17 March 2010

අද දවසේ සිදුවීම් සහ තවත්...

අද දවසම එහෙ මෙහෙ ගියා.
උදේම ඇවිත් බ්ලොග් එක බලලා,ඊට පස්සේ කිරිදිවැල ගිහින් මගේ පරණ දායක මහත්මයකුත් වන පාරිභෝගික භවතෙක් හමු වී ඔහුගේ කලින් කල ඉල්ලීමක් ඉටු කරනුවස් කේන්දරය එහෙම බලලා, ඊට පස්සේ දෙල්ගොඩ මගේ තවත් හිතවත් අයකුගේ වැඩක් කර දීම සදහා යන අතරතුර මම පෙර දිනක සදහන් කල මගේ හිතවත් ගෝලිය ගේ නිවසටත් ගොඩ වැදුනේ හැකි ඉක්මනින් යන්නට බලාගෙන උනත් උදේ 11 හේ ඉදන් හවස 5 වෙනකල්ම එහෙ ඉන්න උනා.
එහෙ පවුල් කිහිපයක් ළග ළග නිවෙස් 4ක විතර නෑදෑයෝ ඉන්නේ. ඉතින් ගිය වෙලාවෙ ඉදන් ෂෝ එක පටන් ගත්තා (මාව බලන එක තමා) ඒත් එක් පවුලක කට්ටිය අඩු නිසා සොයා බැලීමෙදී මගේ හිතවත් ගෝළියගේ ඥාති සහෝදරිය අසනීප වී ඇති නිසා ඇගේ නිවසේ සියළුම දෙනා ඒ වෙනුවෙන් පිළියම් කිරීම සදහා පිටත්ව ගොස් ඇති බව දැන ගන්න ලැබුනා.
පස්සේ හවස 3 විතර වෙන කොට තමයි ඇත්ත කාරණාව දැනගන්න හම්බ උනේ.
ඒ කියූ සොයුරිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා කිසියම් මුදල් වංචාවකට අනුබල ලබා දීමෙ වරදකට.
කොහොමින් කොහොම හරි අන්තිමට මම ගිය වැඩෙ දාලා ඇවිත් මම දන්නා අදුනන නිතී ක්ෂේත්‍රයේ රාජකාරි කරන වැඩිහිටියකු හම්බ වෙලා ඇයට ඇප ලබා දීම සදහා අවශ්‍ය කටයුතු සොයා බලා ඒ වෙනුවෙන් දැනට සිරගතව සිටින සොයුරියගේ( ඇයත් මගේ හිතවත් ගෝලියෙක් තමා) සැමියාට දන්වා කටයුතු සකස් කරලා,අන්තිමට තෙමීගෙන ගෙදර ඇවිත් නාලා පිළිවෙලක් උනේ රෑ10 ට විතර තමා.
ඊට පස්සේ මම ගෙනල්ලා තිබුනු රබ්නේ බනාදී ජෝඩි චිත්‍රපටය නරඹලා අවසානයේ දැන් තමයි නිදා ගන්න හදන්නේ.
යන්තම් පැය 4කටත් අඩු කාලයක් තමා ඉතිරි වෙලා තියෙන්නේ.
අනිත් කාරණය තමා හෙට උදේ ගියහම මම එක දිගට දවස් 3ක් වැඩ ආයෙත් මෙ පැත්තේ එන්න වෙන්නේ20 වැනිදා උදේ තමයි.
ඉතින් ඒ එනකල් කට්ටියත් සතුටින් සමාදානයෙන් ඉන්නයි තියෙන්නේ.
සමාදානයෙන් ඉන්නම අමාරුනම් චුට්ටක් විතර රණ්ඩු උනාට කමක් නැහැ.
ඔනනම් චුට්ටක් දුක් උනත් කමක් නැහැ.
හැබැයි හැම දේම චුට්ටයි.
ඔං මං ගියා.

14 comments:

  1. පොඩ්ඩෙන් මිස් උනෙ... හරි මම අල්ලගන්නම් කො මිනිහව කිරිඳිවැල හන්දියෙදි.......

    ReplyDelete
  2. උඹ මගේ හිත නරක් කලා මාරයෝ....

    ReplyDelete
  3. අනේ මන්දා....මේ මරයියටත් එක තැනක ඉදලා පුරුද්දක් නැද්ද කොහෙද .....හිටපු ගමන් කොහේ හරි යනවා...

    හරි හරි...ඉක්මනින් සැපත්වෙන්න...අපි බලාගෙන ඉන්නවා

    ReplyDelete
  4. මම නම් අද තමයි මුලින්ම, මාරයව බලන්න ආවේ.
    මගෙත්, මාර හෝරාව දැන ගන්න පුලුවන්ද බලන්න.
    මොකද..මටත් මේ දවස් වල ලෙඩ පිට..ලෙඩ.

    කෝ ඒත් .. මාරයා මිසින් නේ.
    20දා එන්නම්කෝ...එහෙනම්.

