29 March 2010

සික්කා මමයි බ්ලොග් ලියනා පිස්සු පොර...

අද තමයි ඔන්න දවස් දෙකකට පස්සේ ගෙදර ආවෙ.
වැඩට ගියේ එක දවසකට උනාට අන්තිමෙ දවස් දෙකක්ම ගිහිල්ලා තමයි නිදහස් උනේ.
ඒ මගේ රස්සාවෙ හැටි.
පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවාව නැත්නම් අපි කවුරුත් දන්නා පරිදි සෙකියුරිටි සර්විස් වල ඉතින් හැටි තමයි.
සාමාන්‍යයෙන් පැය විසි හතරක් එක දිගට වැඩ.
ඊ ළග පැය 24 නිවාඩු.
හදිසියේ වත් රාජකාරිය භාර ගන්න අනික් සගයා නාවොත් ඉදපන්කෝ ලගා ගහගෙන..

හැබැයි ඉතින් මම මෙ රස්සාවට ටිකක් විතර කැමතියි. මොකද මෙ දවසක් ඇර දවසක් තියෙන නිවාඩුව නිසා.
ආ තව එකක් මට ස්ථාන මාරුවක් ලැබුනා කියලා මම මීට කලින් ලියලා තිබුනනේ..
ඔන්න හරියටම මාසයකට පස්සේ ඒ කියන්නේ ලබන පළවෙනිදා සිට මාව නැවතත් කලින් හිටි තැනටම කැඳවා ඇත.
මම නැති අතරෙ අපේ කස්ටිය වැඩෙ හොදට වළදලා කියාලා තමයි ආරංචිය...
කොහොම උනත් ආපහු ආවාම පිස්සු හැදෙන බව නම් මට ෂුවර්.
මම එතන ආරක්ෂක අංශය භාරගෙන මටම ආවෙනික විදියට වැඩ පිළිවෙලක් හදලා තිබුනේ.
දැන් ඒවා ඔක්කෝම බකල් කරලා..
ගිහින් හදපංකෝ මුළ ඉදන්ම...
හැබැයි මෙ මාරු වෙලා හිටි කාලය තුල මට එක දෙයක් නම් දැන ගන්න ලැබුනා..
ඒ තමයි මම හිතපු තරං මිනිස්සු මාත් එක්ක තරහා නැති බව..
ඇත්තටම අපේ රාජකාරියේ ස්වභාවය අනුව මිනිස්සුත් එක්ක සමීප ඇසුරක් තබා ගැනීම තහනම්. ඒ නිසා මම හුගාක් තදින් හිටියේ.. සමහර වෙලාවට නීතියෙන් පිට වැඩ නොකිරීම නිසාම සමහර උදවිය මට ඇහෙන නොඇහෙන ගාණට බැණ බැණ යනවා.
ඒත් ඉතින් මොනවා කරන්නද? සමහර වෙලාවට නම් මම කතා කරලා අපේ රාජකාරියේ ස්වභාවය පිළිබද කියාදෙන්න උත්සහ කරනවා.
ඒත් වැඩ වැඩි වෙලාවට එහෙම දේශන තිය තිය ඉන්න වෙන්නේ නැහැ.
අන්තිමට මම යන දවසේත් හැමෝටම කියලයි ගියේ මම යනවා කියලා. ඒ විතරක් නෙවෙ ඔන්න දැන් ඔයාලට කරදරයක් නැතිව ඉන්න පුළුවන් කරදරකාරයා යනවා කියලාත් කියලායි ගියේ ..
ඒත් එතන ඉදලා පාරෙ තොටෙ වෙවා කොහේදී හරි වැඩ පලේ කවුරු හරි දැක්ක ගමන් හරිම සුහදව මාත් එක්ක කතා කරන විදියෙන් මට තේරුනා මිනිස්සු මම හිටිය තත්වෙ තේරුම් අරගෙනයි කියලා.. ඒ විතරක් නෙවී හුගාක් දෙනා නැවත ආපසු එන්න කියලා මගෙන් ඉල්ලා සිටින්නටද උනා. ඒ හුගාක් අය රාජකාරියේදී මගෙන් කිසිම බුරුලක් ලැබුනු උදවිය නොවීමත් විශේෂයි.
හදිසියේ මෙ ළගදී දවසක් මට රාජකාරියක් ආවරණය කිරීම සදහා නැවත එහි යන්නට වූ වෙලේ හමුවූ
එතෙක් කලක් මම වචනයක්වත් කතා නොකර හිටි උදවියගෙන් පවා (විශේෂයෙන්ම කාන්තා පාර්ෂවයේ දුකේ බෑ...) පුදුම විදියේ හිතවත් කමක් පල උනේ..
මෙච්චර මගෙන් බැනුම් අහලත් මෙ මිනිස්සු තරහා නැති එක තමයි වැඩෙ..

