06 March 2010

අවසන් ජවනිකාව...

ස්ථානය :- රෝහලක වාට්ටුවකි. (බොහෝ විට ගම්පහ හෝ වතුපිටිවල විය හැක.)

වෙලාව :- හරියටම කිව නොහැක. (සවස් කාලයක් විය හැක)

ආරම්භය...

අවට පරිසරය සන්සුන්ය. සාමකාමීය.
විටෙන් විට නැගෙන රෝගියකුගේ කෙදිරිළි හඩත් ඒහා සමගම නැගෙන හෙදියකගේ තරවටුවත් හැරුනු කල අන කිව හැකි තරමෙ යමක් නැත.

දැන් කොතරම් වෙලාවක සිට මා මෙහි සිටියේ දැයි කිව නොහැක. නමුත් හිසට ඉහළින් කැරකැවෙන ෆෑන් පෙත්ත දෙස බලා සිටීම තව දුරටත් කල නොහැකි තරම් වෙලාවක් මා එදෙස බලා සිටි වග නම් කිව හැක.
හිස හරවා වට පිට බැලීමට අවශ්‍ය වූවත් දැනෙන අධික වෙදනාවත් සමග එය කල නොහැක.

"අනේ අම්මේ..."

ඒ හඩට සිත ගැස්සෙන තරම් වෙගයෙන් හිස ගස්සා බැලිය නොහැක.
ආයාසයෙන් යුතුව ඇස් දෙක පමණක් ඇද පාමුලට යොමු කලෙමි....
ඇය ඇවිදින්..
ඇය ඇවිදින්..
අවසානයේ ඇය ඇවිදින්..

සැමදා මා දකින්නට ප්‍රිය වූ ඇගේ දසුන මා අසලම..
අවුල් වූ කෙහෙ රැලිත් බියපත් දෑසිනුත් යුතු ඇගේ රුව මා අසලම..

කම්පාවට පත් වූ ඇගේ මෑණියන්ද ඈ අසලම පිටුපසින් රැඳී සිටුනු මට පෙනෙයි..

"අනේ අම්මෙ එයා.." ඇගේ හඩ
"මොකද දරුවෝ මේ කර ගත්තේ.." ඇගෙ මවගේ හුරු පුරුදු වදන් පෙල
"නෝනලා ආව එක හොදයි. මාත් ගියේ අහම්ඛෙන් වගේ දවස් දෙක තුනකින් වැඩට ගිහින් නැති හින්දා අපේ ලොකු මහත්තයා කිවුව නිසා ගිහින් බැළුවේ.. ඒ යන කොටත් සිහියක් නැහැ. දොර ඇරලා තිබුණූ නිසා මාත් සැකේට වගේ ඇතුලට ගියේ.. ඉක්මනට මෙහෙට ගෙනාවා. ඒත් වැඩක් වෙන එකක් නැහැ. පෙති හුගාක් බීලා. දවස් ගාණක් වෙනවළු.. පෙති වලට මුකුත් වෙලා නැති උනාට දෙතුන් දොහොකින් කෑම වතුර නැතිව ඉදලා හොදටම දුර්වල වෙලා.. පර්ස් එකේ තිබුනු ලිපිනෙට තමයි මම පණිවිඩෙ ඇවිත් කිවුවෙ. කොහෙද ගෙයක් දොරක් නෑදෑයෙක් ඉන්න දිහාවක් අපිටවත් කියලා තිබුනු එකක්යෑ. තනියම අර පාළු ගෙට වෙලා හිටියා මිසක්...."
ඒ හඩ සරත් අයියාගේ බව මා හට අදුනා ගත හැකි වූවද ඔහු සිටින්නේ කොයි පැත්තේද යන්න හරියටම බලා ගත නොහැක.

"අම්මෙ අපි මොකද දැන් කරන්නේ..."
"ඒක නේන්නම්, කවුද හිතුවෙ මෙ වගේ මෝඩ වැඩක් කර ගනී කියලා.."

"මුකුත් කරන්න ඔන නැහැ.." මා කිවුවා නොව කියන්නට සිතුවා පමණකි. වචන පිට කිරීම සිදු නොවන බව වැටහුණේ ඒ සඳහා උත්සහ කල විටය.

