24 March 2010

ගගෙන් පැන් බී මූදට ආවැඩීම...

ඇත්තටම මෙ ලිපිය ලියන්න හේතු උනේ පසුගිය දිනක අපේ බ්ලොග් ලියන සාමාජිකයකු ලියලා තිබුණු දෙයක් දැකලයි.
ඒ ලිපියෙන් කියා තිබුනේ මෙ වන විට සිංහල බ්ලොග් කියවනය අතහැර බොහෝමයක් සිංහල බ්ලොග් කරුවන් ලාංකීය සිතිවිලි අඩවියට එන බවයි. එය එසේ උනාවෙ. ඒ පිළිබදව අපහට ගැටළුවක් නැත. කාලෙන් කාලෙට ලෝකයේ වෙනස් වීම් හමුවෙ එවන් දේවල් අමුතු නොවන බව අප සැවොම දන්නා කරුණකි.
නමුත් කණගාටුවට කරුණ ඒ හරහා ඔහු සිංහල බ්ලොග් කියවනය අවමානයට ලක් කිරීමට ගෙන තිබූ උත්සහයයි.
මා හට නම් එය අනුමත කළ හැක්කක් නොවන්නේ මාද ඇතුළුව බොහෝ සිංහල බ්ලොග් ලියන්නන් සෑහෙන පිරිසක් සිංහල බ්ලොග් කියවනයේ උපකාර මත අපගේ බ්ලොග් ලෝකයට ඉදිරිපත් කලවුන් වීමයි.
මා නම් මෙය ආරම්භ කලේ සිංහල බ්ලොග් කියවනයට පින් සිදු වන්නටයි.
එහිදී සෑහෙන දැනුමක් සහ උදවු උපකාර අපහට සිංහල බ්ලොග් කියවනය හරහා ලැබිණි.
ප්‍රශ්න ඇති නොවුණා නොව, මාගේ බ්ලොග් අඩවිය ඇසුරු කරන සහෘදයින් හොදින්ම දන්නා පරිදි මෙම අඩවියත් එක් වරක් සින්ඩියෙන් ඉවත් කරන්නට යෙදුනු අතර එහිදී මා විසින් කරනු ලැබූයේ සිංහල බ්ලොග් කියවනයට බැණ වදිමින් සිටීම නොව කරුණු කාරණා ඉදිරිපත් කර නැවත සින්ඩියට එක් වීමයි.
එහිදී මා දන්නා මෙන්ම මා නොදන්නා බොහෝ සාමාජිකයින් මා වෙනුවෙන් කථා කර තිබුණි.
අවසානයේ නැවත සිංහල බ්ලොග් කියවනය තුල මා නැවත ස්ථාපිත විය.

එය එසේ වූවද මෑතකදී මා සින්ඩිය තුල දුටු යම් කාරණයක් විය.
එනම් එක්තරා බ්ලොග් කරුවකු විසින් ඉදිරිපත් කල ආයාචනයකි.
එහිදී ඔහු විසින් අඩමින් මෙන් කියා සිටියේ ඇයි මගේ අඩවියට නොඑන්නේ සහ ඔහු ලියන ලිපිවලට ප්‍රතිචාර නොදක්වන්නේ යන කරුණුයි.

එම ලිපිය නිසාම එම අඩවියට ගොඩ වූ මාහට දකින්නට ලැබුනේ නා නා විධ දැන්වීම් වලින් පිරී ඉතිරී ගිය බ්ලොග් අඩවියකි.
අප වැනි සීමිත හා අවම පහසුකම් වලින් සමන්විත අන්තර්ජාල පරිහරණය කරන අයට එවැනි අඩවි බාගත වීමෙදී වැයවන කාලය සහ බයිට් ප්‍රමාණය පිළිබදව අමුතුවෙන් මෙහි සදහන් කළ යුතු නොවෙ. අනික එසේ ගියත් මා හට ගෝචර වන අන්දමෙ ලිපි එම අඩවිය තුල නොවෙ නම් මා නැවත වතාවක් එහි යාමට ඇති ඉඩ කඩ ඉතා අඩුය.

