04 March 2010

වයසක මිනිසෙකි මා දැන්

වයසක මිනිසෙකි මා දැන්
කෙස්ස පැහී ඇත තැන තැන
වසර තිහක් උනත් දැනේ
වියපත් ගතියක් මා හට..

ජීවිත ගග ගලා ගියේ
වරෙක බොහෝ වේගයකිනි
තවත් විටක බොහෝ හෙමින්
ගලා ගියා මට මතකයි..

දුක සැප කිත් යසස් මැදින්
ගුණ වරුසාවල් අසමින්
හිටි හැටියේ කුණු බැනුමින්
දෙසවන් පිරුණා සැණෙකින්..

දෙවියෙක් වාගෙම රකුසෙක්
මා හද ගැබ නිදනා බව
මටත් වඩා හොඳින් දන්නේ
මා අසලින් සිටි උදවිය..

යටපත් කර දේව ගතිය
සිර කර දා රකුස් දිවිය
මිනිසකු වන්නට තැත් කල
තවත් එකෙකි මා ලොව තුල..

20 comments:

  1. දෙවියෙක් වාගෙම රකුසෙක්
    මා හද ගැබ නිදනා බව

    මෙක ඔයගෙන් මම බලාපොරොත්තු උන දෙයක්.. කාලෙකට කලින් කතාවකදි ඔයා ලියපු දෙයක් අනුව මම හිතුවා.. ටිකක් දරදඩු උනාට අතුලෙන් ටක් ගාල උණුවෙන ගතියකුත් ඇති කියලා..
    නිස්කාංසුවෙ ඉද්දි හිතට දැනෙන දෙ... කොහොම උනත් මගෙ ගඟත් මෙතනට සම්බන්දකලාට ස්තුති.... මෙ ගඟෙ අයිතිය මම ගත්තෙ මහගම සේකර මහත්තයගෙ හරිද...?

    ReplyDelete
  2. මල සේක
    ගගත් අයිතියට අරන්...

    කමක් නෑ කමක් නෑ
    මොනවා උනත් සේකර ජීවත් උන රදාවානේ තුංමන් හන්දියේ අයිතියවත් මට තියෙනවානේ.

    ReplyDelete
  3. හරි හරි ගඟ මගෙ... ඉතුරු ඔනා එකක් ඔයගෙ... එවා ඔක්කොම උනත් කමක් නැහැ ... අයිතිය ඔයට...

    ReplyDelete
  4. අන්න එහෙම එන්න.
    හොර ඔප්පු හදලා ගග ලියා ගත්තා මදිවට මම හිතුවෙ තුන්මන් හන්දියත් ලියා ගනී කියලා.

    ReplyDelete
  5. ඇත්තටම මම දැනට ජීවත් වෙන්නේ මහගම සේකර මහත්මයාගේ වාසස්ථානය වූ රදාවාන හන්දියේ ඉදලා කිලෝමීටර 5ක් තරම් ළග. මගේ අම්මාගේ ගේ පිහිටලා තියෙන්නේ රදාවානේ තුන්මන් හන්දියේ ඉදලා මීටර 200ක වගේ දුරකින් ඒ වෙලත් මම අදටත් හරියටම සේකරගේ නිවස තිබූ තැන හරියටම දන්නේ නැහැ. මම අහලා තියෙන විදියට අම්මලගේ දෙරට ගෙවල් තුනක් හෝ හතරක් එහා පැත්තෙන් තමයි තිබිලා තියෙන්නේ.
    ඒත් මම හරියටම දන්නේ නැහැ. මෙ ගගේ කතන්දරෙ හින්දයි මට මෙ බව සිහියට නැගුනේ. අම්මපා අපි වාගේ මිනිස්සු.
    ඒත් අත් දෙකත් නැතුව සේකරගේ පිළිමය නම් තුන්මං හන්දියට වෙලා අදටත් පාරෙ යන එන අපි දිහා දුකෙන් වගේ බලන් ඉන්නවා.

