10 March 2010

ගීතයක් කල හදියක්...

ඔන්න ඉතින් මං ආයෙත් ආවා..
ගෙදර ආවෙ නම් අද උදේ ඒත් බ්ලොග් එක පැත්තේ කරක් ගහන්න හිතුනේ නැහැ.
මට වෙච්ච අවුලක් හින්දා.
ඊයේ මම රාජකාරී වෙලාවෙ කරන්න කිසිම දෙයක් නැති හින්දා මගේ ෆෝන් එකේ තියෙන රේඩියෝව ටිකක් සද්ද ඇතුව දාගෙන සින්දු ටිකක් ප්‍රවෘත්ති ටිකක් සහ සුපුරුදු විදියට වෙළඳ දැන්වීම් ගොඩකුත් එක්ක අහ අහ ඉන්න කොට තමා මෙක උනේ.
එක පාරටම මම නාලිකාවෙන් නාලිකාවකට මාරු කරන කොටම මිල්ටන් මල්ලවආරච්චිගේ ගීතයක අග කොටස යනවා.
හිතට නිකං අකුණක් ගැහැවුවා වාගෙයි.
මට උන් හිටි තැන් අමතක උනා.
සම්පූර්ණ ගීතයම අහන්න උනේ නැහැ.
මම ඒ නාලිකාවට යනකොටම ගීතයේ බාගයක් ගිහින් ඉවරයි.
මීට කලිනුත් කීප වතාවක් අහලා හුරුයි.
ඒත් මෙ තරම් හිතට වැදුනේ ඊයේ තමයි.
ඉතින් එතන ඉදලාම මගේ වැඩෙ උනේ ගීතයේ අහපු පද වැල් ටික මතක් කර කර මුමුන මුමුන ඉන්න එක තමයි.
දවස ගෙවිලා යනවා දැනුනෙත් නැහැ.
උදේ ගෙදර ආව ගමන් නෙට් එකට ඇවිත් ගීතය හොයා ගත්තා.

sinhala juke box එකේ මිල්ටන් මල්ලවආරච්චිගේ කොටසේ 242 වන ගීතය

ඇහැවුවා... උදේ වරුවම ඇහැවුවා... හිත පිරෙනකං ඇහැවුවා...
ගීතයේ රසය නෙත් අගින් ගලාගෙන යනකල්ම ඇහැවුවා...

ඊට පස්සේ ටිකක් විතර හරි..

හවස් වරුවම ගීතය මුමුණ මුමුණ හිටියා...
ඒ අස්සේ මගේ පරණ මිතුරියකගෙන් ඇමතුමක් ආවා. මිතුරියක් වගේම මගේ දහම් පාසලේ ගෝලයෙක්. හරිම වචනේ මිතුරු ගෝලියෙක්..