කෙසේ නමුත් පසු කලකදී මට දැන ගන්නට ලැබුණු පරිදි එම අඩවිය අසභ්‍යය ප්‍රතිචාර සටහන් වලින් පිරී ගොස් ඇති අතර එම හේතුව නිසා සිංහල බ්ලොග් කියවනයේ පාලකයින් විසින් එම අඩවිය සින්ඩියෙන් ඉවත් කර ඇති බවයි. තවද එම අසභ්‍ය ප්‍රතිචාරය එම බ්ලොග් අඩවිය හිමි තැනැත්තා විසින්ම අනන්‍යතාවය නැතිව දමා ගත් ඒවා බවද පැවසිණි. අප හොදින්ම දන්නා පරිදි එවැනි අසභ්‍යය ආකාරයේ දේ ලියැවෙන තැනට ඇදෙන ඒ සදහා උනන්දුවක් ඇති බොහෝ පිරිසක් මෙ ජාලය තුල සරන අතර එවන් අයගේ පැමිණීම තුලින් හෝ තම අඩවිය තුල යම් ප්‍රගතියක් ලබා ගන්නට එහි හිමිකරු උත්හස කලා විය හැක.
කෙසේ නමුත් අවසානයේදී වූයේ එකී බ්ලොග් අඩවිය සින්ඩියෙන් ඉවත් කරලීමයි.

මෙහිදී මා විසින් සිංහල බ්ලොග් කියවනයේ පාලනාධිකාරිය විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබදව විනිශ්චයක් දීමට උත්සහ නොකරමි.
පසු ගිය කාලය තුල ඔවුන් විසින් ගත් සමහර තීරණ විවාදාත්මක වූවද ඒ පිළිබදව මා ප්‍රශ්න කරන්නට නොයන්නේ
එය ඔවුන්ගේ අඩවිය වන බැවිනි.
එම ස්ථානය මට රුචි නොවිණි නම් මා කරන්නේ මගේ අඩවිය එයින් ඉවත් කර ගැනීම විනා එතෙක් කලක් මා ප්‍රයෝජනය ලත් ස්ථානයට බැණ වැදීම නොවේ.

අද දින සිංහල බ්ලොග් කියවනයට බැණ වදිමින් ලාංකීය සිතුවිලි අඩවියට ආවඩන මොහු වැනි අය හෙට දිනයේ එයින්ද යම් හේතුවක් මත ඉවත් කලහොත් එදිනට ලාංකීය සිතුවිලි අඩවියටද මෙවැනිම වූ ප්‍රහාර එල්ල කරනවා නොඅනුමානය...

මා මෙම ලිපිය ලියන්නට හේතු පාදක වූයේ අන් කිසිවක් නිසා නොව, අන් අයට කෙසේ වූවද මාහට නම් සිතේ සිරවී තිබූ අදහස් පිට කරලන්නට මහගු තෝතැන්නක් වූ සිංහල බ්ලොග් කියවනය දෙකයි පණහට දමා කථා කරද්දී එයින් සේවය ලබා ගෙන ඒ වෙනුවෙන් වචනයක්වත් කථා නොකලා නම් හෙට දින මට මා හටම මුහුණ දිය නොහැකි වන නිසාය.

අද වන විට මා සිංහල බ්ලොග් කියවනය හා ලාංකීය සිතුවිලි යන අඩවි දෙකෙහිම රැදී සිටිමි.
මට එම අඩවි දෙකම එක සේ වටින්නේය...
ඒ හැර අරක හොදා මෙක නරකයි යනුවෙන් කියා කළගුණ නොදත් අමනයකු වීමට මා හට නොහැකි බැවිනි.

කාගේවත් සිත රිදවීම මෙහි අරමුණ නොවුණත් රිදුණා නම් ඒ පිළිබදව මා කණගාටු නොවෙමි. මන්ද මා කල යුතු යුතුකමක් ඉටු කලා විනා වෙනත් අරමුණක් මෙ තුල නොමැති බැවිනි...

34 comments:

  1. ලබ්බට තිබ්බ අත තමා කවද හරි පුහුලටත් තියන්නෙ. අපි ඒක දන්නවා.

