29 March 2010

දෑත පොරෝගෙන දෙනෙත පියාගෙන...

සීතල පස් කඳු අතරේ සැගවී..
හතර රියන් පෙට්ටියක් තුල දපා..
දෑත පොරෝගෙන දෙනෙත පියාගෙන..
වැළලෙන මොහොතක් ළග එනවා..

වැළපෙන කිසිවෙක් රැදී නොසිටියත්..
හඩනා දෙනෙතක් අසලක නොවුණත්..
ගයනට ගුණ කඳ මා සතු නොවුනත්..
එදිනට මා මිහිදන් වෙනවා..

උපන් දා සිටමකර පින්නන් ආ..
සසර ගමන තුළ පොදි බැඳගෙන ආ..
මෙ භවයෙන් මතු භවයට යනතෙක්..
දුක පස් කඳු තුළ දිය වෙනවා..

යළි උපදින්නට කැමැත්තක් නැතත්..
නිවන් දකින්නට බොහෝ දුර ඇතත්..
සුළු මොහොතක් හෝ පස් කඳු අතරේ..
මගේ ආත්මය සැනසෙනවා..

14 comments:

  1. එතකොට ඔබ මරනයෙන්ම මිස අන් කිසි දෙකින් සැනසෙන්නෙ නැහැ කියලයි කියන්නෙ..ඔන්න ඔකනෙ බැරි.. මිනිස්සු හැමදාම එහෙම තමුන්ගෙ මතයෙම ඉන්න හින්දා තමයි මෙ රට දියුණු කරන්න බැරි.. බැහැ කිව්වොත් බැහැ.. නැහැ කිව්වොත් නැහැ. හැංගිලා දවස් දෙකක් ඉදලා ආවට පස්සෙ මැරෙන්නමයි කල්පනා කරන්නෙ. පුදුම මාරයෙක්නෙ මූ.. අඩො මාරයා.. සෙල්ලම් දාන්න එන්න එපා හරිද... ලස්සන කවි කිපයක්.. හැබැයි මට නම් මහගම සේකරගෙ මරණය තරම් බොක්කට වැදුනෙ නැහැ.. ඔයා මැරුණු දවසකට මෙවගෙ තියන වටිනාකම ගොඩක් වැඩිවෙයි නෙද....?

    ReplyDelete
  2. අපි හැමෝටම ඕක වෙනවා. ඒක මෙනෙහි කරන එකත් භාවනාවක්නෙ. ඒත් මරණයෙන් ආත්මය සැනසෙනවාද කියන්නනම් දන්නෙ නෑ.

    ReplyDelete
  3. අහා... බල්ලෝ බුරති නැවතත්....
    @ මාරයා,
    මොහුට අනුකම්පා කළ මැනව, ඔහු කරන්නේ කුමක් දැයි ඔහුම නොදනී... අහෝ අපගේ පෞරාණික අග නගරය... අඳෝමැයි....

    ReplyDelete
  4. අනුරාධපුරෙ නම විකුණාගෙන කන මන්ද මානසික පුද්ගලයා නිසා මෙම ප්‍රතිචාර තීරුව මෙසේ විවෘතව තැබීමත් ප්‍රශ්නයක් වෙලා තිබුනත්
    තව දුරටත් එය විවෘතයි.
    අද මම වැඩට යනවා. මම එනකොට මෙක කුණුහරුප වලින් පුරවා තිබුනත් වෙන කල හැකි කිසිවක් නැහැ.
    මන්දයා නිසා අන් අයටත් මෙම තීරුව අවහිර කර තැබීමට මට නොසිතේ...

    ReplyDelete
  5. මරණය ගැන නිර්මාණ වලට මම ‍කොහොමත් කැමතියි.
    ලස්සනයි. රස වින්දා මේ කවිය.

    ReplyDelete
  6. මාරයියා මරණය දිහා හුඟක් උපේක්ශාවෙන් බලල තියෙනවා.....කවදා හරි අපි කාටත් යන්න වෙන ගමනක්නෙ...... නිර්මාණය අගෙයි අයියෙ......

    ReplyDelete
  7. මාරයියත් මරණය ගැන හිතනවනෙ...ඉතින් අපි හිතපුවම මොකද වෙන්නේ නේද ?

    අපූරු නිර්මාණයක් අයියේ...මරණය දිහා උපේක්ෂාවෙන් බැලීමක්...

    ReplyDelete
  8. ඔබේ මරණය ආරංචි වූ මගේ සිතට දැනුනේ අප්‍රමාණ සතුටකි. ඒ ඔබේ සිතේ වූ එකම බලාපොරොත්තුව ඉටු වූ බැවිනි.
    දුක සිතුනේ ඔබ ගැන නොව ..ඔබගේ බිලොග් පිටුව සැමදා කියවන මා සහ මගේ සහෘදයන් ගැනය.....
    ඔබට නිවන් සුව ලැබේවායි කීමට නොහැක.ඔබ කළ පවු අනුව .අප සමග තවත් ආත්ම ගණනක් සංසාර විලේ නෙළුමක් වී උපදින බව සක්සුදක් සේ පැහැදිලි බැවිනි.

    මා සිත තුටු කළ එකම මරණය ඔබගේය ....

    ReplyDelete
  9. "මාරයාගේ" මරණය යනු සදාකල් "ජීවිතය" නොවේද...?

    ReplyDelete
  10. හහ් :-)ඇත්ත නේන්නනම්

    @Tissa ayiya-හැබැයි මේක කියලා ඔයාගේ යාලුවා ආයෙත් මොනවා කරන්න හිතයිද? අයියේ.
    අපි මෙහෙම කියමු .අපි මේ කිව්වේ අපේ සැබෑ මාරයා ගැනයි. කරුණාකර වරදව වටහා නොගන්න..(කරුණාකර කියන වචනය කොයිතරම් වටිනවද):D

    ReplyDelete
  11. මරණය සිහි කිරීම ඉතා හොඳ දෙයක් . . !
    අපි කවදා හෝ මැරෙනවා කියා සිතමින් ජීවත් වන පුද්ගලයාට කෙදිනකවත් තව කෙනෙකුට වැරැද්දක් නපුරක් කිරීමට හිතා හදා ගත නොහැකි බැව් අත්දැකීමෙන් දනිමි.

    ReplyDelete
  12. දුකා අයියා සහතික ඇත්ත එක... මම ගොඩාක් මිනිස්සු ඇතුලෙ දැක්ක දෙයක්...මාරයා ගියාලු..

    ReplyDelete
  13. "වැළපෙන කිසිවෙක් රැදී නොසිටියත්..
    හඩනා දෙනෙතක් අසලක නොවුණත්.."
    මා‍රයා අයියා එහෙමද හිතන්නේ?????

    ReplyDelete
  14. punchisamanalee...

    ඇත්තටම නංගී ඒක එහෙම තමයි වෙන්නේ..
    මොකද මම අද මළත් මගේ මරණය දැනුම් දෙන්න කෙනෙක් නැහැ.
    මාව ඉස්පිරිතාලේ හරි නගර සභාවෙ හරි පිහිටෙන් පස් යටට කරයි.
    ඒත් ඒ ගැන මම දන්න කියන අය දැන ගන්න අවුරුදු ගාණක් යයි.
    අද මෙ වෙනකොටත් සමහර අයගෙන මිදිලා ඇවිත් සෑහෙන කාලයක්.
    මම උන්නද මළාද කියලා අපේ ගෙදර අය අවුරුදු දෙකකින්වත් දන්නේ නැති කාල තිබුනා.

    ReplyDelete