"මොනවද කියන්න හදනවා.." ඇයට මා වැටහී ඇතිසේය..

"වතුර.." කියන්නට නොහැකි උනත් මම සිතිමි..

"මෙයාට බොන්න මුකුත් දුන්නට කමක් නැද්ද..?" ඇය අසයි.. තවමත් මාව තේරුම් ගන්නට පුළුවන් මම සතුටු වීමි..

"වතුර උගුරක් හරි පොවන්න නෝනා, පින් සිද්ධ වෙනවා.."

කුඩා හැන්දකට ගත් යමක් ඇය මා දෙතොලේ තබන්නට උත්සහ කරනු මට දැනේ.. නමුත් තොල කට වියළී ගොස් දැඩි රළු ගතියකින් යුතු බැවින් කිසිදු රසයක් මා හට නොදැනේ..

"ඇයි දෙයියනේ මෙහෙම කර ගත්තේ.. මෙ තරම් දෙයක් වෙයි කියලා මම හිතුවෙ නැහැ.. නැත්නම් මම.." ඇය ගොළු විය..

"අනේ පුතේ මාත් හිතුවෙ නැහැ උඹ මෙ තරම් මගේ කෙල්ලට ආදරෙයි කියලා.. ඒත් ඉතින්.."

"එහෙ හිටි හැටියට කවුද හිතන්නේ මෙ වගේ කර ගනී කියලා.."

"ඒ ගැන නම් කියලා වැඩක් නැහැ නෝනා, වෙලාවකට අපිත් එක්ක විහිළු කර කර ඉන්නවා. වැඩ කරන කොට නම් හරි වසයි. හැම දේම නූලටම තියෙන්න ඔන. ඒත් සමහර වෙලාවට පොඩි එකෙක් වගේ. කොහොමටත් අපේ දරුවන්ගේ වයසේනේ. දවල්ට කෑ ගහලා බැනලා දගලලා වැඩ කරනවා. එක මොහොතක් එක තැනක නැහැ දුවලා පැනලා අපේ වැඩත් එක්කම කරනවා. කවදාවත්ම අපි කන්න කලින් බත්ටික කාලා නැහැ. ඔක්කෝම කාලා ඉවර උනාට පස්සේ තමයි සර් කන්නේ. සමහර දවස්වල රෑට කනකොට එකොළහත් පහුවෙනවා. ඒත් රෑ කාලා ඉවර වෙලා බොහොම සැහැල්ලූවෙන් අපිත් එක්ක කතා කර කර ඉන්නවා. අර දවල්ට හිටපු මනුස්සයා නෙවෙයි ඒ වෙලාවට ඉන්නේ.. හරියට පොඩි එකෙක් වගේ.. හද පායලා නම් එළියෙන් පුටුවක් තියා ගෙන හඳ දිහා බලා ගෙන ඉදී පැය ගාණක් උනත්.. කතා කලොත් පුංචි කාලේ කරපු කියපු දේවල් ගැන මතක් කර කර කියවනවා. වෙලාවකට අපිව තියාගෙන ග්‍රහ ලෝක පෙන්වනවා..." සරත් අයියා කියා ගෙන යයි..

"ඔයාට ආදරෙ නැතුව නෙවෙයි.. ඒත් අම්මා.."

"මෙ තරම් මට ආදරෙයි කියලා මම හිතුවෙත් නැහැ.."

"අනේ අම්මේ මෙ මොකද්ද වී ගෙන එනවා.." ඇය මගේ හිස අල්ලා ගනිමින් හඩයි..