    ReplyDelete
  2. මාරයියා මෙ පිළිබදව බොහොම සංවෙදිව බැලිම ඉතාම හොදයි.. යමක් අලුතෙන් පටන් ගනිද්දි කට්ටියම සෙට් වෙලා ලස්සනට කතාබහ කරලා එකතුවෙලා පටන්ගන්නව.. ටිකක් දවස් යද්දි තමයි එකට කස්ටිය එකතු වෙද්දි තමයි අර්බුද මතුවන්නෙ.. ඔය ඔයා කියන බ්ලොග් කරුවා හා බ්ලොග්ය මාත් දැක තිබෙනවා..
    අයියෙ අපිට පුළුවන් යමක් ලියලා දාන්න.. නමුත් කියවන කෙනාගෙන් කිසිම දෙයක් ඉල්ලන්න බැහැ තමුන් වෙනුවෙන්.. ඔයා ලියන දෙ ඇතුලෙ යමක් ගන්න තියනවා නම් එ දෙ ගත්තු මනුස්සයා ඔයා වෙනුවෙන් සටහනක් තියලා යයි.. එක එ ලිපිය කියවන මනුස්සයගෙ කැමැත්ත.. ලිපියකට තිබෙන ප්‍රතිචාර ගණනින් එ නිර්මාණ මනින්න බැහැ. එක එ බ්ලොග් කරුවා තෙරුම් ගත යුතු දෙයක්..මෙතන විවිධ අරමුණු උදෙසා බිහිවු බ්ලොග්යන් තිබෙනවා.. අපි අනිත් මිනිස්සුන්ගෙන් යමක් ඉගෙන ගන්න ඔනා නෙද... තමුන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ එදෙ ලබාගන්න තමුන් සුදුසු වෙන්න ඔනා.. එ වෙනුවෙන් එයා තමුන්ගෙ මාර්ගය වෙනස් කරගන්න ඔනා. එ මල්ලි එහෙම වෙනස් විමක් පෙන්නන්නෙ නැහැ.. එක නිසා එ මල්ලිව අයින් වෙනවා...මෙ වෙනුවෙන් එයා තුලත් යම් වෙනස් විමක් තිබිය යුතුයි....

    ගඟෙන් පැන් බී මුහුදට ආවැඩිම..
    සින්ඩියෙ ඉන්න කිපදෙනෙක් අතර තිබුන මත ගැටුමක් ඉස්සරහාට ගිහිල්ලා ඔන්න අලුත් සින්ඩියක් ආවා.. මම එතනට ගියෙ නැහැ. මොකද මගෙ බ්ලොග් එක ඔය ටික දෙනෙක් බලපුවාහම ඇති කියන මතයෙ හිටපු හින්දා කොහොමත් අපිව මිනිස්සු අදුන ගත්තෙ මෙතනින්.. අපි මෙතන ඉන්න ඔනා..අපිට කෙනෙක් ඇවිල්ලා ගැහුවා බැන්නා, ලැජ්ජා කරා, අන්තිමට දැම්මා, අඩු සැලකිලි කරා කියලා අපි මෙක දාලා වෙන එකකට යන්න හොද නැහැ.. දෙශපාලන බ්ලොග් ලියන මිනිස්සු කිපදෙනෙක් එහෙම කරලා.. එක වැරදියි..

    සින්ඩියෙ ඉන්න ලොකු මහත්වරුන්..
    මෙ අය දැනගන්න ඔනා.. දෙශපාලනයත් අපෙ.. නිර්මාණත් අපෙ මිනිස්සුන්ගෙ... ඔය තාක්ෂනික දැනුම අපිට හොයාගන්න ඔනා තරම් තැන් තියනවා.. මෙතන ඉන්න හැමොමත් ඉංග්‍රිසි දන්නවා.. ඉතින් දෙශපාලන බ්ලොග් මුල් පිටුවෙන් අයින් කිරිම වැරදියි කියලා මම හිතනවා...කෙනෙක්ගෙ ලිපිවල යම් වටිනා වැදගත් යමක් තියනවා නම් එය හොයන් ගිහිල්ලා බලන මිනිස්සු පිරිසක් අපි වට ඉන්නෙ.. එක කෙනෙක් හරි අපෙ අතින් වැටෙනවා කියන්නෙ එක අපි කරගන්න ලොකු පාඩුවක්...

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. Anonymous ට

    හික්...හික්... මම හිතනවා මාරයියා.. මෙ කමෙන්ට් දෙකම මකයි කියලා..... මම ඔය සිංහල බ්ලොග් කියවනයෙ ඉන්න එකෙක්වත් අඳුනන්නෙ නැහැ.. උන් මගෙ යහලුවොත් නෙම්.. උන් දැකලවත් නැහැ.. උන් මොන අරමුනකින් මෙක පටන් ගත්තද කියලා දන්නෙත් නැහැ... සින්ඩිය පණ නැති දෙයක් උනාට අපිට පණ තියනවා ගුණ තියනවා.. හරියට මචං උබ කකුල් තියන් ඉන්න මහ පොළව වගෙ..

    මචන් නම කියන එක හරි වැදගත් එක දෙන්නෙ තාත්තා.. නමක් නැති කෙනෙක් කියන්නෙ ... තරහා ගන්න එපා මම කියනදෙ හරිද නැද්ද කියලා අහපන්....

