26 March 2010

මාතෘකා නොමැත...

මෙය ඉතාමත් කෙටි සටහනක් ලෙස අවසන් කරන්න බලාපොරොත්තු වෙන ලිපියක් පමණි.

සම්මා සම්බුදු බුදු රජානන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංඝායනාව පැවති බව අපේ අය දන්නවනේ...
මෙහිදී සිදු වූ දෙය කෙටියෙන්ම කිවුවොත් බුදු හාමුදුරුවෝ වරින් වර දේශනා කරනු ලැබූ ධර්මය සහ ඒ ඒ අවස්ථාවන්හීදී පනවා වදාළ විනය කරුනුයි ඒක රාශී කර එම සංඝායනාවට සම්බන්ධ වී සිටි රහතන් වහන්සේලා විසින් මතු ආරක්ෂාව පිණිස කොටස් වශයෙන් ඛෙදාගෙන තම පරපුරවල් හරහා කට පාඩමින් රැක ගෙන ඒමට මුල පිරීමයි.
මතක තබා ගත යුතු කරුණ වන්නේ එහිදී ධර්මය එකතු කර නැවත කොටස් වශයෙන් ඛෙදා ගන්නා ලදි.

පසුව දෙවන ධර්ම සංඝායනාවෙදී වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා විනය කරුණු මත සම්බුදු සසුනෙන් වෙන්ව ගොසින් තවත් නිකායක ආරම්භය සනිටුහන් කරන ලදි.
එහිදී මතක තබා ගන්න එම වජ්ජි පුත්තක භික්ෂූන් අතද අර පළමු සංඝායනාවෙදී ඛෙදා දුන් දහම් කොටස් යම්
ප්‍රමාණයක් තිබූ බව.

තුන් වන ධර්ම සංඝායනාවෙදී එතෙක් වන තෙක් පැවති ධර්මය කොටස් නැවත ශෝදනයකට ලක් කොට පිරිසිදු කර මිහිදු හිමියන් ප්‍රධාන ධර්ම දූත පිරිසක් අත ලාංකීය අපහට ලැඛෙන්නට සැලැස්වූ අතර අද වන විට එම කොටස් හැකි අයුරින් ආරක්ෂා කරගෙන විත් අප අතට පත් වී ඇත.
තුන් වෙනුව මතක තබා ගන්න අප අත අද වන විට ඇති ධර්මය වන්නේ දෙවන ධර්ම සංඝායනාවෙන් ඛෙදී ගිය මහායාන භික්ෂූන් අත තිබූ ධර්මය කොටස් අතහැරුනු පසු සිදු කල සංඝායනාවකින් එක්තැන් කල ධර්මයක් වන බව.

ඉහත කරුණුත් සමග පහත කරුණු වලට අවදානය යොමු කරන්න.

පළමු ධර්ම සංඝායනාවෙදී ධර්මය කොටස් පිළිබද විමසුනේ ආනන්ද හිමියන් අතිනි. නමුත් ආනන්ද හිමියන් බුදුරජානන් වහන්සේගේ උපස්ථායක ධූරයට පත් වූවෙ බොහෝ පසු කාලීනවය. එම උපස්ථායක ධූරයට පත් වීමෙදී උන් වහන්සේ ඉල්ලා තිබූ ඉල්ලීම අනුව උපස්ථායකයන් වහන්සේ නැති අවස්ථාවල දෙසන දහම්ද පසුව බුදුරජානන් වහන්සේ අතින් අසා දැන ගන්නට ලැබිණි. බුදු වීමෙ සිට ඒ දක්වා දෙසූ සියළු දහම් කොටස් ඒ අතර විණිදැයි හරියාකාරව (මා හට) පැහැදිලි නැත.

බුද්ධ ධර්මයේම කොටස් වන ධ්‍යාන භාවනා සහිත කොටස් හා තවත් වැදගත් කොටස් දෙවන ධර්ම සංඝායනාවෙන් පසු අහිමි වීම.

