14 March 2010

ලියන්න හිතුනා...

දවස් දෙක තුනකින් මුකුත්ම ලියන්න බැරි උනා.
බැරි උනා නෙවෙයි, නොලියා හිටියා. ඒ ඇයි කියන්න මම වත් දන්නේ නැහැ.
මහ එපා වීමක්...
පෙරෙදා ගෙදර ඇවිත් කරන්න දෙයක් බැළුවා. ම්හු කිසිම දෙයක් නැහැ.
අන්තිමට එකතු වෙලා තිබුනු කේන්දර ගොන්නෙන් ටිකක් බලලා දැම්මා.
ඒ අතරෙ පරණ පොරොන්දුවක් ඉටු කරන්න හිතලා මාක් මලයගේ කේන්දරෙ බලන්න කියලා හිතුවට මිනිහා දාලා තිබුනු කමෙන්ට්ස් මකලා දාලා. පස්සේ තද වෙලා ඒකත් අතහැරලා දාලා උදේ වරුවෙ ඉදලාම මගේ යාව ජීව මිතුරා සමග හවුල් උනා. දවස ගෙවිලා ගියා..
මෙ පැත්තේ ආවෙ නැතුව නෙවෙ. සුපුරුදු ලියමන් ටික බැළුවා.

අතීතයෙන් ගග ගලා බසී
සොදුරු සිත
හද ගී පොත
මධූගේ දින පොත
අතීතයෙන් අහුලන මතක
කතන්දරකාරයා
අච්චාරු
දුකා
සයිබර් යාය
බිගුලන්තේ
ගලා

ඊට අමතරව සින්ඩිය පැත්තෙත් ගිහින් හොදයි කියලා හිතෙන ලිපි ටිකක් බැළුවා.
ප්‍රතිචාර දැක්විය යුතුම ලිපි කිහිපයක් තිබුනත් මුකුත්ම නොලියා හිටියා. අනේ මන්දා...
මටම තේරෙන්නේ නැහැ මොනවා වෙලාද කියලා.
දැනුත් පටන් ගන්නයි හදන්නේ.. වෙන කරන්න මෙලෝ දෙයක් නැහැ.
ආ හැරී පෝටර් 6 වෙනි කොටස තිබුනාද කොහෙද..
ඒකවත් හොයාගෙන බලන ගමන් ඔන්න මම යනවා මගේ මිතුරු තොමෝ යහතින්ද කියලා බලන්න.

ලියන්න අදහස් ටිකක් තියෙනවා. ගරු/අතිගරු/ශ්‍රීමත්/උතුමාණෝලා ගැන සහ මහත්මයින් ගැන.
බලමු තව ටිකකින් තත්වය හොද අතට හැරුනොත් බැරියෑ...

කවුරුවත් තරහා වෙන්න එපා. කථා නොකර හිටියා කියලා.
ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න ඔන...
(අපේ ජෙනරාල්තුමා කිව්ව කෙරුව දේවල් වලින් එකයි ඇත්ත)

75 comments:

  1. හිටපන් දෙන්න වැඩ...

    1.කියාපු වැඩේ බැලුවද...?
    2. මගේ හතර කේන්දරේ පාලුයි...එකෙන් කියවෙන්නේ මොකක්ද... සාමන්‍යයෙන්... මට පොඩි කාලේ ඉඳලම හැබැයි මහන වීමේ ආසාවකුත් තියනවා... තව පහ හයකින් වෙයිද දන්නෙත් නෑ...
    3. ඔච්චර හිත හයිය උඹට ඔය යාව ජීව ගනු දෙනුව නවත්තන්න බැයිද මලේ...? උඹේ පුද්ගලිකත්වයට අතදානවා නෙවේ...
    4. උඹ කැමති සින්දු මතක් කරල දීපන්...අර කලින් එක වගේ මමවත් අහලා නැති...
    5. අදවත් නාපං...

    ReplyDelete
  2. 1. තවම කල්පනා කරනවා
    2. හතර කේන්දරෙ පාළු උන පලියටම මිනිහෙක් මහණ කරන්නේ නැහැ.
    කේනදරයක දළ වශයෙන් 1න් කියන්නේ තමන් ගැන,පුද්ගල පෞරෂය ගැන,සමස්ථ ජීවිතය ගැන 4න් මව සහ නිවස සහ දේපල පිළබදව 7න් විවාහය සහ පුද්ගල සම්බන්ධතා පැවැත් වීමෙ හැකියාව ගැන 10න් රැකියාව සහ පියා පිළිබදව හතර කේන්දරෙ පාළුයි කියන්නේ 1,4,7,10 කොටු හිස් වීම
    මිනිහෙක්ගේ ඔය කරුණු වල අඩුවක් තියෙනවා කියන්නේ ඔහු සම්පූර්ණ නැති වීම එහෙමත් නැත්නම් ජීවිතේ අවශ්‍යම අංග හැටියට අපි දකින ප්‍රධාන දේවල් තමා සතු නොවීම එහෙම උනහම ජීවිතයක් අසාර්ථක වෙනවා කියන මතය උඩ තමයි ඔය හතර කේන්දරෙ පාළු අය මහණ කරන කථාව ඇවිත් තියෙන්නේ. හරි එහෙම උනා කියමුකෝ ඒ වගේ අසාර්ථක කෙනෙකුට පුළුවන්ද හොද පැවිදි ජීවිතයක් ගෙනියන්න.
    හතර කේන්දරෙ පාළු කියන්නේ මහණ යෝගයක් නෙවෙයි.

