31 March 2010

ප්‍රගීත් & Beyond Frame වෙනස් කථාවක් කියන්න ඔන...

මට පොඩි සැකයක් තියෙනවා අර නැතිඋනයි කියලා කට්ටිය උඩ දාගෙන හොයන ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නේ අපේ පැනලා ගිය බෝට්ටු සවාරි කාරයා වන බියොන්ඩ් ෆ්රේම් කාරයාද කියලා.
අර මනුස්සයා අතුරුදහන් උනෙයි, මෙ යකා පැනලා ගියෙයි එකම දවසෙද මන්දා?
අනික බියොන්ඩ් ෆ්රේම් කාරයා යනකොට යන්න ගියේ මෙ රට ඉවරෙටම ඉවරයි කියලා හිතාගෙන වගේ.
ඒත් ඔන්න ආපහු ආවා කියලත් මම කොහේද තියෙනවා දැක්කා.
මොකද දන්නේ නැහැ ආපහු ආවේ..
දැන් ලංකාව හොද වෙලාද..?

පොඩ්ඩක් කස්ටිය අවදියෙන් ඉන්න බියොන්ඩ් ෆ්රේම් ආව නිසා ප්‍රගීත් එක්නැළිගොඩත් එන්න ඉඩ තියෙනවා.
මොකද මම මෙ දෙන්නගේම සමානකම් දකිනවා.

දෙන්නම මඩප්පුලා දෙන්නෙක්නේ..
අනික දෙන්නම පහර දුන්නේ එකම තැනකට..
බස් වහරත් සමානයි..
එකම වෙලාවෙ එක්කෙනෙක් අතුරුදහන් වෙනවා..
එකෙක් පැනලා යනවා..

මම මෙක කිවුවෙ මම මෙ අන්තර්ජාලේදී දැක්ක මෙ දෙන්නාගේ ලිපි අනුව මිස පෞද්ගලිකව දන්න නිසා නෙවෙයි.
කෝකටත් දන්න කියන කට්ටිය හොයලා බලන්නකෝ...

18 comments:

  1. you better read the famous poem of Martin Nimoler

    ReplyDelete
  2. ඔබ Bf හරියට කියවල නෑ

    ReplyDelete
  3. වෙන්න පුළුවන්..
    මෙක මට හිතුනු දෙයක්
    එච්චරයි..

    ReplyDelete
  4. ප්‍රගීත් කෙසේ වෙතත් මිනිහා ලංකා ඊනිව්ස් එකේ බත්බැලයෙක් කියලා නම් තේරෙනවා..

    ReplyDelete
  5. "අර මනුස්සයා අතුරුදහන් උනෙයි, මෙ යකා පැනලා ගියෙයි එකම දවසෙද මන්දා?"

    නිකන් guess කරලා විතරක් අදහස් දක්වන්න එපා මචන්.......
    එක්නැලිගොඩ අතුරුදහන් උනෙ ජනාදිපතිවරනයට සති දෙකකට කලින්
    BF රට ඇරල යනව කිව්වෙ ජනවාරි 27

    ReplyDelete
  6. ඔය කොයි කොයි කාරණාවත් මම සලකා බලලා තියෙනවා.

    ReplyDelete
  7. දිlee...
    එක්නැලිගොඩ අතුරුදහන් උනෙ ජනාදිපතිවරනයට සති දෙකකට කලින්...

    මට හරියටම දින වකවානු කියන්න බැහැ.
    මොකද අද තමයි මට ඔක කල්පනාවට ආවෙ.
    අතුරුදන් වීමයි අනිකාගේ පලා යාමයි අතර කාල වකවානුව හුගාක් වෙනස්ද?
    හැබැයි..
    පැනලා ගිය දිනට පසු දිනක අතුරුදන් උනා නම් ගැටළුවක් තියෙනවා.
    ඒත් අතුරුදන් වීමෙන් පසු පැන යාමට හැකිද නැද්ද?

    ReplyDelete
  8. Beyondframe රට ඇරලා යනවයි කිව්වෙ නිකං ආතල් එකට.

    ප්‍රදීප් එකනැලිගොඩ නං කොහෙ හරි හැන්ගිලා ඉන්න බව තමයි රට්‍ටු කියන්නෙ. ආන්ඩුවෙන් ඉස්සුවා නං, මඩත් ගෑවෙන එකේ ඔය කවුරුවත් අහල නැති ප්‍රදීප් එක්නැලිගොඩලාට වඩා උස්සන්න මිනිස්සු ඉන්නවනේ. අනික ලංකා-ඊ-නිවුස් එක ලංකාවේ මිනිස්සු අඩුවෙන්ම බලන නිවුස් සයිට් එකක්.

    ReplyDelete
  9. Ano...
    Beyondframe රට ඇරලා යනවයි කිව්වෙ නිකං ආතල් එකට...

    ඒ යන්නෙත් මියන්මාර්.

    ReplyDelete
  10. තේරුමක් නැති පොස්ට් එකක් නේද?
    අනේ මේව නෙමේ සුපුරුදු පරිදි ජීවිත අත්දැකීම් ගැණ ලියන්න. මහප්ප ගැන, වින්කලේ කතා, කණේ පාරවල් ගැන.....

    ReplyDelete
  11. කතන්දර කාරයා...

    මම අප්පා කවදද තේරුමක් ඇති වැඩ කලේ..
    මෙකත් එයින් එකක් පමණි.

