22 March 2010

සමු ගන්නට කාලයයි...

කවුරුවත් තරහා වෙන්නට එපා කියලා මුලින්ම ඉල්ලා හිටිනවා.
මට දැන් මොහොතකට කලින් හිතුනා දැන් මම මෙ පැත්තේ හිටියා ඇති කියලා.
ඒ ඇයි කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ.
හේතු කිහිපයක් තියෙනවා.
දැන් දැන් මම ලියන ඒවායින් කාගේ හරි හිත රිදෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.
මම මෙ අඩවියට ආවෙ මොන හේතුවකටද කියලා මම දන්නේ නැහැ.
ඒත් ඒ ආව දවසේ ඉදලා ආයෙමත් ජීවත් වෙනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා කිවුවොත් මම නිවැරදියි.
දවසක් ඇර දවසක් ජොබ් එකත් කරන ගමන් අනිත් දවස පාළුවෙන් ජීවත් වෙමින් හිටි මට මගේ අදහස් නිදහස් කරලා දාන්න මෙතන කදිම තැනක් උනා.
ඒ සදහා මග පෑදූ සින්හල සින්ඩිය පවත්වාගෙන ආ සහෘදයින්ටත් මාගේ ලිපි කියවමින් මා හට දිරි දුන් සියළුම සාමාජිකයින්ටත් මගේ ස්තූතිය පිරි නමන්නටත් මා කැමතියි.
ඒ වාගේම මා අසලම රැදී සිටිමින් මට ශක්තියක් වූ සොදුරු සිතටත් , නිතරම අඩු පාඩු පෙන්වා දෙමින් ලගින් සිටි රවාටත්, මෑතකදී හමු වූ මුත් ළබැදි දයාවෙන් ලගම රැදී උන් තිස්ස අයියාටත් ඇතුළුව නම් කී නොකී හැම දෙනාටමත්නැවත වාරයක් පින් දෙමි.

ඒ වගේම තිස්ස අයියා මාහට කරන්නට සූදානම් වූ උපකාරය මා හට භාර ගැනීමට නොහැකි බවද මෙ සමගම කියන්නට කැමතියි. තරහා නොවන්න. හෙට උනත් ජීවිතෙන් සමු ගන්නට සූදානම්ව සිටින මා හට බැදීමක් ඇති කරගන්නට නොහැක. කෙනෙකුට ණයක් වී තිබියදී මා හට ජීවිතයේ තීන්දු තීරණ ගැනීමට එය බාදාවක් වන බව මා දනිමි. බොහෝ දුර කල්පනා කල මට එවැනි උපකාරයක් හෝ බාර ගැනීම බැදීමකට හේතුවක් යැයි හැගී ගිය හෙයින් එම උපකාරය බාර නොගත්තාට මා හට සමා වෙන ලෙස තිස්ස අයියාගෙන් ඉල්ලා සිටිමි.
වත්..සොදුරු සිත...
සමා වෙන්න මෙහෙම තීරණයක් ගත්තාට. මම හරිනම් මම හිතනවා මෙ වන විට ඔබ මාව තේරුම් ගෙන ඇතැයි කියා. එසේනම් මට අවසරයි වෙන්ව යන්නට.. මාගේ දුරකථන අංකය ඔබන්නට ඔබ උත්සුක නොවන්නේ නම් වඩාත් මැනවි.. තරහා නොවන්න..

රවා..
මා ආදරණීය මිතුර..
එක් කුස උපන් සොයුරා නිසා සහෝදරකම් එපා වී සිටි මට තවත් සොයුරකු ලෙසින් ඔබ ඇසුරු කරන්නට ලැබුනු විට සහෝදරයින් අතර ඔබ වැන්නවුන්ද සිටිනා වග අවබෝධ උනා.
ඔබ පසුගිය දින කිහිපය තුල මා සොයන්නට උත්සහ ගත්තද නොහැකි වූ බව දනිමි. නොවෙහෙසෙන්න.. මක් නිසාද යත් මෙ දුරස්ථභාවය අප අතර තිබීම ඇවසි බැවිනි... ලං වෙන්න ලං වෙන්න වෙන් වීමෙ වෙදනාව වැඩිය..
එබැවින් ඉඩ හරින්න දුරස් වීමට...

සියළුම හිතුවතුන් හා හිතවතියන්ට...
මට සමාවෙන්න.
ඔබලා යන එන මාවතේ අරමුණකින් තොරව අවට පරිසරය නරඹමින් කිසි පිළිවෙලක් නැති අයුරින් හැද පැලද.. ඉබාගාතේ යන අයකු දකින්නේද..
එය සැදෑවරුවක් වෙ නම් තරමක් බමන මතින් කිසිවකු හා කතා නැතිව තනිවම ගීතයක් මුමුණමින් හේතුවක් නැතිව සිනා සෙමින් නිල් පැහැති කුඩා යතුරු පැදියක නැගී නිතරම අළු පැහැති බෑගයක් ඇග හරහා එල්වාගෙන ගම්පහ,නිට්ටඹුව,යක්කල, ආදී ප්‍රදේශවල යන යමෙකු දකින්නේද..
නළල් තලය පැතිරී ඇති අවුල් වූ හිස කෙස් ඇති බොහෝ විට උඩු රැවුල වවා ඇති, තරමක නොකැපූ මුහුණ පුරා වැවී ඇති රැවුල් ගස් ඇති ඇස් වටා නිදි මැරීම නිසාම කළු පැහැ ගැන්වී ඇති තියුණූ හා රෞද්‍ර බැල්මෙන් යුතු ඇස් දෙකක් හිමි අයකු දකින්නේද...

ඒ මාරයාගේ හෝරාව එනතුරා බලා හිදින මිනිසාය..

කථා නොකලාට කම් නැත..
මදක් සිනහා වී ඔහු දෙස බලා නිවන් සැප ලැඛෙවායි පතන්න..

68 comments:

  1. ඒ පාර මොකද මේ එකපාරටම උනේ ?
    මොකද මේ ?
    කරුනාකරලා හිතුවක්කාර වෙන්න එපා අයියේ ......
    අපේම එකෙක් කියලා දැනුන සහ දැනෙන හින්දයි මෙහෙම කියන්නේ....

    ReplyDelete
  2. අයියෙ....
    ඔෆිස් එකේ වැඩ කරගන්න ඕන..ඊයෙත් දවසම උන්නෙ හිතේ අමාරුවෙන්..පොල්ලෙන් ඔලුව මැද්දට එකක් ගැහුවා වගේ දලම ගහල යන්න ලැහැස්තිවෙන්න එපා.