    ඒ වගේම තමයි හතර කේන්දරෙ විතරක් නෙවෙයි ඔතනදී මෙන්න මෙ කරුණුත් සලකලා බලන්න ඔන
    ලග්නාධිපතියා සිටින රාශිය හා ඹහුගේ බල දබල කම්, 5,9 අධිපතීන්ගේ තත්වය, විශේෂ වූ කාලකණ්නි යොග හෝ එසේත් නැත්නම් විශේෂ සුභ යොගයන් තිඛෙද යන්න
    මෙන්න මෙ සෑම දෙයක්ම බැලිය යුතුයි, එහෙම නැතුව හතර කේන්දරෙ විතරක් පාළුයි කියලා ජීවතෙ නරක් වෙන්නේ නැහැ.
    හැබැයි ඉතින් අඩුපාඩු නැතිවම නෙවෙයි.
    3.නවත්තන එකනම් අද උනත් කල හැකි ඒත් ඒ ඇයි..
    4.එක සින්දුවක් හින්දා මෙ දවස් ටිකේ කාපු කට්ට දන්නේ මම විතරයි..
    5. වැඩ කරන දවසට අවම දෙපාරකුත් ගෙදර ඉන්න දවසට තුන් පාරකුත් නාන මට ආයෙත් නාන්න කියන්නේ... (කවදත් උදේ නැගිටපු ගමන් මම කරන්නේ නාලා ඉන්න එක(

    ReplyDelete
  3. අනේ මන්ද ඔය කේන්දර කේස් නම් මට තේරෙන්නෙ නෑ. මම දන්නෙ මගේ සෙනසුරු හතේ කියල විතරයි. නොදකින් සිකුරවත් ආවනම් එතනට කොච්චර ෂෝක්ද නෙ ?

    ReplyDelete
  4. ලග්නය මෙෂ උනානම් සෙනසුරු 7 තේ ඉදිල්ලත් නරක නැහැ.
    කොහොමටත් සෙනසුරු හතේ ඉන්න එක නරක් වෙන්නේ විවාහයට විතරයි..
    නැත්නම් සෙනසුරු හතට දිග් බලයි ඒක හොද පිහිටීමක්

    ReplyDelete
  5. එහෙනම් ජයවෙවා. මම මේෂ තමා.

    ReplyDelete
  6. මාත් මෙෂ.
    උපදේශයක් දෙන්නම් කැමතිනම් පිළිපදින්න.
    ගෑනු ළමයි එක්ක කථා කරද්දී බණ කියන්නවත්, ධර්ම සාකච්ඡා කරන්නවත් එපා.
    ටිකක් මනමාල විදියටම කථා කරන්න උත්සහ ගන්න.
    සෙනසුරු 7 තේ ඉන්න කොට ටිකක්අනිත් අය එක්ක කථා කරන කොට වියපත් අදහස් මතු වෙනවා. ඒක ස්ත්‍රීන්ගේ ඇසුරට බාධාවක් වෙන්න පුළුවන්.
    සමහර විට මෙ වෙනකොටත් තරිදුට අත්දැකීම් ඇති.

    ReplyDelete
  7. ආ අනිත් එක සෙනසුරුගෙන් යෙදෙන මහා පුරුෂ යෝගයක් වන ශශ යෝගය සහිතව ඉපදිලා තියෙන්නේ..
    කීර්තිය ප්‍රශංසාව තමා හොයාගෙන ඒවී. හැබැයි හොදම ප්‍රයෝජන ලැඛෙන්නේ වයස යන්ට යන්ට.
    50 පනිනකොට හොද ස්ථීර සැපවත් ජීවිතයක් ලැඛෙවී. හැබැයි ජීවිතේ ගැන පුදුමාකාර විදියට කලකිරෙන එකත් උරුමයි.

    ReplyDelete
  8. හපෝ අමූලික ඇත්ත. ඉස්සරම දවස් වල කැම්පස් එකේ කෙල්ලො මාත් එක්ක කතා කරන්න මාර බයයි. ඇයි ඉතින් මොකක් කියන්න ගියත් පුරුද්දට ගාතාවක් කියවෙනවනෙ. දැන් නම් ඉතින් ගොඩක් දුරට ඒක නෑ. මම වැඩිය ඔය කේන්දර විස්වාස කරන කෙනෙක්නම් නෙමේ. ඒත් ඔබතුමා කියපු දේවල් ඇහුවමනම්.....
    බැරිද නිවාඩු පාඩු වෙලාවක මගේ කේන්දරෙත් බලල දෙන්න :-)ඔබතුමාගෙ ඊ මේල් එක දෙන්නකො වැඩි දුර කතා කරන්න. මගේ එක mihisara@gmail.com

    ReplyDelete
  9. හික් හික් හික් . . තරිඳුවෝ . . අද තමයි තේරුනේ උඹ තාම තනිකඩ මොකෝ කියලා. දැං වත් කෙල්ලෝ එක්ක පඬි ටෝක් නොදා හිටු . ..

    අනේ මාරයෝ . . . ඔය කියන කම්මැලි කම ඉඳ හිට මටත් එනවා බං . .

    ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. විශේෂයෙන් උඹ වගේ ගොඩක් සංවේදී එකෙකුට (මාත් එහෙම තමයි) ඒක මහා කාලකන්නි කමක් විදිහට හිතෙනවා. ටික වෙලාවකින් හරි යයි.

