04 March 2010

වීරයා සහ වෙනස...

අමුඩ කෙටිය තද කරගෙන
උදැල්ල සිර කර දෑතට
කුඹුරු කොටන හැටි අප්පා
බලා සිටිය මට මතකයි...
අමුඩ කෙටිය වෙනුවට මං
කොට කලිසම පටලාගෙන
ට්‍රැක්ටරයෙන් සී සානව
මගේ පැටිය බලා සිටී...
මගෙ අප්පත්-උගෙ අප්පත්
දෙදෙනගෙ තිබුනත් වෙනසක්
පොඩි එකාගෙ වෙනසක් නෑ
ඇස් ගෙඩි දෙක එක වාගෙයි..
පොඩි එවුන්ට අප්පලාව
පේන්නෙ වීරයෝ වගෙයි..

15 comments:

  1. ඔනැම පොඩි එකෙකුට උගෙ අප්පා තමයි පොඩි කාලේ විරයා...
    නමුත් සමහරුන්ට ලොකුකු වෙද්දි අප්පගෙ තියන ජඩ ගති දකිද්දි අප්පාව එපා වෙනවා. නමුත් සමහර පුතණ්ඩියලට අප්පාව සදාකල් විරයා වෙනවා. එ අප්පලා පුතන්ඩියල ගෙ පින් පව් වාසනාවන්තකම් ක්‍රියකාරකම් මත තිරණය වෙන දෙයක් නෙද.
    හැමොම මට කියන්නෙ... මම තාත්තා වගෙම ලු කියලා. මට එකම තියන ලොකුම බය එකයි.... මොකද මම තාත්තා වගෙ උනොත් දෙවියන්ගෙම පිහිටයි මට...

    ReplyDelete
  2. රවා...
    සීයට සීයක් එකගයි.
    අපි තව පැත්තක් කල්පනා කල යුතුයි.
    තාත්තලත් කාලයක් අපි වගේම නිදහසේ සිටි අය නේද කියන එක ඒත් පවුලු අනාට පස්සේ එයාලට එයාලගේ නිදහස නැති උනා.
    අපි වෙනුවෙන් වැඩිපුර කැපවෙන්නසිද්ධ උනා,කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.
    අපේ තාත්තා කසාද බැදලා තියෙන්නේ වයස42දී
    ඊට කලින් එයාත් මං වගේම පිස්සු කෙලා තියෙනවා.
    නමුත් බැනදට පස්සේ අපි වෙනුවෙන් සෑහෙන යමක් කලා.
    මම කියන්නේ නෑ ඒකරපු හරිය ප්‍රමාණවත්ද නැද්ද කියන එක.
    ඒත් මම දන්නවා එයා කලා.
    ඒ අතර වැරදි නොවුනාම නෙවෙ.
    මෙ ළගදී අපේ ඥාතියෙක් තාත්තාව විවෙචනය කරන්න පටන් ගත්තා.
    සමහරක් මමත් එකග වෙන කරුණු
    ඒත් එක් වරම ඇය තාත්තා බදින්න පෙර ජීවිතය ගත කල හැටි කියන්න ගත්තා අන්න එතනදී මම විරුද්ධ උනා.
    බදින්න කලින් තාත්තා ගත කල ජීවිතයේ වැරදි ඇත්ද යන්න අපට කියන්න බැහැ. මොකද ඒ එයාගේ ජීවිතය,එයාගේ නිදහස. ඔහුත් සාමාන්‍ය අයෙක් පමණයි.

    ReplyDelete
  3. හැබෑ ජීවීතයෙන් බින්දුවක්, ගොතල කියන කතන්දර සාගරයක් වාගෙයි... අපටත් කියන්නේ තනිකඩයන්ට පාඩුවේ ඉන්න දෙන්න කියලද... ? එහෙම බෑ...!