    ඔයා කවුද කියන්නවත් දන්නේ නෑ. ඒත් අපි හිතවත් උනා. අපෙ උන් කියලා අපිට දැනුනා. මොනවා හරි හිත රිදවීමක් උනා නම්..ඒක විසද ගමු. මෙහෙම කරන්නේ නැතුව...

    ReplyDelete
  3. මොකද මේ මෙතන වෙන්නේ ? :o

    ReplyDelete
  4. මේ මොකද මේ ....

    මට පැහැදිලි මදි ....

    කොහෙද යන්නේ?

    එන්වදෝ? ? ? ?

    ReplyDelete
  5. මාරයියෙ,
    මම නිතර කොමෙන්ට් නොකලට මෙහි නිතර ගොඩවැදිල උඹේ ලිපි කියවපු උඹේ රසිකයෙක්. උඹ සුන්දර මිනිහෙක් අයියෙ.

    ඔබව මෙහි දිගටම දකින්නට අපි කැමතියි.

    මොනවා උනත් තීරණය උඹේ අ‍තේ. ගතකරපු ජීවිතේ ගැන අද්දැකීම් වලින් අකාලේ මහලු වෙලා ඉන්න උඹට දෙන්න උපදෙසක් මගේ ළග නෑ.

    කොහේ හිටියත් හොදින් හිටපන්.(මොනව උනත් මේක අවසාන තීරණය නොවේවි කියල මම ප්‍රාර්ථනා කරනවා)

    ReplyDelete
  6. මාරයා අයියේ,
    මොකද මේ හිටි හැටියේ?මම නම් බ්ලොග් ලියන්නෙක් නෙවෙයි.ඒත් හැමදාම ඔයාගේ බ්ලොග් 1 නොකඩවා කියොනවා,comment කළේ නැති උනාට.එහෙම අපිව අතරමන් කරලා යන්න එපා.මම කීවාට නෙවෙයි,ඔයා එක්ක හැමදාම හිටිය ඔයාගේ අනිත් යාලුවො කියන දේවල් අහන්නකො.පපුවට පිහියෙන් ඇන්නා වගෙයිනෙ අයියේ මෙහෙම කළාම.
    තරුශි

    ReplyDelete
  7. අයියේ උඹ සුන්දර මනුස්සයෙක්. මමත් මේක ගොඩක් දුරට නිහඩව කියෙව්වා. අපිට උඹව වටිනවා.මම කාටවත් බලකරන්න කැමති නෑ.... ඒත් පොඩ්ඩක් හිතලා ඉන්න පුලුවන්නම් හිටපන්. උබේ බ්ලොග් එක කියවන අපි වෙනුවෙන්...

    ReplyDelete
  8. මොකක්ද මේ වෙන්නෙ. මටනම් මොකුත්ම තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  9. මමත් හරිම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. comments දැම්මේ නැති වුනත් ඔයා ලියපු හැම ලිපියක්ම මමත් කියෙව්වා. අදින් පස්සේ එහෙම බැරි වෙයිද? ඔයා කොහේ ගියත් කොහේ හිටියත් මේක ලියන එක නවත්වන්න එපා. සදා ජය!....

    ReplyDelete
  10. උඹට මාරයගෙන් කෙසේවෙතත් මගෙන් නම් බේරෙන්න බෑ... මං කිව්වනේ කල් ඇතුවම මං අතක් අල්ලගන්නේ අත් අරින්න නෙමෙයි.... මම උඹේ කල්ක්‍රියාව නිසා හිත රිද්දාගත්තු එක මේකට හේතු වුනානම් මෙතන ඉන්න හැමෝගෙන්ම ම සමාව ඉල්ලනවා මමයි මේකට වැරදි කාරයා කියලා...

    උඹට පොඩ්ඩක් වත් තේරෙන්නේ නෑ උඹේ සමාගමය කොච්චර අපිට...මට... වටිනවද කියලා...උඹ වෙලාවකට හරිම ආත්මාර්ථකාමී මිනිහෙක් බං... දාහක් ඉන්නකොට අවංක එක මිනිහෙක් හොයාගන්න අමාරු කාලේ උඹත් මග හැරලාම හිටපන්... අපි ඉන්නම් ‍රැවටිලිකාරයෝ, වංචාකාරයෝ, කාපාලුවෝ එක්කම...

    හරි... උඹට මාව කරදරයක් වෙන්නෑති කියල දැන් මට හිතෙනවා... මං ආයේ උඹට ලියන්නේ නෑ... මේක නවත්තන්න එපා බං...

    ReplyDelete
  11. මේක තේරුම් ගන්න අමාරු අයට පහල බැලුවහම තේරෙයි හේතුව...

    මගේ සයිට් එකේ ගිය කමෙන්ට්...

    මාරයාගේ හෝරාව said..."මාත් අහල පහළ ඉන්නවා. ඒත් කේන්ති ගිහින් ඉන්න බව දන්න නිසා වැඩි සද්ද නැහැ..." March 22, 2010 8:15 AM

    දිල් said... "කාටද තිස්ස අයියේ මේ තරහා ගිහින් කියලා මාරයියා කියන්නේ ?" March 22, 2010 8:27 AM

    තිස්ස දොඩන්ගොඩ said... "@ දිල්: මට ඔය මාරයා මල්ලීත් එක්ක හොඳටම මල පැනලා ඉන්නේ....
    කුප්පියක් තියන් ඉන්නවැයි කියන්නේ එයාට ඕනා වෙලාවට මාරයා නො ආවොත් ගන්න.... යන යන තැන අරනුත් යනවලු... ජීවිතයක් බේරාගන්න මිනිස්සු විඳින දුක... ජීවිතේ ගැට ගහගන්න අපි විඳින දුක හොඳින්ම දන්න මූ කරන වැඩ බලන්නකෝ නංගියේ.... ඔය මං උඩ පූර්විකාවෙත් ලියල තියෙන්නෙත් ඒකම තමයි...." March 22, 2010 8:39 AM


    මාරයාගේ හෝරාවෙහි...

    ලියන ලද්දේ... මාරයාගේ හෝරාව වෙලාව.. 10:25 "දැන් දැන් මම ලියන ඒවායින් කාගේ හරි හිත රිදෙන්න පුළුවන් කියලා මට හිතෙනවා...."

    (මේවායේ වෙලාවල් ඔලුවට ගන්න...)

    මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් කිරීමේ ආදීනව මේ යැයි සිතමි... සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලමි...

    ReplyDelete
  12. @ මාරයා,
    මම ඔයාගෙ ලිපි හැමදාම කියෙව්වට මතක විදියට Comment කරලා නම් නෑ මීට කලින්. ඒත් අද මේක දැක්කම තවදුරටත් නිහඬව ඉන්න බැරි උන නිසයි මෙහෙම ලියන්නේ. ඔයා හිතනවට වඩා ලොකු පිරිසක් ඔයාගෙ පාඨකයො වෙලා ඉන්නවා කියන එක අමතක කරන්න එපා. හේතුවක් නොදන්නවා උනත් මේක අවසාන තීරණය නොවේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මොනවා උනත් ඔබට සදා ජය...!

    ReplyDelete
  13. අනේ බන් මොකද මේ වෙන්න යන්නේ....කොච්චර සොඳුරු මිනිස්සුද මේ අමනාපවෙලා හිත්‍ රිදෝගෙන ඉන්නේ...
    ඇයි මේ...තවපාරක් හිතපන් කොල්ලෝ...

    ReplyDelete
  14. ඔයාගෙ හැම ලිපියක්ම බොහොම ආසවෙන් කියවපු නිසා මට මෙහෙම ලියන්න යුතුකමක් සහ අයිතියක් ඇති නිසයි මේක ලියන්නෙ. කරුනාකරලා ලිපි ලියන එක නවත්තන්න එපා.comment දාන අය වගේම මම වගේ comment නොදැම්මත් මේක කියවන තව කී දෙනෙක් ඉන්නවද, අපි වෙනුවෙන් දිගටම ලියන්න මාරයා අයියෙ.

    ReplyDelete
  15. පිස්සු නැතිව හිටපං බං දිගටම

    ReplyDelete
  16. මචං තේ බීල පලයන්....:)

    පිස්සු නැතුව හිටපන්...

    ReplyDelete
  17. මාරයියෙ.... ඉඳ හිට මිසක් දිගින් දිගටම මමත් මේ බ්ලොග් එකේ comment කරල නෑ.... ඒත් හැමදාම කියෙවුව.... කම්කටොළු මැද වුනත් මාරයිය ජීවිතේ වින්ඳ සුන්දර මනුස්සයෙක්...... මේ අවසාන තීරණය නොවේවා කියල පතනවා....

    ReplyDelete
  18. මේ ලිපි අයිති ඔබට නෙමෙයි මෙහි රසිකයන් වන අපටය.. අපට අවශ්‍ය වු විට ඔබට ලිවීම නැවැත්වීමට සලකා බැලිය හැකිය..
    එතෙක් ඔබට ලියන්නට සිදුවේවි...
    අනිවාර්යෙන්ම ඔබට ලියන්නට සිදුවෙයි

    ReplyDelete
  19. මාරයි නේ, මොකද මේ? පිස්සු නැතිව හිටපං බං. සංවේදි මිනිස්සුන ගේ හිත ඉක්මනට කැඩෙනවා තමයි. ඒත් ඉක්මනටම හැදෙනවා.

    ReplyDelete
  20. අනේ දෙයියනේ ?
    තිස්ස් අයියෙ මමත් ඕක ඇහුවේ විහිළුවට...ඔයා දන්නවනෙ මම මාරයියා එක්ක විහිළු කරනවා කියලා. අනෙ අයියෙ ......අපු ඔක්කොමල්ලම එක පවුලක අය. අයියා නංගි කියලා කතකරගන්නෙ ඒ හින්ද නේද ? මාත් මගෙ බ්ලොග් එකේ ඔයාට බනින්නෙ ඔයා බොනවා, ඔයා දුර්වලයි කියලා. ඒ ඔයා ගැන හිතේ තියෙන බැදීමට. අපෙ අයියෙක් කියන හැගීමට. සද්ද නැතුව ඉන්නෙ නැතුව ඉන්න තැනකින් එන්න අයියෙ......මේක දයාබර ඉල්ලීමක්....

    අපෙන් වරදක් උනානම් සමාවෙන්න...
    අනික එහෙම එක පාරටම අපිව දාල යන්න ඔයාට කොහෙන් තියෙන අයිතියකටද ?

    ඇති අයියෙ සද්ද නැතුව උන්නා. එන්න ඉතින්

    ReplyDelete
  21. අයියා.. සමහර මිනිස්සු ඉන්නවා.. එ මිනිස්සුන්ට මෙ ආදරෙ කරනවා කියන එක හරියට නිකන් බස් එකක යනවා වගෙ..උබ ඇයි ඔහොම ඉන්නෙ කියන එක මට වටහා ගන්න අමාරු නැහැ....

    උබයි මමයි අදුනන්නෙ දෙසැම්බර මාසෙ ඉදන් කියලා හිතන්න එපා.. උබ මෙ බ්ලොග් එකට එන්න කලින් අගොස්තු මාසෙදි ලියපු අපි නොදැකපු කවියක් මෙක...

    කිසිවක්ම ලියා නැති -නමුදු හිස් කොලය මත...
    ලියන්නට සිතේ මට -සිතේ ඇති හැගුම් පෙළ...
    එසේ මා සිතූ මුත් -ලියන්නේ කෙලෙසකද...
    වදන් නැත මා සතුව -තවත් ඉතිරිව තිඛෙන...
    ඒ හැගුම් ඒ වදන් -ඔබ අරන් ගොසින් ඇත...
    අනේ මට දෙනවාද -සිතන්නට මගේ සිත...

    මම එ පින්තුර දැක්ක තැන ඉදන් උබත් එක්ක ඉන්නෙ.. මම දැක්කා උඹ ආදරෙ කරපු අක්කගෙ පින්තුර ටික.. උබ එ අක්කාගෙ කරෙන් අත දාගෙන හිටපු හැටි.. උබෙ උඩු රැව්ලෙන් පෙන්නන ආඩම්බරකම, ගර්වය.. මට ඔනා උනෙ උබව ඇස් දෙකෙන් දකින්න..උබ පින්තුරයක් උබෙ පින්තුරයක් දැම්ම වෙලාවෙත් මම මුකුත් නොකියා හිටියා....මම එ දෙවල් දැක්කෙ නැතුවා නොවෙයි..පහුගිය ටිකෙ සෙම අමාරුව පපුවට ගැහැවුවා.. කර කරලා යන්නත් එක්ක මගෙ ප්‍රනිත පානය (සුදු ලෙබලය) ටිකක් ඇදලා දැම්මා..