    හොඳ හෝ නරක තමන් කැමති දෙයක් කරන එක නම් තිසා බැන්න වුනත් ඔය ගතිය මග හැරෙන දෙයක් කියලයි මටත් හිතෙන්නේ.

    ReplyDelete
  10. දුකා...

    අනෙ අම්මෙ ඇති යන්තං මගේ පැත්තට එක්කෙනෙක් හරි උන්නා.
    තිස්ස අයියගෙන් ඛෙරිලා මුකුත්ම කරන්න බැහැනේ අප්පා...

    ReplyDelete
  11. මේ දුකා අයියේ එන්න එපා අපහාස කරන්න. මම තනිකඩ නීතිය ඉස්සරහා විතරයි. පඞි ටෝක් වලට වැටෙන උපාසක නංගිලත් ඉන්නව. ඔය කවුරු හරි අමුතු කුණුහරපයක් කරන හාමුදුරු කෙනෙක්ගේ පස්සෙන් යන එක්කෙනෙක්ට ගාතාවක් දෙකක් කියන්න විතරයි ඕනෙ. ටක් ගාල වැටෙනව.

    ReplyDelete
  12. ඇත්ත ඇත්ත...
    එහෙම උපාසක අම්මලත් ඔන තරම්...
    ඒත් ඉතින් ඔළුව වටමෙ ගිහින් තමයි කන අල්ලන්න වෙන්නේ...
    එතකොට ඉතින් සමහර විට පෙරහැර ගිහින් ඉවරයි.

    ReplyDelete
  13. කිව්වම මතක් උනේ බැරිද මගෙ කේන්දරෙත් බලලා දෙන්න....මේ දවසවල මටත් හරි නෑ වගේ...
    ඔයාට වගේ කම්මැලි කමක් නම් නෑ..ඒත් වස පාළුයි....
    ගෙදර උන්නොත් ඔක්කොම පැත්තකින් දාල නිදා ගන්නම හිතෙනවා...

    අනේ මාරයෝ...වෙන කාට හරි කේන්දරේ බලන්න දුන්නොත් සෑහෙන ගානක් ගන්නවා, ඔයානම් ඉතින් නිකම් හරි බලලා දේවිනෙ.....මොකද කියන්නෙ එවන්නද ?

    27 වෙනකම් සිකුරුත් 7 කිව්වා නේද ?

    ReplyDelete
  14. එවලා තියන්න නිකමට වගේ හරි හිතුනොත් බැලේවි...
    උඩ තියෙනවා මගේ මෙල් ඇඩ්රස් එක.

    යකෝ මෙ ගෑනු කට්ටිය නම්...
    මාරයගෙන් හරි කමක් නැහැ නිකන් වැඩ ගන්නමයි බලන්නේ..
    හා හා කමක් නැහැ එවල බලමු.
    (මාරයා උනත් ඉතින් කාන්තවන්ටනේ වැඩි තැන)

    ReplyDelete
  15. මොකෝ කල්පනාව 27ට කලින් පිළිවෙලක් වෙන්නද..?

    ReplyDelete
  16. මාරයියා... මටත් නිකන් මොකද්ද වගෙ සැට් එකෙ එකෙක් වත් නැහැ ඉයෙයි, පෙරෙදයි... දිල් අක්ක එයගෙ ලිපියක් දාලා තිබුන. කොහොම උනත් මමත් මුකුත් දැම්මෙ නැහැ. අන්න දෙන්නෙක් කසඳ බැදලා... රාවෙන් නුයි විශ්මීයි,,, ගිහිල්ලා ටිකක් එපැත්තෙ ඇවිදලා ආවා...කො සොදුරු සිත ව දැක්කෙ නැහැ තවම... අද ඉරිද පොළට ගිහිල්ලා ඇති...

    තරිදු ට
    බලන්න මටත් හැම එකාම වරදිද්දි බනින්නෙ පඬියා, පඬියා කියලා තරිදු, කස්ටියට කිව්වාට තෙරෙන්නෙ නැහැ. මෙක ඉතින් අපෙ හැටිනෙ නෙ බන්. කවුරු හරි වැරදි කිව්ව හම අපි හැකි තරම් හදාගන්න බලන වනෙ නෙ... අපි හරි නිහතමානි නෙ... අපි හරි හොදයි නෙ... නෙ....

    ReplyDelete
  17. මාර අය්යේ ! මගෙත් කේන්දරේ බලලා දෙනවද. e mail කරන්නද?

    ReplyDelete
  18. @ත‍රිඳු !
    අම්මටසිරි . . මට ඒක අමතක වුනානේ . . හික් හික් . . .

    මම මේ උඹට එකක් සෙට් කරන්න හැදුවේ . . . එහෙනම් මම අදහස අතහැර ගත්තා හොඳේ . . හික්ස්

    ReplyDelete
  19. හෝව් හෝව් අඟහරු හතේනම් මොකද කියන්නේ?

    ReplyDelete
  20. හතර කේන්දරේ පාලු වුනු එක ගැන දැන ගත්තේ අදයි. ස්තූතියි ඒ ගැන ලිව්වට.

    ReplyDelete
  21. අම්බානක වැඩ..ඒ අස්සේ විභාගයකුත්.... උඹත් එක්ක කයියක් ගහන්න ආසාව ඊට වැඩිය....මල්ලී මගේ එහෙනම් උපන් වෙලාව වැරදිද මන්ද ලියන් තියනවා...
    4, 7, 10 මටනම් එල...! 1 ගැන මටම කියන්න බෑනේ... මගේ එක අනිතිමට බලාපු කෙනා කිව්වා ආයේ මේක කාටවත් දෙන්න එපා වැඩක් නෑ බලලා කියලා... මං දන්නෑ ඇයි කියලා ඇහුවෙත් නෑ... මං ගියේ ගොඩනැගිල්ලකට වෙලාවක් බලා ගන්න...

