24 March 2010

සමාවෙන්න කියන්න මට අයිතියක් නැති බැවින්...

මම නැවත පැමිණිය මුත් ඒ අන් කිසිවක් නිසා නොව මා හටම ඒමට සිතුන= බැවින් යැයි කීම බොරුවක් නොව සත්‍ය කතාවම වේ.
නමුත් මාගේ හැර යාම පිළිබඳව බොහෝ දෙනා බොහෝ දේ සටහන් තබා ඇති බව පැමිණි පසු මා හට දක්නට ලැබිණි.
යම් හෙයකින් ඒ සටහන් මා හට මීට පෙර අසන්නට ලැබිණි නම් ඒ හැර යාම එසේ කරන්නට මට සිදු නොවන්නටද ඉඩ තිබිණි.
කෙසේ වූවද ඒ දමා පියා යාම ඒ මොහොතේ මා විසින් සිදු කල යුතුවම තිබිණි.
නොඑසේනම් තව දුරටත් මා මහා මානසික අවුල් ජාලයක සිර කරුවකු වන්නට ඉඩ තිබිණි.

මා වෙනුවෙන් ජීවිතයේ පුංචිම පුංචි ඉඩක් හෝ වෙන් කර සිටි බොහෝ දෙනාට එමගින් මා විසින් දැඩි අසාධාරණයක් සහ නොසලකා හැරීමක් සිදු කර ඇති බව මා හොදින්ම දන්නා කරුණකි. එබැවින් ඔබලාගෙන් සමාව ඉල්ලා සිටීමට මා සුදුස්සකු නොවේ. නමුත් සමාව ඉල්ලනවා හැර වෙන අන් කල හැකි යමක් මා දන්නේ නැත..

සියළු දෙනාම මා හට සමා වෙන්න...

ඊට වඩා කීමට යමක් මා දන්නේ නැත. කීමට දෙයක්ද නැත. මා හට සිදු වූයේ කුමක්දැයි කියා සිටීම මා වෙනුවෙන් බලා සිටි ඔබ සැමට කල යුතු යුතුකමක් ලෙස හැගෙන හෙයින් ඒ සටහන් තබමි.
එදින උදෑසන...
2010 මාර්තු 22 වන සඳු දින
මෙතෙක් කලක් මා විසින් යටපත් කරගෙන සිටි රකුසා යළි කෙමෙන් කෙමෙන් හිස ඔසවාගෙන එන අන්දම මා හට දෙතුන් විටක්ම දැනී තිබුණු බව කිව යුතුය.
කුඩා කල සිට මා හට තිබූ ලොකුම දුර්වලතාවය වූයේ එයයි. අධික ලෙස කේන්ති යාම. උන්නා මළා පේන්නේ නැති තරමට නැගී එන කේන්තිය නිසා මා අතින් අතීතයේ සිදු වූ වැරදි බොහෝය...
මා හට එමගින් අහිමි වූ දෑ බොහෝය.
මා විසින් අත හැර දැමූ දෑ බොහෝය.
මාවිසින් අමතක කර දැමූ දේ බොහෝය.

