26 March 2010

මිතුර නුඹ...





සෙමෙන් සෙමෙන් සිඳී යන විට
පුරවාලයි මසිත ජීවය..
පිරුණු නුඹ අභිමුවෙහි සිතේ මට
ආදරයත් වගේමයි නුඹ..
වරෙක නුඹටත් වඩා එය අපූරුය
මත් කරවාලයි වෙළාගෙන මා..
නුඹ වගේමයි බැස ගිය කලට
ඉතිරි වන්නේ කල කිරීමය..

17 comments:

  1. මම මගේ ලිපියකට පින්තූරයක් ඇතුළු කලාමයි.ඒකත් මගේ යහළුවාගේ වීම ඇත්තෙන්ම මට සතුටට කරුණක් ඔං..

    ReplyDelete
  2. රවා...
    අන්න ජාතික රූපවාහිනියේ ගග ගලා බහිනවා.
    ටීවී එකට හෙන ගැහුවත් කමක් නැහැ කියලා දාලා බලන එකයි ඇත්තේ

    ReplyDelete
  3. රසික වික්‍රමනායක නැමැති ශ්‍රීමතානන්ට පින් සිද්ධ වෙන්න දැන් සේකර අපේ ගෙදරම නැවතිලා වගේ...

    ReplyDelete
  4. මම මේක බලුවේ කොටු කොටු දාලා ...

    ReplyDelete
  5. ගැහැණිය උපතින්ම පිරිමියාට වඩා ලද බොළද බවත් ඇය කඳුළුවලින් සිය ජීවිතයම වසාගෙන ඇතිබවත් , ඇගේ නුවණ හැදිමිටක දිග ගන්නා බවත් බොහෝ පිරිමි පාර්ශවය දරනා පොදු මතයකි. ඇත්තෙන්ම ගැහැණිය පිරිමියාට වඩා බොළඳද ?

    දරාගැනීමේ ශක්තිය වඩියෙන්ම ඇත්තේ පිරිමියාට බව කියයි. හේතුව ගැහැනිය ඕනෑම ගැටලුවකදී “ කඳුළ “ ඉස්සරකරගන්නා නිසාමය….පිරිමි ඇසකින් කඳුළක් වැටෙන්නේම නැති තරම්ය. ඒ ඔවුන්ගේ දරාගැනීමේ ශක්තියද ?

    මේ ලෝකයේ ප්‍රබලම වේදනාව නම් දරුවන් වැදීමේ වේදනාවයි….. දරුවෙකු වදන්නට ගැහැනියකට අපමණ වේදනාවක් දරා ගැනීමට සිදුවේ. එයට සමාන කල හැකි වෙනත් වේදනාවක් තිබේද ? නැත…

    ප්‍රේමයක කඩාවැටීමක් මත හෝ මුදල්මය හේතුවක් මත හෝ වෙන කිසියම් හේතුවක් මත පිරිමි පාරශවය “ බෝතල් මිතුරාගේ “ සහය පතන්නේ ඔවුන්ගේ දරාගැනීමේ ප්‍රබල ශක්තිය පෙන්වීමටද ? තම ඇසින් එක කඳුලක් හෙලන්නට අකමැති පිරිමියා බෝතල් මිතුරාට තම ජීවිතයම ලියා දෙන්නේ කිසිම මැලි කමක් නැතිවය. දුකටත් සතුටටත් නිබඳව ඔවුන් ලග රැඳෙන්නේ මේ මිතුරා නොවෙද ?

    දුකක්, ගැටලුවක් හෝ වෙන කිසියම් කාරනාවක් හා ඔට්ටු වී එයට විසඳුම් සෙවීමට උත්සාහගන්නා ගැහැණිය දුර්වලයි කියන්නේ මොන හේතුවක් මතදැයි ගැටළුවක් ඇතිවේ.

    ඇත්තෙන්ම වඩාත් ශක්තිමත් ගැහැණු සිතද ? පිරිමි සිතද ?

    වඩාත් දුර්වල ගැහැණියද ? පිරිමියාද ?

    ReplyDelete
  6. මට දිල් කියන සමහර දේවල් ගැන එකඟ වෙන්න බැහැ.. ලෝකෙ පුරාම මනෝ specialistල පිලිගත්ත දෙයක් තමයි ගැහැනියගේ දරාගැනීමේ හැකියාව ගොඩක් ඉහල බව. ඒකට මූලික වෙන එක හේතුවක් තමයි ගැහැනිය කදුලු මගින් හෝ තමන්ගේ හැඟීම් පිටකිරීම. අපි මේ ජීවත්වෙන මල උලව් සංස්කෘතිය ඇතුලේ පිරිමියාට තම හැඟීම් විවෘතව ප්‍රකාෂ කරන්න කිසිම ඉඩක් ලබාදීල නැහැ.