    ReplyDelete
  6. me kaviya harima lassanata liyala tiyenawa . .. . mara vidihata hithata danuna . . . kiyaa ganna bari mokaddooo dukak wage deyakut danuna . . ane manda . . . .

    ReplyDelete
  7. ස්තූතියි දුකා...
    සමහර විට මෙ කවිය අපි හැමෝටම පොදු දෙයක් නිසා විය හැක

    ReplyDelete
  8. අයියෙ මහගම සෙකර මහත්තයයි, සොම හමුදුරුවොයි, මගෙ ගුරුවරු ටිකයි ,අම්මලා දෙන්නයි තමයි ජිවිතෙ වටිනාම උපයාගත් කොටසට හිමිකාරයො මට හරියට ආස හිතුනා ඔයා එ පැත්තෙ ඉන්නෙ කිව්වහම... අනිත් එක ඔයා දුකගෙ බ්ලොග් එකෙ දාල තිබුන කොමෙන්ට් එක දැක්කාම තවත් ආස හිතුනා. මට නම් මෙ හතර පැත්තෙන්වත් තාත්තා කෙනෙක් දුවෙක්ව දෙන්නෙ නැහැ අපෙ තාත්තා කරලා තියන වැඩ වලට. එ උනත් මම උත්සහා කරනවා ජිවිතෙ සැපදුක බෙදා ගන්න මගෙ වයසට වඩා අඩු සොඳූරු සිතක්ව හොයාගන්න..

    ReplyDelete
  9. මහගම සේකර අපි දිහැ අනුකම්පාවෙන් එ බලන් ඉන්නෙ... එයා එ දෙ කවි පොත්වල (ප්‍රබුද්ධ) කියනවා ලස්සනට.

    ReplyDelete
  10. රවා ...
    ඔබට හිමි සොදුරු සිත ඔබට ලැඛෙවා
    ඇත්ත වශයෙන්ම ඒ සදහා ඔබ සුදුසු අයකු බව අවිවාදිතයි.
    ගණන් ගන්න එපා ඔය පළාතේ උන්ට පින් නැත්නම් අපි මොනවා කරන්නද?
    රවාට ඔන මොන වගේ කෙල්ලක්ද කියලා එවන්න මම හොයලා දෙන්නම්.
    මම මට හොයා නොගත්තට අනිත් ඔන කෙනෙකුට උදව් කිරීම සදහා ඔනම වෙලාවක මම ඉන්නවා.

    ආ මෙ අර කිවුව කවි ටික දානවද පරක්කු නොකර

    ReplyDelete
  11. ඇති යන්තම් දැන්වත් වයසයි කියලා තේරුනා...මෙච්චර කාලයක් ඕක තේරුනෙ නැති එකනෙ පුදුමෙ....ඔය මාරය මාරය වෙන්න කලින් තව තව දේවල් ජීවිතේට ඕන කියලා හිතෙන්නේ නැද්ද ?

    තව එකක්...මේ මෙතන කතාව අස්සෙ එක එක මගුල්තුලා ගැනත් කතා වෙනවා...දැන් ඒ bisiness එකත් පටන් ගත්තද ?

    හා හා හා හා..............:D

    ReplyDelete
  12. දිල්...

    අයියෝ දිල් ඔයා දන්නේ නැද්ද? මම හොද කපුවා.
    ඔන නම් ඔයාටත්....
    කිව්වට මොකද මම දන්න වැදගත් මහත්තයෙක් ඉන්නවා..
    මෙ නොනාටනම් දෙයියෝ මවලා වගේ..
    හොද උගත් ,වැදගත්,විනීත,සුවිනීත,චරිතවත්,ආ ආ අමතක උනා..
    ඇයි සුරා සූදුවෙන් තොර....

    මොකද කියන්නේ...ම්..ම්

    ReplyDelete
  13. හුටා...යකෝ 30යි කියනකොට මතක් උනේ.මමත් එතකොට වයසට ගිහින්ද?ඒ කියන්නෙ අපි යන්න ලඟයි නේද බන්.....