    ReplyDelete
  4. මාරයා , තිස්ස අයියා.....
    අපි මොන දෙවල් වලට මුහුන දුන්නත්... ජිවිතෙ වැදගත්ම දෙයක් තමයි විවාහය.. විදින්න ලැබුනු දෙවල් නිසා හො හිතක තිබෙන මානය නිසා අපි දැඩි තිරණ වල ඉන්න එක හොද නැහැ. අපි මිනිස්සු වශයෙන් අපෙන් කෙරෙන්න ඔනා යුතුකම් ඉටු කරන්න ඔනා. කොච්චර ශක්තියක් තියන මනුස්සයෙක් උනත් අපි හැමොම අන්තිමට අසරන වෙනවා මාරයා( අපෙ එක්කෙනා නෙමෙ, රියල් එකා) ඉස්සරාහා. අපිට එදාට අපෙම කියලා හයියක්, පිළිසරනක් තියන්න ඔනා. හුස්ම හෙලන අන්තිම මොහොතෙදි මගෙ අත අල්ලන් මා ලගින් ඉන්න කෙනෙක් අනිවා ඉන්න ඔනා. මගෙ බිරිද හො දරුවෙක් වෙවා..විවාහයක් වගකිම් සගරයක්, නිදහසක් නැති කරුමයක් කියලා කියන දෙ ට වඩා පොළවෙ ඉපදුනු මම මගෙන් කෙරෙන්න ඔනා වැදගත්ම දෙ මම කරා, මම කියන හැගිම මට එන්න ඔනා. අපිට ලිංගික සතුටක් ලබන්න ඔනා නම් ඔනා තරම් තැන් අද සමාජයෙ තියනවා. නමුත් බැදිම්, සොඳුරු මොහොතවල් අපි අපිම හදාගන්න ඔනා.

    අවාසනාව හැමදාම දොරට තට්ටු කරනවා. නමුත් වාසනවා හැමදාම දොරට තට්ටු කරන්නෙ නැහැ. හිතක තිබෙන මානය නිසා එක හදවතක් පමණක් නොවෙයි වෙදනා විදින්නෙ.තාත්තලා අම්මලාත් දුක් විඳිනවා. තිස්ස අයියා, ඔයාලා කාපු කට්ට මෙයාලටත් දෙන්න ඔනා. කුරුල්ලො වගෙ ඉන්න දෙන්න බැහැ. බෙල්ලට තොන්ඩුවක් හරි දාලා ඇදගෙන ගිහින් බන්ඳන්න ඔනා.

    දැන් ඉතින් මාරයගෙ හිතෙ මන් ගැන පුංචි තරහකුත් ඇති කොහෙවත් ඉන්න එකෙක් මාව බන්ඳන්න එනවා කියලා.
    නමුත් ඉතින් බැඳිම් කියන්නෙ පුදුම දෙයක්. කෙනෙක් හදවතින් මට අත දිගුකරනවානම් කම්මුල් පහරක් හරි කමක් නැහැ කාගෙන හිනාවෙනවා...

    ReplyDelete
  5. ඔව්...පොඩි එවුන්ට අප්පලාව පේන්නේ වීරයෝ වගේ තමා...මොකද තාම පොඩි නිසා....
    තේරෙන වයස එද්දී ඕක නිකම්ම වෙනස් වෙනවා.....

    රවා පේන්නෙ නැද්ද ?

    ඇත්තටම ඒක තීරණය වෙන්නේ අප්පා හැසිරෙන විදියට...කණමදයෙක් වගේ හවසට බීල එන අප්පෙක් වීරයෙක් වෙන්නේ නෑනෙ

    මම මගෙ අප්පව අත්තීමට දැක්කෙ මට අවුරුදු 7දී
    එයා තාම මගෙ ලෝකෙ වීරයා :)

    ReplyDelete
  6. තිස්ස දොඩන්ගොඩ...
    රවා ...
    ඊරිසියාව ඊරිසියාව
    පැහැදිලි ඊරිසියාව
    ඊරිසියාවෙත් හොදම එක

    දිල්...
    අපේ තාත්තගෙනුත් මට අනෙක විධ වෙදනාවල් උරුම උනා.
    මට පුදුමාකාර මානසික වධ දුන්නා.
    එහෙම නැතුව තාත්තා සුපිරිසිදු චරිතයක් නෙවෙයි.
    නමුත් ඔහු අදටත් මගේ වීරයා.
    මොකද හුගාක් අවස්ථාවලදී ඔහු තම සිතත් එක්කම ගැටි ගැටී තාත්තා කෙනෙක් වෙන්න උත්සහ කළා.
    එයාට ඒ දේ කරන්න බැරි උනත් මම චෝදනා කරන්නේ නැහැ.
    මොකද මට එයා තරම්වත් හොදට ඒ දේ කරන්න පුළුවන් වෙන එකක් නෑ කියලා දන්න නිසා.

