03 April 2010

තවත් දවසක ආරම්භය...

ඔන්න ඉතින් 2010යේ අප්‍රියෙල් 03 වැනිදටත් මම අවදි උනා.
වෙලපහ වැඩියි වගේ..
හිතාගෙන හිටියේ හය හමාර වෙනකල්වත් නිදාගෙන ඉන්න.
ඒත් පහයි කාලට ඇහැරුනා.. මොනවා කරන්නද කරුමෙ තමයි.

ඊයේ ටිකක් වෙලපහ නින්ද ගිය එකත් ඒකට හේතුවක්. වැඩිපුර දැම්මම ඉක්මනට හා සැපට නින්ද යනවා.

දැන් ඉතින් මුහුණ කට සොදගෙන නාලා කියලා යන්න ඔන.
බඩගින්නකුත් එනවා. ටී එකක් හදාගෙන බීලා, ගිහිල්ලම මොනවා හරි කනවා.

ඊයේ දවසම මෙ පැත්තත් පාළුයි වගේ.
රවා මොන ලෝකෙක යනවද මන්දා මෙ ටිකේ දවල් දවසට වත් දකින්න නෑ.
මෙකා මොනවා හරි බාල්දියක් පෙරළගෙන තමයි මෙ පාර නවතින්නේ.
දිල් නගත් ගමෙ අම්මව බලන්න නුවර ගිහින්.. ඒවත් ඉතින් කෙරෙන්ට ඔන වැඩ නොවැ.
අපිට නම් පාළුයි තමයි. ඒත්ගමෙ අම්මා සති ගණන් පාළුවෙන් ඉඳලා මෙ දවස් දෙකවත් ටිකක් සතුටින් ඉන්න එක කොයි තරම් දෙයක්ද..?
අනික ඉතින් දැන් ඔය කෙලී ආපහු එනකොට නිකං අත වන වන එන එකක්යෑ...
මස්කට් බූන්දි ටොපි චොකලට්... තව ඉතින් එවුවද මෙවුවද කෝටියයි නේ... (අනේ මම මෙ නොදන්න හින්දයි අහන්නේ නුවර පැත්තේ ප්‍රසිද්ධ කෑම ජාති මොනවද..? අර නිකං බිබිලෙ දොඩං, මාතර කිරි පැණි වගේ..)
මාතර කිවුවම මතක් උනේ අපේ වත්..ව
ඔන්න ඉතින් එයත් මෙ දවස්වල කෝච්චි කතා ලියනවා. අගෙයි..
හැබැයි ඉතින් ඉඳලා හිටලා හරි බලළා මල්ලෙන් ඔළුව දාලා තියෙනවා.. ඔහොම යන කොට එළියටත් පනින්නේ නැතැයි.
මෙ දරුවා බබා වගේ හිටියට මොකෝ කොල්ලෝ හින්දා දඩ කාගෙන කෝච්චිවල ගිය දරුවෙක් නෙව.
හිත හිත ඉන්නේ නැතිව එදාම අර කෝච්චියේ උන්න ටික්කන්ට කිවුවනම් ඉවරයි ඔව් අපි දෙන්නා එකට ආවෙ මෙයාගෙන් මගේ දඩයත් ඉල්ල ගන්න කියලා. එහෙම උනානම් කතාව තව දුර දිග ගිහිල්ලා මෙ වෙන කොට දෙන්නා එකටම පළවෙනි පන්තියේ යන එක අපිට නොකිවුවත් අපිට කවදා හරි පේන්නෙවත් නැතෑ.
කතන්දර ශූරීනුත් අන්න අරහෙ තනියම මැරතන් දුවනවා.
කොහෙද ඉතින් අපි දුවන්නේ දවසක් අර දවසක්නේ මෙක කොටන්න හම්බ වෙන්නේ..
ආවදෙන්කෝ මෙ පැත්තෙන් මිරිස් වතුර බාල්දියක්වත් ගහන්න.
(අපි එහෙමයි. අපිට බැරිනම් අනිත් උන්ටත් තහනම්... අපේ ජාතියේ ආඩම්බරය මම ආරක්ෂා කොරන්ටත් එපැයි නැද්ද මම අහන්නේ..)
මෙ දැන් ඇති දවල් වෙනවා.
හෙට යහතින් එන්න ලැබුනොත් තව පාරක් කොටන්නම්කෝ...

