02 March 2010

නුඹට නොහැක...

මාවත මතක නැති වී
මං පෙත තනි වී...
සමුගන්නට අත වනනා
බට්ටිච්චී...
හෙට දින වැඩට නුඹ ආවත්
පෙර පරිදී...
හිනැහෙන්නවත් මා නැත
මෙ අසල රැදී...
පෙම් කල නමුත් නුඹ
මාහට සිතින් බැදී...
මා පෙම් නොකල බව
නුඹහට නුඹම දනී...
ඈතින් ඉදන් නුඹ සිටියත්
මදෙස හැරී...
මා සිටියේ නුඹ නොපෙනෙන
විලාසෙනී...
මිය ගිය පෙමක සොහොනෙහි
අළු මත වැතිරී...
ඒ සොහොනෙහිම මිය යන්නට
වෙර දරමී...
මියයන මදෙස බලමින්
හඩමින් වැතිරී...
ඒ සොහොනෙහි මල් පුබුදනු
නුඹට බැරී...

2 comments:

  1. මෙක ඔයා කලින් දාල ආපහු ගත්තා නෙද... මම එ වෙලාවෙ ඇවිල්ල බැලුවා.
    යන් යන්... ඔහොම යන්....

    ReplyDelete
  2. රවා...
    ඇත්ත දැම්මට පොඩි අඩු පාඩුවක් තිබුනා රවා දැක්කේ නැද්ද...?

    ReplyDelete