    ReplyDelete
  22. මාරයාට /

    ඇයි දෙයියන්නේ...රටේ ඉන්න එවුන්ට ගිණිගනන් දීල කේන්දරෙත් බලාපල්ලකො වෙන වැඩ නැතුවට..... ;) ඕක ඉතින් බලාගත්තා කියලත් ඇති වැඩකුත් නෑ..ඔය තියෙන ඉකක්කම් කොටුවලට මගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන්නම් ඉතින්............

    අහන්නත් අමතක උනා මාරයියේ, අර මේ මාසය පුරාවටම සිකුරු 7ඉන්නවා කියලා ඔයාම නේද කිව්වෙ? වැඩක් උනේ නැද්ද තවම ?

    ReplyDelete
  23. රවා...
    මගේත් උණුසුම් සුභ පැතුම්...
    රාවෙන් විශ්මි යුවළට සහ
    රවා....... යුවළට

    gayashan777
    ඔන්න ඔන්න පටන් ගත්තා...
    යකෝ මාත් දා ගන්න ලෙඩ...

    ReplyDelete
  24. දුකා...
    අනේද කියන්නේ...

    වැප්...
    ලග්නය එහෙම දැන ගන්නත් එපායෑ...

    ReplyDelete
  25. මනුසත්...
    පුංචියට හරි දෙයක් කියා දෙන්න තියෙනවා නම් මටත් සතුටක්...
    ඉදිරියටත් මතක් වෙච්ච වෙලාවල් වලට තව ටිකක් දාන්නම්කෝ...

    තිස්ස දොඩන්ගොඩ...
    වහාම ක්‍රියාත්මක වන පරිදි මට උපන් දිනෙයි, වෙලාවයි, ස්ථානයයි දැනුම් දෙනවා හොදයි...

    ReplyDelete
  26. දිල්...
    මගේ කේන්දරෙ උපතින්ම සිකුරු උච්චයි.
    ඒකනේ මෙ දුක...
    එත් වැයස්ථානය උන 12වැන්නේ.
    විවාහය අනිවාර්යයෙන්ම ප්‍රමාදයි.
    හතේ සදු ඉතින් හද නැගලා බැහැලා යනවා වගේ තමයි.
    ලස්සන ගෑනූ ළමයි(හද වගේ) එනවා.. ඒ පරක්කුවටම යනවා...
    පසළොස්වක වගේම අමාවකත් ඉක්මනටම එනවා...

    ඔයාගේ උපන් දිනේ එවන්න මම පුළුවන් විදියට බලලා එවන්නම්.

    ReplyDelete
  27. වැප්...
    යකෝ මෙකා නෙට් එකේ ස්ථීර පදිංචියද..?
    හ්ම් හ්ම්...
    ධනු නේද..?
    කුජ හතේ....

    ඒක නම් එච්චරම විවාහය පැත්තටයි හවුල් ව්‍යාපාර ආදියටයි නම් හොද මදි.
    ඒත් ඉගෙනීම අංශයෙන් හොද ප්‍රතිඵල ගෙන දෙන පිහිටීමක්.
    යන්ත්‍ර සූත්‍ර, ගණිත මිණිත වැඩ, නීති අංශයට, රසායන වැඩට දක්ෂතා ඇති වෙනවා.
    ඒ වාගේම ඒ අංශ වලට සම්බන්ධ රැකියාවකටත් උරුමය තියෙනවා. නෑදෑයොත් ටිකක් තරහා වෙනවා.
    මුත්‍ර රෝග, වකුගඩු ආශ්‍රිත රෝග උදරයේ නිතර හට ගන්නා උෂ්ණ රෝග වලටත් හේතුයි.
    සමහර විට අඩු වයසෙන් විවාහ වෙන්නටත් පුළුවන් වෙවී. භාරියාව ටිකක් විතර කොච්චි කරලක් වෙන්නටත් ඉඩ තියෙනවා. කොහොම උනත් සහකාරිය තේජ වන්තයි. ඒත් විවාහය දෙදරන්නට හෝ,දෙදෙනා වෙන්ව වාසය කරන්නට හෝ, තව තව අපල වෙන්නත් පුළුවන්. කොහොම උනත් අනෙක් කෙනාගේ කේන්දරෙත් ගලපලා බැද ගත්තොත් ඔය කියපු අපල නැති වෙලා යන්න පුළුවන්. ඇති නේද..?
    මෙච්චර හරියක් ලිවුවෙ වැප් සහෝදරයාගේ උනන්දුව නිසයි.
    කියපු දේවල් වලට බය වෙන්න එපා. කේන්දරෙ කියන්නේ අපේ උත්සහයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක්..

    ReplyDelete
  28. එලකිරිසි ඔය තියෙන්නේ ගින්දර වගේ ..... තාම මට අඩු වයස ඇවිත් නැහැ .... හිකිස්

    ReplyDelete
  29. ඕං එහෙනම්... මල්ලියේ 1969 නොවැ 24...මරණ දැන්වීමෙත් තිවුනා නෙවැ... මහනුවර... උදේ 0734... උඹ වැඩ පාඩු කරගන්න එපා...
    මාත් ධනු... කොච්චි මිරිස් අරහං... මෙලෝ හත්තිලව්වක් බැලුවේ නෑ... සුවඳ හලන සේපාලිකා මලක් දැක්කා... විජාන්ඩියට සාක්කුවේ දාං ගෙදර ගෙනාවා....