සද්ධම්ම පුණ්ඩරීක සූත්‍රය, තිබ්බත මල පොත ආදී මහායාන බුදු දහමෙහි සදහන් දහම් කොටස් අප සතු නොවීම හා එම කොටස් නොවැදගත්යැයි ඉවත් දැමීමට නොහැකි වීම.

අද වන විට ත්‍රිපිටකය යනුවෙන් හදුන්වන අප සන්තක ධර්ම පුස්ථකයන්හී බුදු රජානන් වහන්සේ විසින් පන් සාළිස් වසරක් පුරාවට දෙසූ ධර්මය සියල්ල අඩංගු නම් එය මෙ තරම් කුඩා කොටසකට සීමා විණිද..? (සම්බුද්ධ ජයන්ති මුද්‍රණයට අනුව පොත් 57ක් පමණි.)

කරුණු දැක්වීම එපමණකි.

මා ධර්මය පිළිබද මහා දැනුමක් ඇත්තකු නොවීමි. විශේෂයෙන් පැවිදි වී සිටි සමයෙහි කිසි විටකත් පාළි ගාථා ආදිය පාඩම් කිරීමට වැඩි උත්සහයක් ගත්තකු නොවුණි. හදිසියේ උපසම්පදා වීමට යැයි කියා පාඩම් කරන මෙන් දන්වා සිටි වෙලේ ඒ සදහා අවශ්‍යම ප්‍රමාණය වන පිරිත් පොතෙහි බණවර දෙකක් (දසදම්ම සූත්‍රයේ සිට ඉසිගිලි සූත්‍රය දක්වා වූ සූත්‍ර 16ක්) සහ ධම්ම පදයේ යමක වග්ගයේ සිට දණ්ඩ වග්ගය තෙක් ගාථා 135 ක් පමණත් සේඛියා 72ක සහ අණිකුත් සාමණේර බණ දහම් පොතේ කොටසුත් ඇතුළු ප්‍රමාණය මාසයකට පමණ ආසන්න කාලයකදී පාඩම් කර දැමූවා හැර අන් කිසි විටකත් බණ පාඩම් කිරීම කල අයකු නොවෙ.
හැකිතාක් පාළිය කියවමින් ඒ සමග වූ සිංහල තේරුම් සිතේ ධාරණය කර ගනිමින් ඒ මත අවබෝධය පිහිටා කටයුතු කලෙමි.
ධර්මය පිළිබදව මා හට පැන නැගි ගැටළු බොහෝමයක් විණි. ඒ අතර තුර වරින් වර තේරුම් ගිය කරුණු කිහිපයක් පමණි මා විසින් ඉහත දක්වා ඇත්තේ...

පටිච්ඡ සමුප්පාදය සහිත ඉගැන්වීමෙදී මා හට ඇතිවූ ගැටළුවක් විණි. එය නම්...
අවිජ්ජා පච්ඡයා සංකාරා... සංකාරා පච්ඡයා නාම රූප...
නාම රූප පච්ඡයා වෙදනා... ආදී ලෙස භවය ඇති වීමෙ ආකාරය විස්තර කරලීමෙදී චක්‍රයේ ආරම්භය ලෙස සහ මූලය ලෙස ගත හැකි තැනක් වනුයේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සියල්ල ආරම්භ වන බවයි..
මෙතනදී නොදැනීම ලෙස දක්වා ඇත්තේ චතුරාය්‍ය සත්‍යය පිළිබද නොදැනීම ලෙස දක්වා ඇත.
එසේ නම් චතුරාය්‍ය සත්‍යය දන්නේ නම් චක්‍රය නවතින්නේද...
එසේ වන්නේ නම් අද අපි දුක, දුකට හේතුව.. ආදී ලෙස ඉගෙන ගෙන ඇත්තේ චතුරාය්‍ය සත්‍යය නොවෙද...?
ඒ චතුරාය්‍ය සත්‍යය නම් එය දැන ගැනීමෙන් පමණක් අවිද්‍යාව දුරු වෙද..?
එසේත් නැත්නම් ඉගැන්වීමෙ වරදක් වෙද..?
නොඑසේනම් අද අප අතට ලැබී තිඛෙන දහම සම්පූර්ණ නොවූ කොටස් හැළුණු දහමක්ද..?
එසේත් නැත්නම් අද වන විට චතුරාය්‍ය සත්‍යය පොතට පතට අනුව දන්නා සියල්ලෝම භවය නැසූ අයද..?
(පටිච්ඡසමුප්පාදයේ ප්‍රතිලෝමය අනුව අවිද්‍යාව නැති තැන සියල්ල කෙළවර විය යුතුය)