    ReplyDelete
  7. අපි ඔයාට ඉරිසියයි...මොකද ඔයාට තියන දෙවල් වලින් කිපයක් වත් මම ලග නැහැ. මං ගව තියන ඔයාගාව නැති දෙවල්, ලැප් එකයි, මොඩම් එකයි, වයසක අම්මලා දෙන්නයි, මල්ලියි, දිරාගෙන එන ගෙයකුයි විතරයි. එත් මම හිතාගෙන ඉන්නවා කවදහරි කසාද බදින්න ඔනා කියලා. අයෙ ඉතින් කෙන්දර අනන් මනන් බැලිල්ලක් නැහැ...." මොකද කියන්නෙ උඹ මට කන්න උයලා දෙන්න ඔනා, මගෙ අම්මව බලාගන්න ඔනා එනවද යන්න මාත් එක්ක.. " ඇහැව්වා.. හා කියලා ඔලුව වනන පරක්කුවට ඇදන් ගිහින් බඳිනවා.. ඇදන් ගිහින් බැඳලා දානව ගැටයක් ආපහු ලෙහා ගන්න බැරිවෙන විදියට...බැඳලා බලහන් අයියෙ එකෙ තියන වටිනාකම... අපිත් ඉන්නවනෙ... බලාගෙන...

    ReplyDelete
  8. මෙක නම් හරියන්නේම නැහැ.
    රවාට අපේ නෑදෑ පරපුරෙ කාව හරි හම්බ උනාද?
    එහෙම නැත්නම් කවුරු හරි මගේ තරහා කාරයෙකුගෙන් ගාණක්වත් ගත්තද?
    නැත්නම් ඇයි දෙයියනේ මෙ මාව අමාරුවෙ දාන්න මෙ තරම් දත කන්නේ...
    මම දන්නවා ඊරිසියයි කියලා.
    ඔන්නම් හේතු ටිකත් කියන්නම්.
    1. මොන දේ නැති උනත් හිනා වෙලා ලෝකය දිහා බලන්න මට පුළුවන් වීම
    2. හිතෙන්නේ මොකක්ද ඒ දේ කරන්න මට තියෙන නිදහස
    3. හවසට බැල්කනියට වෙලා පාරෙ යන එන අයයි, ඈත වෙල් යායයි දිහා බලාගෙන හීනියට සප්පායම් වෙලා මට විතරක් ඇහෙන්න සින්දුවක් මුමුණ මුමුණ ඉන්න මට තියෙන නිදහස
    4. ලෙඩක් දුකක් හැදුන වෙලාවට තනියම කෙදිරි ගගා ඇදේ පෙරළි පෙරළි ඉන්න එක සහ බඩගිනි උනහම බඩගාගෙන ගිහින් හරි මොනවා හරි රත් කරගෙන කෑමට ඇති නිදහස
    5. පවුලක් පනුසලක් නැති වීම නිසාම සමාජයේ වරදක් දුටු තැන බය නැතිව ඒ ගැන කතා කරන්න ඉදිරිපත් වීම සදහා තිඛෙන නිදහස (නැත්නම් ඉතින් මගේ ඉදිරිපත් වීමෙන් ගෙදර අයට වන අගතිය ගැනත් දෙපාරක් හිතන්න වෙනවනේ)

    අප්පා මෙ ඇති මට මහන්සියි..
    ලියනවනම් තව ගමකට ලියන්න ඇහැකි.