    ReplyDelete
  30. සහෝදරයා.. මට කෙල්ලෝ කී දෙනෙක් සෙට් වෙයිද කියලා කේන්දරෙන් කියවෙනවද..?
    මට දැනගන්න ඕනෙ. මොකද අපේ අම්මලා ඕක චෙක් කරවනවානේ නිතරම. ඒකයි.:D

    ReplyDelete
  31. තිස්ස දොඩන්ගොඩ...
    අයියේ උඹ කේන්දරෙ හැදුවෙ කොහෙන්ද?

    ReplyDelete
  32. ලග්නය වෘශ්චීක
    නවාංශකය මීන
    1 රවි බුධ
    2 -
    3 කුජ
    4 රාහු
    5 -
    6 ශනි
    7 සදු
    8 -
    9 -
    10 කේතු
    11 -
    12 ගුරු සිකුරු

    ReplyDelete
  33. මාරයියෙ හරියන්නෙ නැහැ.....වැඩෙ මෙහෙම ගියොත් ජොතිෂ‍ය කස්ටිය එකතුවෙලා ඔයාට කොක්කක් අදීයි... කස්ටිය නිකන් කරගන්න වගෙ සෙට් වෙලා ඉන්නෙ....නරකද ගානක් අය කරගත්තොත්....

    ReplyDelete
  34. තිස්ස දොඩන්ගොඩ...

    ඔය කේනදරෙ අවුලකට තියෙන්නේ රාහු4 ඉන්න එක විතරයි. ඒකනේ ගෙදර ඉන්න පින නැත්තේ. සමහර විට අම්මටත් තරමක අපල තියෙනවා. ආසාවට හතර කේන්දරෙ පාළුවක් නැහැ.
    උච්ච සදු 7ට ගියහම යකෝ සේපාලිකා මල් නෙවෙයි සුර දූතිකාවෝ ලැඛෙන්නේ.
    කුජ උච්ච වෙලා 3 යන්ත්‍ර සුත්‍ර යකඩ ආදී ලෝහ වර්ග, නව නිර්මාණ කටයුතු, අවි ආයුධ සම්බන්ධ දේවල්, සියුම් රසායන පිළිබද දැනුම, වගේම කෘෂිකර්මාන්තෙත් හොදට පිහිටනවා. ඒ මදිවට කේතු 10යේ රැකියාව කරන තැනට වෙලා කොට කොට ඉන්න ලැඛෙන්නේ වෙන මොන මගුලක්වත් නිසා නෙවෙයි.කේතූ හින්දා. සෙනසුරු සම වෙලා 6 ඉන්නවා. ඒකත් නරකම නෑ.
    ගුරු සතුරු වෙලා 12 ඉන්න එක උඹට නම් නරකයි අයියේ ඒත් අපිට හොදා. හොදට හිත උනු වෙනවා. මිනිස්සුන්ට අන්තිම හොදා. ඒත් පරිස්සමෙන් එක දවසකට හරි උඹට හිර ගෙදරක තපින්නත් වෙයි.
    ඉදලා හිටලා හරි රෝහල් සාත්තුවට ගියා නම් ඒකත් නැති වෙනවා.
    සිකුරු ස්වක්වෛලා 12 ඉන්නේ ගුරුත් එක්ක හිටි හින්දා මිසක් නැත්තන් බලන්න තිබුනා අනංගයාගේ තරම...
    අන්තිමට කියන්නම්1කේ කොටුව
    රවි බුධ දෙන්නම හරි අපූරුවට ඉන්නේ.
    හොද බුද්ධියක්,නායකත්වයක් ඇතිව ඉන්න පුළුවන් පිහිටීමක්.

    මට බෑ මෙයිට වඩා මෙක කොටන්න.
    අහන්න ඔන දෙයක් තියෙනවා නම් අහන්න.
    උඹ බං කිවුවට තරහා වෙන්න එපා. මට මල පැනලා හිටියේ ලග්නේ වරද්දලා අවුරුදු ගාණක් ජීවත් උනාට

    ReplyDelete
  35. ලියන්න මොනා තිබ්බත් අකුරක් වත් නොලියා ඉන්න හිතෙන කාලවල් තියනවා. .ඒහෙම තමයි ගනන් ගන්න එපා...! නිදාගන්න හොදට..

    ReplyDelete
  36. රවා...

    හ්ම් හ්ම් මාත් දැන් නිකන් කන් දෙක දිග හාවෙක් වගේ නේද..?
    රවාට විතරයි තේරුනේ...
    කමක් නැහැ ඉතින් අපේ එවුන්නේ...

    ReplyDelete
  37. malee_msg...
    මලී නගාට විතරයි මගේ දුක තේරුනේ...

    ReplyDelete
  38. අප්පට සිරි...!
    මූට සලකනවා මදි නොවෑ අපි හොඳටෝම...?

    සමාවෙන්න අද පටන් මාරයා ගුරුන්නන්සේ යැයි අමතමි...
    කේන්දරේ බලන්න මෙලෝම වැඩකට වුවමනාවක් තිබ්බේ නෑ නොවෑ... මංගල්ලේ වැඩේටයි ගේ හදන වෙලාවේදීයි විතරයි නොවැ බැලුවේ....
    ඔයින් ගිය මදෑ නේද "මාර ගුරු...? "
    වෙලාවක් තියෙන වෙලාවක බුලත් අතක් ‍රැගෙන පඬුරු පාක්කුඩම් ‍රැගෙන එමි...
    එතෙක් මාත් සිහිකොටැම යාව ජීව මිතුරා ගේ පහස විඳිනු මැන...
    චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...