ඒ වගේම මා යටතේ වැඩ කල නිලධාරීන් කිහිප දෙනාද මා නැවත ආපසු පැමිණීම ගැන සතුටු වන බවත් දක්නට ලැබුනා.. ඒ නම් වෙන කිසිවක් නිසා නෙවෙයි.. පසු ගිය දින කිහිපයේදී සිදු වූ සිදුවීම් අනුව මෙම ස්ථානයෙන් අපගේ ආරක්ෂක අංශයට ලැබී තිබූ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට හේතු වන මට්ටමෙ වැඩ සිදු වී තිබීම නිසා තම තමන්ගේ රැකියා අහිමි වීමෙ අවදානමක් උද්ගත වී තිබීම මතයි.
ඒ නිසාම දැන් තමයි යාන්තම් මා ගෙන ගිය වැඩ පිළිවෙල නිසා ඔවුන් ගේ රැකියාවන් ආරක්ෂා වී තිබූ බව ඔවුනට වැටහී ඇත්තේ..
හැබැයි ඉතින් මට නම් ආපසු එනවාට වඩා දැන් ඉන්න තැන හොදයි..
කතා කරන්න කවුරුවත් නැති උනත් දවසම පාළුවෙන් සිටියත් හිතට හරිම සහනයක් තියෙනවා.
කාත් එක්කවත් ගැටෙන්න අවශ්‍ය නැහැ. පාඩුවෙ හිටියහැකි.

මොනවා උනත් දැන් ඉතින් එන්න එපැයි...

ඉතින් මට මතක හැටියට මෙතුවක් දවස් මාගේ රැකියාව පිළිබඳව මෙ බ්ලොගය තුල හරියටම සදහන් කර නැති බව මාගේ මතකයයි.
නමුත් ඒ පිළිබඳව එක් අයකු පමණක් නම් දැන උන්නා.
මීට පෙර ලිපියකින් මාගේ පැවිදි ජීවිතය පිළිබදව මා එළිදරවු කල අවස්ථාවෙ අපේ වන් ඇන්ඩ් ඔන්ලි හීරළුවා යැයි එතෙක් සිතා සිටි තරිදු මලයා අප්සෙට් වූ බව දුටිමි.
නමුත් මාගේ අදහසේ හැටියට මෙ සිංහල බ්ලොග් අවකාශයේ නානා විධ වෘත්තිකයින් අතරේ එකම සික්කා මමයැයි මා සිතමි.

( රෑ දවල් තිස්සේ මුර කර කර ඉදලා ඇවිත් අනිත් දවසෙත් බ්ලොග් ලිය ලියා ඉන්න මෙහෙමත් සික්කෙක්.. පිස්සු නැත්නම් ෂෝක් නෙද..?)

ඉතින් මහ රජ මෙ සික්කා හැර වෙනත් සික්කන් සිටීද..?


සික්කා මමයි බ්ලොග් ලියනා පිස්සු පොර...
එන්න මහතුනේ බලලා වෙන්න කොර...

46 comments:

  1. සික්කයි මමයි වැඩට ගියා
    සික්කා තියලා මං අවා
    බ්ලොගායි මමයි ලිපි ලිව්වා
    හි හි

    ReplyDelete
  2. වැප්...

    සික්කයි බ්ලොගයි දෙන්නම එකයි..

    ReplyDelete
  3. අප්පච්චියේ දවල් වෙලා නෙව මොනවා හරි උයා පිහා ගන්නත් ඔන...
    නැත්නම් සික්කා අද බඩ ගින්නේ තමයි..
    මළ මගුලයි...

    ReplyDelete
  4. බ්ලොග් එකක් ලියන එකට තමන් කරන රැකියාව අදාළ වෙනවා කියල මං නම් හිතන්නෙ නෑ.. කොහොම වුනත් අයියගේ අත්දැකීම් බෙදා හදා ගන්න මේ ඉසව්වට මාත් ඇව්ත් යන්න අමතක කරන්නෙ නෑ..