    ReplyDelete
  9. උඹ නම් මහ පුදුම එකෙක් තමා...
    මෙන්න මෙහෙ වරෙන්....අපිත් එක්ක... අල්ලලා දාපන් ඔය හීනියට සප්පායම... පවුල් පන්සල් උනා කියලා නෑ මලේ "උඹේ රස්සාව උඹම තියාගනින්" කියල මම දෙපාරක් එලියට බැස්සා... අන්න එදා මගේ ගෑනි දරුවො එක පයින් මාත් එක්ක ඒවා බෙදාගත්තා... කව්ද උඹට කිව්වෙ උඹේ නිදහස නැතිවෙයි කියලා...අහක බලන් ඉන්න එපා... බට්ටිච්චි හරි කවුරුහරි හොඳ එකියක් බලන් ඉඳල ඉඳල ආපහු යයි...

    ReplyDelete
  10. අයියෙ මෙ අහපන්.. මම පොඩි එකෙක් උනාට මම දැකපු ලොකු උබට වඩා ගොඩක් වයසට ගිය සර් කෙනෙක් ඉන්නවා. එයා මුලු ජිවිතෙම අපෙ ඉස්කොලෙට කැප කලෙ, එ සර් නිසා ගොඩ ගිය මිනිස්සු අද පොහොසත් රටවල් වල කොල කනවා. එ සර් විශ්‍රම යද්දි මල් කලඹක් දිලා " ඔයා මෙ පාසලට කරපු සේවය අගය කරනවා " කියන්න තරම් මිනිසෙක් ඉස්කොලෙ හිටියෙ නැහැ කිව්වහම මට ඇඩුනා. එ සර් ට බත් එක දවල්ට ගෙනත් දෙන්නෙ මම(ඉස්කොලෙ යන කාලේ). මට කොල්ලො හිනා උනා. ...සර්ගෙ පන්දමා කියලා. මෙ සර් කසාඳ බැන්දෙ නැහැ. මම අද එ සර් ව දකිනවා. එ සර් ගෙ ඇස් දෙකෙ තියන පසුතැවිම.. දෙවියනෙ කටවත් එ වගෙ දෙයක් දෙන්න එපා... මට මතක් වෙද්දිත් ඇඩෙනවා.මුලු ලංකාවම දන්න... මුලු ලංකාවම නොදන්න කෙනෙක් මෙ සර්. අයියෙ.. උබත් හිතින් තැවෙනවා එක අපිට නොතෙරෙනවා නෙම.

    උබෙ හදවත් ඉල්ලන්නෙ එකක්...
    අහංකාරකම පිරුනු බුද්ධිය ඉල්ලන්නෙ තව එකක්...

    බුද්ධියට මුල් තැන දිලා අනාගත්තු තැන් හදාගන්නත් එක්ක හදවත කියන දෙ එක පාරක් අහපන් දෙයියනෙ... අපි උඹට ඉරිසියා නැහැ.. ආදරෙයි..

    ReplyDelete
  11. පොච්චියේ මට වෙන්න යන විපත්තියක්.
    වැඩ කරන තැන උදවියත් ඔකමයි මතුරන්නේ
    ඉදලා හිටලා හරි පුංවිලගේ ගෙදර ගියොත් ඒත් ඔකමයි.
    මම මහණ වෙලා හිටි පන්සලේ හිතවත් දායක ගෙදරකට ගොඩ වැදුනොත්ඒ කියන්නෙත් දැන් ඉතින් මදැයි ඔහොම හිටියා දැන් පිළිවෙලක් වෙමු කියලයි.
    කලාතුරකින් වගේ අම්මා කථා කලොත් පුතේ ඔහොම ගියොත් උඹ තනි වෙනවා, දැන් කටයුත්තක් කරගන්න බලාපන් උඹට කවුරුවත්ම නැහැ නේද? කියලයි.
    ඒ මදිවට මා හැර ගිය ඇය උනත් ඉදහිට කථා කලවිට කථාව අවසන් කරන්නේ ඔයාට හොද තැනකින් දෙයක් කරගන්න පුළුවන්නේ කියලයි.(එයා එහෙම කියන කොට තමයි අහගෙන ඉන්නම බැරි)