    ඔන් ලයින් වැඩක් පටන් ගන්නවා නම් මගේ ෆුල් සපෝට් එක...
    අලස ලෙස පටන් ගත් දවස සමාජ සේවයෙන් කෙලවර විය....

    ReplyDelete
  39. තිස්ස දොඩංගොඩයෝ,
    කෙලවර උන්නෑ බොල මම දැනුයි ආවේ.

    මාරයෝ,
    මං බඩියා. බඩිය​ට ඉතාලි යන්න හිතිලා තියෙන්නෙ ඒක හරියයිද වරදියිද කියන්න උඔබ වෙපාව විතරක් ඈද්ද බං?

    ReplyDelete
  40. බුද්ධි...
    අනේ අම්මපා බුදුධියෝ මම මෙ උඹ ගැන ලියන්න හිතුවා විතරයි. මෙන්න උඹත් මෙතන. අනේ කොල්ලෝ පුළුවන් නම් මට චිත්‍රයක් ඇදලා දියන්.
    මාරයා ගුරුන්නාන්සේ කේන්දර බලනවා.
    සරමකුත් ඇදගෙන,කකුල් දෙකත් කොමියුටරෙ යට තට්ටුවෙ ලෑල්ල උඩ තියාන දකුනු අත පැත්තේ තියෙන ඇද උඩ කොපි පොතකුය් පෑනකුයි තියාන, වම් පැත්තේ පොඩි බංකුවක බෝතලෙයි වීදුරුවයි සෝඩා එකයි බයිට් පීරිසියයි. තියාන අකුරු තෝර තෝර කොටන ගමන් කොපි පොතේ ලිය ලියා කේන්දර බලන මෙ ගුරුන්නාන්න්සේව ඇදපන්කෝ..
    උඹ තමා ඒකට දක්ෂයා.
    ආ වෙලාව එවපන්කෝ මම බලලා කියන්නම්.
    පුළුවන්නම් දකුණු අත ස්කෑන් කරලා ඒකත් එවපන්.

    ReplyDelete
  41. තිස්ස අයියා....ට

    තිස්ස අයියා.. මාර අයියගෙ සිතුවිලිවලට අනුව හිතා මම මෙසෙ මැදින් පැන නම කුඩු කර ගන්නෙමි...(මගෙ අදහස අනුව මාරයියා මෙසෙ කියයි)
    " තිස්ස අයියා... ගුරුන්වහන්සෙ කැලි අවශ්‍ය නැත, පඩුරු පාක්කුඩම අවශ්‍ය නැත..සෙට් වෙන දවසට හොද සැර අසමොදගම් බොතලයක් හො කිපයක් රවා මල්ලිට හා මට අවශ්‍යව ඇත. පැමිනෙන දිනයක කලින් දන්වා සිටින්න.. අපි ගුවන් තොටුපොලටවිත් එය බාරගෙන යනු ඇත.... රවා ගුවන්තොටුපලට ඉතාම ආසන්නයෙ වසන කෙනෙකි..."

    ReplyDelete
  42. "සෙට් වෙන දවසට හොද සැර අසමොදගම් බොතලයක් හො කිපයක් රවා මල්ලිට හා මට අවශ්‍යව ඇත" හෙහ් හෙහ් හෙහෙ...මූට හොඳටම පිස්සු... අනිව සෙට් වෙමු...මටත් අසමෝදගම් බොතලයෙන් ඩිංගක් හරි ඉතිරි කරපන්....

    ReplyDelete
  43. මිස්සක...
    අනේ කොල්ලෝ උඹ තාම හිච්චි එකා.
    ඔය තියෙන දෙයක් කාලා වැටෙ තැනක වැටිලා දොයිය ගනින්.
    ආවා මෙතන ..ලොකු වැඩ කරන්න..
    මූණ බැළුවම කිවුවැකි. ආයේ කේන්දර ඔන නැහැ...

    ReplyDelete
  44. තිස්ස දොඩන්ගොඩ...
    අනිවාර්යයෙන් ටිකක් හරි තියන්න තිබ්බා හැබැයි පළවෙනි බෝතලෙන් නම් නෙවෙයි.. දෙවෙනි එකෙන්.. පළවෙනි එක මටයි රවාටයි තොලකට තෙමා ගන්න ගියාම ඉවර වෙනවානේ...

    ReplyDelete
  45. මාරයියා.. මට ඉස්සරයින් යන්න එකෙකුත් නැහැ,,,, පස්සෙන් යන්න එකෙකුත් නැහැ... මගෙ අම්මලා දෙන්න විතරයි ඉන්නෙ.. හැබැයි මම කැමති නැහැ බිලා ඉන්න වෙලාට එයාලා මාව දකිනවට.. එක හින්දා කවදවත් ගෙදර එන්න බොන්නෙ නැහැ... එක හින්දා ඔයා කිව්වට 2 කත් මදි වෙයි... හැබැයි .. තිස්ස අයිය අසමොදගම් බොතල් දෙකක් ගෙනාවොත් අපි ටිකක් ඉතුරු කරලා.... අපි මෙහෙන් බුලත් විටක් ගමු.. එක කැවට පස්සෙ ඔක්කොම සෙල්ලම් ඉවරයි....

