31 March 2010

මගේ ගුරු...

අනේ මන්දා කියලත් බෑ... නොකියත් බෑ...

ලියන්ඩ අදහස් නම් එමටයි. ඒත් ඉතින් කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද මන්දා.

මුලින්ම පටන් ගමු මගේ ගුරුවරයෙක් ගාවින්...

මට මගේ ජීවිතේදී හමු වූ මිනිසුන් අතරින් සුවිශේෂීම පුද්ගලයා මොහුය කිවුවොත් ඒකත් හරි වගේ..
මම දන්න කියන කාලේ ඉදලාම මම මෙ මනුස්සයා අදුරනවා. ඒකට හේතුව උනේ ඔහුත් අපේ ගමෙම වීමයි.
අපේ ගෙදර ඉදලා මීටර් 500ක් පමණ දුරකින් සිටියා උනත් මොහු මගේ ගුරුවරයකු බවට පත් වෙන්නේ මට වයස පහළවක් දාසයක් විතර වෙන කාලෙ ඉදලා තමයි.
ඒ කාලේ තමයි ඉතින් මගේ ජීවිතේ හොදම කාලේ...

සතියට දවස් තුන හතරක් ඉස්කෝලෙත් යන ගමන්..
පුළුවන් හැම වෙලේම එක්කෝ බෝල ගහයි..
නැත්නම් ඇළක පැනලා නායි..
එහෙමත් නැත්නම් බෝක්කුවක් උඩට වෙලා කොල්ලෝ කට්ටියත් එක්ක යාං හෑලි කිය කිය ඉඳී..
සමහර දවස් වලට රා බෝතල් පහ හයක් ගෙනල්ලා මඤ්ඤොක්කා තමිබගෙන (කට්ටිය අතේ සල්ලි තියෙන වෙලාවක නම් ඔකට ඌරු මස් ටිකකුත් එකතු වෙනවා-නැතිම වෙලාවට ඉතින් මුරුක්කු පැකට් තමයි) කොච්චි සම්බෝල හදාගෙන නෙලලා දායි..
අතරින් පතර සරුංගල් වලටත් සෙට් වෙන කාල එනවා..(හුළනුත් එපැයි)
සංගීතයක් වරද්දන්නේ නෑ...
සංගීත බලලා ආපහු එනකොට අතර මග හම්බ වෙන මළ ගෙවල්වල කොඩි වැල් ගලවාගෙන ඇවිත් ඒ හරියේ ඉන්න අලි ඔළුවෙන් ඉන්න බුවාලගේ ගෙවල් ඉස්සරහ ගේට්ටුවල ඔතයි...
ව්‍යාපාරික ස්ථානවල නාම පූවරු මාරු කිරීමත් නියම වැඩෙ.. පහුවදා ටිකක් දවල් වෙලා ගිහින් බලනකොටත් සමහර කඩ කාරයෝ වලි...

ආ තව මරු වැඩක් තිබුනා..
අපි එන පාරෙ අතර මග තිබුනා ගල් මෝල කියලා බෝඩ් එකක්. ඔය බෝඩ් එක ගලවා ගෙන ඇවිත් අපිට ගණන් පෙන්නන කෙල්ලෝ එහෙම ඉන්න ගෙවල් ඉස්සරහා සවි කිරීමත් නියම වැඩෙ..
වැඩෙ කියන්නේ ගල් මෝල් කාරයාත් කවදාවත් ඒ බෝඩ් එක වෙනස් කලේවත් ගලවන්න බැරි විදියට හයි කලේ වත් නැහැ. අපි ඒක හයි කරන්නේ කොහේද- මිනිහා පහුවදා දවල්ට ගිහින් ගෙනත් ආයෙත් හයි කරනවා..(හැබැයි ඉතින් අපේ මව් පාර්ශවෙ එහෙම සිහිපත් කරමින් ඒක කරනවාද කියලා නම් දන්නේ නැහැ)