    අනික ඔයා වගේ අය බීල පුරුදු නැති නිසා බොන එකේ ආතල් එක දන්නෙ නෑ. කොල්ල දාල ගියා කියලා කරටි කැඩෙන්න ගහන කෙල්ලො මම ඕනතරම් ලංකාවෙන් පිටතදී දැකල තියනවා...

    මම නම් මේ හැම දේටම හේතුව විදිහට දකින්නෙ අපි අපේ හැගීම් පිටතට පෙන්නනෙ නැතුව අපිම වාරන දාගෙන හිතින් විතරක් දුක් විදින්න හදන එක. එහෙම වෙලාවක බෝතලේක ගංජා සුරුට්ටුවක රස බලන්න ගැහැනු පිරිමි භේදයක් ඕනෙ නෑ.

    ReplyDelete
  7. මම එනවා... දිල්ට උත්තර දෙන්න.... ඉන්න

    ReplyDelete
  8. සුරාවෙහි අගයත්...
    එහි ඇති මනා ගුනයත්....
    බොන සුදනෝ මිසක්..
    නොබොන අනුවන දනෝ නොදනිත්.....

    No offense to anyone..just having fun guys!!!

    ReplyDelete
  9. ගැහැනියගෙ දැරිමෙ ශක්තිය පිරිමියාට වඩා වැඩි බව පෙන්විමට බොහො අය ගැහැනිය විඳින ප්‍රසුත වෙදනාව කරුණක් හැටියට සලකයි. අපි යමක් සැසදිමට නම් දෙපසටම සමාන අවස්ථා තිබෙන කරුණක් සැලකිය යුතුය..ප්‍රසුත වෙදනාව ගැහැනියට පමණක් විඳිය හැකි දෙයක් වන්නෙ පිරිමියා හට එය විඳගැනිම අසිරු නිසා නොව ස්භාවධර්මය විසින් එය ගැහැනිය පමණක් අදාල කොට නිමැවිම නිසාය. එය විඳගැනිමට ස්භාවධර්මය විසින් ගැහැණියව හැඩගන්වා ඇත. දරුවෙකු බිහිකිරිමෙදි විඳින වෙදනාව එම මොහොතෙදි පමණක් ගැහැනිය විඳින අතර..පිරිමිකෙනා මුළු ජිවිත කාලයම වෙදනාව ටිකෙන් ටික විදවයි. පිරිමි කෙනා මුලින්ම එ ගැහැනිය සමග එකතු වෙන දවසෙද විඳවයි. එදා පටන් ඇයගෙ රැකවරණය, ඇයව තෘප්තිමත් කිරිමට පිරිමියා වෙහෙසෙයි.

    (එඅතර තුරෙ දි පොඩ්ඩක් ජොලියක් දාලා වැටුනාහම මෙකිලා අපිව කන්න හදනවනෙ, දෙහි බැවක් අතුල්ලා නැගිට්ටවපන්... හික් හික්..)

    සොබාදහම සැමවිටම ගැහැනියව ආරක්ෂා කිරිමට වෙහෙසුනත් මිනිසා විසින් තනන ලද බොහොමයක් දැ ගැහැනියගෙ විනාශය කෙරෙහි බලපායි. පිරිමියා ඉන් විනාශ වෙන්නෙ නැත.

    පිරිමි අය මත්පැනට හුරුවන්නෙ දරාගැනිමෙ ශක්තිය අඩුවිමක් හො හිනවිමක් නිසා නොවන බව මගෙ මතයයි.. බොහො සංවෙදි මිනිසුන් කරදර සොය සොයා, අභියොග සොය සොයා ගොසින් බාර ගනි. පියවි සිහියෙන් ලැබෙන වෙදනාවට වඩා වෙදනාවක් මත් වුනු විට ලැබෙයි.. පිරිමි බොහොදෙනෙකු මෙ හැමදෙයක්ම කළමණාකරනය කර ගනි... ගැහැනියට එහෙම මෙ දෙවල් ඔක්කොම තිබුනා නම් ඇය නතර වනුයෙ කොතනද යන්න හිතා ගන්න අමාරුය..