    දැන් දෙයියනේ මෙ කස්ටියම සෙට් වෙන්නේ මට ගේම දෙන්නමයි.
    අහෝ ලෝක පාලන දෙවියනි,
    ඔබ කොහිද?
    තනිකඩ සංගමෙ ගරු සභාපති ධූරන්ධර, උත්තරීතර නිශාචරයින්ගේ සංසදයේ ජෙෂ්ඨ සාමාජික, තනිකඩ ගැහැණු දරුවන්ගේ සිහින කුමාරයා වූ, දීග දෙන වයසේ ගැහැණු දරුවන් ඇති අම්මලාගේ සිහින පැතුම වූද, අහිංසක, සත්ගුණවත්, උගත්, බීමත්, ලාමක ටිං ටිං, සූටි කොළු පැටියාට මොවුන් සැම මෙ දෙන්නට යන ගේම ඔබ වහන්සේට නොපෙනේද?
    අදෝමැයි...
    ඔබ වහන්සේද ඔවුන්ගේ පිලට එක්වීද?
    මළා මං හමාරයි...

    අනේ තිස්ස අයියේ...
    බදින එකනම් ප්‍රශ්නයක් නෙවෙයි.
    ඒත් මාත් එක්ක ජීවත් වෙන්නට යන කරුමක්කාරිට කාගේ පිහිටක්ද?

    (ඔයාලට කිවුවම මොකද? ඔය ප්‍රශ්නෙට හැමදාම මම මුහුණ දෙන්නේ ඔන්න ඔහොම තමයි) අන්තිමට මට මගුල් කථා කරන අය හිනා වෙවී යන්න යනවා, මෙකට පිස්සු කියලා.
    ආ තව එකක් කියන්න ඔන.
    එක දවසක් මගේ කලින් දායක ගෙදරක අම්මා කෙනෙක් මට මගුල් කථා කර කර ඉන්න කොට මම ඛෙරෙන්න බැරිම තැන කිවා අක්කේ ඔයාලා ඔහොම කිවුවට ඔයා උනත් කැමතිද මම වගේ කෙනෙකුට දුවව දෙන්න කියලා?
    මෙන්න වැඩෙ..
    අනේ මම නම් එක පයින් කැමතියි.
    මහත්තයා උනත් ඔයා වගේ බෑනෙකුට අකමැති වෙන්නේ නැහැ. එයාගේ බිස්නස් වලටත් ඔයා තමයි හරියන්නේ.
    මම අදම කියන්නම්. දුව විභාගේ ඉවර උනහම ඔයා කැමතිනම් කරමු කියලා.
    මම නේද... පුල් කොර. අනේ දුව මගේ හොදම ගෝලයා. තාම වයස 16යි. මට වඩා අවුරුදු 14ක් බාලයි. කෙල්ල නම් මට දැන් කථා කරන්නේ අයියා කියලා. ඒත් මම එදා ඉදලාම කතා කරන්නේ පුතේ කියලා.
    ඉතින් මං කාටද කියන්නේ...

    ආ ඔයා බට්ටිච්චි ගැනත් කිවුවා නේද?
    ඒ ළමයා මම වැඩ කරන තැන දරුවෙක්.
    කලින් කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉදලා දැන් ඒ කොල්ලා මග හැරලා.
    ඒ ළමයාට ගෙදරට කියන්න විධියක් නැහැ, කොල්ලා දැන් මග හරිනවයි කියලා.
    පහු ගිය දවස්වල කෙල්ල හුගාක් මානසිකව වැටිලා හිටියේ.
    මම ඉතින් ඔය අපේ රවා අපිට කියනවා වගේ ඒ කෙල්ලට බණ කියලා කියලා හිත ටිකක් හැදුවා.
    දැන් කෙල්ල මං ගැන උනන්දුයි.
    ඒත් ඉතින් මම විහිළුවෙන් විහිළුවෙන් මග ඇරලා නිකම් ඉන්නවා.
    මම රැකියා ස්ථානය මාරු වෙලා යන බව දැන ගෙන කෙල්ල ඇස් දෙකේ කදුළු පුරෝගෙන බලාන හිටි හැටි දැක්කාම මට හිතුන දේ තමයි කවියට හැරඋනේ.
    ඒ කථාව එච්චරයි.