    කියන්න ලෙසියි .. කරන්න අමාරුයි... මට දවස් කිපයක ඉදන් සිදුවෙන දෙවල් වලින් තෙරෙනවා..උබෙ අභ්‍යන්තරය උබව වෙනස් කරනවා කියලා...මම බලාපොරොත්තුවෙනවා එ වෙනස සිද්ද වෙන්න හොද අතටයි කියලා.. මාරයව මරපන් ආපහු අර චතුෂ කුමාර කැකුලවල කියන මිනිහව නැගිට්ටවපන්...උබ මාව මග හැරියා කියලා මම තරහක් නැහැ...... උබ මගෙ ජාතියෙ එකෙක් හින්දයි උබට ලංවුනෙ... මම බිලා කවදාවත් ගෙදර ඇවිල්ලා නැහැ...හැමදාම යහලුවො ගෙනත් දානවා..

    උඹට ආපහු මෙතනට එන්න කියන්න නැහැ.. උබ උබෙ මතකයනුත් එක්ක විදින වෙදනාව හා සමාන වෙදනාවක් මමත් මෙතන විදිනවා..බොතලයට එ දෙ අපිට අමතක කරවන්න බැහැ. මාව වැටෙද්දි මාවත් නැගිට්ටවන්න වරෙන්....මගෙ දු.ක උබෙ යහලුවෙක් ගාව තියනවා.. කතා කරන්න පුලුවන්නම් කතා කරපන්...මම මෙ වෙදනාවත් දරාගෙන ඉන්නෙ මගෙ අතින් ලොකෙට තවම මුකුත් උනෙ නැහැ කියන හෙතුව හින්දයි..
    උබ කොහොම හරි විහිලු කරලා අපිව හොල්මන් කරනවා... මාරයා හැටියට බැරිනම් වෙන කෙනෙක් වෙලා හරි අපි අතර හිටපන්... හැබැයි පුතා එක දෙයක් මතක තියාගනින්... උඹත් දක්ෂයෙක් හැබැයි..උඹට අම්මෙක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා..උබයි එකිව වලදාන්න ඔනා... එකිට උබව වලදාන්න ඉඩ තියන්න එපා.. බිපන් කරෙන් ගෙදරට එන ගානට කනත්තෙට යන ගානට නෙමෙයි....
    කවුරු හරි හොද වාසනාවන්ත කෙනෙක් මෙ කෙමෙන්ට් එක දැක්කොත් හිතයි හොද බොළද පිස්සො දෙන්නෙක් කියලා නැද්ද.. හරි කමක් නැහැ.. ඉන්න තැනක හොදින් හිටපන්... තෙරුවන් සරනයි... ඇනොනිමස් වෙලා වරෙන් මගෙ එක පැත්තෙ... හරිද...

    ReplyDelete
  22. තිස්ස අයියට.. සොඳුරු සිතට...

    බය වෙන්න එපා අයියා,අක්කා.. මු අපිත් එක්ක ඉන්නවා... මට ගණන් හදද්දි වැරදෙන්න පුලුවන්... එත මාරයියා...ගෙ කාරණයෙදි වරදින්න නැහැ.. මාරයියටත් හැමදාම අතිතයත් එක්ක පොර බදන්න බැහැ... එයත් මෙච්චර කල් ගෙනාපු බර බිමින් තියලා යන්න හදන්නෙ.. ඉතින් අපි මෙ වෙලාවෙ එයාට උදව්කරන්න ඔනා.. නෙද... ?

    ReplyDelete
  23. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා

    ReplyDelete
  24. හරියට දුක හිතෙනවා :'( මම නම් කියන්නෙ යන එක තේරුමක් නැති වැඩක් කියලා...........

    ReplyDelete
  25. හා පැටික්කි බලන්න ඊයෙ ආව අද යන්නම යනවලු....
    හා පැටික්කි මේවයෙ මුලක් අගක් දන්නෑ....
    අනේ ඉන්න .....
    හැමෝම ආදරෙන් බලන් ඉන්නව මාරයියගෙන් පිළිතුරු එනකම්.....

    ReplyDelete
  26. බ්ලොග් එකකටවත් එක ආදරයකටවත් තමන්ගේ ජීවිතය දෙන්න එපා මචන් මට.......ජීව්තේ කියන්නේ කොච්චර දෙවල් විදින්න පුලුවන් තැනක්ද?.....මං උබෙ ඇත්ත කතාව දන් නෑ ඒත් උබ මෝඩයෙක් බන් උබ පිස්සෙක්.....මාරයෙක් කියලා එකෙක් නෑ බන්.........අපේ ඇගේ වැඩ කරන සෛල මැරුනාම අපිත් මැරෙනවා........ඊට එහා දෙයක් නෑ බන්........හිතපන්......මූනට හිනාවක් අරගෙන හැම දේම අමතක කරලා ලස්සනට ඇදලා කරලා........තනියම නුවර එලි පැත්තේ ට්‍රිප් එකක් පලයන්..........තමන්ගේ ජීවිතේ තමන්ට විතරයි අයිති.....හවුල් ව්‍යාපාර හැම දාම අවුල් වෙනවා වගේ.........තමන්ගේ ජීවිතේ කාට හරී අයිතිය දුන්නොත් අපේ ජීවෙතෙත් අවුල් වෙනවා........එකෙක් වත් වැඩක් නෑ බන් බෑදීම කියන්නේ මහ බොරු මගුලක්....

    ReplyDelete
  27. කෝ යකෝ මේ මාරයා...
    කතා නැතුව හිටියට හොරා වගේ ඇති බලාගෙන...
    මුං මොකද කියන්නේ කියලා..
    හූ හූ.. අපි රැවටෙයි....

    /බිඟුවා...!

    ReplyDelete
  28. මේකා ඇත්තටම ගියාවත්ද?

    /බිඟුවා...!

    ReplyDelete
  29. මේ පිස්සු කෙලින්න එපා බං හදාගත්ත පැල දාල කොහෙ යන්ටද?

    ඔන්න මම නරකිනුත් කියන්න යන්නෙ

    "අඩෝ මේ මමත් ඔය ඒරියෙල් එකේම තමා හරිද?? උබ බ්ලොග් එක නැවැත්තුවොත් උබටත් ගහල,බයික් එකත් කුඩු කරල, බෑග් එකත් ඔලුව් ඔබනව හරිද??"