අළුත් අවුරුද්දට කැට ගහලා සල්ලි ටික ඔක්කෝම එකතු කරගෙන කාගේ හරි ලොරියකට තෙල් ගහගෙන හැඳළ ප්‍රීති පුරේ මුහුදු වෙරළට නාන්න යනවා...
නැත්නම් ගෝනගල් දෙණියේ ඔයට යනවා...
හැබැයි වැඩිය කැමති මුහුදු වෙරළට.. මොකද එහෙ ගියාම රා බොන්න පුළුවන්නේ..

විකාර ගොඩයි....

හවසට පුටාර් වල නැගලා පන්ති ඇරෙන තැන් වලට ගිහින් සෙමනේරිස්ලා වෙන එකත් ඉතින් කියන්න ඔන නැහැනේ... (මම ආආආආසම එක.. විලිලැජ්ජාවෙ බැහැ)

ඉතින් ඔන්න ඔහොම ඉන්න කාලේ තමයි මම අපේ ගෙවල් පැත්තේ තිබුනු වින්කලයක් ගාව කාලේ ගෙවන්න පුරුදු උනේ.. එතන නියම පොට් එක අඹ ගහයි, රඹුටන් ගහ යට බංකුවයි, වින්කලේ බැම්මයි, ඇලට් දාගෙන පත්තරේ එහෙම කියවන්න නියම ප්ලේස් එක..

එතනට එන නා නා විධ මිනිස්සුන්ගේ කතා අහ අහ ඉන්න එක මම ආසම කරන වැඩක් උනා.

ඉතින් මගේ ගුරා වෙන කවුරුවත් නෙවී මෙ බයිසිකල් වින්කලේ බාස් උන්නැහේ...
දුරින් නෑදෑ කමට අපි කතා කලේ ......... මහප්පා කියලා තමයි.

ඇත්තටම ඇවිදින පුස්ථකාලයක් කිවුවොත් නිවැරදියි.

එක්දහස් නවසිය පණස් ගණන්වල ඉදලා ප්‍රධාන පුවත් පත් වල තිබුනු වැදගත් ප්‍රවෘත්ති අකුරක් නෑර මතකයෙන් කියවයි.
පැරණි කවි, කතන්දර, නොයෙකුත් සිදුවීම්...
ඒ හැම දෙයක්ම මගේ ජීවිතේට අමුතුම දැනුම් සම්භාරයක් එකතු කලා කිවුවොත් නිවැරදියි.

මිනිහා කුණුහරුප කවි, කතන්දර ආදී දේ කියාදෙන්නටත්, පාරේ යන ඔනම ගැහැණු මනුස්සයෙක් පෙන්නලා ඒ මනුස්සයාගේ චරිත ලක්ෂණ, අංග ලක්ෂණ ගැන විවරණ සැපයීමටත් පුදුමාකාර හැකියාවක් තිබුනා.
ඇත්තටම මෙ මනුස්සයා කියන දේවල් සීයට සීයක් ඇත්ත කියලා තේරුනේ පසු කාලෙදීයි.
එතකොට අපි පරිප්පු කාලා අවසානයි.

බෞද්ධ සාහිත්‍යය ගැනත් හසල දැනුමක් මොහු සතු උනා. ඇත්තටම දේශපාලනය පිළිබදව විතරයි මගේ ගුරුවරයාට හරි දැනීමක් නොතිබුණේ. ඒ පිළිබදව කියවෙන කොට මතක් වෙන තව කතා තියෙනවා පස්සේ කියන්නංකෝ..