    චුට්ටක් ඉන්නකෝ මම මංගල දැන්වීමක් දාන්නයි හිතාගෙන ඉන්නේ.
    ඊට පස්සේ බලමු. (ඊ ළග පොස්ට් එක)

    ReplyDelete
  12. උඹනම් අම්මපා පැදුරක් එලාගෙන ‍රැයක් එලි වෙනකල් කයියක් ගහන්න වටින මනුස්සයෙක් බං... උඹත් ධනු මාත් ධනු... උඹ දන්නවද මගේ යාලුවෝ වැඩි හරියක් ධනු... එහෙම කොහොමද වෙන්නේ...උන් එකෙක් වත් ගේම අතහැරල දාපු උන් නෙවී...උඹ ඔය අපට මොත්තේ දැම්මට මම දන්නවා උඹව වට්ටවන්න කාටවත් බෑ... හරි මම උඹට ආයේ ඕක කියන්නේ නෑ... වෙලාව ආවහම උඹම අපිට කියපන්න්කෝ... මෙහෙම යකඩයෙක් කාලෙකින් හම්බ වුනේ...!!!

    ReplyDelete
  13. තිස්ස දොඩන්ගොඩ...

    නිවැරදි කිරීමක්.
    මම මෙෂ ලග්නයේ උපන් අයෙක්.

    ඔනනම් වෙලාව හදලා බලන්න
    1979-05-12
    උදෑසන 05.47ට

    මාත් ගේම නෙවෙයි කාමරයක්වත් අත අරින්නේ නෑ.
    (ඒ කිවුවට මම ඇවිල්ලා කිසිම දෙයක් බලෙන් අල්ලන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඔනම දෙයක් ඔනම වෙලාවක අතහරින්න පුළුවන් නම් ඒ තරම් වටින දෙයක් තවත් නැහැ.)
    හැබැයි ජීවිතේට කිසිම කෙනෙක් ළග වැද වැටිලා අඩලා වැලපිලා නැහැ.

    බලමු කවදා හරි දවසක සෙට් වෙලා පැදුරක් නෙවෙයි දිග මාගලක්ම දිග ඇරගෙන කයියක් ගහමු.
    ඔබ වැනි මිනිසුන් සමහර විට ජීවිතේට එක පාරයි හමු වෙන්නේ.
    ඒ හමු වෙලත් නිකම්ම වෙන් වෙලා යන්න ඔන නැහැනේ. අනික මම යකඩයක් නම් නෙවී රබර් කෑල්ලක්.

    ReplyDelete
  14. දැං උඔ අඩ අඩා හිටියනේ නෙට් නැහැ අලුත් තැනට කියලා. ඔය උඔ පෝස්ට් දාන්නෙ එතකොට කොහොමද? ලැපකටවත් බැස්සද?

    ReplyDelete
  15. වයස 14 කින් බාල... අඩෙ අයියෙ එවගෙ අපරාධයක් කරන්න එපා....අරක්කු බොනවා කියන්නෙ නරක පුරුද්දක් නෙමෙයි... නමුත් නරක පුරුද්දක් තමයි.. ඔයා කවදහරි යහපත් ගුණවත් බිරිදකගෙ සෙනෙහසට තුරුල් උනොත් ඔය බොතලෙ ඔයගෙන් නිකම්ම හැලිලා යයි.. ඉට පස්සෙ.. බොතලෙ ඔනා වෙන එකක් නැහැ....

    හැබැයි දැන් ගැනු නම් විකාර.. ඉස්සර අපෙ තාත්තලා බිලා ගෙදර චාටර් උනාම අම්මා ඇවිල්ලා ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන දෙහි අතුල්ලනවා, අරවා කරනවා, කොහොම හරි තාත්තාව ගොඩ දාන්න බලන්නෙ...

    එකටත් එක්ක අයියයි අයියගෙ ගැණියි... බිලා වැටිලා ඉන්න අයියව කන්න හදනවානෙ මෙකි..මන් මෙකි කිව්වට එකිටත් ආදරෙයි.. ඉස්කොලෙ යන කාලෙ මට රුපියල් 5 හෙ 10 යෙ එවා දිලා අයියව අල්ලගත්ත එකිනෙ...

    ReplyDelete