    ඊලග ලිපිය එනතුරු බලා හිදිමි :P

    ReplyDelete
  30. මම උබව අදුරන්නෙ නැහ... කොම්මෙන්ට් කරලත් නැහ වැඩිය. ඒත් මන් කැමති බ්ලොග් වලින් එකක් මේක.

    මමත් උබ වගෙ හොදට බොන මනුස්සයෙක්. තනිකමත් හොදට පුරුදුයි. උබ වගේ උන් මෙ බ්ලොග් වල ඉන්න ඔනි මචන්. සරල මිනිස්සු.

    යන්න එපා මචන්.

    ReplyDelete
  31. සමනලීත් මාරයාගේ ලිපි ආසාවෙන් කියෙව්වා නෙව... අනේ ඇයි මේ?? හැබෑට මාරයා අයියා මේ කරන්නේ විහිළුවක් නේද?

    ReplyDelete
  32. උබ මැරෙන්නවත්ද හදන්නෙ ? ;) අඩෝ එහෙනම් බීම කේස් වැඩේ මට බාර දීපන් ඈ :D

    මේ මැට්ටෝ පිස්සු කෙලීන්න හදන්න එපා හොදේ !!!

    ReplyDelete
  33. kkroxc අයියට..

    ඔන්න ඔයා මාර කතාවක් කියනවා බැදිම් කියන්නෙ බොරු මගුලක් ලු... අයියා.. අපි හැමොම දුවද්දි වැටෙනවා තුවාල වෙනවා.. තුවලෙ ලෙ පිටින් නැගිටලා දුවනවා.. වැටෙන් නැතුවත් කෙනෙක් දුවලා ගිහිල්ලා කප් එක ගන්නවා.. අපි කරන්න ඔනා තරඟය නිමා කරන එක විතරයි. අපි වැටිලා තුවාල වෙලා ලෙ ගලද්දි දිනන්න ඔනා නැහැ.. මම ඔයාව කිප තැනකම දැක්කා. ඔයගෙ අතට මිල මුදල් එන ක්‍රමයක් තියනවා..කවුරු හරි ඔයාටත් තුවාල කරලා තියනවා.. එ තුවාලෙ නිසා ඔයා අනිත් අයවත් එ මිණුමෙන් මනින්න එපා.. අපිත් හිනා වෙලා ෆන් එකෙ ඉන්නවා.. නමුත් බැදිම් කියන්නෙ සියල්ල.. එක බොරු මගුලක් නෙමෙ.. එක ඔයාට වැටෙහෙයි.. කෙනෙක් ඇවිල්ලා එයගෙ දුකක් කඳුලක් එලියට දාද්දි එයගෙ හිත කඩන්න මුකුත් කරන්න එපා... අපිට වචන දෙකක් තුනක් වියදම් වෙයිනෙ.. එච්චරයි.....මම මෙ කියන දෙට තරහා ගන්න එපා...

    ReplyDelete
  34. ස්තුතියි රවාට ..මොනවා හරි දෙයක් අපිට දෑන්නුවට. තිස්ස අයියෙ ඈවිත් බලන්න....
    ඔයාට හොදක් වෙනවානම්...මේක අපෙත් සතුට අයියේ...
    ඔයා දවසක් දෙයක් කොහෙ හරි ගියාම ඔයා එනකම් අපි මග බලාගෙන උන්නා. සැරෙන් සැරේට ඇවිත් ඔයා ඇවිල්ලද කියලා බලලා ගියා....

    අදත් ඒ වගේ...කී පාරක් ආවද මේ පැත්තට .....දන්නවද ඔයා ඒක ?
    තව කොච්චර කාලයක් හරි ගිහින් ආයෙමත් එනකම් එ වගේම ඇවිත් බලලා යන්නම්....

    මාරයා වෙලාම හරි නෑත්තම් රවා කිව්ව වගේ චතූෂ වෙලා හරි.........

    අපි බලන් ඉන්නවා

    ReplyDelete
  35. රවාට /

    මම මේ ඒ ගැන මුකුත් නොකිය උන්නේ..කතා කරල වැඩක් නැතිනිසා....බෑදීම කියන්නේ බොරු මගුල් ලු. කාටද මේවා කියන්නෙ ඉතින්

    ReplyDelete
  36. මොකද්ද මල්ලී මේ වැඩේ තේරුම....?
    මම ආයේ උඹ ලියන ඒවා ගැන හිත නරක් කරගන්නේ නෑ...ඒක උඹේ නිදහස කියලා උඹට නොලියාම ඉන්නම්... මගේ හිතේ කනස්සල්ලක් ඇතිකරලා මේ වැඩේ කරන්න එපා... මම තව පැය 24 බලලා මේකේ උත්තරයක් නැත්නම් උඹට කෝල් කරනවා...

    ReplyDelete
  37. මං මොනවා කිව්වත් අනතිම තීරණේ ගන්නෙ උඹ හින්දා මට විශේෂ දෙයක් කියන්න බැහැ. කියන්න ඕනි හැම දෙයක්ම මට කලිං උඔගෙ අනිත් යාලුවො කියලා තියෙන්නෙ. මට දුක උඹ කිව්ව අර සිත්තරේ ඈදලා උඹට එවන්න බැරි උන එක.

    ReplyDelete
  38. බය වෙන්න එපා.. එයා ආවත් නැතත්... මෙතන එ විදියටම තියෙයි..... එයා ආවොත් එයාවත් අපි එකතු කරන් කට්ටියම ආදරෙන් බදා ගමු... නැත්නම් ... අපි කට්ටිය ආදරෙන් බදාගෙන ඉඹ ගමු.... බය වෙන්න එපා එයා ඉන්න තැනක් හොදින් ඉන්නවා කියන විස්වාසය මගෙ තියනවා......

    ReplyDelete
  39. මම නං අයියා එක්ක තරහම තරහයි... සහෝදරයො වගේ එකට ඉඳල එහෙම එක පාර යන එක හරිම අසාධාරණයි... මාගේ බලවත් විරෝධය...

    ReplyDelete
  40. Good Morning මාරයියේ...

    තාමත් ඇවිත් නෑ නේද ? කමක් නෑ. දමලා ගහලා යන්න ඇත්තේ ලොකු වැඩකට වෙන්න ඇතිනෙ...අපි බලන් ඉන්නවා. ඉක්මනින් එන්න

    ReplyDelete
  41. කෝ මේකා අදත් නැහැ ....

    ReplyDelete
  42. ඔයා නාවොත් ඒක අපිට කරන අසාධාරනයක්...