එම කේන්තිය මා විසින් පාලනය කර ගන්නට පුහුණු වූයේ මා ගිහි ගෙය හැර පියා ආ දවසේ සිටන්ය.
ඉතා වෙහෙසින් යුතුව අරපරිස්සමින් ඉපැයූ දෑ මෙන්ම මා හට උරුම වන්නට තිබූ සියළු දේ අතහැර දමා 2001 වසරේ එක්තරා දිනක මා නිවසින් පිටව ආමි. ඒ ගමන සදහා නම් කේන්තිය හේතු නොවූ බව කිව යුතුය.
දීර්ඝ කාලයක පටන් මා හට සිදු වූ කෙනහිළිකම් සහ වෙනස්කම් තව දුරටත් ඉවසා සිටිය යුතු නැති හෙයිනුත්, මගේම කියා මා සිතූ සියළුම දෙනා මා පිළිබඳව එසේ නොසිතනා බව දැන ගන්නට ලැබීම නිසාත්, ජීවිතය හා සටන් කර අධික ලෙස වෙහෙසට හා කලකිරීමට පත්ව සිටිමත් ආදී මෙන්ම මෙහි සඳහන් නොවන තවත් ප්‍රභල හේතු සාධකයකුත් මත එදින මා එම තීරණයට එළඹි අතර යන්නේ කොහේද කල යුත්තේ කුමක්ද යන්න ගැන කිසිදු පැහැදිලි අරමුණක් නැතිව මා එදින සවස් යාමයේ නිවසින් පිටව ගියෙමි.
ඇදුම් කෑලි කිහිපයක් දමා ගත් බෑගයත් සහිතව පිටකොටුවෙ බස් නැවතුමෙ රැදී සිටියදී, එක් වරම එතැනට පැමිණි වෙනත් මාර්ගයක ගමන් ගන්නා බස්රථයක් බස් රථයේ හිමිකරුගේ නිවස කරා යන ගමනේ කිහිප දෙනෙකු හෝ පටවාගෙන යන්නට උත්සහ දැරීමෙදී එතෙක් වෙලාවක් අරමුණක් නැතිව සිටි මාද එම බස් රථයට ගොඩ වී බසයේ ගමන අවසාන වූ කුඩා නගරය කරා ගියෙමි.
බසයෙන් මා බසින විට වෙලාව රාත්‍රී 9.30ට පමණ වන්නට විය. අසල කඩයකින් ආප්ප කිහිපයක් ගිල දමා එළියට විත් නැවතීමට තැනක් සොයා ගැනීමට සිතූ මා ඒ සඳහා සුදුසු පන්සලක් තිඛෙන ඉසවුව පාරෙ රැදී උන් අයගෙන් අසා තැන් දෙකක් ගැනම දැන ගෙන සඳහන් වූ ළගම පන්සලට ගියත් එහි තිබූ නාගරික බව නිසාම ආපසු හැරී පසුව කිවූ තරමක් දුරින් පිහිටි පන්සලට අදුරේම පිය නැගූ අතර එදින රාත්‍රියේ එම පන්සලේ සිටි තරුණ භික්ෂූන් වහන්සේලා තිදෙනාගේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නැවතින්නට අවසර ලදිමි.