හිස කෙස් අතරින් ඇගේ ඇගිළි තුඩු ගමන් කරනු දැනේ.. ඇගේ ඇසින් ගලා යන කදුළු බිඳු මගේ මුහුණට මද සීතලක් දනවමින් ගලා යයි.. ඒ සුපුරුදු සුවඳ.. නාස් පුඩු තුළින් මුළු ශරීරය පුරාම දිව යන්නාසේය..
අවට සිටි අයගේ කලබල වීමක් යන්තමට මෙන් දැනේ..නමුදු ඉන් මා හට ඇති වැඩක් නැත.. ඇය මා අසල සිටී.. මීට වඩා යමක් මට මෙ මොහොතේ ඇවසි නැත.. ඇගේ සුවඳ මුළු ආත්මයම සනසවාලයි.. තවදුරටත් ඇස් පියන් ඇරගෙන සිටීම අපහසුය.. මඳින් මඳ අවට අදුරක් පැතිර යයි.. ඇගේ නෙත මා නෙත අසලම රැදී තිබේ.. එහි දිදුලනා එළිය මා මාගේ දෑසින් උරා ගතිමි.. සිහින් ආලෝක පුංජයක් විදුලි සැරයක් ලෙසින් මා නෙතට පෙනී නොපෙනී ගියේය.. සියල්ල අවසානයි....... මා පැතූ ලෙසින්ම.................
අඳුර...........

31 comments:

  1. ඔන්න මම දැන් ආවා..
    ආව ගමන් දඩි බිඩියේ මෙ පෝස්ට් එකත් ලියලා දැම්මා.

    ම් කලින් ලියපු ඒවායේ ප්‍රතිචාරත් බැළුවා.

    පිස්සා...

    හරි මල්ලී ඔයා එහෙම කල එක වඩා හොදයි.
    කොහොමත් මම ඔයාලා දාන කමෙන්ට්ස් මගේ අතින් මකන්න කැමති නැහැ.(හද්ද කුණු හරුපයක් හැර. කුණුහරුප වලට උනත් මගේ අකමැත්තක් නැහැ. ඒත් මෙවා සින්ඩියේ යනවානේ. ඊළගට ඒකේ බලදාරී ඇත්තෝ මාව කපලා දැම්මොත් හෙම) තරහා වෙන්න එපා.
    ස්තූතියි.

    බුද්ධි...
    අනේ බං මම කිවුවෙ නෙට් නොඑන කථාවක් නෙවෙයි මට මාරුවක් හම්බ උන නිසා ඒ අළුත් තැන පාළුයි කියලා. දවසම ඔහේ බලා ගත්ත අතේ බලාගෙන ඉන්න වෙනවා කියලා. කොහොමත් මම තාමත් දවසක් ඇර දවසක් ගෙදර ඉන්නවා. එදාට ඉතින් පළු යන්න ලියනවා. අනිත් දවසට වැඩට ගිහින්ඔහේ බලා ගත්තු අත බලන් ඉන්නවා.

    රවා...

    ඉතින් මම දැක්කා දැන් අන්න අර බිගුලන්තේ පැත්තේ වලියක් දාගෙන හිටියා.
    මාත් ඔය වලියට දවල් වෙලා එන්නම්.
    මං වගේ කුක් කෙනෙක් ඔතනට නාවොත් වැඩක් නැහැනේ අප්පා..

    දිල්..
    ඔන්න ආවා.
    දැන් ඉතින් පාළු නැහැ නෙව..
    බය වෙන්න එපා උයන්න පොඩ්ඩක්වත් බැරි උනත් ඔයා උයන ඔන කන්න බැරි කෑමක් රස කර කර කන්න පුළුවන් හාදයෙක්ව මම හොයලා දෙන්නම්කෝ..

    වැප්..
    මගේ අම්මෙ දැකපු කල්..

    විශ්මි...
    ස්තූතියි..

    Indika...
    අප්රමාණ සන්තෝෂයි...

    චමි.දේ.වා. ...
    ළගයි ළගයි...


    තිස්ස අයියා...
    ඔබ කොහිද...?

    ReplyDelete
  2. මම මෙතනදි කුමක් ලියන්නද කියලා හිතන්න බැහැ. හිතෙ වෙදනාවෙන් මිදෙන්න තමුන්ගෙ ජිවිතය නැති කරගන්නවා කියන්නෙ මට ට්කක් ඔයගෙන් කල්පනා කරන්න අමාරුයි. ඔයගෙ පුද්ගලික අත්දැකිමක් ද...? මම ටිකක් මෙකට සංවෙදි වැඩි උනා. මට කියන්න මෙක ඔයගෙ පුද්ගලික අත්දැකිමක්ද...? අතිශයොක්තියක් තියනවද...? මෙච්චරටම එයාට ආදරෙ කරාද...?