ඉතින් ඒ දවස්වල මාත් සාමාන්‍ය පෙළ එහෙම ලියලා ගෙදර ඉන්න දවස්..
අතේ සතේ නැහැ..
උදේ අට වෙන කොට මම වින්කලේ බැම්ම උඩ..
ටිකක් දවල් වෙන්න වෙන්න බයිසිකල් හදා ගන්න හුගාක් අය එනවා.
ඉතින් බාසුන්නැහැ වැඩ.. මටත් පුරුද්දක් තියෙනවා කවුරු හරි මොනවා හරි කරන කොට බලන් ඉන්න බැරි..
ඉතින් මාත් ටික ටික වැඩට උදවු වෙනවා..
හුළං ගහනවා..
පැච් දාන්න ටියුබ් කෑලි මැදලා දෙනවා..
ලාම්පුතෙල් වලින් බයිසිකල් කෑලි හෝදලා පිරිසිදු කරලා දෙනවා..
මෙහෙම ඉන්න ගමන් බයිසිකල් වැඩත් සෑහෙන දුරට ඉගෙන ගත්තා..
අවසානයේදී වින්කලේ තියෙන ලොකුම කෙරුවාව එහෙමත් නැත්නම් අර ගුරු මුෂ්ටිද මුට්ටිද කියන්නේ..
අන්න ඒවා වෙච්ච "රිම් බකල් ඇරීම, බෝල ඇමිණිල්ල, ප්‍රීවීල් එක අළුත්වැඩියා කිරීම" ආදී ඇඩ්වාන්ස් කෝස් එහෙමත් කිසිම අඩු පාඩුවක් නැතිව කියලා දුන්නා..
අවසානයේදී ඉතින් මාත් ඔන්න "බාස්" වෙච්චි.
දැන් ඉතින් මාත් වැඩ..

මම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මගේ ගුරු උතුමා ටිකක් අයිස් ගහන්න තමයි කල්පනාව..
අවුලක් නැහැ. මිනිහා පුදුම සාධාරණයි..
දවසක් එයාම කියනවා..
"මට දැන් ඔවා කරන්න අමාරුයි.. තමුසෙම කරනවා..ලැඛෙන දෙයක් ඛෙදා ගමු" කියලා.
නියම යෝජනාව නේද..? මාත් කැමතියි.
ඒත් ඉතින් මම වැඩි කොටස එයාටම දෙනවා.
උදේ පත්තරෙ එනකොට ඒක ගන්න සල්ලි ඔන(ඒ දවස්වල රුපියල් 10යිනේ)
ස්වීප් කාරයාට රුපියල් දහයයි.
දවල් 12 විතර වෙනකොට පොඩි අඩියක් දාගන්න රුපියල් විස්සයි
ආයෙමත් හවස 5ට විතර අඩි දෙකක් දාන්න රුපියල් හතළිහයි.
ඊට අමතරව කුස්සිය පැත්තේ ඉදලා මහප්පාගේ පවුල ඉදලා හිටලා ඉස්සරහ පැත්තට ඇවිත් කඩෙ යන්න මදි පාඩුවට ඔය කීයක් හරිත් ඉල්ලන් යනවා..
ඔන්න ඔය වැඩ ටික ඉවර උනහම හවසට ඉතිරි මුදල දෙකට ඛෙදලා මගේ පංගුව මම අරගෙන එයාගේ පංගුව දීලා දානවා.
ඒත් මගේ අතට ඒ දවස්වල හැටියට රුපියල් 150ක්-200ක් එනවා.
මදෑ ඉතින් ගෙදර හිටියනම් ඒකත් නැහැනේ...
ඉතින් බයිසිකල් හද හදා..
මහප්පාගේ ඔපන් යුනිවසිටි එකේ ලෙක්චර්වලටත් සවන් දෙමින් ගත කල ඒ කාලේ පුදුම සුන්දර කාලයක්..