පහුගිය අවුරුදු 3නේම එෆ්.එම්. නිවෙදිකාවක් වෙලා හිටියේ. දැන් නම් ඒකෙන් එපා වෙලා අස්වෙලා ගෙදරට වෙලා ඉන්නවළු. ඒ කෙල්ලට පින් සිද්ද වෙන්න මට අද යන්තම් ගොඩ එන්න පුළුවන් උනා. අපරාදේ කියන්න බැහැ ෆෝන් බිල එහෙම යනවාද කියලාවත් ගණන් ගන්නේ නැතිව පැය දෙකක් විතර කතා කර කර හිටියා. (මාසේ අන්තිමට කෙල්ලව තාත්තගෙන් බේරගන්න නම් දෙයියොම තමයි එන්න ඔන.) ඇස්වහක් කට වහක් නැහැ කෙල්ල නම් සීදේවි.. හලෝ... කියලා කියනවා කිවිල්ලක් උන් හිටි තැන් අමතක වෙනවා.. ඒ තරම් එෆ්.එම්. ආභාෂය හොදට පිහිටලා තියෙනවා. කොහොමටත් කෙල්ලගේ කට හඩ ලස්සනයි. ඒ දවස්වල භක්ති ගීත කණ්ඩායමෙ අංක 1 එයා තමයි. කතා කරන කොට නිකං වීදුරු සෙලවෙනවා වගෙයි. මාත් ඉතින් අහගෙන හිටියා කිසිම අපහසුවකින් තොරව.
අන්තිමට එයත් ඉතින් ඇහැවුවෙ කවදාද බදින්නේ කියලා තමයි. ඕන් ඉතින් අපහසුවෙන් වටෙ ගිහිල්ලා ගිහිල්ලා යන්තම් ෂේප් උනා. ඒත් අන්තිමට එයා එකක් හොයන්නම් කියලා කියනවා මම කිවුවා ඒ පාර හොදයි හොයන්න හැබැයි ඉතින් මාත් එක්ක ඉන්නවා කියන්නේ මොන වගේ වැඩක්ද කියලා දන්නවනේ කියලා.. ආ දන්නවා දන්නවා යකෙක් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්නම් කියලා ඒකිත් හිනා වෙනවා..
කොහොමින් කොහොම හරි දවල් දවස ගෙවා ගත්තා. ලගදිම දවසක ඇවිත් යන්න එන්නම් කියන පොරොන්දුව මත කතාව අවසන් උනා.
හවස් වරුවත් යන්තම් බෝතල් මිත්තරයාගේ සහයත් ඇතිව ගත කලා. දැන් තමයි මෙ පැත්තේ ගොඩ වෙලා බැළුවෙ...
හ්ම්ම්ම්ම්....
සෑහෙන කට්ටිය ඇවිත් ගිහින්නේ...
ඒ විතරක් නම් මදෑ මම නැති හින්දා හොයලා විතරක් නෙවෙයි ඔන්න මඩ පාරවල් දෙක තුනක් ගහලා ගිහිල්ලාත් තියෙනවා..
කමක් නැහැ .. කමක් නැහැ...
මම සැලෙයිද ඔවට...
ඔන්න කොල්ලා ඇවිත් තියෙන්නේ.....

සින්දුව අහන්න දෙන්න නම් මම දන්නේ නැහැ..
තිස්ස අයියාට පුළුවන් නම් ඒ වෙනුවෙන් යමක් කරන්න බලන්න..

මෙන්න මා වැනසූ ඒ පද වැල්...

සැදී රන් අබරණින්
රිදී සළු පිළි දරා..
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා..
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔඛෙයි
මගේ දිවි ඇති තුරා..

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්..
යළිඳු අපි දිවි තුරා
නොඑන බව යළි දනිම්..
නොඑන බව යළි දනිම්..

සැදී රන් අබරණින්
රිදී සළු පිළි දරා..
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා..

ඔඛෙන් ලද සෙනෙහසේ
සුවය නිති විඳින්නම්..
සසර මතු භවෙක හෝ
සුරත ඔඛෙ පතන්නම්..
සුරත ඔඛෙ පතන්නම්..

සැදී රන් අබරණින්
රිදී සළු පිළි දරා..
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා..
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔඛෙයි
මගේ දිවි ඇති තුරා..

28 comments:

  1. පරසක්වල ගහල හරි හොයල දාන්නම්.... උඹ නැතුව හරිම පාලුවෙන් හිටියේ...

    ReplyDelete
  2. තිස්ස දොඩන්ගොඩ...

    දහස් වාරයක් ස්තූතියි...
    එච්චර වටිනා කමක් මට දෙන්න එපා..

    ReplyDelete
  3. ඔන්න බඩු බාගන්න හරි අහන්න හරි මෙතෙන්න හිහිල්ලා...
    http://www.divshare.com/download/10721859-851

    මාරයෝ මට උඹට ඔය කාරනා දෙක ගැන හොඳ දෙකක් කියන්න වෙනම මේල් එකක් දාන්නම්...

    ReplyDelete
  4. hapoi...matath ada aapu news ekak ekka thibba awul gathiya double unaa oka kiyawala..
    api jeewithe widinawata wada widawanawa wedie kiyala hithenawa welawakata

    ReplyDelete
  5. අනේ මන්දා ඉතිං ඔව කොහෙන් කෙලවර වෙයිද දන්නෑ නේද?
    උඔ පැවදි ජීවිතේකුත් ගතකෙරුවද බං උඹ නං මාර පොරක්.මම දැනගත්තෙ කතන්දරකාරයාගෙන්. හමුදාව-පැවිද්ද- ගිහියා නැත්තං සිවිල් ජනයා. මරු චරිත ගොඩක්.