එතැන් පටන් කීමට දිග කථාවක් ඇත..
පන්සලේ ඇබිත්ත කම් කරමින් ලොවට වසන්ව වසරක් පමණ එහි රැදී උන් කාලය මා හට මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරගන්නට මග පෙන්වූ කාලයයි. අතීතයේ සිටි විවෙකය කුමක්දැයි නොදැන, වෙගයෙන් වැඩ කරමින් සිටි පුද්ගලයා එහිදී මිය ගියේය. නමුත් ඔහු තුල සැගවී සිටි ඊර්ෂ්‍යාව,වෛරය,ක්‍රෝධය,තරහාව, තණ්හාව සහිත රාක්ෂයා මිය නොගියත් අකර්මණ්‍යය වී යන ලදි. ඔහු මා තුල වෙසෙන බව දැන දැන ඔහුට ඉස්මතු වන්නට නොදී මම ජීවත් උනෙමි.
ධර්මය පිළිබඳව එතෙක් කිසිදු උනන්දුවක් සහ එතරම් අවබෝධයක් නොතිබූ මා එහි දහම් පාසලෙහි දරුවන්ට
ගුරුවරයකු වන්නට සිදු වූයේ පැවති ගුරු හිගය නිසාමය. සාමාන්‍යය පෙළ බුද්ධ ධර්මය විෂය සදහා විශිෂ්ඨ සාමාර්ථයක් තිබුනද එය ප්‍රායෝගික දැනුමක් නොවිණි. දහම් පාසල් කිහිපයකටම කුඩා කල ගියද ඒ එක් දහම් පාසලකවත් මා හට මාසයකට වඩා වැඩි කාලයක් ඉගෙනීමට නොහැකි වූයේ ළමයින් සමග ගහ ගැනීම නිසා මා හට දඩුවම් කිරීමට සොයන ගුරුවරුන්ගෙන් බේරී සිටීම සදහා දහම් පාසල් නොයා සිටීම නිසාය.
එසේ වූ මම දහම් පාසලෙහි ගුරුවරයකු වීම මාගේ ජීවිතය වෙනස් කල සංධිස්ථානය විය.
ළමයින්ට ඉගැන්වීමට නම් මා දැනුවත් විය යුතුව තිබිණි. ඒ සදහා ගත් උත්සහය මා දහම් පාසලේ දරුවන් අතර කැමතිම ගුරුවරයා බවට පත් කර තිබිණි. ඒ අතර තුරම මා විසින් මා සොයන්නට පටන් ගතිමි.
අවසන පැවිදි වීමි.
නමුත් අභාග්‍යය වුයේ පන්සල මාගේ භාරකාරත්වයට පත් වීමයි.
වසර ගණනකින් කිසිදු නඩත්තුවක් හරියාකාරව සිදු නොකර තිබූ , ගරා වැටෙන ගොඩනැගිලි කිහිපයක් පමණක් තිබූ, දරුවන් 35 කට පමණ සීමා වූ දහම් පාසලක් සහිත, මාසයකට බාගයක්වත් හරියට දානය නොලැඛෙන,
ගත වූ වසර 12ක පමණ කාලයක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 15කට වඩා වැඩි ප්‍රමාණයක් සිවුරු හැරදා ගිය මූලස්ථානයක් ලෙස ප්‍රසිද්ධව තිබූ ප්‍රදේශයේ කිසිදු දියුණුවක් නොතිබූ පන්සල දියුණු කිරීමට යෑමෙදී මට මා සොයා යන ගමන වැරදී යන අයුරු මා හටවත් තේරුම් ගියේ නැත. අවසන මා පන්සලත් සිවුරත් දෙකටම සමු දී වසර 5ක පමණ පැවිදි ජීවිතයෙන් නික්ම එන විට පන්සල දියුණු වී තිබිණී. දහම් පාසල දියුණු වී තිබිණි. නිතර දෙවෙලේ පන්සල ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.

නමුත් මා...
නැවත මග වරද්දා ගත් මගියකු පමණක් වීමි.
අරමුණ මග හැරී තිබිණි...

පසු ගිය දින කිහිපය මුළුල්ලේ මාගේ සිත මා සමග දැඩි සටනකට එළඹ තිබිණි.
මෙ වන විට එය අවසන් යැයි කීමට මා ඉක්මන් නොවෙමි.

නමුත් දැඩි පරිශ්‍රමයකින් තත්වය තරමක් පාලනය කර ඇති බව පමණක් කිව හැක.

අවසන් සටහන නමින් ලියවුණු ලියවිල්ල අවසන, තවත් පැයක පමණ කාලයක් මා මෙහි රැදී සිටිමින් යම් තාක්ෂණික වෙනස් කිරීම් කිහිපයක් සිදු කර මාගේ පැරණි අඩවියකට පාරක් තනා මම පිටත්ව ගියෙම්.

මට නැවත වතාවක් තනි වීමට උවමනා වී තිබිණි.
නමුත් පසු ගිය කාල සීමාවෙදී අතැර යා නොහැකි තරමට මා මෙහි බැඳී තිබිණි.
එබැවින් දැඩිව තීරණයක් ගෙන ඉවත්ව යා යුතුව තිබිණි. නැතිනම් මා කරන්නට සූදානම් වූ කාරිය අතර මගදී නවතා නැවත මෙහි විත් අළුත් තත්වය පිරික්සා බලන්නට සිතෙනා බව මා දනිමි. එබැවින් තරමක් තදින් ලිපිය ලියා දැමුවෙමි. අරමුණ වූයේ බැණවැදීම් කිහිපයක් සමග මා අමතක කරවාලීමයි.
එය එසේ නොවී ඇති බව දැන් මෙහි තත්වය පිරික්සා බැලීමෙදී පෙනී යයි.
එබැවින් පෙර තරම් තදින් නොවුනද නැවත මෙහි ගැවසීමට සිත් විණි.