    ReplyDelete
  6. ඇ බන් ඔය දෙකෙම ඉන්නෙ එකම උන්නෙ බන්.. සිංහල බ්ලොග් කියවනයෙ නැති එකයි ඉන්නෙ වැඩිපුර අර අනිත් බ්ලොග් එකෙ... (සිංහලෙන් ලියන අය අතර...)

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. හික්... හික්... මචන් උබ වැරදි කෙනාට ඔය බනින්නෙ... මාරයගෙ බ්ලොග් එකෙ කුනුහරප ලියන්න එපා මචං.. මගෙ එකට ඇවිල්ලා ඔනා එකක් ලියපන්.. මම එවා මකන්නෙ නැහැ....
    මාව සින්ඩියෙන් අයින් කලත් මකන්නෙ නැහැ.. උබ ආපහු ආපු දවසකට උබට එවා දකිද්දි උබෙ තත්වෙ මතක් වෙන්න තියලා තියනවා....

    ReplyDelete
  9. මාරයාගේ හෝරාව බ්ලොග් කියවනයට නැවත එකතුවීම හෝ ඉවත්වීම ගැන මා මීට පෙර සංසදයේ ගූගල් සමූහයේදී කතාකර ඇත.
    බොහෝදෙනා ලාංකීය සිතුවිලි වෙත යොමුවන්නේ සිංහල බ්ලොග් කියවනයෙන් අපේක්ෂිත කාර්යබාරය ඉටු නොවන නිසා බව මගේ අදහසයි.
    "පසු ගිය කාලය තුල ඔවුන් විසින් ගත් සමහර තීරණ විවාදාත්මක වූවද ඒ පිළිබදව මා ප්‍රශ්න කරන්නට නොයන්නේ
    එය ඔවුන්ගේ අඩවිය වන බැවිනි"
    මා දන්නා පරිදි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යනු කමියුනිටි එකක් මිස කිසිවෙකුගේ බූදලයක් නොවේ. දැනට සිටින පරිපාලකයන් එ‍හි ආරම්භක සාමාජිකයෝද නොවෙති.
    කෙසේ වූවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇඩ්මින්ලා විචේචනය කල මගේ බ්ලොග් එකද සිංහල බ්ලොග් කියවනයෙන් අතුරුදහන්ය. :D

    ReplyDelete
  10. දැන් මම වැඩට යන්නයි හදන්නේ. ඒ නිසා වැඩි වෙලාවක් මෙතන රැදෙන්න මට විදියක් නැහැ. නමුත් අර නිර්නාමිකව ඇවිත් හරි අපූරු වචන කීපයක් කියලා තියෙන උන්දැලාට නම් මම කියන්නේ මෙච්චරයි.
    තමුන්ලා දාපු ඔය සටහන් කීපය කුණු හරුප නැතිව දැම්මා නම් මට ඒවා මකන්නේ නැතිව දිගටම තියන්න තිබුනා. මොකද ඒවා තිබීමෙන් මගේ අඩවියටත් සින්ඩියෙන් ඉවත් වීමට ඇති අවධානම නිසා.
    කෙසේ වූවද මහත්වරුනේ බණිනවානම් මෙ සිංහල භාෂාව තුල කුණුහරුප වෙනුවට පාවිච්චි කලහැකි වදන් ඔනෑ තරම් තිඛෙනවා.
    ඒ වාගේම රිද්දන්නට ඔනෑනම් ඒ සදහා යොදා ගත හැකි බස් වහරක් තිඛෙනවා.
    කුණුහරුප තුලින් ප්‍රකට වන්නේ ඔඛෙ නොහැකියාව මිස අන් යමක් නොවෙ.
    එබැවින් ඔය චූටි කුක්කු බබාලා හොදට බයි කාලා ලොකු වෙලා ඊට පස්සේ ටිකක් ඉගෙන ගෙන එන්න මාව රිද්දන්න.
    මම රවාගේ ලොකු අයියා ඌ වගේම තමයි මමත් ඔය ඇත්තෝ වගේ උදවිය ඇවිත් ඔය ටිකක් කෑ ගහලා ගියාට ඒවා මයිල් ගහක තරම් ගණන් ගන්නේ නැහැ.

    ඇත්තටම මම කැමතියි ඔය බැණලා තියෙන දේවල් ටික දිගටම තියන්න තිබුණානම්. මොනවා කරන්නද? සදාචාරය කියලා දෙයක් තියෙනවානේ..