ඇත්තටම මට මගේ ජීවිතේ හමු වෙච්ච හොඳම මනුස්සයෙක් තමයි............... මහප්පා.
ඒත් කරුමෙ කියන්නේ මිනිහට හිටියේ එකම එක පුතෙක් විතරයි.
ඒ යකා මෙ මනුස්සයාගේ වටිනාකම කවදාවත් තේරුම් ගත්තේ නැහැ.
සල්ලි මත්තෙම නහින හාදයෙක්. මහප්පාගේ උදවු ඇතිව ඒ වෙනකොටත් ලොරියක් වෑන් එකක් එහෙම අරගෙන තිබුනා උනත් අන්තිමෙ වෙනකොට මෙ මනුස්සයා වින්කලේ කරන එකටත් එච්චර කැමැත්තක් නැහැ.
ඒත් අතේ තියෙන රුපියල් දහය හරි ඉල්ලන් යන්නත් ලජ්ජා වෙන්නේ නැහැ.
අපි ආසාවෙන් මොනවා හරි කතාවක් අහ අහ ඉන්න වෙලාවටත් ඇවිත්
"කවුද අනේ මෙයාගේ කථා අහන්නේ..
තාත්තේ ඔයා මොනවද දන්නේ..?
ඔයා ඉගෙන ගෙන තියෙනවයෑ...
ආයෙමත් පිස්සන් කොටු ගිහින් දාන්න තමයි වෙන්නේ.." කියන්න දෙපාරක් හිතන්නේ නැහැ.

ඇත්ත ............මහප්පා ඉගෙන ගෙන තියෙන්නේ හතරෙ පන්තියට විතරයි.
ඒ වගේම කාලයක් පිස්සු හැදිලා අංගොඩත් නවත්තලා ඉඳලා තියෙනවා.
ඒ උනත් ඒ මනුස්සයා සතු ජීවිත අත්දැකීම් මට නම් විශ්ව විද්‍යාලයක් වගේ.
පුංචි කාලේ ඉඳලා නැති බැරිකම් මැද හැදිලා..
යන්තම් පුළුවන් වෙච්ච ගමන් සුළු සුළු රැකියා කරමින්..
ගැටයා සන්දියේදීම කොළඹට ගිහින්..
තොට ළග, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය.. ආදී පෙදෙස් වල කුණු කාගෙන වැඩ කරලා..
ලීමඩුවල, ගරාජ්වල, අත්උදවු දීලා...
ලොරිවල ගෝල වැඩෙට ගිහින්.. රියදුරන්ගෙන් ගුටි කා කා..
අන්තිමට රියදුරු බලපත් අරගෙන අඩි හතළිහේ කන්ටෙනර් රියදුරෙකු වශයෙන් වරායේ වැඩ කරලා..
ඒ අතර තුර කාල වලදී..

මුඩුක්කු,ගුබ්බෑයම් අස්සේ ජීවත් වෙමින්..
හොරු, මංකොල්ලකාරයෝ, සූදූ අන්තුවෝ, ගණිකාවෝ.. අතර හැසිරෙමින්..

පේමන්ට් එක සිරියහන් ගබඩාව කරගෙන..
හිස් අහසින් වියන් බැඳගෙන..
පාන් කාලයි වඩෙ එකයි රාජ බෝජනේ කරගෙන..
රියදුරු අසුන අරා රජ උන..

මෙ මනුස්සයා ඇත්තටම කාට නැති උනත් මට මගේ ජීවිතේ වටිනම ගුරුවරයා කියලා බය නැතිව ඔන තැනක කිවුවහැකි.

අද වෙන කොට මෙ ලෝකේ නැතත් ............ මහප්පේ උඹ මගේ වීරයෙක්...

23 comments:

  1. eka hari ban... අපි හැමෝටම එක ගුරෙක් හරි ඉන්නවා හරිම වටින.