    ReplyDelete
  3. සොදුරු සිත...

    ඉතින් ඔයා අමතක උනා නෙවෙයි.
    මෙ සතිය කොළඹනේ නේද?
    ගෙදර යන කොට නාවලින් අන්නාසි අරන් යන්න මතක ඇතුව.
    හොයාගන්න අමාරු උනොත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙන් අහන්න.

    ReplyDelete
  4. රවා ...

    දවසක ඔය කථාවෙ එක අර්ධයක් සිදු උනා.
    එදා අවසානය සනිටුහන් උනේ නැතත්,
    නැවත දවසක අවසානය සනිටුහන් වෙවී..
    නමුත් ජවනිකාව එලෙසම වෙවිද කියලා මට කියන්න බැහැ.
    අහඹු සිදුවීමකුත් අවශ්‍යයි. (පුදගලයා මිය යාමට පෙර සොයා ගත්තොත්පමණි)
    ඇයගේ පැමිණීමත් අවශ්‍යයි.

    ReplyDelete
  5. රවා..

    ආදරෙ කලා නෙවී මල්ලී අදටත් කරනවා..
    අවසානය දක්වාම කරනවා..

    ReplyDelete
  6. තාම උදේ බීපු ටී එක විතරයි.
    මොනවා හරි රත් කරගෙන බඩට දාගෙන එන්නම්.

    ReplyDelete
  7. අයියො අයියෙ... මට සමාවෙන්න.. මම දැක්කා ඔයා සොදුරු සිතගෙ කඩදාසියට දාලා තිබුන සටහනක් ගැන. ඔයා එතනදි කියලා තිබුනා. සමහර දෙවල් තියනවා හිස්ව තිබුනාහම ලස්සනයි කියලා. මම හිතුවෙ ඔයා හිත හදාගෙන මතකයන්ගෙ වෙදනාවෙන් ඉන්න කෙනෙක් කියලා. නමුත් ඔයාට බණ කිව්වට මටත් සිද්ධිය එකමයි. මටත් වෙන කෙනෙකුට ලං වෙන්න තාමත් හිතිලවත් නැහැ. මොකද එයා තාමත් පණපිටින් මා දකිනවා. එහෙනම් කමක් නැහැ අපි බලමු අපිට මොකද වෙන්නෙ කියලා නෙද... අපි අවංක මිනිස්සුනම් අපිට අන්තිමට කොතනදි හරි ලොකු සැනසිමක් දැනෙයි කියන.. දෙ හිතෙ ගැඹුරෙම තියනවා..
    නමුත් අයියෙ අපෙට හිතන්න පුළුවන් සිමාවෙන් ඔබ්බෙහි තියන දැ.. අපි කොහොමද එ දෙවල් දැනගන්නෙ....?

    ReplyDelete
  8. මල්ලී සමහර දේවල් තියෙනවා ආදේශක නැති.
    අපි කඩෙට ගිහිල්ලා පෙනඩෝල් නැත්නම් පැරසිටෝල් ගනී
    ඒත් සමහර දෙවල් ඒහෙම බැහැ.
    ලෝකයට ඔන නිසාවත් , මොනවා හරි කරගත යුතු නිසාවත්, අපි අපිට ඔන දේ නැතුව එයට ආදේශකයක් ලං කර ගත්තට අපි දන්නවා කරන්නේ බොරුවක් බව.
    මුළු ජීවිතේම එහෙම වංචාකාරීව ගෙවන්න මට බැහැ.
    ඒක අපි තවත් කෙනෙකුටත් කරන අසාධාරණයක්.
    මම ඇත්තටම එයාට ආදරෙයි.
    හැමදාමත් ආදරෙයි.
    ජීවිතේ කවදාක හරි එයාට මාව ඔන උනොත් එදාටත් මම එයා වෙනුවෙන් සිටිය යුතුයි. නැත්නම් එදාට මට කර කියාගන්න දෙයක් නැති වෙයි.
    මට මා වෙනුවෙන් මුකුත් නැති උනාට කමක් නැහැ. ඒත් එයා වෙනුවෙන් මට ඉන්න ඔන.
    අදටත් මාව ජීවත් කරවන්නේ එයා මිස වෙන කිසිම හේතුවක් නෙවී.
    මටත් පුළුවන් වෙන අතක් බලාගන්න. ඒත් එතකොට මගේ ආදරෙ බොරුවක්.
    එයා මට ආදරෙ නැති උනත් මට කමක් නැහැ, ඒත් මම එයාට ආදරෙ නැති උනොත් ඒක මාව නැති කර දමාවි.
    මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නෑ කිසිම දෙයක්.
    එයා වෙනුවෙන් මම මගෙන් බලාපොරොත්තු වෙනවා හුගාක් දේවල්.