    රවා..
    ආයේ මම අමුතුවෙන් දෙයක් කියන්න ඔන නැහැ නේද?

    පහන්..
    ඇත්තටම කණගාටුයි ඔබට සිදු වී ඇති දෙයට. ඔබ මා වෙනුවෙන් කතා කල බව දනිමි. එයට දහස්වාරයක් ස්තූතියි.
    සින්ඩියේ පාලකයින් කවුරුන්ද යන වග හෝ එහි ක්‍රියාවලිය කෙලෙස සකස් වී ඇත්ද යන්න මා හරියාකාරව නොදනිමි. නමුත් ඔබට යම් සාධාරණයක් කිරීම පිණිස මෙතැන් පටන් මාද හැකි යමක් වෙ නම් කරමි.

    ReplyDelete
  11. ඔය කියන නගරෙක නමක් තියෙ බ්ලොග් එක සින්ඩියෙන් අයින් වෙන්න හේතුව ඌ වෙලාවෙන් වෙලාවට බ්ලොග් එක මක මකා ආය පෝස්ට් ඔක්කොම එකපාර පෝස්ට් කරපු එකයි කුනුහරුප කමෙන්ට් දාන එකයි. ඌ හැමෝටම මල ඇනයක් වෙලා හිටියෙ. ගුග්ල් ගෲප් එකෙත් ඔය ගැන කතා කලාම ඌ මහ නරක විදියට තමා අනිත් අයට උත්තර දුන්නෙ.

    ReplyDelete
  12. හ්ම්.. සම්පූර්ණ ඇත්ත අයියේ. මොනව වුනත් සතුටුයි ඔයා ආයෙත් බ්ලොග් එක ලියන එකට.

    ReplyDelete
  13. මමනම් දන්නෙ නෑ තවම ඒ අනිත් සින්ඩිය ගැන හරියට. මම අලුත් කෙනෙක් නිසා. ඒ වුණත් තොරතුරු තාක්ෂණය ඉගෙන නොගත් මට බ්ලොග් එකක් ආරම්භ කිරීමට හැකියාව ලැබුනෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ උපදෙස්, දිරිගැන්වීම් සහ සරල මග පෙන්වීම් අනුවයි. ඒක නිසා මම සංසදයට මහත් ණයගැති බව මගේ හිත පිළිගන්නව. එහෙත් අලුත් සින්ඩියක් පටන් ගත් විට ඒ‍ දෙකම ප්‍රයෝජනයට ගැනීම වැදගත්. ක්ෂේත්‍රය පුඵල් වීම හොඳ දෙයක්. ඒ වගේම නොමිලේ සපයන මේ සේවයට මේ සින්ඩිවලට ස්තූතිවන්ත වෙනු මිස බේද ඇති කිරීම සුදුසු නැති බව මගේ පුද්ගලික අදහසයි.

    ReplyDelete
  14. අහා ඔය කියන සහෝදරයා මගෙන් ඇහුවා මට ඇඩ්මින් කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා ඔහුගේ ෆෑන් පේජ් එකේ..

    මම පිලිතුරු දුන්නා මට දුකා ෆෑන් පේජ් එක අප්ඩෑට් කරන්නත් වෙලාවක් නෑ කියලා.

    මොනා වුනත් ඔහු ලියපු පෝස්ට් එකකට නම් මම කමෙන්ට් එකක් දැම්මා නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා මලේ කියලා . ..

    ReplyDelete
  15. මාරයියා අපි දෙන්නත් එක්ක කස්ටියක් තරහා වෙලා වගෙ හැගිමක් මට දැනෙනවා....මොකද කරන්නෙ...ඔයා දැක්කනෙ ලියලා තිබුනු දෙවල්.. උදෙ...

    ReplyDelete
  16. මමත් මේ වෙන මල කෝලම දිහා බලාගෙනයි හිටියේ..
    රවා කියපු එක දේකට මමත් ගොඩක් එකඟයි... ඒ තමයි මෙතන තාක්ෂනික කරුනු ගැන වැටෙන පොස්ට් ගොඩක් වෙන කොහෙන් හරි කොපි කරපු ඉංග්‍රීසි භාශාවෙන් පරිවර්තනය කරපු පොස්ට්. ගොඩක් වෙලාවට කිසිම ගතයුත්තක් නෑ. ඔනේම වෙලාවක් සින්ඩිය බැලුවොත් බ්ලොග් එකට widgets දාගන්න හැටි ගැන පොස්ට් එකක් හොයාගන්න පුලුවන්.