එක් දිනක් දැනුම් දීමකින් තොරව රැකියාවෙන් නිවාඩුද ගෙන මටම ආවෙණික ක්‍රමයට භාවනා කරන්නට යෙදුණි.
පෙරේදා සිට මෙ දක්වා බිස්කට් කිහිපයකින් හා කිරි වීදුරු කිහිපයකින් පමණක් බඩගින්න නිවා ගෙන කිසිදු බාහිර දෙයකට යොමු නොවී එම කාර්යයේ නිරතව සිට මා හට තරමක් දුරට සිත පාලනය කර ගත හැකි මට්ටමට එන තෙක් උත්සහය අත නොහැර රැදී සිටියෙමි.
අවසන නැවතත් ජීවිතය දකින්නට අරමුණු කර ගනිමින් නැගී සිටියෙමි.

ගතේ අප්‍රාණික කම දුරු කරවා ලන්නට බත් කැඳ ටිකක් පිස ගෙන එය හමාර කොට, රැකියා ස්ථානයට කථා කොට එහි තත්වයද සකස් කර ගත් පසුවය මෙහි එන්නට යෙදුණේ.

මීට වඩා කීමට යමක් නැත.
නැවත වතාවක් කියමි.
සමාවන්න...

38 comments:

  1. ආපහු ආවනෙ...ඒ ඇති ......

    ReplyDelete
  2. ඔය තරම් ළං වෙන්න එපා නංගියේ...
    මට යන වෙලාවට අත මිට මොළවන් යන්න බැහැ.
    ඔක්කෝම අතහැරලා යන්න තියෙන්න ඔනා.
    ලෙන්ගතු හිතවත් කම් මාව නිතරම අසරණ කරවනවා.
    මොනවා උනත් ඔයා බලන් හිටිය එකට පින්.

    ReplyDelete
  3. හා....හා....හා..... බලපොරොත්තුව තමයි මිනිස්සුන්ව ජිවත් කරවන්නෙ... මොකද කොල්ලා... ආයෙත් එන්න හිතුනද..... අපි අපිනෙ බන්... මෙ පුංචි රටෙ අපිව දාලා කොහෙ ගිහිල්ලා හැංගෙන්නද උබ.... උබ සද්දෙ නැතුව ඉද්දි තමයි නියම... කස්ටිය එමෙ අත දුවනවා.... ශමහරු දුක් වෙනවා.. ශමහරු සතුටු වෙනවා.. මළගෙයක් වෙලා වගෙයි තිබුනෙ... මට තෙරුන විදියට මෙතන හිටපු දෙදෙනෙක් අතර වැරදි වැටහිමක් ඇති වෙලා තිබිලා වගෙ මට දැනෙනවා...

    ReplyDelete
  4. ඔයා මුකුත්ම කියන්න එපා. ඔයාගෙ පිං මට එපා. පරණ දේවල් කතා කරන්නත් එපා. ඉස්සර වගේ ලියන්න.....එච්චරයි ඉල්ලන්නෙ.

    ආව එක ගැන පැලෙන්න සතුටුයි.....

    ඔයාට බැදීම් එපා නම් අපි ඔයාගෙන් හැතැක්ම ගානක් ඈතට වෙලා ඉන්නම්. කිසිම ප්‍රශ්ණයක් නෑ....හැබැයි ඔයා දිහා බලාගෙන....ඒක අමතක කරන්නත් එපා .....

    ජය වේවා !