    ReplyDelete
  9. මහගමසේකර මතක් වුනා මට ......

    ඔයාට රහසක් කියන්න බැහැනෙ අනේ දැන් ඉතින් ඔක්කොමලා දන්නව... උඩ ඉදල comments ටික කියවගෙන එනකොට මම හිතුව හරි තමයි මාව අමතක වෙලා තමයි කියල... පස්සෙ බැලින්නම් මෙන්න මාව මතක් වෙලා.....

    ReplyDelete
  10. මරණය
    මහගමසේකර කවියා මරණය සුන්දර දෙයක්‌ ලෙසින් දකියි. එහෙත් වෙනත් බොහෝ කවීන් මරණය දකින්නේ භයංකර දෙයක්‌ සේය. සේකර සැබෑ මරණය ලෙසින් දකින්නේ ජීවත් වීමයි. මිනිසා ජීවන අරගලයට මුහුණ දෙන අවස්‌ථාවේදී මතුවන ඇතැම් ගැටලු නිසා ජීවිතයේ සිය දහස්‌ වරක්‌ මැරි මැරී උපදියි. සේකර කවියා ගිලන් වී ඇඳේ සිටියදී මරණයේ සුන්දරත්වය අගය කරයි.

    උපුටා ගැනීමකි--දිවයින

    මේ කවිය බලන්න

    මන්ද ඔතන උඹ හැංගී කරන්නේ
    අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
    නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
    නින්ද සදාකාලික කොට දියන්නේ

    ReplyDelete
  11. wath...

    මගෙ අම්මෙ ඔයා ඉන්නවද?

    අගේ ඇති කවිය..
    සේකර විශිෂ්ඨයි.

    ආ තව කවියක් තියෙනවා මට හරියටම මතක නැහැ.
    සුදු වැලි අතුල මග සුදු පාවාඩ මත.. වගේ තමයි මතක. අනතිම පදය
    මරණය ජයග්‍රහණයකැයි සිතේ මට..

    මතක නම් ලියන්න. මම කැමතිම කවියක්

    ReplyDelete
  12. උපන් දිනෙ සිට නැත අත හරින්නෙ
    හෙමින් හෙමින් සස්සෙන් ලුහු බඳින්නෙ
    හොරෙන් තවත් මොකටද ඉඟි කරන්නෙ
    වරෙන් උඹ තමයි මම මෙ හොයන්නෙ...

    වළෙ වැටුන කල නැත ගොඩ අදින්නෙ..
    කිලෙ සැවොම වල වටකර නටන්නෙ..
    වලෙ දමා පස් තද කර අඩන්නෙ..
    මලෙ එවිට හිනැ හෙන්නට වරෙන්නෙ

    නොකා නොබි වස්තුව සරි කරන්නෙ
    සදා කල්ම ලොව ඉන්නයි බලන්නෙ..
    හොරාවගෙ උබ විත් අතවන්නනෙ..
    එදා තමයි කාගෙත් ඇස් ඇරෙන්නෙ..

    අයියා මම මෙ ව කට පාඩම් කරෙ නැහැ නමුත් මෙවා මගෙ හිතෙ ඇදිලා තියන්නෙ මහගම සෙකර ව්‍යංග පොතෙ මරණය කවි පන්තිය තියන කවි ටිකක් එ වත් අක්ක මතක් කරපු හින්දා මම ඉතුරු ලස්සන දෙ දුන්නෙ...