    මේ හේතුව හින්දා මම නම් කැමතියි තාක්ෂනික කරුනු සම්බන්ධයෙන් ඇති පෝස්ට් වෙනම දාලා දේශපාලනයට සම්බන්ධ පෝස්ට් සින්ඩියට දානව නම්.
    ගූග්ල් කරලා ලේසියෙන් හොයාගන්න පුලුවන් දෙයක් සින්ඩියට ඇවිත් කියවන එකේ මට නම් තෙරුමක් නෑ..

    ReplyDelete
  17. අපිට නං ආරංචි හැටියට කලින් සංසදේ ඉඳලා මතගැටුම් මත අයින් වෙච්චි ඇඩ්මින් කෙනෙක් තමයිලු මේ කට්ටිය කුලප්පු කරවලා අවුලක් ඇති කරන්න හදන්නෙ. මේ මෝඩ යක්කුත් අහුවෙනවනෙ ඔය එක එකාගෙ ගැට වලට.

    ReplyDelete
  18. මහත්වරුනි

    ඔබතුමන්ලා කැමති ඇති ඔය මිනියගෙ ඇත්ත ගතිගුන දැනගන්න.මිනිහට ඕනෙ මොකක් හරි එකක ඇඩ්මින් වෙන්න.බලන්න මේ මම පල්ලෙහා දාල තියෙන දිහා.මිනිහ හේතුවක් නැතුව කුනුහරුපයෙන් පනිනව.

    http://img149.imageshack.us/img149/5332/58279465.png
    http://img16.imageshack.us/img16/7591/16340528.png

    ReplyDelete
  19. කොච්චර කුනුහරැප කිව්වත් ලංකිය සිතුවිලි සින්ඩිකෙටරේ ඇත්තෝ ඔය අනුරාදපුරසොන් කාරයට හරි ආදරෙයි. ඇයි ඌ සිංහල බ්ලොග් කියවනේට බැන බැන ලංකිය සිතුවිලි ප්‍රමොට් කරනවනේ :D

    ReplyDelete
  20. අලිංගිකMarch 25, 2010 at 9:10 PM

    මමයි ඇඩ්මින්ලා සේරම පන්නලා ඩොමේන් එක හොරකම් කලේ

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. උබ මට බැන්නට මෙන්න රිටන් එක මේක බලපිය http://www.anuradhapurazone4.co.cc/2010/03/blog-post_6730.html

    ReplyDelete
  23. අයියො...
    නදුන් මල්ලියො

    උබ මුගෙ නම දිහැවත් බැලුවෙ නැද්ද... මම උඩ කියපු දෙ ඇත්ත... උබෙ හදවතෙ තියන ප්‍රශ්නයක්.. එකයි..

    බ්ලොග් ලියන එක නතර කරලා.. ඉස්සලා පංචා, දාන් වගෙ ක්‍රිඩාවකින් පටන් අරන් වොලිබොල් , ෆුට්බොල්, ක්‍රිකට් වගෙ ක්‍රිඩා ප්‍රගුණ කරපන්... මිනිස්සුත් එක්ක සාමුහිකව හැසිරෙන්න. මිනිස්සුන්ගෙ හිත්වලට කතා කරන්න.. ආදරය ගෞරවය කරන්න..මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන්න ඉගෙන ගනින්.. නිති රිති හදන්නෙත් මිනිස්සුම තමයි.. උබ නිති රිති වලට දෙන තැන උබ වටෙ ඉන්න මිනිස්සුන්ට දිපන්...

    මෙතන කවුරුත් උබෙ කවුරුත් නෙමෙයි.. මම උනත් උබට ආදරෙටයි කිව්වෙ..උබත් කාගෙ හරි දරුවෙක්, සහොදරයෙක් හින්දායි උබට කිව්වෙ වෙනස් වෙයන් කියලා... උබ එ දෙවත් තෙරුම් ගන්නෙ නැහැනෙ.. උබ දැන් තර්ජනයත් කරන්න පටන් අරන්....

    මල්ලියො..අපි කවුරුත් උබව දන්නෙ නැහැ..දැන්වත් හැදියන්... උබට මෙතනින් හැදෙන්න බැරිනම් ඉතින් තැනක් නැහැ..

    ReplyDelete
  24. මමත් සම්පුර්ණයෙන්ම එකඟයි..

    ReplyDelete
  25. උබ ඔය කන්නෙ අනුරාධපුරය...කියන නගරය... එක්කො ඔක වෙනස් කරගනින් දාඹාන කියලා......

