

    ReplyDelete
  12. මම හිතනවා මට ඔබතුමාට උදවු කල හැකිවෙයි කියලා.... කාලයයි දුරයි දැනට පොඩි ප්‍රස්නයක්.... ඔබට හැකිනම් මේ පහත ලිපිනයට පොඩි මේල් එකක් දමන්න...
    එතකොට වැඩි විස්තර කතාකරමු... සල්ලි යකාටම ගියාවේ...ඉස්සෙල්ලා වැඩේ කරගමු...tissa1969@yahoo.com...
    වරදවා නොහිතනු ඇතයි සිතමි....

    ReplyDelete
  13. මාරයා, මට අදයි මේ පෝස්ට් එක කියවන්න ලැබුනේ. උඹ මේක කවද බලයි ද දන්නෙ නෑ. මම උඹ හිටපු කුරුලු හමුදාවෙ හිටපු එකා. ඒක හිටපු උන්ට ඕනි කටිටක් කන්න පුලුවං එකේ ඕක උඹට දෙයියො දුන්නු තැග්ගක් කියලා හිතපං. හැබැයි පුතෝ කාලෙනං කන්න එපා. උඹට දැං තියෙන්නෙ හැකි හැම වෙලාවෙම ලියන එකයි. ලැපක් හරි මොන මගුලක් හරි අරං ඉන්ටර්නෙට් ගත්තම ඒවා එක එක දාපං.

    ReplyDelete
  14. ඒ කියන්නෙ අයියෙ ඔයා නෙට් එන එක නවතීද?

    ReplyDelete
  15. තිස්ස දොඩන්ගොඩ...
    ස්තූතියි.
    මම මෙල් කරන්නම්.

    ReplyDelete
  16. බුද්ධි ...
    අනිවාර්යයෙන්ම බඩියො මෙවා ප්‍රශ්න නෙවෙයි.
    මම ලියනවා.

    ReplyDelete
  17. මධු වීරකෝන්...
    නංගීයෝ මම නෙට් එන එක එක දිගට සතියකට වඩා නැති වුනොත් ඒ කියන්නේ එක්කෝ
    1.මගේ අතේ සතේ නැති වෙන්නම හිදිලා.
    2.පාරෙ තොටෙ යනකොට මොකක හරි හැප්පිලා,එක්කෝ හොස්පිට්ල්,නැත්නම් සෙත්තපෝච්චි
    3.බීලා බීලා මැරිලා
    ඔන්න ඔය ඒවායින් එකක් වෙනකල් මම කොහොම හරි නෙට් එනවා.

    ReplyDelete
  18. අද තමා මම නම් මේ පැත්තේ ආවේ.මේ තරමටම නිදහසක් ලැබෙනව නම්..හොදම වැඩේ තමා ලියන එක.මාත් එහෙම කෙනෙක් නිසා..මට ඒක හොදටම තේරෙනව.ඉක්මනටම් කරදර ටික ලිහාගෙන වැඩ පටන් ගන්න ලැබෙන්න කියලා මම සුභ පතන්නම්කෝ...!!!

    ReplyDelete