මෙවාට උත්තර සොයනවාට වඩා මා පිස්සෙකි හෝ කිසිත් නොදන්නා ඔක්කෝම පටලවා ගත් මෝඩයෙකි..
යන සිතුවිල්ල ඇති කර ගැනීම වඩාත් හොද නොවන්නේ...?

මෙම ලිපිය ලිවීමෙදී සියළුම කාරණා මතකයේ තිබූ පමණින් ලියූ බවත් ගණන් හිලවූවල ප්‍රකාශ කිරීමෙ දෝෂ තිබිය හැකි බවද කරුණාවෙන් සලකන්න..
එසේම මෙය තවත් ලිපියකට ආරම්භයක් ලබා ගැනීම පිණිස ලියන ලද්දකි.
එම ලිපියට ප්‍රථම මෙම සටහන තැබීමට අවශ්‍ය වූ බැවින් මෙසේ ලියන්නට යෙදුණි...
විවාදයට නොව සංවාදයට විවෘතයි...
නොදන්නා දෙයක් දැන ගැනීමට මම සෑම විටම කැමැත්තෙමි..
තවත් කිය යුතු දෑ ඇතත් දැනට නවතිමි.
සියළු දෙනාටම සසර කළකිරෙවා...`

24 comments:

  1. මාරයාගේ කතාව හරි... චතුරාර්ය සත්යය නොදැනිම තමා ඔක්කොටම හේතුව. නමුත් අපි චතුරාර්ය සත්යය දන්නව කියන්නේ ඒ මොකකද කියලා පොතේ තියෙන දේ දැනගැනීම නෙවෙයි.
    නුවනින් ඒක වටහා ගෙන ඒ අනුව කටයුතු කිරීම. එහෙම නැතුව දුක දුකට හේතුව කියන දේ මතක තියා ගැනීම නෙවෙයි.

    ReplyDelete
  2. අන්න හරි පොටකට ආවා...
    තේරුම් ගත යුත්තේ එය තමා.

    නම්ත් තව දුරටත් මෙය ඉදිරියට ගෙන යාමට මා කැමතියි.
    එහෙනම් ඇයි නොදැනීම විතරක් භවයට හේතුව ලෙස දැක්වූයේ
    පිළිපැදීම(පටිපජ්ජා) ලෙසත් දෙයක් එක් නූනේ මන්ද..?

    ReplyDelete
  3. සාධු සාධු සාධු.............

    ReplyDelete
  4. ඕං මලයා මා එක්ක හුරස් පරස් නෑ කියලා දැනිච්ච හන්දා අයේ ලියන්ට ගත්තා....

    මගේ අල්පේච්ඡ දැනීම මේකයි... ඕං අපි දැන් දන්නවා "තරහ"කියන සංකල්පය නේ...? (මේ ලඟදී කෙනෙක් උදාහරනෙණුත් පෙන්නුවා නෙව) වෙන කෙනෙකුට මල පැන්නම උපදෙස් දෙන්න මල නොපැන්න අය පැනලා...ඒ වුනාට මල පැන්න එකාට තමයි හරියටම ඒකේ ගති සොබාව තේරෙන්නේ... නිවන අවබෝධ කරනවාට වඩා සාක්ෂාත් කරනවා කීම සුදුසු බවයි මගේ වැටහීම ඒ අනුව...