    ReplyDelete
  5. තවම හරියටම කියවලා ඉවර නැහැ.
    කවුරු මොනවා කලාද මන්දා.
    බලලාම උත්තර දෙන්නම්.

    ReplyDelete
  6. දිල් ...
    පරණ දේවල් කතා කරන්නත් එපා.
    ඉස්සර වගේ ලියන්න.....
    ආව එක ගැන පැලෙන්න සතුටුයි.....

    1ස්තූතියි. ඒ වචනේ හුගාක් වටිනවා.
    2පුළුවන් හැටියට ලියන්නම්.
    3බලාගෙන

    ReplyDelete
  7. ඒ මෙන්න ඒ මෙන්න මෙයා ඇවිල්ලා.......එල එල ඔයාගේ සදාදරනීය ෆැන් කෙනෙක් නෙමේ මම හැබයි මම හැම ලිපියක්ම කියවලා තියනවා......සින්ඩීයේ යන ලිපි මම ඔක්කම බලනවා රාජකාරියක් තිබුන් නැත්තන්ම්..........අපහු ආපු එක ගැන සතු‍ටුයි...........ඔයා නැති ටිකේ එක්කෙනක් මට බැදීම් ගැන කියලා දෙන්න ආවනේ..............;-)

    ReplyDelete
  8. තාම කියෙව්වේ නැහැ ... ඉස්සෙල්ලාම ආපු එකට සුබපතනවා පස්සේ කියවනනම්

    ReplyDelete
  9. මොකද නිකන්... හොන්තුවෙලා වගෙ...හැංගිලා ඉන්න හැදුවට අපිට බැහැ හැංගිලා ඉන්න.. කොච්චර ලොකු අපරාධ කාරයෙක් උනත් හිස් තැනක් තියනවා.. 100 % කිසිම දෙයක් නැහැ... මොකද නිකන් වැරැද්දක් කරලා හැංගිලා ඉදලා එලියට ඇවිල්ලා වගෙ....

    ReplyDelete
  10. මාරයාණෙනි,

    මා කුඩා කාලයේ කියවු වෙසක් පතක තිබුණු කවියක් මෙසේය.

    ඒම දුකකි
    යාම දුකකි
    ඒම යාම අතර දුකකි
    ඒ දුක නැති කරන එකම
    පිළියම පෑ සම්බුදු හිමි
    පිහිට පතමි ඔබට මෙලෙස
    සාදු! සාදු!!

    මේ ඔබේ පාඨක කතන්දරකාරයා

    ReplyDelete
  11. kkroxc ...
    රවා කියන්නේ මගේ හොදම මිත්‍රයෙක්.
    අවවාදයක් දෙන්නම්. මිනිහත් එක්ක පැටලෙන්නේ නැතිව ඉන්න බලන්න.
    මාත් එහෙමයි. පැටළුනොත් ඉතින් පැටළුනාම තමයි.
    හා ඒක අමතක කරමු.
    මම ගියා තමුන්නැහැගේ ලියන කියන අඩවිය පැත්තේ වැඩිය බලන්න ඔන උනේ නැහැ. බොහෝම හොද රසවතෙක් බව කියන්න ඔන.

    ReplyDelete
  12. වැප් ...

    ස්තූතියි. ලිපියත් බලලා ඉන්න.

    කතන්දර කාරයා...

    ඒමත් ඉවසුවෑකි
    යෑමත් ඉවසුවෑකි
    ඒමත් යාමත් අතර දුක කෝම ඉවසම්ද..?

    ReplyDelete
  13. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි....
    ඉතින් ඔන්න නැවත හමු වීම සතුටක් වෙලා....

    හැමදාම ඉන්න අපිත් එක්ක....