    මාරයියෙ.. මම mail එකක් එවන්නම්

    ReplyDelete
  46. මේක මාර ආණ්ඩුවක්නේ...:(

    ReplyDelete
  47. මිස්සකට ....

    හූ..........දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නෙ නැතුව එනවා මෙතන කේන්දර බලවගන්න...
    ඇද්ද අහගත්තා :D

    ReplyDelete
  48. මාරයියෙ...
    මගෙ ලග්නය තුලා
    1 ර බු කු
    2 නැ රා යු
    3 ශ
    4 -
    5 -
    6 -
    7 -
    8 -
    9 කේ
    10 ච
    11 ගු
    12 ශු
    හපොයි මෙටික බලල හැකිනම් මොනව හරි කියන්න පුලුවනිද.....
    මම නම් තාම A/L කොරන කොලුගැටයෙක්..

    ReplyDelete
  49. දිල්ට...
    ඇත්තද නාකි අම්මණ්ඩි...? හොදට බලාගන්න කේන්දරේ..:P

    ReplyDelete
  50. මිස්සකට /
    නැතුව...අපි නම් ඉන්නෙ බදින වයසේ...ඔයාව ඕනෙනම් මගෙ පේජ් බෝයි කරගන්නම්....;)

    ReplyDelete
  51. නැතුවට කමක් නෑ. ඔයා බදින වයසෙද..? ආ ඔව් ඔව්.ප්‍රශ්ණයක් නෑ. මම පත්තරේ දැක්කා අවුරැදු 70ක විතර කෙනෙකුත් කසාද බදිනවා. ඉතින් ඔයාට බැරිකමක් නෑ...:P

    ReplyDelete
  52. කාලෙකට පස්සෙ ඕපාදූප ගොඩක් කියෙව්වා.කව්ද අප්පා ඔය නම දැම්මෙ ....මාරයාගේ හෝරාව....? වෙන නමක් තිබුනෙම නැද්ද දාන්න.?

    ReplyDelete
  53. අනේ මිස්සක මල්ලියෝ... විරුද්ධ පාර්ශවයට ගරු සරු ඇතිව කතා කරන්න ඕනෑ කියලයි මගේ කල්පනාව... ඔය හූ කිව්වට අපි මොකටද සැලෙන්නේ...

    ReplyDelete
  54. තිස්ස අයියා... ඔය මිස්සක කියන්නෙ.. දිල් අක්කගෙ ලගින්ම ඉන්න කෙනෙක්.. මල්ලි " නකි අම්මණ්ඩි " කිව්වට, ඌ එක උච්චාරනය කරද්දි දිල් අක්කගෙ හිතට පුංචි සතුටක් එන්නෙ... දිල්ට එක මිහිරි වචනයක් වෙවි... මම බොරුද කියන්නෙ දිල් අක්කෙ...

    ReplyDelete
  55. හැබැද...මට ටිකක් අපහසුයි...ඒ වාගේ වෙලාවට... එහෙනම් සොරි මිස්සක මළයෝ... හරි රවා කියනවනම් නෝ ප්‍රස්... උඹ ඉතින් ඔය අහු මුලු හැමතැනම රිංගන එකා නෙවෑ...

    ReplyDelete
  56. අදිමි, අදිමි, ටිකක් ඉවසපං.

    ReplyDelete
  57. ඔන්න මම ආවා.....
    යකොඩෝ මාර වලි තොගයක්නේ මම නැති අතරෙ ගිහින් තියෙන්නේ...

    මිස්සක මලේ සමා වෙන්ඩ ඔනෑ උඹව අපහසුතාවයකට පත් උනානම්.
    මම සාමාන්‍යයෙන් වැඩිය සලකන්නේ නැති ප්‍රශ්නයක් නෙව අහලා තිබුනේ ඒකයි එහෙම ලියලා දැම්මෙ.. ඔය වයසේ ඔහොම තමා.. අපි උනත් ඉස්සර අත බලන කෙනෙක් අහු උනත් මුලින්ම අහන්නේ කෙල්ලෝ කීයක් යාළු වෙයිද කියලා තමයි..
    ඒත් ඉතින් පස්සේ කාලෙක තමයි තෙරෙන්නේ ඊට වඩා වැදගත් දෙයක් දැන ගන්න තිබුනු අවස්ථාව නැති කර ගත්තා නේද කියලා.. ප්‍රයෝජනවත් දෙයක් අහපංකෝ බලන්න මම බලලා දෙන්නම්.

    ReplyDelete
  58. දිල්...
    අනේ අම්මපා මෙහෙමත් රණ්ඩු කෙක්කක්...
    අර පොඩි එකාව ගත්තා නේද බයිට් එකට...

    හැබෑට මෙ බදින වයස කියන්නේ 70 වටද?
    එහෙනම් ඉතින් මටත් තව අවුරුදු 40ක් විතර යහතින් හිටියහැකි...

    ReplyDelete
  59. Siththarasithwila(සිත්තරසිත්විල) ...
    හරියටම හරියන නම තමයි ඔය දාලා තියෙන්නේ...
    මාව හරියටම දන්නව නම් ඒ ගැන සැකයක් හිතන්නේ නැහැ.

    නියම වැඩෙ කියන්නේ හොදට කියවලා ඉවර වෙලා කියනවා ඔපාදූප ලු..
    හනේ.. හනේ...

