04 March 2010

මතක සුවඳ...

වේදනාව හද පතුලේ
රැඳී තියෙනවා තාමත්
සැරින් සැරේ හෙමි හෙමිට
රිද්දනවා මට තාමත්..

අතීතයේ මතක සුවඳ
වරින් වරේ සිහි වෙන කොට
සිතට දැනෙන මිහිරි සුවය
අදටත් කිති කවනව හද..

විටක මිහිරි යටගියාව
තව විටකදි රුදුරු මතක
සිහි කරමින් පෙළින් පෙළට
තවමත් මා විදිමි සුවඳ..

වෙන්ව ගොසින් ඔබ මාගෙන්
බොහෝ කලක් ඉක්ම ගොසින්
ඒ උනාට ඔබේ සුවඳ
අදටත් දැනෙනව මා හට..

6 comments:

  1. විරහවත් පුදුම දෙයක් තමා...විරහව තදින් හිතට දැනුනම ලියවෙන කවි හිතට වදිනවා.පැලෙන්න....

    හරියට මේ කව වගේ. හැබැයි ඉතින් ඒකත් හරියට දැනෙන්නෙත් ඒ විරහව හදවතින්ම වින්ද කෙනෙකුට විතරයි.....

    මම ඒක දැනුනා.....

    ReplyDelete
  2. සැරින් සැරේ හෙමි හෙමිට
    රිද්දනවා මට තාමත්..

    සිතට දැනෙන මිහිරි සුවය
    අදටත් කිති කවනව හද..

    විටක මිහිරි යටගියාව
    තවමත් මා විදිමි සුවඳ..

    අයියෙ ඔන්න ඔයගෙ හදටත් හොරා
    අයෙත් වසන්තය ඇවිල්ලා...
    බය වෙන්න එපා... අපිත් බලන් ඉන්නෙ...
    අපි කෙනෙකුට ආදරෙ කරනවා කියන්නෙ.
    එයා වෙනුවෙන් හැමදාමත් බලන් ඉන්නවා කියන එක නම් නෙමෙ.
    කවුරු හරි ඇති ඔයාටත් ආදරෙ කරන.. එහෙම නැහැ කියන්න එපා....

    ලගට එන කෙනාව ආදරෙන් පිළිගන්න...
    ඇතට යන කෙනාට ආදරෙන් සමුදෙන්න ....
    කරන්න අමාරුයි පැහැදිලි මනසකට...
    පිස්සෙක් වෙලා හරි එ දෙ කරන්න...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. .::පිස්සා::....
    මගුලක් කතා කරනවා...?

    පිස්සගේ පිස්සුව හොද කරගන්න වෙයි වගේ..

    (මල්ලී ලියන කියන කොට ටිකක් කල්පනා කරලා ඒ දේ කරන්න මට නම් මොනවා කිවුවත් කමක් නැහැ. ඒත් තව පාර්ශවයක් ඇදලා ගන්න කොට දෙපාරක් කල්පනා කරන්න. අපි හැමෝම මිනිස්සුනේ නැද්ද?)

    ReplyDelete
  5. මමත් දැක්කා මෙ අපෙ පිස්සගෙ කමෙන්ට් එක... අපි හැමොගෙම හිත් එක වගෙ නැහැනෙ... දැනුවත්ව හො නොදැනුවත්ම වැරැද්දක් වෙලා තියන්නෙ. අපි අන් අයගෙත් හැගිම් වලට ගරු කරන්න ඔනා... කොහොම උනත් අයියෙ.. ට්කක් කල්පනා කරලා බලන්න...අනිත් අයගෙ හැගිම් ගැනත්... පිස්සා වගෙ කෙලින් කතා කරන්නෙ නැහැ හැමොම.. දුකින් ඉන්න තවත් කෙනෙක්ගෙ හදවත සුවපත් කරන දෙ කරන්න හැමොටමත් බැහැ. නිර්භීත හදවතක්.. එක්ක අවංක හැගිම් තියෙන්න ඔනා නෙද...?

    ReplyDelete
  6. නෑ රවා.. මම කමෙන්ට් එක අයින් කරා මල්ලී..
    ඒක ගැන හිතන්න එපා.
    සමාවෙන්න ඕනේ.

    ReplyDelete