    ReplyDelete
  14. වැඩක් නෑ...රවාගෙන් අහන්නකෝ මම හොයන කෙනා කොයිවගේද කියලා.....:)

    මම හොයන්නේ ඔය ඔක්කොමටම වඩා
    අර බිගුලන්තයේ ඡ්න්දෙන් දිනපු හොදට රසට උයන්න දන්න කෙනෙක්ව ;)

    ReplyDelete
  15. අපි හැමොම දන්නවා අපි හොයන්නෙ කාවද කියලා... එත් නොදන්නවා වගෙ කථා කරනවා.
    මගෙ පළවැනි සෙනහස්කාරි ගැන නම් මම බ්ලොග් එකෙ ලිව්වා
    දෙවැනි සෙනහස්කාරි මාව අතරමග දාලා ගියා. එකට අද එයත් ගොඩාක් පසු තෙවෙනවා. මොකද එ වෙලාවෙ එයාට පෙනුනෙ නැහැ මගෙ කැපවිම, එයා කෙරෙහි තිබුනු සෙනෙහස.. පස්සෙ එයා මගෙ ඉස්සරහාම දුක් උනා. නමුත් එයත් ලොකුකම් වලින් පිරුනු කෙනෙක්. මම ඔයගෙ කථා මුල ඉදලා කියවනවා.... මම බයෙ මෙ ඉන්නෙ. ඔයා ජිවිත කාලෙම නොබැද හිටියොත්.. ඔයගෙ ලගින් යන මගෙ ජිවිත කථවටත් එ දෙම වෙයිදො කියලා....මොකක් හරි කරලා ඉක්මනට බැදපන් දෙයියනෙ..... කෙල්ලෙක් අහනකම් බලන් ඉන්නෙ නැතුව... ඔයා කවුරු හරි කෙල්ලෙක්ගෙන් අහලා ඔය වැඩෙ කරගන්න මොකද අපිට හැමදාම තනියම ඉන්න බැහැ...එහෙම ඉන්න හිතන්නත් එපා.

    ReplyDelete
  16. වියපත් නොවුනත් වියපත් ගතියක් දැනෙනව ජීවිතෙන් හති වැටුනම හැම පුන්චි තප්පරයක්ම විදින්න පුලුවන්නම් විඩාවක් දැනෙන එක්ක නැහැ...... හොද නිර්මාණයක්....

    ReplyDelete
  17. මාර මල්ලි..

    දාල ගියපු උන් එහෙම කරේ උම්බේ හොන්ද වෙලාවට කියල හැම තිස්සේම හිතපන්. උන් උම්බව තේරුන්ගත්තනන් දාල යන්නෙ නෑ කවදාවත්. අනික එහෙම එකෙක් තව කාලයක් එකට ඉන්දල දාල ගියානන් සිද්ද වෙන තුවාලෙට වැඩිය බොහොම සුලුයි ඔය වෙලා තීන දේ.
    අනික දැම්ම මඛාදේව වෙන්න හිතන්න එපා...උම්බ තාම ගෙවල තීන්නෙ ලන්කාවෙ සාමන්ය මිනිහෙක්ගෙ වයසින් 1/3 ට පොඩ්ඩක් වැඩිය විතරයි. තව 3/2 කට කිට්ටු කාලයක් තීනව යන්න..ඒක මටහක තියා ගනින්..
    මෙහෙම කියන මන් උම්බට වැඩිය දශකයකයක් විතර වයසින් වැඩිය්...ඒ ගානටම අත් ( හා කකුල් . මගේ සුප්පා නම් කියන්නෙ ඒවා කුකුල් කියල ) දැකීමුත් වැඩියි..

    ReplyDelete
  18. හ්ම්ම්ම් ඔයාව තේරෙනව අයියෙ... මට 24 ක් උනාට 35 ක් විතර වයසයි කියල මටම හැඟෙන්නෙ... :(

    ReplyDelete
  19. ස්තූතියි. මම දන්නවා ඔයාටත් එහෙම තමයි කියලා...

    ReplyDelete
  20. තිහත් වයසක් ද කොල්ලෝ?

    -කතන්දරකාරයා

    ReplyDelete