    ReplyDelete
  43. හා.......... හොඳයි...... ටටා බායි

    මාරයා කියලා නම දාගෙන හිටියම ඉස්සර මම බයයි මේ පැත්තේ එන්නත් (මගේ මරණය පැත්තේ යන්නත් ඒ වගේම බයයි)

    අපොයි බැලුවම අපිටත් වඩා බබෙක්නේ..............


    ලැජ්ජයි මට ඉස්සර බයේ හිටියට.


    මට නම් එපා........ වෙනවා........

    කට්ටිය හිතන් ඉන්නේ මට දැන් ඇති මම යනවා කිව්වාම අනිත් අයට හරි හැපි කියලා වෙන්න ඇති

    අනේ මයේ මොකෝ යන එකයි ඇත්තේ

    ටටා බායි.......................

    ReplyDelete
  44. රවාට
    මචන්.......මන් මාරයට කීවේ හිත හදාගන්න ක්‍රමයක් බන් ..........මං කාගෙවත් හිත රිද්දන්න කැමති නෑ...........මොකද රිදුනාම විදවන විදිය මං ඕන වටත් වඩා විදලා තියන හිංදා....බැදීම් කියන්නෙ තේරුමක් නැති දෙයක් එක මං විශ්වාස කරනවා.........උබ කීවා වගේ මගේ අතට නිකං සල්ලී එන් නෑ ............මං දුක් විදලා හොය ගන්නේ........බැදීම් වලට වහල් වෙනවට වඩා අපිට කරන්න දෙවල් කොච්චර තියනවද..........මුලින්ම මනුස්සෙයෙක් විදියට සාර්ථක වෙයන් සල්ලි හොයන එක ගැන නෙම මං කියන්නේ......මොන දේ වුනත් හැලෙන් නැතුව ඉන්න දැන ගන්න ඕනීම මනුස්සෙයෙක් වෙලාව අවම වෙනස් වෙනවා......

    ReplyDelete
  45. තාමත් ඇවිත් නැත

    ReplyDelete
  46. @kkroxc
    You are right.+1
    @Rava
    tikak panditha wadi wage neda?.

    ReplyDelete
  47. නුබ ගිහම නික්මි
    හදමඩලට....දුක් දී
    නෙතෙ කෙවෙනිලග
    කදුලක් නතර උනී

    වටෙන කදුලු පිහදා
    සිත හාදා ගන්න සිතුනී
    තවත් වරෙක උත්සහකරමුත්
    තිත හදා ගන්න නොහැකී

    මනුස්සකම ගැන කියදුන්න නුබ
    ඇයිද මේලෙසින් නික්මියනේ
    තවත් වරෙක උත්සහකරමුත්
    තිත හදා ගන්න නොහැකී

    නුබ පෙමිනෙනතුර මග බලාඉමි........................

    ReplyDelete
  48. සඳ මේනුMarch 23, 2010 at 3:58 PM

    බොලේ මට නම් මේකේ හාවක් හුවක් තේරෙන්නෙ නැහැ..ඒත් ටිකක් සිරීයස් වර්චුවල් ලව් හුටප්පට්ටර කේ‍ස් එකක් වගේ..ගනන් ගන්න එපා බැනෝ.ලපටියා නොවී අපි ආපහු ලියමු...

    ReplyDelete
  49. තාමත් නැහැ .... හෙටත් ඇවත් බලනවා ...

    ReplyDelete
  50. kkroxc ට
    ඔව් බන්.. උබෙ හිත තෙරුම්ගන්න බැරි කමක් නැහැ මටත්. මනුස්සයෙක් වගෙ සාර්ථක වෙනවාට වැඩිය... මෙහෙම අමනුස්සයෙක් වගෙ ඉන්න එක හොදයි කියලා මිට කාලෙකට කලින් හිතුන හින්දයි මෙහෙම ඉන්නෙ.. බන්.. නමුත් අයියා සල්ලි කියන්න හැමදෙම නෙමෙයි..උබ මුල ඉදන්ම මාරයගෙ බ්ලොග් කියවන කෙනෙක් නම් වැටහෙවි.. මාරයා කියන්නෙ මොනවගෙ මානසික පිඩනයකින් මෙතනට ඇවිල්ලා.. එක ගොඩක් අඩුකරගෙන මෙතනින් ගිය කෙනෙක් ද කියලා.. මෙ මනුස්සයා වචන ඇතුලෙ ගොඩක් දෙවල් නොකියා කිව්වා...මනුස්සයින්ගෙ අතින් වැරදි වෙනවා..උන්ට අපි සමාව දෙන්න ඔනා..උබෙ අතින් තැනකදි වැරැද්දක් උනා.. එතනත් මම හිටියා..
    උබ බැදිම් වලට බය උබත් අපි වගෙම තුවාල උණ හින්දයි වැටිලා. එත් උබ බයගුල්ලෙක් නැගිටලා ආපහු එ ජවයෙන්ම දුවන්න. නැහැ උබව වැටිලා එ විදියටම තුවාල වෙයි කියලා.. සල්ලි හොයන තරඟයෙදි උබ දිනයි...හැබැයි Y fm ඇහැව්වට කමක් නැහැ.. හිදලා හිටලා ලක් හඬත් අහපන්.. මොකද අපි මනුස්සයොනෙ..ඉර හඳ තරුත් වෙව්ලන වෙලාවල් තියනවා.. ඉතින් අපි මොක්කුද...

    Anonymous ට
    රවාට ලොකු මතකයක්, අල ගෙඩියක් තරම් මොලයක් තියනවා... රවා දෙයක් කියන්නෙ ගොඩක් ඇවිදලා.. ගොඩක් වැඩිහිටියන්ගෙ කටවල් වලට ඇහුන්කන් දිලා... එ මිනිස්සු හිතපු විදියට හිතලා ගොඩක් තැන් වලින් යම් යම් දෙවල් අරගෙන... එක හින්දා මම හිත හැටියට මෙහෙම වෙන්න ඔනා ඔයගෙ කමෙන්ට් එක..

    @kkroxc
    You are right.+++
    @Rava
    thonam maha pandithayek, tho mukuth karanneth naehae. karana ekekuta karanna dhenneth naehae...

    මොකද කියන්නෙ....