    ReplyDelete
  5. සික්කා උඹ යි බ්ලොග් ලියනා පිස්සු පොර
    මම දැන වුනිමි එය සහසුද්දෙන් නිතර
    බෝතලයටම යටවී නුඹ දිවි ගෙවන
    සික්කෝ උඹත් ටික්කෙක් වෙයි මතු දවස

    ReplyDelete
  6. බට්ටිච්චගේ කදුළින් පිරි නෙත් සගල
    එලිවෙයි දුටුවොතින් ඔඛෙ සුන්දර උවන
    මිනිසුන් සුන්දරයි රහසක් නැත එගැන
    මට දුක නුඹේ දුක ගැනමයි පෙර දවස

    ReplyDelete
  7. රැකියාවේ ස්භාවය මීටපෙර කියලා තිබුනා.ඒ නිසා මමනම් දැනගෙන උන්නේ ඒ ගැන.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. පුන්සද දිලේ අද රෑ අහසේ සබද
    මට සිහිවෙනව සුන්දර ඔහුගේ උවන
    ඔහු මා ලගින් වුන් අරුමය සිහිනයක
    පාකර හරින්නේ කෙලෙසද මා තනිව

    ඔබගේ සසර කෙටි කරනා ක්‍රමවේද
    දන්නේ නම් කියා දෙනු පින දෙමි නිතර
    දුක පාකර හරින්නට දිරි දෙනු මා සබද
    බෝතලයෙන් ටිකක් මට දුන්නොත් මොකද

    ReplyDelete
  10. ඒ ආතල් එක දැනිලාද මෙතැනත් දාලා යන්න ගියේ...?

    දඬු අඬුවට අහුවෙලා තිබ්බ යකඩයට අසීමිත සතුටක් දැනෙන බව හැබෑව ගලවල පැත්තකින් තිබ්බහම... නමුත් කොච්චර හිරවුනත් හකු දෙක තමන්ව ආරක්ෂා කලා නේද කියලා දැනෙන කොට ආයෙමත් බලෙන්ම පනිනවා හකු මැද්දටම...

    අපි හැමෝම සික්කු තමයි... ඉස්කෝලෙදී පන්තියේ, ටිකක් ලොකුවෙනකොට අක්කගේ, නංගිගේ... ඊට පස්සේ පෙම්වතියගේ... ඊට පස්සේ බිරිඳගේ, වයස්ගත දෙමව්පියන්ගේ, අසරණ වුණු මිතුරන්ගේ.... උඹට පඩියක් ලැබේය... අපිට නොලැබේය....

    ReplyDelete
  11. අන්න හරි තිස්ස අයියේ........ ඒත් මේකට බැනල වැඩක් නැහැ... අපේ ලේ රත්වෙනව විතරයි.... හරි හරි දැන් ඔක්කොමල සතුටින් සමාදානෙන් ඉමු... හරිද...... හරි... හරිනම් එච්චරයි... මටත් ටිකක් වැඩී වගේ........... මේ blog එක බැලූවත් වෙරි වෙනව......... අපොයි දෙයියනේ ඔලූව කැරකෙනවාාාාාාාාාාාාාාාාා

    ReplyDelete
  12. මමත් දැනගෙන හිටියද එහෙමත් මට දැනිල තිබ්බද දන්නෙ නැහැ අයියේ උඹේ රැකියාව ගැන. මේ ලිපියට කලින් මම ඒ ගැන දැන හිටියා.සමහර විට ලියන ලිපි වලින් ඒ වගක් තේරෙන්න ඇති.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. " සික්කා උබයි බ්ලොග් ලියනා පිස්සු පොර "

    හ්ම්ම්ම්ම්ම්! රැකියාව කෙසේ වෙතත් ලියන හැකියාවට නම් මම බොහෝම කැමතියි...අපූරු වචන, ලියන රටාව වගේම වෙලාවකට අපිවත් පිස්සු කරන අදහස්...අපූරුයි....

    වත් ගෙ කවිපද ටිකත් අපූරුයි. වත් මගේ ඉසව්වට නම් එන්නෙම නැති තරම්...අමනාපයකින්ද මන්ද...මම නම් වත් ගෙ ඉසව්වෙ නිතරම සැරිසරනවා.....

    ReplyDelete
  15. තිසා උඹ කියූ දේ නම් මාරයි බං . .සිරාවටම . . !!