    ReplyDelete
  2. එක්කෙනෙක් නෙවෙයි මට මගේ ජීවිතේ හමු උන ගුරුවරු සේරම වටිනවා.
    ඒ අතර මට එක දිගට කම්මුල් පාරවල් 27ක් ගහපු ගුරුවරයෙකුත් ඉන්නවා.
    මට ඒ ගුරුවරයාත් වටිනවා.
    ඒත් මෙ තමා මට වටිනම ගුරුවරයා.. මගේ තාත්තා ඇරුනහම

    ReplyDelete
  3. "මහප්පාගේ ඔපන් යුනිවසිටි එකේ ලෙක්චර්වලටත් සවන් දෙමින්"

    දැන් ඉන්න කස්ටියට [මමත් ඇතුලුව] බොහො විට තියෙන්නේ පොතේ දැනුම ... මේ වගේ මිනිස්සු ලඟ තමයි ප්‍රා යොගික දැනුම තියෙන්නේ ...

    ReplyDelete
  4. ඔව් ඔයා හරියටම හරි.අපි කාට කාටත් වීරයෙක් ඉන්නවා.එයා හොද වීරයෙක් වෙන්න ඕන ඉතින්...

    ReplyDelete
  5. වැප්...

    ඒ දැනුම මට නම් අසම සමයි

    nilanka...

    සුපර් මෑන් නොවුනට..

    ReplyDelete
  6. නේද දිල් ,

    මටනම් හිතෙන්නෙ දුන්න කම්මුල් පාර 27ත් මදි වගේ....
    150ක් විතර දුන්නනම් මාරයෙක් නොවී මනුස්සෙක් කරගන්න තිබ්බා.... නේ ..... ;)

    ReplyDelete
  7. අනේ දෙයියනේ...කෝ මේ මම දාපු Comment එක ?

    ReplyDelete
  8. හලෝ මෙ..
    අපි ඔවා මකන්නේ නෑ
    හරිද...?

    ඔය තියෙන්නේ උඩින් යස අගේට.

    ඇත්තටම 27 නෙවෙ 150ක් ගැහැවුවත් වරදක් නෑ.ඒ තරමට මම මගෝඩියා ඒ දවස්වල

    ReplyDelete
  9. ඒ දවස්වල ? මොන ඒ දවස්වලද ? දැනුත් මගෝඩියෙක් තමා ;P

    ReplyDelete
  10. දෙයියනේ...
    මට මෙ කොල නව නිංගිරාවට මෙ දිල් කෙල්ලව කවුරු හරි නරියෙක් එක්ක කසාදෙක පටලවලා, ළමයි දුසිම් බාගයක් විතර හම්බ වෙලා, උන් ඔක්කෝම මම වගේ වෙයන්.
    (එතකොට තේරෙයි මම කොච්චර හොඳද කියලා..)

    ReplyDelete
  11. මට මගේ ජීවිතේ හම්බ වෙච්ච හොඳම ගුරුවරු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් දියඹටම එක්ක ගිහින් අතඇරල දාපු මගේ පැවිදි ගුරුවරයත්, පැවිදි සහෝදරයොත් ඉහලින්ම ඉන්නව. ඒ අයට පින් සිද්ධ වෙන්න අද මම මගේ ජීවිතේ ගොඩක් දුර ගිහින්. ඒ නිසා මම තාමත් ඒ අයට පින් දෙනව.

    ReplyDelete
  12. ත‍රිඳු...
    "දියඹටම එක්ක ගිහින් අතඇරල දාපු මගේ පැවිදි ගුරුවරයත්"

    ඒ ගැන නම් මටත් අත්දැකීම් තියෙනවා..

    ReplyDelete
  13. සහෝදරයා ඔයාගේ ලිපි කියවද්දි තමයි තේරෙන්නේ ඔයා ජීවිතේ පුදුමාකාර අත්දැකීම් රාශියක් ලබල තියෙන කෙනෙක්.ඒ අත්දැකීම් වලින් ලබන්න පුල්වන් පන්නරය නම් කියල නිම කරන්න බෑ

    ReplyDelete
  14. තීර්ථ යාත්‍රිකයා...
    මා සන්තක මහා ධනය ඔපමණයි...