    ReplyDelete
  26. ලාංකීය සිතුවිලි වල අතුලත් කරන ලද අඩවි කියන පිටුවෙ http://blog.inetlanka.com/indexBlogList.php මේ අනුරාධපුර අඩවිය නෑ. ඒ කියන්නෙ එයා ඒකෙ VIP ද ?

    ReplyDelete
  27. Nadun ...
    මල්ලී හැදෙනවා නම් හැදෙන්න බලපන්.ඊට වඩා වචන නාස්ති කරන්න මම කැමති නැහැ.

    රවා...
    මම විරුද්ධයි.මොකද අනුරාධපුරය වගේම දඹානත් අපේ. ඔනම නම් ඔය නෝර්වෙ වගේ රටක තියෙන මොකක් හරි දා ගත්තටනම් කමක් නැහැ.

    ReplyDelete
  28. ගඩොල් ...
    මේ හේතුව හින්දා මම නම් කැමතියි තාක්ෂනික කරුනු සම්බන්ධයෙන් ඇති පෝස්ට් වෙනම දාලා දේශපාලනයට සම්බන්ධ පෝස්ට් සින්ඩියට දානව නම්.

    මාත් අන්න ඒ කාරණාවට එකගයි.

    ReplyDelete
  29. සියළු දෙනාටම කිව යුතු දෙයක්...

    මා මෙම ලිපියෙන් අදහස් කලේ දුදන ගති ලක්ෂණයක් පෙන්වා දීම මිස..
    කිසිදු අඩවියක් නංවාලීමට වත් පහත් කර දැක්වීමටවත් නොවෙ.

    දැනට තිඛෙන තත්වය අනුව ලාංකීය සිතුවිලි අඩවිය නව පහසුකම් කිහිපයක් ලබා දීම සතුටට කරුණක්.
    ඒ වාගේම නවක බ්ලොග් රචකයින් රාශියක් කරළියට ගෙන ආ සිංහල බ්ලොග් කියවනය නිසා සිදු වූ සේවය මිල කළ නොහැකි දෙයක්.

    මා මෙම සිංහල බ්ලොග් කියවනයට එන්නට යෙදුනේ Gossip lankaඅඩවියේදී දුටු ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ සටහනක් අනුවය. ඉන් පසුවය මා මෙම බ්ලොග් කරණයට පිවිසුනේ.
    ඒ තුළින් මා ලද දේ මා හට මිල කළ නොහැක.
    විශේෂයෙන්ම කාලිංග මහත්මා එම අඩවිය තුළ සිටින බව හා ප්‍රවීන් ඉන්ද්‍රනාම සහෝදරයාත් එහි වග කිව යුත්තකු බව හැර මා එම අඩවිය ගැන දන්නා දේ අල්පය. ඉන් ප්‍රයෝජන ගත්තා විනා වත්තේ හතර මායිම් සෙවීම මට අයිති කාරියක් නොවෙ.
    අද මට දැන ගන්නට ලැබුනු අන්දමට ලාංකීය සිතුවිලි අඩවිය තුල අපේ වැප් සහෝදරයා යම් වගකීමක් දරන බව සිතන්නට ලැබිණි. එයද සතුටට කාරණාවකි. ඔහුද මගේ බ්ලොග් මිතුරෙකි.
    ඇත්ත වශයෙන්ම යන්තම් අකුරු තුන හතරක් ගලපා ලිපියක් ලියා ගැනීම හැර මා සතු තාක්ෂණික දැනුම අල්පය. එබැවින් මෙම අඩවි පවත්වා ගෙන යන්නේ කවුරුන්ද යන වග සොයා බලන ක්‍රම වෙද මා නොදනී.
    සොයා ගත්තත් ඉන් මහා වෙනසක් සිදු නොවන බව කිව යුතුය.
    ගගෙන් පැන් බී ගගට ගුණ වැයීමත් මුහුදේ ලුණු ගෙන මුහුදට පැසසීමත් පමණි මා කරනුයේ...