    ඔයාලා දෙන්නගෙන්ම ඔන්න ඉල්ලන්නෙ.. ගඟ ඇර මොනැම දෙයක් ඔයාලගෙ ... ගඟ විතරක් මගෙ... හරිද...

    ReplyDelete
  13. අපි මැරුණුනොත් අපේ blog එකට මොකද වෙන්නෙ .. ඒ නිසා මැරෙන්න එපා... අඩු ගානේ අපි මැරුණම සිංහල බ්ලොග් සංගමයට දන්වන්නවත් මගේ අන්තිම කැමති පත්රයේ ලියන්න ඕනි... මොකද නැත්තම් හැමදාම අපි ලියන පිස්සු බලන්න එන අපේ සහෘර්දයෝ ටික අතරමං වෙන නිසා... මොකද මේව ගෙදර ඉන්න උදවිය දන්නෙ නැහැනේ අප්පා.... නැද්ද මං කියන්නේ....

    ReplyDelete
  14. ඔයා බය වෙන්න එපා.. ඔයා ගෙ මරණෙ දවසට ඇවිත් සියලුම වැඩ කටයුතු වලට උරදීලා කටයුතු කරනව... ඔයා ගොඩක් ආදරේ කරන ඔයාගෙ
    පණවත් මට දකින්න පුලුවන්... ඊට පස්සෙ අවමංගල්‍ය පිළිබද සම්පූර්ණ වාර්තාවක් මම ලියල එවන්නම් තේරුනාද......

    ReplyDelete
  15. එහෙත් ඔබට මා
    එහෙත්
    ඔබට මා පරාජය කල හැකිය.
    ඔබ දිනා
    මගේ මල කඳ උඩින්
    දික් විජය කරන විට
    මහ පටැඟිල්ලෙන් පොලොව සාරමින්
    මහ පොලොව මත
    මගේ වේදනා මම ලියමි...
    ලොව සදහටම නොනැසී පවතින්නේ
    දිනුම නැගූ ඔල්වරසන් හඩ නොව
    පැරදුම නැංවූ ලතෝනියයි
    - මහගමසේ්කර

    ReplyDelete
  16. සුදු වැලි අතුල මග සුදු පාවාඩ පිට

    පිරිවර නෑසියන් මැද මුල් තැනට සිට

    අවසන් ගමන් යන මළ බෙර පෙරටු කොට

    මරණය ජයග්‍රහණයකැයි සිතේ මට

    මෙන්න රත්තරනේ ඔයා ඉල්ලූව කවිය

    දැන්වත් ඉන්නවද මරණ කතා කියන්නෙ නැතිව.... මැරෙන වෙලාවට මැරෙයි.. මාත් හෙට උදේම කොළඹ යනව.... කවුද දන්නෙ මාත් මැරෙයිද කියල... ඒ නිසා ඔන්න සතියකටම හරියන්න දැම්ම coments

    ReplyDelete
  17. ඔන්න ඔකට තමයි අයියෙ කියන්නෙ...
    මිනිස්සුන්ගෙ හිත් වල තියන මානය, ගර්වය කියන එක නිසා ලොකයට සිදුවන විපැත්තිය.. මම දන්න ඔය මැරෙන එක ලෙසි වැඩක් නෙමෙ.. මට මරන බය දෙපාරක් දැනිලා තියනවා. ඔයා මෙ ලියන දෙවල් වලින් ඔයාව ගොඩක් නිරාවරනය වෙනවා. මම කැමති එකට.. මෙ නිර්මාණ කියන්නෙ ඔයගෙ දරුවො.. ඔයගෙ හදවතයි එකෙ හැඩයයි තමයි මෙ වචන වලින් එලියට එන්නෙ.. හැම අවංක නිර්මාණ කරුවෙක්ම හැමදාම ලිව්වෙ එයගෙ ඇතුලයි. ඔයා මෙ ඔයගෙ නිර්මාණ, අත් දැකිම තුලින් අපිට කියන්නෙ...ඔයගෙ ජිවිතෙ තියන සුන්ඳරත්වයයි.