    ReplyDelete
  6. කියන්ඩ අමතක උනා! මමත් මිල්ටන්ගේ සින්දු වලට මාරම ආසයි. උඔ දන්නවත් ඈති කුරුලු හමුදාවේ උං කැමතිම ඔය වගේ සින්දු අහන්නනේ

    ReplyDelete
  7. තිස්ස දොඩන්ගොඩ...
    නැවත වතාවක් ස්තූතියි. දැන්ම බානවා

    ReplyDelete
  8. Grey ...

    විදීමත් විදවීමත් දෙකම තමයි ජීවිතේ කියන්නේ...

    ReplyDelete
  9. oka niyama sinduwa machan . . ..

    me ara veeduru hellena saddeta ube hita gihin wage . .. .

    ela ela . .. poddak salakaa balapan ea gana . . .. !!

    guru gola sabadakam dan nahane ban . . ..

    ReplyDelete
  10. බුද්ධි...
    එක දෙයක් නෙවෙයි බුද්ධි මම ජීවිතේ නොකරපු දේවල් වලට වඩා කරපු දේවල් වැඩියි..

    වින්කල් වැඩ
    වඩු වැඩ
    මෙසන් වැඩ
    වයරින් වැඩ
    ජලනල වැඩ
    එන්ජින් රෙපෙයාර් වැඩ
    ටින්කරින් වැඩ
    සී.ටී.බී. කොන්දොස්තර
    ප්‍රයිවට් බස් කොන්දොස්තර
    රක්ෂණ නියෝජිත
    පොලිසිය
    ගුවන් හමුදාව
    ත්‍රීවීල් රියදුරු
    මෙ හැම දේම කාලෙන් කාලෙට කරලා අන්තිමට මහණත් උනා
    ඊට පස්සේ වැහෙන්න ඔන්න මෙන්න තිබුණු පන්සලක් බාර අරගෙන පළාතේ හොදම පන්සලක් බවට පත් කළා
    ළමයි 37ක් හිටිය දහම් පාසලක් ළමයි 270ක් ඉන්න මට්ටමට ගෙනාවා.
    ඔය වගේ කල දෑ අතරෙ තව අමතක උන දේවල් අනන්තයි.
    ජීවිතේ කියන්නේ අත්දැකීම් එක්ක යන ගමනක්..
    කොහොමත් මම මෙ විධියට කැමතියි.
    මම ගත කරන්නේ අපේ සමාජ ක්‍රමයට අනුව නම් තරමක් අමුතු ජීවිතයක් තමයි.
    ඒත් මම කැමති ඒ ක්‍රමයට.
    කොහොමත් මෙ ලෝකෙ හොද අතට හෝ නරක අතට වෙනස් කරන්න හෙතු උනේ සාමාන්‍යය විදියට ජීවිත ගත කරපු අයට වඩා වෙනස් අයයි කියන එක මම විශ්වාස කරනවා.
    මාත් කැමති චුට්ටක් හරි ලෝකේ හොද අතට හරවන්න යමක් කරලා මැරෙන්නයි.

    ReplyDelete
  11. දුකා...

    අප්පච්චියේ ඒ පාර තව මගුලක්...
    එහෙම දෙයක් නැතෝඔඔඔඔඔඔඔඔ

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්!
    ලියන්න ඕන දේ අදනම් හිතට එන්නේ නෑ අයියේ...ඇයි කියලනම් අහන්න එපා..අද හිතට හරිනැති දවසක්.වෙනදවගේ උනා නම් අතදිග ඇරලා මහා හෑල්ලක් ලියලා දානවා...අදනම් එහෙම ලියවෙන්නේ නෑ....