    ReplyDelete
  14. ස්තූතියි ඔබේ සහයෝගයට..........මම නම් පැටලී පැට්ලී ඉන් නෑ....පැටලෙන අයව හලලා දාලා යනවා මං මගේ ගමන......ඔබට තරම් නම් ලියන්න කියන්න මට බෑ..........සමාජය සමග ගැටී ඔබතුමා ලබා තිබෙන්නා වූ පන්නරය...ඔබේ ලියමන් තුලින් පැහදිලි වෙනවා..........ජය වේවා

    ReplyDelete
  15. punchisamanalee...
    හමුවීම යනු වෙන් වීමෙ ඇරඹුමයි..
    කොහොම උනත් කමක් නැහැ. මෙ මොහොත සතුටින් ඉදිමු..

    kkroxc...
    දැන් ඔවා අල්ලලා දාන්න.
    ඇත්තෙන්ම ඔඛෙ ලියන විලාසයටත් අන්තර්ගතයටත් මා බොහෝම කැමතියි.
    මා මහා පොරක් නොවෙමි.

    ReplyDelete
  16. මම මගේ O/L , A/L results එනකන් වත් මේ වගේ බලන් ඉඳ්ල නෑ මාරයා අයියා ආපහු එනකම්. හප්පා ඇති යන්තම්. අයියේ මටත් උනේ බොහෝ දුරට ඔය ටිකම තමා. මගේ ජීවිතේ බලා ගන්න ගිය මටත් බලන්න උනේ පන්සල.

    ReplyDelete
  17. තරිඳු...
    මට හිතුනා ඒ බව පසුගිය ලිපි වලින්.
    අපිට වැරදුන තැන් අනන්තයි.
    ඒත් හිතට සැනසුමක් නැතිවාම නොවෙ.
    මිනිහෙක් හැටියට ඉපදුනු බොහෝ දෙනා අතරෙ අපිත් ඉපදිලා, හුගාක් මිනිස්සුන්ට බැරි උන දේවල් අපි කරලා තියෙනවා.
    අද අපේ ජීවිත කොහොම උනත්, අපි කරපු දේවල් නිසා හුගාක් ජීවිත වෙනස් වෙලා තියෙනවා.
    මට ඒ ඇති.

    ReplyDelete
  18. එලස්. සතුටුයි අයියෙ සිරාවට.

    මම වඩාත් කැමතියි මම ඒ දවස් වල කියවපු ඔබට. විවිධ හේතු මතයි ඒ.

    දැනට කියන්න හිතට එන්නෙ මෙච්චරයි.පහුවෙලා නැවත සෙට් වෙමි.

    ReplyDelete
  19. මදෑ... මගේ හිතහැදුවේ වත්සලායි රවායි...ආයේ නරක් කර ගන්නේ නෑ... මගේ අතින් වරදක් උනා... සමාවෙයන් මලේ....

    ReplyDelete
  20. නැවත ආව එක ගැන බොහෝමත්ම සතුටුයි..!!!

    ReplyDelete
  21. කොහොම හරි කමක් නෑ ආපහු ආවනේ... ඉතින් ඔය මාර මාර වැඩ නැතුව ආයෙත් ලියමු නේද අයියේ?

    ReplyDelete
  22. සතුටුයි මාරයියෙ ආයෙමත් ආව එක ගැන......'ඉස්සර' වගේම ලියන්න... ඒව හරිම රසවත්....සාදරෙන් පිළිගන්නව අයියව.......

    ReplyDelete
  23. kkroxc ට

    මම නම මාත් එක්ක පැටලෙන අයව හලන්න යන්නෙ නැහැ... මොකද එ අයට තමයි අපි ඇත්තටම ආදරෙ කරන්න ඔනා..හික්..හික්.....එයාල තමයි අපිව වැටෙද්දි ඇවිල්ලා අත දිලා නැගිට්ටවන්නෙ... බැදිමක් නැත්නම් ඔයා මෙහෙම මාරයාත් එක්ක කොහොමද කතා කරන්නෙ...