    මේ මාරයෝ . . රැකියාවෙන් මිනිස්සුන්ගේ හොඳ නරක මනින අයයි මේ බ්ලොග් අවකාශේ ඉන්නේ කියලා උඹ හිතන්වනම් එක තමයි උඹට උනු ලොකුම වැරැද්ද. .

    උවමනාවෙන් කවුරුහරි කිවොත් මිසක් මම දැකලා නෑ කිසිම කෙනෙක් අහනවා රැකියාව ගැන.

    ඒ කියන්නේ මේ බ්ලොග් බලන උන් මඥ්ඥොක්කා ගන්න ගිහින් වත්තේ හතර මායිම් හොයන උන් නෙමෙයි . .

    ReplyDelete
  16. එහෙනම් බය වෙන්න දෙයක් නෑ..... මේක ඇතුලෙ ලියන් කරන් ඉන්න අපිටත් ආරක්ෂාව ලැබෙයිනේ අයියේ???????
    අර අගේ දැනෙන්නේ මොකද්ද උනාම කියන එක මේ කතාවෙන් පේනව....
    (නොකා හිටියොත් මඟුලක් වෙන්නෙ කෝමෙයි අයියේ???????)

    wathගේ කවි ටිකත් ලස්සනයි...

    ReplyDelete
  17. අය්යෙ, මම ත් මේක හැමදාම බලල යනව මිස ලියල යන්නෙ නෑ මුකුත්.. ඒත් අද නම් ලියල යන්න හිතුන..ඔයා මාරයි තමයි..
    මොන රස්සාව කළත් ඒක අවංකව කරන ගෞරවනීය මිනිසෙකුට පිදෙන ආචාරය ඔයා වෙනුවෙන් මගෙන්..

    ReplyDelete
  18. මම එනවා රැ වෙලා වැඩ ... බාගෙට කියවන්න හම්බ උනෙ මෙහෙම සටහනක් දාලා යනවා.... රැට සෙට් වෙමු

    ReplyDelete
  19. රස්සාවයි ලේඛකයෙකු වීමයි අතර සම්බන්ධයක් නෑ.

    ඕකත් හරියට අර විද්‍යාව ඉඝෙන ගෙන සාහිත්‍යකරනයේ යෙදෙන අය ගැන කතාකරනවා වගේ අර්ථ විරහිත දෙයක්.

    අපි වගේ අයට ලේඛකයින් වීමට ඉඩ ලැබුණු මේ බ්ලොග් කෙරුවාවට ස්තුති වේවා!!!

    කතන්දරකාරයා

    ReplyDelete
  20. අප්පට සිරි සික්කා! :D

    මාරයා සික්කෙකු බව දැනගැනීමේ සතුටට "සික්කා 2010" නම් මහෝත්සවයක් - සුරාවෙන් සූදුවෙන් තොර, lol - පැවැත්විය යුතු බව මම මෙයින් යෝජනා කරමි!

    ReplyDelete
  21. සුරාමේරය මජ්ජපමා දඨ්ඨානා වේරමණි "සික්කා" පදන් සමාදියාමි කීවේ......... ඒ මේ "සික්ක" ද .....

    ReplyDelete
  22. @wath:
    හාහා... බුද්ධාගමට අපහාස කොරලා අහු වෙනවා නෙවෙයි! විසා කැන්සල් කොරනවා හරිය?

    ReplyDelete
  23. මාරයියගෙ කලින් පෝස්ට් එහෙක දෙහෙක රැකියාවෙ ස්වභාවය ගැන තිබ්බ වගේ මතකයි.....

    තිස්ස අයියගෙ මේ කතාව නම් මරු :)

    'අපි හැමෝම සික්කු තමයි... ඉස්කෝලෙදී පන්තියේ, ටිකක් ලොකුවෙනකොට අක්කගේ, නංගිගේ... ඊට පස්සේ පෙම්වතියගේ... ඊට පස්සේ බිරිඳගේ, වයස්ගත දෙමව්පියන්ගේ, අසරණ වුණු මිතුරන්ගේ.... උඹට පඩියක් ලැබේය... අපිට නොලැබේය.'

    ReplyDelete
  24. @wath: හහ් හහ් හහ්....දවසේ හොඳම කියමන...."සුරාමේරය සික්කා පදං....." හෙහ් හෙහ් හෙහ්.....