    සින්දුව ගැන කිව්වොත් මේ දැන අහනවා...කඳුළු පෙර පෙර අහනවා.....අඬන හේතුවත් පස්සෙ දවසක කියන්නම්,

    ආ....සින්දුව මතක් කරලා දුන්නට බොහොම ස්තුතියි.ඒත් ඇඬෙව්වටනම් සමාවක් නෑ ඔන්න

    ReplyDelete
  14. දිල්...
    ම් ම් ම් අයියේ කියලා තියෙන්නේ ඒ කියන්නේ මම තව පාරක් අයියා උනා හ්ම් හ්ම් හොඳා හොඳා..

    ලියන්න බැරි හේතුත් තියෙනවා, හිතන්න බැරි හේතුත් තියෙනවා වෙලාවකට..
    මටත් ඔහොම වෙනවා..
    ඔයත් අඩන්න පටන් ගත්තද?
    මම නැවැත්තුවා විතරයි..
    අර කිවුවත් වගේ අපි එකම රෑනෙ කුරුල්ලෝද කොහෙද...
    අඩවලා ඉවර වෙලා සමාව ඉල්ලන එකෙත් තේරුමක් නැහැ ..
    වරදක් කලත් සිතකින් නෙවෙ..

    ReplyDelete
  15. මගේ අම්මේ... මෙච්චර දේවල් කරපු ඔබතුමා අවුරුදු 80 ක් විතර වයසද?

    ReplyDelete
  16. මම හරිම ආස සින්දුවක් අයියා......අනේ මංදා....මං මොනවද කියන්න ඕන......??? මට තේරෙන්නෙ නෑ....

    ReplyDelete
  17. nadeesthoughts...
    තවම ඉපදිලා නම් අවුරුදු 30කට වැඩි වෙගන එනවා.31වන උපන් දිනෙත් ලග ලග එනවා.
    අපේ පැත්තේ ලොකු අය ඒ දවස්වල මට කිවුවෙ මෙකාගේ වයසට නෙවෙයි කොගේ වැඩ කියලා...

    ReplyDelete
  18. Chandika @ ..::E-KiCkS::.....
    මුකුත්ම කියන්න ඔන නැහැ.මල්ලී
    විඳින්න.. හිතට දැනෙන දේ නැවත නැවතත් විඳින්න...

    ReplyDelete
  19. මට උඹව හම්බ වුනානේ අද...! ඔන්න ගිහිල්ලා බලපං වෙලාවක් තියේනම් ඈ...http://www.hadageepotha.blogspot.com/

    ReplyDelete
  20. මේක මේකටනම් සම්බන්ධ නෑ
    මචං මම උබේ මුලු බ්ලොග් එකම බැලුවා දැන්
    මට කියන්න දෙයක් නෑ උඹ ගැන ......

    ReplyDelete
  21. BEAUTIFUL SRI LANKA...
    සම්පූර්ණයෙන්ම බැළුවා නම් මුකුත් නොකියන්න විධියක් නැහැ. ඒත් එහෙමත් හොදයි...

    ReplyDelete
  22. මටත් වෙන්නේ මාරම වැඩ තමයි.
    මම මිල්ටන්ගේ ගීත ගැන ලියලා පැය දෙක තුනය් යන්න ඇත්තේ මෙන්න දැන් ටිකකට කලින් බලන කොට ජාතික රූපවාහිනියේ මිල්ටන් උපහාර ගීත ප්‍රසංගයක් යනවා. ඒකත් ටිකක් බැළුවා. හොඳ වෙලාවට එක ගායකයෙක්වත් හිටියෙ නැහැ හරියට හිතට වදින්න සින්දුවක් කියා ගන්න පුළුවන් ගායකයෙක් නැත්නම් ඒ සින්දු ටිකත් හිතට වැදුනනම් අද නිදාගෙනත් හමාරයි.
    චුට්ටක් හරිහිතට ඇල්ලුවෙ ඉන්ද්‍රානි පෙරෙරා එක්ක නුවන් ගුණවර්ධන කියපු දේදුනු දහසක් සේ... කියන ගීතය විතරයි. ඒකත් ඒ තරම් හැගීම් බර නොවුන නිසා හොදට ගියා.