    එතකොට "එසේ නම් චතුරාය්‍ය සත්‍යය දන්නේ නම් චක්‍රය නවතින්නේද..." සම්බන්ධයෙන්ද මේකම ගත්තහැකි.... සාක්ෂාත් නොවුනු දෙයක් ගැන පිටින් ඉඳන් කතා කරනකොට වෙන දේ මේක වෙන්ටෑ....

    දාන සීල භාවනාව දිගේ ගියහම රොඩු බොඩු අයින් වෙලා මග පෑදෙයි මයේ හිතේ... යන්ට කලින් ගියහම කොහොමද කියලා කියන්නේ කොහොමද මයේ අප්පා....?

    ReplyDelete
  5. දිල්...
    සුවපත් වෙවා..පින්වතිය

    තිස්ස දොඩන්ගොඩ ...
    අගත් නැත.. මුලත් නැත ..

    ReplyDelete
  6. බුදු දහමෙ ඉගැන්වෙන මාර්ගය... සිලය තුලින් සමාධියද... සමාධිය තුලින් ප්‍රඥාවයි... ඉතින් මාරයියා.. සිලයක් දවසක් හරියට රකින්න කොච්චර ලොකු අවධානයක්, සංයමයක් ඔනද.. සිහිය කියන දෙ එක පැයක් හරියට තබා ගන්න කොච්චර ලොකු දෙයක්ද... අපි කියවා ඇති කරුණු කාරනා අනුව..උත්සහා කරපු අත්දැකිම් අනුවත් මට හිතෙනවා මෙ අවබොධය තමුන් තුලින් ඇතිවෙන දෙයක් කියලා. එකත් හරියට පුහුණු කරන්න ඔනා දෙයක්. මම ගැඹුරු ධර්ම කරුණු ගැන අපි හිත මෙහෙයවන්න කලින් අපි තුල හික්මිම, සංහිදියාව ඇති කරගන්න ඔනා..ඔය පොත පතෙ තියන දැනුමට වඩා ලොකු ගැඹුරක් තියනවා කියන වැටහිම තියනවා මගෙ ඇතුලෙ තියනවා .. නමුත් එක මගෙ සිමාවන්ගෙන් එහා තියන දෙයක් කියලා මම දන්නවා.

    ReplyDelete
  7. රවා ...
    එහෙනම් මෙ දෙයට අදහසක් කියමු බලන්න.
    බුදු සමයෙහි මුල් වකවානුව තුල ඉතාමත් වෙගයෙන් රහතන් වහන්සේලා බිහි වූ බව අප දන්නවා.
    නමුත් කල් යද්දී යද්දී එය අඩුවී ගිය සැටිත් පෙනෙන්නට තිඛෙන දෙයක් එය අද වෙනකොට ඇත්තේම නැති තරම්.
    එයට හේතුව...?

    ReplyDelete
  8. මාරයාගේ හෝරාව /

    (මගේ අදහස පොඩි වැඩි වෙයිද මන්ද)
    මම දකින විදිහට අද වන විට අද බුදු සසුස වාණිජකරනය වෙලා අද මිනිස්සු මහණ වෙන්නෙ (හැමෝම නෙමේ) දහම තේරුන් අරගෙන නෙමේ ආර්ථික අපහසුතාවයන් වලින් ගොඩ එන්න උද- අප රටේ ප්‍රසිද්ධ සමහර හිමිවරුපවා මහණවිමට පෙළබී ඇත්තේ දුප්පත්කම හේතුවෙනි