14 comments:

  1. මාරයත් තනියෙං මැරතන් එකක්වත් දුවන්න සෙට් වෙලා වගේ පාංදරිංම ලියන්න අරන්
    අද
    මාරයාගේ හෝරාව වෙලාව.. 05:40 :D

    ReplyDelete
  2. නුවර ඉන්නකොට මම නම් වැඩියෙන්ම ආස කලේ පැණි වලලු වලට. ඕක දන්න හින්දම දායකයෝ වරද්දන්නෙ නෑ පැණි වලලු දානෙට

    ReplyDelete
  3. මේක මෙහෙම වුනානම්
    "හිත හිත ඉන්නේ නැතිව එදාම අර කෝච්චියේ උන්න ටික්කන්ට කිවුවනම් ඉවරයි ඔව් අපි දෙන්නා එකට ආවෙ මෙයාගෙන් මගේ දඩයත් ඉල්ල ගන්න කියලා. එහෙම උනානම් කතාව තව දුර දිග ගිහිල්ලා මෙ වෙන කොට දෙන්නා එකටම පළවෙනි පන්තියේ යන එක අපිට නොකිවුවත් අපිට කවදා හරි පේන්නෙවත් නැතෑ."

    එහෙනම් පොඩි දරුවො දෙතුන් දෙනෙක් කරේ තියන් අර ටිකට් පරීක්ෂක මහත්තරුන්ට දෙස් දොවොල් තියාවි අනේ මට කරපු වින්නැහියක් කියල.

    අනික , එදා ඒ සිද්ධියට ඈත්තටම මුහුණ දුන්න ගැහැණු ළමයට දැන් ලස්සන පොඩි පුතෙකුත් ඉන්නව නෙව.

    අනුන්ගෙ කතාවක් මම මගේ කරන් මගේ ඈසින් බලල ලීව.

    තනිකඩව සිටීමේ වාසි ගොඩක් තියෙන එකේ දෙකඩ වෙන්නෙ මොකටද නේද?

    ReplyDelete
  4. චන්ද කාලෙ වන්දනාවෙ ආසනෙ...
    චන්දෙ දෙන්න එන්න.. එන්න.. පොලිමෙ...

    කතිරයක් නිසාද මෙ දනා ....
    කටදො කරන්න යන්නෙ මෙ...

    මෙ ටිකෙ වැඩ... යහලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ තුන්මාස දානෙ... දෙකම එකට සෙට් උනා...
    නෙට් එකෙ ටිකක් අඩුයි.. කොහොමද අයියට.. සැප පහයි දුක එකයි ද දෙකයිද....?

    ReplyDelete
  5. "හෙට යහතින් එන්න ලැබුනොත් තව පාරක් කොටන්නම්කෝ.."

    කොටන්න කොටන්න කොච්චර ලිව්වත් එපා වෙන්නෙ නැතිව කියෙව්ව හැකිනේ. :)

    ReplyDelete
  6. ඇත්තටම කො කස්ටිය.. මට පස්සෙ රොයිලි අයියා විතරයි ඇවිල්ලා ගිහිල්ලා තියන්නෙ.. මාරයත් ගිහිලා..

    ReplyDelete
  7. ඔන් ඉතින් දැන් ගෙදර ආවා.
    ඈ රවා මලේ මෙදා පාර හොද්ද බොරයි වගේ...ඈ...
    අනේ බං මම දන්න කියන මගේ ගෝල බාලයෙක් ඉන්නවා. මෙ ලංකාදීප පත්තරෙ වැඩ කරන. ඌත් උඹ වගේමයි. අති පණ්ඩිතයා, දහම් පාසල් ගුරා, සමාජ සේවකයා, පොත් කතුවරයා.. ඌත් මෙ දවස්වල චන්දෙට බැහැලා වැඩ..
    මට උඹ ගැන මතක් වෙන හැම වෙලාවෙම මතක් වෙන්නේ ඒකවමයි...
    බොරු නම් අහලා බලපන් මම වත්.. ටත් කිවුවා.

    ReplyDelete
  8. wath...
    යනවා යනවා බොරු කියන්නේ නැතිව..
    අපි නොදන්න මළ සමයං..

    අපි දන්නවනේ පාස් පිට කෝච්චියේ යන ගමනුත් තාමත් එක්කෙනෙක් කරන වැඩ

    ReplyDelete
  9. ගයාන් තාරක...
    මගේ ඉතින් මැරතන් නෑ නොවෑ.
    ගම හරහා දිවුවත් ඉතින් මීටර් සීයය දුවනවා වගේ තමා..