    ReplyDelete
  30. මම ලියන්න ගත්තෙ ළඟදි උනාට මම බ්ලොග් කියවන්න ගත්තේ ගොඩාක් කාලෙකට ඉස්සරලා.සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය
    කියන්නේ අන්තර්ජාලයේ සිංහල වෙනුවෙන් ලොකු දෙයක් කරපු තැනක්.ඉස්සර බොහොම අඩු ප්‍රමානයක් කට්ටිය හිටියේ.සමහර අය කාලිංග අයියට බැන්නට මට මතක හැටියට සිංහල බ්ලොග් කරුවන්ට ටොප් ලෙවල් ‍ඩොමේන් එකක්වත් නැති කාලයක් තිබුනා.ඒක දුන්නේ කාලිංග අයියා (වැරදි නම් මාව නිවැරදි කරන්න).ඒ කාලෙ හිටපු සමහර කට්ටිය අද පේන්නවත් නැ.ඉස්සර මෙහෙම ගැටලු තිබුනේ නෑ.කවුරු මොනවායින් මොනවා කරත් කිව්වත් සිංහල බ්ලොග් කියවනය හැමදාටමත් First ever සිංහල බ්ලොග් සින්ඩිකේටරයමයි.ඒක කොහොමටවත් වෙනස් වෙන්නේ නෑ. කීයටවත් වෙනස් වෙන්නේ නෑ.මිනිස්සු තුල වැරදි තියනවා.හදාගන්න එකයි වැදගත් නැතිව වැරදි පෙන්වන අයට තිත්ත කතාවෙන් බැන වැදීමත් පළිගැනීමත් නොවේ.අන්තර්ජාලය තුල හැසිරිය යුතු ආකාරයක් තිබෙනවා.අදාල බ්ලොග් කරුවා ඒ දේ කොහෙන් හරි කියවලා ආවොත් හොඳයි.
    ලාංකීය සිතුවිලි හොඳ නිර්මාණයක්.පහසුකම් වැඩියි.නමුත් හැමොම මතක තියාගන්න ඕන නැග්ග ඉණිමගට පයින් ගහන්න එපා.

    ReplyDelete
  31. තීර්ථ යාත්‍රිකයා...

    මගේ දැක්මත් එයයි.

    ReplyDelete
  32. එස්. ඒ. වැලිපැන්නMarch 26, 2010 at 2:19 PM

    මම 2007 ඉදන් සිංහල බ්ලොග් ඇසුරු කරන කෙනෙක්. ඒ කාලෙ ආනන්දවර්දන, චාමර, අනුරාධ, මලින්ත වගෙ අයගෙ තමයි ගොඩක් ලිව්වෙ. මට පෙනිගිය හැටියට සංසදයට අලුතෙන් එක්වුන තරුන පිරිසකට තමන්ටත් බලය නොලැබිම ගැන උරන වෙලා තමයි ගැටුම් ඇතිකරගත්තෙ. ඊට පස්සෙ එ අය සංසදය දාල ගියා කියල මම දැක්ක googlgroup එකෙ කියල තිබුන.
    ඕව තරුන කාලෙ හැටියක්. හැම එකටම රන්ඩු වෙන්න යනව. බලතල ලැබෙන්න තමන් ටිකක් අත්දැකිම් වලින් නුවනින් මුහුකුරා යන්න ඕනි කියලා තෙරුම් ගන්නෙ නෑ.
    සංසදයෙ වැරදි ඇති. ඒව හදාගන්න උදවු කලානං වටිනව රන්ඩු වෙලා දමලගහල යනවට වඩා.

    ලංකිය සිතුවිලි හොද නිර්මානයක්. තව තවත් බ්ලොග් කියවන ඇති වීමෙ කිසිම වැරැද්දක් දකින්නෙ නෑ.

    තැන් තැන් වල සංසදයට බැනල ලිපි ගොඩක් පලවෙල තිබුන මම දැක්ක. මම හිතනව ඒව ලංකිය සිතුවිලි අයගෙ වැඩ නෙමේ කියල. එ විදියෙන් සංසදය කපලා දාල තමන්ගෙ බ්ලොග් කියවනය ප්‍රසිද්ද කරන්න හදනවනම් ඒක හොද දෙයක් නෙමෙයි.

    ReplyDelete
  33. ඇත්තෙන්ම විය යුත්තේ තව තවත් සිංහල බ්ලොග් කරුවන් බිහි වීම සහ ඒහා සම්බන්ධ කියවනයන් සහ තාක්ෂණික අඩවි බිහි වීම මිස නූගතුන් සේ හැසිරෙමින් යම් දෙයක් නංවමින් අන් දේවල් පහත් කරන්නට උත්සහ දැරීම නොවෙ.
    කුමක් සදහාද..?

    ReplyDelete
  34. එස්. ඒ. වැලිපැන්න=කාලිංග ඇතුලත්මුදලි

    ReplyDelete