    කැම්පස් ගියාට පස්සෙ සිවුර අතාරින හාමුදුරුවරු කියක් ඉන්නවද? ඒකට ඒ හාමුදුරුවරුවිතරක් නෙමේ බෞද්ධ රටක් විදිහට රජයේ මැදිහත් වීම මදිකියල මට හිතෙන්නෙ

    බුදුසමයෙහි හැම ආගමික වැඩකටම රජය මැදිහත් උනා දැන් හාමුදුරුවො කෙනෙක්ට ඕනි නම් මොකක්හරි පූජාවක් කරනවා ඒකට රජය මැදිහත් වෙන්නැහැ ඒකත් හේතුවක් මේ වගේ පසුබිමක් නිර්මාණය වෙන්න

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මාරයියා කල් යනකොට රහතන් වහන්සෙලා බිහිවිමෙ සිග්‍රතාවය අඩුවිම මෙහෙම පැහැදිලි කල හැකි නෙද...?
    දැන් හිතන්න අපෙ සමාජයෙ උනත් අහඹු ලෙස මිනිසුන් 1000 ක් ගත හොත් මෙතනින් කිපදෙනෙක් ඉතා ඉහල බුද්ධිමත් , මෙතනින් කිප දෙනෙක් ඉතාම පහල බුද්ධිමට්ටමක් තියන්නෙ.. වැඩි හරියක් දෙනා සාමාන්‍ය බුද්ධිමට්ටමකින් හෙබි මිනිස්සු..ඉතින් අලුතෙන්ම බුද්ධියට ගොචර වෙන දෙයක් දැම්ම ගමන් එදා තිබුනු සමාජයෙ, අර ඉහල බුද්ධිමට්ටමකින් ඉන්න කිපදෙනා ඉතා ඉක්මනින් මෙම ධර්මය වටහා ගත්තා. මෙ අතරම බුදුන් සමාජයෙ තැන් තැන් වලට වැඩියා...මෙහෙම කල් යැමෙදි ඉහල බුද්ධිමට්ටමකින් යුත් පිරිස එගොඩ වෙනවා ඉතිරි සාමාන්‍ය මට්ටමකින් යුත් පිරිස වෙහෙසි එම ධර්මය අවබොදකර ගන්නවා. තවත් දෙයක් නිවනට ලංවිම කියනදෙ බෞද්ධ සාහිත්‍ය පොතපත් වලට අනුව සංසාරෙ පෙරුම් පුරාගෙන ලගාවිය යුතුයි. එවැනි පෙරුම් පිරු මිනිසුන් ප්‍රමානය බුදුකෙනෙකුගෙන් බණ අසා නිවන් අවබොදකර ගන්නවා. බුද්ධ විෂය බුදු කෙනෙකුටම ගොචර වන දෙයක්.මා දන්නා ආකාරයට බුදු කෙනෙකුගෙන් පිටවන වචනයක් කනට ඇසිමටත් පෙරුම් පිරිමක් කළ යුතුයි. මම ඉදිරිපත් කරන කරුනු වල නිවැරදිතාවයක් තිබුනත් එය ඉතාම සාර්ථක පිළිතුර නොවන බවට මගෙ විස්වාසයයි...මොකද කියන්නෙ ඔබ මෙ ගැන...නමුත් අද අප අතරත් මිනිසුන් සිටිනවා කාමය, රාගය , ආශාව වැනි ධර්මයන් බොහො දුරට හීන කරගත් ඇත්තන්.. එ අය කලකිරි ගිහිගෙයින් නික්ම යැම සිදුවිම ඉතාම අල්පයි. එ අය අතරිනුත් කාලාතුරකින් කෙනෙක් තමයි සසුන්ගත වෙන්නෙ...

    ReplyDelete
  11. දැන් බලනකොට මාරයගෙ අතුරුදහන් විමෙන් කිසිවෙකුත් දුක් වී නැත..හැමොම දුක්වි ඇත්තෙ අනිත් අයට දුක හිතෙයි කියාය..