    ReplyDelete
  12. මෙයත් මියන්මාර ලණුව කාල

    ReplyDelete
  13. ලණුව හරි මොකක් හරි මිනිහාම කියන විදියට ලංකාව දාලා මිනිහා ඩිංගි බෝට්ටුවක නැගිලා යන්නේ මියන්මාර්.
    මම අහන්නේ ඇයි මියන්මාර්ම..
    ගියා හරි නැතා හරි..
    මොකද මිනිහා පෙන්නන්න හැදුවෙ තව දුරටත් මිනිහාට මෙහෙ ඉන්න බැහැ කියලා..හේතුව ජීවිත අවදානම.
    ඇයි ජීවිත අවධානමක් එන්නේ කාත් කවුරුවත් නොහදුනන බියොන්ඩ් ෆ්රෙම්ට.
    කවුරුවත් ගණන් ගන්නේ නැති මඩප්පු කෙනෙකුට.

    හැබැයි ප්‍රගීත්ට නම් බයක් තිබුනා ඔහු අමු අමුවෙ චම්පික රණවකගේ චරිතය ඝාතනය කරන්න ලිවූ ලිපිය නිසා..
    බියොන්ඩ් ෆ්රෙම් නෙවී බය නිසා පැනලා යා යුතු ප්‍රගීත් කියන මඩප්පුවායි.
    නමුත් බියොන්ඩ් ෆ්රෙම් පැනලා යනවා.. ප්‍රගීත් අතුරුදන් වෙනවා.
    හරි පුදුමයි..

    ReplyDelete
  14. මාරයියෙ.. දැන් නම වෙනස් කරමු ඇති දැන් මාරයා වෙලා හිටියා.. ඔයා නිකන් ෂර්ලොක් හොම්ස් වගෙනෙ.. ඔයා කියන දෙ නිවැරදි වෙන්න පුලුවන්,වැරදිත් වෙන්න පුළුවන්.. කෙනෙක් බිරිදක් ගෙයක් දොරක් හදලා, දෙශපාලනික, ජිවිත බිය මත මෙතරම් කල් හැංගිලා සිටිනවා කියන දෙ හිතන්න අමාරුයි. ඔයා කියන දෙ ඇත්තනම් එයා ගෙදරට දන්වලා තියනවා එයා ඉන්නවා කියලා. අනික බියොන්ඩ් ෆ්රෙම් කියන මනුස්සයගෙ ලිපිවල තියන සුක්ෂම බාවය ගැන කල්පනා කරපුවාහම බිරිදකගෙන් වෙන්වෙලා, මිත්‍රයින්ගෙන් වෙන් වෙලා ඉන්න කෙනෙකුට එවගෙ ලියන්න අමාරුයි...

    ReplyDelete
  15. මොකක්ද තියෙන සූක්ෂම භාවය..?
    කමෙන්ට්ස් මගින් තමන්ව ප්‍රශ්න කිරීම මග හරවගෙන..ඔනම දෙයක් තමට උවමනා පැත්තට හරවගෙන.. ප්‍රතිවාදියා වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැති තැනක..
    ඔය විදියට ලිපි ලියන එක සූක්ෂම භාවයද..?
    අන්තිමට තමන් කියූ බොරුවැල්,ගෙතූ කතන්දර සියල්ල පුහු උනාට පස්සේ.. අඩුම තරමෙ එහෙම උනේ ඇයි කියලා පැහැදිලි කරන්නේ තබා..මට වැරදුනා,මගේ උපකල්පනයන් වැරදියි කියලාවත් කියන්නේ නැතිව පලා යන සීන් එකක් ගෙනවිත් මෝඩ ජෝක් දානවට කියන්නේ සූක්ෂම කියලද..?
    අනේ මන්දා මම නම් දකින්නේ කුහකයෙක් විදියට විතරයි.

    ReplyDelete
  16. සිද්ධි ගැන හරියටම දන්නෙ නැත්තං ලියන්න එපා.

    ReplyDelete
  17. ලංකාව තුල තව දුරටත් මිනිසෙකු මරාදැමීම හෝ අතුරුදහන් වීම කියන්නේ ඒ තරමට කලබලවෙන්න කාරණයක් නෙමේ. මිනිසෙක් මරාදැමුණු විට හෝ අතුරුදහන් වූ විට මුලින්ම බලන්නේ ඒ පුද්ගලයා අයත්ව සිටි සමාජ කුලකය දිහා, ඔහු 'තමන්ගේ' අයෙක් නොවේ නම්, ඒ මරාදැමීම සාධාරණිකරණය වෙනවා, අතුරුදහන්ව ඇත්නම් ඔහු තමන් විසින්ම අතුරුදහන් කර ගත්තා වෙනවා.
    තව දුරටත් ලංකාවේ නීතිය හා සාධාරණත්වය කියන්නෙ තමාට රිසි සේ අර්ථ දක්වා ගත හැක්කකි.
    ‍--

    ප්‍රගීත් අතුරුදහන් උනේ ජනාදිපතිවරණයට පසු හෝ ඊට සතියකට පෙර නෙමෙයි. ජනාදිපතිවරණයට කලින් දවසේ.

    ReplyDelete
  18. හප්පේ අයියා සී අයී ඩී එකේද වැඩ කරන්නෙ?

    ReplyDelete