    මාරයට...
    අන්න අරහෙ කස්ටියම මත් එක්ක තරහා වෙලා.... ඔයා හැමතිස්සෙම ඔයගෙ දෙවල් වහන්නෙ නැතුව අපිට කිව්වා... නමුත් ගොඩක් අය ලියනදෙ විතරක් කියවලා ගිහිල්ලා වැරදි වැටහිම් ඇති කරගෙන.. සමහර විට වචන කියන එවා කටින් පිට වෙද්දිත් අර්ථය වෙනස් වෙන විදියට ගිහිල්ලා ඇති.. කොහොමෙන් කොහොමෙන් හරි උනෙ කස්ටිය මාත් එක්ක තරහා වෙන එක විතරයි....

    ReplyDelete
  24. wooow . . hena happy . . uba gana mai tisaai kataa wunu ewa passe welaawaka kiyannam . ..

    ReplyDelete
  25. හ්ම් ආපහු ආවනෙ.. ලොකු දෙයක්.. මමත් ඔයා වගේම කේන්තිය පාලනය කර ගන්න බැරිව හුගාක් දේවල් අතීතයෙදි නැති කර ගත්තා. ඒත් තවම උත්සාහ කරනවා වැරදි හදාගෙන අනාගතයට මුහුන දෙන්න.. Welcome back මාරයා අයියේ.. අපි ජීවත් වෙමු..

    ReplyDelete
  26. එල කිරි මාරයා අයියේ !! මම හිතන් උන්නෙ වෙන අදහසක් ! :D නැවත ආපු එකට ස්තුතියි ! :ඩී

    ReplyDelete
  27. මෙන්න මේකා ඈවිල්ලා.................
    දැං වත් ෆිට් එකේ ඉදපං බොලේ, පිස්සු කෙලින්නෙ නැතුව!

    ReplyDelete
  28. නැවත දකින්න ලැබීම සතුටක් අයියේ...

    ReplyDelete
  29. යන තැනක ගිහිල්ලා ආපහු එන්න..

    ReplyDelete
  30. හා පැටික්කිටත් බොහෝම සතුටුයි මාරයියා ආපු එක ගැන...

    දාමුද වට්ටක්ක පාටියක්...හැබැයි මාරයියා මට දෙනව කිව්ව වට්ටක්කෙන්... ;D

    ReplyDelete
  31. හා පැටික්කි ...
    අනේ අම්මපා මම හිතාගෙන උන්නේ පොරොන්දුවක් උනොත් ඒක ඒ විදියටම බලා පොරොත්තු වෙන්නේ යක්කු විතරයි කියලා. දැන් බලාගෙන ගියහම හා පැටික්කිත් ලේසි නැහැනේ...
    හා හා හොදා..
    දෙන්නම් දෙන්නම්..
    හැබැයි තාම ඒ වට්ටක්කා ගෙඩිය හැදෙන වට්ටක්කා වැලත් හැදිලා නැහැ.

    ReplyDelete
  32. :D Nice to c u again Bro...............

    ReplyDelete
  33. දසුන් මධුසංඛ වානගුරු...
    මා වෙනුවෙන් ඔබ තැබූ සටහනට මාගේ ස්තූතිය...
    දසුන් ඔබ හා නුවන් යන දෙදෙනාම කථා නොකලාට මාදෙස බලා හිදින බව මා දනිමි. ස්තූතියි සහෝදරයා...

    RanDil ...
    Thank's

    ReplyDelete
  34. Welcome back..
    maraya uba nam marayekma thamai

    ReplyDelete
  35. උඹ ගිය හින්දා මම මේ පැතත් පලාතේ ආවේ නෑ..
    බලනකොට බොරුවක්නේ කියලා තියෙන්නේ...


    /බිඟුවා...!

    ReplyDelete
  36. මාරයා ආපහු ආව එක ගැන මහගොඩා........ක් සතුටුයි...ආයෙත් ලියන්න පටන් ගන්න...අපි බලන් ඉන්නවා....

    ReplyDelete