    මහා රැ ආ මාරයාත්.. පුදුම සෙල්ලම් තමයි දාන්නෙ....

    ReplyDelete
  12. අදනම් හොදටම වැඩි උන දවසක්.
    උදේ පාන්දර ඉදලම නෙලන්න ගත්තනේ.
    දැන් තමයි නින්ද ගිහින් නැගිට්ටෙ.
    යකෝ මරු ලිපියක්නෙ මටම ලියවිලා තියෙන්නේ.
    දැන් ඉතින් මෙකෙ අග්ගිස්ස හදන්න නම් තව පාරක් බොන්නම වෙනවා.

    වත්...
    හොද කියන ඒවා මිසක් ඔය බණින ඒවා මට ඒ තරම් ඇහුන් නෑ..

    රවා...
    රවා කියපු කථාව හරි. රහතන් වහන්සේලා අඩු වීමට ඒ හේතුව ප්‍රබල ලෙස බලපානවා.
    නමුත් මෙ ධර්මය අකාලිකයි කියලා තමයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ.ඒ කියන්නේ අදටත් ධර්මය නිවැරදිනම් නිවන් දැකීම ගැටළුවක් නෙවෙයි.
    නමුත් අද වෙන කොට අපිට ලැබී තිඛෙන ධර්මය සම්පූර්ණ නොවන කෑලී හැලී ගිය ශේෂ වූ කොටසක් පමණක් නම්...
    අප යන්නේ ඒ අනුව නම්...
    ඒක හරියට රෝගයක් සදහා ඛෙහෙතක් පිළියෙල කිරීමෙදී පැලෑටි දහයක් යොදන්න තිබියදී පහකින් ඛෙහෙත හැදුවා හා සමාන වෙන්නේ නැද්ද..?
    එවිට ලැඛෙන ප්‍රතිඵලය සමානයි නේද මම කියන තත්වයට...

    තරිඳු මලයා තාම නැත්තේ මොකද..?
    මිනිහා තමයි මෙතනට ඔන කෙනා..

    ReplyDelete
  13. " අනේ දිල් , ඔය පිංදෙන උදවියට බනින්න නම් එපා. මතකනෙ එක පාරක් දමලා ගහලා ගියා. අන්තීමට ඇස් කඩන් වැටෙනකම් බලන් ඉන්නත් උනා. යන්න ඕනෙ උනාම හශිස්සියට අඩගහන්න ඉන්නෙත් ඔච්චරයිනෙ. ඒක හන්ද උදේ ඉදන් හවස් වෙනකම් කරටි කඩං වැටෙනකම් නෙළුවත් හ්ම්ම් කියන්න එප...."

    ReplyDelete
  14. දිල්...

    අනෙ අම්මපා මෙකීව කොටියම කන්ට එපැයි.
    බලමුකො හීන් නූලෙන් දීලා තියෙන මඩ පාරෙ තරම.
    මුකුත් කියලත් නෑ..
    නොකියත් නෑ..
    අහුවෙන දවසක් එනවනේ එදාට බලා ගමු

    ReplyDelete
  15. රහමෙරහි රසයත්...
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනො මිසක්
    නොබොන දුදනො නොදනිත්...

    හික් හික්.. දිල්, වත් අක්කලත් එක්ක ඔව්වා කතා කරා කියලා වැඩක් නැහැ..මාරයා.. දවස් 5 හකින් විතර වැටෙන්න දුන්නෙ නැහැ...මොකද කරන්නෙ.. තිස්ස අයියා ව කොහොම හරි වැඩෙට සෙට් කරගන්න ඔනා......

    ReplyDelete
  16. ඒ අහිංසක මනුස්සයා අතහැරලා ඔන දෙයක්...
    නැත්තන් ආසාවට මහරගම පැත්තේ යන්න වෙන්නේ නැහැ.
    අන්න අරෙහෙ අක්කා කොස්සකුත් තියන් ඉන්නවළු අපිට නෙලන්න.