    ReplyDelete
  10. ත‍රිඳු...
    මම නම් වැඩිය ආස කෑමක් නෙවෙයි.
    මම ඉතින් වැඩියම තෙලට මිරිසට කැමති හායි හූයි කෑම ලෝලියානේ..
    ඒත් කමක් නෑ..

    දිල් පැණි වළලු...

    ReplyDelete
  11. roylyfernando...

    බොහෝම ස්තූතිය මලේ..
    කොහේද ඉතින් අපිට උඹ දෙන චිත්තරපටි බා ගන්න බෑ නොවෑ හූල්ල හූල්ල බලන් ඉන්නවා ඇර..
    අපි ඉතින් මොබිටෙල් සතියට 75හේ උදවිය නොවැ.

    ReplyDelete
  12. ඇ... බන් මාරයියෙ... මාසෙකට 15 ක් 20 ක් විතර එන එක..ලොක්කාට කියහන් මම බැන්දා කියලා...දැන් පඩි වැඩි කරන්න කියහන්.. මොබිටෙල් 8GB එක ගනින්කො.. film ටිකක් බලහන්කො..ලස්සන ලස්සන එවා තියනවා....කාමරෙ දොර හයිකරගන්න බඩු ටික ගෙනාවා.. දැන් එක සෙට් කරගන්න යන්නෙ..

    මම දෙශපාලනය කරන්නෙ නැහැ. අපෙ ගෙවල් පැත්තෙ මනුස්සයෙක් ඉන්නවා. එයා ගොඩක් අවංක,දක්ෂ ප්‍රාදෙශීය සභා මන්ත්‍රිකෙනෙක්. මුට හොරුන්ගෙන් හෙන කැපිල්ල.. සභාවෙ සභාපතියා ලොක හොරා. අර දිල් අක්කාගෙ බ්ලොග් එකෙ දැම්ම කැබ් එකෙ සීන් එකත් උගෙ වැඩක්. ඉතින් අපි පැනලා ඇමතියලට කතා කරලා. සමිති සමාගම් පිහිටවගෙන, අපෙ ගමෙ පාර හදන්නයි, වොලිබොල් පිට්ටනියටයි, ජිම් එකට කැලි ටිකකුයි ගත්තා. එ ගමන්ම අපෙ එකා ගැනත් කතා කරනවා....උනුත් මෙ කාලෙට විතරයි එන්නෙ.. චන්දෙ ඉල්ලන එකෙක් අපෙ කස්ටියගෙ මුනටම කිව්වා.." මල්ලිලා මෙ කාලෙ විතරයි උඹලට මොනහාරි අපෙන් ගන්න තියන්නෙ. චන්දෙ ඉවර උනාට පස්සෙ පැත්ත පලාතෙ එන්න එපා..කොහොමත් මම දිනනවා.. අරගන්න දෙයක් අරන් පලයල්ලා.." කියලා හිනාවුනා... මාරයා මොකද හිතන්නෙ මෙ පුදගලයා ගැන..වයස 30 ක් විතර ඇති..

    ReplyDelete
  13. එහෙම ඇත්තටම කිවුවනම් ඌ අවංක එකෙක්. ඌට චන්දේ දෙන්නම ඔන.
    ඔය ගේම් එකේදී ඔහොමවත් කියන උන් අඩුයි.

    මොබිටෙල්ලා මට ආයේ මුකුත්ම දෙන එකක් නෑ මීට අවුරුදු 6කට විතර කලින් ගෙවන්න තියෙන බිලක් තියෙනවා. ඒක දැන් වැල් පොලී වෙලා.
    ගෙවනවා තියා හිතන්නවත් අමාරුයි.
    ලොක්කා දන්නවා මම මෙ කපේට මනුස්ස දුවක් නම් බඳින්නේ නෑ කියලා.

    ReplyDelete
  14. මාරයියා... එක රොස මලක නටුවක කටුවක් ඇනුනයි කියලා මුලු රොස මල් යායටම වෛර කරලා හරියන්නෙ නැහැ.... අපෙ හිත්වල තියන නම්‍යශීලි බව කියන දෙ හරිම වැදගත්..හදවතට වහල් වෙලා තිරණ ගත්තට කමක් නැහැ..බුද්ධියත්..දැඩි තිරණ වල ඉන්න එපා.. එවැනි මිනිසුන්ගෙන් ලොකයට සිදුවෙන යහපතට වැඩිය අයහාපත වැඩියි....

    ReplyDelete