    ස්බාදහම ගැහැනියව ආරක්ෂා කිරිමට සැකසි ඇත්තෙ ඇය දුර්වල නිසා නොව ඇය සැබැවින්ම ආරක්ෂා කරගත යුතු වස්තුවක් නිසාය..මා ගැහැනිය දුර්වලයි, හො පිරිමියා දුර්වලයි යන්න ඉස්මතු නොකරමි.. නමුත් ගැහැනියට හා පිරිමියට ස්භාවධර්මයෙන් පැවරුණු යුතුකම් කොටසක් ඇත එය ඉටුකිරිම පැත්තක තබා තමුන්ගෙ නිදහස, ආවෙනික කෘතිම ලක්ෂන ඇති කර ගැනිමට ගොස් සමාජය විනාශ කර දමන පිළිකා සෛල නිර්මාණය කිරිමට උත්සුක නොවෙන මෙන් ඉල්ලමි. අපිටම කියා සංස්කෘතියක් ඇත. එහි ආධිපත්‍ය පිරිමියා හට තිබුනත්.. සැම සියලු කාරණාවක්ම කෙන්ද්‍රවන්නෙ.. ගැහැනියගෙ රැකවරනය, ඇගෙ ගරුත්වය.. ඈව ආරක්ශා කරගැනිම උදෙසාය..

    ඇය දුර්වල කෙනෙකු නොවෙ.. නමුත් ඇය ඇයව දුර්වල කරගෙන ඇත....

    ReplyDelete
  10. කො මෙ මාරයා කවුරුත් මෙ පැත්තෙ ඇවිල්ලා නැහැ. කො කස්ටිය... එකෙක් වත් නැහැ... හරි හරි ඉන්නවා නම් සද්දයක් දාන්නලා...

    ReplyDelete
  11. ඔන්න දැන් මම ආවෝ...
    හ්ම් හ්ම් මෙ දිල් එක්ක නම් වැඩෙ ලේසී නැහැ..
    යකෝ බෝතල් පෙන්නන්න බැහැනේ...

    තැන්කූ වෙවා මට සපෝට් කල කස්ටියට...

    ReplyDelete
  12. හැම පිරිමියාම බෝතලේ පාවිච්චි කරන්නෙ නෑ. මේ මම වගේ එල කොල්ලොත් ඉන්නව ඕව පාවිච්චි නොකරන :-)

    ඒ උනාට වැඩක් තියෙනවද ? කෙල්ලො හිතන්නෙ නොබොන කොල්ලො කුහකයි කියල.

    ReplyDelete
  13. තරිඳු...

    සියළු දෙනා වෙතම කෙරෙන විශේෂ දැන්වීමයි...
    එළ කොල්ලෙක් සිටී..

    (උඹවත් හැදියං පුතේ අපිට නම් බැරි උනා.)

    ReplyDelete
  14. වැඩක් නෑ මාරයියේ, මම කිව්ව වගේ කෙල්ලො ඔය කොච්චර උනත් බොන්න එපා අපි කැමති නෑ කියන්නෙ බොරුවට. බමන මතින් ඇවිත් පොඩ්ඩක් ඇඹරෙනවට ඒ අයගේ අකමැත්තක් නෑ. මටම කිව්වනෙ කීප දෙනෙක්ම බොන අයගෙ හිත් පිරිසිඳුයි කියල. කොටින්ම කිව්වොත් මගේ එක්කෙනෙත් කියන්නෙ ඒක තමා.

    ReplyDelete
  15. තරිඳු...

    ඔහොම තමයි කොල්ලෝ එයාලා..
    ගණන් ගන්ට එපා..

    හැබැයි පුතෝ එයාලට ඔන ඔන විදියට බොන්න ගියොත් බීමෙ ආතල් එකත් යනවා.
    මම නම් ඉතින් බොන්නේ බිව්වට පස්සේ මගේ ඇතුලේ ඉන්න හොද එකා එළියට ගන්න.
    සිහිය තියෙනකොට ඌ ඉන්නේ හිර වෙලා.

    ReplyDelete
  16. ආ මේ ගල් නොවෑ.කියන්න වරදක් නෑ මෙයා ගෑන.හොද මිසක්.

    ReplyDelete
  17. එළ... එළ...
    දුකට සැපට සිටි නිරතුරු...

    හපෝ... ගල් ද? ගල් නං බොන්නත් බෑ ආයිබෝවං

    ReplyDelete