    මම නම් දැනුත් වැඩ..

    ReplyDelete
  17. මොකෝ මොකෝ මේ මාරය දිල්ට බනින්නේ ? කෙල්ල මොනා හරි වැරැද්දක්වත් කරලද ? මම දන්න විදියටනම් කෙල්ල හ්ම්ම් කියලා නෑ...

    ReplyDelete
  18. හ්ම්ම් නම් කියලා නෑ තමා..

    එහෙම කිවුවනම් තව හොදා..අනෙ අම්මපා මෙවුවට තමයි කියන්නේ මගේම මොකක්දෝ මටම කෙලිනවා කියලා..

    ReplyDelete
  19. කැවා.. කැවා.... ශි... ගෙදරට ගෙනල්ලා බැහැනෙ.. අම්මලා දෙන්නම ඉන්නවනෙ...දැන් වහින්න ගත්තා.. මම පස්සෙ සෙට් වෙන්නම්...

    ReplyDelete
  20. Rahathun wahansela aduweema gana matanam hithenne mekai maraya.

    Minissu diyunuwa kiya kiya godak needs athi kargena thiyenawa ada kaale. welenda economy ekak thula.
    e.g issara kondeta saban gaapu ekata dan mudalalila shampoo conditioner oils etc. hadala ganilla kiyanawa.
    Geval,wahana,andum ,arawa mewa mekee nokee okkoma jaathi dan minissunata ona wela thiyenawa pawathina lokya thula. Me okkotama dan kiyanne diyunuwa kiyala.

    Ithin me deval sampoorna karaganna minissu loku satanak karanawa.
    Jeewithe reality eka gana hithanna kalakirenna, adyathmaya paththata yomu wenna kaalya adui. Nodaneema me okkoma madde marila yanawa.

    Budun wada hiti kale minissunge jeewitha hugak saralai.

    eyalata me deval walata wehesa wennata thibba time eka adui. Ekko sathuta ekko duka.. Hithanna godak deval thibbe ne jeewithaya gena yana eka gana.
    Simply nagitta,wawwa,kewa,bo keruwa, nida gaththa.
    Itin issara minissunta jeewithe gana therum ganna,kala kirenna ,sansara chakrayen goda yanna hithanna thibba awasthawal ganana wadi.

    Dan api welanda lokaye atharaman wela inne.Hama deyakam accepted level eken wath laba ganna.
    Yamak kamak therena ,jeewana chakrayen midenne hithana intelligent minissu witharak dan dharmaya gana hithanne.

    Eth ehema ayatath owa hariyata therum yaddi wayasa gihin godak.

    Api asarana wela budu hamuduruwane!

    ReplyDelete
  21. ම්ම්ම්... අලුත්ම අදහසක්, "දැං තියෙන්නේ කොටස් හැලිච්ච බුද්ධ ධර්මයක්." ම්ම්ම්.

    චීන-ටිබෙට් මිත්‍යා දෙවිවරු රිංගං ඉන්න නිසා හාමුදුරුගොල්ල මහායානය සම්පූර්ණෙං බැහැර කරනව මිසක් ඕව කියවල බලල තාර්කක කොටස් ටික පොඩි ලයිස්තුවක්වත් ගහල තියනවයැ!

    ReplyDelete
  22. හපොයි මට හොඳටම පරක්කු උනා එන්න.