    ReplyDelete
  5. කොහෙ ගියත් කමක් නැහැ .. .... කිරිබත්ගොඩ පැත්තේ අවොත් ඉතින් සොරි තමයි


    දන්නවානේ අපි මාමා ගැන ... හිකිස්

    ReplyDelete
  6. මට රිප්ලයි එකක් එවන්න... ඔයගෙ inbox එකෙ ඇති මගෙ mail එකක්...

    ReplyDelete
  7. අනේ අපොයි හා පැටික්කිගෙත් වෙලාව.. මාරයියා බලන්න ඉස්සිස්සෙල්ලම ගොඩ උනේ මාරයිය නැති වෙලවකමනෙ...
    ආයෙ එන්නම්කො....

    ReplyDelete
  8. යන තැනක කියල යන එක නම් ගොඩක් හොද දෙයක්. ඒක නෙමෙයි ලගකදි ඉදල ඔයා නිසා මට අලි කරදර..... නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි... ඔයා එක්කල කතා කරන්න ආසාවෙන් ගොඩක් දෙනා ඉන්නව. මගෙන් ඔයාගෙ දුක ඉල්ලනව. මම කොහොමද අනේ ඔයාගෙ දුක දන්නෙ..... හරි හරි යන තැනක පරිස්සමින් ගොහින් එන්න... බුදුසරණයි

    ReplyDelete
  9. නිකම් දුක නම් බැරිය ... ජංගම දුක නෙව ඉල්ලන්නෙ......
    මම ඔයාගෙ ජංගම දුක තියා ස්ථාවර දුකවත් දන්නවද මම අහන්නෙ....

    ReplyDelete
  10. වත් අක්කට..
    ඉතින් දැන ගන්නකො ... අපි එපා කිව්වද...අරන් අපිටත් දෙන්නකො...


    අනික මම මෙහෙම ප්‍රසිද්දියෙ ඉල්ලන එක හොද නැහැනෙ.. අවුරුදු 24 ක එළ පිට් කොල්ලෙක් 31 ක විතර නාකි කෙනෙක්ගෙ දුරකථන අ. ඉල්ලද්දි අනිත් මිනිස්සු මොනවා නොකියයිද....මිනිස්සු මට නරක වචන වලින් බනියි....

    ඔයා නම් ඔන්න කමක් නැහැ කිව්ව හැකි...

    ReplyDelete
  11. එකෙක් වත් නැහැ ඔක්කොම හැංගිලා.......

    ReplyDelete
  12. රවා...
    මට නම් මෙ වන තෙක් ඔය කියන අන්දමෙ මෙල් එකක් ලැබී නොමැත.
    නැවත වතාවක් චෙක් කොරලා බලන්න යැවුවෙ කොහාටද කියා..
    හප්පා හරි කොල්ලා...
    සීයා පප්පලත් කොල්ලො වෙච්චි එහෙනං

    wath ...
    දැනුවත්ව නම් මම කරදර කොරලා නැත.
    කොලත් ඒ සිතකින් නොව.
    ජංගම දුක තබා ස්ථාවර දුකද අමතක කොර දමා ඇත.
    ඔන්න මම නැවතත් පැමිණ ඇත.

    හා පැටික්කි (MS)...
    හා පැටික්කියෙක් දුටු කාලයක් මතක නැත..
    පැමිණිය එකමයි කාරිය..
    නැවත එතැයි බලාපොරොත්තු වෙමි..
    ස්තූතියි...

    වැප්...

    කිරිබත්ගොඩ පදිංචි වෙලා හිටපු කාලයකුත් තිබුනා ඉතින්..
    හිමාලි එකෙන් චිත්තරපටි බලපු කාලේ
    උදේට අමිල එකෙන් සම්බෝලයි, කරවල බැදුමයි, පරිප්පුයි එක්ක රතු බත් කාපු කාලේ...

    කොහොමත් මෙ හෙට අනිද්දට මාත් එනවා කිරිබත්ගොඩ පැත්තේ ඇදුං කෑල්ලක් දෙකක් ගන්න හිතං..
    අදින ඒවා පට්ට ගිහිල්ලා..

    දිල් ...
    මාරයා එක තැනක ඉන්න ගියොත් ඉතින් ඒ පළාත පාළු වෙලා යයි..

    තිස්ස දොඩන්ගොඩ...

    හිතා මතා නම් අයියේ කලා නෙවෙයි.
    ඒත් ඇත්ත නොකියා ඉන්නේ ඇයි..
    කොයි තරම් තිත්ත උනත් අපි ඇත්තට මුහුණ දෙන්න එපැයි.
    මොනවාම හරි දෙයක් කරලා ඒකට සමාවෙන්න කියන්න මම හරි අකමැතියි.
    ඒ නිසා සමාව ඉල්ලන්නේ නැති උනත් මම කියන දේවල් වැඩිය ගණන් ගන්නේ නැතිව ඉන්න බලන්න ..

    ReplyDelete
  13. - නිල් අහස -...
    එමු එමු ඔං බඩු ඇවිල්ලා...

    ReplyDelete
  14. mamath oya film eka balala tiyenawa kihipa saraya.
    patta nee

    ReplyDelete