    ReplyDelete
  25. හා හා කෑගහන්න හපා අයියා. වීසා කැන්සල් කරාවි. ක්‍රියාවෙන් කරනව වගේ නෙමෙයි. කතාවෙන් කීවම තමයි ඔක්කම ලෙඩ. Akon වුන දේ මතකයි නේද දැන් ලංකාවෙ බුද්ධාගමට හෙන තැන. නමුත් බුද්ධ ධර්මයට නෙමෙයි. Akon ට පින්සිදු වේවා.

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. බල්ලෝ කෑ ගහන ගම්මානෙ කිව්වේ අනුරාධපුරේ ගැන වෙන්ටෑ... එහේ මදිවට මුන් මෙතනත් ඇවිත් උඩු බුරන එක නොවැ වැඩේ....

    ReplyDelete
  28. අනෙ අපුච්චෙ කවුදෝ හාදයෙක් ප්‍රතිචරයක් දක්වන්ටය කියලා ඇවිත් උන්දැගේම මෑණියන් පිළිබදව සටහනක් දමලා ගොහින් නොවෑ.
    මක්ක කොරැන්ටෙයි. ඒකා ඒකාගේ මෑණියන්ට මොකක්දෝ නමුත් විපතක් කොරන්ට යන හැඩයි.
    ප්‍රතිචාරෙ තියන්ටමයි මගේ හිත.. ඒත් ඉතින් මෙතනට ඒ වගේ නරි එන්නේ නැති නිසා එන යන අනිකුත් වැදගත් උදවියගේ සිත් තුලට අපුලක් ගෙන එන වදන් මෙකෙ තියෙන එක හරි නැතෙයි කියලා හිතුනු නිසා ඔං ඒක මං මකලා දැම්මා.
    අනිත් කාරණාව තමා ඉතින් දාහකුත් එකක් වැඩ අස්සේම මෙ නමක් ගමක් නැති කුණුහරුප දාන ගොබිලා කොළ අමන වැඩෙ පිළිබදව හැකි ඉක්මනින් මට දැනුම් දීපූ මගේ මිතුරියටත් හද පිරි ස්තූතිය...(ඔං ගන්ට ඔන බෑ කියන්ට එහෙම බෑ හොදේ..)
    අර අමන තකතීරුවාගේ ගොන් පාට් එකට උත්තර බැදපු කෙනාටත් මාගේ ස්තූතිය..ඒත් ඉතින් අනුරාධපුරෙ නම් මම හිතන්නේ නෑ ඒ වගේ මැටි මෝල්ලු ඇති කියලා.. අනේ ඉතින් අනුරාධපුරෙ කියන්නේ අපේ පෞරාණික අග නගරයක්නේ..
    ඔය මී පැටියා අනුරාධපුරෙ උනත් විකුනන් කන ඉන්න තැන ජරා කරන මී හරකෙක් නෙව.(මී හරක් මට නඩු දායිද දන්නේ නැහැ උන්ටත් අපහාසයක් කියලා.)
    මොනවා කරන්නද ඒකාගේ කොහෙන් හරි කොපි කරගෙන ඇවිත් දාන පෝස්ට් බලන්න කවුරුවත් නැති උනාට...
    දුක තමයි පවු අප්පා..

    ReplyDelete
  29. sansarasidu...
    චමිදේවා...
    Raven...

    ස්තූතියි...

    ReplyDelete
  30. තිස්ස දොඩන්ගොඩ...
    උඹට පඩියක් ලැබේය... අපිට නොලැබේය....

    දුක හිතෙනවා අප්පා...
    නියම කතාව අයියේ...

    ReplyDelete
  31. wath...
    ලියන්නට කවියක්
    නොවෙ මට සවියක්...
    හඩන්නට දිරියක්
    ලැඛෙ ගැහුවොත්
    මෙයින් අඩියක්...

    ReplyDelete
  32. wath...
    සුරාමේරය මජ්ජපමා දඨ්ඨානා වේරමණි "සික්කා" පදන් සමාදියාමි

    අනෙ අම්මපා...

    ReplyDelete
  33. අන්න අර ගව පෝතකයා දුකාගේ තැනත් වනසලා...