    රනිල් මල්ලවආරච්චිත් ටිකක් හොදට කිවුවා උනත් තාත්තට ලගින් යන්නවත් ඔහුටත් බැහැ.

    ReplyDelete
  23. රනිල් ගැන කියපුවම මතක් උනේ මම ඉස්කෝලේ ගිය දවස්වල වෙච්ච වැඩක්...
    ඒ දවස්වල අපි 8 හෝ 9යේ පන්තිවල වෙන්න ඔන.
    වත්මන් ජනාධිපති (ඒ වන විට විපක්ෂයේ මන්ත්‍රී විතරයි) මහින්ද රාජපක්ෂ මහත්මා මූලික වෙලා තිබ්බ ජන ඝෝෂාව කියලා වැඩ සටහනක්. දවල් 11 ට විතර තිබ්ඛෙ. එදා අපිට උදෙන්ම දැනුම් දීලා තිබ්ඛෙ ඒ සදහා කිසිවක් කිරීමෙන් වලකින ලෙසට.(ඒත් ඉතින් අපිත් ඇරියේ නැහැ. දීලා ඇද්දා ඩෙස් වලට) කොහොම හරි ඩෙස් වලට ගහලා සද්දේ දාන්න ගිහින් උසස් පෙළ පන්ති වල අයියලා ටිකක් අහුවෙලා. අපිත් මොනවා හරි විෂයකට පිට්ටනිය අයිනෙන් යන කොට හරියටම දවල් දොළහට විතර මෙන්න එනවා රනිල් ඇතුළු පිරිස ඩෙස් ටික ඔළුව උඩ තියාගෙන. පස්සේ පිට්ටනිය මැදට වෙන්න ඩෙස් ටික තියාගෙන නවත්වන්න කියනකල් ගහන්න තමයි තිබ්ඛෙ. මට තාම මතකයි රනිල් හිනා වෙවී සබ්ද ඝෝෂාවට සහභාගී වූවාට ලැබුනු දඩුවම විදින ආකාරය. අපිටත් හෙන ආතල් මෙ ෂෝ එක දැකලා. අනේ ඉතින් මිල්ටන් මහත්මයා දන්නවනම් මෙකට වෙච්ච දේ..
    ඒ වගේම තමයි ඔන්න ජනාධිපතිතුමා දැනගන්න ඔන ඔහු වෙනුවෙන් ක්‍රියාකාරී වෙන්න ගිහින් රනිල් මල්ලවආරච්චිත් දඩුවම් ලබපු පුද්ගලයෙකු බව...
    (දන්නවනං රනිල්ටත් සංස්ථා සභාපති කමක්වත් නොදී ඉන්න එකක් නම් නැහැ)

    ReplyDelete
  24. අනේ ඇත්තටම මං මේක අහලා නැහැ නේ.. කොහොම උනත් හරිම හැඟීම් බර සිංදුවක්...!

    ReplyDelete
  25. මටත් ලැජ්ජයි කියන්න... ලොකුවට සිංදු සයිට් එකක් කරනවා... මේ සිංදුව ඇහුවේ ඉස් ඉසෙල්ලම, මේ මාරයා කිව්වට පස්සේ...

    ReplyDelete
  26. මාරයියා.... මොකද සද්ද බද්ද නැත්තෙ..... කො කස්ටිය... වත් අක්ක කොලබ ගිහිල්ලා එන්න බැරුව අතරමන් වෙලා ද දන්නෙ නැහැ.. නෙද...
    මුකුත් නැද්ද අලුත් කතා.... කමක් නැහැ දහම් පාසලෙ කරපු වැඩ කිඩ ටිකවත් කියන්න ... එක මට සමහර විට ප්‍රයොජනවත් වෙවි....

    ReplyDelete
  27. කො කවුරුත් සද්දයක් බද්දයක් නැහැ... මුන් ටික ඔක්කොම මාව දාලා ගිහිල්ලා හැංගිලාද... දිල්ව දැක්කා අද උදෙ 11. ට විතර... අනිත් සෙට් එක කො...

    ReplyDelete