    ReplyDelete
  60. තිස්ස දොඩන්ගොඩ ...
    රවා කිවුවෙ ඇත්ත අයියේ...
    උන් දෙන්නා (මිස්සක/දිල්) හරියට ගහයි පොත්තයි වගේ..
    ඉදි කට්ටයි නූලයි වගේ..
    ආච්චියි ආතයි වගේ...
    පානුයි පරිප්පුයි වගේ...
    කුණු ගොඩයි මැස්සයි වගේ.... (ආ දැන් දෙන්නම රණ්ඩු වෙන එක නවත්තලා පටන් ගනිමු බලන්න මට බණින්න...)

    ReplyDelete
  61. රවා...
    රවා දන්නවද වැඩක් මෙ අපේ දිල් ඉන්නවා නේද..?
    තව පොඩ්ඩකින් පටන් ගන්නවා මට බණින්න. තරහා නැතිව පොඩි සපෝට් එකක් දෙන්න. නැත්නම් මට අමාරුයි ඔය ආච්චි අම්මත් එක්ක තනියම රණ්ඩු වෙන්න...

    ReplyDelete
  62. බුද්ධි...
    මම බලන් ඉන්නවා...
    උඹෙ වැඩෙත් අද හවසවත් බලමු.
    මම හිතන් ඉන්නවා අද මගේ පරණ දායක මහත්තුරු කීප පොළකුයි, උපාසිකාවෝ කීප දෙනෙකුයි හම්බ වෙලා එන්න යන්න. ඒ ඇවිත් අපි බලමු.

    ReplyDelete
  63. හික්

    ඔක්කොම එකතුවෙලා මට බැනලා නේද ? මහ මෝඩයො...නැතිවෙලාවේ බනින්නෙ....

    මිස්සක ගැන කිව්ව දෙවල්නම් ඇත්ත...අපි දෙන්න හෙන ෆිට්. කොච්චරද කියනවා නම් මගෙ බ්ලොග් එක හදලා දෙනකම් වලි...ඊට පස්සෙ එකේ එක එක දේ වලට වලි....

    එත ඉතින් තාම ෆිට්..

    ඌට කෝල් කලාම මට පිස්සු හැදෙනවා...

    අර පොඩි උන ෆෝන් එක තියාගෙන සද්ද නැතුව ඉන්නේ. මූත් ඒ වගෙ. කොහොම කෙල්ලො එක්ක මල් කැඩුවද මන්දා..... ;)

    ReplyDelete
  64. මෙන්න රවා බලන්නකෝ.මට මාරයා ආච්චි අම්මලු. පේන විදියට මාරයගෙ ඇස් දෙකත් ඉවරයි වගෙ

    ReplyDelete
  65. කවුද කවුද දිල් අක්කට අච්චි කිව්වෙ

    ගහගන්නට එපා දෙන්නාටම සබඳ
    වෙන්නම් නුඹලා දෙන්නම මාගෙ නෙවෙද....

    (කෙයස් මහත්තයො මට සමාවෙන්න...)

    ReplyDelete
  66. :D
    හොඳයි හොඳයි...ඔහොම යමුකෝ.. :p

    ReplyDelete
  67. රවා ...
    ආ සේනාධිපති On Duty වගේ...
    හොදයි හොදයි...
    මිස්සක මලේ උඹවත් වරෙන් මයෙ අම්මා...

    ReplyDelete
  68. කවුද කවුද දිල් අක්කට ආච්චි කිව්වෙ

    කියන එක කපන්න..

    ගහගන්නට එපා දෙන්නාටම සබඳ
    වෙන්නම් නුඹලා දෙන්නම මාගෙ නෙවෙද..


    මෙක විතරක් හිතට ගන්න...

    ReplyDelete
  69. රවාට මාරයාගෙ දුරකථන අංකය අවශ්‍යව ඇත...මාරයියා හට විද්‍යුත් ලියමක් දැම්ම නමුදු ප්‍රතිචාරයක් නොමැත... මාරයියා එය මා දැනගන්නවාට අකමැතිනම් එ බව දන්වන්න, නැතිනම් දුරකථන අංකය එවන්න... නැතිනම් දන්නා කෙනෙකු හට පවසන්න එය මට දෙන්න කියා.....
    වෙන මොකටවත් නෙමෙයි.... ඇරෙන්ජ් කරන්න.

    ReplyDelete
  70. මාර කෙලියක් වෙලානේ මෙතන...
    මම නිවාඩු වෙනකන් ඉඳලා මුන් ටික හොරෙන්ම ඇරගෙන.
    හිටපියවි තොපිට දෙන්න වැඩේ...
    (එහෙම කිව්වට මට කොරන්න පුලුවන් දෙයක් නෑ...)

    ඒක නෙමේ..
    වැප් මාත් ධනු ලන්ගේ බං.
    මගෙ සිකුරා 7 තියෙන්නේ.. (සඳු 1.)
    මේකේ ඇත්තකුත් නැතුවාම නෙමෙයි.

    මොකෝ මට නිකන් ඔය කෙල්ලෝ ටිකක් සෙට් වෙනවද මන්දා සටස් ගාලා...
    අනේ මන්දා... තව අවුරුදු කීපයක්ම සිකුරා මහ දසාවේ ගෙවෙන්නේ...


    /බිඟුවා...!

    ReplyDelete
  71. බිඟුවා...!

    සෙම් අමාරු එහෙම නැතෙයි...
    මොනවා හරි තමන්ටම කියලා බිසිනොස් පාරක් පටන් ගන්නවා හොදයි..

    ReplyDelete
  72. eka thama ban case eka. mata sema case nene. ahana ahana eka oka kiyanawa. ane manda.

    ReplyDelete