    ReplyDelete
  34. මම දැක්කා... අරු ලියලා තිබුනු දෙ... මිනිස්සු කොච්චර හංගලා වැඩ කරත් අපි දන්නවා එ වැඩෙ කරෙ කවුද කියලා.. එ මිනිස්සු දෙයක් කියන විදියට අපිට කල්පනා කරන්න පුළුවන් මෙ මනුස්සයා කොහොම කල්පනා කරන කෙනෙක්ද කියලා...මම හැමතිස්සෙම කියන දෙයක් තමයි... එක පාරක් වැරද්දක් කරන්න මනුස්සයෙක් හිත හදා ගත්තොත් එ වැරැද්ද හැමදාම කරන්න ගන්නවා.... මොනවා කරන්නද අපි අතර ඉන්න අපෙ එකෙක්නෙ.. හොයලා ගඟෙ දානවට වැඩිය අපෙ එකෙක් නෙ කියලා හිත හදාගෙන ඉවසගෙන ඉමු.

    ReplyDelete
  35. budhajeewa...
    ඒකත් හරියට අර හික්කා වගේ වෙයිද දන්නේ නෑ නේද..?
    එහෙම නම් මරු...

    ReplyDelete
  36. කතන්දර කාරයා ...

    අපි වගේ අයට ලේඛකයින් වීමට ඉඩ ලැබුණු මේ බ්ලොග් කෙරුවාවට ස්තුති වේවා!!!

    ඒකනම් ඇත්ත...ක/සූ

    ReplyDelete
  37. හා පැටික්කි ...
    චේජනා...
    විශ්මි...

    මෙහි පැමිණි කාන්තා බලකා ඔබ සැමටත් ස්තූතිය...

    ReplyDelete
  38. දුකා ...

    රැකියාවෙන් මිනිස්සුන්ගේ හොඳ නරක මනින අයයි මේ බ්ලොග් අවකාශේ ඉන්නේ කියලා උඹ හිතන්වනම් එක තමයි උඹට උනු ලොකුම වැරැද්ද. .

    මං කොතනද දුකෝ එහෙම කිවුවෙ...

    ReplyDelete
  39. දිල්...

    ම් ලොකු නෝනා ...
    ඒවා මෙවා නෙවී අන්න මම මගේ වෘත්තීය ඉල්ලීම් වගයක් දාලා ඇති ගිහින් බලනවා හොදයි.

    ඇත්ත තමයි දිල්.. වත්...ගේ කවි ටික නම් අපූරුයි.
    වෙනදටනම් මාත් මොනවා හරි ලියනවා ඒත් අද මාත් කොර...

    ReplyDelete
  40. රවා...

    ඒ පිස්සා ගැන අපි කතා නොකර ඉමු සහෝදරයා...
    කතා කරන්න තරං වටින එකෙක්යෑ ඒකා...

    ReplyDelete
  41. කලින් ලිපියකත් තිබ්බනෙ මේ ගැන ඉඟි කරලා.
    හරිම අමාරු රැකියාවක් නේද?

    ReplyDelete
  42. ඒකනම් එහෙම තමයි..
    නමුත් මොකක්දෝ හේතුවකට මම මෙ රැකියාටවට හුගක් කැමතියි..

    ReplyDelete
  43. අනුරාධපුරෙ නම විකුණාගෙන කන මන්ද මානසික පුද්ගලයා නිසා මෙම ප්‍රතිචාර තීරුව මෙසේ විවෘතව තැබීමත් ප්‍රශ්නයක් වෙලා තිබුනත්
    තව දුරටත් එය විවෘතයි.
    අද මම වැඩට යනවා. මම එනකොට මෙක කුණුහරුප වලින් පුරවා තිබුනත් වෙන කල හැකි කිසිවක් නැහැ.
    මන්දයා නිසා අන් අයටත් මෙම තීරුව අවහිර කර තැබීමට මට නොසිතේ...

    ReplyDelete
  44. //ඉතින් මහ රජ මෙ සික්කා හැර වෙනත් සික්කන් සිටීද..? //
    එලම එල!

    ReplyDelete
  45. උඹ එහෙම කිව්වේ නෑ ඒ වුනාට සික්කා මමයි බ්ලොග් ලියනා පිස්සු පොර..." කිව්වහම අනික උඹේ ලිපිය කියෙව්වාම නිකං හිතෙන්නේ එහෙම කියන්න හදනව වගේ කියලා . .. එහෙම නෙමෙයි නම් කමක් නෑ තරහ ගන්ට එපා ආයිබෝං "

    ReplyDelete
  46. දුකා...

    හනෙ හපුච්චෙ මං තරහා ගන්නවද ඔවට..

    ReplyDelete