    පටිච්ච සමුප්පාදය ගැන ප්‍රශ්නෙට උත්තරේ කට්ටිය දීල තියෙනවනෙ. ඉතින් මගෙත් අදහස ඒක තමා. ත්‍රිපිටකයේ මම කියවල තියෙනව එක කතාවක් යාලු හාමුදුරුවරු දෙන්නෙක් ගන. එකටම මහන උනත් මේ දෙන්න ගියේ පාරවල් දෙකක්. එක්කෙනෙක් කැලේකට ගිහින් භාවනා කරල රහත් උනා. අනිත් කෙනා ධර්මය ප්‍රගුණ කලා. පස්සෙ කාලෙක දෙන්න හම්බ වෙලා කතා කරනකොට අර ධර්මය ඉගන ගත්ත කෙනා දන්න ඔක්කොම දාල ප්‍රශ්න අහනව. ඒත් රහතන් වහන්සේට ඒවට උත්තර දෙන්න බැරි උනා.ඒ වගේම රහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙයට උත්තර දෙන්න අනිත් හාමුදුරුවන්ටත් බැරි උනා. හේතුව ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන් මාර්ගඵල ලාභියෙක්ට විතරයි. මට චතුරාර්ය සත්‍යය කට පාඩමින් කියන්න පුලුවන් ඒ දවස් වල. ඒ උනාට අවභෝධ වෙල නෑ. අනේ ඉතින් ඔය කතාවෙ හාමුදුරුවරු දෙන්න මොකක් හරි දෙයක් කලානෙ. අද අපේ අයට ඕව කරන්න කොහෙද වෙලාවක්. සින්දු ල්කියන උන්ගෙ ජාතකේ හොයනව ඇර වෙන දෙයක් කරන්න වෙලාවක් තියෙනවද ?

    මහායාන බුද්ධාගමේ "ගන්න පුලුවන්" දේවල් කොච්චර තියෙනවද කියලනම් මට සැකයි. උදාහරණයක් හටියට තිබ්බත මල පොතේ තියෙන දේවල් ගන්න නම් අපට අන්තරාභවය පිලිගන්න සිද්ධ වෙනවා. ඒත් අන්තරාභවය පිලිගත හැකි හේතු (මට නම්) ත්‍රිපිටකය තුල හම්බ වෙලා නෑ. මට මතක හැටියට අටුවා වල සඳහන් වෙන්නෙ මරණය හා ඉපදීම කූඩැල්ලාගේ පියවර වගේ කියල. ඒ කියන්නෙ ඒ කියන්නෙ එක පැත්තකින් අතඇරෙනකොට අනිත් පැත්තෙන් අල්ලගෙන. මම මහායානය ගන මහ ලොකුවට දන්න කෙනෙක් නෙමේ. ඒත් ටිකක් ඉගනගෙන තියෙනවා. අපේ පන්සලේ නැවතිල හිටිය ටිබෙට් හාමුදුරු කෙනෙක්. එයා මට කියල දීපු දේ වල හැටියට නම් අපට ගන්න යමක් තියෙනව නම් තියෙන්නෙ මහායාන ධර්මයට වඩා ඒ පිලිපැදීම් (practices) වල.

    අනවභෝධයට හේතුව අප අත තියෙන දේවල අඩු පාඩුව කියන එකට මම විරුද්ධයි. අපි අතේ තියෙන දේ හරියට නොදැන තව මදි කීම නිරර්ථ්කයි කියල මම හිතන්නෙ. මතකද පහරාද සූත්‍රයේදි කියනව බුදු හාමුදුරුවෝ, ධර්මයත් මේ මුහුද වගේ ඒන්න එන්න ගැඹුරුයි. අපි හැමෝම (මමත් ඇතුලුව) කරන්නෙ මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහන එක. මුලින්ම අපි චුට්ටක් රැල්ල පාගල ඉමු නේද ?

    ReplyDelete
  23. මචන්, කැනඩාව තුළ මට මහයාන, සියම් ථෙරවාදී (සියම්/මියන්මාර් හා ඒවැනි රටවල්) හා අපේ රටේ තිබෙන ථෙරවාදී බුදු දහම අදහන පුද්ගලයින් අතර මට පොඩි වෙනසක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
  24. චතුරාර්ය සත්‍යය දැනගැනීම නෙවෙයි අවබෝධ කරගැනීමයි විය යුත්තේ.

    ReplyDelete