02 March 2010

හිමි නැති දේටම හඩනා... සොදුරු සිතේ හිමිකාරී...

රෑ අහසේ සදක් වෙලා
සද තරු විමනට වැඩලා...
දැවෙන සිතට පවන් සලා
එන්න හිතයි ලොවට හොරා...

දිලෙන සදට පෙමින් බැදී
මල් සුවදේ යයි පාවී...
හිමි නැති දේටම හඩනා
සොදුරු සිතේ හිමිකාරී...

සද එළියට වහන් වෙලා...
හිරු කිරණට දැවෙන්නෙපා...
මල් සුවදට මත් වීලා
අසම්මතේ රැදෙන්නෙපා...

12 comments:

  1. කෙනෙක් වෙනුවෙන් නෙද ලියන්නෙ.. තවකෙනෙක් වෙනුවෙන් කතා කරන්න, තවකෙනෙක් වෙනුවෙන් කඳුලක් හෙලන්න, තවකෙනෙක්ව හිනස්සන්න ගන්න උත්සහාය ගොඩක් වටින දෙයක්. හැමදාමත් කියනවා වගෙ අපි අපිනෙ... නැද්ද....

    ReplyDelete
  2. රවා...

    හ්ම්ම්ම්...
    ඒ වගේ...

    ReplyDelete
  3. චතුෂ ... මාරයයි සොදුරු සිතයි දෙන්නම දුක් වෙන්නෙ ලග නැති දේ ගැන නෙමෙයිද.. මාරයා සතුටින් ඒක කරනව ,සොදුරු සිත දුකින් ඒ දේම කරනව... සොහොනක් උඩ මැරෙන්න වැටිල ඉන්න එකයි හිරු රශ්මිට දැවෙන එකයි දෙකම එකයි

    ReplyDelete
  4. පිස්සා වුනත් ඔයා හරි පිස්සො... ඉස්සර සොදුරු සිතගෙත් blog එක මේ පාටමයි මේ විදිහමයි. ලිවුවෙත් සමාන දේවල්. සොදුරු සිතේ තිබුන කන්දක් උඩට වෙලා ලෝකය දිහා බලා ඉන්න පින්තූරෙට මාරයා ගොඩක් කැමති. පසු කාලයේ මාරයා සමග තිබ්බ පොඩි අමනාපයක් නිසා සොදුරු සිත එකේ පාට වෙනස් කරා. බැදීම් කියන්නේ මිනිස්සු හිතන විදිහෙ එකම දෙයක් නෙමෙයි විවිධ අර්ථ තියනව. සොඳුරු සිත ගැන මාරයාටත්, මාරයා ගැන සොදුරු සිතටත් තියෙන්නෙ හීනෙන් ගෑව සුවදක් වගේ බැදීමක් විතරයි...

    ReplyDelete
  5. හෙ හේ.. ඇත්තද? මට ඒක මුල ඉදලාම දැනුනා..
    මට 6th sense තියෙනවා එහෙනම්..

    කොහොම උනත් දෙන්නාම ලස්සනට ලියනවා..

    ReplyDelete
  6. ඔය මාරයා කියන නම වෙනස් කර ගත්තොත් නරකද
    පොඩ්ඩක් සුන්දර නමක් දාගන්නකො

    ReplyDelete
  7. .::පිස්සා::. ...

    උඹට වඩා අපිට පිස්සු පිස්සෝ..
    ඒකයි මෙ සමාන කම
    ඇත්තටම අපි හොද යාළුවෝ,ඒ වගේම හිතන විධියෙත් බොහෝම සමාන කම් තියෙනවා වගේ දැනෙනවා.
    මාත් මුලදි මුලදි අපි දෙන්නගේ කවි වල තියෙන සමානකම දැකලා පුදුම උනා(හරිම වචනේ බය උනා)

    ReplyDelete
  8. wath...

    මෙ මාත් එක්ක තරහට පාට වෙනස් කල කථාව මම දන්නේ අදනේ..
    තරහ වෙනකොට කියලා තරහා වෙනවා.
    නැත්නම් මම දන්නෙත් නෑ.

    ඔයා හරි අපි දෙන්නම නොලැඛෙන දේ වෙනුවෙන් තමයි බලා ඉන්නේ...
    ඒත් ඒක එහෙම හොදයි.

    ReplyDelete
  9. දිlee...

    මම බලාගෙන ඉන්නේ ඒ හෝරාව උදාවෙනකල්...
    ඒ නිසා ඔය විදියටම නම තිබිච්චාවෙ...
    ස්තූතියි අදහසට
    තරහා වනු එපා

    ReplyDelete
  10. ලස්සනයි කිවුවෙ කවියද?
    ස්තුතියි...

    ReplyDelete
  11. wath ට
    ඉහත සටහනකදි wath පවසා තිබෙනවා....
    "මාරයයි සොදුරු සිතයි දෙන්නම දුක් වෙන්නෙ ලග නැති දේ ගැන නෙමෙයිද.. මාරයා සතුටින් ඒක කරනව ,සොදුරු සිත දුකින් ඒ දේම කරනව..."

    සොදුරු සිතට තෙරෙන්නෙ එක මාරයා සතුටින් කරනවා කියලද.... සොදුරු සිතගෙ ඇස් අදුරු වලාවකින් වැහිලා වාගෙයි..මෙ මනුස්සයා අරක්කු ටිකක් බිලා දුක හංග ගත්තට මෙ මනුස්සය අපිට දෙන දෙවල් වලින් මෙ මනුස්සයගෙ හදවත ඇතුලෙ තියන දෙ එළියට එන්නෙ නැද්ද...?
    මාරයා කියන්නෙ පිරිමි කෙනෙක්. පිරිමි සත්තුන්ට ආවෙනික පෞර්ෂ ලක්ෂන තියනවා. එවා මාරයටත් පොදුයි. එවා ගැන දැනගන්න ඔනා. හරි හරි හැමදෙම රවා මල්ලිට කියලා දෙන්න බැහැ... එවා google එකෙ ගහලා හොයගන්න ඔනා..

    හොයගෙන ... කොලෙ වහන් නැතුව,, ගණන් තියන් නැතුව අවංකව මෙ සෙල්ලම යන්න ඔනා..

    ReplyDelete