    මම ඔයාව මැරුනු දවසකට එන්නෙ නැහැ ඔයාව වල දාන්න..

    හැබැයි ඔයා මැරෙන්න මොහොතකට කලින් හරි මම ඔයාව රුපෙන් දකියි. බොන බඩ ටිකක් ඉස්සරාට ආවට නිදි මරන හින්දා ඇඟ ටිකක් කෙසඟ වෙලා ඇති. දවසක සෙට් වෙලා ටිකක් බොමුද....?....

    ReplyDelete
  18. රැවුලෙන් -: තමුන්ගෙ අභයන්තරික ගැටිම්, හැල හැප්පිම් ලොකයෙන් වසන් කරන බවත්..හීන මානයක් තමුන් තුල තිබෙන බවත්..

    පපුවෙ තිබෙන කෙස් -: හදවත මෘදු මොලොක් බව හා අත්තනොමතික දැඩි තිර්ණ වල ඉන්න බවත්.

    පළල් නලල -: බුද්ධිමය හැකියාවන් වලින් වැඩි බව.

    මම බලාපොරොත්තු උනාට වඩා මුහුන ටිකක් වෙනස්.. එ කියන්නෙ හොදට කන බොන කෙනෙක් පාටයි. රයිට මෙහෙම ටික දවසක් කයිය ගගහා ඉමු.

    ReplyDelete
  19. ඉන්නවා ඉන්නවා මලයෝ.... මේ හතලිස් ඇඳිරිය එන කාලේ විභාගයක් කරන්න ඇරන් වස කරදරේ... ඒ මදිවට ගෙදර උන්දෑ ලංකවේ ඉඳන් අහනවා අද පාඩම් කරාද කියලා... අද මම ආවේ උඹේ බඩු ටිකත් බලාලා (අර බට්ටිච්චී නෙමෙයි හොඳේ)...මේල් එකක් දාන්නම්.. උඹේ පොස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි කියෙව්වහම ලංකාවට ගිහින් ආවා වගේ මලේ... උඹ කොච්චර කිව්වත් මහ යකඩ අදහස් උඹට තියෙන්නේ... මම හිතෙන්නේ උඹ ඊයම් පුරවපු රබර් බටයක්...

    ReplyDelete
  20. @රවා: "පපුවෙ තිබෙන කෙස් -: හදවත මෘදු මොලොක් බව හා අත්තනොමතික දැඩි තිර්ණ වල ඉන්න බවත්..." යකෝ පිස්සු විතරක් කියවන්න එපා... මගේ පපුවේ ගහක් බේතකට නෑ... එතකොට...???

    ReplyDelete
  21. උඹ නිකන් ඩබ්ලිව් ජයසිරිගේ පුතෙක් වගේ.... හෙහ් හෙහ් හෙහ්....දැකගන්න ලැබුනට සං‍තෝසයි... නියම යකඩයා....වැරදුනා, වැරදුනා..."සොඳුරු යකඩයා...."

    ReplyDelete
  22. wath...

    මීට ප්‍රථමව මා මෙ දේම පළ කලා නමුත් එහි මගේ මූණත් තහඩුවත් තිබුණු බැවින් එම ප්‍රතිචාරය මකා දමන්නට සිදු උනා. අමනාප නොවන්න.
    ස්තූතියි මා වෙනුවෙන් කරන සෑම දෙයකටම.
    හෙට පරිස්සමින් යන්න. (යන්න නෙවෙයි හරිනම් එන්න)

    ReplyDelete
  23. රවා...

    දැන් හරිනේ ඔන්න ඔකා තමයි මාරයාගේ හෝරාව ලියන කරුමක්කාරයා.
    දැන් ඉතින් රැවුලයි, මයිලුයි ඇදගෙන විග්‍රහ කර කර ඉන්න හරි බැරියෑ.

    ReplyDelete
  24. තිස්ස දොඩන්ගොඩ...

    තිස්ස අයියා එන්ජින් මවුන්ට් දැකලා තියෙනවද?
    අර යකඩ ප්ලේට් එකකට සවි වූ තද රබර් කුට්ටියක් සමග සාදා ඇති දේ.

