01 April 2010

ඊයේ රෑ තමයි ආරංචිය ආවෙ...

අම්මෙ මාර හැපී..
ඔන්න මගේ යාළුවන්ට පුළුවන්නම් මට උදවු කරන්ට..
මාවත් ඊළග වටයට තේරිලා.
මෙ දිනවල රූපවාහිනියේ යන සුපිරි තරගයක ඊළග වටයට මාත් තේරිලා.
මෙතන ඉදන් තියෙන්නේ එස්.එම්.එස්. යුද්ධෙ තමයි.
ඉතින් මාව මමම අදුන්වා දෙන්ට කළින් හරියටම කියන්නකෝ බලන්න මම කවුද කියලා.
මම මෙක නොකියා හිටියේ තේරුනේ නැත්නම් නෝන්ඩිනේ ඒකයි.
දැන්නම් ඉතින් ගොඩ.
කස්ටියගෙන් බුදු හෙල්ප් එකක් ඔන හරිද..?
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව මාරයාට සුපිරිවීර කෙනෙක් වෙන්ට එස්.එම්.එස්. එවන්ට ඔන හොදද?

24 comments:

  1. මෙකත් අප්‍රේල් 1 වැනිදා කතාවක්ද?


    /බිඟුවා...!

    ReplyDelete
  2. හික්....සුපිරි මාරයෙක් වෙන්නද try එක ?
    සුබ උපන් දිනයක් මාරයා අයියේ.... ;)

    ReplyDelete
  3. මාරයා මොඩායු වු දිනය අදයි

    ReplyDelete
  4. ඔයාත් ශිහාන් අයිය වගේ හැඩද?

    ReplyDelete
  5. ඇත්තට මාරයියේ.....!!!! @-@
    ඕක බොරු කියන්නෝ තෝරන තරඟයක්ද???? ;D

    ReplyDelete
  6. හරි හරි යහලුවා අපි නැතුව වෙන කවුරු උඹට එස්. එම්. එස් යවන්නදා අපි කස්ටිය දම්මවලා යවන්නම්... මම උපන්දින සුභපැතුම් ඉදිරිපත් කරන්නෙ නැහැ.. මොකද මෙදා පොදු උපන්දිනයක්. හැමොටම නෙ.. ඔබ සියල්ලන්ටම සුභ උපන්දිනක් වෙවා...

    ReplyDelete
  7. මම රැවටුනා කියලා හිතන්න එපා.. කලින් මම කියලා තියනවානෙ.. යහලුවෙක් මට බොරු කරද්දි මම එයාගෙ බොරුවට අහුවෙනවා එයා හිනාවෙනවා දැකලා මම සතුටු වෙනවා.

    ReplyDelete
  8. ඔය පණිවිඩය ආවෙ රැ 12 න් පස්සෙ නෙද...?

    ReplyDelete
  9. අනිවා මම නම් ඇස් ඇම් ඇස් එකක් ගහනවා :-P එළ ලොක්කා සුභ උපන් දිනයක් ඈ.....!!!1 :D

    ReplyDelete
  10. ෂා.....උපන් දින පාටියට කවුරුත් ඇවිත්.......

    ReplyDelete
  11. අපේ අයියා කෝ........එයාගෙත් උපන් දිනේ අදද????

    ReplyDelete
  12. SMS එකක් මොකෝ දහයක්ම දෙන්නම් කෝ . . . හික් හික් . . . .

    (මේ 1ක් මොකෝ ආ 10ම කතාවේ නිධාන කතාව හැමෝම දනන්වා ඇත්යි සිතමි)

    ReplyDelete
  13. මට reload එකක් දාන්න සහෝ. මම SMS කොටන්නම් :P

    ReplyDelete
  14. උපන් දිනේට මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  15. පව් අනේ මෙච්චර ලොකු බොරුවක් කියලාත් කවුරුවත් අහුවෙල නෑ. මොනව හිතේවිද මාරයට. එක නිසා මන්වත් අහුවෙන්නම්. පව්නේ නැත්නම් අපේ මාරයා.
    "අනේ අලි සෝයිනෙ....මොක්ද්ද කියන්නකො ඉතින් ඔය තරඟේ. අපි එවන්නම් ඇස් ඇම් ඇස් හිටු කියලා."

    ReplyDelete
  16. හ්ම්ම් මාරයා දෙවෙනි වටයට ගියා එහෙනම් ඈ...?
    ජීවිතය පලමු වටයෙන් පරාද වුනා....!
    ඇයි කවුරුත් ජීවිතයට දෙවෙනි chance එකක් දෙන්නේ නැත්තේ... දවස මොකක් වුනත්... හරිම අසාධාරණයි...

    ReplyDelete
  17. ෂා මාරයා සහෝ ඔයා මාරයිනේ!!!! අපිට කියන්නේත් නැතුව හොරෙන්ම තරගෙකටත් ගිහින්නේ.....

    සුභ පැතුම්!! සුපිරිවිකී වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    අනිවා මම ඇස් ඇම් ඇස් කරන්නම්කෝ....

    හිහ් හ්හ්

    ReplyDelete
  18. සුභ උපන්දිනක් වේවා
    ජීවිතයම සරුවේවා
    අනේ අනේ අපිනං අහුවෙයි ඕවට

    ReplyDelete
  19. මාරයා අය්යත් කාලයේ තාලයට ගැලපෙන අප්‍රියෙල් 1 වැනිදා කතාවක් තමයි තෝරගෙන තියෙන්නෙ. උත්සාහය නම් හොඳයි...

    ReplyDelete
  20. හරි අයියෙ අපි දෙන්නන්කො... හැබැයි අපිට රී ලෝඩ් දාන්න ඕන හොදේ...

    ReplyDelete
  21. මාගේ මෝඩ ජෝක් එක සඳහා ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි.
    ඇත්තටම ඉතින් මාත් පළවෙනිදා මොනවා හරි කියලා යන්න එපැයි ඒකයි හදිසියේ ඔහොමවත් කොටලා ගියේ..
    වෙලපහ මතක් උනා නම් හොඳ වර්ගයේ ලණුවක් අඹරලා යනවා.
    කොහෙද අපේ පොදු උපන් දිනේ කියලා මතක් උනෙත් ඊයේ උදේමනේ..

    මෙ මෙයාලා ඇත්තටම මෙක අපේ ජාතික දිනේ වගේ නේ...

    ReplyDelete