    ReplyDelete
  51. කෝ අදත් නැහැ

    හැබැයි මාරයෝ උඹ නාවොතින් මම දානවා නඩුවක් මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා.
    දානවමයි
    දාලා උඹවත් යවනවා මහ උලු ගෙදරට
    උඹව දාන කූඩුවට හැබැයි දෙනවා පරිගණකයකුත්....
    බරපතල් වැඩ සහිතව දවසේ පැය විසිහතර පුරාම සින්හලෙන් කොටන්න....

    ReplyDelete
  52. තාමත් ඇවිත් නෑ නේද ?

    ගිය වැඩේ ඉවර නැද්ද තාම ? මට හරි පුදුමයි අපි ඔක්කොමලාව දාල ගිහින් ඔයා කොහොමද සද්ද නැතුව ඉන්නෙ කියලා. ඒත් ඉතින් ඔයා ඉන්නවනෙ...අර kkroxc කියනවා වගේ බැදීම් කියන්නෙ වැඩක් නැති මගුලක් කියලා ඔයාත් හිතනවද අයියෙ ? වෙන්න බෑ..... මම ඒක විශ්වාසකරන්නෙ නෑ.

    ඉතින් ඉක්මනින් එන්න...

    ReplyDelete
  53. රවාට.......
    මේ අහපන් මචන් මං වැටිලා ගොඩක් තුවාල වුනා....ඒත් ඊට පස්සෙ මං ඊටත් වඩා වෙගෙන් දුවන්න ගත්තා මන් බය වුන් නෑ......බැදීම් කියන්නේ මගේ ගමන් අවහිර කරන බාධක වගේ.....නමුත් මං හැලෙන් නෑ ඒ වා දිහා බලන් නෙවත් නැතුව මං ඒවා උඩින් පැනලා දුවනවා......තාමත් දුවනවා......ඒත් උබලා දුවනවා කියලා හිතාගෙන.........ඒ බාධක උඩට වෙලා හති අරිනවා.....ඕවා ගෙන් උබට ගැලවෙන්න අමාරුයි පුතේ........උබට කවදාවත් හයියෙන් දුවලා මිනිහෙක් වෙන්න දෙන් නෑ.....ඕක වටේම් දුව දුව ඉන්න වෙයි........ඕවා අත ඇරලා ඉස්සරහට දුවලා ලොකේ දැකපන්........කවදා හරි ඔබට තේරෙයි සහොදරයා..........සල්ලී කියන්නේ හැමදේම නෙම් මං ඒක ඉස්මුදුනින් පිලිගන්නවා............ඒ වගේම තමා ආදරය බැදීම් කියන්නෙත් හැම දේම නෙම්.......දාල යන්න ඕනී වෙලාවට දාලා යන්නම වෙනවා

    ReplyDelete
  54. @Rava
    http://tinyurl.com/yd44ys8

    ReplyDelete
  55. බැදීම්

    උපන්නාවු සත්වයාට ජිවත් වන්නට තියන ආයු කාලයද ඉතාමත් ම කෙටිය. ජරාවට පත් වෙමින් මරණය කරා ගෙන යනු ලබන ගමනේ දී සත්වයාට කිසිම පිළිසරණක් ද නොමැත. එවන් භායානක ඉරණමක් තුල උදවිය ඒ ගැන කල්පනා කල යුත්තේ මේ දැන් මරණයට පත්වන්නට සිටින්නා සේ ය. එසේ අප්‍රමාදීව කල යුතු වන්නේ මේ ලෝකය සහ ලෝකයා කෙරෙහිත් ඇති බැදීම් වලින් ඉවත් වීමයි.(ජිවිතය අවබෝධ කර ගැනීමයි)
    From: http://budukutiya.blogspot.com/2009/12/blog-post_04.html

    ReplyDelete
  56. මාරයෝ..මේ පිස්සු නැතුව ගිය අහකින් ආපහු එනවාද? ග්..ර්..ර්..ර්...

    ReplyDelete
  57. බැදීම පිළිබද අපූරු පාඩම් ටිකක්...
    ;D

    ReplyDelete
  58. මාරයිනේ .........මාරයට පිස්සු හැදිලද?

    ReplyDelete
  59. kkroxc ට

    අයියා.. පිහියකින් සෙල්ලම දාද්දි පිහියෙන් තුවාල උනහම පිහිය අතහැරලා.. සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් ඉගෙනගන්නවට කියන්නෙ නැගිටලා දුවනවා කියලා නෙමෙ... එයා පිහියෙන්ම පුරුදු වෙන්න ඔනා...බැදිම් වලින් තුවල උන මනුස්සයා සනිප වෙන්නෙත් එතනින් මයි.. ඔයා ඔය කරන්නෙ බයෙ පැනලා යන එක.. ඔයා පෙන්නනවා ඔයා ගොඩක් සතුටෙන් ඉන්නෙ කියලා.. ඔයා ඔය පෙන්නන කාලෙ මම පාස් කරා.. මමත් ගොඩාක් සතුටින් හිටියා එ මගෙ දුක වහගන්න ඔනා කාලෙ. ඔයා සමහර විට මගෙ තියන අපිළිවල දකිනවා ඇති.. මගෙ වයස 24 යි.. මම පහුගිය මාස 7 තුල ඔයා හිතන්නෙවෙත් නැති සල්ලි ප්‍රමාණයක් අතගාල තියනවා.. මම අන්තිමට ගණන් හදලා බලපුවාහම රුපියල් 1200 මට මිස් උනෙ... අද මගෙ පර්ස් එකෙ බිංදු වයි.. එච්චර සල්ලි ප්‍රමානයක් අතගාද්දිත් මගෙ හිතෙ තිබුන සතුට, සැනසිම අදත් එ විදියටම මා ගාව තියනවා..
    අයියා ඔය උබ මිනිහෙක් කියන දෙ මිනිහෙක් නෙමෙයි..උබට මෙක කියවන්න හිතෙනවා නෙද එතනයි උබෙ මිනිහ ඉන්නෙ....ඔයා ඔය සිංහයව දාගත්තෙ ඇයි කියලා පොඩ්ඩක් කල්පනා කරන්න.. උබ ඇතුලෙ ඉන්න සංවෙදි මිනිහව මරලා විරත්වය නිර්භිතබව පෙන්වන්න... හැබැයි මම අහල තියනවා නිර්භිත බව කියන්නෙ බය නැතිකම නෙමෙ බය නැහැ වගෙ රඟපාන්න පුළුවන් විම කියලා...බය වෙන්න එපා උබටත් දවසක වෙඩරු පිඩක් වගෙ උණු වෙන්න වෙවි. හැබැයි අයියා උබ හොදට බැලුවොත් උබට වැටහෙවි... උබ කියන්නෙ එකක් කරන්නෙ එකක් කියලා....