    මාගේ පමණක් නොව සහෝදරයා, ඔබගේ වූවද ජීවිත අත්දැකීම් එකින් එක පෙළ ගස්වා බලන්න.. ඒවා උනත් හරි අපූරුවට තියෙයි.

    ReplyDelete
  15. විහිළු නවත්තලා මේ ගැන කතා කලොත් ඇත්තටම මට මග කියාදුන් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් මගේ අම්මාගේ එකම සොහොයුරී මාලි පුංචි ඉදිරියෙන්ම සිටිනවා.

    ReplyDelete
  16. මම දන්නවා දිල්..
    ඒත් ඇයි ඔයා එයා ගැන ලියන්නේ නැත්තේ..
    සිද්ධියක කොටසක් නොකර.. චරිත ස්වභාවය ගැන..
    කොටින්ම කිවුවොත් එයා ගැන..
    තම ඥාති දියණියට රැකවරණය සැලසූ ලෙන්ගතු චරිතය ගැන..
    උත්සහ කරන්න.

    ReplyDelete
  17. ම් ම් ....... මම දැක්ක ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ඉන්නේ පොතක් ඈතුලෙ ................

    ReplyDelete
  18. අද කාලේ ප්‍රායෝගික දැනුම තියෙන කෙනෙක් හොයාගන්න කලුණික හොයනවටත් වඩා අමාරුයි නෙ ඉතින්...

    හා පැටික්කිටත් පුංචි දෙයක් මතක් උනා මෙත්න ලිව්වට මාරයියා මා එක්ක තරහ ගන්න එකක් නෑ කියල හිතනව...

    ලංකාවෙ ඇත්තට උන එකක් අපේ p6 සර් කිව්වේ....
    පාලමක් උඩදි (අර උඩිනුත් යකඩ තීරු දාපු එකක්) ලොරියක් හිර වෙල දෙපැත්තටම යන්න බැරි වෙන්න... ඉන්ජිනේරුවො ඇවිල්ල පාලම ගලවන හැටි තීරනය කරද්දි ඒ ගමේ හිටපු ලොකු උන්නැහේ කෙනෙක් තමා කියල තියෙන්නෙ හුළං ඇරල ඇදගෙන යන්න... ඔන්න ඉතින් පොතෙ පතේ විතරක්ම ඉන්න අය ගන්න තීරණ....

    ReplyDelete
  19. මම කැමති නැහැ පොත පතෙ දැනුම තියන අයව පහත් කරන්න,නමුත් හොදම ගුරුවරයා තමුන්ගෙ අත්දැකිම් කියන මතයෙ ඉන්නවා. නමුත් අප අතර සමහර මිනිස්සු ඉන්නවා එයාලා පොත පතින් මුකුත් නොගත්තත් එයාලා ඉගෙනගෙන.. මමත් බොහොම අපිළිවලට ඉගෙන ගත්තු කෙනෙක්.
    මගෙ ජිවිතෙ වෙනස් කරපු ගුරුවරයා ගැන මමත් සටහනක් දැම්මා
    ගුරුවරු තමයි අපෙ ජිවිත හදන්නෙ..

    ReplyDelete
  20. හා පැටික්කි ...
    ඔයා කිවුව කථාව ඇත්තම එකක්.
    ඔක අනේ හා පැටික්කියේ පාලමක නෙවෙයි, අර කඩු ගන්නාවෙ ගල විදලා තියෙන තැන දන්නවා නේද..? අන්න එතන.
    මට ඔය ස්ද්ධිය කිවුවෙත් මගේ ඔය ගුරුම තමයි...
    ස්තූතියි මෙ පැත්තෙත් ඇවිත් ලෑටි ගෑවාට...

    ReplyDelete
  21. රවා...
    මම මීට කළින් ඒ ලිපිය බලලා තිබුනා...

    ReplyDelete