    අන්න ඒක තමයි නිවැරදිම දේ...

    හුගාක් දේවල් දරා ගන්නවා, ඔරොත්තු දෙනවා, වෙනස් වෙන්නේ නෑ මොන කම්පනයක් ආවත් නැවත මුල තිබූ ස්වභාවයටම පැමිණෙනවා.
    වෙනස් වෙන්නේ නෑ හැබැයි ඔරොත්තු නොදෙන පීඩනයක් නිසාත්, කල් ඉකුත් වීම නිසාත් විනාශ වෙලා යනවා.

    ReplyDelete
  25. තිස්ස දොඩන්ගොඩ...

    ගෙදර උන්දෑ දන්නව නම් හෙම තිස්ස අයියා පාඩම් කිරිල්ල පැත්තක තියලා හද ගී පොත විවෘත කරලා කියලා හෙම... පව් ඒ ඇත්තී...

    මගේ වැඩෙට වඩා විභාගේ ගැන බලන්න අයියේ...

    ReplyDelete
  26. බලපන්... චන්ද්‍රග්‍රහනයක් වගේ උඹ පොඩ්ඩක් පෙනිල ආපහු ගියානේ...කමක් නෑ...ඔලුවේ තියනවා... ලංකාවට ආවහම සෙට් වෙමු අනිවාර්‍යයෙන්ම... ගෙදර ඇත්තන්ටත් හිනා උඹලගේ කමෙන්ට් බලලා.... පිස්සුද මලේ ඔක්කොම එකටම ගොඩ දාන්න ඕනේ.... මම හැමදාම කලේ එහෙමයි...මට හිත සතුටින් ඉන්න පුලුවන් එහෙමයි....

    ReplyDelete
  27. මාරයාට:-
    මම ඉතින් පන්ඩිතයනෙ... මගෙ මොලයට මොකක් හරි දැක්කාහම විග්‍රහයක් තමයි සිහියට එන්නෙ..මගෙ තියන වැදගත්ම දෙයක් තමයි මට අමතක වෙන බව දන්න හින්දා මම ඔනා දෙයක් රෙකොඩ් කරගන්නවා. කොතනක් හරි මම මතක තියාගන්නෙ අහවල් දෙ අතන තියනවා කියලා විතරයි.. දැන් මග තොටකදි යද්දි උනත්, බස් එකකදි , පොලෙ දි, උනත් ඔයාව දැක්කොත් මාරයා කියලා කැහැගහන අවුරුදු 30 ක විතර ඇස් දෙක කලු වෙච්චි, අව්වට කර උන මුහුනක් ඇති කොල්ලෙක් හම්බ උනොත් ඔයා බය නැතුව ආ රවා මල්ලි කියන්න.

    තිස්ස අයියට:-
    තිස්ස අයියගෙ පපුවෙ මයිල ගහක් නැහැ කිව්වහම මට පුදුමත් හිතෙනවා..මෙ කත් ඇවිල්ලා ජොතිෂ්‍ය වගෙ තමයි නිවැරදි විමෙ සම්භාවිතාවයක් තියන්නෙ.. නමුත් බොහො දුරට නිරික්ෂනය මගින් ගන්න නිගමනය සත්‍ය වෙනවා. හැම විටම නොවෙ

    ReplyDelete
  28. පිස්සු හැදෙන ලියවිල්ලක් නේ..! නියමයි..!

    ReplyDelete
  29. malee_msg...

    හප්පේ සෑහෙන දවසකින් දැක්කේ..
    ඉතින් මලී ස්තූතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  30. අනේ මංදා..මෙහෙම දේවල් ඉතින් වෙනවා තමා..
    වත් කියන කතාව නම් ඇත්ත. අපි මරුනොත් ඉතින් බ්ලොග් එක කියවන්න එන අය..බැනලා යයි..ලියන්නේ නැහැ කියලා නේද..?

    හපොයි මෙයාද මාරයා..
    හා එන්නකෝ රවාගේ වලියට..
    රවා මාව එලවයිද දන්නේ නැහැ මෙතනත් ආව රණ්ඩුවට කියල:))D

    ReplyDelete