    ReplyDelete
  60. 1..Anonymous
    හරිම ලස්සන පින්තුරයක්...ඔයා හොදට වැඩ දන්නවා.. මනුස්සයෙක් ව මානසිකව ආම්බාම් කරන්නෙ කොහොමද කියලා හැබැයි ඔයා දන්න වැඩ ටික මදි...ඔයාට අහුවෙන්නෙත්, හිතන්නෙවත් නැති පරාසයක මගෙ හැගිම් දුවන්නෙ... මම ඇත්තටම මම ගැන අධිතක්සෙරුවකින් ඉන්න පුද්ගලයෙක්...දාලා යන්න බැරි තරම් දෙවල් එකතුකරලත් නැහැ..මම මගෙ දුර්වල තැන පෙන්නලා එතනට ගහන්න කියන තරම් අධිතක්සෙරුවකින් ඉන්නෙ... එ මොකද බැදිම් තමයි හැමදෙම.....

    2 Anonymous ට
    හි...හික්ක්..හික්... ඔච්චරම ධර්මය ගැන වැටහිමක් තියනවා නම්.. මරණය..., අනිත්‍ය මෙනෙහි කරනවා නම්..., ඔච්චරම ජාති ජරා මරණ ගැන හිතනවා නම්.. ඉතින් ඉක්මනට නිවන් අවභොද කරගන්න සසුන් ගත වෙන්නකො.. මොකද ඔයා ජොබ් එකක් කරන්නෙ.... කසාඳයක් බැදලා.. ගෙයක් දොරක් හදාගන්න උත්සහා කරන්නෙ...?
    අපි කවද හරි මැරෙනවා කියලා මමත් දන්නවා... නමුත් මැරෙනවා කියලා දැන දැනත් අපි ජිවත් වෙනවා...

    ReplyDelete
  61. අඩෝ උබට 24 ද එහෙනම් මම මල්ලියෙක්නේ බන්....මට තාම 22යි..........අනේ මංදා අපි දෙන්නා හිතන කෝන දෙක වෙනස් බන්........එහෙම වෙන්නේ අපිට හිතන්න බලපාන පරිසර සාධක වෙනස් වෙන හිංදා........උබේ පැත්තෙන් උබ හරි වෙන්න පුලුවන් මගේ පැත්තෙන් මං හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්....ඒත් මං විශ්වාස කරන්නේ මගේ විදිය.ඕනම කෙනෙක් හිතන්නේ මට වෙන දෙවල් වෙන කාට වත් වෙලා නැතිව ඇති කියලා......උදා හරනයක් ගත්තොත්...අපි නිකමට කියන්නේ "අම්මෝ මං කාපු කට්ට වෙන කවුරුත් කාල නැතිව ඇති කියලා නේ" සල්ලි ගැන කතා කරන්න එපා බන් මං මුල ඉදලම කීවනේ සල්ලි කියන්නේ හැම දේම නෙම් කියලා....උබ කොහමද කියන්නේ මං හිතන්නෙවත් නැති ගානක් උබ අතගාලා තියනවා කියලා......මං අතගාන සල්ලි වල ‍ෆිග්ර්ස් උබ දන්නවද...........උබ සල්ලී අත ගානේ පහු ගිය මාස 7 ඉදලා....... මං පොඩි කාලේ ඉදලම සල්ලි අතගානව අපේ පවුල් පසුබිමත් එක්ක... දැන් ඊටත් වඩා ලොකු ‍ෆිගර්ස් වලින් මම ගනුදෙනු කරනවා ලංකාවේ සල්ලි වලින් නෙම් මං ඉන්න රටේ සල්ලී වලිනුත්.......මං දන් නෑ ඒවා උබේ ‍ෆිගර්ස් වලට වඩා අඩුද වැඩිද කියලා.......මේවා මං කියවන්න යන් නෑ උබ ඕවා සල්ලී ගැන කතා කරපු හිංදා මං කීවෙ.........මගේ නිර්භීත කම මං දන්නවා ඒක උබට ඔප්පූ කරන්න ඕනී නෑ......ඇව්ටර් එක දාන් ඉන්නේ මං ආසම සතා සිංහයා හිංදා........මොනවා වුනත අපි බ්ලොග් අවකාශයේ මාත වාද හුවමාරු කරගන්න සාහොදරයෝ කියලා අමතක කරන්න එපා ;-) ජයවේවා

    ReplyDelete
  62. මම ආවා.
    හුගාක් දෙනා හුගාක් දෙවල් කියලා තියෙනවා.
    මෙවට උත්තර දෙන්න ගියොත් මට ආයෙත් පිස්සු හැදෙනවා.
    සොයා බලමින්ම කාලය ගත කල සියළු දෙනාටම ස්තූතියි.

    සමහරු ඒ අතරෙ මරාගෙන

    ReplyDelete
  63. හරි හරි බන් මන් උබව පොඩ්ඩක් දැන ගන්න ඔනා හින්දා එහෙම පොඩ්ඩක් අවුස්සලා තිබ්බෙ... මගෙ නම් එහෙම හිතෙ මුකුත් නැහැ.. හැබැයි උබ තැනකදි වැරද්දක් කරා.. උබ කවදාවත් හිතන්න එපා මම මෙතනදි ඇත්ත කියනවා කියලා... .. මම හිතනවා උබ ත් මෙතනදි ඇත්ත කිව්වෙ නැහැ කියලා...මම ආසයි පැටලෙන්න ... මිනිස්සුන්ගෙ අදහස් එක්ක.. එකෙන් මම උත්සහා කරන්නෙ ඔයාව වෙනස් කරන්න නෙමෙ.. ඔයගෙ වර්ගයෙ මිනිස්සුන්ට ආවෙනික ලක්ෂන හදුනාගැනිම හා සංසන්දනය කිරිමයි...

    ReplyDelete
  64. @Rava
    1. Uba ohoma kiyewwata,talks dunnata umbata theruna kiyala mama hithanawa dan.

    2.Bana ahana eka anugamanaya karana eka mage private deyak.Meka mata adala weema neme wadagath. uba danne naane mama monawada karanne kiyala.
    Uba hadanne methanadi budu banath bypass karala yanna ube kathawa prove karanna.
    Again I feel not worth saying all this to you.

    ReplyDelete
  65. @ RAVA
    මං මොකද්ද බන් තැනකදී කරපු වැරද්ද?

    ReplyDelete